Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 4 💚

A+ A-

තාම පාන්දර 6යි…වෙනදා වගේම සුපුරුදු පරිදි අදත් මං ඩියුටි… අද උදේම මට වෝඩ් එකට යන්න නැත්තත් යුන්ගිව චෙක් කරන්න තියෙන හින්දා මං චේන්ජ් කරන් VIP රූම්ස් තියෙන පැත්තට ආවා…පාන්දර හින්දා හැමතැනම සීතලයි…මට නන් ඉතින් මේ සීතල පුරුදුයි…අව්ව, වැස්ස, සීතල කියලා නැ…මේ රස්සාවෙදි පැය 24ම මිනිස්සු වෙනුවෙන් කැපවෙන්න අපි බැදිලා ඉන්නවා…මේක රස්සාවකටත් වඩා ලොකු සේවයක්…

ඉදිරියට හමුවෙන හැමෝටම සන්ශයින් හිනාව දාලා ආචාර කරමින් මං හිමින් හිමින් කල්පනා එද්දි මං දැක්කා මං එනකන් ෆයිල්ස් ටිකත් ති‍යන් බලන් ඉන්න නර්ස්…එයාත් එක්කම මම යුන්ගිගෙ රූම් එකට ආවා…

මං හිතුවේ තාම නිදි ඇති කියල…නැ එයා ඇහැරිලා…මං යද්දි ෆෝන් එක ඔබ ඔබ හිටියේ…

“Good morning Mr . yoongi “

“Good morning………doctor “

එයා ෆෝන් එක පැත්තකින් තියලා මං එක්ක කට පුරා හිනාවුනා…මට ටිකක් අමුතුයි වගේ…එයා එහෙම හිනාවුන පලවෙනි වතාව…ඒ ඇත්තටම මනුස්සකමට ද නැත්තං මට කලින් එයා ටේව දිනාගත්ත එකට මට කින්ඩියට ද කියලා මටම හිතාගන්න බැ…ඕන මගුලක් මං කරන්නේ මගෙ රස්සාව…අනික එයාව මට හොස්පිට්ල් එකට ආව තවත් එක පේශන් කෙනෙක් විතරයි…

මං සුහදව එයා එක්ක හිනාවෙලා එයාව චෙක් කලා…ඊයෙට වඩා එයාගෙ තත්ත්වය දැන් ගොඩක් හොදයි…පිටින් පේනවට වඩා එයාගෙ ප්‍රතිශක්තිකරණය ගොඩක් හොදයි…

“මිස්ට යුන්ගි ඔයාගෙ ඊයේ තිබ්බ ඔලුවේ කැක්කුම කොහොමද දැන්..?”

මං එයාව චෙක් කරන ගමන්ම එයාට කතා කලා…

“දැන් නම්…………….”

ට්‍රීං….ට්‍රීං…

ඒත් එයාගෙ උත්තර දෙන්න හදදිම මගෙ ෆෝන් එක රින්ග් උනා…

“විනාඩියක් දෙන්න යුන්ගි…”

මං එහෙමම ෆෝන් එක අරන් ආන්සර් කලා…

– In call –

“හලෝ…”

“බබා මේ ඔයා යුන්ගිව චෙක් කරන්න ගියාද…”

“යස් ඩාලිං…මං එයාව චෙක් කරන ගමන්….”

“ඕකේ…මං තියන්නම්…පස්සෙ ගන්නම්කෝ…”

“ඕකේ මින්ග්…ටේක් කෙයා…”

“ඕකේ බබා…බායි…”

– Call End –

මටම හිනා මුගෙ රගපෑම් වලට…අනේ මන්දා මේ අවුරුදු 2කට මූ කොහෙන් මේවා ඉගෙන ගෙනද මන්දා..පිස්සා…😁

මං හිනාවෙවි ෆෝන් එක සාක්කුවට දාගන්න යද්දි ෆෝන් එකට ආයෙත් නෝටිෆියක් ආවා..

—————————————
Ming 🌸

Athivishishta Ragapema..😂💔😎
Mata asai aruge muna balanna…😂

—————————————

“පිස්සා…😂”

😂😂😂😂😂😂 අම්මපා මේ වසවර්තියා නන්..මට හිනාත් යනවා…හත්තික්කේ මං ඉන්නෙ පේශන් කෙනෙක් බලන ගමන් නේද…මේ මිනිස්සු මට පිස්සු කියලා හිතනවා ඇති….

