Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 17

A+ A-

දවස් පහම ඉස්කෝලෙ ගියාම සිකුරාදා හවස වෙද්දි හරි ශනීපයි අප්පා… ඇයි බැරි අපිට දවස් දෙකක් ඉස්කෝලෙ තියලා දවස් පහක් නිවාඩු දෙන්න. හැබැයි බැරිවෙලාවත් එහෙම උනා නං මේ මනුස්සයා මාව දවස් පහම ගෙන්න ගන්නවා ගනන් හදන්න කියලා. දෙයියනේ මගෙ ඔලුවෙ ටොකු කාලාම බමියුඩා ත්‍රිකෝනයක් හැදෙයි. එතකොට ඒක ටොකුයුඩා ත්‍රිකෝණය. හික්. දවස් දෙකක් හොඳටෝ…ම ඇති. මේ ආපු පැය දෙකට ම මගෙ කන පිරිලා. තුන්කාලක් ම බැනුම්.

“සෞරාෂ් සිහියෙන් ගාන හදන්න. මොනාද ඔච්චර හිතන්නෙ.”

“ටොකුයුඩා ත්‍රිකෝණෙ ගැන”

යකෝ… හිතෙන හිතන ඒවා කටින් පයින්නෙ කොහොමද?

“මොකක්? දැන් මං මෙච්චර ගාන කියලා දෙද්දි වෙන මගුලක් ගැනද හිත හිත හිටියෙ. ආ…?”

“නෑ මේ… ආව් අප්පා ගහන්නෙ”

“ගහන්න නෙමේ උඹව මන් ඊලඟ පාර බාල්කෙක එල්ලනවා සිහියෙන් නොහිටියොත්.”

“එල්ලයි කියලා තමා බය.”

“මොකද්ද කිව්වෙ?”

“නෑ හරි හරි ඔයා කරන් යන්ඩ අයියණ්ඩිය. කාරි නෑ.”

කඩවුලේ… හෙල්ප් මී ප්වීස්. මාව ගෘහස්ථ හිංසනෙන් මුදවා ගනියෝ… ආ නෑ ගේ එළියෙ ඉද්දි ගෘහස්ථ හිංසනේ වෙන්න බෑනෙ. වත්ත හිංසනේ. කැතයි කැතයි. මොකද්ද කියන්නේ…ආ-

“සෞරාෂ්”

-දෙයියනේ මගේ මොලේ කුරුවල් වෙලාද. මේකා ගහලම හානි වෙලාද කොහෙද. එම්බල රිලා සොම්බියා තෝ මාව විනාශ කළා-

“සෞරාෂ්!!”

-අහෝ මාගේ මේ ජීවිතයෙන් දැන් කුමන ඵලක්ද? මීට වඩා මා හට මරණය සුවයක් සුවාමිනේ.  අහෝ…

“සෞරාෂ්!!! මොන සිහියෙන් ද ඉන්නෙ කියනවා.”

“ඇහ්. ආ මොකද්ද?”

“මොන මග්… මෙච්චර කතා කරනවා ඇහෙන්නැද්ද? ගාන කියලා දුන්නා තේරුනැද්ද?”

“ආ හරි හරි”

“මොකද්ද හරි. දැන් එක්ස්ප්ලේන් කරලා පෙන්නන්න”

කුම්බලා කෑවනම් විදවපන් බළලෝ…හයියෝ එවුනාට මං මුගෙ මොකුත් කෑවෙ නෑනෙ. අසාධාරණයි අප්පා. දැන්නං කකුල් දෙක රෙඩී කරගන්න එක හොඳා.

“ආම්… මේ..මේ..මේ ගාන නේද? මේක අයියෝ දැන් මංද ඔයාට කියලා දෙන්න ඕන? එහෙම බෑනෙ ඔයා දන්නෑ නේද? මගෙන් අහන්…”

“උඹට මම. හිටපිය ඔහොම. කොහෙද දුවන්නෙ”

“බේරගනියෝ!!! මෙන්න අභිගුලිමාල පන්නනෝ!!!”

“මොකද්ද!!! නැවතියන් ඔහොම සෞරාෂ්. ආපහු මං කියන්නෑ”

“නැන්දේ අනේ මේකා ඔයාගෙ චූටි පුතාව මරන්න හදනෝ!!!”

