À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි හයවන හිමිවීම 💙

A+ A-

සනුත් හිටියේ කොස්සත් කරේ තියාගෙන ගේ අස් කරන්න හොඳ සිංදුවක් තෝරන ගමන්…… කොහොමත් සනුත්ගේ මියුසික් ටේස්ට් එක හරිම ඊස්තටික් වයිබ් එකක් නිසා හැම සිංදුවම අහන්න සනුත් කැමති නෑ…..

යූ ටියුබ් එකේ ඉහළ පහල ගියපු සනුත් ඊළඟට තෝරගත්තේ තරිඳු දම්සරගේ ගීත එකතුව…..  බ්ලූටූත් ස්පීකරයට දුරකතනය සම්බන්ධ කරපු සනුත් ඊලඟට මාසයක් තිස්සේ වහලා තිබ්බ නිසා දූවිලි වැදිලා අපිරිසිදු වෙලා තිබුණු ගේ කෙළවරක ඉඳන් අස් කරන්න ගත්තා……

………………………………………………………………………..

Brr….. Brr…..

සෑහෙන වෙලාවක ඉඳන් වයිබ්‍රේට් වෙන දුරකතනයේ තිරය දිහා කොස්සට බර දීලා හිටගත්තු සනුත් බලාගෙන හිටියේ කල්පනාවෙන්….. මහිත්ගෙන් පිට පිටම ඇමතුම් කීපයක්ම ආවත් සනුත් තවම කල්පනා කරමින් ඉන්නේ ෆෝන් එක ආන්ස්වර් කරනවද නැද්ද කියන කාරණේ…..  දවාලේ දුම්රිය ස්ථානයේ රස්තියාදු වෙන්න වුණු එක ගැන සනුත් ඉන්නේ කේන්තියෙන්…..

“……………………….”

“හෙලෝ….. සූකිරි…. අනේ සොරි බබා….”

“…………………”

“හෙලෝ….. ඇහෙනවද බබා…..”

අන්තිමට දුරකතන අතට අරන් ඇමතුමට සම්බන්ධ වුණු සනුත් නිහඬවම හිටියේ කේන්තිය මහිත්ට අඟවන්න වගේ……

“කන් ඇහෙනවා මගේ… කියන්න… ඇයි කතා කලේ….”

“අහන්නකෝ මැණික……. ඉස්සෙල්ලා කියන්නකෝ කොහෙද ඉන්නේ කියලා….. මං දැන් එන ගමන්…… ගෙදර නේද ඉන්නේ සූකිරි…..”

“ඇයි දැන් මොකටද එන්නේ….. මොකා බලන්නද දැන් එන්නේ….. අනේ මේ අයියේ…. උදේ ඉඳන් හිටපු තැනකට වෙලාම ඉන්නවද ……”

මහිත්ගේ අහද්දි සනුත් උත්තර දුන්නේ හිතේ තිබ්බ දුක තරහා ඔක්කොම මිශ්‍ර හැඟීමකින්…..

“හරි හරි සූකිරි….. මට සමාවෙන්නකෝ සුදු මැණික….. අයියා දැන් එන ගමන්නේ…. කාලද ඉන්නේ…. කන්න ගේන්න ඕන මොනවද……”

“මට ඕන ඇති කෑමක් නෑ…. තෞසේ එන්න ඕනෙත් නෑ…. ඇත්තමයි එන්නෙපා…. තමුසේ වගේ බොරුකාරයෙක් මට ජීවිතේටවත් හම්බවෙලා නෑ……”

“ඉන්නකෝ මං ආවාම වෙච්ච දේ කියන්න…..”

“තෞසෙට එන්න බෑ නම් කියන්න තිබ්බා…. කෝල් එකක් බෑ නම් මැසේජ් එකක්වත්…. ඒත් බෑ නම් යකෝ…. මං ගන්න කෝල් එකක් ආන්සර් කරන්න තිබ්බනේ… මං කෝල් කීයක් කියලා නම් ගත්තද…..

මම කොච්චර වෙලා රස්තියාදු වුණාද….. ඒත් මම බලන් හිටියේ වැරදිලා හරි ආවොත් තමුසෙට මාව මග ඇරෙයි කියලනේ….. පොරොන්දු රකින්න බෑ නම් පොරොන්දු දෙන්නෙපා අයියේ …..

“මේක මේ පොඩි  දෙයක්නේ බබා….. ඕකට ඔච්චර කියවන්නෙපා…… මං එන ගමන්නේ ඉන්නේ….. එනකම් ඉන්නකෝ…… “

සනුත් කියවගෙන යද්දි මහිත් ටිකක් තද ස්වරයකින් උත්තර දුන්නා………..

