À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි අටවන හිමිවීම 💙

A+ A-

බබා කැරට් ගානවද…. කපනවද…..”

“පොඩි කොටු කපන්න…..”

ඕනම ගෙදරක රණ්ඩු සරුවල් බත් මුට්ටිය ඉදෙනකම් විතරයි කියනවනේ….. හැබැයි මේ ගෙදර නම් බත් ඉදෙන්නත් කලින්ම තරහා මරහා නිවිලා ගියේ අසුරු සැණින්…….

මීට ටික වෙලාවකට කලින් පුපුරන්න ඔන්න මෙන්න තිබ්බ කාල බෝම්බයක් හාද්දකින් නිෂ්ක්‍රීය කරපු මහිත් මේ කුස්සියට වෙලා කැරට් කපන්න උත්සාහ කරන්නේ පවුලේ සමඟිය රැකගන්න ඕන නිසා මිසක් කකුල් දෙකත් උඩට දාගෙන මුහුණු පොතේ උඩ පල්ලෙහ යනවට වඩා විනෝදයක්  කැරට් කැපිල්ලෙන්  ලැබෙනවට එහෙම නෙවෙයි…..

මේ ගාණට…..”

“ඔච්චර ලොකුවට නෙවේ අනේ….. ඒ මං දන්නෑ….. ෆ්‍රයිඩ් රයිස් එකකට එළවළු කපා ගන්න දන්නෑනේ…. එතකන් මහ ලොකු CEO “

“CEO කමයි කැරට් කැපිල්ලෙයි සම්බන්ධෙ මොකද්ද බබා…..”

“සම්බන්ධයක් තියෙන්නම ඕනයෑ…. මළ විකාර….  කෝ මෙහාට දෙනවා ඕක…. අර භාජනේ තියෙන ඉස්සෝ ටිකයි දැල්ලෝ ටිකයි වෙන වෙනම හෝදලා ගන්න….”

එළවළු කපන ඩියුටියෙන් ඉස්සෝ දැල්ලෝ හෝදන ඩියුටියට මාරු වුණු මහිත් ලුණු කුඩුත් දෙහි යුෂත් දාලා අතගාල තිබුණු ඉස්සෝ ටික දෙතුන් වතාවක් හොඳට හෝදලා වතුර බේරෙන්න පැත්තකින් තිබ්බා….

ලොකු පැතලි පෝසිලේන් පිඟානක් වටේට කුඩා කොටු කොටු කෑලි වලට කපපු කැරට්…. පොඩි පොඩි කෑලි වලට කපපු ළූණු කොළ……. වතුර ටික පෙරාගත්තු ඉරිඟු ඇට….. ග්‍රීන් පීස් ඇට, හීනිවට චොප් කරගත්තු සුදු ළූණු, ඉඟුරු…. කරපිංචා කොළ කීපයක්… රම්පේ කෑල්ලක් වගේම සේර මුල් කෑල්ලකුත් තලලා තියලා තිබුණා……

තවත් පොඩි දීසියක තලාගත්ත එනසාල් ඇට තුන හතරක් , කරාඹු නැටි දෙක තුනක්, Knorr චිකන් කියුබ් එකක් තියලා තිබුණා වගේම….. සුද්ද කරපු ඉස්සෝ, දැල්ලෝ පොඩි කොටු කෑලි වලට කපලා තවත් භාජනයක තිබුණා….

අර බත් එක නිවෙන්න ඇරලා පොඩි කරන්න….. මේ භාජන ටික හෝදලා දාන්න…… අයියෝව්… වතුර හලන්න එපා මිනිහෝ….. ඔය සබන් පෙණ හැමතැනම….. අහකට යනවා…. අයින් වෙනවා මංම කරන්නම්…… අර්හ්….. එක වැඩේ දෙක කරනවා…. මෙතන…..”

මහිත්ගේ උදව් කිරිල්ල නිසා සනුත්ගේ වැඩ දෙක තුන වෙන්න ගියේ ටික වෙලාවයි…. ඉතින් ආයෙම කාල බෝම්බය ටීක් ටීක් ගාන්න පටන් ගත්තා…..

ඉතින් බබා කෑ ගහන්නේ…. හිමින් කියලා දෙනවකෝ… මං ඉගෙන ගන්නම්….. ඇයි අප්පා මගුල…. උදව් කරන්න ගියත් වැරදී…..

මැරිලා මැරිලා ගෙදර දුවන්නෙත් නැතුව මෙහෙ එන්නේ උඹ ළඟ හරි සැනසීමයි හින්දා ….. කියවලා කියවලා ඒක විනාශ කරන්නෙපා බබා…..”

