Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 16 💚 End 💚

A+ A-

මේ දින කීපයේ ආගන්තුක අමුත්තා නිසා ටේගෙ වගෙම කුකීගෙත් හිත් තිබ්බේ සතුටින් පිරිලා…
කාලයකට පස්සෙ ටේට දැනුනා එයා තාමත් ජිවත්වෙනවා කියලා…ටේට හෝප් නැති අඩුව දැනෙන්න කෙන් ඉඩ තිබ්බෙ නැ…

කුකී උනත් වෙනද තිබ්බ මලානික බව නැතුව හරිම ප්‍රබෝධයකින් මේ දින ටික ගෙව්වෙ…
පවුලේ අය පවා ඒ දෙන්නාගෙ මේ වෙනස ගැන පුදුමයෙන් වගෙම සතුටින් හිටියේ…

මුණ නොගැහුනත් කෙන් , කෙයි දෙන්නම දිනපතාම මැසේජ් එකක් හරි දාලා ටේකුක් දෙන්නා ගැන හොයන්න අමතක කලේ නැ…

කෙන්ගෙ අවදානය ලැබෙන්න ලැබෙන්න ටේගෙ හිතේ තිබ්බ සහෝදර බැදීම ටික ටික ආදරේකට පෙරලුනේ හිතාගන්න බැරි වේගයකින්…නොදන්නවා වගෙ හිටියට යුන්ගිටත් ටේගෙ මේ වෙනස ගොඩක් දැනිලා තිබ්බෙ…යුන්ගිගෙ හිතේ තිබ්බ එකම බය උනේ ටේගෙ සතුට වෙනුවෙන් ‘හෝප්ගෙ තැන වෙන කෙනෙක්ට දෙන්නෙ නැ’ කියලා එයා එයාටම දුන්න පොරොන්දුව ටේ හින්දා කඩන්න වෙයිද කියලා..

“ටේටේ…මොකෝ මේ…”

කට්ටිය අද රෑ කෙන්ලා එක්ක ඩිනර් අවුට් එකකට යනවා කිව්ව හින්දා යුන්ගි ඔක්කොම ඉවර කරලා අද කලින් ගෙදර ආවා..
යුන්ගි කී එක කරකවකව පඩිපෙළ නගින්න එද්දි දැක්කෙ සාලේට වාඩිවෙලා පොතකුත් දිග ඇරන් වෙන කොහෙදො බලන් තනියෙන් හිනාවෙන ටේව..යුන්ගි ආපහු හැරිලා ටේ ඉන්න තැනට ආවා…
එතකොටම වගෙ කුකිත් කොෆි එක බිබි සාලෙට ආවා..

“ටේ…මං කතා කරා ඇහුනේ නැද්ද…”

“අහ්…මේ..හියුන් ඇයි කියන්න…”

“නැ..නැ…මුකුත් නැ…මොකද මේ තනියෙන් හිනාවෙන්නෙ..😅”

“😁😁😁😁😁”

“අද කෙන්ව බලන්න යනවානේ ඒකයි මේ කොල්ලට ඔටෝ ටියුන් වෙන්නෙ…😅 අද උදේ යුනි එකේදිත් ඔහොම තමා..”

“අනේ මන්දා බන්..🙂 මං යනවා වොශ් එකක් දාගන්න…අහ් මේ කීයටද යන්නෙ කුකී…”

“හ්ම්..දැන් 4.30යි නේ හියුන්…ජින් හියුන් අම්මයි තාත්තායි එක්ක වැඩකට යනවා කියලා ගියා..එයාලා කිව්වා 6.00 වෙද්දී හොටෙල් එකේ කා පාක් එකේදි හම්බෙමු කියලා..නම්‍යු නූනලත් එයි..”

“හ්ම්..එහෙම ද..මං එහෙනං මෙහෙම ලෑස්ති වෙන්නම්..ඔය දෙන්නත් රෙඩි වෙන්න 5.30 වෙද්දී පිටත් වෙමු…”

“හරි යුනී පැටියෝ..දැන් ඉක්මනට ගිහින් වොශ් දාගන්න..මං ඔයාට ඇදුමක් ලෑස්ති කරලා තිබ්බා..😁”

ටේ පොත පැත්තකට දාලා කට හද එහෙම කියද්දි යුන්ගි විතරක් නෙවෙයි කෝෆි එක බීබි හිටිය කුකීත් මග් එකට උඩින් ඇස් දෙක දාන් හිනාඋනා..

————————————-

“ජින් එයාලා කොහෙද ඉන්නෙ..”

“දැන් ලගලු තාත්තා…ඉක්මනට ලෑස්ති එයි..”

ජින් නම්මින් දෙන්නත් එක්ක හොටෙල් එකේ පාක් එකට වෙලා බලන් හිටියේ යුන්ගිලා ඇයි එන්න පරක්කු කියලා…ජින්ලා කෙන්ව අදුරන්නෙ නැති හින්දා ඇතුලට යන්නත් පුළුවන්කමක් තිබ්බෙ නැ…

“අනේ මන්දා මේ ලමයි පයින් ද එන්නෙ මෙච්චර පරක්කු…”

ජිමින් අත්දෙකත් බැදන් වෙහිකල් එකට හේත්තු උනා…

“අන්න එනවා…”

යුන්ගිලා වෙහිකල් එක පාක් කරලා ජින්ලාගෙ හිටිය තෑනට ආවා…එතකොටම වගෙ නම්‍යුලත් එතනට ආවා…ටේයි කුකීයි නන් හිටියේ පුදුම සතුටකින්..
දෙන්නා කට්ටයම එක්කගෙන හොටෙල් එක ඇතුලට ගියා…

රෙස්ටුරන්ට් එක වැඩි සෙනග නැති නිස්කලංක තැනක් නිසා හැමෝටම දැක්ක ගමන් හිතට ඇල්ලුව…
ටේකුකි දෙන්නා මුලු රෙස්ටුරන්ට් එක පුරාම ඇස් යැව්වා…ඒ දෙන්නව දැකලා ද මන්දා කෙයි හිටිය තැනින් නැගිටලා එයාලට එන්න කියලා අත වැනුවා..

