À¶»À¶¯À·… | The Kandyan Aristocrats 41

A+ A-

අපි කට්ටියම දැන් හිටියේ අර අලපෙති කියයි අල කූරු කියයි අල බෙටි කියයි අන්න ඒ විකුණන තැන..මම හේශිතයගෙ පිටේ එල්ලිලා අර රත්තරන් පාටට දිලිසෙන අලපෙති කූර වටේට ගිහින් තියෙන එක පෙන්නලා ඉල්ලුවාම ඌ මට මෙතනම ඉන්න කියලා ඒක ගන්න ගියේ මාත් වෙන කරන්න දෙයක් නැති නිසා වටපිටාවට හොම්බ දාද්දි.. නිස්සා නම් කලින්ම මොකද්ද මන්දා මඟුලක් බලන්න ඕන කියලා ආපු වෙලේ ඉදන්ම සඳැස් අයියාට වද දුන්න හින්දා සඳැස් අයියා ඌවත් කුදලගෙන ඒක බලන්න එක්ක ගියේ මායි හේශිතයයි තනුජයයි ඉතිරි වෙද්දි..අනිත් පැත්තට අපිව බලාගන්න කියලා සාහිල් අයියයි ශවිරු අයියයි ආර්යන් අයියයි ඉතිරු වුණා..ඔතනින් හරියටම බැලුවොත් ආර්යන් අයියාට තමයි අරුන් දෙන්නවත් බලාගන්න වෙලා තියෙන්නෙ. ඒ තරම් විසයක් ශවිරු අයියටයි සාහිල් අයියටයි තිබ්බෙ. දැනුත් අර තනුජයාට තියෙනවා වගේ තුවක්කුවක් ගන්න ඕනෙ කියලා උන් දෙන්නා ගියා ගියාමයි දැන් විනාඩි පහක ඉදන් මිසින්.

හේශිත් අල පෙති ගේන්න ගිය ෆුඩ් ස්ටෝල් එක දිහා බලාගෙන මායි තනුජයයි හිටියේ හොඳ කයියක. මොකද අපි තුන් දෙනා මෙතනට එද්දි කපල් එකක් හොදට කුඩේකුත් ඉහළගෙන අපිට ලයිව් කටකන වැලක් පෙන්නුවා. මරු සීන් එක කියන්නෙ එවෙලෙ වහින්න තියා පොදයක්වත් ගියේ නෑ..අනික මේ හද්ද කලුවරේ කවුද කියහන්කො කුඩ ඉහළන්නෙ? ඊට වඩා මරු සීන් එක කියන්නෙ අපි උන් කටකනවා දැක්කෙත් කුඩේ හෙවනැල්ලාවෙන්..සියලු වෑයම් අපරාදේ ඉතින්. අනික මේ තනුජයා ඔක්කොටම වඩා හපන්. ඌ ඒක දැක්ක ගමන් ‘අඩෝ උබලා කට කන එක කුඩෙන් පේනවා’ කියලා මහා සද්දෙන් කියලා දැම්මා. රෙදි ඉල්ලේ නෙ ඉතින්..ඔය සීන් එකට ඊටපස්සෙ වටේ හියපු කට්ටියත් හිනා වෙන්න ගත්තා. පස්සෙ උන් දෙන්නා මුහුද පැත්තට පට්ට වේගෙන් ඇවිදන් ගියා..හැබැයි මට හිතෙන්නෙම ඒ ගියපු විදිහට උන් දෙන්නා රොක් පේපර් සිසර්ස් දාලා මුහුදට පනින්නැති. ඇයි යකෝ ඉතින් අමු නෝනිඩියනෙ.

ඔය අතරේ මන් මගේ ශර්ට් එක බෙල්ලෙ ගෑවෙන නිසා ඒකෙ බොත්තම් ඇරගන්න කියලා හිතන් අත ඉස්සුවේ ඒත් එක්කම මොකක් හරි රතු පාට දෙයක් මගේ ඇස් වලට අහු වෙද්දි.. ආහ්! ආර්යන් අයියා දුන්නු බ්රේස්ලට් එක. ඒක බ්රේස්ලට් එකක් කිව්වට ඝනකම නූලක්. ගාණට මගේ මැණික් කටුව හරියෙන් තද වෙලා ගිහින් තිබ්බ විදිහට ඒක මාරම විදිහට මගේ අතට ගැලපුණා..අනික ඒක රතු පාටත් හන්දා අමුතුම එළියක් මගේ අතට ආවේ..මම ඔය එක්කම ඒ රතු පාට කැටයම් ගියපු නූල දිගේ හෙමින් සැරේ ඇගිල්ලක් යවන ගමන් එකපාරටම මගේ පිටිපස්ස හැරුණේ ආර්යන් අයියාව බලාගන්නවුනු ඕනකමට..ආ අර ඉන්නෙ! එක අතකට පව් කියලත් හිතෙනවා අප්පා. ඇයි ඉතින් ශවිරු අයියලත් නැතුව අතනට වෙලා තනියමනෙ ඉන්නෙ..හැබැයි මොකක් හරි අවුලකින්ද?? තරහා ගිහින් වගේනෙ? මම ඒපාර ඇගිලිතුඩු වලින් ඉස්සිලා ආර්යන් අයියා දිහා ඇස් දෙකත් හීන් කරගෙන බැලුවා.

ඇහි බැමත් එකතු කරගෙන කාත් එක්කද මන්දා හෙන සීරියස් කෝල් එකක. ඊටත් වඩා කට තද වෙලා තිබ්බ විදිහට හකු දෙපැත්තෙත් ඉරි දෙක තුන මතු වෙලා තියෙනවා මට මෙතන්ට පේනවා..ඔය අස්සෙ එයා දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා දැනුන නිසාද කොහෙදෝ ආර්යන් අයියාත් එකපාරටම එයාගෙ ඇස් හැමතැනම අරන් යන්න ගත්තාම මම ඒ දිහා ඕනෑකමින් බලන් හිටියේ හරියට මේ සෙනඟ අස්සෙන් මාව හොයාගනීවිදෝ කියන සැකෙන්..මොකද මේ වෙලාවේ ෆුඩ් කෝට් එක පැත්තෙ මිනිස්සු කෑම ගන්න පොරබදිනවා. ඉතින් ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟක් ෆුඩ් කෝට් එක හරියේ පිරිලා හිටියා. ඒපාර ඇගිලිතුඩු වලින් ඉස්සිලා හිටපු මම ආයෙම කකුළ් දෙක හරියට බිම තිබ්බෙ දැන් ආර්යන් අයියාව මට යාන්තමට වගේ පෙනෙද්දි..හොයාගනීවිද මාව?

කෝල් එකේ කියවන ගමන් මුලු ෆුට් කෝට් එකේම ඇස් ගිනිච්ච ආර්යන් අයියා ටික වෙලාවකින් මන් ඉන්න හරිය බැලුවා.. ඒත් මන් හිතන්නෑ එයා මාව දැක්කා කියලානම්. මොකද මගේ ගාවත් හිටියේ ටිකක් උස මහත අයියලා ටිකක්..ඉතින් මට වුණත් ආර්යන් අයියාව හරියට බලා ගන්න නම් පොඩ්ඩක් විතර ඉස්සෙන්න වුණා..ඔය අතරේ සෙනඟ අස්සෙන් පීරගෙන ඇවිත් මාවත් පහු කරන් ගියපු ආර්යන් අයියාගෙ ඇස් ආයෙම තත්පරයක් යන්න කලින් ඇවිත් මා ගාවින් නතර වුණේ මාවත් ලාවට ගස්සවද්දි. මොකද ඒ තරම් එවෙලෙ ආර්යන් අයියාගෙ බැල්ම තදයි..මොකද්ද දන්නෑ ප්‍රශ්නෙ? මන් දිහා බලන් ඉද්දි ඒ බැල්මෙ තද බව අඩු වෙලා ගියත් මොකෝ තාමත් එයාගෙ එකට ලන් වෙලා තිබුණු ඇහි බැම නම් පොඩ්ඩවත් ලිහිල් වුණේ නෑ.

