Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 24

A+ A-

සෙනසුරාදා අයියලගෙ ගෙදර ගිහින් ආවට පස්සෙ ඉරිදා මං ශපාන් එකේ ගෙදරට වෙලා හිටියා.  ටර්ම් ටෙස්ට් නැති නිසා ඉරිදා ඉන්න කිව්වනෙ මට. පස්සෙ සඳුදා ඉදන් ආපහු පාසල් ගමනෙ තමා ඉතිම්.
අද ඉස්කෝලෙන් පස්සෙ ෆිසික්ස් ක්ලාස් නිසා මායි යුගයි නුගේගොඩෙන් බැහැලා ක්ලාස් එකට ගියා. ගිහින් කෑම කාලා අපි දෙන්නා ක්ලාස් එකට යද්දි කෙල්ලෙක් ඇවිත් ඇඟේ හැප්පීගෙන ගියා. කෙල්ලෙක් කිව්වට එතන සෙට් එකක් හිටියා.

“මොන à·„à·”*තක්ද ඕයි මෙච්චර ඉඩ තියන් ඇඟේ හැප්පීගෙන යන්නෙ?”

“ගනන් ගන්න එපා බං”

“එහෙම ඉන්න තිබ්බා එහෙම කෙල්ලෙක් නං”

“ඇයි?”

“හරි හරි වැඩක් නෑ යමංකො”

පස්සෙ අහගන්න ඕන මොකද්ද වැඩක් නැත්තෙ කියලා. සෞරාෂ් මතකතියාගෙන අහපම්… ක්ලාස් එක පැය පහක් නිසා මැදින් ඉන්ටර්වල් එකක් සෙට් වෙනවා. මායි යුගයි ඔය වෙලාවට ඉතින් පහළට ගිහින් නෙස්කැෆේ එකක් බීලා කයියක් ගහන් ඉඳලා එනවා. අපි නෙස්කැෆේ එකත් අරන් ටේබල් එකකින් ඉඳගත්තාම අර කලින් සෙට් උන කෙල්ලො ටික අපි ඉන්න තැනට ඇවිත් හිටගත්තා. යුගා මට ඇස් දෙකෙන් ඒ පැත්ත පෙන්නලා දැක්කෙ නෑ වගේ ඉඳපන් කියලා ලාවට කිව්වා. එවුනාට අර කෙල්ලො ටික එතනින් ඉඳගත්ත නිසා යුගා යමන් කියලා එතනින් නැගිට්ටා.

“අදාළ පාර්ශව නෙමේනෙ නිරූ ඇවිස්සිලා තියෙන්නෙ.”

“ඒක තමා මිනූ මාත් බැලුවෙ”

හිකි හිකි තමා. හරිනෙ නැට්ටිච්චියො ටික අහගන්න යන්නෙ සාධු. ඇවිත් ඉඳගත්තට මොකෝ තොපිලට කටවහන් ඉන්න තිබ්බා.

“මොකද්ද දැන් වෙන්න ඕනෙ?”

“අනේ මේ බලන්නකො බං කවුද මංදා ණයට කහිනවා”

“මං ණයට හරි සල්ලිවලට හරි කහින්නම්. ඒක මං බලාගන්නම්. හැබැයි උබ්…ඔයාලා වැඩිය නටාගෙන එන්න එපා මතකතියාගනි..න්න. ආපහු කියන්න තියාගන්න එපා. මූ වගේ මං කටපියන් ඉන්නෑ.
යමං සෞ…”

ආපහු ක්ලාස් එකට ආවත් යුගා පුපුරලා වගේ හිටියෙ. අර නැට්ටිව්චියො ටික තමා. ශිහ්.

“ඕයි යුග්ගො මෙහ්, මිනිහො, ඕයි…”

“මොකද යකෝ මැරෙන්න හදන්නෙ”

“උඹ මැරිලද කියලා බැලුවෙ”

“ගහප් තොට…”

මාත් එක්ක කොහෙද බ්‍රෝ තරහ අරන් ඉන්නෙ. එව්වා හඳේ තමා…

“මේ අහපන් සෞව්වො හොඳේ… තෝ වැඩිය කෑ ගහන සීන්වල නෑ තමා හැබැයි අර ගෑනු ටික ආපහු මගුල් කරන්න ආවොත් දෙකක් කියපන් හරි. සිල් අරන් හරියන්නෑනෙ තෝ.”