ටේකුක් දෙන්නා අත වනනවා දැක්ක ගමන් පවුලේ අයවත් දාලා කෙයිලා හිටිය පැත්තට ගියේ හරිම සතුටින්…එයාලාගෙ පස්සෙන්ම
නම්මින්, යුන්ජින් , නම්‍යුලත් ඒ පැත්තට ගියා…

කට්ටයම කෙයි එක්ක සුහදව හිනාවෙලා ටේබල් එකෙ වාඩිවුනා…
කට්ටිය ආවා කියලා තේරුන හින්දා කෙන් හැන්ඩ්ෆ්‍රී එක ගලවලා කියව කියව හිටිය පොත එක්කම පැත්තකින් තිබ්බා..එතකොටයි කට්ටයම පොතට වැහිලා තිබ්බ කෙන්ගෙ මූණ පැහැදිලිව දැක්කෙ…
කෙන්ව දැක්ක විතරයි කට්ටයට මුණට මුණ බැලුනේ ඉබේටම..

“😳😳😳😳😳😳”

“නම්ජුන් එයා ලොකු බබා වගෙමයි..😐”

ජිමින් නම්ජුන්ගෙ කනට කෙදිරුවේ නම්ජුනුත් ඇස් අදහා ගන්න බැරුව කෙන් දිහා බලන් ඉද්දි…
නම්‍යු,චෙන්,මින්ග් තුන්දෙනට පවා පුදුමයි…ටේකුකි දෙන්නා කිව්වෙ බොරුවක් කියලා හිතන් හිටිය යුන්ජින් දෙන්නාට පවා මේක හිතාගන්න බැ…එක වගෙ හතක් ඉන්නවා කියලා මිනිස්සු කිව්වට එයාලා කවදාවත් ඒක ඇත්ත කියලා විස්වාස කලේ නැ…

“ඔහොම කන්න වගෙ බලන්න එපා අනේ…කෙන් හියුන් දැනටමත් රතුවෙලා..😁”(kook)

“ඒකනේ…ඉතින්..
කුකී කෝ ඔයාලගෙ ෆැමිලි එකේ අයව අපිට ඉන්ට්‍රඩියුස් කරන්නෙ නැද්ද 😁”(kei)

“අයියෝ අමතක උනානේ ඒක…කෙයි හියුන් මේ ඉන්නෙ අපේ තාත්තා නම්ජුන්…මේ අපේ තාත්තාගෙ වයිෆ් ජිමින්…එතකොට මේ මගෙ හස්බන්ඩ් සොක්ජින්..මේ යුන්ගි..අපේ ටේගෙ බෝයිෆ්‍රෙන්ඩ්…”

“එතකොට හියුන් මේ ඉන්නේ අපේ ජේහෝප් හියුන්ගෙ හොදම යාලුවො තුන්දෙනා..
මේ ජන්ග්චෙන්…අනිත් කෙනා මින්ග්‍ය..මේ
නම්යොල් නූනා…
අපි ඔක්කොම එක පවුලක් වගෙ…”

කෙයි කෙන් දෙන්නා කුකීලගෙ පවුලේ අයට අතට අත දිලා හරිම සුහදව කතා කලා…

“🤝🤝🤝🤝🤝🤝🤝🤝”

“ඔයාලව අදුරගන්න ලැබුන එක සතුටක්…මෙ දෙන්නා හැමවෙලේම ඔයාලා ගැන කියනවා..ඒ හින්දා මට ලොකු ආසාවක් තිබ්බ ඔයාලව දකින්න…😁”

“අපිටත් එහෙම තමා කෙන්..”(yoongi)

ටිකකින් වේටර් කෙනෙක් ඇවිත් කට්ටියගෙ ඕඩර් එක ගෙනත් සර්ව් කරලා ගියා…

“ඒක නෙවෙයි කුකී ඔන්න ඔයාලට කියන්න හැපි නිවුස් එකක් තියෙනවා..😁”

“මොකක්ද කෙයි හියුන්…”

කුකී බනානා මිල්ක්ශේක් එක බොන ගමන්ම ඇස් ලොකු කරන් කෙයි දිහා බැලුවා..

“ඔන්න ඔයාලට ලබන මාසේ චයිනා එන්න වෙයි…😁”

“ඒ ඇයි..?😁”(tae)

“ඩැඩී අපේ බ්‍රදර්ගෙ මැරේජ් එක ලබන මාසේ ගන්න ලෑස්ති කරලා..😁 මමී අද කෝල් කරපු වෙලාවේ කිව්වෙ…”

“😶😶😶😶😶😶”(tae’ family)

කෙයි එහෙම කිව්ව විතරයි කුකිලට ඉබේම ටේ දිහා බැලුවා..මේ දවස් 4ට ටේ කොච්චර කෙන්ට හිතින් ආදරේ කරාද කියලා එයාලා දන්නවා..ටේටත් බීබී හිටිය මිල්ක්ශේක් එකත් හිරවුනා..

“මොකක්ද..😶 ඇයි මේ හදිස්සියේ..?”

“හදිස්සියක් නෙවෙයි ටේ..දන්නැද්ද ඩැඩීලට ඉක්මනට එයාලගෙ ග්‍රැන්ඩ්සන්ව බලන්න ඕනලුනෙ..😅”

“අහ් එහෙම ද…🙂🙂🙂🙂”(kook)

ටේ මුනිවත රකිද්දි කුකී ඉක්මනට පැනලා වෙනසක් නොපෙනෙන්න උත්තර දුන්නා…ඒත් ටේ එකපාරටම හොල්මනක් දැක්ක වගෙ හිටගත්ත…

“කෙන් හියුන් මට ඔයා එක්ක කතා කරන්න ඕන..”

“ලිට්ල් බෙයා මෙතන පිස්සු නටන්න එපා..වාඩිවෙන්න…”

යුන්ගි ඉක්මනට නැගිටලා ටේට විතරයක් ඇහෙන්න එහෙම මුමුණලා ටේව වාඩි කරවන්න උත්සාහ කරා..

“නැ හියුන්…මං අද මේක කතා කරලා ඉවරයක් කරනවා…එකපාරක් වගෙ දෙවෙනි පාරටත් මං මගෙ දේ නැති කරගන්නෙ නැ හියුන්..අනික මුකුත් නොකියා හිටියට ඔයාත් මේකට අකැමැති නැ කියලා මං දන්නවා…”

ටේ එහෙම කියලා මුකුත් හිතාගන්න බැරුව බලන් ඉන්න කෙන් දිහාට ආයෙත් හැරුනා..