තෞසෙට පොඩි දෙයක් වුණාට මම ඒක බලාපොරොත්තු වුණානේ …….. මගේ හිතට කොච්චර අමාරුද කියලා තේරෙනවද…………..”

“යකෝ…. මම වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ…. කිව්වාම අහලා එනකම් ඉඳපන්කෝ වට්ටි අම්මා වගේ කියවන්නැතුව…. මෙහෙම ගිහින් මං හැප්පිලා මැරෙන්නද ඕන….. එක පාරක් දෙයක් කිව්වම තේරුම් ගනින්කෝ බබා……..”

මේ වතාවේ නම් මහිත්ට සෑහෙන්න තරහා ගියා වගේම උදේ ඉඳන් තිබුණු පීඩනයත්….. මහන්සියත් එක්ක… සනුත් කියවන එක නතර නොකරපු නිසා ආව කේන්තිය සේරම සනුත්ගේ පිටින් ගියේ මහිත්වත් නොහිතාමයි…… ආවේගයෙන්ම දුරකතනය විසන්ධි කරලා දාපු මහිත් කාර් එකේ වේගය තව ටිකක් වැඩි කලා……

ශිට්….. මොන මගුලක්ද මිනිහෝ වෙන්නේ…. කන්ට්‍රෝල් යුව සෙල්ෆ් “

සුක්කානමට මිටි මොලවගත්තු අතින් ගහන ගමන් මහිත් නළල පොඩි කරගත්තේ සනුත්ට ඒ විදියට කෑගහපු එක ගැන ඇත්තටම පසු තැවීමෙන්…..

මේ අතර සනුත් නම් හිටියේ හොඳටම හිත රිදිලා….. වැරැද්ද මහිත්ගේ වුණත් අන්තිමට බැණුම් අහගෙන හිත රිද්දගන්න වුණෙත් තමන්ටම නේද කියලා හිතද්දි සනුත්ට තමන් ගැන ආත්මානුකම්පාවක් වගේ හැඟීමක් දැනුනා……

………………………………………………………………………..

මහිත්ගේ වාහනේ හෝන් එක ඇහෙද්දිත් සනුත් හිටියේ කුස්සිය අස් කරන ගමන්……. වාහනේ සද්දේ ඇහුණත් නෑහුණා වගේ හිටපු සනුත් පාඩුවේ කර කරා හිටපු වැඩේ දිගටම කරගෙන යන්න වුණා…..

සූකිරි…..”

ඩෝන්ට් කෙයා හිම්…. බී ස්ට්‍රෝන්ග්…. මං වැරැද්දක් කලේ නෑනේ…..

සූකිරී කියලා අඬගහද්දි ආපහු උත්තර දෙන්න නලියන තොල් තද කරලා පියාගත්ත සනුත් හෝදලා තිබුණු පිඟන් කෝප්ප ආයෙම හෝදන්න පටන් ගත්තා….

සූකිරියෝ….”

“……………………..”

කුස්සියේ උළුවස්සට හේත්තු වෙලා සාක්කු දෙකට අත් දෙකත් දාගෙන ටිකක් වෙලා සනුත් දිහා බලාගෙන හිටපු මහිත් හොඳ හුස්මක් හෙලලා සනුත්ගේ පිටිපස්සෙන් ගිහින් උරහිස උඩින් නිකට තියාගෙන සනුත්ගේ බෙල මුල ඉව කරන්න ගත්තා……

“ම්ම්ම්ම්…… සුවඳයිනේ….. නෑවද……..”

“……………………………”

“මාසෙකටත් වැඩී දකින්නෙවත් නැතුව……… මං දිහා බලන්නෙවත් නැද්ද….. කවදා වෙනකම් තරහා වෙලා ඉන්නවද…..”

මහිත් බෙල්ල මුල ඔලුව ගහගෙනම හෙමීට හෙමීට කොඳුරද්දි නම් සනුත් හිටියේ උන් හිටි තැන් අමතක වෙච්ච ගාණට……

මහිත් කොඳුරන වචනයක් වචනයක් ගානේම…… බෙල්ලේ වදින ලාවට උණුසුම් හුස්ම නිසා …… යටි පතුල් වල ඉඳන් ඉස් මුදුනට යනකම්ම තප්පරෙන් තප්පරේ දුවන හිරිය……. ඔක්සිටෝසින් , ඩෝපමින් එකතු වෙලා මොලේ ඇතුළේ මහ විපර්‍යාසයක් කරද්දි…… මෙච්චර කාලයක්ම බඩ ඇතුළේ කෝෂ හදන් හිටපු සමනල්ලු දහස් ගාණක් එක පාරටම කෝෂ පුපුරවාගෙන එළියට ඇවිල්ලා කියලා සනුත්ට දැණුනා……

මං දිහා පොඩ්ඩක් හැරිලා බලන්නකෝ සනූ…..”

