À¶­À·“À¶»À·Šà¶® පනස්හත්වෙනි තීර්ථය

A+ A-

මං හිටියේ හොස්පිටල් එකේ…. මට ඩොක්ටර් කියලා තියෙනවා මාසෙකට සැරයක් ඇවිත් මගේ බේත් අලුත් කර ගන්න කියලා ….. ඉතිම් මං අද නිවාඩු දවසක් නිසා ආවේ ඩොක්ටර්ව හම්බෙලා යන්න ……..

මං ලිෆ්ට් එකට නැගලා මට ඕනි තට්ටුවේ බටන් එක ඔබලා බලාගෙන හිටියේ ඒක ඉහළට යනකම්…. මං මුලින් ඒකට නගිද්දි කවුරුත් හිටියේ නැති උනත් තට්ටුවක් දෙකක් යද්දි ලිෆ්ට් එකේ සෙනඟ පිරුනා…… ඉතිම් මං ලිෆ්ට් එකේ මුල්ලටම ගියේ එතෙන්ට ටිකක් තෙරපෙන ගතිය අඩු නිසා …..
psychologist හිටියේ උඩම තට්ටුවේ නිසා ……. මට ටිකක් ඉන්න උනා lift එක උඩට යනකම්…….

තුන්වෙනි තට්ටුවේදී දොර දිහා බලන් හිටපු මට එක පාරටම මගේ හදවත නතර වෙනවා වගේ දැනුනා…..  මං ඒ දැක්ක දේ හරිද?? ලිෆ්ට් එකේ දොර වැහෙනවත් එක්කම මං දැක්කේ යසස් අයියා වගේ රූපයක් ඒක පහු කරන් යනවා ………

පියවි සිහියට ඇවිත් දඟලලා ලිෆ්ට් එකෙන් එලියට යද්දී තට්ටු දෙකක්ම උඩට ඇවිත් ……….මං මගේ කකුල් දෙකට වැඳලා පඩිපෙල දිගේ තට්ටු දෙකක් පල්ලෙහාට දිව්වේ…. මං ඒ දැක්ක රූපේ ඇත්තටම එයාගෙද කියලා තහවුරු කර ගන්න ………

මං තුන්වෙනි තට්ටුවට ගිහින් යන්න පුලුවන් කියලා හිතෙන හැම තැනකටම ගිහින් බැලුවත් ආයේ මට ඒ රූපේ දැක ගන්න හම්බුන්නෑ……. මං එහෙම්මම එකක් මගේ ඔලුවට ගහ ගත්තා ……. සෙනූ දැන් නම් උඹට පිස්සුත් හැදීගෙන එන්නේ… හැමෝවම ඒ වගේ පේන්න…..

මං ඩොක්ටර්ව හම්බෙලා ගන්න ඕනි බේත් ටිකත් අරන් ගෙදර ආවේ…. අද හොස්පිටල් එකේදි වෙච්චි දේවල් අමතක කරන්න උත්සහ කරන ගමන්….

දැන් වැඩට ඇවිත් මාසයක් වගේ කාලයක් ගෙවිලා ගිහින්… මං මේ හැම දවසකම වැඩට ආවා ගියේ මිහිඳුන් අයියා එක්ක….. හැමදාම හවසට කැෆේ එකට ගිහින් කෝපි එකක් බිබී කතා කර කර ඉන්න එක අපේ පුරුද්දක් ……

ඇත්තටම මිහිඳුන් අයියා මං ගැන සෑහෙන්න හොයලා බැලුවා…. මගේ හිත  හදන්න ගොඩක්ම උදව් උනේ එයා……. ඉඳලා හිටලා කෝල් කරලා කෑවද බිව්වද අහන්න එයා අමතක කරේ නෑ ….. මට කම්මැලී හිතුනාම එයාලගේ ගෙදරට ගිහින් දවසක් දෙකක් ඉඳලා ලොකු අම්මා එක්ක කතා කරලා එන්නත් මං පුරුදු වෙලා හිටියා…. ඉස්සර මායි ලොකු අම්මයි ඉන්නකොට මිහිඳුන් අයියා වැරදිලාවත් ඒ පැත්තේ ආවේ නැති උනාට දැන් නම් ඇවිත් ඉඳගෙන අපි එක්ක කතාවට සෙට් දෙනවා…..

” මට තේරෙන්නේ නෑ පුතේ අපේ මිහිඳුන් කැම්පස් ගිහිල්ලත් තාම කෙනෙක් හොයාගෙන නෑනේ ……”

හැමදාම මං එහෙ ගියාම ලොකු අම්මගේ කටේ තියෙන්නම ඕක….. ඇත්තටම මාත් පුදුමයි මෙච්චර අඩුවක් නැතුව තියෙන මිහිදුන් අයිය තාම කෙල්ලෙක් හොයාගත්තේ නැති එකට…… සමහර විට එයාට ගැලපෙනම කෙනා තාම හම්බ වෙන්න නැතුවැති …………..

පහුවදා වැඩ කරන තැන ටිකක් බිසී…. අපේ බොස්ගේ පුතාගේ යාලුවෙක් එනවා අද අපේ section එකේ manager විදිහට ……. ඉතිම් එයා එන්න කලින් තියෙන වැඩ ඔක්කොම ඉවර කරන්න තමා මේ හැමෝම ට්‍රයි කරන්නේ……

මාත් උදේ ඇවිත් මෙතන ඉඳ ගත්ත ගමන් නැගිට්ටේ කන්නයි වොෂ් රූම් යන්නයි විතරයි ……….. අද අපිට ලැබ් එකේ වැඩක් නැති තරම්…… මොකද අලුත් සර් එන්න කලින් documents complete කරන්න කියලා අද උදේ බොස් කිව්වා…..

අලුත් manager එනවා කියලා තිබ්බේ දවල් දොළහට…..ඉතිම් කිව්වත් වගේ බොස් ඇවිත් අපේ සෙක්ෂන් එකට අදුන්ව්ලා දුන්නේ අද ඉඳල අපේ අලුත් managerà·€……

මං manager දිහා බැලුවේ තේව් මගේ අත තද කරපු පාර….

” දෙයියනේ ………… “

මට ඉහළට ගත්ත හුස්ම පහළට දාන්න අමත්ක උනේ ඒ ඇවිත් තිබ්බේ වෙන කවුරුත් නෙමේ යසස් අයියා නිසා ….. මගේ කකුල් දෙක වෙව්ලනවා…. ඔව් හරියටම අවුරුදු පහකින් ඒ මූණ දකින්නේ….. මට දුවලා ගිහින් ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා ……. ඉස්සරටත් වඩා එයා දැන් Handsome වෙලා……

මං එතෙන්ට යන්න හැදුවත් තේව් මගේ කොලර් එකකින් ඇදලා නැවැත්තුවේ ඒ office එක කියලා මතක් කරලා ……

මං ඒ ඇස් දිහා බැලුවා….. වෙනදා වගේම ඒ ඇස් මං දිහා බලන් හිටියා… ආයෙත් මට ඒක පේනවා… ඔව් ඒ මායාකාර ඇස් දිස්නේ දෙනවා……

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඔන්න හැමෝම වගේ ඉක්මනින් යසස් අයියව ඉල්ල්පු නිසා ගෙනත් දුන්නා  😏 දැන් ඉතිම් එන ප්‍රශ්න ඔයාලම විසඳලා ද්ව්න්නකෝ………. ආදරෙයි මං පූජා 😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්හත්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්හත්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්හත්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්හත්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්හත්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්හත්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 59