මං ඉක්මනට ෆෝන් එකත් සාක්කුවට දාන් ආයෙත් යුන්ගිගෙ පැත්තට හැරුනා…

එයා ඇස් ලොකු කරන් අමුතු විදියට මං දිහා බලන් ඉන්නවා…

“සොරි මිස්ට යුන්ගි…”

“ඉට්ස් ඕකේ ඩොක්ටර්…🙂”

“ඔයාගෙ ඔලුවේ කැක්කුම කොහොමද දැන්…”

“දැන් නම් අඩුයි ඩොක්ටර්…”

“ඕකේ….දුක් වෙන්න එපා මිස්ට යුන්ගි…ඉක්මනටම සනිප වෙයි…”

“😊😊😊😊😊😊”

කෝල් එකෙන් පස්සෙ එයා මගෙ දිහා බලපු විදියට මට එතන තවත් රැදෙන එක අපහසුවක් වගෙ දැනුනා…මං ඉක්මනට කතා කරලා ඉවරවෙලා එයාගෙ රූම් එකෙන් එලියට ආවා…මං එද්දිත් එයා මං දිහා අමුතු විදියට බලන් හිටියේ…. අනේ මන්දා…

ඇත්තටම මේ දවස් හය ගෙවිලා ගියේ හරිම වේගයෙන්…මේ දවස් ටික ඇතුලත මට දවසට එක වතාවක් හරි යුන්ගිව හම්බුනා ඒත් අපි අතරේ ඩොක්ටර් කෙනෙක් සහ පේශන් කෙනෙක් අතරේ තියෙන කතාබහට වඩා එක වචනයක්වත් අපි අතරේ හුවමාරු උනේ නැ…ඒ වගේ ටේ උනත් දවස ගානේ නැත්තත් දවස් 2කට සැරයක් නන් අනිවාර්යයෙන්ම යුන්ගි බලන්න ආවා…පේන විදියට එයාලගෙ ආදරේ හරි ලස්සනට ගලන් යනවා වගෙ…මේවට ටේගේ සතුට නේ කියලා හිතලා සතුටු වෙන්නද නැත්තං මගෙ නොලැබීම කියලා දුක් වෙන්න ද කියලා මට තාමත් තේරෙන්නේ නැ…මුලින් මං යුන්ගිට වෛර කරත් දැන් මගෙ හිතේ ලොකු වෛරයක් නැ…ඒක යුන්ගිගෙ වාසනාව…
මං මගෙ හිතේ තියෙන දේ කිව්වොත් අනිවාර්යයෙන්ම මං එයාල අතරේ තුන්වෙනියා උනා වගෙ වෙනවා…ඒ හින්දා මං තීරණය කලා මේ දේවල් මගේ හිතේම තියන් ඉන්නවා කියලා…මගෙ නොලැබීමට කවුරුත් පලි නැ…මේ හැගීම් දවසක මාත් එක්කම පොලොවට පස් උනාවේ…

යුන්ගි චෙක් කරපු දවසට පස්සෙ දවසේ නිවාඩුවක් අරන් ආයෙ
පහුවදා වැඩට ගියපු මං දවස් 3කට පස්සෙ අදයි ගෙදර යන්නෙ…උදේම යන්න හිටියත් අද යුන්ගිවත් ඩිස්චාර්ජ් කරපු හින්දා මින්ග්ට ඒ වැඩ වලටත් හෙල්ප් කරා…ඔක්කොම වැඩ ඉවරවෙලා දැන් තමා මං යන්නෙ…තාම දවල් 12යි…

ට්‍රිං….ට්‍රිං…

“හලෝ කුක් කියන්න…”

“කොහෙද ඉන්නෙ හියුන්…අදත් එන්නෙ නැද්ද…😑”

“නැ නැ අද එනවා බබෝ…දැන් එනගමන්..මං ඉක්මනට එනවා හොද ද…”

“හ්ම් හ්ම් පරිස්සමෙන් එන්නකෝ…ආවාම මං අල්ලගන්නම්…”

“හ්ම් හ්ම් 😁”

– Call End –

අද අපේ හා පැටියාට තරහා ගිහින්…එයා කියනවා මං රස්සාව බදන් ඉන්නවා විතරයි එයාලා ගැන ගානක් නෑලූ…එයා මං එක්ක තරහා වෙලා..ඒ හින්දමයි මං මේ පාර දවස් තුන හතරක නිවාඩුවක් දැම්මෙ….ටේව අමතක කරන්න හොස්පිට්ල් එකට මගෙ සම්පූර්ණ අවධානය දෙනකොට ඇත්තටම මට මගෙ පවුල මග ඇරුනා…මගෙ විකාර වලට එයාල පලි නෑනේ…මගේ වැරැද්ද…දැන් ඉතින් අම්මයි තාත්තායි යාලු කරගත්තත් ඔය මැටි යකාව යාලු කරගන්නවා බොරු…ඒමයි කියලා බෑනේ…