එක පාර පියාඹන්න හදන සමනල්ලු රෑනට ඉඩ මදිව පපුවත් හිර වෙන්න වගේ එද්දි සනුත්ගේ කම්මුල් දෙකයි කන් දෙකයි රතු පාට වුණේ ඉදුණු චෙරි ගෙඩියක් ගාණට…… ඒ විතරක් නම් කමක් නෑ…. අත් දෙකයි පපුවයි පුරාවටම හිරිගඩු පිපුණු හැටි…… ඉතින් නම්බුව බේරගෙන මහිත් දිහා කොහොම බලන්නද……

සප්‍රයිස් එකවත් බලන්නැද්ද…..”

තාමත් ගල් ගිල්ලා වගේ නිහඬවම ඉන්න සනුත්ව බලෙන්ම තමන්ගේ පැත්තට හරවගත්ත මහිත් අඩි දෙක තුනක් පිටිපස්සට ගිහින් අත් දෙක ඈත් කරලා ෆොටෝග්‍රැෆි පෝස් එකකට හිටගත්තා…..

“ටඩා……”

ඔන්න එතකොට නම් මෙච්චර වෙලා තද කරලා පියාගෙන හිටපු සනුත් කට ඇරුණේ ඇස් දෙකත් නළලටම යද්දි…… මෙච්චර කාලෙකට මහිත්ගෙන් මේ වගේ බෝයිෆ්‍රෙන්ඩ් මැටීරියල් පෙනුමක් දැකලම තිබ්බේ නැති නිසා සනුත් ඇත්තටම පුදුම වුණා…..

යන්තම් අවුල් වුණු කොණ්ඩේ….. මහන්සි පාට වුණත්… කඩවසම් මූණ….. අත් දෙක වැලමිටට එනකම් නවපු කළු ශර්ට් එකේ පන්නපු බොත්තම් දෙක තුන අතරින් ළාවට පේන නිරුවත් පපුව…… ස්ලිම් ෆිට් ශර්ට් එක කපාගෙන මතුවුණු මහිත්ගේ V හැඩයේ ඇඟේ හැඩතල…… එතනින් පහලට………

කාන්තාර ඔටුවෙක් වතුර දිහා බලනවා වගේ මොනාද මේ බලන්නේ…. ශික් විතරක්….

හිතට තරවටුවක් දාගත්ත සනුත් ඔලුව දෙපැත්තට ගසාගත්තා…..

ඉතින්…..”

“ඉතින් කිතුල්…..”

“ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් දැන් ජොබ් එකකට යනවනේ බබා…..”

“නෑ…. සීරියස්ලි …. ශෝක් නේ…. ඒත් ඇයි ඔයා ජොබ් එකකට යන්නේ…..”

ඒ පාර නම් තරහා වීම පැත්තකට දාපු සනුත් එහෙම ඇහුවේ හිතේ ඇත්තටම සතුටින්…..

“ම්ම්ම්…. ජොබ් එකක් කිව්වට ….. ඩැඩීගේ කම්පැණියට ගියේ….. දැනට මම වැඩ බලන CEO වගේ…. අයි මීන් තාම ආධුනිකයෙක් විදියට වැඩ ඉගෙන ගන්නවා…. ආෆ්ටර් සික්ස් මන්ත්ස්… ලීගලි මාව අපොයින්ට් කරනවා…..”

“ම්ම්ම්….. නියමයිනේ….”

“ඉතින් අද මගේ ෆස්ට් ඩේ එක….. උදේ ඉඳන්ම ඩැඩී කම්පැණි එක වටේම ඇවිද්දෙව්වා මාව…… ඊට පස්සේ බෝඩ් මීටින් එකකට හිර වුණා….. ෆොන් එක සයිලන්ට් දාලා තිබ්බේ බබා…. ඒකයි ඔයාගේ කෝල්ස් මිස් වුණේ…. එක්ස්ට්‍රීම්ලි සොරි සුදු මැණික…. මම හිතා මතා ඔයාව රස්තියාදු  කළේ නෑ…….. “

හිටගෙන හිටපු ඉරියව්ව වෙනස් කරලා සනුත් ගාවට කිට්ටු වෙලා අතකින් අල්ලගන්න ගමන් මහිත් එහෙම කියද්දි තව දුරටත් තරහා වෙලා ඉන්න සනුත්ට හිතුනේම නෑ…..

“මං ඉස්සෙල්ලා මෝඩයෙක් වගේ කෑගැහුවට සොරි බබා……. තරහා නෑ නේද මාත් එක්ක……. “

“තෞසේ ඔහොම කියද්දි මං තරහා වෙන්නේ කොහොමද……”

“Now I Wanna Hug You So Badly “

එහෙම කියපු මහිත් ආයෙම වතාවක් සනුත්ව බදාගෙන ගෙල වටේ අත් දෙක යැව්වා……

“අයි ෆීල් ලයික් හෝම්ලි…..මට දැනුයි ගෙදර ආවා වගේ දැනෙන්නේ……”

………………………………………………………………………..

