Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 1 💚

A+ A-

My baby, my Valentine (yeah)
Girl, na you dey make my temperature dey rise
If you leave me, I go die, I swear
You are like the oxygen I need to survive
I’ll be honest
Your loving dey totori me
I am so obsessed
I want to chop your nkwobi

Ule, your body dey gbakam isi
Ule, open am make I see
Ule, nyem love nwantiti
Wey fit make a bad man sing, oh yeah

Ahn ahn ahn ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn, ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn, ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn, ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn, ahn ahn ahn

මම ඩ්‍රයිවින් කරන ගමන් රේඩියෝ එකේ යන සින්දුව මුමුන මුමුන හිටියේ…
අද සෝල් නගරයට වගේම මටත් ගොඩක් කාර්‍යබහුල දවසක්…ඊයේ දවල් ඩියුටි ගියපු මං සජරි 4ක් කරාට පස්සෙ අද හවස 4ට තමා ඕෆ් වෙලා ගෙදර යන්නේ…ඇගට වගේම මනසට ගොඩක් මහන්සියි…ඒ හින්දයි මං වෙහිකල් එකේ රේඩියෝ එක ඔන් කලේ…ඇත්තටම මියුසික් කියන්නේ සතුටට , දුකට , මහන්සියට, පාලුවට තනිකමට ඕනෑම දේකට හොද බෙහෙතක්…ඒ හින්දායි මං ඩොක්ටර් කෙනෙක් උනත් මියුසික් වලට මගෙ ජිවිතේ ලොකු තැනක් දීලා තියෙන්නේ…

ට්‍රීං…ට්‍රීං….

“හලෝ අම්මා…කියන්න…”

“කොහෙද ඉන්නෙ ලොකු බබා…”

“එනගමන්…”

“හ්ම්…අංකල් මින් පෙරේදා කොරියා ආව හින්දා අද අපි පවුල් දෙකම එක්ක ඩිනර් එකට යන්න කතා කලා…තාත්ති කිව්වා යන් කියලා…”

“හ්ම්….ඉතින්…”

“මායි තාත්තියි කුකියි එක්ක දැන් යන ගමන්..ඔයා එනවා ද පුතා…? ටේට ලෙක් ඉවර වෙන්නෙ 5ට…එනවා නන් ඔයාට පුළුවන් ද එන ගමන් ටේවත්වත් අරන් එන්න..නැත්තං මං යුන් පුතාට කියන්නන් ද ටේව ගේන්න කියලා…ඔයාටත් මහන්සි නේ පැටියෝ…”

“නෑ…නෑ…එපා අම්මා..මං දැන් යන ගමන් එයාවත් අරන් ගිහින් ලෑස්ති වෙලා එන්නම්…”

“හරි එහෙනන් 6 විතර වෙද්දී එන්න…පරිස්සමෙන් එන්න පුතා…

“හරි අම්මා..මං ඩ්‍රයිවින් කරන ගමන්…තියන්නම්…”

– Call End –

කොච්චර මහන්සි උනත් මං ම යනවා ටේව ගන්න…මං ආස නැ එයාව එක තත්පරයක්වත් අර යුන්ගි කියන පිස්සු මිනිහා එක්ක තියන්න..එයා මගෙ ටේට හැමවෙලේම බැල්ම දාන් ඉන්නේ…

කෝල් එක කට් කරලා මං වෙනදා යන සුපුරුදු කොෆි ශොප් එකට ගිහින් මට කොෆි එකයි ටේට මිල්ක්ශේක් එකයි ශෝට් ඊට්සුයි ගත්තා…මං ඒවත් නොකා කෙලින්ම ගියේ ටේගෙ යුනි එක ගාවට…

“අද කලින් ලෙක්චර් එක ඉවර උනාද…?”

“ඔව් හියුන්…අද ටිකක් කලින් ඉවර උනා…හියුන් අම්මා කිව්වා අද ඩිනර් අවුට් එකකට යන කතාවක්…”

“අහ් ඔව් මටත් කිව්වා…අපි ගෙදර ගිහින් වොශ් දාන් යන්…6ට විතර එන්න කිව්වේ…”

“හ්ම්..හරි හියුන්…”

“අහ් ටේ මෙන්න කන්න..මිල්ක්ශේක් එකකුත් ඇති…”

මං පිටිපස්සේ සීට් එක උඩ තියලා තිබ්බ කෑම පාර්සලයයි බීම ටිකයි ටේගෙ අතට දුන්නා…

“ආ…කියන්න….හියුන්…”

“ආ……..”