ඒ පාර නම් මහිත්ගේ හිත ටිකක් රිදුනද මන්දා….. මහිත්ගේ වචන ඇහුණු සනුත් ඒප්‍රන් එකේ අත් දෙක පිහදමින් මහිත් ළඟට ආවා…..

මේ මොකද…..”

“ම්ම්ම්….. නිකන්…. අයි ජස්ට් වොන්න හග් යූ…..”

ඒප්‍රන් එක බෙල්ලෙන් පන්නලා කිචන් කවුන්ටර් එක උඩට විසික්කපු සනුත් සින්ක් එක ළඟ හිටගෙන උන්න මහිත්ගේ ඉණ වටේ අත් දෙක යවලා තුරුල් වුණේ හරි උණුසුම් හැඟීමකින්……

ම්ම්…. මං භාජන හෝදන්නම් පස්සේ…  ඔයාට මහන්සිනේ…… වාඩි වෙලා ඉන්න…..”

ජීව්තේ අපිට මහන්සි දැනෙන සමහරක් වෙලාවට එකම එක වැළඳගැනීමක් ඇති සැනසෙන්න….. ඉතින් මහිත්ටත් සනුත්ගේ එක වැළඳ ගැනීමක් , ස්පර්ශයක් ඇති නිවෙන්න….

විනාඩි දෙක තුනක ආදරණීය වැළඳ ගැනීමකට පස්සේ සනුත් ආයෙමත් ඒප්‍රන් එක් ඇඳගෙන ගෑස් ලිප ක්‍රියාත්මක කරලා Sauce Pan එක ලිපෙන් රත් වෙන්න තිබ්බා…..

රත් වුණු වළඳට තෙල් මේස හැඳි 2ක් දාලා ඒකට තලාගත්තු එනසාල් , කරාඹු නැටි ටික දැම්මා…. ඊළඟට පිළිවෙලින් ඉඟුරු , සුදුළූණු ටිකත්, තලාගත් සේර මුල, රම්පේ , කර පිංචා කොළ ටිකත් දාලා සුදුළූණු රන් දුඹුරු පාට වෙනකම් බැදෙන්න තියපු සනුත් ඊට පස්සේ ඒකට එකතු කලේ කොටුවට කපාගත්ත ඉස්සෝ සහ දැල්ලෝ කෑලි ටික……

ඉස්සෝ දැල්ලෝ කෑලිත් විනාඩි කීපයක් තෙල් වල එහා මෙහා පෙරලපු සනුත් ඊළඟට එළවළු ටිකත් ඒකටම එකතු කරලා ලුණු කුඩු… කෑලි මිරිස් ස්වල්පයක්, තලාගත් ගම්මිරිස් ඇට ටිකක් එකතු කරලා වැඩි ගින්දරේ හොඳට තෙම්පරාදු කලේ චිකන් කියුබ් එකත් එකතු කරලමයි…..

අවසානෙදි…. වෙනමම උයාගත්තු කැට පොඩි කරපු කීරි සම්බා බත් ටික එළවළු මිශ්‍රණයට එකතු කරපු සනුත් සෝයි සෝස් හැන්දක් එකතු කරලා හොඳට කලවම් කරන්න ගත්තේ හොඳ පළපුරුදු කෝකියෙක් වගේ…..

ඔයාට මාර එක්ස්පීරියන්ස් එකක්නේ තියෙන්නේ බබා…. අයි මීන් ඔයා උයද්දි හෙනම ප්‍රොෆෙශනල්….”

“අම්මා කියලා තියෙනවා මගේ තාත්තා ඉස්සර කොමි ටූ ලෙවල් චෙෆ් කෙනෙක්ලු…. රසට කෑම හදනවලු…. සමහර විට ඒ නිසා මටත් උයන්න පුලුවන් ඇති…..”

හරිම සැහැල්ලුවෙන් සනුත් කිව්වා වුණත් හරියට ලං වෙලා අහගෙන හිටියනම් සනුත්ගේ කටහඬේ බිඳුණු තැන් මහිත් අඳුනගන්න ඉඩ තිබුණා….

මං ඔයා ගැන දන්නවා හරි අඩුයිනේ බබා…. ඇත්තටම කෝ ඔයාගේ තාත්තා…”

“මං තාත්තා ගැන දන්නෙත් ඔච්චර තමා…. හරි උයලා ඉවරයි….. මං මේ ටික අස් පස් කරලා එනකම් ඔයා ටේබල් එක ලෑස්ති කරන්නකෝ….”

කොහොමත් සනුත් ජීවිතේ කතා කරන්න අකමැතිම මාතෘකාවක් තාත්තා කියන්නේ…. ඉතින් මහිත්ට කියලවත් ඒකෙ වෙනසක් නැති කොට ගාණට කතාව මඟ ඇරපු සනුත් කුස්සිය අස් පස් කරලා දාන්න පටන් ගත්තා…..