“කාලා ඉමුද….”

දීර්ඝ වැළඳගැනීමකට පස්සේ මහිත් එහෙම කිව්වේ සනුත්ගේ බඩෙන් ඇහුණු කුරු කුරු සද්දේ නිසයි……

“අයියෝව්…. මං ඉව්වේ නෑනේ මොකුත්….. ආව වෙලාවේ ඉඳන් මේවා අස් පස් කළා…..”

“මං කෑම ගෙනාවා…….. අත් දෙක චුට්ටක් හෝදගෙන යන් කන්න…..”

මූණ අත පය හෝදගත්තු මහිත් යට කරන් ඉඳපු ශර්ට් එක උඩින් දාගෙන තව බොත්තමක් පැන්නුවේ කටින් පපුවට පිඹිමින්…..

ෆෑන් එක දාලා එන්නම්….. “

හෝදගෙන ආව පිඟන් දෙක පොඩි මේසය උඩින් තියලා සනුත් සිවිලිම් පංකාව ඔන් කරලා ඇවිත් වාඩිවුණා…..

නුගේගොඩ FAB එකෙන් ගෙනත් තිබුණු ලම්ප් රයිස් එක දිගාරිනකොට නම් සනුත්ගේ කටට කෙළ ඉනුවා….. ලාවට තවපු කෙසෙල් කොළේ උඩට කහ පාටට දිස්නේ ගහන ස්ටොක් වතුරෙන් උයපු බතේ උඩින්ම තිබුණේ තම්බපු බිත්තරයක් එක්ක කට්ලට් බෝල දෙකක්….. ඊළඟට පැත්තකින් විශාල කුකුල් මස් කෑල්ලකුත් , රතුළූණු යහමින් දාපු බටු මෝජුවත්…. අබ යහමින් දාලා තෙම්පරාදු කරපු අළු කෙසෙල් වෑංජනේකුත් එක්ක පොල් සම්බෝලයක් තිබුණු බත් එක නම් දෙන්නෙක්ට හොඳටම වැඩිත් එක්ක……

අපරාදෙනෙ බබා පිඟන් දෙකක ගාන්නේ…. අනික දෙන්නම අත් වල ගාගන්න ඕනෙත් නෑනේ….”

“පිඟන් දෙකක නැතුව මෙහෙමම කමුද කියන්නේ…… එහෙනම් ඉන්න තව පත්තර පිටුවක් අරන් එන්න…..”

එහෙම කියපු සනුත් පත්තර පිටුවක් ගේන්න හිතන් නැගිට්ටත් මහිත් ආයෙම සනුත්ගේ අතින් ඇද්දේ සෝපාව උඩින් ඉන්දවෙන විදියට……

“පත්තර පිටු ඕන නෑ……. මෙන්න මෙතනින් වාඩි වෙලා මට කවහං….. ඊව් මේ පොඩි එවුන්ට ඔක්කොම ඇඟිල්ලෙන් ඇන ඇනා කියන්න ඕන…..”

“ඉතින් ඕක කෙලින්ම කියන්න තිබ්බනේ ඒයි….. ඔච්චර ඔලුව වටේ අත දාලා කණ අල්ලන්නවා වගේ…. පිඟන් දෙකක් ඕන නෑය …. අත් දෙකේම ගෑවෙනවය…. යැයි යැයි යැයි තමයි…… අනික …. මට පොඩි එකා පොඩි එකා කිව්වට සුදු අයියේ…. තෞසෙ මට වඩා අවුරුද්දයි වැඩිමල්….. හිතන් ඉන්නේ හෙන ලොකුයි කියලා…..”

“පෙන්නන්නද….”

“මොකද්ද…..”

“ලොකුද කියලා……”

“ඒව්ව්ව්ව්….. අසමජ්ජාතියා…. කොයි වෙලේ බැලුවත් කුපාඩි වලත්ත කතාවක් කටේ….. ආ…. කියනවා….”

මහිත් කිව්ව ඔක්කෝටම සනුත් උත්තර බැන්දේ බත් එක කෙසෙල් කොළේ පිටින්ම පිඟානක් උඩ තියාගෙන බත් ටිකකට වෑංජන හැම එකෙන්ම ටික ටික මුහු කරලා බත් කටක් අනන ගමන්…….

“ම්ම්ම්….. මාර රසයිනේ බබා….. තෞසේ කවන හින්දද මන්දා වෙනදට වඩා අද බත් එක රහයි…..”

