À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්හතරවැනි කුසුම…

A+ A-

” ඒ කියන්නෙ මේ ඔක්කොම ඔයාගෙද..??”

මං ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවම අයියා හිනාවෙලා මගෙ කොණ්ඩෙ ඇවිස්සුවා..

මේකට මගෙ කොණ්ඩෙන් තොර ලොවක් නෑ ලඟකදි ඉඳන්..

” මගෙ නෙවේ.. අප්පච්චිගෙ..”

” හරි ඉතින්.. අප්පච්චිගෙ කියන්නෙ කොහොමත් ඔයාගෙ තමානෙ..”

” නෑනෙ බබා.. අක්කත් ඉන්නවනෙ..”

අහ්හ් ඔව්නෙ.. මට එයාව අමතක උනා..

අද අයියා මාව එක්ක ආවේ ලොකු තේ වත්තකට.. ලොකුයි කියන්නෙ ඉතින් මෙතන , මං ඉන්න තැන ඉඳලා ඈත පේන තෙක් මානෙම පැතිරිලා තිබුනෙ තේ වත්ත..

ඒ මුලු ඔක්කොම අයිති අයියගෙ තාත්තටලු..

බලන්නකො නේ.. ලොකු වතු හිමි තේව්..!! නිකම් හාමුදුරුවො කෙනෙක් වගේ..

පහල වත්තෙ ගෑණු අය තේ කොල කඩනවා.. උදේ නිසා ඒ ටිකනම් හරි ලස්සනට පෙනුනා..

අපිත් පහලට යමුද අයියෙ..??”

ම්හ්.. එහෙ කූඩැල්ලො ඉන්නවා පැටියො..”

හනේ..!! කූඩැල්ලො..?

” අහ්….?? එහෙනම් අපි පස්සෙ පහලට යමු..”
” මං කියන්නෙ රෑ වෙලා වගේ..”
” එතකොට කූඩැල්ලො නිදි නිසා උන් අපිව කන්න එන එකක් නෑ..”

” ඔව් අපි එහෙම කරමුකො..”

අයියා හිනාවෙවී එහෙම කිව්වම මං ලඟ තිබ්බ පඳුරකින් තේ කොලයක් කඩලා කටේ දාගත්තා..

ඊව්ව් මේවගෙ තිත්ත..!!

යාලුවා උනාට කරන්න දෙයක් නෑ , මට මේක කියන්නම වෙනවා.. තේව්වගෙ ගස් වල හැදෙන තේ තිත්තයි..

” ඈ අයියෙ.. ඔයාලා මේ තේ කොල වලට මොකද කරන්නෙ..??”

” කඩලා ෆැක්ට්‍රි එකට යවනවා..”

” මොන..??”

” කොලඹ..”
” බබා දන්නවද අර අපේ ඉස්කෝලෙට හැරෙන්න කලින් පොඩි පාරක් හම්බෙන්නෙ..??”

” බස් එක නවත්තන පාරනෙ..”

” ම්ම්ම්.. අන්න ඒ පාරෙ තියනවා නේද ලොකු ටී ෆැක්ට්‍රි එකක්..”

” ඔව් ඔව්.. ඒකට අපේ පැත්තෙ ඇන්ටිලා හුඟක් වැඩට යනවා..”
” ඒකටද මේ කොල යවන්නෙ..??”

ඒකට තමා..”
” ඒ ෆැක්‍ට්‍රි එක අපේ අප්පච්චිගෙනෙ..”

” ආහ්හ් හරි à·„à·Š – – – ම්-මොකක්..?!!”

” ම්ම්ම්.. තව නුවරත් ෆැක්ට්‍රි එකක් තියනවා..”
” ඒත් ඉතින් කොලඹ එක තරම් මෙහෙ එක ලොකු නෑ..”

යකෝ..!! මේ මොන කෝටිපතියෙක්ද මං ආස්‍රේ කරන්නෙ..?

ම්ම්ම් නෛස් නෛස්..

” එන්නකො.. අපි අර හරියට යමු..”

අයියා ඊලඟට මාවත් එක්ක ගියෙ ලොකු ගලක් උඩට.. එතනට හැමදේම හොඳට පේනවා.. කූඩැල්ලොත් නෑ..

ඒ හරියෙ තේ කොල කඩ කඩ හිටපු ඇන්ටිලා ටිකක් අයියව දැකලා හිනාවුනා.. කොහොම උනත් ඒ හිනාවෙ තිබුනා නිකන් , ම්ම්ම් හරියට එයාලා අයියට ගෞරව කරනවා වගේ ගතියකුත්..