තාමත් කනේ ෆෝන් එක තියාගෙන මොන මොනාද කියව කියව මන් දිහා බලන් උන්නු එයා ඊටපස්සෙ එකපාරටම ලාවට ඔලුව උස්සලා ‘ඇයි’ කියලා ඇහුවම මම ටක්ගාලා නෑ කියන්න අනිත් පැත්තට ඔලුව වැනුවා..ඒත් මම ඔලුව වනලත් ආයෙම කරේ එයා දිහා දිගටම බලන් ඉන්න හිටපු එක. මොකද මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. තනුජයත් ඉන්සර්ග්‍රෑම් එකේ දාගෙන අද ගත්ත ෆොටෝස් ටික කොලාජ් එකකට ඇඩ් කර කර හිටියේ..ඒ මදිවට හේශිතයාත් අතනින් එන පාටක් පේන්නෑ. ඉතින් මන් කරේ දිගටම ආර්යන් අයියා දිහා බලන් හිටපු එක..ඔය විදිහට මන් මුකුත්ම නොකර දිගටම එයා දිහා බලන් හිටපු නිසාමද කොහෙදෝ ආර්යන් අයියාගෙ නළල තවත් එකතු වුණේ එයාගෙ ඇහි බැම මැද තිබුණු ඉරි දෙක තවත් එකතු වෙද්දි..ඒ පාර එයා ෆෝන් එක කනින් ඈත් කරලා පහළට දාගනිද්දි මන් මගේ දෙපැත්ත බලලා ටක්ගාලා මගේ ෆෝන් එක අතට අරන් ආර්යන් අයියාට මැසේජ් එකක් දැම්මා.

“Methanta enna”

මම ඒ ගමන්ම ඔලුව උස්සලා බැලුවාම දැක්කෙ දැනටමත් ආර්යන් අයියා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා.

“ආ මෙතනින් අල්ලපන් ඕක රස්නෙයි ඈ..” ආර්යන් අයියා දිහා බලන් ඉද්දි එකපාරටම අනිත් පැත්තෙන් ඇහුණු කටහඬ නිසා මම ඉස්සරහා හැරිලා බැලුවාම දැක්කෙ හේශිතයා අල පෙති කූරු පහක් උස්සන් ඉන්නවා. මම තිබ්බ පෙරේත කමට ඉස් ඉස්සෙල්ලාම අත දාලා බලන්නැතුව ඔහේ අහු වෙච්චි තැනකින් ඇල්ලුවෙ අනිත් පැත්තට මගේ අත හිරිවැටිලා යද්දි.

“ආව් ආව් ආව් ගනින් මේක!” එතකොට හේශිතයා ටක්ගාලා මගේ අතින් අර අල පෙති එක උදුරලා ගත්තාම මම මගේ පිච්චුන ඇගිල්ල කටට දාලා සූප්පු කරා..විසයි හුත්තෝ!

“හොඳ වැඩේ පගයට! කිව්වා තොට මන් අල්ලද්දි බලාගෙන කියලා!” ඒපාර හේශිතයා මගේ ඔලුවට පාරත් ගැහුවාම එතනින් ගියපු නන්ගිලා ටිකකුත් අපේ ගාවින් යන ගමන් මන් දිහා හැරි හැරි බලන්න ගත්තා. මොනාද දන්නෑ බලන්නෙ රෙද්ද! මුන්ටත් ඕන්නැති පකක් නෑ.

“ආ මෙතනින් අල්ලපන්!” මම ආයෙම පරිස්සමට හේශිතයා පෙන්නපු තැනින් අත දාලා අල පෙති එක අල්ලගත්තා.

“ආර්යන් අයියේ ආ ඔයාටත් ගත්තා එකක්.” අලපෙත්තක් කූරෙන් ඇදලා ගන්න ගමන් මම පිටිපස්ස හැරුණාම දැක්කෙ ආර්යන් අයියා මන් දිහා බලන් ඉදලා එකපාරටම අනිත් පැත්ත බලා ගන්නවා.

“කමක් නෑ මල්ලි ඔයාලා කන්න.”

“මොකක්? මේවා කන්නැද්ද? මොනාද ඕනෙ එහෙනම්?” හේශිතයයි ආර්යන් අයියයි කියව කියව ඉන්න අතරේ මගේ ඇස් දෙක ගියේ හේශිතයාගෙ අතේ තිබ්බ ආර්යන් අයියාගෙ අල කූරට..කන්නැත්තන් මට දෙනවකො.

“නෑ මල්ලි මට බඩගිනි නෑ..ඔයාලා කන්න.”

“ඒ..අවුලක් නැද්ද? වෙන මොනාහරි- ඕයි ශාක්‍ය! මේකටත් වැඩේ දෙන්න බලන් ඉන්නැතුව ආර්යන් අයියාගෙන් මොනාද ඕනෙ අහපන්කො!” මම කටට ඇදලා ගන්න හදපු අල පෙත්ත ආයෙම අතෑරලා දාලා ආර්යන් අයියා දිහා බැලුවා.

“මොනාද ඕනෙ?” ඒ එක්කම ආර්යන් අයියා කොහෙන්ද මන්දා ආපු කැස්සක් අරගෙන වෙනාතක් බලා ගත්තාම මම ඇහි බැම දෙක ලන් කරගත්තා. ඒ මොකද ඒ?

“මට බඩගිනි නෑ ආදිල්. මගේ එකත් ඔයාම කන්න මට එපා.” අන්න අන්න ඔය ඉන්නෙ නියම කොල්ලෝ! මම ආර්යන් අයියා දිහා බලලා දත් තිස් දෙකම දාලා හිනා වුණේ අනිත් පැත්තට හේශිතයා අතේ තිබ්බ අනිත් අල කූරත් ඇදලා ගනිද්දි..

“තැන්ක්‍යූ ඈ-“

“අනාව්ව් මට කන්න අලපෙති ගෙනත් හිච්චි ඇටයා- අම්මට යකෝ! ඌයි ඌයි-” අර බලපන් ඉතින්..ගත්තා විතරයි අර ශවිරු පගයා ඇවිත් ඒක උදුරුගෙන තත්පරයක් ගියේ නෑ බිම දැම්මා.

ඒ එක්කම හේශිතයා අර බිම වැටිච්ච අල කූර අරන් අපිට ටිකක් ඈතින් තිබ්බ ඩස්බින් එකට ඒක විසි කරලා ආවේ අපි ඒ දිහා සද්ද නැතුව බලන් ඉද්දි..මොකද පොරගෙ මූණ දැක්කම තේරෙනවා අම්බානෙකට තද වෙලා ඉන්නෙ කියලා.

“නිවුනාම ඇහිදගෙන කාපන්.” අම්මසිරි..මම ඒගමන් ශවිරු අයියා දිහා බලලා තොල තදින් හපාගත්තෙ කටින් ආපු හිනාව නවත්තගන්න. ශවිරුවාගෙ මූණ දැක්කම තමා ආතල්. කෙහෙල් ලෙල්ලක් වගේ ඇකිළිලා ගිහින් මට දකිද්දිත් හිනා යනවා. ඒ මදිවට සාහිල් අයියා තනුජයාගෙ කරට අතකුත් දාගෙන තොල උඩින් ඇගිල්ලක් එහෙ මෙහෙ යවන ගමන් ශවිරුවා දිහා බලන් කෙන්ඩියට හිනාවෙනවා..අනේ ඉතින් අපේ ඔට්ටපාලු තනුජයා ඇස් දෙකත් ලොකු කරන් ශවිරුවා දිහායි හේශිතයා දිහායි ෆුල් කන්ෆියුස්ඩ් වෙලා බලන් ඉන්නවා..මූ එක්කෝ මේ ලෝකෙ ජීවත් වෙන එකෙක් නෙමේද කොහෙද.. ඒපාර මම ආර්යන් අයියා දිහා බැලුවා..එයාට නම් ඉතින් දැන් මුන් ටික මෙතන බෙලි මිරිකගත්තත් ගාණක් නෑ. පොර පොරගෙ පාඩුවේ වෙන දේ දිහා බලාගෙන අනිමිසලෝචන පූජාව..එතකොට මන්? මන් ඉතින් වෙන මොනා කරන්නද මගෙ අල කූර කාගෙන අර ඕපෙත් අහගෙන සාමයෙන් සතුටින් හිටියා.