“අනේ…. තෞසෙගේ චාටු කතා….. මේ…. ෆැබ් එකෙන් නේද…. මේක ගණන් නේහ්…..”

“ගණන් වුණත් කෑම ටික නියමයිනේ…..”

“ම්ම්ම්…. මේ වෙලාවට තමා මට හිතෙන්නේ සුගර් ඩැඩියෙක් වගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක කොච්චර වාසනාවක්ද කියලා……”

“උඹට මාව ශුගර් ඩැඩී කෙනෙක් වගේද පේන්නේ බබා…..”

“ඔව්නේ…. තෞසෙට හෙනට සල්ලි තියෙනවා ….. බඩේ පැක් 8කුත් තියෙනවා……..

මේ දවසක තෞසෙගේ වෙඩිමත් අනන්ත් අම්බානිගේ වගේ ගනී නේද….. එහෙම ගත්තොත් සිංදු කියන්න Henry Moody à·€ ගෙන්න ගන්න හාද……. තව….. Mackenyu Arata , Alec Benjamin…. තව Fuji Kaze ……. යෝහ්…. අයියේ මං ලිස්ට් එකක්ම හදලා දෙන්නම්කෝ……”

“ඔව් ඔව්…. කොහොමත් බබා උඹට තමා මගේ වෙඩින් එකේ වැඩ ඔක්කොම බලලා ඕවා කරන්න වෙන්නේ…. “

“ඒ ඇයි…. තෞසේ මාවද බඳින්නේ…..”

තවත් බත් කටක් මහිත්ට ලං කරන ගමන් සනුත් ඒ කපටි ප්‍රශ්නේ ඇහුවේ යටැහින් මහිත් දිහා බලන ගමන්……

“නෑ උඹව ගන්නේ වෙඩින් ප්ලෑනර් විදියට……”

“අනේ…. තෞසෙම කාගන්නවා…. මඟුල….”

“ඒ….ඒ… හෝව් හෝව්…. කොහෙද යන්නේ…. මෙහෙ එනවා…. මෙහෙ…. මෙහෙ….”

බත් පිඟානත් මේසේ උඩින් තියලා ගස්සගෙන යන්න ගියපු සනුත්ව නවත්තගත්ත මහිත් සනුත්ගේ කම්මුලකින් මිරිකුවා……

“ආව්…… රිදෙනවා à·„à·”……”

“උඹට මම කොච්චර නම් කියනවද බබා මගේ ඉස්සරහා කුණුහරප කියන්නෙපා කියලා….. මෙහෙ වරෙන්…… ආයේ කියනවද ……. ම්ම්ම්….. ආයේ මට ඇහෙන්න කියනවද……”

සනුත්ගේ තොල් දෙක උල් කරලා මිරිකගෙන මහිත් අහද්දි සනුත් නෙවේ මීක් කිව්වේ…… හිතුවක්කාර කමටම මහිත් දිහා එක එල්ලයේ බලාගෙන හිටියත් මහිත්ගේ ඇස් දෙක නම් නතර වෙලා තිබුණේ වෙන තැනක……

මහිත් කට මිරිකපු විදියට නෙරා ඇවිත් තිබුණු සනුත්ගේ රෝස පාට හරිම ෆ්ලෙශී යටි තොල දිහා බලන් හිටපු මහිත්ට තවත් නම් ඉවසුම් නැති වුණා…….

කලබලයෙන් එහා මෙහා වෙන මහිත්ගේ ඇස් දෙක දිහා බලන් හිටපු සනුත් කට යන්තම් එහෙ මෙහෙ කරලා මහිත්ට කතා කලා…..

අයි………..ප්…අ……….ප්…..”

සනුත්ට වචනයවත් සම්පුර්ණ කරන්න ඉඩ නොතියා සනුත්ගේ රෝස තොල් පෙති සම්පූර්ණයෙන් ම තමන්ගේ තොල් වලට යට කරගනිමින්…. මහිත් ටිකෙන් ටික සනුත්ගේ ඇඟට බර වුණා……

ජීවිතේ පළවෙනිම වතාවට හාදුවක රස විඳින සනුත්ගේ ඇස් පියවුණේ සනුත්ටත් නොදැනීමයි…… හාදුවේ ගැබ් වුණු ශෘංගාරය වෙනුවෙන් නැගුණු රාවයන්ට මුව ඇතුලෙම ගොලුවෙන්න සිද්ධ වුණේ පුංචිම පුංචි හඬ තරංගයකටවත් එලියට යන්න බැරිවෙන විදියටම සනුත්ගේ තොල් පෙති මහිත් අගුළු දාලා තිබුණු නිසයි…….