ඒත් අයියා ලොකුවට හිනාවුනේ නෑ.. එයා චූට්ටක් හිනාවෙන ගමන් ලාවට වගේ ඔලුව හොල්ලලා ෆෝන් එක අතට ගත්තෙ ඒකට කෝල් එකක් ආපු නිසා..

අනේප්ප් මේකගෙ ලොකුකම..!!

අයියා කෝල් එක ආන්ස්වර් කරන ගමන් ටිකක් එහාට ගියාම මංනම් ඇන්ටිලා එක්ක හොඳට හිනාවුනා.. අපේ නෑනෙ ඔය ලොකුකම්.. ඒ කරලා මං ගිහින් ගල උඩින් වාඩිවුනා..

මං හිනාවුන නිසාමද මන්දා එක ඇන්ටියෙක් මට කතා කලා..

පුංචි මහත්තයගෙ යාලුවෙකුත් එක්ක ඇවිල්ලනෙ මේ පාර..”

පුංචි මහත්තයා අයියද..? අනේ කිව්ට් ඕයි..!!

මං ඉතින් මොකුත් නොකියා , හිනාවෙලා ඒ ඇන්ටි දිහා බැලුවම තව ඇන්ටියෙක් මාත් එක්ක කතා කලා..

” ඔය මහත්තයා කොලඹ කෙනෙක්ද..??”

” ඔව්.. මං අයියගෙ ඉස්කෝලෙ යාලුවෙක් ඇන්ටි..”

” එහෙමද..??”
” ඉතින් මහත්තයලා කවද්ද ආවේ..??”

” ඊයෙ උදේ..”

අනේ එයාලා මට මහත්තයා කියන එකටනම් මං වැඩිය කැමති උනේ නෑ..

මට ලැජ්ජයිනෙ..!!

” මහත්තයා..”

” අනේ ඇන්ටී.. මට මහත්තයා කියන්න එපා..”
” පුතා කියලා කියන්න.. ඒ නැත්තන් සයාෂ් කියලා හරි කමක් නෑ..”

” නෑ නෑ.. එහෙම හොඳ නෑ.. “
” මහත්තයා පුංචි මහත්තයගෙ යාලුවෙක්නෙ..”

” එහෙනම් මං තරහයි අනේ..”

මං නහයෙන් අඬන්න ගත්තම ඒ ඇන්ටිලා මට හිනාවුනා..

අයියත් කොහෙද මන්දා ඉඳලා ඇවිත් මගෙ එහාපැත්තෙන් වාඩිවුනේ එවෙලෙ.. හහ්හ්.. මල් කඩලා ඉවර ඇති දැන්..

” අපි යන්නම් මහත්තයො..”
” යනවා පුංචි මහත්තයා..”

” හරි ඇන්ටී..”

මං හා කිව්වට අයියා ඒ පාරත් කලේ ඔලුව වැනුව එක විතරයි.. ඊටපස්සෙ ඇන්ටිලා ආයෙ වැඩ කරන්න ගියාම මං අයියගෙ අතට පාරක් ගැහුවා..

” නපුරු මිනිහෙක් ඔයානම්..!!”

” මං..?? ඇයි මං මොකක්ද කලේ..??”

” මොකැක්ද කැලේ තැමෑ..!!”
” ඇයි අර මිනිස්සු එක්ක වචනයක් කතා කරන්න බැරි , ඔයාගෙ කට කැඩිලද..??”

එයා මුකුත් නොකියා හුස්මක් පාත දැම්මම මං ගල් තලාව උඩ දිගා උනා..

හම්පේ සනීපායී..!!

” ඔහොම ඉඳලා කූඩැල්ලෙක් එල්ලුනාම තේරෙයි..”

” අනේ අයියේ..!! මෙතන නෑනෙ..?!!”
නෑ නේද..?!!”

කවුද දන්නෙ..??”
ඔය කොහෙහරි ඉඳලා කලිසම අස්සටවත් රිංගගත්තොත් අපිනම් දන්නෑ..”

” ම්හුක්..”

හනේ මේ යකා එක්ක බෑ අප්පා..

මං හිමීට බඩගාගෙන ගිහින් අයියගෙ කකුල් දෙක ලඟින් ඇලවුනා.. එයා හිනාවෙලා මගෙ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යවන්න ගත්තා..