“හියුන්..කතා කරන්න පුළුවන් ද බැරි ද…”

ටේ ටේබල් එකට අත්දෙක තියලා එයාට ඉස්සරහා වාඩිවෙලා හිටිය කෙන්ගෙ මූණට එබිලා ආයෙත් පාරක් ඇහුවා…

නම්මින්ලට , ජින්කුක්ලට, නම්‍යුලට,කෙයිටවත් මේ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරිවයි හිටියේ..

“හා..හරි ටේ..කියන්න…😳එන්න යමු…”

කෙන් කතා කරන්න යන් කියලා නැගිටලා යන්න හද්දිම ටේ කෙන්ගෙ අතින් අල්ලලා නැවැත්තුව…

“කොහෙවත් යන්න ඕන නැ හියුන්…මෙතන හැමෝම ඉස්සරහා කතා කරමු…”

“ඔහ්..ඕකේ…ඔයාගෙ කැමැත්තක් කියන්නකෝ..”

ටේ හිටිය තැනින්ම වාඩිවෙද්දි කෙනුත් ආයේ වාඩිඋනා…

“මේකයි හියුන්…ඔයා මං මේ කියන දේ දන්නවා ද නැද්ද කියලා මං දන්නෙ නැ…ඒත් ඔයා දන්නවානෙ හෝප් හියුන්ට මං ආදරේ කල බව…”

“හ්ම්..ඉතින්..”

“එයා නැති උනාට පස්සෙ මං,යුන්ගි හියුන් ගොඩක් විදෙව්වා…අපි විතරක් නෙවෙයි මේ හැමෝම…අපි ජිවත් උනේ මැරෙන්න බැරිකමට…

ඒත් එදා අහම්බෙන් කොෆි ශොප් එකෙදි ඔයාව දැක්කම මට දැනුනේ මං ආයේ ජිවත් වෙනවා කියලා..ඒ වගේම අද මං දැක්කා හෝප් හියුන්ගෙ මරනෙන් පස්සෙ යුන්ගි හියුන්ගෙ ඇස් පලවෙනි පාරට සතුටින් දිලිසෙනවා…පවුලේ අය යාලුවො සතුටින් අද..ඒ ඔයා නිසා…
මුලින් සහෝදරයෙක් විදියට ඔයා එක්ක හිටියත් පස්සෙ………”

“පස්සෙ…?”

“පස්සෙ මං ඔයාට ආදරේ කලා…මං විතරක් නෙවෙයි යුන්ගි හියුනුත් ඔයාට ආදරේයි…අපි ඔයා තුලින් දකින්නෙ හෝප් හියුන්ව…අපි එයාට තරම්ම ඔයාට ආදරේයි හියුන්…ප්ලීස්..🥺 හෝප් හියුන් වගෙ ඔයත් අපිව දාලා යන්න එපා…”

“කෙන්…මං ඔයාව දැක්ක පලවෙනි වතාව මේක…ඒත් ඔයාව දැක්කම මට දැනුනේ හෝප් දැක්කම දැනුන හැගීමමයි…ඔයාව දැක්කම මට ලොකු සතුටක් දෑනුනා…ඒ ඇයි කියලා මං දන්නැ…ප්ලීස් ටේ කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න…”

ටේගෙයි යුන්ගිගෙයි කතාව අහන් හිටිය කෙන්ගෙ ඇස් බලන් ඉද්දි තරහින් රතු උනා…කෙන් එකපාරටම වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා යුන්ගියි ටේයි ඉන්න පැත්තට හැරුනා…

“කෙන් ප්ලීස් පොඩ්ඩක් කලබල නොවී මේක විසදගමු ද අපි…”(ming)

“නැ මින්ග්‍යු පොඩ්ඩක් ඉන්නකො..”

නම්‍යුගෙ කීමට මින්ග්‍යුයි චෙනුයි කෙන්ට කතා කරත් කෙන් ඒ කිසිම දෙයක් කනකට නොගෙන ටේයි යුන්ගියි පිච්චිලා යන විදියට එයාලා දිහා බැලුවා…

“මං කවදාවත් තමුන්ලාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෙ නැ…”

“😶😐😐😶😐😶”(others)

“හියුන් දැන්වත් ඔය රගපෑම නවත්තන්න…😒😌 “

ටේ කෙන්ට එහෙම කිව්වම යුන්ගි වගෙම අනිත් අයත් මොකක්ද ඒ කිව්වෙ කියලා හිතාගන්න බැරිව ටේ දිහා බැලුවා…

ටේ නැගිටලා ඇවිත් එකපාරටම කෙන්ගෙ අතින් ඇදලා ලගට ගත්තේ කෙන්ටවත් මේ වෙන කිසි දෙයක් හිතාගන්න බැරුව ඉද්දි…

“යුනී හියුන් ඔයාගෙ අත පොඩ්ඩක් පෙන්නන්නකෝ…”

යුන්ගි මුකුත්ම හිතාගන්න බැරුව හැමෝටම පේන විදියට අත දික්කරා…
ඊටපස්සෙ ටේ එයා අතත් ඔක්කෝටම පේන්න දික්කරලා කෙන් අතත් ඇදලා අරන් කට්ටියටම පේන්න දික් කරා…

“ජේහෝප් හියුන්..😳😳”

තුන්දෙනා අත්වල තිබ්බ රින්ග් ටික දැක්ක ගමන් කුකී කැගහගෙන පුටුවෙන් නැගිට්ටා…

“කුකී මෙතන මොකක්ද වෙන්නෙ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරනවද…?”(Jimin)

ජිමින් නැගිටලා කුකීගෙ අතකින් අල්ලගත්තා…

“අම්මා…🥺කෙන් හියුන්ගෙ අතේ තියෙන මේ රින්ග් එක හියුන්ගෙ…”

“එහෙම කියන්නේ කොහොමද කුකී..එක වගෙ රින්ග්ස් තියෙන්නත් පුළුවන් නේ…”(NJ)

“නැ තාත්තා..එහෙම වෙන්න බැ…මේක වෙන කොහෙවත් තියෙන්න බැ…මේක හියුන්ම ඩිසයින් කරවලා හදවපු එකක්…”

“කෙන් ඇයි ඔයා මුකුත් නොකියන්නෙ…?”(Yoon)

“කෙයි…ප්ලීස් ඔයාවත් ඇත්ත කියනවද අපිට..”(jin)

“හෝප්ගෙ ට්වීන්වත් ද ඔයා..?”(namyu)

“ගොන් කතා කියන්න එපා බන්..එහෙනන් අංකල්ලා නොදැන ඉන්නවද…”(chen)

“ආශ්…ඔය විකාර කියවන එක නවත්නවද කට්ටයම…ප්ලීස්…”

කට්ටියගෙම ප්‍රශ්න පත්තරෙ නිහඩව අහන් හිටිය කෙන් කතා කරන්න පටන්ගත්තේ කට්ටිය නිහඩවම කෙන්ට සවන් දෙද්දි..