කොල්ලා පොඩි එකෙක් වගෙ කන ගමන් මං ඩ්‍රයිව් කරන හින්දා මටත් සැරෙන් සැරේ කව කව කොෆි එක පෙව්වා…
.
.
අපි දෙන්නා ගෙදර ඇවිත් තම තමන්ගෙ කාමරවලට රිංගගත්තා…6 වෙද්දී ඉන්න ඕන හින්දා මං ඉක්මනට නාලා ඇදුමකුත් දාන් පහලට ආවා.. ටේ නන් එතකොටත් ඇදගෙන පහලට වෙලා බලන් ඉන්නවා…

“යන්…”

“යන් හියුන්…”

ටේ ෆෝන් එකත් සාක්කුවට දාන් දොරත් ලොක් කරන් මගෙ පස්සෙන් ඇවිත් වෙහිකල් එකට නැග්ගා..

“අනේ හියුන් බඩගිනි…”

“කෑවට මටත් බඩගිනි ඕයි..යන ගමන් Eve එකෙන් මොනවා හරි ගමු…”

යන ගමන් මං රෙස්ටුරන්ට් එකෙන් නැවැත්තුවම ටේ බැහැලා ගිහින් මිල්ක්ශේක් දෙකකුයි මිනි පිට්සා එකකුයි අරන් ආවා…නැවතිලා කකා ඉන්න වෙලාවක් නැති නිසා එයාට කන්න කියලා මං ඩ්‍රයිව් කලා..මං ඩ්‍රයිව් කරන හින්දා ඉස්සෙල්ලා වගෙ සුපුරුදු පරිදි එයා මට කව කව මිල්ක්ශේක් පෙව්වා…මාත් ඉතින් බබා වගෙ ඩ්‍රයිව් කලා…
ඒ අස්සෙ කවන ගමන් මූ සෙල්ෆිත් ගන්නවා…

“හියුන් මං මේ සෙල්ෆි එක insta දානවා…”

(Hope’s Mind :ඕක ඉතින් අහන්නත් දෙයක් ද බබා…එතකොට අර යුන්ගිටත් පෙනෙයි…ඌ ඊටපස්සෙවත් ටේ පස්සෙන් නෑවිත් ඉදියිනේ….😏)

“හ්ම්ම්….”

කොල්ලා එයා මට කවන ෆෝටෝ එකක් අරන් insta දාන්න ඇහුවා..මාත් හා කිව්වා…ඕකා ඔය වගෙ වැඩ කරන පලවෙනි වතාව නෙවෙයිනේ ඉතින්…එයාට ඔය ෆොටෝ පිස්සුව ටිකක් තදටම තියෙනවා…එයා හැමෝම එක්ක එකතු , ටිකක් සමාජශීලි  කෙනෙක්…

කන ගමන් ටේ එක්ක එයාගෙ යුනි එකේ විකාර කියව කියව අපි හොටෙල් එකට එද්දි හවස 6.15යි…මං වෙහිකල් එකෙන් බැහැලා ශටර් එකෙන් බලලා කොන්ඩෙයි ඇදුමයි පොඩ්ඩක් හදාගත්තා…

“හරි හරි හියුන් ඔහොම ලස්සනයි…”

එකපාරටම ටේ ඇවිත් පිටිපස්සේන් à·„à·– තිබ්බම මාව ගැස්සුනා…විලි ලැජ්ජාවයි…

“මං කොහොමත් ලස්සනයි…මෙන්න මෙහෙ එනවා යන්න කොටියෝ…”

මං ටේටත් ගස්සන් එයාවත් දාලා හොටෙල් එක පැත්තට යද්දි ටේ දුවගෙන ඇවිත් මගෙ අතේ එල්ලුනා….

—————————–

ජේහෝප්ලා එද්දිත් ඔක්කොම වගෙ ඇවිත් කොෆි බොන ගමන් හිටියේ…ටේ ජේහෝප්ගෙ අතේ එල්ලිලා කපල් එකක් වගෙ එන හැටි බලලා කට්ටයම හිනාවෙනවා එක්කෙනෙක් හැර…

“මොකද දෙන්නා පරක්කු….😁”(NJ)

“මේ දෙන්නට ඉතින් එනගමන් වෙන වැඩත් තියෙනවා නේ…😌🙂”(JK)

“එහෙම එකක් නැ අම්මා…ඔය හැකර කට වහපන් පොඩි එකා…”(JH)

ජේහෝප්ගෙ ඇවිත් ජේකුක්ගෙ ඔලුවට ටොක්කක් ඇනලා එයාගෙ එහා පැත්තේ වාඩිවුනා…ටේත් ජේහෝප්ගෙ අතේ එල්ලිලාම ඇවිත් ජේහෝප් ලගින් වාඩිඋනා…ටේගෙ ඉස්සරහා හිටිය යුන්ගි මේ විකාර දිහා බලන් හිටියේ ගිනි පිටවෙන ඇස් වලින්…

මූ මොකද මට ඔරවන්නේ පිස්සෙක් වගෙ…මූට ලෙඩක් ද නැත්තං මේ මුගෙ හැටිද…
වාඩි උනාට පස්සෙවත් ටේ තාම මගෙ අත අතැරලා නැ…දැන් නේ මීටර් උනේ…මූ ඒක දැකලා තමා මේ ඔරවන්නේ…ආස ඇති හිපාටුවා ටේව අයිති කරගන්න…