“ඒ අපරාදෙනෙ බන් අරක..”

“ඒක තමයි කිව්වෙ නිවුනාම ගිහින් ගනින් කියලා.”

“මේ මේ සද්දෙ අඩු කරගනින් පොඩි එකා. මේ බලපන් මගේ අතේ තියන භාණ්ඩේ..කටට ඔබන්නෙ දැනගනින්.” ශවිරු අයියා අර තුවක්කුවේ ට්‍රිගර් එක බොරුවට ඇද ඇද හේශිතයා ගාවට ගේද්දි හේශිතයා ඒකෙ වතුර තියනවා කියලා හිතාගෙන ඇස් දෙක හීන් කරගන්න විදිහ මන් මගේ අල කූරේ තිබ්බ අන්තිම අල පෙත්තත් කටට ඇදලා ගන්න ගමන් බලන් හිටියා..සිරාවටම මුන් සෙට් එක කින්ඩර්ගාඩ්න් එකකට දැම්මොත් කීයක් ගනීවිද?

“විදපන්කො අයියේ බලන්න..තෝ අද නිදාගන්නෙ එළියෙ!”

“පුලුවන් දෙයක්-“

“හා හා ඇති ඇති දැන්! ඒව්ව් මන්දා ශවිරු..තොටත් පොඩි එකෙක් හරි කමක් නෑ යනවා ඇරගන්න.” ශවිරුවා ගේමට වගේ තුවක්කුව දික් කරන් ආවම හේශිතයාත් උගේ අර අල කූර ශවිරු අයියාට දික් කරන් එද්දි සාහිල් අයියා ටක්ගාලා මැද්දට පැනලා ශවිරු අයියාව පිටිපස්සට ඇදලා ගත්තා. අනික දැන් වෙද්දි අපි වටේට හිටපු ටික දෙනෙකුත් මේ වෙන දේ දිහා බලන් ඉන්නවා මට ලාවට වගේ පෙනුනා..බලන්නැද්ද ඉතින් මුන් ආතල් එකට කියවන් යන්නෙත් අර දාර වලියක ඉන්නවා වගේනෙ.

ඔහොම ඔහොම අපි කාර්නිවල් එකේ දිගටම ඇවිද ඇවිද ඉස්සරහට ගියේ ඒගමන්ම හැම ප්ලේ ස්ටේශන් එකකටමත් හොම්බ දාන්න අමතක නොකර. හැබැයි දැන්නම් කාර්නිවල් එකේ බලන්න දේකුත් නැති තරම්..ඒත් අපි නම් මේ රවුම් ගගහා කාලේ කන්නෙ එකොළහට පටන් ගන්නවා කිව්ව මියුසිකල් එකට ඉන්න..ඒමදිවට දැන් එන්න එන්නම මියුසිකල් එක බලන්න කිට්ටයත් පිරෙන ගමනුයි හිටියේ. සෙනඟ කියන්නෙ පුදුම සෙනඟක්! මට ඇහුණා සාහිල් අයියාත් අද හවස කියනවා සමහර අය මියුසිකල් එක නිසාම එන කතාවක්. ඔව් ඉතින් උනුත් ආවේ එකටනේ..ඒත් අනේ මන්දා. අද මට මියුසිකල් එකක් බලන්න තරම් මූඩ් එකකුත් නෑ..ඊටත් වඩා ආර්යන් අයියා මාව කොහේද මන්දා එක්ක යන කතාවකුත් කිව්වනේ.. ඒත් මන් නම් හිතන්නෑ අද අපිට එයා එක්ක යනවා කිව්ව තැනට යන්න පුලුවන් වෙයි කියලා. මොකද දැන් වෙලාවත් දහයයි කාලයි..දැන් ඉතින් මෙච්චර රෑ වෙලා කොහේ යන්නද?

මම ඉස්සරහට අඩියක් යැවෙන්නැති සෙනඟ අස්සෙන් එබිලා බැලුවේ අපිට තව කොච්චර දුරක් මියුසිකල් එකේ එන්ට්‍රින්ස් එකට ගාවට තියෙනවද කියලා බලන්න ඒත් ඉස්සරහින් එතපාරටම ආපු පුශ් එකත් එක්ක අපි සේරම පිටිපස්සට විසිවෙන්න ගියත් මාව වැටෙන්න නොදී බේරුණේ පිටිපස්සෙන් ආපු අතක් මගේ බියසෙප් එක වටේ තදට එතුණු නිසා.

“පොඩ්ඩකට ෆෝන් එක අතට ගන්න.” මම ඒ එක්කම කන ගාවින් ආපු කටහඬ නිසා ලාවට බෙල්ල පැත්තකට කලේ ආර්යන් අයියාගෙ කටහඬ නිසා මට ආපු කිතිය මගෑරගන්න.. අනිත් පැත්තට මම මුකුත් නොවුණු ගානට ආර්යන් අයියා කිව්වා වගේම මගේ ජීන් එකෙන් ෆෝන් එක අරන් වට්ස්ඇප් ඕපන් කරගත්තෙ තාමත් ආර්යන් අයියාගෙ අත මගේ බයිසෙප් එක වටේට එතිලා තියෙනවා ඇස් කොණිනුත් නෝට් කරන ගමන්.

“Musical eka balanna oneda?”

“Mata mood ekak nah appa.”

“Ay eh?”

“Crowded!”

“Hmm. Enawada ehenam?”

“Haaa”

මම කටට ආපු හිනාව අනිත් අයට පෙන්නගන්න ඕන නැති නිසා තදින් තොල හපාගත්තෙ ආයෙම ඉස්සරහා බලන ගමන්.. හොඳ වෙලාවට ආර්යන් අයියා පිටිපස්සෙ හිටියේ. නැත්තන් ඉතින් මන් පුපුරලා යයි..ඒගමන ආයෙම ආපු මැසේජ් එක නිසා මම ෆෝන් එක දිහා බැලුවා.

“Ehenam yaluwo dennata kiyanna poddakata eliyata ynw kiyala.”

මම තම්බ්ස් අප් එකක් දාලා ෆෝන් එක ලොක් කරන ගමන් ආපහු ඒක සාක්කුවට දාගත්තෙ හෙමින් සැරේ හේශිත්ලා දිහා බලන ගමන්.

“ඕයි මේ..මම පොඩ්ඩක් එළියට යන්නද?” ඒ එක්කම හේශිත් මන් දිහා බය වෙලා වගේ බැලුවේ ‘උබට පිස්සුද’ වගේ ලුක් එකක් දෙන ගමන්.

“ට්‍රැක්ද මේ සෙනඟ අස්සෙ-“

“ආර්යන් අයියා එක්ක යන්නෙ..මට සිරාවටම මූඩ් එකක් නෑ බන් අද මේක බලන්න..අනික එයා මාව වෙන තැනකට එක්ක යන්නම් කිව්වා.” ඒපාර හේශිත් මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ලාවට ඔලුව වැනුවේ හා කියන්න වගේ..මන් දන්නවා පොර වුණත් ශොක් වෙන්නැති මන් එකපාරටම එහෙම දෙයක් අවුලක් නැතුව එයා එක්ක කිව්ව ගැන හිතලා..