“ඔව් මං තමා ජේහෝප්…මං එදා ඇත්තටම මැරුනේ නැ…😶”

“මොකක්…😐”(all)

හැමෝටම ඒක හිතාගන්න බැරි උනා..කට්ටයම හිටියේ ශොක් වෙලා වගෙ…

“ඔහොම බලන්න එපා..ඉන්නකෝ මං ඔයාලට පැහැදිලි කරන්නම්..”

නම්ජුන් එකපාරටම මැද්දෙන් පැනලා කෑගැහුවා…

“නම්ජුන් මේ දේවල් ඔයත් දැනගෙන ද උනේ..😒”

“අයියො මිනි තරහා ගන්න එපා..ඉස්සෙල්ලාම වාඩිවෙලා මං කියන දේ අහලා ඉන්නකො කට්ටයම…”

නම්ජුන්ගෙ විස්තරය දැනගන්න ඕන හින්දා හැමෝම සංසුන් වෙලා හිටිය තැන්වලම වාඩිඋනා…

“අංකල් අපේ කුතුහලය අවුස්සන්නෙ නැතුව ඉක්මනට කියන්නකෝ…”(namyu)

“😅😅😅😅😅😅😅”(kei)

“ඔයාලා ද මතකද එදා ඩොක්ටර් මට කතා කලා හෝප්ගෙ බොඩි ඩොනෙශන් එකේ ඩොකියුමන්ට්ස් වගයක් සයින් කරන්න…”

🔆 Flashback 🔆

“එක්ස්කියුස්මී මිස්ට නම්ජුන්…”

“ඩොක්ටර්…?”

“ජේහෝප් එයාගෙ බොඩි එක මෙඩිකල් කෝලේජ් එකට ඩෝනෙට් කරලා තියෙනවා…එයාගෙ මරණය අපි මෙඩිකල් කෝලේජ් එකට දැනුම් දුන්නා…තව පැය බාගයකින් එයාල මෙහෙට එයි…එතකන් ෆැමිලි එකේ අය විදියට ඔයාලට අවස්ථාව තියෙනවා අවසාන වතාවට එයාගෙ බොඩි එක බලන්න…”

“ඕකේ ඩොක්ටර්..😑”

“ඒ වගෙම මිස්ට නම්ජුන් මට ඔයාට පොඩ්ඩක් මගෙ ඔෆිස් එකට එන්න පුළුවන් ද…ජේහොප්ගෙ ඩොනෙශන් එකේ ඩොකියුමන්ට්ස් වගයක් සයින් කරන්න තියෙනවා…”

“හරි ඩොක්ටර්….”

නම්ජුන් ඩොක්ටර්ට කතා කරලා ජින් ගාවට ආවා…

“ජින් ඔයා අම්මාවත් එක්කන් යන්න…මං ඩොක්ටර් හම්බෙලා එන්නම්..හ්ම්..”

“හරි තාත්තා…”

ජින් එක්ක කතා කරලා ඉවරවෙලා නම්ජුන් කදුලු පිහිද පිහිද ඩොක්ටර් එක්කම එයාගෙ ඔෆිස් රූම් එකට ගියා…නම්ජුන්ට වාඩිවෙන්න කියලා ඩෝ එක ගාවට ගියපු ඩොක්ටර් වටපිට බලලා රූම් එක ලොක් කරලා ආයෙත් නම්ජුන් ඉන්න තැනට ඇවිත් වාඩිවුනා…

“මිස්ට නම්ජුන්……”

“ඇයි ඩොක්ටර්…මොකක් හරි ප්‍රශ්නයක් ද..?”

“මේකයි..
.
.
.
.
.
ජේහෝප් ඇත්තටම මැරුනේ නැ…”

“මොකක්..අනේ ඇත්තමද ඩොක්ටර් 🥺”

“ඔව් නම්ජුන්…එයා හොදින්…හැබැයි එයාට රිකවර් වෙන්න තව ටික දවසක් යයි…”

“එහෙනන් ඇයි ඩොක්ටර්…අර වගේ කතාවක්………”

“නම්ජුන් දැන් මං මේ කියන දේ හොදට අහගන්න…අද දවල් ජේහෝප් හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරපු වෙලාවේ ඉදන් මෙ වෙනකන් නාදුනන මිනිස්සු දෙන්නෙක් හෝප් හිටිය තියටර් එකට රිංගන්න උත්සාහ කරලා තියෙනවා…එකපාරක් හෝප්ගෙ සේලයින් එකට මොනවා හරි ඉන්ජෙක් කරන්න හදලා තියෙනවා ඒත් ඒ වෙලාවේ අපේ කෙනෙක් එතනට ගිහින් හින්දා ඒක බැරිවෙලා…මේ දේවල් බලද්දි තේරෙන එකම දේ හෝප්ට වෙඩි තිබ්බ මිනිස්සු තාමත් මේක අතැරලා නැ කියන එකයි…ඒ කියන්නේ හෝප් ඉන්නෙ අනතුරේ…හෝප් ජිවත් වෙනවා කියලා දෑනගත්තොත් උන් අනිවාර්යයෙන්ම ආයෙත් හෝප් මරන්න මොනවාම හරි කරයි…
මං මේ දේවල් හෝප්ට කිව්වම එයයි කිවේ මෙහෙම කරන්න කියලා…එයා ඔයාට කියන්න කිව්වා අද රෑට එයාට චයිනා වලට යන්න ඕන දේවල් ලෑස්ති කරන්න කියලා…”

“ඒකත් එහෙම ද…එච්චර රිස්ක් එකක් තියෙනවා නන් පුතාව මෙහේ තියාගන්න එක ඩේන්ජර් තමා ඩොක්ටර්…මං හැමදේම ලෑස්ති කරන්නම්…ඒත් එයා දැන්……….”