“කෑගහපන් ඕන තරම්. නැන්දා නෑ ගෙදර. නවතින එක ඇඟට ගුණයි හිටපිය ඔහොම”

“මොන හොඳක් ද ඕයි කුළු හරකෙක්ට යට උනාම.”

අවසාන මොහොත මාගේ… අභියා මගෙ දෑස මානේ… පෙනේවී රූපේ ඔබගේ මැවි මැවි මැවී මාගෙ නැන්දේ…

ඒ අස්සෙ සින්දුත් මතක් වෙනවා. උඹේ මළගමේ තමා සින්දු කියන්න වෙන්නෙ මූට අහු උනොත් නං. හෝව් හෝව්… කවුරුත් නෑනෙ. කෝ මේකා. à·„à·„à·Š à·„à·„à·Š හා… හොඳවැඩේ එනවා මෙතන මාව අල්ලන්න. නැට්ටවත් අල්ලන්න බෑ යකෝ මගෙ. තිබහයිත් එක්ක මේ කුළු හරකාත් එක්ක දුවලා. වතුර!!!

“අම්මේ!!! අයියෝ යන්න දීපියෝ!!! අයියෝ අයෝන් අයියේ… මෙන්න උඹේ යාළුවා මිනී මරනෝ… යුග්ගෝ…”

මං කුස්සියට යද්දි මේකා ෆ්‍රිජ් එක අස්සෙ ඉඳලා එළියට පැන්නනෙ. ගිය ආත්මෙ කැරපොත්තෙක්ද මංදා කුස්සි අස්සෙ හැංගිලා ඉන්න.

“දඟලුවාට යන්න බෑ සෞරාෂ්. ඔහොම ඉඳපන් දැන්. අවුස්සලා දුවලා බේරෙන්නද හිතුවෙ”

ඇයි ඩෝ තෝ කුණුගොඩක්ද ඇවිස්සුවට ඇවිස්සෙන්න. සැක් කියාගන්න බැරි විදිහක්.

“සෞ ඇටේ… මොකෝ උනේ… ආ… අතෑරපිය මගෙ මිත්‍රයාව පාපී දුදන.”

“උඹ මෙහෙවර ඒක උන්දෙන්නගෙ වලියක්. එනවා කඩාගෙන බිඳගෙන.”

“අතෑරපිය මාව!!!”

“ආව් යුගාන් හපන්නෙපා බං. මෙහෙ එනවා හොම්බ දාන්නෙ.”

අයෝන් අයියේ… තෝ මහා ගුනමකුවෙක් බලාගන්නං තවුසෙ ගැන මං. අහෝ මාගෙ මිත්‍ර රත්නය. සිඟාලෝවාදෙට අනුව වැඩ කරන්න දෙන්නෑනෙ මේ මිනිස්සු. විපතට පත් මිතුරා ආරස්සා කළ යුතුයි.

“කෝ දැන් කියපන් බලන්න කලින් කිව්ව ඒවා. කවුද කුළු හරකා”

“කවුද අනේ එහෙම කිව්වෙ. දෙයියනේ… ඔයාට කුළු හරකා කිව්වද? හෙන ගහන්නෙ නෑ ඉතිං ඇත්ත…”

“හෙමින් නෙමේ හයියෙන් ඇහෙන්න කියපන්”

“මං කිව්වෙ මේ ඇත්ත නෙමේනෙ ඉතිං නේද? ඒකනෙ.”

කුළු හරකෙක් නෙමේ තෝ හරකාටත් අපහාසයක්.

“à·„à·„à·Š à·„à·„à·Š… අම්බෝ මොකෝ බං වචන වෙනස් කරන්නෙ. ආප්ප කෑවද ඊයෙ?”

“මොන ආප්පයක්ද?… අනේ මේ පලයං අයියෙ යන්න. මං කියන්නෑ ආප්පෙ”

“මොකද්ද කියන්න බලන්න.”

මේ මොකෝ මේකා මගෙ පැත්තට එන්නෙ. අයියයියෝ පස්සට යන්න ඉඩක් නෑ ෆ්‍රිජ් එක. එන්නෙපා ළඟට අහකට පල.

“ම්…සෞරාෂ්, මොකද්ද කියන්න බලන්න”

“මො..මොකුත් න්..නෑ”

මොකද යකෝ ගොත ගහන්නෙ. ගහන්නෑ ගැහෙනවා හැබැයි.