“හරි බන් බලමුකො. ඔය දවසේ නාඩගමක් වෙන්නැති බං”

“රෙද්ද තමා. උන් ටික ක්ලාස් එකේදිත් තෝ දිහා හැරි හැරි බලනවා මට පේනවා.”

“හැහ් ඒ කෙල්ලො ටික අපේ එකේද?”

“මො..මොන ලෝකෙද යකෝ ඉන්නෙ උඹ? හරි ඒවයින් වැඩක් නෑ කිව්ව එක කරහන්. එන පොට හොඳ නැති නිසයි කියන්නෙ”

“එහෙමයි යුගානෙනී…”

සර් ආව නිසා කතාව නවත්තලා අපි පාඩම් අහගත්තා. සිරාවටම යුගා කියනකන් මන් දන්නෑනෙ ඒ කෙල්ලො ටික අපේ ක්ලාස් එකේ කියලා. සික්කේ… හරි ඉතිම් මූනු මතක හිටින්නෑනෙ හැම මනුස්සයගෙම ඇරත් කෙල්ලො දිහා බල බල ඉන්න මට වෙන වැඩ නෑනෙ. හුහ්… මට ඉන්නවා ටුබියෙක්. අප්පටසිරි අයියා මේ වගේ සීන් එකක් දැනගත්තොත් බනීද දන්නෑ. බයින්න මං මොකුත් කළේ නෑනෙ ඉතිං. එයාට කියන්න තරම් දෙයක් නෑනෙ කොහොමත් යුගා කියවන්නෙත් නෑනෙ ඕවා. අනික මේ වගේ පොඩි දේවල් කියන්න ගිහින් වද දෙන්න බෑනෙ එහෙම.
ක්ලාස් ඉවරවෙලා ගෙදර ඇවිත් මං වැඩ කරලා නිදාගන්න කලින් ෆෝන් එක ගද්දි අයියා මෙසේජ් එකක් දාලා තියනවා දැක්ක නිසා මං ඇඳට පැනලා ම ඒක ඕපන් කරලා බැලුවා.

” Saurash wadada thama”

ඕ…. මේ මොකෝ සිංහලෙන් ටයිප් කරන මනුස්සයා සිංග්ලිෂ් එවලා අද. කමක් නෑ ඒකත් හොඳයි. ඇයි අප්පා අර සිංහලෙන් ටයිප් කරන්න ගියාම මට වෙලාවටකට හෙන කුනුහර්ප ටයිප් වෙනවා.

“Dan iwarai. Nidiyanna hadanne”

“Hmm”

“Ai? 👀”

“Na ada raa wenkn clz neh. Ekai baluwe”

“Oh😁”

“Hmm Nidaganna. Good night”

අයියෝ යනවද ඉතිම්. කමක් නෑ වැඩ ඇති නෙහ්. හෙට ඉස්කෝලෙදිත් හම්බෙන්න පුළුවන්නෙ.

“Hari oya padam karanawaneh. Ehenm bye. Good night🌙”

යකෝ… ඕෆ්ලයිනුත් ගිහින් ඉවරද. අපරාදෙ අන්තිම මෙසේජ් එක. හුහ්… ෆෝන් එක තියලා එහෙට මෙහෙට පෙරළි පෙරළි ඉද්දි මට නින්ද ගියා. ආපහු ඇහැරුනේ එලාම් එකට ම තමා.මන් නැගිටලා මූන හෝදන් ලෑස්ති වෙලා අම්මටත් කියන් පයින් ම ටවුන් එකට ඇවිත් ස්කූල් බස් එක එනකන් ඉඳලා නැග්ගා. ඒ බලද්දි මෙන්න බොලේ ලෝක පුදුමයක්. මං ලෝක පුදුමෙ ගාවට ගිහින් හිටගත්තාම එයා ශීට් එකට තට්ටු කරලා ඉඳගන්න කියලා පෙන්නුවා. සාමාන්‍යයෙන් මෙහෙම හිස් ශීට් හිටින්නෑ. මුට බයේදත් මංදා කවුරුත් ඉඳන් නෑ. ළමයි හිටගෙනත් ඉන්නවා. හයියෝ මේ රිළවට බය වෙන්න එපා සහෝදරවරුනි.