“බයවෙන්න දෙයක් නැ…දැන් එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ…ඒ හින්දා ඔයාලගෙ පවුලේ අය ඇත්ත දැනගන්න එකක් නැ…තව පැය බාගයකින් අපි එයාව ඇම්බියුලන්ස් එකකින් හොස්පිට්ල් එකෙන් එලියට ගෙනියනවා…චයිනාවල මං අදුරන ඩොක්ටර් කෙනෙක්ට කියලා හෝප්ගෙ ට්‍රීට්මන්ට්ස් වලට ඕන හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ…”

“ඔයාලා හැමදේම ලෑස්ති කරලා…අනේ ගොඩක් තැන්ක්‍යු ඩොක්ටර්…අමාරුවෙන් උනත් මං ෆැමිලි එකෙන් මේ දේවල් රහසක් විදියට තියාගන්නම්…”

“ඔව් නම්ජුන්…එයාට එයාව තනියෙන් බලාගන්න පුළුවන් තරමට සනිප උනාට පස්සෙ අපිට පුළුවන්නේ මේ ගැන ඇත්ත කියන්න..”

“ඔව්…ඒ කාලය ඇතුලත මං මේක කරපු එකාව හොයාගන්නවා…”

“ඒක හොදයි…”

“එහෙනන් ඩොක්ටර් මං යන්නම්…මේ හැමදේටම ගොඩක් පින්..”

“ඔයාගෙ අයියා අපිට කරපු උදව් එක්ක මේවා මොනවා ද නම්ජුන්…දැන් ඔයා යන්න..නැත්තං කට්ටියට සැක හිතෙයි..”

🔆 Flashback End 🔆

“ඊටපස්සෙ මං හැමදේම ලෑස්ති කරලා සෝ යන්ග් එක්ක පුතාව එදා පාන්දර චයිනා යෑව්වා…

“සෝ යන්ග්..?” (Jin)

“මේ ඉන්නෙ සෝ යන්ග්…හෝප්ගෙ ගාඩ්…චයිනා වල ඉන්නකන් හෝප්ගෙ හැමදේම බැලුවේ මෙයා…😁”

නම්ජුන් හෝප්ගෙ එහා පැත්තේ වාඩිවෙලා හිටිය කෙයිව පෙන්නුවාම කෙයි මෝඩ හිනාවක් දැම්මා…

“එතකොට ඔයා ගියසතියෙ චයිනා ගියේ පුතාව බලන්න ද…?”

“පුතාව බලන්නයි…අර සොන්ග්මින්ව ඉවරයක් කරන්නයි..
චයිනා වලදි මං පුතාව හම්බුනා…ඊට දවස් 2කට පස්සෙ අපි ජැපැන් වලට ගිහින් ඌව හොයාගෙන ඉවරයක් කලා…ඒ වැඩ හින්දයි මට එන්න පරක්කු උනෙත්..අනික මං යුන්ගිව තියලා ගියෙත් හෝප්ව අහුවෙන හින්දා… “

“ඒකත් එහෙම ද…කමක් නැ මං ඔයාට සමාව දෙනවා…ඔයා බොරු කලේ පුතා වෙනුවෙන් නේ…😌”

ජිමින් නැගිටලා හෝප් ගාවට ගිහින් හෝප්ව බදාගත්තා..

“අපිට ඔයාව ගොඩක් මතක් උනා පැටියෝ…”

“උබ නන් මාර මිනිහෙක් අපි මෙහෙ මැරුනේ නැති ටික විතරයි…”(chen)

“සොරි බ්‍රෝ…😁”(hope)

“ෂොරි තමා 😒 අපි මෙහෙ තෝ නැතුව මගුල් ගන්න බැ කියලා ගෙවල් වල මිනිස්සු එක්ක මරාගන්නවා…😒”(ming)

“ඒක තමා…🙂”(namyu)

“හරි හරි..එහෙනං ආන්ටීලට කියන්නකො ඔයාල වෙඩිම ලබන මාසෙ තියෙනවා කියලා…දැන් මං ඉන්නවා නේ…😌”(hope)

ට්‍රිං…ට්‍රිං…

“ඔය බලපන්කො ඉතින්..ආයෙත් කෝල් දෙනවා ගෙදරින්…මේ බන් අපි යනවා…වෙඩින් ප්‍රශ්නෙත් අද විසදන්න ඕන ගෙදර ගිහින්…හෙට එන්නම් හරි ද…”

“හරි බන්…හෙට ගෙවල් පැත්තේ එන්න දෙන්නම…😁”

“බායි කට්ටයටම..😁👋👋”(namyu)

කට්ටයටම සමුදිලා නම්ග්‍යු දෙන්නා ගෙදර යන්න පිටත් උනා..

“අම්මෝ..කුකී…බැහැපිය කරෙන්…”

“බහින්නෙම නැ…මං කොච්චර ඇඩුවද තමුසෙ මැරිලා කියලා හිතන්…බූරු පැටියා..අපි ඔක්කොම බය කලා…😒”

කුකී හෝප්ගෙ කරට පැනලා කොන්ඩෙන් ඇද ඇද කැගැහුවා…පවුලේ අයට විතරක් නෙවෙයි වටේ පිටේ හිටිය මිනිස්සුත් හෝප්ට හිනාවෙනවා…

“අනෙ අම්මා…මේ අලියට බහින්න කියන්නකෝ…”

“තව එකක් ගහන්න කුකී..😌 අපිව බය කරාට එහෙම තමා කරන්න ඕන..”

