I Love You,Stupid! CHAPTER 6 🌸

All chapters are in I Love You,Stupid!
A+ A-

” ලමයි මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. උද්‍යාන අපි එක්ක නුවර යන එක ගැන අපිට ශුවර් කරන්න බැරි තත්වයක් තියෙනවා.. උද්‍යානට අන්තිම මොහොත වෙනකන්ම එන්න බැරි තත්වයක් තිබුනොත් අපි ඒ වෙනුවට ශවීන්ව ටීම් එකට ගන්නවා.. “

පහුවදා උදේ මෝනින් ප්‍රැක්ටිස් එකේදි කෝච් සර් ටීම් එකට මන් ගැන කිව්වා..කෝච් සර්ට ඊයේ හවස ප්‍රැක්ටිස් ඉවර වෙලා මන් මට මැච්ස් වලට එන්න බෑ කියන එක කිව්වා..
.
.

” සර් මට සර්ට කියන්න දෙයක් තියෙනවා “

” ඔව් කියන්න උද්‍යාන මොකක්ද ප්‍රශ්නෙ “

” සර් මන් හිතන්නේ මට නුවර යන්න එන්න බෑ.. “

” ඇයි එකපාරට..ඔයා ගොඩක් මහන්සි වුනානේ සිලෙක්ශන් වලටත් “

” නෑ සර් ම-ට මට..සනීප මදි  “ 
මට ඇඩුනා..අමාරුවෙන් වචන පිට කරපු මට ආපහු ඇඩුනා..

” දරුවෝ අඩන්නේ නැතුව මට කියන්න මොකක්ද ප්‍රශ්නේ “

” à·ƒ..ර් à·ƒ..ර් මට එන්න බෑ සර්.. “

” හරි කොල්ලො මට කියන්නකෝ එන්න බැරි ඇයි කියලා “

” …. “

” ගෙදරින් අකමැතිද “

” නෑ à·ƒ..ර් “

” එහෙනම් සල්ලි ප්‍රශ්නයක්ද “

කෝච් සර් මගෙන් සල්ලි ප්‍රශ්නයක්ද අහපු ගමන් මට ඉකි ගගහා ඇඩුනා.. සර් ඇවිත් මාව බදාගත්තා..

” පුතේ අහන්නකෝ අඩන්න එපා..අපිට පුලුවන්නේ කොල්ලො සල්ලි ටිකක් නම් හොයාගන්න.. “

” එපා සර් මන් නිසා අනිත් අයට කරදර වෙනවට මන් ආස නෑ… මම ඉස්කෝලේ ඇතුලේ ආසාවට ප්ලේ කරන්නම් තරග වලට යන්න මට ඕනි නෑ සර්.. “

” හරි හරි පණ්ඩිත කොල්ලෝ ඒක අපි බලමුකෝ..දැන් අඩන්නේ නැතුව මූන හෝදන් ගෙදර යන්නකෝ..උදේට මෝනින් ප්‍රැක්ටිස් එන්න ඕනි අනිවාරෙන්ම හරිද..දැන් යන්න “
.
.
.

කෝච් සර් කිව්ව දේ අහලා විදුර හංසජ වගේම දෙව්මිණත් හිටියේ මන් දිහා කන්න වගේ බලාගෙන..මම බිම බලාගත්තා මොකද මන් දන්නවා මම දිගටම එයාලා දිහා බලන් හිටියොත් මට ඇඩෙනවා…

සර්ගෙ මීටින් එක ඉවර වෙලා විනාඩි 10ක් බ්‍රේක් එකේදි කට්ටියම මගේ ලගට ආවා…

” උද්‍යාන ඇයි බන් කෝච් සර් එහෙම කිව්වේ… ඇයි ඔයා එන්නෙ නැද්ද “

” මට සනීප නෑ බන් ප්ලේ කරන්න බෑනේ ගියත් “

” හරි බන් ඒත් ඕක හොද වෙයි..තව දවස් දෙක තුනකින් ඕක හරියයි.. අනික රිසව් ප්ලේයාර් කෙනෙක් විදිහට හරි ඉන්න පුලුවන්නේ අමාරුනම් “

” …. ”

” උද්‍යාන මාත් එක්ක චුට්ටක් එන්නකෝ..”