දැන් ඉතින් කට්ටියව ශේප් කරගන්නත් එපැයි…මං මගෙ සුපුරුදු රෙස්ටුරන්ට් එකට ගිහින් එයාලා ආසම ෆ්ලේවර්ස් වලින් මිල්ක්ශේක්ස් ගත්තා…කුක්සන්ට ස්පෙසල් බනානා මිල්ක්ශේක් ගත්තා…මේක තමා එයාව යාලු කරගන්න පුළුවන් එකම ක්‍රමය…මේකටත් බැරි උනොත් සොරි තමා ඉතින්…

විනාඩි 15ක විතර ගමනකින් පස්සෙ මං ගෙදරට ආවා…එතකොටයි මං දැක්කෙ මගෙ ෆ්‍රෙඩා ජින් ඇවිත් කියලා…මං එනවා දැකලා ගාඩ්න් එකේ අරු එක්ක කැකිරි පල පල හිටිය කුක්සන් බැග්ස් ටිකවත් ගන්න එන්නෙ නැතුව මටත් ගස්සන් ගෙට ගියා…🙂 කමල්ලැ සහෝදරකමටනේ…
ජින් තාම හිටිය තැනම ඉදන් මායි ගස්ස ගස්ස යන කුක්සන් දිහයි මාරුවෙන් මාරුවට බලනෝ…කුක්සන්ටම ගැලපෙන මිනිහා අත්දෙකත් ඉනට තියන් බල බල ඉන්නවා මං මෙච්චර බෑග් ගොඩක් උස්සන් එද්දි…
මං හිතින් කිව්ව එක ඇහිලද මන්දා ජිනා හිනාවෙවි ඇතින් බෑග්ස් ටික උස්ස ගත්තා…

“අද යනන් පුතේ සේප් කරගන්න එක ලේසි නැ..😂 අසුහාරදාහටම නැගලා ඉන්නෙ…”

“පොඩි ට්‍රික් එකක් තියේ…ඒකත් වැඩ නොකරොත් ඉතින් පොඩ්ඩක් වදින්න වෙයි…🙂”

මං බෑග් එක ඇතුලේ තියෙන බනානා මිල්ක්ශේක් එක ජින්ට පෙන්නලා එවිල් හිනාවක් දැම්මා…

“වික්පොයින්ට් එකටම වැඩේ දෙන්නනේ යන්නෙ…ඔව් ඉතින් එයාගෙ අයියානෙ උබ..කපටි නැ…😂”

“මේ ජේහෝප් එහෙම තමා ඉතින්…මේ ඒක නෙවෙයි අද නවතිනවානේ…”

“හ්ම් නවතින්න හිතන් ආවේ දවස් 2ක් විතර…”

“අඩෝ මරුනේ…මාත් දවස් 3ක් නිවාඩු…කොහෙ හරි ඇවිදින්න එහෙම යන්…”

“😁👍”

අපි ගෙට ඇවිත් බෑග්ස් ටිකත් ඩයිනින් ටේබල් එක උඩින් තියලා වට පිට බැලුවා….අම්මා නන් කිචන් එකේ කියලා එන කෑම සුවදින්ම කියන්න පුළුවන්…ජින් කුකිව හොයන් උඩට ගිය හින්ද මාත් ගිහින් කිචන් එක පැත්තට ඔලුව දැම්මා…

අම්මා මොනවදෝ කපනවා…එයාගෙ සම්පූර්ණ අවධානය තිබ්බෙ ඒකේ..ඒත් මං බලන් ඉන්නවා දැනිල ද කොහෙද එයා ඔලුව උස්සලා බැලුවා…

“අහ් ලොකු මහත්තයා දැන් ද ගෙදර මතක් උනේ….😏”

ඔන්න අනිත් එක්කෙනා…අම්මටයි අපේ කුකීටයි දෙන්නටම තියෙන්නේ එකම ගති කියලා තාත්තා කියන කතාව ඇත්ත…පොඩි දේත් ඇති හිත අවුල් කරගන්නයි එල්ලෙන්නයි…😁

“එහෙම නැ අලේ…මට තුන්දෙනම මතක් උනා…ඒත් ඉතින් අම්මා දන්නවානේ මේ රස්සාවෙදි පැය 24ම උනත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන්න මං බැදිලා ඉන්නවා….”