“හරි පරිස්සමෙන් පලයන්..ෆෝන් එකේ බැට්රි තියේද?” මම ඒ ගමන වේගෙන් ඔලුව වැනුවේ හේශිතයාට ලාවට හිනාවක් කටින් පනිද්දි.

“හා හා පලයන් එහෙනම්.” මම ඒගමන තනුජයා හිටියේ මට ටිකක් දුරින් හින්දා ඌටත් ඒගමන්ම විස්තරේ කියන්න කියලා හේශිත්ට කියන ගමන් එතනින් එන්න ආවේ ශවිරු අයියාගෙයි සාහිල් අයියාගෙයි අමුතුම ටෝන් එකේ විසිල් පාරත් නෝට් කරගෙන..ඒ කෝකටත් කියලා මන් ආයෙම උන් දෙන්නා දිහා බලන්න ගියේ නෑ. ඔහේ කමක්නෑ. ඉදපන්කෝ උබලා දෙන්නා මන් එනකල්.

මායි ආර්යන් අයියයි කොහොම හරි සෙනඟ අස්සෙන් රින්ගලා හෙන ගේමක් දීලා එළියට පැනගත්තෙ අම්බානෙක දාඩියත් පුරෝගෙන..ඔන්න ඕවා නිසා තමා මට මියුසිකල් එපා වෙන්නෙ. මේ තැලෙන පොඩි වෙන එක ඇරෙන්න අනිත් ඔක්කොම ෆන්. ඒ  කොහොම වුනත් අද නම් මට මියුසිකල් එක බලන්න කිසිම වුවමනාවත් තිබුණේ නෑ..මන් හිතන්නෙ ඒකට ලොකුම හේතුව ආර්යන් අයියා කල් තියාම මට කොහෙද මන්දා එක්කන් යනවා කියලා කිව්ව නිසා වෙන්නෝන..ඒ එක්කම මන් මගේ එහා පැත්තෙන් මහා පර්වතේ වගේ ඉස්සරහට ඇදෙන ආර්යන් අයියා දිහා බැලුනා..එක අතක් සාක්කුවටත් දාගෙන අනිත් අත ඉස්සරහට පස්සට වන ගමන් හරියට දාහකට නෙලන්න වගේ ඇවිදිද්දි මට මතක් වෙන්නෙම අර ටැමිල් ෆිල්ම් එකක මේන් කැරැක්ටර් එක ගහගන්න සීන් එකකට එන්ටර් වෙන්න යනවා වගේ ෆීලින් එකක්- නෑ හැබැයි..උන් වගේ ඩ්‍රමැටික් නෑ ආර්යන් අයියාගෙ වෝක් එක. ඒක තනිකර ***** හෙඩ් බෝයිට විතරක් ආවේණික වෝක් එකක්.

ආ ආ ඔය ඉතින්..මේ මොකද? අපි දෙන්නව පහු කරන් යන කෙල්ලො දෙතුන් දෙනෙක් මන් දිහායි ආර්යන් අයියා දිහායි හැරි හැරි බලන්න ගත්තම මාත් එයාලා දිහා බැලුවේ ‘මොකද්ද ප්‍රශ්නෙ’ කියලා අහන්න වගේ..ඒ එක්කම මට ආයෙම ඉස්සරහා බැලුනේ මගේ ශර්ට් එකේ පැත්තක් තද වෙච්චි නිසා. මන් මගේ පපුව හරියේ බොත්තමක් අල්ලන් හිටපු දිග ඇඟිලි දිහා බලලා ඒගමන ආර්යන් අයියා දිහා බැලුවාම එයා ඒ වෙද්දිත් මගේ ශර්ට් එක දිහා බලාගෙන හිටියා..ආයෙමත් අර තද බැල්ම. ඒපාර මට ආයෙම මගේ ශර්ට් එක දිහා බැලුනේ එයා මගේ පපුව හරියට වෙනකල් ඇරිලා තිබ්බ ශර්ට් එකේ පියලි දෙකම අල්ලලා එකට ලන් කරපු පාරට.

“ඔය බට්න්ස් ටික දාගන්නවා මගෙන් මුකුත් අහගන්නැතුව.”

“දාඩිය නිසා ගැලෙව්වෙ.”

“ඒත් මෙතන එපා. අතන්ට ගියාම ආයෙ ගලවගන්න.”

මම ඔලුව වනලා බොත්තම් ටික හෙමින් සැරේ දාගන්න ගත්තා. මොකද මට තේරුණා ආර්යන් අයියා ඒක කියපු හේතුව..ඔය අස්සෙ බොත්තම් ටික දාගන්න ගමන් මාව එකපාරටම කාගෙද මන්දා ඇගේ හැප්පුණු පාරට ටිකක් ඉස්සරහට තල්ලු වුණා.

“සොරි අයියේ මන් දැක්කෙ නෑ.” මම ඒ කෙල්ල දිහා බලලා ලාවට ඔලුව වනලා මගේ එහා පැත්ත දිහා බැලුවා. මොකක්?? කෝ මෙයා..? දැන් මේ තත්පරේකට කලින් හිටියානෙ! මම කලබලෙන් බොත්තම් දාන එකත් නවත්තලා වටපිට බලන්න ගත්තෙ මේච්චර වෙලා මගේ එහා පැත්තෙ උන්නු ආර්යන් අයියා එකපාරටම අතුරුදහන් වෙලා කියලා තේරුම් යද්දි. අඩුම වටපිට බැලුවම ලඟ පාතකවත් නෑ..එච්චර ඉක්මණට කොහේ ගිහින්ද? මළ මඟුලයි! ආයේ යන්නවත් මන් පාරක් තියා මෙහෙ බලු බල්ලකේ අදුරන්නෑ.

මම ඒගමන මගේ තොල තදින් හපාගෙන පාරෙන් ටිකක් අයින් වෙලා පේමන්ට් එකට නැග්ගෙ ඉස්සරහට පස්සට කලබලෙන් යන මිනිස්සු මගේ ඇගේ වදින්න ගත්ත නිසා..ශිට්! එයා මාව මෙතන දාලා ගියාවත්ද? ඒත් මන් මුකුත් කරේ නෑනෙ එයාට මට එහෙම කරන්න? අයිශ්!! මම ටක්ගාලා මගේ ජීන් එකේ සාක්කුව අස්සට අත දැම්මා. ඒ අස්සෙ මේ රෙද්දෙ ෆෝන් එක එළියට එන්නෙත් නෑ! මම තරහට සාක්කුවෙන් එළියට එන්නැති ෆෝන් එක තවත් හයියෙන් ඇදලා ගත්තේ අනිත් පැත්තට තත්පරයක්වත් නාස්ති නොකර ආර්යන් අයියාට කෝල් එකක් ගනිද්දි..රින්ග්ස් එකයි..දෙකයි…තුනයි…හතරයි…….අටයි- à·„à·„à·Š කට් කරේ මොකද?

“ඇයි මන් කිව්ව තැනට ආවෙ නැත්තෙ?” මාව ගැස්සිලා ගියා.

“කොහෙද ඕයි අයියේ ගියේ?! මන් හිතුවේ තමුසෙ මාව මෙතන දාලා ගියා කියලා! බයත් වුනා රෙද්ද!” පේමන්ට් එකේ මගේ දිහා දාඩියත් පෙරාගෙන හිටපු ආර්යන් අයියා දිහා බලාගෙන මන් බැනගෙන බැනගෙන ගියේ ආපු තරහට. ඇත්තටම දැන් තමයි මන් උඩට අල්ලන් හිටපු හුස්ම පහළට අතෑරියේ..මොනා කරනවද මන්දා..ඇයි යකෝ බය වෙන්නැද්ද මෙහෙම දන්නැති පැත්තක එකපාරටම සෙනඟ අස්සෙ අතරමං වෙද්දි??