“අම්…..මා..🙂😒”

“🤣🤣🤣🤣🤣🤣🤣”

හැමොගෙම හිනා අතරේ විනාඩි 10කට විතර පස්සෙ කුකී හෝප්ගෙ කොන්දෙන් බැස්සා…

“හම්මෝ මගෙ කොන්ද…”

“පව් හින්දා අතැරියේ…යන්කො ගෙදර…😌”(kook)

“දැන්වත් කමුද…බඩගිනි…”(tae)

ඩිනර් ටේබල් එක රෙඩි කලාට පස්සෙ කුකී බැහැලා ඇවිත් හිටිය තැන්ම වාඩි උනා…හෝපුත් කොන්ද අතගගා ඇවිත් ටේගෙයි යුන්ගිගෙයි මැදින් වාඩිඋනා…

“මොනවා උනත්…ඔයා ජිවත් වෙලා ඉන්නවා කියලා දකිද්දි මට දරාගන්න බැරි තරම් සතුටුයි පැටියෝ…🥺”(jimin)

“ඔව් හියුන්…😶 අපි හැමෝම මැරි මැරි ජිවත් උනේ…”(kook)

“ඔයා මැරුනා කියලා ඩොක්ටර් මුලින් කියද්දි මට මහා වරදකාරි හෑගීමක් දැනුනෙ පුතා…මට ඔයාව පරිස්සම් කරගන්න බැරි උන හින්දා…”(namjoon)

“මං මගෙ රෝසමලට කොච්චර ආදරේ ද කියලා මං තේරුම් ගත්තේ එදා…ඔයයි ලිට්ල් බෙයයි නැති ජිවිතයක් ගැන හිතාගන්නවත් බැ මට…🥺🥺ආයෙ නම් මෙහෙම කරන්න එපා හෝප්…”(yoongi)

“හොප්…කිසිම කෙනෙක් වෙනුවෙන් අඩන්නෙ නැති යුන්ගි එදා ඇඩුවා බන්…මට උනත් හිතාගන්න බැරි උනා ඒ උන දේවල්…”(jin)

“අඩෝ උබ නැතුව හොස්පිට්ල් එකම පාලුයි…මං හිතන් හිටියේ මේ මාසේ බූසාන්වලට ට්‍රාන්සර් එක හදන් මෙහෙන් යනවා කියලා…”(chen)

හැමෝම ඇස් වල කදුලු පුරවන් එක එක දේවල් කියද්දි හෝප්ට දැනුනා එයාලාගෙ හිත්වල හෝප් වෙනුවෙන් කොච්චර ආදරයක් තියෙනවා ද කියලා…හෝප්ටත් නොදැනිම හෝප්ගෙ ඇස් වලට කදුලු ආවා…

“අනේ මගෙ හියුන්ගියා අඩන්න එපා අනේ..”(tae)

ටේ හෝප්ගෙ ඇස්වල කදුලු පිහිදලා හෝප්ගෙ කම්මුලට කිස් එකක් දුන්නා..

“ඔයාලා මට කොච්චර ආදරේ ද…ඒත් මං ඔයාලාගෙ හිත් රිද්දුවා…මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැ…”

“අනේ පැටියෝ අඩන්න එපා දැන්…ඔය කෑම එක කන්න හොද ලමයා වගෙ..”(NJ)

නම්ජුන් කිව්ව දේට එකග වෙලා හෝප් ඇස්වල කදුලු පිහිදන් කන්න හදලත් ආයෙ වටපිට බැලුවා..

“සෝසෝ…😒 මොකද ඔතනට වෙලා කරන්නෙ…එන්න මෙහෙට…”

හෝප් ටිකක් එහාට වෙන්න හිටගෙන ලේක් එක දිහා බලන් ඉන්නෙ සෝ යන්ග්ට කතා කලා..

(කෙයි=සෝ යන්ග්)

“ඇයි සර්…”

සෝ යන්ග් ලගට ඇවිත් හෝප් ගාවට නැමිලා ඇහුවා..

“සර්…?😒 මං කිව්වනෙ සර් සර් ගාන්න එපා කියලා…මෙන්න මෙහෙන් ඇවිත් වාඩිවෙන්න…”

හෝප් එයාගෙ ඉස්සරහා තිබ්බ පුටුව පෙන්නුවා…

“අනේ එපා හෝප් මං පස්සෙ කන්නම්..”(so young)

“අනේ මේ පන්ඩිත සෝසෝ පිස්සු නැතුව එනවා…”(hope)

“සෝ යන්ග් එන්න ලමයො පිස්සු නැතුව…”(NJ)

හෝප් සෝසෝව ඇදලා අරන් චෙන්ගෙ එහා පැත්තේ පුටුවේ වාඩිකරවලා කැමත් බෙදුවා…

“ඒක නෙවෙයි චෙනා..උබේ ගර්ල්ෆ්‍රෙන්ට් දැක්කෙ නැ කාලෙකින්…වෙනදට හැම විකෙන්ඩ් එකේම උබලා එලියට ගියාම ඉන්ස්ටා එකේ ෆෝටෝසුත් දානවානෙ..😶”

“එයාට මරු වැඩක් නේ වෙලා තියෙන්නේ හියුන්..🙂”(kook)

“මොකෝ උනේ චෙනා..”

“පහුගිය දවස්වල මං දුකින්නෙ හිටියේ බන්…එයා ඇවිදින්න යන්න කතා කරද්දී මං කිව්වා මට පොඩ්ඩක් හිත හදාගන්නකන් නිදහසේ ඉන්න දෙන්න කියලා…”

“ඉතින්…”

“එයා එහෙම හිටිය…ඒත් ඊට සති 2කට විතර පස්සෙ එයා මාව හම්බෙන්න ඇවිත් කිව්ව එයාව සතුටින් තියන් පුළුවන් කෙනෙක් එයාට ලැබුනා…ඒ හින්දා එයාට බේරේක් අප් වෙන්න ඕන කියලා…”

“උබ ගත් කටටම හා කිව්වද..?”

“ඔව් බන්…වෙන මොනාවා කරන්න ද…මගෙ ජිවිතේ අමාරු කාලේ මාත් එක්ක එකට ඉන්න බැරි කෙනෙක්ගෙන් මට වැඩක් නැ බන්…😑”

“චෙන් කියන කතාව ඇත්ත…එහෙම ලවර් කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද…”(jimin)

“කමක් නැ කමක් නැ….ගෑනු නැති උනාට මොකද උබට හොද පවුලක් ඉන්නවා නේ…😁 අපි උබව අතාරින්නෙ නැ..”

