I Love You,Stupid! CHAPTER 4 🌸

All chapters are in I Love You,Stupid!
A+ A-

” අම්මා… මොකෝ කරන්නේ “

” මම උයනවා ලොකූ..ඇයි මොනාහරි ප්‍රශ්නයක්ද “

” නෑ..ඇයි ඒම ඇහුවේ “

” නෑ ඉතින් කොල්ලගේ වෙනසක් දැනුනා මට..කියන්නකෝ ඉතින් මොනාද විස්තර ඉස්කෝලේ “

” විශේෂ දෙයක් නෑ අම්මේ.. අද බාස්කට්බෝල් කෝච් අපිට හෙල්ත් පීරියඩ් එකේ එක එක ගේමස් කරා..මගේ යාලුවෝ තුන් දෙනාම බාස්කට්බෝල් ප්ලේ කරන නිසා පීරියඩ් එකෙත් කට්ටිය පැන පැන සෙල්ලම් කරා බලන් ඉන්න ආසයි.. “

” ඉතින් ලොකූ ඔයත් කරන්නකෝ.. ”

” මො- මොකක්..”

” ඇයි මේ පුදුම වෙලා වගේ.. කොල්ලෙක් වුනාම ඔය කාලේ ක්‍රීඩාවක් කරලා යාලුවෝ එක්ක දුවල පැනලා ඉන්න ඕනි.. “

” ඒත් අම්මේ ඕවා කරන්න ගියාම වියදම් වැඩිනේ… ”

” ලොකුපුතා මේ අහන්නකෝ අම්මයි තාත්තයි පවුලෙ වියදම් අපිට පුලුවන් විදිහට බලගන්නවනේ.. ඔයා තාම පොඩි ලමයෙක් ඔයා දැන්ම මේ බර කරට ගන්න හදන්න එපා..ඔයා කරන්න ආස දේවල් කරන්න යාලුවෝ එක්ක සතුටින් ඉන්න හොදට ඉගෙන ගන්න ඒ ඇති තාත්තටයි මටයි “

” අම්මේ එහෙනම් මම බාස්කට්බෝල් ගහන්න යන්නද යාලුවෝ එක්ක “

” ඕක අහන්නත් දෙයක්ද කොල්ලෝ යන්න.. කවදද තියෙන්නේ මොනාද ඕනි ඔයාට “

” හෙටත් තියෙනවා..ඕනිනම් ලබන සතියෙ ඉදන් යන්නත් පුලුවන්.. හැබැයි ඩෙක් ශූස් දෙකක් ගන්න වෙයි.. “

” හරි හෙට ඉදන් යන්න..තාත්තා ආවම හවසට සපත්තු දෙකක් ගන්න ලෑස්ති වෙන්නකෝ..”

” අනේ තැන්ක්‍යූ අම්මේ…”

මම අම්මව බදාගත්තා හයියෙන් දැනිච්ච සතුටට..හිතට මොන ප්‍රශ්නයක් ආවත් මට දුවලා ගිහින් සැනසෙන්න තිබ්බ එකම තැන..මගෙ පුංචි වෙනසත් තේරුම් ගත්ත එකම තැන ‘ අම්මා ‘

තාත්තා හවස ගෙදර ආවට පස්සේ අම්ම මොනාද මන්දා රහසින් තාත්තා එක්ක කුස්සියට වෙලා කියෙව්වා..ඊට පස්සේ අල්මාරියේ රෙදි ගොඩ අස්සේ හංගලා තිබ්බ සල්ලි වගයක් අරන් මට කිව්ව යන්න ලෑස්ති වෙන්න කියලා.

මාත් අම්මයි තාත්තයි නන්ගි එක්ක ඇවිදලා DSI එකෙන් ශූස් දෙකකුත් අරන් මට ඕනි වෙන ශෝට්ස් දෙකකුයි ටී ශර්ට්ස් දෙකකුයිත් අරගෙන ගෙදර ආවා..මම හිටියේ මාරම සතුටින්..මට පහුවදාට ගිහින් දෙව්මිණට බාස්කට්බෝල් ප්ලේ කරන්න එනවා කිව්වම එයාගෙ රියැක්ස්ශන් එක කොයි වගේ වෙයිද කියන එක ගැන හිත හිත ඉන්නකොට එහෙන්මම නින්ද ගියා..