“à·„à·„à·Š à·„à·„à·Š à·„à·„à·Š…..
අම්මෝ මොකෝ වීරයා ගොත ගහන්නේ. à·„à·„à·Š à·„à·„à·Š.. වීරයා බය වෙලා අම්මෝහ්…”

“අනේ මේ බය වෙන්නම වැඩේ මට.”

“ඒක තමා නේද? හැබැයි උඹව රතු වෙලා”

අභියා එහෙම්ම කියං කුස්සියෙන් එළියට ගියා. මොකද්ද ඒ කිව්වෙ? රතු වෙලා මොන රතක්ද ඇයි මට රක්තහීනතාවෙද?
මං පැන්ට්‍රියේ තිබ්බ වීදුරුවකින් මූන දැක්කහමයි දැක්කෙ සිරාවටම රතු වෙලා. මොකද යකෝ මේ? හාට් එක ගැහෙන්න එපා යකෝ තෝව ගැලවිලා වැටෙයි. ඇරත් ඌ මට අඩියක් විතර දුරින් හිටියෙ. කලබලවීමට අවස්ස නෑ.
ෆුහ් රස්නෙයි අප්පා. ආ රස්නෙට වෙන්නැති මේ. එළියට යමූ…
මල්ලොවපොර සටනින් පසුව නැවතත් වැඩ කරන්න පටන් ගත්තා. ටිකක් වෙලා යද්දි නැන්දා බට්ටිච්චි එක්ක ආවා.

“ම්…”

“හරිද ගාන හැදුවා මං?”

“ඔව්”

“අඩෝ..ව් වරෙන් උම්මා එකක් දෙන්න. යේහ්… හාහ්…”

අද එක්කො මොකක් හරි රතු දවසක් ද? මට කිව්වට අභිය ඒ පාර ලා…වට රතු වෙලා. මොකද්ද යකෝ එක පාරට උනේ. මූ බෝදිලිමෙක්ද දන්නෑ. අප්පටසිරි werewolfලා හඳ දවසට වෘකයො වෙනවා වගේ මූත් අද බෝදිලිමෙක් වෙනවද දන්නෑ. මැවිලා පේනවා හැබැයි තොරණක් වගේ පාට පාට මාරු වෙනවා. මනා චිත්ත රූප දනවන සුළුයි.

“පුතාලා කෑම කාලා ඉමු. එන්න…”

අභියා මගෙ දිහා බලන් ඉදලා නැන්දා කතා කරලු සද්දෙට ගැස්සිලා එකපාරට නැගිටලා ගියා. සිරාවටම අද නං මේකාට මොකක් හරි වෙලා තියනවා. ස්කූබිඩූ එකේ වගේ හෙව්වා නං හරි. ඒත් මට බල්ලෙක් නෑ නෙ. ක්‍රිස්ව ටැංකියේ දාන් උස්සන් යනවා. එයා බුබුලු දදා ඉඳී එතකොට. බුබුලු බුබුලු බූ…

“චූටි අයියේ…”

මං ගේ ඇතුළට යද්දි බට්ටිච්චි දූවගෙන ඇවිත් මගෙ ඇඟන පැන්න පාර මං වඩාගත්තා. අම්මපා මේ කෙල්ලට පුදුම විසේ. එක්කො නන්ස්ටොප් කියෝනවා. එක්කො දඟලනවා.

“අයියෝ චූටි අයියාට කරදර කරන්න එපා චූටි. එයා වැඩ කරලනෙ ඉන්නෙ”

“බෑ… එයා එන්නෙත් නෑ හැමදාම”

“කමක් නෑ නැන්දෙ. නේද චූටි”

“ඒක තමා”

“හා හා චූටි අයියලා චූටි නංගිලා කැමති දෙයක් කරන්නකො. කාලා ඉන්න ඊට කලින් කට්ටියම”

“කෝ මල්ලි අභී?”