ෆ්ලෙශී යටි තොළ …. සිහින් උඩු තොල…… ඊළඟට දිව….. ශෘංගාරය වෑහෙන උණුසුම් උණුසුම් දීර්ඝතම හාදුවක්….. යන්තම් වැවුණු මහිත්ගේ රැවුල් කොට ඇනෙද්දි සිහින් දැවිල්ලකුත් සනුත්ට දැණුනා…..

දීර්ඝ වූ ආදරණීයම සනුත්ගේ පළවෙනි හාදුව නිමා වුණේ දෙන්නටම හුස්ම ගන්න මතක් කරන ගමන්…… වේගෙන් ගැහෙන පපුව නවත්තගන්න විදියක් කල්පනා කරමින් ඇස් පියාගෙනම හිටපු සනුත්ව ආයෙම හිරියකින් පුරවන්න රත වැදුනු තොල්පෙති දිගේ ගියපු ලතාවකට රටා ඇඳපු මහිත්ගේ  දිවට පුලුවන් වුණා……

ආයෙමත් අර හැඟීම…… බඩේ සමනල්ලු කෝටි ගාණක් තටු ගහද්දි….. උන්ට පියාඹන්න ඉඩ මදිව පෙනහලු අස්සෙත් රිංගගෙන සනුත්ට හුස්ම ගන්න බැරි කරවන හැඟීම…… කරන්ට් වයර් එකකින් කරන්ට් වැදුණා වගේ ඇඟ පුරාම පැතිරුණු හිරිය නිසා එකින් එක අඩපණ වෙන ශරීරය …… නොපෙනෙන බලවේගයකින්…… තමන්ව පාලනය කරනවදෝ කියලා හිතෙන තරම්ම….. තමන් මේකට ඇබ්බැහි වෙලාදෝ කියලා සනුත්ට ඒ අස්සේ නොහිතුනාම නෙවේ………..

It Was Fucking Awsome බබා…… අයි මීන්…. මේවා හෙවන්ලි…..”

තාමත් අත නොහැරපු සනුත්ගේ තොල් පෙති මහපට ඇඟිල්ලෙන් පිරිමදිමින් මහිත් කියද්දි….. ලැජ්ජාවටම රතු වුණු කන් දෙක රත් වෙලා වගේ සනුත්ට දැනුණා…..

ඇඟට බර වෙලා හිටිය මහිත්ව තල්ලු කරලා දාලා ඒ පිම්මටම කුස්සියට දිව්වේ පිඟාන වත් ගන්නේ නැතුව…..

අනික් පැත්තෙන් මහිත් ගත්තාම…. මහිත් කොයිතරම් පළපුරුදු කාරයෙක් වුණත්…. සනුත්ගේ තොල් වල තිබුණු මෘදු බව…… අව්‍යාජයෙන්ම නැගෙන කෙඳිරුම් රාවයන්…. එක්ක වෙන කා ළඟවත් කිසිම දවසක නොදැනුණු තරමේ හැඟීමක් සනුත් ළඟදි මහිත්ට දැණුනා……… සනුත් කියන්නේ ලේසියෙන්ම ඇබ්බැහි වන සුළු මනුස්සයෙක් බව මහිත්ට තේරුණා……

………………………………………………………………………..

බබා….. මට ඇඳුමක් හොයලා තියන්නකෝ……”

තුවායත් අරගෙන නාන කාමරේට වැදෙන ගමන් මහිත් කිව්වේ තාමත් බඩු මුට්ටු පිළිවෙලක් කරන සනුත්ට…..

නාන කාමරේ දොර ගාව මහිත් ගලවලා දාපු කලිසමත් කමිසයත් අතට අරගෙන සුසුමක් හෙලපු  සනුත් ඒවා රෙදි හෝදන කූඩෙට දැම්මේ හෙට උදේට හෝදලා දාන්න හිතාගෙන……

පැය භාගයක් විතර වතුර මල යටට වෙලා හොඳට නාගත්ත මහිත් නාන කාමරයෙන් එළියට ආවේ සිංදුවක තාලයක් මුමුණමින්…… සෑහෙන දවසකින් මහිත්ගේ මූණේ හිනාවක් සතුටක්  ඇඳිලා තියෙන්නේ….. ඇත්තටම නම් ඉතින් ඒ හිනාවේ ඇත්තම අයිතිකාරයා මේ වෙනකොට පණ දාගෙන ගේ අස් කරනවා…..

සනුත් තෝරලා ඇඳ උඩින් තියලා තිබුණු සැහැල්ලු කොට කලිසමට ආම් කට් කමිසය ඇඳගත්තු මහිත් සනුත්ගේ මේසේ උඩ තිබුණු අල්පයක් වුණු රූපලාවණ්‍ය බඩු අතරේ තිබුණු ඕඩිකොලෝන් බෝතලයෙන් බිංදු කීපයක් අල්ලට හලාගෙන තෙත à·„à·’à·ƒ කෙස් අතරෙත්…. බෙල්ල දෙපැත්තෙත් තවරා ගත්තා…..