“මොකෝ කතා නැත්තෙ?”

මං කතාකරන්නැත්තෙ මට ඕන නිසා. බොට මොකෝ ඒක.

“සෞරාෂ්… මොකෝ බං කතා පෙට්ටිය වහලා”

මූ මගේ ශ්‍රී මුඛයටද යකෝ කතා පෙට්ටිය කිව්වෙ. මං ඒකටත් හරියන්න රවලා ආපහු ජනේලෙන් එළිය බලාගත්තා. මොනා උනත් ඉතිං මට ජනේලෙ ගාව දුන්න නිසා තමා මන් මෙහෙම සාමකාමී පිළිවෙතක ඉන්නෙ තාම.

“සෞරාෂ්, ඇයි බං තරහ වෙලාද?”

ඇයි අහන්නෙ ඇයි යකොව්. මොකෝ මට මූඩ් ස්වින්ග්ස් නෑ මං මේ උඹ ඊයෙ රෑ අන්තිම මෙසේජ් එක නොබැලුවට පළිගන්නෙ. කොහෙද තේරෙන්නෙ මොළයක් නෑනෙ.

“ක’මෝන් හේතුවක්වත් කියපන් බං. ඔහොම බුම්මන් හිටියට මං දන්නෑනෙ”

හා… පෙනේද මුගෙ පච. කොහොමද අර කලින් කිව්වෙ. මට කාගෙ නැතත් උඹේ ඇස් කියවන්න පුළුවන් හැයි හැයි ගාලා. පච පච තනිකරම පච මුගෙ. බොනිකර තරුව.

“Hey Minibutton,”

“මොකද අනින්නෙ?”

“යන්තන්. මොකෝ බං මේ?”

මේකා මෙච්චර කතා කරනවා කියලා ඉස්කෝලෙ උන් දන්නවද දන්නෑ. මේ කියවන්නෙත් මටත් ඇහෙන් නෑහෙන ගානට. පිටිමපස්සෙ නිසා උස ශීට්වලට වැහුනම පෙන්නෑනෙ කොහොමත් මුගෙ කියවිල්ල ඉතින්.

“උඹ ඇයි මගෙ ලාස්ට් මෙසේජ් එක බැලුවෙ නැත්තෙ? හා කියපන් බලන්න?”

හික්ස්. මට නිකන් අර හෙන මල් සීන් ලව් කේස් එකක් වගේ  හිතෙන්නෙ. අදාළ නෑ. මූ දැනගන්න ඕනෙ මං අච්චර ටයිප් කරපු එකත් බලලා යන්න.

“O god ඒකද මේ?”

ඒකඤ නෙමේ මේක. හයියෝ ටුබියාව ඇවිස්සීමද එක්තරා ආතල් එකකි. ට්‍රයි කරලා බලන්නකො ආස හිතෙයි.

“ඔන්න බැලුවා හොඳේ… à·„à·„à·Š à·„à·„à·Š. Are you ok now?”

මන් ඉතින් ගහල දාන හිනාවක් ද
දැම්මා. උදේම නිසා විනාඩි හතළිස්පහක් විතර යද්දි ඉස්කෝලෙට එනවා. බස් එක නැවැත්තුවම මං අයියටත් යනවා කියන් ආවා. අද යුගා බස් එකට ආවෙ නෑ අනිවා ඕකා පරක්කු වෙන්නැති නැගිටින්න. පස්සෙ එනවා ඉතින් පුපට පෙට්‍රල් ගහලා වගේ කඩාගෙන බිඳගෙන දුවගෙන.