මම පහුවදා ඇදුම් ටිකත් අරන් ඉස්කෝලෙට යද්දි විදුර මන් දිහා කටත් අරන් බලන් හිටියා..

” උද්‍යාන විහිලු කරන්න එපා “

” විහිලු නෙවෙයි බන් ඇත්තටම “

” අඩෝ මරු බන්..දැන් හතර දෙනාම කරන නිසා පට්ට “

” ඒත් මට බයයි බන් මන් මොකුත් දන්නෙ නෑනේ බන්..අනික දෙව්මිණ මොනව කියයිද දන්නෙ නෑ “

” මොනව කියන්නද ඌ පට්ට සතුටු වෙයි.. “

දෙව්මිණ වෙනදා වගේ උදේ ටෙනිස් ප්‍රැක්ටිස් ඉවර වෙලා පන්තියට ආවේ පරක්කු වෙලා..

” ගුඩ්මෝනින් සුවී “

” ගුම්මෝනින්.. ඔයාට සප්‍රයිස් එකක් තියේ
මම අද ඉදන් බාස්කට්බෝල් වලට එනවා “

” නෝවේ.. ජෝක් කරන්න එපා.. “

” මන් සීරියස් අනේ “

” ඕමයිගෝඩ් මට පට්ට හැපී “

දෙව්මිණ මාව පන්තිය මැද්දේ බදාගත්තා.. ඒක ෆ්‍රී පීරියඩ් එකක් බව ඇත්ත ඒත් ලමයි ඉස්සරහ මාව බදාගත්තම මට ලැජ්ජ හිතුනා.මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා..

” දෙ- දෙව්~ ”

” අනේ සොරී.. මට සතුටුයි ඇත්තට. දැන් හතර දෙනාටම එකටම ඉන්න පුලුවන් “

මාව තද කරගෙන බදාගෙන හිටපු දෙව්මිණ මාව අතෑරියේ මම කතා කරන්න ගත්තට පස්සේ..එයා මෙච්චර සතුටු වෙයි කියලා මම හිතුවේ නෑ..දවසෙම හතර දෙනාම හිටියේ හෙනම සතුටින්..ඉස්කෝලේ ඇරුනම අපි එහෙමම පන්තියේ නැවතුනා..මම මේ පලවෙනි වතාව ආෆ්ටර් ස්කූල් නවතින.

” උද්‍යාන චේන්ජ් කරන් 2 වෙද්දි යන්න ඕනි ග්‍රවුන්ඩ් එකට.ඕනිනම් චේන්ජින්ග් රූම් ගිහින් චේන්ජ් කරන්න පුලුවන් අපිනම් ක්ලාස් එකේම කාලා චේන්ජ් කරන් යන්නේ ..”

” එහෙම කරමු “

අපි එකතු වෙලා කාලා චේන්ජ් කරන්න ගත්තා..මම පිට කෙනෙක් ඉස්සරහ ශර්ට් එකක්වත් නැතුව ඉදලා නෑ..මම මගේ ඇග පෙන්නන්න කැමති නෑ.. අනිත් තුන් දෙනාම කිසිම ගේමක් නැතුව දඩ බඩ ගාලා ඇදුම් මාරු කරන්න පටන් ගත්තා.. මට දෙව්මිණ දිහා බැලුනා..එයාට තිබ්බෙ සුදු පාට හමක්.සුදු වුනාට මම තරම් සුදු නෑ.ඒක නිකන් කහ සුදක්..කෙට්ටු ඇගක් වුනාට පොඩි කාලේ ඉදන්ම ටෙනිස් ගහලා අත්වල එහෙම මසල්ස් තිබ්බා..විදුර අපි වගේ නෙවෙයි ටිකක් ඇගපත තියෙන කෙනෙක් නිසා එයත් ලොකුවට හිටියා.මම තමා කෙට්ටුවටම හිටපු කෙනා..මම කෙට්ටු වුනාට මගෙ ඇග අනිත් තුන් දෙනාට වඩා හැඩට තිබ්බා..