ඇනෙක්සියේ තිබුණු හැම ගෘහ භාණ්ඩයක් ගානේම…. හැම බිම් අඟලකම….දූවිලි පොදක් වත් නැති වෙන්න අස් පස් කරලා පිහදාලා ඉවර වුණ සනුත් හිටියේ ඉණටත් අත් දෙක තියාගෙන තමන් ඉවර කරපු වැඩේ දිහා සෑහීමකට පත් බැල්මක් හෙලන ගමන්…..

ඉවරද …..”

“ම්ම්ම්…… එහාට වෙන්න…. දාඩිය ගඳ ඇති මං ගාව…..”

හෙමින් හෙමින් සනුත් ඉන්න තැනට ගිහින් බැක් හග් එකක් දෙන්න හදපු මහිත්ව එහාට කරපු සනුත් එහෙම කිව්වා…..

තේ එකක් බොමුද…..”

“මං ඇඟ ටිකක් හෝදගෙනම එන්නම්……”

“හා…..”

“එතකන් අර ඉස්සරහා සුදු මල් ගහෙන් මල් ටිකක් කඩලා තියන්නකෝ අයියේ….  බුදු පහන තියන්න ඕන…….”

මහිත්ට මල් කඩන්න පොඩි මල් වට්ටියත් අතට දුන්න සනුත් නාන කාමරේට වැදුණා…..

………………………………………………………………………..

සනුත් නාගෙන එළියට එනකොට මහිත් බුදු පහන තියන්න මල් ටික කඩලා තේ හදන්න හීටර් ජෝගුවට වතුරත් පුරවන ගමනුයි හිටියේ……

අයියේ…. පිළිවෙලක් කියන එක දන්නෙම නැද්ද…… ඇඳන් හිටපුවා බාතෲම් එකේ දොරකඩ….. ඇඳගෙන නාපු යට කලිසම පොල් වලල්ල වගේ ශවර් එක යට……

කාමරේ කෙළවරක කූඩයක් තියෙනවා…. මීට පස්සේ හෝදන රෙදි දාන්නේ ඒකේ….. තේරුණාද….. හැබැයි පුතෝ ආයේ තැන තැන දාලා තිබ්බොත්…. ඇත්තමයි එකතු කරලා ගිනි තියනවා “

“හරි ස්වාමීනී….. තෞසේ කියවන්න ගියාම ඉවරයක් නෑ නේද බබා…. දෙමල රේඩියෝ එක වගේ……”

“දෙමල රේඩියෝ එක පෙන්නනවා මං…. අහගන්නෙපා මගෙන්….”

………………………………………………………………………..

“හෙලෝ……”

“මහිත්…. කොහෙද මිනිහෝ ඉන්නේ….. “

හැන්දෑවෙ නාලා කරලා සනුත්ගේ ඇඳට වැටුණු මහිත්ට හොඳ සනීපෙට නින්ද ගිහිනුයි හිටියේ……. දුරකතනයේ වයිබ්‍රේට් එකෙන් ඒ නින්ද කැඩුණු නිසාම ඇස් දෙකවත් නෑර නිදිමරගාතෙ ම ඇමතුමට සම්බන්ධ වුණා වගේම……. එහා කෙළවරින් පර්සිගේ කටහඬ ඇහුණු ගමන්ම මහිත්ගේ ඇස් දෙක ඇරුණා……

“යාලුවෙක් හම්බෙන්න ආවා ඩැඩී……”

කොන්ද කෙලින් කරගන්න හැදුවට ඒ උත්සාහය හරි ගියේ නැති නිසා මහිත් හිටපු විදියටම ඇස් දෙක පහත් කරලා බැලුවේ තමන්ගේ බඩ හරියට දැනෙන බර ගතිය මොකද්ද කියලයි……

හෝව්…. හෝව්……. මෙන්න වැඩක්….. වකුටු ගැහුණු කෝලා පැටියෙක් බඩ උඩ ඔලුව තියාගෙන සනීපෙට නිදි….. මේකා කොයි වෙලේද මෙතනට ආවේ….. කියව කියවා උන්නු පොත පැත්තක…… කෆ්කා මුහුදු වෙරළේ….. ශැහ්… මාත් කියවලා බලන්නෝනි….

බඩ උඩ ඔලුව තියාගෙන වකුටු ගැහිලා සැප නින්දක උන්න සනුත් දිහා බලාගෙන ඉද්දි මහිත්ට හිතුනු දේවල්……

මහිත්ගේ සෙලවීමට ප්‍රතිචාර දක්වන්න වගේ පොඩ්ඩක් එහෙ මෙහෙ වුණු සනුත්ට ඒ විදියටම ඉන්න ඇරලා මහිත් කොට්ටේ හරි බරි ගැහුණා…..