මං සුපුරුදු සන්ශයින් හිනාවත් දාන් අම්මා ගාවට ගිහින් එයා පිටිපස්සෙන් බදාගත්තා…මුලින් මාගෙ හුරුතලේ ගනන් නොගෙන හිටියත් ටිකකින් එයා මගෙ ඔලුව අතගෑවා…

“මං දන්නවා දරුවෝ ඒක…විහිළු කිව්වෙ එහෙම…”

“හ්ම්ම්…අම්මා…..?”

“හ්ම්ම්ම්?”

“කෝ තාත්තායි , ටේයි ?”

“තාත්තා නන් ඔෆිස් ගිහින්…හැබැයි ඔයත් ඉන්න හින්දා අද ලන්ච් එකට එනවා කිව්වා…ටේටේ නන් මින් අංකල්ලගෙ ගෙදර යුන්ගි ඇවිත් නිසා…”

“හ්ම්ම් එහෙම ද…😑”

අම්මා මාව අයින් කරලා එලවලු කපන එකත් නවත්තලා මගෙ පැත්තට හැරුනා…

“ඒක නෙවෙයි පුතා ඔයා යුන්ගිව හොදට බැලුවා නේ?”

“ඔව් ඉතින්…මට කියලා අමුතුවෙන් බලාගන්න දෙයක් නෑනේ…අනික එයා බබෙක් නෙවෙයිනේ…මින්ග් එයාව හොදට බැලුවා….”

“හ්ම්ම්…ඒ උනාට එයාලා අපේ අසල්වැසියොනේ පුතා…ඒකයි මං එහෙම කිව්වෙ…”

අම්මා හිනාවෙවි ලිපේ තිබ්බ කරි එකට එලවලු ටික දැම්මා…

“මං ඒක දන්නවා අනේ…අම්මා…?”

“ඒ පාර මොකද? ඉක්මනට වොශ් දාන් එන්න…පස්සෙ පච ගහන්න බැරියැ…”

“අනේ…මේක කියන්නකෝ…ඊටපස්සෙ මං යන්නම්..”

“යුන්ගියි අපේ ටේටේයි ලවර්ස්ල ද අම්මා..?”

“ඒක නන් මටත් ප්‍රශ්නයක්…මටයි තාත්තටයිත් එයාලගෙ මොකක් හරි තියෙනවා කියලා දැනුනා…කුකිගෙනුත් ඇහුවා මං එයා නන් කියන්නේ රීලේශන්ශිප් එකක් නැ…හැබැයි එයාල එයලාට කැමතිලු… අපි අනවශ්‍ය විදියට හෙව්වෙ නැ පුතා…එහෙම දෙයක් තියෙනවා නන් එයාම අපිට කියයිනෙ අපි බලන් ඉමු…”

“හ්ම්…😑 මං හරිම අවාසනාවන්තයි නේද අම්……..”

මට කියලා ඉවර කරන්න හම්බුනෙ නැ මං හිටියේ අම්මාගෙ තුරුලේ…තත්පර ගානකට පස්සෙ මගෙ ඔලුවට සීතල ස්පර්ශයක් දැනුනා…ඒ අම්මා නෙවෙයි තාත්තා කියලා තේරුම් ගන්න මට වැඩි වෙලා ගියේ නැ…

“අඩන්න එපා රත්තරන්….තාත්තා කැමති නැ මගෙ පැටියාගෙ ඇස්වල කදුලු දකින්න…ඔයාට කවුරු නැත්තත් මායි අම්මායි කුකියි ඉන්නවා…”(NJ)

තාත්තා මාවයි අම්මායි එයාගෙ පපුවට තුරුල් කරගත්තා…මගෙ ඇස් වලින් නොනවත්වා කදුලු කැට වැටෙනවා…

“ඔයා අවසනාවන්ත නැ පැටියෝ…ඔයාටත් ඉක්මනටම අවස්ථාවක් ලැබෙයි..අපි බලන් ඉමු…හොදද…”(Jm)

“හ්ම්…😔😭”