ඔයා කොණ්ඩෙ දිග වෙනවට ඔච්චර ආසයිද අයියෙ..??”

ඔව්.. එතකොට ඔයා හුරතල්..”

හ්ම් හ්ම්..”
” මේ ඔයාගෙ කලින් කෙල්ලොන්ගෙ කොණ්ඩ දිගයිද ඉතින්..??”

” ම්ම්..”

බලහම්කො.. ම්ම් විතරයි.. කපටි මිනිහා..!!

එයාලා ලස්සනයිද..??”
ෆොටෝස් නෑද ඔයා ලඟ..??”

අහ්.. මං බ්‍රේකප් උනාට පස්සෙ ඩිලීට් කලානෙ..”
” ඔහොම ඉන්න බලන්න..”

අයියා ෆෝන් එක අරන් මොකක් හරි කරලා මට දුන්නා..

ආ… එෆ් බී අකවුන්ට්ස්..

” මේ අන්තිමට යාලුවෙලා හිටපු කෙනා..”

නම තිනූෂි.. ම්ම්ම්.. ලස්සනයි හැබැයි..

හහ්හ්.. මේ බලපම්කො.. තාම දෙන්නා ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක..

” ඔයාට ආයෙ එයා එක්ක යාලුවෙන්න එහෙම අදහසක් තියනවද..??”

” ම්හ්.. මමයි එයත් එක්ක බ්‍රේකප් උනේ..”

අයියා කිව්වම මං එහෙම්මම එයාව අන්ෆ්‍රෙන්ඩ් කරලා දැම්මා..

නෑ.. මං හිතුවා වගේ අයියගෙ මූන වෙනස් උනේ නෑ.. එයාට ඒක ගානක් නෑ වගේ..

” අවුලක් නෑනෙ නේ..?? කොහොමත් දැන් බ්‍රේකප්නෙ..??”

එයා හිනාවෙලා ඔව් කියන්න ඔලුව වැනුවා..

මං එයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බල බල එක එක්කෙනා ගානෙ කෙල්ලො ටික අන්ෆ්‍රෙන්ඩ් කරලා දානකනුත් එයා සද්ද නැතුව ඔහේ බලන් හිටියා..

මම බලාපොරොත්තු උනා එයා මාව නවත්තයි කියලා.. අඩුම ‘ බබා එපා , එයා මගෙ යාලුවෙක් , මගෙ නෑදෑ නංගි කෙනෙක් ‘ එහෙම දෙයක්වත් කියයි කියලමයි මට හිතුනේ.. ම්හුක්.. ඒත් නෑ.. එයා මට ඕන දෙයක් කරගන්න දීලා ඔහේ බලාගෙන හිටියා..

” දැන් හරි.. බලන්නකො ලස්සන..”

එයා ඒත් කලේ ඔලුව වනලා හිනාවුන එක..

මං අයියගෙ අකවුන්ට් එකෙන් ගිහින් මගෙ අකවුන්ට් එකට රික්වෙස්ට් එකක් දාගත්තා..

” බබා.. ඔයා එෆ් බී ඉන්නවද..??”

” ඔව්.. මං මෙහෙ එන්න දවස් දෙක තුනකට කලින් අකවුන්ට් එකක් හැදුවා..”

” ම්ම්ම්.. කෝ දෙන්න බලන්න..”

මං එයාට එයාගෙ ෆෝන් එක දික් කලත් අයියා ගත්තෙ පැත්තක තිබුන මගෙ ෆෝන් එක..

අවුලක් නෑනෙ..

නෑ නෑ.. ඕකෙ මුකුවත් නෑනෙ.. ඔ – – – හුටා..!! හනේ දෙයියනේ තිසඟි අක්කා..!!

ඕකි මොන මගුලවල් දාලද දන්නෙ නෑ.. මං මෙහෙට ආවත් හරි එයාගෙ මැසේජ් බැලුවෙ නෑනෙ.. අඩුම අවුරුද්දට විශ් කරපු එකවත් තාම බැලුවෙ නෑ..

” බබා.. මෙයා කොහොමද ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනේ..??”

ක්-කවුද..??”

නෑනෙ.. තිසඟි අක්කා මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි.. ඒකි දන්නෙත් නෑ මං අකවුන්ට් එකක් හැදුවා කියලා..

” විද්වාන්..”

” අහ්.. එයාද..??”