………………………………………………………………………..

රෑ කෑම වෙලාව නිහඬවම ගෙවිලා ගියා….. සී ෆුඩ් රයිස් එකත් එක්ක චිලි පේස්ට් එකකුයි චිකන් ස්ටොක් කරි එකත් එක්ක රෑ කෑම ඉවර කරපු සනුත් හිටියේ කාපු බීපු පිඟන් කෝප්ප අස් කරන ගමන්…..

මේ අතරෙදි මහිත් හිටියේ අද රෑට සැලසුම් කරගෙන හිටිය මූවි නයිට් එකට විසිත්ත කාමරය සූදානම් කරන ගමන්…..

සෝපාවත් එක්ක තියෙන පොඩි මේසය උඩින් ලැවැන්ඩර් සුවඳ ඉටිපන්දම් තැනින් තැන තියපු මහිත් ඊළඟට මගදි එන ගමන් House Of Wine එකෙන් ගෙනාව 2019 නිෂ්පාදිත Catena Cabernet Sauvignon වර්ගයේ රෙඩ් වයින් බෝතලය ත් එක්ක වයින් වීදුරු දෙක තියලා ඉටිපන්දම් ටික දැල්වූවා…..

විසිත්ත කාමරයේ විදුලි පහන් නිවපු මහිත් කුස්සියට ගියේ සනුත්ව එක්කගෙන එන්න….. කිචන් කවුන්ටර් එක රෙදි කෑල්ලකින් පිහදාමින් හිටපු සනුත් ලඟට ගියපු මහිත් සනුත්ගේ ඉණ වටේ අත් යවමින් සුපුරුදු බැක් හග් එකක් දුන්නා……

ඇයි මේ….. “

“ම්ම්ම්….. මුකුත් නෑ….. ජස්ට්… අයි නීඩ් දිස්….”

“ම්ම්ම්ම්ම්ම්ම්….. එහෙනම් මට මේක ඉවර කරන්න දෙන්නකෝ…..”

“ම්හු…..ඕක පැත්තකට දාන්නකෝ….. පස්සෙ කරමු ඕවා…. එන්නකෝ බඩ්ඩක් පෙන්නන්න…..”

සාක්කුවේ තිබුණු රෙදි පටියක් අතට අරගෙන සනුත්ගේ ඇස් දෙක වටා බඳින ගමන් මහිත් එහෙම කිව්වා…..

යෝහ්…. ඇස් බඳින්නේ…. ඇයි….. අපි අතර මොකුත් වෙන්නත යන්නේ අද රෑට …..”

මහිත් ඇස් දෙකේ රෙදි පටිය ගැට ගහද්දි ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවුණු සනුත් එහෙම ඇහුවේ මහ දොන්ත තාලෙට…..

මොනවාහරි කිව්වේ…..”

සනුත් අදහස් කරපු දේ තේරුණත් නොතේරුණු ගාණට මහිත් එහෙම ඇහුවේ පනින්න ඔන්න මෙන්න තියෙන හිනාව වාවගෙන……

මොනාම හරි අයියෝව්…. රෙදි කෑල්ලකින් ඇසුත් බැන්දනේ….. බඩසමවත් කරන්නද යන්නේ අපි…..”

“මොකක්…… “

“à·„à·™ à·„à·š…. මොකුත් නෑ

එක පාරටම සනුත් අහපු ප්‍රශ්නෙන් මහිත්ගේ ඇස් දෙක නළලට ගියේ සනුත්ගෙන් ඒ වගේ කතාවක් බලාපොරොත්තු වුණේ නැති හින්දයි…..

හීමිජ්ජා වගේ හිටියට තෞසේ එව්වත් දන්නවද බබා…..”

“නෑ…. ඇත්තටම මේකනේ….. දැන් අපි ඉන්නේ හෝමෝ සෙක්ශුවල් නැත්තම් ගේ රිලේශන්ශිප් එකකනේ…. ඉතින් මට දැන ගන්න ඕන වුණා….. මං කියන්නේ….. මට බය හිතුනා…… මම දේවල් ඒ තරම්ම දන්නැති නිසා You May Could bored on me…. So That’s why මං හොයලා බැලුවේ…..”

ඇස් දෙක ගැට ගහපු සනුත්ගේ අත් ගොබ දෙකෙන් අල්ලගෙන් හෙමින් ඉස්සර කරගෙන යන මහිත්ගේ ප්‍රශ්නෙට සනුත් උත්තරයක් දුන්නේ සීරියස්ම කටහඬකින්…..

හොයලා බැලුවේ පෝන් හබ් එකේද…. මෝඩ පැටියා…..  බඩසම කරන්න කතාව…. හරියට බ්ලෝ ජොබ් එකක්වත් දෙන්න පුලුවන් ද…..”