“හ්ම්ම්…ඔයා ඉතින් අම්මාගෙයි තාත්තාගෙයි ස්ට්‍රෝන්ග් සන්ශයින් බෝයිනේ…කෝ ඉතින් දැන් බබෙක් වගෙ අඩන එක නවත්තලා වොශ් දාන් එන්න..මං කෑම ලෑස්ති කරන්නම්…”

මං කදුලු පිහිදන් අම්මටයි තාත්තාටයි කිස් දෙකකුත් දීලා හිමින් හිමින් පඩිපෙළ නැග්ගා…

———————————

හිමින් හිමින් පඩිපෙළ නගින පුතා දිහා සුසුමක් හෙලමින් නම්ජුන් බලන් හිටියේ හිතේ ලොකු වේදනාවක් තියන්…

“මං තාත්තාටත් එක්ක කිව්වෙ වොශ් දාන් එන්න කියලා…😌 “

ජිමින්ගෙ හුරුතල් හඩට නම්ජුන්ගෙ හිතේ තිබ්බ දුක කොහෙන් ගියා ද නැ…

“වයිෆීඊඊඊඊ…යන්න කලින් කිස් එකක් දෙන්නකෝ…😶”

“අනේ මේ විකාර වෙන්න එපා…යන්න ගිහින් වොශ් දාන් එන්න..”

ජිමින් බොරු තරහක් මවන් නම්ජුන්ට කෑගහලා කෑම ටික ලෑස්ති කලා.. කොච්චර එපා කිව්වත් නම්ජුන් ජිමින් ලගට ඇවිත් එයාගෙ හැඩිදැඩි දෑත් ජිමින්ගෙ ඉන වටේ යවලා එයාව පිටිපස්සේන් තුරුල් කරගත්තා…

“ප්ලීස්…🤤”

ජිමින්ගෙ කනේ ගැවි නොගැවි තියෙන නම්ජුන්ගෙ දෙතොල් වලින් පිටවුන ඒ වචන වලට ජිමින්ව ගල් වුනා…හිමිට කනට දැනුන නම්ජුන්ගෙ දෙතොල් ස්පර්ශය නිසා ජිමින්ට දැනුනේ එයාගෙ ඇග පුරාම කරන්ට් එකක් දුවනවා වගෙ…

නම්ජුන් දෑත් ලිහිල් කරලා හිමින් හිමින් ජිමින්ව තමන්ගෙ පැත්තට හරවගත්තා…ජිමින්ගෙ ඇස්ගෙ ඇස් දෙක බයෙන් බීරාන්ත වෙලා…හරියට එදා එයා නම්ජුන්ව දැක්ක පලවෙනි දවසෙ වගෙ…

ජිමින් මුව පැටියෙක් වගෙ ඇස් දික් කරන් නම්ජුන් දිහා බලන් ඉද්දි එයාට තවත් එයාගෙ හැගීම් පාලනය කරන්න පුළුවන් කමක් තිබ්බෙ නැ…ජිමින්ට හිතන්නවත් කාලයක් නොදි නම්ජුන් ඒ රෝස පාට තොල්වල එල්ලුනේ දෙදෙනාගේම හදවත් ඔවුනොවුන් සොයා අනන්තයටම ඇදෙද්දී…

(A/N : මොනවද බන් මං මේ ලියන්නේ…🙂)

———————————
මං වොශ් දාන් පහලට ආව ගමන් මිල්ක්ශේක් එකත් අරන් හොයන් ගියේ අපේ කුක්සන්ව…එයා ටේ එක්ක සෝෆා එකේ කතාවක්…මං ලගට එද්දි දැක්කෙ නැ වගෙ අහක බලාගත්තා…මගෙනේ වැරැද්ද ඒ හින්දා මං නම්බුව පැත්තකින් තියලා අහිංසක හිනාවකුත් දාන් සොරි කියලා බනානා මිල්ක්ශේක් එක එයාට දික් කරා…ඒත් මේ යකා ගස්සලා අහක බලාගත්තා…මං එහෙමම බැලුවේ පඩිපෙලේ මැද හරියට වෙලා අපි දිහා බලන් ඉන්න ජින් දිහා…එයා හිනාව හිර කරන් පහලට එනවා…

“හරි එපා ද එතකොට…?”(jh)

“මට එපාහ්…😏”(Jk)

“අහ් එහෙනන් කමක් නැ…”

අම්මා කෑම කන්න කතා කරපු නිසා මං දුක හිතන මූනකුත් දාන් ගිහින් ටෙටෙ ලගින් වාඩි උනා…කුකි හිටියේ මගෙ එහා පැත්තේ…