“මන් යන්න කලින් කියලනෙ ගියේ අර ෆුඩ් ස්ටෝල් එක ගාවට එන්න කියලා.” ආර්යන් අයියා ඇගිල්ල දික් කරලා අර එක එක බයිට්ස් තිබ්බ ස්ටෝල් එක පෙන්නුවම මන් නිකන් මොකාද වගේ ඒ දිහා බලන් ඉදලා ශේප් එකේ ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා. ආ..එහෙමත් කියලද? හෙහේ හරි ඉතින් ඇහුන්නෑනේ..මන් දන්නෙ කොහොමද? ඒ පාර මන් දැක්කා ආර්යන් අයියාගෙ ඇස් දෙක මගේ ඇස් දෙකේ ඉදන් පහළට ගිහින් මගේ පපුව හරියෙන් නවතිනවා.

“මන් කියලත් ගියේ ආදිල් තමුසෙට ඕක දාගන්න කියලා- කෝ මේක අල්ල ගන්නවා.” ඒ පාර ආර්යන් අයියා මගේ බඩට මොකද්ද මන්දා පැකට් එකක් තියලා තද කරලා එකපාරටම අතෑරියේ මන් ඒක අනිත් පැත්තට අල්ලගනිද්දි..කසාවා චිප්ස්?? එතෝට එයා මට ජිරිබිරිස් ගන්නද ගියේ? මන් පැකට් එක දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි එකපාරටම මට ආර්යන් අයියා දිහා බැලුනේ එයාගෙ අතේ ඇගිල්ලක් මගේ පපුවේ ඇවිත් වැදුනු පාරට..

“අපි දැන් කොහෙද යන්නෙ?” මම එකපාරටම දැණුනු ලැජ්ජාවටයි හිතට දැණුනු අමුතුම සතුටටයි එයාට මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරුව ඒ ප්‍රශ්නෙ ඇහුවා. මොකද මට මේ වගේ වෙලාවල්වලදි හැසිරෙන්න ඕනෙ කොහොමද කියලා තාමත් හිතාගන්න බෑ..ඒකත් ආර්යන් අයියා එක්කලා ඉන්දැද්දි මන් අමුතුම කැරැකටර් එකක්. හරියට කිසිම දෙයක් දන්නැති පොඩි එකෙක් වගේ.

“බීච් එක ගාවට.”

අපි දෙන්නා ගෝල් ෆෝට් එකේ කෙලවරටම වෙන්න තිබ්බ ගල් බැම්ම ගාවට ඇවිත් ඉදගන්න පුලුවන් තැනක් හොයන්න ගත්තා.

“ඒ මෙහ්..මෙතන හොඳයි නෙ?” මම ලස්සනට වාඩිවෙන්නම මැවිලා තිබ්බ පැතලි ගල් දෙකක් පෙන්නලා ආර්යන් අයියා දිහා බැලුවා.

“ඔය හරියේ වාඩි වෙන්නෙපා කියලා දාලා නේ?” ඒ එක්කම ආර්යන් අයියා මගේ පිටිපස්සෙ තිබ්බ තැඹිලි පාට බෝඩ් එකකට ඇගිල්ල දික් කරලා පෙන්නුවම මම ඒ දිහා බලලා ඇස් දෙක රෝල් කරා.

“ඉස්කෝලේ පාර දෙපැත්තෙ පොලිස් අන්කල්ලා එපා කියද්දි වාඩි වෙලා ඉන්න හොඳයි..මෙතන තමා කැටයම් නෙහ් අයියේ?” ඒගමන ආර්යන් අයියා කට කොණින් හිනා වෙලා මගේ නළල ගාවට වේගෙන් අත උස්සලා ඇගිල්ලෙන් ටොක්කක් ඇන්නා.

“ආව්! රිදානවා අප්පා ඔය මඟුල කරාම!”

“එහා පැත්තෙ ගලෙන් වාඩිවෙනවා ඉතින්.” මම ඒ ගමන ආර්යන් අයියාට හොඳැවින් දෙකක් රවලා එයාට වාඩි වෙන්න කියලා පළවෙනි ගල තියලා මම අනිත් පැත්තෙ එකෙන් වාඩි වුණා.

මෙතන නම් මරු..අර කලින් වගේ දාඩියත් නෑ. හුළඟයි මුහුදු රැළියි නිසා පට්ට සනීපයක් දැණුනේ…මම ඒ ගමන්ම මගේ ශර්ට් එකේ බොත්තම් දෙකක් පන්නගන්න ගමන් මගේ එහා පැත්තෙන් වාඩි වුණු ආර්යන් අයියා දිහා බැලුවා. එයා ඉස්සහරට බර වෙලා ගල් බැම්මෙ ඇවිත් වදින රැළි දිහා බලන් ඉද්දි මම කලේ අත් දෙක පිටිපස්සට දාලා බර වෙන ගමන් අහස දිහා බලපු එක. සිරාවටම මෙතන නම් මරු..මන් ඒගමන ආයෙම ඉස්සරහට බර වෙලා මගේ කකුළ උඩ තිබ්බ ෆෝන් එක අතට අරන් කැමරා එක ඔන් කරගත්තෙ හඳ ලඟින්ම සැරට දිස්නෙ ගගහා දිළිසෙන තරුවෙ ෆොටෝ එකක් ගහගන්න..ම්ම් ඔය ඉන්නෙ ලස්සනට.

මම ඒ එක්කම තාමත් කරබාගෙන මුහුදු රැළි දිහා බලන් ඉන්න ආර්යන් අයියාගෙ මූණේ පැත්තක් වදින විදිහට ෆොටෝ එකක් අරන් ඒක දිහා තත්පර ගාණක් බලන් උන්නා.. ඔය ඉන්නෙ අටපට්ටමක් වගේ ලස්සනට. අනික දැන් එයාගෙ අර කලින් මූණෙ තිබ්බ තද ගතියත් පේන්න නෑ..මම ඒ එක්කම ගැලරි එකට ගිහින් අර කලින් ගත්ත අහසේ ෆොටෝ එකයි ආර්යන් අයියාගෙ ෆොටෝ එකයි මගේ ෆේවරිට්ස් වලට දාගෙන ෆෝන් එක ආයෙම කකුළ අඩින් තියාගත්තෙ පිටිපස්සට බර වෙන ගමන්..

වෙන තැනක මුහුද මේ වෙලාවට බලන්න ගියොත් ඇත්තටම කිසිම දෙයක් පේන්නෙ නෑ..ඒ තරම් කලුවරයි. ඒත් මෙතන නම් තැනින් තැන දාලා තිබ්බ ලයිට් නිසා මුහුද පෙණුනේ පට්ටම ලස්සන විදිහකට…තැනින් තැන පත්තු වෙලා තිබ්බ ලයිට් එළි වල ඡායාව වතුර උඩට වැටිලා තිබ්බ විදිහට මට පෙණුනෙ හරියට මුහුදේ හඳවල් ගොඩක් පායලා වගේ..ඒච්චරට ලස්සනයි.

“ඔයා මෙතනට කැමතිද?”

ඒ එක්කම මාව ගැස්සිලා ගියේ ආර්යන් අයියා එකපාරටම කතා කරපු නිසා..අනික එයා කොයි වෙලාවෙද මන් දිහා බලන් හිටියේ?? මම මගේ එහා පැත්ත බැලුවම දැක්කෙ ඉස්සරමට බර වෙලා හිටපු ආර්යන් අයියා මන් දිහා බලන් ඉන්නවා..

“ම්ම්..ඔයා?” ඒ ගමන ආර්යන් අයියා හෙමිහිට ඔලුව වැනුවා.

“ගොඩක්.”