අම්මා පොඩි කාලෙ ඉදන්ම මට ටී ශර්ට් එකක් නැතුව එලියටවත් බහින්න දෙන්නෙ නෑ කිව්වෙම ඇස් වහ කටවහ වදී ඇදුමක් ඇදගෙන එන්න කියලා..මාත් ඒ පුරුද්දට දැන් ඇගේ කෑල්ලක් වත් පේනවට කැමති නෑ..

මමත් හෙමීට ශර්ට් එක ගලවලා පැත්තකින් තියලා බැනියම ගලවන්න යද්දි මම දැක්කා දෙව්මිණ මන් දිහා බලලා ටග්ගලා අහක බලාගන්නවා..මම බැනියම ගලවලා කලු ටී ශර්ට් එක ගන්න හදද්දි දෙව්මිණ මන් දිහා බලනවා මම දැක්කා..

” වෝහ් උද්‍යාන…ඔයාගෙ සුදු බලන්නකෝ.. “

විදුර එහෙම කියද්දි මට ලැජ්ජ හිතුනා..මගේ මුන රත් වෙන්න ගත්තා..මම එහෙන්මම දෙව්මිණ දිහා බලද්දි දෙව්මිණ මට මූන නොදී අහක බලන් ශූස් දාන්න ගත්තා.මමත් ටග්ගලා ටී ශර්ට් එක ඇදගෙන කලිසමත් ටග්ගලා ගලවලා බොටම් එක ඇදගත්තා..

අපි චේන්ජ් කරන් ග්‍රවුන්ඩ් එකට ගියාම හංසජ මාව කෝච්ට අදුන්නලා දුන්නා..හංසජ තමා බාස්කට්බෝල් අපේ වයසේ ටීම් එකේ කැප්ටන්..අවුරුදු දෙකෙන් දෙකට තමා කැප්ටන් චේන්ජ් කරන්නේ..

කෝච් ඉතින් මාව අලුත් අයගේ ගොඩට දාලා වෙනම ප්‍රැක්ටිස් කරවන්න ගත්තා..දෙව්මිණයි හංසජයි දැනටම ටීම් එකේ නිසා එයාලා වෙනම..විදුරත් ඇවිත් වැඩි කාලයක් නැති නිසා මාත් එක්ක හිටියේ..අපිට බේසික් ස්කිල්ස් තමා කාලයක් යනකන් පුරුදු කරන්නේ..මෙතනින් හොදට බේසික් පුලුවන් අයව ටීම් එකට වැටෙනවා..

විදුර කියපු විදිහට දැනට අන්ඩර් 12 ලමයි ගොඩාක් බාස්කට්බෝල් ප්ලේ කරන නිසා ටීම් එක ෆයිනලයිස් කරලා නෑලු..දෙව්මිණ හංසජ විනුල මනුජ කියන හතර දෙනාලු අපේ වයසේ දක්ශම 4 දෙනා..

කෝච් අපිට ටික වෙලාවක් ප්‍රැක්ටිස් කරවලා අපිට බ්‍රේක් එකක් දුන්නා…බේක් එකෙන් පස්සේ හැමෝට මීටින් එකක් ගන්නවා කිව්වා.අපි වතුර බොන අතරේ දෙව්මිණයි හංසජයි විනුලයි මනුජයි හතර දෙනාම අපි ලගට ආවා…

” කවුද අනේ මේ ලස්සන ලමයා “

මනුජ මන් ලගින් වාඩිවෙලා හිනා වෙලා ඇහුවා.

” හායි මම සුවිර.. ”

” එයාට උද්‍යාන කියන්න..හැමෝම කියන්නේ උද්‍යාන කියලා.සුවිර නමත් හුරු නෑ වගේ “

දෙව්මිණ මැද්දෙන් පැනලා මටත් රවලා කිව්වා.. අපි කියව කියව ඉන්නකොට කෝච් අපිට එන්න කිව්වා මීටින් එකට..