” ම්ම්ම්.. එයාව ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගෙන..”
” මට රික්වෙස්ට් කරලවත් නෑ.. අඩුම අද වෙනකම් ඔයාට අකවුන්ට් එකක් තියනවා කියලවත් මම දන්නෙ නෑ..”

අපෝ ඊරිසියාකාරයා..!!

” අයියෝ නෑ අනේ.. මම කාටවත් රික්වෙස්ට් කලේ නෑ..”
” ඔය සෙතිනුගෙන් දැකලා විද්වාන් අයියා මට රික්වෙස්ට් කරලා තිබ්බෙ..”

අයියා මට රවලා එයාව අන්ෆ්‍රෙන්ඩ් කරන්න හැදුවත් මං ෆෝන් එක උදුරගත්තා..

” එපා අනේ.. එයා මගෙ යාලුවනෙ..”

ලොකු හුස්මක් පාත දාපු අයියා අහක බලාගත්තා..

එයා තරහා උනාද..? අනේ එයා තරහා උනොත් මං ගෙදර යන්නෙ කොහොමද..? මාව කූඩැල්ලො ගොඩේ දාලා ගියොත් මං මොකද කරන්නෙ..? මං රෑට ඉන්නෙ කොහෙද..? නිදියන්න වෙන්නෙත් නෑ.. මං මේ පැත්ත ගැන දන්නෙත් නෑ..

අනේ අම්මේ..!!

” බබා..!!”
” බබා..!!”

” අහ්..?”

” මොකෝ මේ දාඩිය දාලා..??”
මොනාද ඔච්චර හිතන්නෙ..??”

න්-නෑ නෑ..”

මම හිතත්තෙ මං හිතපුවා ඕනාවට වඩා දුර ගිහින්.. අයියා කතා කරනකම් මං මෙලෝ සිහියක් නැතුව කල්පනා කරලා..

අයියා මගෙ නලලෙ තිබ්බ දාඩිය පිහිදලා , කොණ්ඩෙත් හැදුවා.. එයා තරහා නෑ මං හිතන්නෙ..

” සොරි අයියෙ..”

” ඒකට කමක් නෑ.. යාලුවනෙ..”

එයා එහෙම කිව්වම මට තව අවුල් ගියා.. මමත් අන්ෆ්‍රෙන්ඩ් කලේ එයාගෙ යාලුවොන්ව නේද..?

බබා.. අපි යමුද දැන්..??”

” ගෙදරද..??”

” නෑ නෑ.. මං දන්න ලස්සන තැනක් තියනවා..”
” එහෙ නිදහස්..”

” හා යමු..”

මං නිදියන් හිටපු තැනින් නැගිටලා ඇඳුම හොඳට ගැසුවා.. කියන්න බෑනෙ.. කූඩැල්ලෙක්වත් හිටියොත්..

ඊටපස්සෙ කෝකටත් හොඳ නිසා පාරට එනකම්ම මම අයියගෙ අතේ එල්ලිලා ආවෙ..

පස්සෙ අපි දෙන්නම බයික් එකෙන් ආවේ කන්දකට.. එහෙත් සමහර තැන් වල තේ ගස්.. හැබැයි ඒවනම වවලා නෙවේ වැවිලා..

” එන්නකො යන්න..”

බයික් එක අයිනකින් නවත්තලා අයියා මාවත් එක්කන් කන්ද උඩට ආවා.. කන්ද උඩට යන්න වෙනමම පාරක් තිබ්බෙ නෑ..

ඒකෙන්ම තේරෙනවා කවුරුත් මේ පැත්තට ලේසියෙන් එන්නෙ නෑ කියලා..

” මේ කන්දත් ඔයාගෙද අයියෙ..??”

” ම්හ්.. මේක අපේ යාලුවො සෙට් එකට අයිති තැනක්..”
” ඒ කාලෙ අපි සෙල්ලම් කරන්න මෙතනට එනවා..”

” අහ්…”

” ඔයාට මතකද..??”
” මං දවසක් ඔයාට කිව්වා ඉස්සර අක්කා ආවම මම යාලුවො එක්ක එහෙ මෙහෙ යනවා , ගෙදර ඉන්නෙ නෑ කියලා..”

මං ඔලුව වැනුවෙ ඔව් කියන්න.. එදා අයියා ඒක මට කිව්වනෙ..