ඒක කිව්වම මට ඇත්තටම තවත් ඒ ගැන දැනගන්න ආස හිතුණා..එයා තව මොනාටද දන්නෑ මේ වගේ ආස? මන් ආර්යන් අයියා ගැන දන්නෙ හෙනම පොඩි දේවල් ටිකක් විතරයි..ඇරත් මට ඒවා ගැන අහන්නවත් චාන්ස් එකක් ආපු නැති නිසා මට ඇත්තටම දැන් ඒ ගැන අහන්න වුවමනාවක් ආවා.

“නිතරම එනවද?”

“හ්ම්..පොඩි කාලේ මායි අත්තම්මායි සීයයි නිතරම බීච් එකට එනවා රැල්ල පාගන්න.” මම ආර්යන් අයියාට දිගටම කතා කරන්න කියලා සද්ද නැතුව අහන් ඉන්න කොට එයා එකපාරටම  හිටපු තැන ඉදලා මන් හිටපු හරියට වෙනකන් පස්සට ඇවිත් ඉදගත්තේ මම දැනිච්ච සනීප ගතියට ආයෙම මුහුද දිහා බලා ගනිද්දි..ආර්යන් අයියා ගාව මාරම රස්නෙයි.

“අපේ මහා ගෙදර සීයා සර්ෆින් කරන ෆොටෝස් අත්තම්මා හැමතැනම එල්ලලා තියෙන්නෙ. ඉතින් ගෙදරට එන එන අයට එයා ඒවා පෙන්නනවා.”

“සීයා සර්ෆින් කරපු කෙනෙක්ද?” මම ඒක අහන්න ආර්යන් අයියා  දිහා බැලුවම එයා මන් දිහා බලලා ලාවට හිනා වෙද්දි මට එයාගෙ ඇස් අර කදුළු පටලෙට දිලිසෙනවා පෙණුනා. එයා එයාගෙ සීයටයි අත්තම්මාටයි ගොඩක් ආදරේ ඇති ඒ කියන්නෙ. ඊට වඩා මට ආර්යන් අයියාව මේ විදිහට දැක්කම මොකද්දෝ අමුතු ලෝභ හැඟීමක් එනවා. හරියට නිකන් එයාව ගොඩක් පරිස්සම් කරගන්න ඕන දෙයක් වගේ කියලා මට හිතෙන්නෙ. එතකොට මට එයාව අල්ලලා මගේ සාක්කුව අස්සට ඔබාගන්න හිතෙනවා.. එහෙම කරාම කාටවත් එයාට මුකුත් කරන්න බෑනෙ..අනික ලස්සන දේවල් හැන්ගිලා තියෙද්දි තමා වටින්නෙ. සිරාවටම එහෙම කරා නම් කොහොමට තියෙයිද? ඉදීවි නිකන් අර නන්ගිගෙ කාමරේ එයා හැමදාම කුණු ගෑවෙන්නැතුව පරිස්සම් කරන් ඉන්න පුළුන් හාවා වගේ.. මම ඒ පාර ආයෙම මුහුද දිහා බලන ගමන් හෙමින් සැරේ ආර්යන් අයියාට හේත්තුවක් දැම්මා.

“හ්ම්..සීයාට ට්‍රෝෆීස් ගොඩක් තියෙනවා ආදිල් සර්ෆින් කරලා..මම හරි ආසයි පොඩි කාලේ සීයා ඔය සර්ෆ් කරන්න ගිහින් කරගත්ත වැඩ අත්තම්මාට කියලා අහගන්න.”

“එතකොට ඒකද ඔයත් බීච් එකට ආසා? ඔයත් සර්ෆින් කරනවද?” මම ආර්යන් අයියාට හේත්තු වෙලා හිටියට මම එයාට මගේ මුලු ඇගේම බර දැම්මෙ නෑ..ඒ හන්දා මට ටික වෙලාවක් යද්දි මගේ ඉණ පැත්තෙන් හිරි වැටෙන්න පටන් ගත්ත නිසා මම ආර්යන් අයියාගෙන් ඈත් වෙන්න කියලා හැදුවත් මගේ කර වටේට ගියපු අතක් නිසා මාව නිකන්ම ගිහින් එයාගෙ උරහිසට තද වුණේ මට උන් හිටි තැන් අමතක වෙද්දි..

“ටක්ගාලා අල්ලගත්තා නේ?” මම ඒ පාර ආර්යන් අයියා දිහා ඔලුව උස්සලා බැලුවා.

“ඒ කිව්වෙ?”

“ඔයාට ඉක්මණට දේවල් තේරුම් යනවා ආදිල්..මන් ඔයාගෙ ආසමත් අන්න ඒකට.”

“ආ එච්චරද එතකොට..ඔන්න ඕකයි තත්වෙ.”

ආර්යන් අයියා ඒක මගේ මූණට එබිලා කිව්වාම මට නිකන් දැණුනෙ මාව කරකවලා අතෑරියා වගේ..අනික දැන් කලින් වගේ මට මගේ මූණ හන්ගන්නත් බෑ. මොකද ආර්යන් අයියාට තියෙන්නෙ යන්තම් බෙල්ල හරවන්න විතරයි..ඒ තරම් අපි දෙන්නා හිටියේ ගොඩක් ලඟින්. එතකොට මට ඒවගේ වෙලාවල් වලට හැසිරෙන්නෝන විදිහ තේරෙන්නෙත් නෑ..මම ඉතින් පිස්සෙක් වගේ හිනා වෙන්න බැරි හන්දා බොරුවට මොන්ගල් කතාවක් කියලා දැම්මා. නැත්තන් ඉතින් වෙන මොනා කරන්නද?

“ඒවා තමුසෙට වැඩක් නෑනෙ මැට්ටස්.”

“ආව් අප්පා! තමුසෙගෙ වැඩේම මට ගහන එක..” මම නළලට අත තියාගන්න ගමන් මගේ උරහිස උඩ තිබ්බ ආර්යන් අයියාගෙ අත උඩින් ඇගිලි පහම තියලා තද කරා…කොහෙද ඉතින් කරාට මේ යකාට රිදෙනවැයි ඕවා. අඩුම මන් ඇල්ලුවාවත් දැනුනද මන්දා.

“මේ එක නෙමේ..තමුසෙට හොබීස් කීයක් තියෙනවද අයියේ? ඇයි යකෝ අහන අහන එක කරනවනෙ.” ඒ පාර ආර්යන් අයියාට බකස් ගාලා හිනාවක් පැන්නා..කනත් ඉවරයි. ඇයි ඉතින් මූ හිනා වෙද්දිත් නිකන් සිංහයෙක් ගොර ගොර ගානවා වගේ.

ඊටපස්සෙ ආයෙම අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ. ඇත්තටම මට ආර්යන් අයියා එක්කලා ඉද්දි අමුතුවෙන් හෑලි කියවන්න ඕන වුණේ නෑ..එයා එක්ක ඉන්න එකම මට දැනෙන්නෙ නිකන් කතා කරනවා වගේ. මම පහළට එල්ලෙන මගේ කකුළ් දෙක හෙමින් සැරේ ඉස්සරහට පස්සට වනන්න ගත්තා..සිරාවටම මෙහෙම හැමදාම ඉන්න තියෙනවා නම්.

“මතකද මන් එකපාරක් ඔයාට කිව්වා මන් ෆොටෝස් ගන්න ආසයි කියලා?” මුහුද දිහා බලාගෙනම මන් හෙමින් සැරේ ඔලුව වැනුවා.

“හ්ම්..ගමිදු අයියාගෙ බත්ඩේ පාටි එක දවසෙ.” මම දිගටම මගේ කකුළ් දෙක ඉස්සරහට පස්සට වනන්න ගත්තෙ ආර්යන් අයියා දැන් ඉන්නෙ මන් දිහා බලාගෙන කියලා මට ඇස් කොණින් පෙණුන නිසා.