“ආ නැගිටලා ගේ ඇතුළට ආවානෙ අයියෙ.මං හිතුවෙ ඔයාලා ගාවට එන්නැති කියලා”

“කොහෙ ගියාද මේකා. මං බලලා එන්නං ඔයාලා කන්න”

මායි යුගයි කෑම බෙදාගෙන අර දෙන්නා එනකන් හිටියා. කන්න බෑනෙ ඉතිං එහෙම. ටිකකින් දෙන්නා පඩි පෙළ බැහැන් ආවෙ ඒ එද්දිත් අයෝන් අයියා මොනාද මන්දා කිය කිය අභියට හිනා වෙනවා. මෙතනට පේනවා ඉතිං සාලෙ කොටසක්.

“මොකෝ අයියේ? කොහෙද ගියෙ?”

“මුට මුගෙ ක්‍රශ් එකේ ආලවදනක් වැදිලාලුනෙ මල්ලි”

“හැහ් ටියුබ් ලයිට් ද අයියෙ. අච්චර වෙලා මාත් එක්ක ඉදලා එකපාට්ට මතක් වෙලා දිව්වෙ.”

“සැළකිය යුතු කාරණයක් හැබැයි. නේද අභී?”

අයෝන් අයියා එහෙම කියලා හිනා වෙවී අභියා දිහා බලද්දි ඒකා ඇස් කොනෙන් කටවහපාන් වගේ ලයින් එකක් දුන්නා.

“අප්පෝ අපි ඉන්න නිසා අභි අයියා ලැජ්ජ වෙලාහ්. ලැජ්ජ වෙන්න එපා අයියෙ පුරුෂ ශක්‍තිය කොල බොක්කටම අරගන්න”

“ඒකනෙ බං අයියෙ. ඔච්චර හිත හිත ඉන්නැතුව ක්‍රශ් එක ගාවට ගියා ගිහින් කිව්වා ආවා”

“මෙහෙම හොඳේ, නංගියා මං ඔයාට කැමතියි නංගියා. මගෙ උඩම කොන්ඩ කෑල්ලෙ ඉදන් යටම නියපොත්ත වෙනකන්ම ඔයාව විතරයි ඕන නංගියා. මේ සුදුඅප්පච්චිගෙ වෙන්න සුදාම්මියා… කියන්න.”

හම්මෝහ් යුගා සුදුතාත්තියා. මෙන්න ලව් ටෝක්ස්.

“උඹට එකෙක් ඉන්නවද කියපන් මට කියන්නෙ”

“කෝච් කවදාවත් මැච් එක ප්ලේ කරන්නෑ සහෝදරයා. ලැජ්ජවෙන්ඩෙපා හොඳේ උදව්වක් ඔන්නම් කියන්නකො. ඊටකලින් මට උදව්වක් කරපන් අයියෙ”

“මොකද්ද”

“පට්ට බඩගිනී කන්න දීපන්. මූ මාව මැරුවෙ නැති ටික විතරයි ගනන් හදවලා.”

පේනවනෙ මහ උන් දෙකම එකයි. අපි වගේ කැකුලු තලා පෙලනවා. ඉම්හි ඉම්හි.
කාලා ආපහු මාවයි යුගාවයි මේ යක්කු දෙන්නා වැඩ කරන්න ඇදන් ගියා. මට ගානක් දෙනවා මං ඒක හදනකන් මේකා ගනන් දහයක් විතර හදනවා. බලන්න නයනී… එක රටක් ඉරනම් දෙකක්. හරි ම අභූතයි.
වැඩ කරලා ඉවර වෙලා මාව ආපහු ගෙදරට ගෙනත් දාලා ඔයා අද මහන්සි උනානෙ සෞරාෂ් ඒ නිසා හෙට එන්නෙපා කියලා අභියා යන්න ගියා නම් මං දැන් හරි සතුටින්. කොහෙද? අම්මෙ, හෙටත් මෙයාව එවන්න කියන් ගියානෙ.
.
.
“අපිට දහම්පාසල් යන්න තිබ්බා නේද බං. ඇයි අපි නැවත්තුවෙ? එහෙනං දැන් අපි සතුටෙන්”

“ඔලෙවල්වලට කලින් අවසානෙ කරලා දහම්පාසලෙන් ම දැන් එක්සෑම් වැඩ කරගනින් කිව්වාම අතුගාන්න තමා යන්න වෙන්නෙ.”