” ඒ කාලෙ හුඟක් දවස් වලට උදේ ඉඳන් හවස් වෙනකම් අපි ඉන්නෙ මෙතන..”
ඉස්සර අර එහාපැත්තෙ , අපේ සීයා ලෑලි වලින් අටවලා දුන්නු පොඩි ගෙයක් වගේ එකකුත් තිබ්බා..”

” කෝ දැන් ඒක..??”

” දැන් හුඟක් කල්නෙ බබා.. ඒක කැඩිලා ගිහින්..”
” මං ගියපාර ආපු වෙලේ ගිහින් බලනකොට ඉතිරිවෙලා තිබ්බෙ හිටවපු ලෑලි කෑලි හතරක් පහක් විතරයි..”

ඒකටනම් මට සිරාවට අවුල් ගියා.. අයියගෙ පුංචි කාලෙ මතකයක්නෙ ඒ විනාස වෙලා තියෙන්නෙ..

කොහොමහරි අපි ටිකක් දවල් වෙනකම් එතන හිටියා.. මේ පැත්තෙ පට්ටම ලස්සනක් තියෙන්නෙ.. කන්ද උඩට වටේම පේනවා.. තව කඳුත් පේනවා..

අයියා හිටියෙ මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන.. මං හිතන්නෙ එයා පැය භාගයක් විතර හොදට නිදාගත්තා.. මාත් ඉතින් එයාගෙ ඔලුව හෙන සනීපෙට අතගෑවනෙ..

පෞ පෞ.. කොල්ලට උදේ නිදියන්න දුන්නෙත් නෑනෙ මං..

” බඩගිනී බබා දැන්නම්..”

නිදිමත බේරෙනවා කටහඬේ.. ඒ වෙලාවට එයාගෙ කටහඬ හරි ගැඹුරුයි..

” ගෙදර යමුද අයියෙ..??”

” ඇයි..?? මං හිතුවෙ ඔයාට රෑ වෙනකම් ඇවිදින්න ඕන කියලා..”

” ඕනනම් තමා..”
” ඒත් ඉතින් ඔයාට මහන්සි නැද්ද..??”

” ම්හ්.. ඔයා එක්ක ඉන්නකොට මට මහන්සියක් දැනෙන්නෙ නෑ චූටි මහත්තයො..”

අහ්.. යකෝ..!! මගෙ පපුව සීතල උනා.. කම්මුල් දෙකත් රත්වුනා..

” ඔහොම රතු වෙනකොට කිව්ට් ඕයි..”
” මේ කම්මුල් දෙක මට හප්පන්න හිතෙනවා වෙලාවකට..”

” ව්-විහිලු කරන්න එපා..”

” විහිලු නෙවෙයි.. මං සිරාවටම තමා කිව්වෙ..”

මං මුකුත් නොකියම එයාගෙ ඇස් දිහා බැලුවා..

ඊලඟ මොහොතෙ එයා මගෙ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යවලා , මගෙ ඔලුව එයාගෙ මූන ලඟටම පාත් කරගත්තම මගෙ හුස්ම ගන්න වේගෙ හුඟක් වැඩිවුනා..

” එක අතකට උඹ මායාවක් කියලත් මට හිතෙනවා..”

එක තප්පරේකට සද්දෙ ඇහෙන්නම මගෙ තොල් පෙක් කරපු අයියා එයාගෙ ඇස් හීනිවෙන විදිහට හිනාවෙලා මගෙ මූන දිහා බැලුවා..

ඔහොම බලන් ඉන්නනකොට මට අහන්න තියන එකම ප්‍රශ්නෙ , මමද ඉතින් මායාව..?

කාගෙ ලඟවත් නැති තරමෙ ලස්සන හිනාවකින් මූන පුරවගෙන , මට තාම හරියට තේරුම් ගන්න බැරිවුන හැඟීම් දහස් ගනක් ඒ හීනි ඇස් වල හංඟගෙන , කාගෙන්වත් මීට කලින් ලබලා නැති හැඟීම් ගොඩකින් මාව පුරවලා පිස්සු වට්ටපු ඔයා නෙවෙයිද අයියෙ හරිම මායාව..?

පිරිමියෙක් වුන මාව තවත් පිරිමියෙක් ලඟ ජීවිතේට මෙහෙම අසරණ වෙලා නෑ.. මොනතරම් ලස්සන කෙල්ලො හිටියත් , ඒ කිසි කෙනෙක්ගෙන් මෙහෙම ආකර්ශනීය ගතියක් මං මීට කලින් දැකලා නෑ..