හෝප් චෙන් දිහා බලලා වින්ක් කරලා හිනාවුනා…
.
.
.
“රෝසමල…ලිට්ල් බෙයාවත් එක්කන් අපි ලේක් එපැත්තට යන් ද…”

ඩිනර් අරන් ඉවර වෙලා හෝප් ඇවිත් ලේක් එක දිහා බලන් ඉද්දි යුන්ගි ඇවිත් හොප්ගෙ කනට කෙදිරුවා..

“හ්ම්ම්…ඉන්න මං බෙයාට කතා කරන් එන්නම්…”

හෝප් යුන්ගිට ඉන්න කියලා කුකී ලගට වෙලා හිටිය ටේවත් කතා කරන් යුන්ගි එක්කම ටිකක් එහායින් තිබ්බ ලේක් එක පැත්තට ආවා…

යුන්ගි නිහඩව ඇවිදන් ගිහින් Wooden pier එකේ කොනෙන් කකුල් පහලට දාලා වාඩිඋනා…ටේහෝප් දෙන්නත් යුන්ගිව අනුගමනය කරමින් ඇවිත් යුන්ගිගෙ ලගින් වාඩිඋනා…

තුන්දෙනාම ඈත අහස දිහා බලන් හිටියේ…යුන්ගිගෙ ටේගෙ වගේම හෝප්ගෙත් හිත් කියාගන්න බැරි තරම් සතුටකින් පිරිලා…මේ දවස එනකන් තුන්දෙනාම කොච්චර දින ගැන්නද…

“අද අහස හරිම ලස්සනයි නේද හියුන්…”(tae)

“හ්ම්ම්ම්ම්…”(Yoon)

“බෙයා මං ඔයාගෙන් දෙයක් අහන්න ද..?”(Hope)

“අහන්න අනේ..”

ටේ හෝප්ගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා…

“ඔයා කොහොමද කෙන් කියන්නේ මං කියලා හරියටම දැනගත්තෙ..රින්ග් එකෙන්ද?”

“ඒකත් එකක් තමා…ඒත් තව හේතු තිබ්බා…”

“ඒ මොනවද ? 🙄”(yoongi)

“ඔයාව දැක්ක පලවෙනි දවසෙම මං දැක්කා ඔයාගෙ කන්පෙත්තේ තියෙන චූටි බර්ත් මාක් එක , එතකොට ඔයා සමහර වෙලාවට බෙල්ල ගස්සන එක…තව ඔයාගෙන් එන ස්ට්‍රෝබෙරි සුවද…ඒවා දැක්කට දැනුනට මං විස්වාස කලේ නැ…එක වගෙ දේවල් තියෙන අය ඉන්න පුළුවන් නිසා…හැබැයි අද ඔයාගෙ අතෙ රින්ග් එක දැක්කම මට හිතුනා මේ දේවල් අහම්බයක් වෙන්න බැරි බව…ඒකයි මං එකපාරටම අර වගෙ හැසිරුනෙ..මොකද වෙන්නෙ බලන්න…👀 😁”

“බලද්දි රෝසමල..දෙකට ගැනගන්න බැ වගෙ හිටියට අපේ බෙයා හරි කපටියෙක් නේ…😅”

“අනේ මේ…මං මගෙ හෝප් හියුන් වෙනුවෙන් ඕන දෙයක් කරනවා හරිද.😌”

“අනේ මගෙ පැටියා…”

හෝප් ටේගෙ දෙතොල්වලට හාදුවක් දුන්නා…

“මාත් ඉන්නවා මෙතන…🙄”

“ඉතින් අපිට මොකද…නේද බෙයා…ඔයා ගිහින් කෙන්ගෙන්ම ඉල්ලගන්න…”

“ආශ්…හරි අනේ…සොරි…මං ඒ වෙලාවෙ ටේගෙ රගපෑමට උදව් කරන්න ඕන හින්දයි එහෙම කලෙ..😌 මං ඇත්තටම ආදරේ ඔයාට තමා…”

යුන්ගි හෝප්ගෙ අනුකම්පාව ගන්න හිතන් මෝඩ හිනාවක් දාලා හුරුතල් විදියට එහෙම කිව්වා…

“අපි එහෙම හිතාගන්නන් හියුන්…😁”

“අනේ මේ බෙයා ඇවිලෙන ගින්නට පිදුරු දාන්නැතුව ඉන්නවකො…☹️”

යුන්ගි නැගිටලා ටේව අල්ලගන්න යද්දි ටේ යුන්ගිට ඇද කරලා මහ හයියෙන් හිනාවෙවි කුකිලා හිටිය පැත්තට දිව්වා…

“ආපු දෙන්කො ආයෙ..😒”

“අනේ මේ පුසෝ බෙයාට මුකුත් කියන්න එපා…”

“අහ්…ඇයි එයා විතරයි ද පව්…මාත් පව් නේ…අපිට තමා කිස් එකක්වත් දෙන්න කවුරුත් නැත්තෙ…”

යුන්ගි මූනත් බෙරි කරන් ඇවිත් ආයෙ හිටිය තැනින්ම වාඩිවෙලා හෝප්ගෙ උකුලෙන් ඔලුව තියාගෙන අහක බලාගත්තා..

“ඒයි….”

“ඒයි….යුනි පූස් ඇත්තටම තරහාද…☹️”

යුන්ගි මුකුත් නොකියා අහක බලාගෙනම ඉද්දි හෝප් දැක්ක හද එලියට දිලිසෙන යුන්ගිගෙ ඇස්වල කදුලු..

“අනේ අඩනවද මං විහිළුවක් කලේ…”

ඒත් යුන්ගිගෙන් ප්‍රතිචාර නැති නිසා හෝප් යුන්ගිගෙ අවසරයක් නොමැතිවම යුන්ගිගෙ තොල්වලට කිස් එකක් දුන්නෙ යුන්ගි පුදුමවෙලා ඇස් ලොකු කරන් බලන් ඉද්දි…

“ඇයි ඔහොම බලන්නෙ පූස්..ඔයාට විතරද ඕන ඕන වෙලාවට කිස් කරන්න පුළුවන්..”