හාමුදුරුවෝ අපි අවසානෙ කළාට පස්සෙ කිව්වා ඒලෙවල් ඉවරකරලම ඇවිත් ආපහු ධර්මාචාරෙ කරන්න කියලා. ඇයි ඉතින් ධර්මාචාරෙ ක්ලාස් කියන්නෙ දහම්පාසලේ ලොකු ම සෙට් එක. වැඩ, වගකීම් දෙකම වැඩී. ක්ලාස් රිවිශන් එක්ක ඇබ්සන් උනාම කරන් යන්න අමාරුයිනෙ කියලා අපිට නිදහස දුන්නා දෙමියනේ. දැන් මේ මං නිදහසේ පියාසලන පක්ශියෙක්. ඇඬෙනවා.
අපි දෙන්නා කියෝ කියෝ අභියලෑ ගෙදරට ගියෙමු. පසුව පොත් පෙරලාගෙන පාඩම් කළමු නෙමේ කරවන ලද්දෝය. කවුරුන් විසින්ද? අර දරුණු ගනයේ මිනිස්සු දෙන්නා විසින්. හුවෑ…

🔔🔔

“කවුද? ඔහොම ඉන්න… ආ මේ නංගිලානෙ. එන්න එන්න යං ඇතුළට”

අපේ අම්මයි යුගාගෙ අම්මයි. ඒ යාළුවො දෙපළ ඊයෙ නැන්දත් එක්ක කෝල් අරන් කියෝ කියෝ ඉදලානෙ. දැන් ඒක තුන්කොන් යාළුකමක් වෙලා අද මෙහෙ ආවා. අපිත් එක්ක නෙමේ අම්මා ඉතින් එයාලගෙ වැඩත් කරගෙන එද්දි දොළහට විතර ඇති.
අම්මලා ආව නිසා එයාලා එක්ක එහෙම්මම අපි කෑමත් කෑවා. දැන් එයාලා ආගිය තොරතුරු කියෝනවා. අනේ මේ මිනිහා මට නිකන් ඉන්න දෙන්නෑනෙ. කාලා බඩ බහින්න ඉන්න ඕනෙ අප්පා. පැයක් මදි කියලා මෙයාට කියන්නකො.

“අනේ අව්ව සැරයි අප්පා එළියෙ. බෑ…”

“එහෙනං සීතල වතුර වීදුරුවක් බීපන්”

“අනේ මේ අයියෙ. සිරාවට හලෝ. ඇතුළට එමුකො.”

“ඇතුළට ආවට පස්සෙ උඹල දෙන්නා එකතැනක ඉදන් වැඩ කරනවද? කෑම කාමරේ අම්මලා ඉන්නවනෙ. එයාලා කතාකරද්දි එතන වැඩ කරන්න බෑනෙ.”

“උඩ බෑ?”

“උඩ මගෙ කාමරේ තියෙන්නෙ. අවුලක් නැද්ද?”

“අවුලක් නෙමේ පවුලක් තිබ්බත් කමක් නෑ එළියෙ ඉන්න බෑ. අනික අවුලක් වෙන්න ඇයි උඹ මට අතවර කරන්නද? තලන්න්… නෑ ඒක හරි. එහෙම වෙන්නෑ නෙ. අනේ එළියෙ බෑ…”

“හා හා යමං. අපෝ උඹේ කන්දොස්කිරියාව.”

මං ඊටඔස්සෙ පොත් ටිකත් අරන් අභියගෙ පස්සෙන් කාමරේට ගියා. එක පැත්තක බිත්තිය අයිනට වෙන්න ඇඳක් ඊට ළඟින් අලි පත උස පොත් කබර්ඩ් එකක්. ලයිබ්‍රියක් වගේ එතන නං. තව… පොත් මේසෙ එක්ක ඩෙක්ස්ටොප් එකක්. තව අනං මනං තියනවා. ලස්සන කාමරේ හැබැයි. කළු සුදු නිල් තීම් එකට කාමරේ හදලා තිබ්බෙ.

“පොත් ටික මෙතනින් තියලා ඔය පුටුව අරන් ඉඳගන්න”

පුටුව නං සෝක් අලෙව්. පුප කියනවා හරී… සනීපයි ලු. හික්ස්
තැන වෙනස් උනාට මිනිහා වෙනස් වෙනවද? නෑනෙ. පැයගනන් ගනන් හදල එපා වෙන්නැද්ද මංදා.