සමහරවිට කතා පොත් වල ඉන්න ග්‍රීක දෙවියො , පරිපූර්ණ මිනිස්සු මේ වගේ වෙන්න ඇති..

එක වචනෙකින් වෙන කෙනෙක්ව තමන්ගෙ පැත්තට හරවගන්න පුලුවන් මායාකාරයො ඉන්න පුලුවන් පොත් වල විතරයි කියලා මං හිතාගෙන හිටියා , හැබැයි ඒ අයියව හම්බවෙන්න කලින්..

ඊලඟ පාර මගෙ ඔලුව අත් දෙකෙන්ම අල්ලලා පාත් කරපු අයියා ඇස් අඩවන් කරගෙන එදා පන්සලේදි කලා , වගේ මගෙ තොල් දෙකම උරන්න ගත්තා..

විනාඩි කීයක් ගෙවිලා ගියාද දන්නෙ නෑ.. එයාට ඇතියි කියලා හිතුනම , සමහරවිට එයාට හුස්ම ගන්න අමාරු වුනාම වෙන්න ඇති අයියා මගෙන් ඈත්වුනා..

උඹ මගේ ඉවසීම අන්තෙටම හින්ඳනවා මැණික..!!”

ආයෙ එයා මගෙ තොල් පෙක් කලා..

ඒත් මං මෙතනින් එහාට යන්න හිතන්නෙ නෑ..”
මොකද එච්චර දුර යන්න තරම් අයිතියක් මට තවම නෑ..”

හුඟක් හිමින් ,ගැඹුරු කටහඬකින් කතා කරපු අයියා ආයෙ මගෙ නලලෙන් තොල් තද කලාම මගෙ ඇස් පියවුනා..

මගෙම කියලා අයිතියක් නැතිවුනත් , කරන්නෙ වැරැද්දක් කියලා දැන දැනම මං දැනටම ඔයාට පිස්සු වැටිලා ඉවරයි අයියෙ..

මටත් මේ ලෝකෙටම ඇහෙන්න කෑගහලා කියන්න පුලුවන් උනානම් , මේ දැනෙන හැඟීම හිතාගන්න බැරි විදිහෙ පිස්සුවක් කියලා..!!

___________________________________________________

**** Author Pov ****

ඇඳට වැටිලා පොතක් කියවන ගමන් හිටපු සෙතිනු ගැස්සිලා ගියෙ එයාගෙ ෆෝන් එක රින්ග් වුන සද්දෙට..

මේ නුවර ගියපු හෝන්තුවනම් පුදුම වදයක්..!!

ෆෝන් එක දිහාවත් නොබලා කෝල් එක ආන්ස්වර් කරපු සෙතිනු පොතේ ඊලඟ පිටුව පෙරලගත්තා..

මොකද..??”

ටිකක් වෙලා ගිහිල්ලත් කතා කරපු කෙනාගෙන් කිසිම සද්දයක් නැති තැන අන්තිමේ සෙතිනුම කතා කලා..

ම්ම්ම් සෙතිනු වැඩකද..??”

ඇස් දෙක පුලුවන් තරම් ලොකු කරගෙන ඇඳෙන් බිමට පැන්න සෙතිනු ෆෝන් එක ඇස් දෙක ඉස්සරහට ගත්තෙ කෝලර් අයිඩී එක බලාගන්න..

හිතපු කෙනාමද දන්නෙ නෑනෙ ඒ කතා කරන්නෙ..?

ව්-විද්වාන් අයියා..??”

කතා කලේ හිතපු කෙනාම වෙනකොට සෙතිනුට දෙලෝ රත්වුනා..

ඇයි ඉතින්.. මීට කලින් , ඒ කියන්නෙ ක්ලාස් කරන දවස් වලටවත් විද්වාන් අයියා මැසේජ් එකක් දැම්මා මිසක් කෝල් එකක් අරගෙන නෑනෙ..

නෑ නෑ අයියෙ.. මං වැඩක නෙවේ..”
අයියට මොකක් හරි උවමනාවක්ද..??”

උවමනාවක්නම් තමයි..”
මේ මට දැනගන්න ඕන වුනේ සෙතිනුට අද
හවස ෆ්‍රී ටයිම් එකක් තියනවද කියලා..”

අද..??”
ම්ම්ම් ඔව්.. අද දවසම මම ෆ්‍රී අයියෙ..”
කියන්නකො..”