“හ්ම්..ඒ අත්තම්මා නිසා.” ඒ පාර මම කකුළ් දෙක වනන එක නවත්තලා දාලා ආර්යන් අයියා දිහා බැලුවා.

“අත්තම්මා ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද?” එතකොට එයා ඔලුව වැනුවා..යකාගෙ පවුලක්නෙ මේක.

“හ්ම්..සීයයි අත්තම්මායි සෙට් වෙලා තියෙන්නෙත් ඔන්න ඔය දෙක නිසා. අත්තම්මා සීයා සර්ෆ් කරද්දි ෆොටෝස් අරන් ඒවා ආටිකල් එකක දාලා..”

“අම්මට සිරි..ඊටපස්සෙ?”

“හ්ම්..මාත් ශොක් වුනා ඒක අහලා. ඊටපස්සෙ සීයාට තද වෙලා ඉතින් එහෙම අහන්නැතුව දාපු නිසා..පස්සෙ සීයා අත්තම්මාව එයාගෙ කම්පැනි එකට ගෙන්නගෙන බනින්න කියලා හිතන්. සීයා දැනගෙන ඉදලා නෑ ඒ ෆොටෝග්‍රැෆර් කෙල්ලෙක් කියලා..එයා හිතලා තියෙන්නෙ ඒ කොල්ලෙක් කියලාලු. පස්සෙ අත්තම්මා සීයාගෙ කම්පැනි එකට ආවාට පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ ඒ කෙල්ලෙක් කියලා.”

“ඉතින් එහෙමද සෙට් වෙලා තියෙන්නෙ?” ආර්යන් අයියා හිනාවෙන ගමන් ඔලුව වැනුවා.

“ඔයා දැකලා නෑනෙ ආදිල් අත්තම්මා තරුණ කාලේ..පට්ට ලස්සනයි. සීයටත් ඉතින් දැක්ක ගමන් හිත ගිහිල්ලා..අනික ඒ දවස් වල සීයට විසි හතයි අත්තම්මාට විසි පහයි.”

“එතකොට අත්තම්මා? එයා සීයාට කැමති වෙලාද?” එතකොට ආර්යන් අයියා කට අග පැත්තට යවන ගමන් හිනා වුණා.

“එයා ලේසියෙන් කැමති වෙලා නෑ..අනික ඒකාලේ අත්තම්මා සීයාට පට්ට රැග්ලු දීලා තියෙන්නෙ. මොකද අත්තම්මා හිතලා තියෙන්නෙත් සීයා හැමෝම වගේ එයාගෙ ලස්සනට වහ වැටිලා පස්සෙන් එනවා කියලා.”

“ඉතින් ඇත්තනෙ.” ඒ පාර ආර්යන් අයියා හිනා වෙලා ඔලුව වැනුවා.

“මුලදි එහෙම තමාලු..ඒත් පස්සෙ පස්සෙ සීයා මාරම සීරියස් වෙන්න අරන්. එකපාරක් අත්තම්මා එපා කියද්දි සීයා එයා පස්සෙ ගිහින්..පස්සෙ අත්තම්මාගෙන් කනේ පාරකුත් කාලා.”

“අඩේ අයියේ අත්තම්මා පට්ටනෙ.” ආර්යන් අයියාගෙ එවෙලේ හිනාව නිසා ඇහැ ඇගත් ලාවට ඉරි දෙක තුනක් ගිහින් තිබ්බා.

“හොඳම හරිය කියන්නෙ ඔය කාලෙදි තමයි සීයාට ප්‍රපෝසල් එකකුත් ඇවිත් තියෙන්නෙ. අනික ඒ දවස් වෙද්දිලු සීයා හරියට අත්තම්මා එක්කලා කතා කරන්නත් අරන් තිබ්බෙ. එතකොට ඒ දෙන්නා ඉදලා තියෙන්නෙ ටෝකින් ස්ටේජ් එකේ.” මම මැද්දෙන් පනින්නැතුව ආර්යන් අයියාට කතා කරන්න දීලා බලන් හිටියා..බලාගෙන යද්දි අපේ කාලේ ලව් ස්ටෝරි මොනාද කියලා හිතෙනවා මේවා අහලා.

“පස්සෙ ඒ ප්‍රපෝසල් එක ආවම තමයි සීයාට තේරිලා තියෙන්නෙ එයා අත්තම්මා ගැන සීරියස් කියලා..ඊටපස්සෙ සීයා ප්‍රපෝසල් එකට බෑම කියලා හෙන විකාරයක් කරලා.”

“අම්මටසිරි.”

“හ්ම්..ඒත් සීයාට ගෙදරින් බල කරලා ඒ ගර්ල්ව මැරි කරන්න කියලා..මොකද සීයා තමයි රෞරවවංශ ෆැමිලි එකේ බිස්නස් බාර ගන්න හිටපු එකම ලමයා…සීයාගෙ හැටි දන්න නිසාම සීයා තාත්තා සීයාට හොරෙන් බලෙන්ම ඒ ගර්ල්ව ගෙදරට ගෙන්නලා එදාම එන්ගේජ්මන්ට් එක ගන්නලු ඉදලා තියෙන්නෙ.” ඒ එක්කම ඉස්සරහා බලන් හිටපු ආර්යා මන් දිහා බැලුවා. යකෝ මාර මිනිස්සුනේ? මම ඇස් දෙකත් ලොකු කරන් ආර්යන් අයියා දිහා බලන් හිටියේ ඉතුරු හරිය අහගන්න.

“Guess what? ඒ ගර්ල් තමයි අත්තම්මා.”

“මොකක්? අත්තම්මා හොඳ ෆැමලි එකක කෙල්ලෙක්ද?”

“හ්ම්..අත්තම්මා මේ ප්‍රපෝසල් එක ගැන දැනගෙන ඉදලා කලින්ම..හැබැයි එයත් ඒක දැනගෙන තියෙන්න ටික දවසක් ගියාට පස්සෙලු..මන් කිව්වෙ අර සීයාට කනේ පාරක් ගහපු දවස්වල..ඊටපස්සෙ ප්‍රපෝසල් එක ගැන දැනගත්තට පස්සෙලු අත්තම්මා සීයාට චාන්ස් එකක් දීලා තියෙන්නෙ සීයා මොන වගේ කෙනෙක්ද කියලා බලා ගන්න..හැබැයි ආදිල් අපේ සීයත් හෙන මොඩයිනෙ. ප්‍රපෝසල් එක ඇවිල්ලා මාස ගානකුත් යනකන් එයා ඒ ගර්ල් කවුද කියලාවත් බලලා නෑ”

“එහෙම තමා..සීයා ලෝයල්. හැබැයි අත්තම්මා තමා මරු අයියේ.”

“හ්ම් ඔව්..නැත්තන් සීයා ඉදලා තියෙන්නෙ ඔක්කොම දමලා ගහලා රට පනින්නලු.”

“මොකක්?? අත්තම්මාවත් නැතුව?” ඒපාර ආර්යන් අයියා ඔලුව වැනුවා.

“අඩේ සීයාට තිබිලා තියෙන්නෙ එසේ මෙසේ ගට් එකක් නෙමෙයි.”

“හ්ම්.. සීයා පුදුම වාසනාවන්තයි.” මම ඔලුව වැනුවා. ඒක නම් ඇත්ත..ඒ දෙන්නා පතාගෙන ආපු දාන්නෙක්ද කොහෙද.

“හැබැයි එදා සීයා රට ගියා නම් අද රෞරවවංශ ෆැමිලි එක හොයාගන්නත් නෑ.” මම ඒපාර ආර්යන් අයියා ඒ කියපු දේ අහලා ආයෙම එයා දිහා බැලුවා. එයා ඒක කිව්වෙ කිසිම පසුතැවීමකින් නෙවෙයි කියලා මට ඒ ඇස් දෙක හඳ එළියට දිලිසෙන විදිහට කියන්න පුලුවන්..