“අම්මා…මං දවස් 3ක් නිවාඩු දැම්මෙ අපරාදේ…කාටවත් මාව වැඩක් නෑලුනේ…මං නිවාඩු කැන්සල් කරලා හෙට උදේ ආයේ වැඩට යනවා අම්මා…”

“අනේ හියුන්…යන්න එපා අනේ…”(tae)

“මං ඉන්නවට අනිත් අය කැමති නෑනේ ටේ…🥺”(jh)

මං ඇස් වලට කදුලු පුරවන් ඇගට පතට නොදැනෙන්න හිමීට කියලා දැම්මා..අම්මා මුකුත් නොකියා මං දිහා බලන් ඉන්නවා…මං දැක්කා ඒක ඇහුන ගමන් කුකීගෙ මූන වෙනස් වෙනවා…වැඩේ තවත් තාත්වික වෙන්න ඕන හින්දා මං බඩගිනි උනත් කන එක නවත්තලා නැගිට්ටා…(😂)

“මට ඇති…”(😂💔)

මං නැගිටිද්දිම කවුරු හරි පැනලා මගෙ අතේ එල්ලුනා…මං හැරිලා බැලුවා…කුක්සන්..😅

“අනේ හියුන් ඔහොම කරන්න එපා අප්පා..🥺 මං විහිළුවටනේ එහෙම කලේ…අනික ඔයා මේ ටික මට කෝල් කලේවත් නැ…ලගදි ඉදන් ඔයා හොස්පිට්ල් එකම බදන් ඉන්නවා…ඒකයි මං ඔයාටත් රිද්දන්න එහෙම කලේ…මං හියුන් එක්ක තරහා නෑ…ඔහොම හැසිරෙන්න එපා අනේ මටත් රිදෙනවා…😭😭”

හත්තික්කේ මෙන්න මේ යකා මගෙ පපුවට තුරුල් වෙලා අඩනවා…මං දන්නො එයාට මං නැතුව ඉන්න බෑ…මොනවා නැත්තත් මගෙ ප්ලෑන් එක 100000%ක් සාර්ථකයි…ඒත් එයා අඩනවා බලන් ඉන්න බෑ මට…

මං හිමිට එයාගෙ ඔලුව අතගාලා නලලට කිස් එකක් දුන්නා…පව් මගෙ පැටියා…මං ඒ ඇස්වල කදුලු පිහිදුවා…එයා ඇස් දික් කරන් මං දිහා බලන් ඉන්නවා…

“හියුන් යන්නෙ නෑ නේද ඔයා…”

“නෑ…හියුන් ඔයා එක්කම ඉන්නවා මේ ටිකේ…ආයේ මං වැඩ වලට බිසී වෙන්නෙ නැ හොදද…හියුන්ට සමාව දෙන්න මගෙ පැටියෝ….”

“හ්ම්ම්..මගෙ මිල්ක්ශේක් එක?”

“අනේ යකෝ…කපටියා…😅” (tae)

“ඒකනෙ…මෙච්චර වෙලා තරහා වෙලා ඉදලා මිල්ක්ශේක් එක හින්දා යාලු උනා…😅😂”(jin)

“😅😅😅😅😅”(jh)

“එහෙම නැ හරිද…😏 හියුන්ට මං කොහොමත් ආදරේයි හුම්..”(jk)

“හුම් හුම්…”(jin, Tae)

“හරි හරි දැන් කෑම කන්න වාඩිවෙලා…”(jimin)

“කන්න කන්න ලමයි…”(nj)

මං කුකීට හංගන් හිටිය මිල්ක්ශේක් දීලා ආයෙත් කෑම මේසෙට වාඩි උනා..දවස් ගානක ඕපාදූප කතා කර කර අපිට ගොඩක් කාලෙකින් එකට කෑම කෑවා…

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
කොහොමද ඉතින්…
මේ චැපිය නන් මට පුළුවන් උපරිමෙන් ලිව්ව…
කමෙන්ට් කරන් යන්න…
කාලය හරි ඉක්මනට ගිහින්…
2022 එක්සෑම් හින්දා වෙලාවට අප්ඩේට් දෙන්න බැරි…ඒත් පුළුවන් හෑමවෙලාවකම මං අප්ඩේට් දෙනෝ..හුම්..ආදරේයි අහස තරම්…😌❤

Happy New Year World…🌸🥂🎊️

පරිස්සමෙන් ඉන්න…
Bye…❤

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 4 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 4 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 4 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 4 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 4 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 4 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 5