මේකයි.. අපේ අක්කගෙ බර්ත්ඩේ එක අනිද්දට..”
මට එයාට තෑග්ගක් ගන්න ඕන..”
ඔයාට පුලුවන්නම් මාත් එක්ක යන්න එන්න ,
ඒක ලොකු උදව්වක්..”

අහ්.. ඒක ලොකු දෙයක් නෙවෙයිනෙ
අයියෙ..”
මම ඔයත් එක්ක යන්න එන්නම්..”

ඕකේ.. එහෙනම් තව පැයකින් මම
ඔයාගෙ ගේ ලඟට එනවා..”
” වෙලාව ඇතිද..??”

ඇති අයියෙ.. මං ලෑස්ති වෙලා
ඉන්නම්..”

කෝල් එක කට් කරපු සෙතිනු අල්මාරිය ලඟට දුවලා ගියෙ අඳින්න හොඳ ඇඳුමක් තෝරගන්න..

ක්‍රශ් එක එක්ක ගමනක් යනකොට ලස්සනට ඉන්න එපැයි..!!

මේකද..?? නැත්තම් මේකද..??”

අත් දෙකට ඇඳුම් දෙකක් ගත්ත සෙතිනු බෙල්ල රිදෙනකම්ම ඒ දෙක දිහාවට ඔලුව හරවන ගමන් කල්පනා කලා..

මේක හොඳයි..”

අත් දෙකේ තිබුන ඇඳුම් දෙකම විසික් කරන ගමන් සෙතිනු අල්මාරියෙ යටම හරියෙ තිබුන වෙන ඇඳුමක් එලියට ගත්තා..

මල්ලේ..!! මේක අයන් කරලා දීපියකෝ..!!”

ඇඳුමත් උස්සගෙන පහලට දුවපු සෙතිනු , ඒ පිම්මෙම ආයෙ උඩට දුවගෙන ඇවිත් බාතෲම් එකට රිංගගත්තෙ ටවල් එකත් අමතක කරලා..

අනේ මල්ලේ..!! ටවල් එක අරන් දීපන්කො සුද්දෝ..!!”

පුදුම වදයක්නෙ බං උඹ දෙන්නෙ..!!”

සෙතිනු බෙරිහන් දෙනකොට උඩට ආව සෙතිනුගෙ මල්ලි , ආක්ශ සෙතිනුට බැන බැනම ටවල් එක හොයන්න ගත්තා..

උඹව පොඩි කාලෙ අර කුණුගොඩෙන් අහුලගත්ත මටද ඔහොම කියන්නෙ ආ..??”

තියාගනින්..”

ටවල් එක බාතෲම් එකෙන් එලියට ඇවිත් තිබ්බ අත උඩට දැම්ම ආක්ශ ආපහු යන්න හැදුවත් එයා එහෙම්මම නතරවෙලා බාතෲම් එකේ දොරට තට්ටු කලා..

ඇයේ..?!!”

ටීශර්ට් එක විතරද අයන් කරන්න ඕන..??”

” ඕ ඕ..!!”

විනාඩි හතලිස් පහක් විතර යනකොට ලෑස්ති වුන සෙතිනු දහතුන්වෙනි වතාවටත් කණ්නාඩියෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බැලුවා..

මුලු ජීවිත කාලෙටම හරි වෙලාවට කලින් ගමනක් යන්න එයා මේ ලෑස්ති උනාමයි.. කොහෙද ඉතින්.. කොල්ලට දැන් ඕවා හිතන්න සිහියක් නෑනෙ..

මේ මේක හොඳද ඕයි..??”

ඔව් බං ඔව්..!! දැන් කීපාරක් කිව්වද මම..??”

ම්හ් ම්හ්..”
උඹ බොරුවට කියනවද දන්නෙ නෑනෙ..”

” ආ…. ඔව් ඔව් බොරුවට කිව්වෙ..”
උඹ හෙන කැතයි යකෝ..!! ඔය ඇඳුමට තවත් කැතයි..!!”

අන්න.. දැන්නම් මට සැටිස් ඈ..”

සෙතිනු හිනාවෙලා කිව්වම ආක්ශ කටත් ඉරක් හැඩේට හදාගෙන ෆෝන් එකට ඔලුව ඔබාගත්තා..

මෙහ්.. තමුසෙ ඔය මල් කුමාරයා වගේ ලෑස්ති වෙලා දැන් යන්න හදන්නෙ කෙල්ලෙක්වත් බලන්නද..??”