“ලව් යූ රෝස්…”

“ලව් යූ ටූ පූස්…”

යුන්ගියි හෝපුයි හිනාවෙවි කතා කර කර ඉද්දි කුකීලා ගාව හිටිය ටේ හිමින් හිමින් හොරා වගෙ ආයෙත් එයාලා හිටිය තැනට ආවා…

“මෙන්න හොර ටෙඩියා ඇවිත්…”

ටේ යුන්ගිගෙ කොන්ඩේ අවුස්සලා එහෙමම හෝප් ගාවින් වාඩිඋනා…

“ලව් යූ රෝස් හියුන්..”

“ලව් යූ ටූ බෙයා…”

ටේ තව තවත් හෝප්ට තුරුල් උනා..

“හරිම ලස්සනයි…”(tae)

“මමද..?😁”(yoonhope)

“දෙන්නම නෙවෙයි..මං ලස්සනයි කිවේ හෝප් හියුන්ගෙ අතේ තියෙන මේ රින්ග් එකට..”

“අහ්…😁☹️”(hope)

“රෝස්..? “(Yoongi)

“හ්ම්ම්..?”

“ඔයා ඇයි මේ වගෙ රින්ග්ස් 3ක් හැදෙව්වෙ…?”

“මාත් ඒක අහන්නමයි හිටියේ…ඒක ඔයාමයි ඩිසයින් කලේ කියලා කුකී කිව්වා…”

“හ්ම්…මං තමා ඩිසයින් කලේ…මං හිතන් ඉන්න තේරුම නන් මේක…හද කියන්නේ ලෝකෙට සිසිල බෙදන කෙනා..හැබැයි හද විතරක් තිබ්බට අහස ලස්සන නැ…ඒකට තරුත් ඕන..තරු කියන්නේ හදේ ලස්සන තවත් වැඩි කරන , දකින අයගෙ හිත් සතුටු කරන කෙනා…හැබැයි තරු විතරක් තිබ්බත් අහස ලස්සන නැ…රෑ අහස ලස්සන වෙන්න නම් හදයි තරුයි දෙකම ඕන..
අපේ බැදීම කියන්නේ රෑ අහස නම් ඒ අහස එලිය කරන හද ටේ…ඒ අහස ලස්සන කරන තරුව යුන්ගි…”

“වාව්…හෝප් කවිකාරයෙක් වෙලානේ…”(yoongi)

“😅😅😅😅”(taehope)

ටේ හිනාව නවත්තලා ආයෙත් හෝප් දිහා බැලුවා…

“හියුන්…එතකොට ඔයා..?”(tae)

“ඔයාලා අහලා තියෙනවා ද හදට තනියෙන් ආලෝකය විහිදන්න බැ කියන එක…රෑට නොපෙනුනත් හද එච්චර ලස්සනට අහසේ බැබලෙන්නෙ ඉරේ එලිය නිසා…ඉතින් අපේ අහසේ ඉර තමා මං…ඒකයි මගෙ හිතේ තිබ්බ තේරුම…”

“ඉර නැතුව හදේ පැවැත්මක් නැ…හද නැතුව තරුවලට පැවැත්මකුත් නැ…ඒ තරමටම එයාලා එකට බැදිලා ඉන්නෙ…හරියට අපි වගෙ…ඒ වගේ අපි තුන්දෙනගෙන් එක්කෙනෙක් හරි අඩු උනොත් අපේ බැදීමත් ලස්සන නැ…තාවකාලිකයි..”

“හැබැයි හියුන් අපි එකට ආදරේන් එකිනෙකා ගැන විස්වාසයෙන් ඉන්න තාක්කල් අපේ බැදීමත් ඉර ,හද ,තරු වගෙ සදාකාලිකවම තියේවි…නේද..?”(tae)

යුන්ගි හෝප්ගෙ උකුලෙන් ඔලුව අරන් නැගිටලා ඇවිත් ටේහෝප් දෙන්නාගෙ මැද්දෙන් වාඩිවෙලා එයාලගෙ අත්දෙකෙන් අල්ලගත්තා…

“නැතුව…අපි එකිනෙකාට බැදිලා ඉවරයි…ඉතින් මේ ආත්මේ විතරක් නෙවෙයි හැම ආත්මෙකම අපි අපේ…”

ටේයි හෝපුයි යුන්ගිගෙ උරහිසෙන් ඔලුව තියාගෙන යුන්ගිගෙ උනුහුම විදිමින්ම ඈත මුහුද දිහා බලන් හීනියට හිනාවුනා…

“පූස් හියුන් සින්දුවක් කියන්නකෝ…”(tae)

“දැන්..?”

“අනේ පූස් කියන්නකෝ…”(hope)

“හ්ම්…මගෙ ෆේවරිට් එක කියන්නම් එහෙනං…”

An empty street, an empty house
A hole inside my heart
I’m all alone, the rooms are getting smaller
I wonder how, I wonder why
I wonder where they are
The days we had, the songs we sang together
Oh, yeah

And oh, my love
I’m holding on forever
Reaching for the love that seems so far

So, I say a little prayer
And hope my dreams will take me there
Where the skies are blue
To see you once again, my love
Overseas, from coast to coast
To find a place I love the most
Where the fields are green
To see you once again
My love

සමාප්තයි…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

හායි මයි බියුටිපුල් ඩයමන්ඩ්ස් 💎,

ඔයාලා ආසාවෙන් කියවපු , මං ආසාවෙන් ලියපු Unromantic Love අදින් ඉවරයි…
දුක,සතුට,ප්‍රශ්න අතරින් අන්තිමට එයාලගෙ ආදරේ ජයගත්තා..

මට දුකයි වගෙම සතුටුයි…

මගෙ කතාව කියවපු , කමෙන්ට් , වෝට් කරපු ,අන්තිම වෙනකන් මං එක්ක හිටපු, මේ කතාව ආදරේන් වැලදගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි…

මං හිතන් ඉන්නෙ SORRY එකේ සීසන් 2ක් ලියන්න…ඒත් දැම්ම නෙවෙයි…2Seok එකකුත් ලියන්න ඕන…ඔක්කෝටම කලින් enemy ඉවර කරන්න ඕන…

Mr. Enemy එකෙන් හම්බෙමු…(තව සතියකට පස්සෙ…😌)

Bye…❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 16 💚 End 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 16 💚 End 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 16 💚 End 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 16 💚 End 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 16 💚 End 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 16 💚 End 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 19