“ඔව් නෙහ්..හැබැයි එතකොට ඉතින් මට වලි දාගන්න එකෙකුත් නැති වෙන්න තිබ්බා.” මම ඉස්සරහා බලා ගත්තෙ තොල හපාගන්න ගමන්.

“හ්ම්..” ඒපාර ටික වෙලාවක් ඉදලා මම ආයෙම මගේ කකුළ් දෙක වනන්න ගත්තෙ හිතට දැණුනු අමුතු හැගීමට..දුක? හ්ම් වෙන්න ඕන. ඒත් මට ඒක නෙමෙයි ප්‍රශ්නෙ. ආර්යන් අයියා එහෙම දෙයක් කියන්න තරම් එයාට මොකද්ද එයාගෙ පවුල එක්ක තියෙන තරහා? මොකද එයා ඒ කියපු දෙයින් එයා අනිවාර්යයෙන්ම මීන් කරේ එයා ඉපදුනේ නැත්තන් හොඳයි කියලා වගේ දෙයක්නෙ? එක්කෝ මම අහන්නද? මම ඈත රැළි ගහන දිහා බලන ගමන් මගේ හිතත් එක්ක කියවන්න ගත්තා. ඔහේ එක්කෝ කමක්නෑ එයාට හිතුනම කියයිනෙ..අනේ මේ පවුලෙ රෙද්ද ගෑවුණා විතරයි බලහන් ඉතින් අර තත්පර ගාණක වයිබ් එකත් ඉවරයි.

“ඉතින් ඉතින් තව මොනාටද කැමති? රග්බි.. බාස්කට්බෝල්.. රේසින්….සර්ෆින්..ආ ඇයි ෆොටෝග්‍රැෆි? එතකොට තව මොනාද?” ඒගමන ආයෙම ආර්යන් අයියාට විනාඩි ගාණකට පස්සෙ හිනාවක් මූණේ මතු වුණේ මටත් ඒ එක්කම ලාවට හිනා යද්දි.

“තව ඉතින් එච්චරයි.” එච්චරයි? අඩුම තව එකක්වත් තියෙන්න එපැයි අයියේ..මම ඒගමන ආර්යන් අයියා දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙම ඉස්සරහා බලා ගත්තෙ ලාවට ආපු දුකයි ඩිසපොයින්ට්මන්ට් එකයි වහගන්න..බොරු කියන්න ඕන නෑ මොහොතකට හරි මන් හිතුවා..

ඒත් එකපාරටම මගේ උරහිස උඩ බරට තිබ්බ අත අයින් වෙලා ගිහින් මගේ ඔලුව උඩ සනීපේට ඇඟිලි පහක් යන්න ගත්තෙ මුහුද දිහා බලන් හිටපු මගේ ඇසි විගහට පියවෙද්දි..

“නෑ නෑ තව ටිකක් තියෙනවා..ඒ ටික දැනටම මම ලිස්ට් එකේ හයිඩ් කරන් ඉන්නෙ. වෙන වෙලාවක එකින් එක ෆෝල්ඩර්ස් වලින් අන්හයිඩ් කර කර කියන්නම්..ම්ම්?”

“අඩුම නම්බර්ස් වලින් කියන්නකො?” මම තාමත් හිටියේ ඇස් දෙක වහගෙන ආර්යන් අයියාගෙ උරහිසට මගේ ඇගේ බර දාලා..ඇත්තමයි තව ටික වෙලාවක් මෙයා ඕක කරන් ගියොත් සිරාවටම මට නින්ද යයි. ඒ තරම් සනීපයි එහෙම මසාජ් කරද්දි.

“ම්ම්..කොහොමද ඒක කියන්නෙ? ෆෝල්ඩර්ස් දෙකක් තියෙනවනෙ?”

“à·„à·„à·Š? ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ..එකක තියෙන්නෙ හොබීස්. එතකොට අනිත් එකේ තියෙන්නෙ..ම්ම් මගේ ෆීලින්ස්.” ඒ එක්කම මන් මගේ කකුළ් වනන එක නැවැත්තුවා..ෆීලින්ස්?? මම එතකොට මගේ තොල හපාගත්තෙ ආයෙම මගේ මූණට ආපු හිනාව නවත්තගන්න බැරුව. අයිශ්! මට මේ විනාඩි ගාණ දැණුනෙ හරියට රෝලර්කෝස්ටර් එකක ගියා වගේ..

“ෆීලින්ස් මොකටද ෆෝල්ඩර් එකක දාගෙන කරන්නෙ?”

“වැඩි පරිස්සමට.” මම එතකොට ආර්යන් අයියාගෙ උරහිස උඩින් ඔලුව තියාගන්න ගමන් හිනා වුණා..ඒක ආර්යන් අයියාටත් තේරෙන්නැති කියලා මට හිතුණේ එයා මගේ කොණ්ඩෙ අස්සෙන් ඇගිලි ගෙනියන එක නවත්තලා දාලා මගේ කොණ්ඩේ එක්ක සෙල්ලම් කරන්න ගත්ත හින්දා.

ආයෙම අපි දෙන්නාගෙන් එක්කෙනෙක් වත් කතා කරන්න ගියේ නෑ..මමත් දිගටම මගේ කකුළ් දෙක ඉස්සරහටයි පස්සටයි වනන ගමන් ආර්යන් අයියාගෙ උරහිස උඩ ඔලුව තියන් උන්නෙ මේ මොහොත උපරිමේටම විදින ගමන්..සිරාවටම අයියේ තමුසෙ සීයාට බැන්නාට මන් නම් සීයාට තෑන්ක් කරනවා එදා රට පැන්නෙ නැති එකට. මන් ආත්මාර්ථකාමී වෙන්නැති..ඒත් මට කරන්න දෙයක් නෑ. මොකද මන් කිව්ව දෙයක් කොහොමත් ආයෙ ආපස්සට ගන්නෑ.

“තව ටිකක් ලොකු වෙලා ඉන්න..ම්ම්? එතකොට මන් ඒ ෆෝල්ඩර් එකේ ඒවා කියන්නම්.” මම ඒපාර ආර්යන් අයියා දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා.

“ඉවසන්න පුලුවන්ද ඉතින්?”

“ම්ම්?” ඒ ගමන ආර්යන් අයියා ලාවට ඔලුව ඉස්සුවෙ ‘මොකද්ද’ කියලා අහන්න වගේ.

“ඉවසන්න දන්නෑ කිව්වනේද? පුලුවන්ද ඉතින්?”

ඒගමන ආර්යන් අයියාට ලාවට හිනා ගියා.

“හ්ම් බලමු..තමුසෙත් පිස්සු නටන්නැතුව ඉන්නවා ඉතින්. එතකොට පුලුවන්.”

ඒත් එක්කම ආර්යන් අයියා මගේ දකුණු අත හෙමීට එයා ගාවට ඇදලා අරන් එයා අර ගැට ගහපු නූල දිගේ හෙමිහිට එයාගෙ ඇගිල්ලක් ගෙනියන්න ගත්තා.

“මේ පාට ඔයාට ගැලපෙනවා.” මාත් ඒ දිහා බලාගෙන හෙමීට ඔලුව වැනුවත් ඒ එක්කම මම හෙමින් සැරේ මුහුද දිහා බලලා ලාවට හිනා වුණේ ආර්යන් අයියා මගේ අත එයාගෙ ඔඩොක්කුවෙන් තියාගන්න ගමන් එයාගෙ අතේ ඇගිලි මගේ අතේ ඇගිලි එක්ක පටලවගන්නව දැකලා.

A/N

(Pc: nimshana )

මට ලැජ්ජයි මන් ගියා!!!
Adareyyyy ❤️

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 41, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 41, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 41 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 41 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 41 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 41 light novel, ,

Comment

Leave a Reply

Chapter 41