අහ්ම් නෑ.. ඇයි එහෙම ඇහුවෙ..??”

ඔච්චර ලස්සන වෙන්න හදන නිසා..”

” ආ ම්-මේ.. කෙල්ලෙක් බලන්න නෙවේ.. යාලුවෙක් එක්ක කෙල්ලෙක්ට තෑග්ගක් ගන්න යන්නෙ..”

එහෙනම් මොන ඇටේකටද ඔච්චර ලෑස්ති උනේ..??”

කියන්න බෑනෙ.. මගදි මට මල්සරාවත් විද්දොත්..”

මනමාල හිනාවකින් මූන සරසගත්ත සෙතිනු ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් පහලට ගියෙ ගේට්ටුව ලඟින් ඇහුන හෝන් සද්දෙට..

පරිස්සමෙන් ඉඳහන් ඈ අම්මලා එනකම්..”

හ්ම්ම්..”

වෙලාවට බල්ලො දෙන්නට කන්න දෙනවා ඈ මතක් කරලා..”

හ්ම්ම් හ්ම්ම්..”
මට මොනාහරි ගෙනෙං..”

මල්ලිට අත වනපු සෙතිනු තමන්ගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහින් නතර කරලා තිබ්බ සුදු පාට කාර් එක ලඟට ඇවිදගෙන ගියෙ හිත අසාමාන්‍ය විදිහට ගැහෙන එක නතර කරගන්න උත්සාහ කරන ගමන්..

ඒත් සෙතිනුගෙ හදවත ඊටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්තෙ කාර් එකෙන් එලියට ආපු රූපෙ දැකලා..

සෙතිනු..!!”

තමන්ගෙ නම ටිකක් සද්දෙට ඇහෙනකොට මෙච්චර වෙලා ඇස් පිල්ලන් නොගහා විද්වාන් දිහා බලන් හිටපු සෙතිනු ගැස්සිලා සිහියට ආවා..

” ආ… ඔ-ඔව් අයියෙ..”

මොකද උනේ..??”

ම්-මං මේ මට මොනාහරි අමතක උනාද කියලා බැලුවෙ..”

” අහ්.. ඉතින් අමතක වෙලාද මොනාහරි..??”

” න්-නෑ නෑ.. ඔක්කොම හරි..”
” අපි යමු..”

ඔලුව වනපු විද්වාන් සෙතිනුට දොර ඇරලා දුන්නම සෙතිනුත් කාර් එකට නැගලා පැසෙන්ජර් සීට් එකෙන් වාඩි වුනේ හදවත ඕනාවට වඩා වේගෙන් ගැහෙන එකට බෙහෙත් ටිකක් ගන්න ඕන කියලා කල්පනා කරන ගමන්..

___________________________________________________

සෙචිනුගෙයි , විත්වාන්ගෙයි දුන්නා ඈ ඔන්න..
😌💗

සයාස් බබාගෙ හදවතේ තිබ්බ එක පුපුරලා ගියාද මන්තා.. 🙃

ඊයා… ඔවාලට තේව්ගෙ තොත්තු නෑනෙ.. මං ගානෙ තොත්තුවක් දෙන්නත ඔවාලට… 😗

😘😘😘😘😘😘

කිව්වා වගේම මාසෙකිම් ආවා ඈ….. 😌

අද දෙන්න නෙවේ හිටියෙ.. ඒ උනාට මහා අමුතු චූන් එකක් ආවා එකපාරටම… 😌❤️

ඒ නිසා කමෙන්ට් ගොඩක් දාන්න ඈ… 💗

ආ… අර ටික්ටොක් එකේ කතාවෙ කවරෙ මාරු කලා.. බය නැතුව කියෝපල්ලා.. පරණ කතාවම තමා.. 😒

එන්නම් ඈ පස්සෙ….

පරිස්සමෙන් ඉන්න…. 🙃

ආතරෙයි.. ❤️

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

✍️ – Sayuu.. 💕

2024.10.09

Tags: read novel À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්හතරවැනි කුසුම…, novel À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්හතරවැනි කුසුම…, read À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්හතරවැනි කුසුම… online, À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්හතරවැනි කුසුම… chapter, À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්හතරවැනි කුසුම… high quality, À·Ƒà·”À¶¯À·” À¶…À¶»À¶½À·’À¶º… සුදු අරලිය මල් කිනිත්තේ තිස්හතරවැනි කුසුම… light novel, ,

Comment

Leave a Reply

Chapter 35