“ඔයා ඕක හදන්න සෞරාෂ්. මං පහළට ගිහින් එන්නං”

“හා”

හම්මෝ… මේ ගානත් හරියත්වා. ඒසවාහ් පුඃ. කෝ අප්පා ගිය මනුස්සයා. මං කම්මැලි නිසා පුටුවෙන් නැගිටලා අර පොත් රාක්කෙ ගාවට ගිහින් පොත් ටික බල බල හිටිය. ඒකෙ නං වැඩි හරියක්ම තිබ්බෙ කතාපොත්. එන්ඩ් බ්ලයිටන්ගෙ හැම පොතක් ම වගේ තිබ්බා. ෆේමස් ෆයිව්,සීක්‍රට් සෙවන්. මං ඒ පොතක් ගද්දි ඒකට ඉස්සරහින් තිබ්බ පොතක් එළියට ඇවිත් බිමට වැටුනා.
මොකද්ද මේ… අතින් ලියපු පොතක් නෙහ්. අප්පා ඩයරිය වෙන්නැති. ඩයරියක් අතේ තියන් ඉන්න එක හරි නෑ වගේ but මං ඒක තියන්න යද්දි පෙරලිච්ච පිටුවක අහම්බෙන් දැක්ක දෙයක් නිසා ආපහු පොත ළඟට ගත්තා. ෂිට් පිටුව පෙරලිලා ගියානෙ. හැම පිටුවක්ම තනි කළු පෑනෙන් ලියලා තිබ්බෙ. ප්‍රින්ට් කරලා වගේ අකුරු. මගෙ අකුරු නෑ අපි මතක් නොකර ඉමු. මං පිටු ටික පෙරළුවෙ කලින් අර දැක්ක දේ හරියට බලාගන්න. හයියෝ කෝ අප්පා. පොතේ අන්තිමට ලියලා තිබ්බ පිටුවෙ එක කොටසක් රතු පාටින් ලියලා තිබ්බා. ඊයෙ දිනේ. අර හෙව්ව එක නැති එකේ මේක තමා හිලව්ව. ” Tweety asked me to kiss me. Yeah I know Tweety didn’t meant that kiss but omg i felt little shy man. ABISHEAK!!!” ඇහ් ඒ මොකද්ද ඒ ලියලා තියෙන්නෙ. අප්පටසිරි ක්‍රශ් එක චුක්කියක් දෙන්න අහලා වගේ. අම්මෝ. ඒත් මේකා මාත් එක්කනෙ ඊයෙ දවසෙම හිටියෙ සමහරවිට මාව දාලා යද්දි ක්‍රශ් එක සෙට් උනාද දන්නෑ. අම්මේ කොම්ලා දියුණු වෙලා. මං පොත වහලා තිබ්බ විදිහටම තියලා ආපහු ඇවිත් පුටුවට වෙලා රවුම් කැරකි කැරකි හිටියා. කැරකෙන පුටු තියෙන්නෙ මොකටද?කැරකෙන්න තමා.
කෑවට පස්සෙ එලියෙ අව්ව සැරත් එක්ක නිදිමතයිත් එක්ක. මං මේසෙට ඔලුව තියාගත්තෙ තාම අර මනුස්ස ප්‍රාණියා ආවෙ නැති නිසා.

————————————————————

හෙහේ මං ආවා සමයිනේ…

අභිශේක් ළමයා අභිගුලිමාල උනේ ඔහොමලු.
බලන්නකො ඉතිං මේ ළමයි හරී…යට රතු වෙනවලු. ලෙඩක් වෙන්න බෑත?

මොකද්ද දන්නෑ නෙහ් සෞරාෂ් අභියාගෙ ඩයරියේ දැක්කෙ. ට්වීටි දෙන්න හදපු චුක්කියෙ මොකත්තේ… ☺️👉👈

එනිඩ් බ්ලයිටන්ගෙ පොත්වල ඩ්‍රොප් ඩෙස් ෆෑන්ස්ලා සිටීදෝ…👀

කැරකෙන පුටුවක් හම්බුනාම කැරකෙන්න ඕන 😌✋ ඉගෙනගන්න මේවා තේරුනාත.

ඒනං මං දැං මංදො කොරන්නයි හදන්නෙ.
ආටරෙයි හොටේ නෙමේ හොඳේ. 😚♥️
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 17, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 17, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 17 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 17 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 17 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 17 light novel, ,

Comment

Leave a Reply

Chapter 19