” ලමයි හැමෝම අහගන්න.. දැන් ඉස්සරහට එන්නේ මැච් සීසන් එක..දැන් අපිට වැඩ ගොඩක් තියෙනවා කරගන්න..

ඉස්සෙල්ලම අන්ඩර් 16 වලින් උඩ කට්ටියට මම මේ කියන්නේ.. ඔයාලගේ ටීමස් දැන් ප්‍රැක්ටිසස් එනවා මදි..මම දන්නවා ඕලෙවල්ස් ඒලෙවල්ස් තියෙනවා ක්ලාසස් යනවා ඇත්ත හැබැයි ප්‍රැක්ටිස් දවස් හදාගන්න..එහෙම නැත්නම් මෝනින් ප්‍රැක්ටිස් දාගන්න..

අනිත් පොඩි අයට කියන්නෙ අන්ඩර් 12 , 13 , 14 , 15 ඔයලගේ ටීම්ස් හරියටම තව මාසෙකින් ෆයිනලයිස් කරනවා..දැන් අලුතින් ඉන්න ලමයින්ට වුනත් මාසයක් ඇතුලත බේසික් ඉස්කිල්ස් හදාගන්න පුලුවන්නම් ටීම් එකට සිලෙක්ට් වෙන්න පුලුවන්..

ඊට අමතරව අද දැන් හැම ටීම් එකේම කිට් එකේ ඩිසයින් එක කන්ෆර්ම් කරන්න ඕනි..ඒ නිසා දැන් ඒකට ලෑස්ති වෙන්න ගිහින් ටීම් වලට ගිහිල්ලා “

කෝච් සර් දීපූ ලොකූ මීටින් එකෙන් පස්සෙ ලොකු අයියලා සේරම සීරියස් වෙලා කට්ටි ගැහිලා වෙනම කතා කරන්න ගියා..

අපේ කට්ටියට කිසි ගානක් නෑ..ඔහේ කියෝ කියෝ ඉන්නවා..

” පොඩි සෙට් එක මෙහෙ එනවා “

කෝච් හැමෝටම කතා කරා..

” ඔය අලුතින් ආපු සුදු කොල්ලා..කවුද නම “

කෝච් සර් මන් පැත්තට හැරුනා…

” උ- උද්‍යාන සර් “

” මොකද බන් බය වෙලා..ගිහින් අර කලුපාට කිට් එක ඇදන් එන්න.. “

මට ඒ ලග කිට්ස් හදන් ආපු ඇන්ටි කෙනෙක් කලුපාට කිට් එකක් අතට දුන්නා..අපේ වුන් ටික මන් දිහා කින්ඩියට හිනා වෙවී ඉන්නවා..

‘ මොන කරුමයක්ද මන්දා..මාත් ඉදලා ඉදලා ආවා විතරයි මගුක් වුනානේ.. ‘ මම කෝච් කාරයටත් බැන බැන චේන්ජින් රූම් එකට ගියා..ටී ශර්ට් එක ගලවලා ස්ලීව්ලස් ස්කිනි එකයි බොටම් එක ගලවලා ශෝර්ට් එක ඇන්දා..ඒ කිට් එක හරිම ලස්සනයි..ශෝට් එකත් යුනිෆෝම් එකේ කලිසමේ උසට තිබ්බ හින්දා එච්චර අවුලක් දැනුනේ නෑ මට…මම කිට් එක ඇදගෙන ආපහු ග්‍රවුන්ඩ් එකට ගියා කෝච් සර් ලගට..

– සූආහ් 🌸

Tags: read novel I Love You,Stupid! CHAPTER 4 🌸, novel I Love You,Stupid! CHAPTER 4 🌸, read I Love You,Stupid! CHAPTER 4 🌸 online, I Love You,Stupid! CHAPTER 4 🌸 chapter, I Love You,Stupid! CHAPTER 4 🌸 high quality, I Love You,Stupid! CHAPTER 4 🌸 light novel, ,

Comment

Leave a Reply

Chapter 5