අහගෙනද ඉන්නේ….”

“ඔව් ඩැඩී…..”

“මේ පේපර් වර්ක්ස් වල වැඩ ටික බලන හැටි කියලා දෙන්න ඕන නිසාමයි මං ගෙදර ආවෙත්…. මං එනකොට තමුසේ ගෙදර නෑ….. මොනවද අයිසේ මේ වගකීමක් නැති වැඩ…. මම නැති දවසට මේවා බංකොලොත් වෙන්න දෙන්නද ඕන…. ආ …. මහිත්….????”

“නෑ ඩැඩී…..”

“හිතේ හැටියට ඉන්න තමුන්ට පහුගිය කාලේ මම නිදහස හොඳටම  දුන්නනේ…. දැන් ඇති මහිත්….. පැය බාගයක් දෙන්නම්…. ඉන්න තැනකින් ගෙදර එනවා… මට තව වැඩ තියෙනවා…..”

“ඕකේ ඩැඩී….”

ඇඳගෙන උන්නු ආම් කට් එක විනිවිදගෙන සනුත් උණුසුම මහිත්ගේ බඩේ වදිනවා දැනෙනවා…… ඇහැරවන්නත් පුදුම ලෝබයි…… මහිත් මේ වගේ හුරතල් මූඩ් එකක් සනුත්ගෙන් දැක්කමයි……

විභාගෙ නිසා කොට වෙන්නම කපලා තිබුණු සනුත්ගේ කෙටි සිනිඳු à·„à·’à·ƒ කෙස් අතරින් මහිත්ගේ ඇඟිලි තුඩු හරිම පරිස්සමට එහෙ මෙහෙ ගියා…..

සනීපයි…. “

සනුත්ගේ ඔලුවෙන් අත ගත්තු මහිත්ට නිදිබර කටහඬකින් එහෙම කියනවා ඇහුණා…..

“නිදි නැද්ද… බොරුවටද හිටියේ….. නැගිටපිය හොර ගෙඩියා……”

“ම්හු….. අනේ රෙද්ද…. තව ටිකක් ඔලුව අත ගානවකෝ….”

මහිත්ගේ ගෝරනාඩුව ගණන් නොගෙනම සනුත් ආයෙම හරි බරි ගැහිලා තව ටිකක් ඔලුව උඩ ගත්තා…..

“මං යන්නෝනි බබා….. නැගිටින්නකෝ දැන්…..”

“කොහෙද යන්නේ……”

“ඩැඩී කතා කළා…. පැය බාගෙන් ගෙදර එන්නලු…..”

“හ්ම්ම්….. “

“කෝ නැගිටින්න…… වෙලාව කීයද…. රෑට කන්න මොනා හරි ගෙනත් දෙන්නද මං….”

“ම්හු…. මුකුත් එපා…. තව විනාඩි පහක් ඉන්න දෙන්න මෙහෙම…..

……………………………………………………………….

…………..මතුවට හමුවෙන තුරු……………..

*ටයිප් කර කර ඉද්දි නින්ද ගියානේ…. නැත්තම් රෑ එන්න හිටියේ….. 🫣

*ඊටත් වඩා මේක ලියද්දි මගේ බඩේ කලවැද්දෝ නටන්න ගත්තනේ… 🫣 (රාධේ අප්පුගේ වගේ 😂🤭)

*ඊයේ චැප්ටර් එකේ සෑහෙන්න අඩු පාඩු තිබිලා…. නිදිමතේ ටයිප් කරපු එකක් නිසා…. සමාව භාජනේක දානවා මම… 🥺

*මහිත් හරියට කාලගුණේ වගේ නේහ්…. 😒

*ඩැඩී බකට් එක දැම්මනේ …. ශෙහ් 😒😪

*කෆ්කා මුහුදු වෙරලේ කියන්නේ හරිම ලස්සන පොතක්…. ඔයාලත් අනිවාරෙයෙන් කියවන්න…… පැය 30-40 ක් එක දිගට නිදාගන්න නකතා…. අහසින් මාළු , කූඩැල්ලෝ වැසි වස්සන නකතා…. නිර්ලිංගික ඔශිමා…. නකමුරා පුස්තකාලය …. මේක හරිම ලස්සනයි….. ❤️🥰

Tags: read novel À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි හයවන හිමිවීම 💙, novel À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි හයවන හිමිවීම 💙, read À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි හයවන හිමිවීම 💙 online, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි හයවන හිමිවීම 💙 chapter, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි හයවන හිමිවීම 💙 high quality, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි හයවන හිමිවීම 💙 light novel, ,

Comment

Leave a Reply

Chapter 28