“කොහොමද හෝප් පුතා ඔයාගේ වැඩ..?”(Mr. Min)

මෙලෝ සිහියක් නැතුව අරුට ඔරව ඔරව හිටිය මං එකපාරටම මගෙ නම කිව්වම අන්දමන්ද උනා…

“අහ් මේ….හොදයි අංකල්…දවසම පේශන්ස්ලා එක්ක තමා ඉතින්…”(hope)

“ඔය රස්සාව ඔහොම තමා ඉතින් කාර්‍යබහුලකම උපරිමයි…”(Mrs. Min)

“ඔව් අනේ…ලොකු පුතාට ගෙදර ඉන්නවත් වෙලාවක් නැ දැන්…දවසම හොස්පිට්ල් එකේ…අද ආවේ ඊයේ හොස්පිට්ල් ගියපු ගමන්…”(Jimin)

“😁😁😁😁😁😁” (Hope)

“ඒක තමා මහන්සි පාටයි…පව් අනේ කෝල්ලා…”(mrs. Min)

මිසිස් මින් ජේහෝප්ගෙ කම්මුලක් මිරිකමින් එහෙම කිව්වම කොල්ලා ලැජ්ජාවට රතු උනා…යුන්ගි හිස්බැල්මකින් මේ සිද්ධිය දිහා බලන් හිටියේ…යුන්ගිට මේවා විකාර වගෙ…

එතකොටම වගෙ ටේටර් කෙනෙක් කෑම අරන් ඇවිත් අපිට සර්ව් කලා…මිස්ට මින් කෑම කන ගමන් ආයෙත් නවත්තපු තැනින් පටන්ගත්තා…

“ජේකුක් පුතා නන් මැරි කලා…කෝ දැන් අපේ හෝප්ටත් ලවර් කෙනෙක් එහෙම ඇතිනේ….”(mr. Min)

ඉන්නවා ඉන්නවා…මගුල තමා…ඉන්නවා නන් ඉතින් මෙහෙම වේලෙයියැ…මොකා කතා කරත් අහන්නේ මගුල ගැන…ගස් තමා බදින්න වෙන්නෙ මාව…හිටපල්ලාකො අහන ඔක්කෝගෙම ඇස් උඩ යන්න මං ටේව බදිනො…හුම්…😌

“අහ් මේ ඉන්නවා ආන්ටි…”(Hope)

“ඉතින් මැරි කරන්නේ නැත්තෙ…”(mrs. Min)

“එයා තාම ස්ටඩීස් කරනවා ආන්ටී…ඒවා ඉවර උනාම තමා මැරි කරන්නේ අපි..”(hope)

හත්දෙයියනේ මොනවද මං මේ කියන පච…එක්කො අවුලක් නැ…මං ඔයා කතා කියන කීවෙනි පාරද මේ…අපේ ගෙදර අයටත් ඕ කට පාඩම්….

“😊”(yg)

මූ මොකද ඒ පාර මං එක්ක හිනාවෙන්නේ…
කටට ආවට බොරුවක් කිව්වට යුන්ගි මාත් එක්ක සුහදව හිනාවෙද්දි තමා මට මතක් උනේ මං කරපු ගොන්කමේ දිග පළල…සුවර් ඕකා දැන් කන්ෆෝම් කරගත්තනේ මට ගර්ල්ෆ්‍රෙන්ට් කෙනෙක් ඉන්නවා කියලා ඒ හින්දා ටේට ට්‍රයි කරයි…ආශ් ජේ………හෝප් මොකක්ද ඒ කරපු ගොන් වැඩේ…බලමුකෝ…මං එහෙම ලේසියෙන් ටේව ඌට දෙයි කියලා හිතන් ඇත්තේ…

මං එයාට පෙර ලා හිනා නොවීමම කෑම ටික කෑවා…කන ගමන් හිමිට ඔලුව උස්සලා බැලුවා අම්මලා නන් වෙන කතාවක…කුකි ෆෝන් එකේ , මං හිතන්නේ ජින් එක්ක මැසේජ් කරනවා…යුන්ගි ටේ එක්ක කයිය…ටේත් හොදට කතාව හිනාවෙවි… හැබැයි එයා කවදාවත් මං එක්ක එහෙම කතා කරලා නැ…
මට බයත් හිතෙනවා එයාව මට නැති වෙයි ද කියලාත්…එයාත් යුන්ගිට කැමති නන්…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
@minsy02  ඔන්න දුන්නා😂

කතාව කොහොමද…
කමෙන්ට් කරන් යන්න…😁
තව කල්පයකින් හම්බෙමු…

පරිස්සමෙන් ඉන්න…
BYE…❤😌

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 1 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 1 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 1 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 1 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 1 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 1 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 2