හංසජ මාවත් එක්කන් ගියේ චේන්ජින්ග් රූම් එක ඇතුලට..රූම් එකේ දොරත් වහලා එයා මන් දිහා බැලුවා

” උද්‍යාන ඔයාගේ සල්ලි මන් දෙන්නම් “

” හංසජ “

” ඔය දන්නවනේ අපේ අප්පච්චි තමා ඉන්චාර්ජ් විදිහට ඉන්නේ..ඉතින් කෝච් සර් එක්ක රෑ ඕක ගැන කතා කරනවා මට ඇහුනා.. “

මට ආපහු ඇඩුනා..සල්ලි නෙවෙයි ජීවිතේ , සතුටින් ඉන්න සල්ලි ඕනි නෑ කියන දේ හැම වැඩි හිටියෙක්ම කිව්වට දෙයියනේ මගෙ වයසෙ ලමයෙක්ට වුනත් තේරෙනවා සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ කියන එක..

හංසජ මාව බදාගත්තා..මාව තුරුල් කරන් එයා මට අඩන්න දුන්නා..

” උද්‍යාන මම ඔයාගේ යාලුවෙක් නෙවෙයිද.. ඔයාට ඕනිම දෙයක් මට කියන්න පුලුවන්..ක්ලාස් මොනිටර් විදිහට පන්තිය ඇතුලේ ඕනිම දෙයක් මට කියන්න..ටීම් කැප්ටන් විදිහට මට ඇවිත් ඕනිම දෙයක් කියන්න..යාලුවා විදිහට ඇවිත් ඕනිම දෙයක් කියන්න..ඔයාට ඕනිම දෙයක් මන් එක්ක ඇවිත් කියන්න පුලුවන්නේ උද්‍යාන.. “

හංසජ මාව දිගටම බදාගෙනම මට කියන්න ගත්තම මට තවත් ඇඩුනා..ඇත්ත හංසජ තරම් කරුණාවන්ත ලමයෙක් මම කවදාවත් දැකලා නෑ..ක්ලාස් මොනිටර් විදිහට හැම ලමයෙක්ගෙම ප්‍රශ්න වලට එයා උදව් වෙනවා ටීම් කැප්ටන් විදිහට ටීම් එකේ හැමෝම වෙනුවෙන් එයා ඉන්නවා…ඊටත් වඩා එයාගේ හොදම යාලුවෝ විදිහට අපිට හරිම ආදරෙන් ඉන්නවා..

” දැන් අඩන එක නවත්තන්නකෝ හරිද…සල්ලි ගැන හිතන්න එපා අප්පච්චි ඒක ගැන බලාගනී හරිද.. “

” එපා හංසජ කරදරයි මන් නිසා..තරග වලට යන හැමවෙලේම කරදර වෙනවට මන් කැමති නෑ “

” මෝඩයෝ… මේ ඉස්කෝලේ මොකක්ද කියන්න අමතකද…අප්පච්චි මේ පාර වියදම බලාගනී…අපිට පුලුවන් ඔයාට ඉස්කෝලෙට ඔයාගෙ වියදම භාර දෙන්න “

” ඒ.. කිව්වේ මොකක්ද “

” අපේ ඉස්කෝලේ ඔයා හිතන විදිහට සල්ලිකාරයන්ගෙන් පිරුණ තැනක් වුනාට අපේ ඉස්කෝලේ ඇතුලේ දුප්පත් පෝසත් කියලා තැලෙන අය නෑ උද්‍යාන…ඔයා වැඩිය එලියට පෙහෙලියට එන කෙනෙක් නෙවෙයි නිසා ඔයා දන්නේ නෑ හැබැයි අපේ අයියා මම අප්පච්චි තුන් දෙනාගෙම ඉස්කෝලේ මේක නිසා මම ඉස්කෝලෙ ගැන ගොඩක් දේවල් දන්නවා..