දවසක් දෙකක් ඔහොම ගිහින් බ්‍රහස්පතින්දා ප්‍රින්සිපල් සර් අසෙම්බ්ලි එකක් අරන් අර කිව්වා වගේ ප්‍රිෆෙක්ට් එක ඒලෙවල්වලින් පස්සෙ දෙන්න යන සීන් එක ගැන කිව්වා. ඒ කියන්නෙ අයියලා ඊළඟ අවුරුද්දත් එනවා… අනික් වැඩේ තමා අද අර අපි කලින් ගිය තරඟවල රිසල්ට් දුන්නා. නොසිතූ ලෙස මං අග ඉඳන් අන්තිමයා වෙලා තිබ්බා. සර් මගෙ සෙටිෆිකට් එකයි මෙඩ්ල් එකයි ටොෆී එකයි දුන්නට පස්සෙ මං පහළට ඇවිත් අන්තිමට ක්ලාස්වලට යද්දි අයියා මට තම්බ්ස් අප් එකක් දුන්නා. ඒ වගේ චූටි චූටි දේවල්වලට මං හරි ආසයි.
ඉස්කෝලෙ ඉවර වෙලා අයියලා සෙට් එක අපිවත් ඇදන් තලප්පාකට්ටි එකට ගියා ලද අවස්ථාව සෙලිබ්‍රේට් කරන්න ඕනෙ කියලා. යන්න කලින් අම්මට කිව්වා ට්‍රීට් එකක් හම්බෙනෝ යනව කියලා නැත්තන් බලන් ඉන්නවනෙ මං එනකන්. ඊටපස්සෙ අපි ගිහින් කකා බිබී හිටියා. ඒ අස්සෙ රෙස්ටුරන්ට් එකට ආව ෆොරින් අක්කෙක් දැකලා කිත්මිණ අයියා සසිත අයියා එක්ක අඬනවා.

“සෞරාෂ්”

“ඕ..”

“Congrats! and also මතක තියාගන්න, අපි මේ ලෝකෙට එද්දි අපේ ජීවිතේට අපිට ලැබෙන දේවල් තියනවා. Singing, Dancing, Sports කරන එක මේ ඕන දෙයක්. ඒ දේවල්වලින්  ප්‍රයෝජනයක් ගන්න. මොකද හැමෝට ම ඒ දේවල් ලැබෙන්නෑ. ඔයත් මේ දේවල් develop කරන් ඉස්සරහට යන්න. අතාරින්න එපා. තේරුනාද? ඔයාගෙ skill එකෙන් දෙයක් කරන්න. ගමෙන් රටෙන් නවතින්නැතුව ලෝකෙට ම දෙයක් දෙන්න බලන්න. ඒ ඕන වෙලාවක ළඟින් නැතත් උඹට හයියක් වෙන්න මං ඉන්නවා. ම්…?”

“හරි”

මං ඔලුව වනලා හිනාවෙලා හරි කිව්වාම අයියා ලාවට හිනාවෙලා ඉස්සරහ හැරුනා. ඉස්සරහ ගැන නොදන්නවා උනත් මොනදේ උනත් ළඟින් ම ඉන්න අයියෙ. ඔයා ඉන්නවයි කියන දේ උනත් මට වටිනවා…

————————————————————

වයිට් මැණිකෙලා… මාත්තියලා…ඔන්න කයේල් ආවා… 😁✨️

යුගාට ඩෝං යනවා නෙහ්? ඇහැකි නම් මට කොහිල මිටියක් ගෙනත් දෙන්නකො ඔයැයිලා ඒ දරුවට හදලා දෙන්න.

අභී අයියා කිව්වා වගේම ඉස්සරහට සෞව් එක්ක ඉඳීවි ද?
ඉන්නවා අයියෝ ඉතින් නැත්තන් ගලක් අරන් කෙලලා අරියි සෞව්වා. හරි දරුණුයි ඔය ළමයි 🤭🥲

සූටි දෙයක් කියන්නම්. කතාවෙ ඉස්සරහට වෙන දේවල් ගැන ලා……වට ලාවට කියවෙන තැන් තියෙනවා හොඳේ.
අනික් එක තමා මේ… සමහර චරිත අමතක කරන්න එපා ශුඩූලා… 🤪✌️
ඔයාලා ගොඩා….ක් සීරියස් හිතන්න එපා හොඩේ මං මේ නිකන් කියන් යන්නෙ🤣 ඉන්න බැරුවට වගේ, හික්ස්.

ඒනම් මං දැන් යනෝ හර්තේ…
ආ….තරෙයි තෝසෙයක් තරම් 😘🫓
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 24, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 24, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 24 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 24 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 24 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 24 light novel, ,

Comment

Leave a Reply

Chapter 26