ඉස්කෝලේ ඇතුලේ ඕබී එකෙන් වියදම් දරන්න අමාරු ඕනිම කෙනෙක්ට ඉස්කෝලේ වෙනුවෙන් වියදම භාරගන්නවා..ඔයා වගේම ශිෂ්‍යත්වයෙන් ආපු ලමයින්ට වගේම ඒ නැති සාමාන්‍ය ඕනිම කෙනෙක්ට වියදම් දරන්න අමාරු තත්වයකනම් ඉන්නේ ඕබී එකෙන් ඒ දේවල් භාර අරන් වියදම් කරනවා..ඒ නිසා බය වෙන්න එපා මේ පාර අප්පච්චි බලාගනී වියදම..ඉතුරු ටික අප්පච්චි ඕබී එකත් එක්ක කතා කරලා විසදලා දෙයි තේරුනාද “

” හංසජ තැන්ක්‍යූ “

මම එයාව ආපහු තද කරල බදාගත්තා..මට දැනුන සතුට මෙච්චරයි කියන්න බැරි තරම්..

” තැන්ක්‍යූ කරන්න දෙයක් කරේ නෑනේ..හරි ලොකු එකා වගේ ඕනිවට වඩා ප්‍රශ්න ඔලුවට අරන් තනියම පිස්සු නටනවා..දන්නෙත් නෑ මෙලෝ මගුලක් මෝඩයා..දැන් එනවා ඔය හොටු පිහදන් ප්‍රැක්ටිස් කරන්න.. ආහ් කෝච් සර්ට ගිහින් කියන්න මැච්ස් වලට එනවා කියලා..නැත්නම් අර ශවීනයව ගනී ඔන්න අපි දන්නේ නෑ “

” හංසජ දෙව්මිණ දන්නවද මේ ගැන “

” නෑ කවුරුත් දන්නේ නෑ..මම එහෙම කෙනෙක් නෙවෙයි උද්‍යාන “

” තැන්ක්‍යූ ප්ලීස් එයාට කියන්න එපා “

” හරී..ඒත් මොකෝ දෙව්මිණ ස්පෙශල්ද ආහ් ”

” ආහ්හ් නෑ නෑ මන් මන් කිව්වෙ මේ…  “

” හරි හරි විහිලුවක් කරේ දැන් එන්න මූන හෝදන් මන් යනවා “

මම මූනත් හෝදන් එලියට යද්දි කට්ටියම ආපහු ප්‍රැක්ටිස් වලට ගිහින් හිටියේ..මම කෝච් සර් ගාවට යද්දි හංසජගේ තාත්තත් ඇවිත් හිටියා..අන්කල් කෝච් සර් ඉස්සරහ විස්තරේ කියලා මටත් ඒවා ගැන හිතන්නේ නැතුව එන්න කියලා ඔලුව අතගෑවා..කෝච් සරුත් පොඩි බකයා ගාල මට විහිලු කරලා ආපහු ප්‍රැක්ටිස් වලට යන්න කිව්වා..මාත් සතුටින් ගිහින් ආපහු ටීම් එකට මන් මැච්ස් වලට එනවා කිව්වා..හැමෝම සතුටින් මාව බදාගත්තා..

එක්කෙනෙක් හැර..

හායියූ ~
මන් ආවෝ …

වෝට් කරන්න..කමෙන්ට් කරන්න..අදහස් කියන්න… 🤭❤

මන් යනෝ..
බායියූ ~

සූආහ් 🌸

Tags: read novel I Love You,Stupid! CHAPTER 6 🌸, novel I Love You,Stupid! CHAPTER 6 🌸, read I Love You,Stupid! CHAPTER 6 🌸 online, I Love You,Stupid! CHAPTER 6 🌸 chapter, I Love You,Stupid! CHAPTER 6 🌸 high quality, I Love You,Stupid! CHAPTER 6 🌸 light novel, ,

Comment

Leave a Reply

Chapter 7