“…………………..”

“ඊළඟ පාර මොනා හරි හොයනවනම් මට කියනවා…. මම පෝන් හබ් එකට වඩා හොඳ සයිට් වල ලින්ක් එවන්නම්….”

“ඊව් ඊව් වලත්තයා…. ම්ම්ම්ම්…. මොකද්ද ඒ හොඳ සුවඳක් එන්නේ……”

“ඔව් ඔව්…. මං වලත්තයා…. උඹ බබා….. ඔය ඔතන හිමීට බලාගෙන අඩිය තියන්න…… ඔන්න හරි…. මං කවුන්ට් කළාම ඇස් අරින්නේ හාද…..”

සනුත්ව විසිත්ත කාමරයේ පිවිසුම ගාව නවත්තගෙන රෙදි පටියේ ගැටය ලිහපු මහිත් එහෙම කියමින් කවුන්ට් කරන්න පටන් ගත්තා…..

එකායි…. දෙකායි……. තුනායි……. ටඩා……”

තුනට ගණන් කරලා ඉවර වෙද්දි හෙමින් ඇස් දෙක ඇරපු සනුත්ට විසිත්ත කාමරයේ තිබුණු අඩ අඳුරට ඇස් හුරුවෙන්න තත්පර ගාණක් ගියා…..

ඊළඟට සනුත් දැක්කේ තමන් ජීවිතේ දැක්ක ලස්සනම දර්ශනය කියලා සනුත් විශ්වාස කළා…..

ඉටිපන්දම් දැල්ලෙන් නැගුණු කහ පාට ළා එළිය නිසා විසිත්ත කාමරයේ අඩ අඳුරක් තිබුණේ…… ඉටිපන්දම් වලින් එන ලැවැන්ඩර් සුවඳෙන් මුළු විසිත්ත කාමරේම පිරෙද්දි…. පොඩි මේසය උඩ තිබුණු වයින් බෝතලයත් පොප්කෝන් බකට් එකත් ….. මේ සේරම එකතු වෙලා…… මුළු විසිත්ත කාමරය පුරාම අමුතුම රෝමාන්තික භාවයක් මවලා තිබුණා…..

ඩූ යූ ලයික් ඉට්…… පහුගිය ටිකේම මට ඔයා එක්ක ඉන්න හම්බුනේම නෑනේ …. ඉතින් අපේ ෆස්ට් මූවි නයිට් එක අද….. “

තවමත් නිහඬවම බලාගෙන ඉන්න සනුත්ගෙන් මහිත් එහෙම ඇහුවා…..

I Love You So Damnly….. You are More Than My Everything “

මහිත්ගේ පිරුණු පපුවේ වම් පැත්තේ….. හරියටම කිව්වොත් හදවත පිහිටන තැනට උඩින් සීතල තොල් වලින් හාදුවක් තියපු සනුත් එහෙම කියද්දි…. ඇදගෙන හිටිය කපු ටී ශර්ට් එක හරහා මහිත්ට ඒ හාදුවේ උණුසුම දැණුනා……..

……………………………………………………………………….

මොකද්ද බලන්නේ අපි……”

“ම්ම්ම්….. අනේ මන්දා…. මේකෙ නෙට්ෆිලික්ස් එකත් තිබ්බද…… මං දන්නෙත් නෑ…..”

සෝපාවේ වාඩිවෙලා ටීවී එකේ දුරස්ථ පාලකයත් අතේ තියාගෙන මහිත් හොඳ චිත්‍රපටයක් තෝරමින් හිටියා…..

“Oppenheimer බලමුද…. මං දැක්කා ෆේස් බුක් එකේ ඒ මූවි එකට හොඳ රිවීව් තිබ්බා……”

“ඊව් බබා…. මූවි නයිට් එකකට ඒ වගේ එකක් බලනවද…. La La Land බලමුද….. “

“අහ්…. ඒක මං බැලුවා….. මියුසික් නම් හොඳයි…. “

“ඔයා බලපු එකක් නම් ආයෙ බලලා වැඩක් නෑනෙ…. ම්ම්ම්….. Love ‘ Simon බලමුද…..ම්ම්ම්ම්….. නෑ එක්කෝ මේක බලමු ……”

නෙට්ෆ්ලික්ස් එකේ එහා මෙහා ගිය මහිත් අන්තිමට තෝරගත්තේ 2017 දී තිරගත වුණ Call Me By Your Name කියන ඉතාලි චිත්‍රපටිය……

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය විකාශය වෙන්න ඇරපු මහිත් ඊළඟට Catena වයින් බෝතලය අතට අරගෙන හොඳින් සෙලෙව්වා….. ඊළඟට Corkscrew එකක් ආධාරයෙන් කිරල ඇබය හෙමින් හෙමින් ගලවලා පැත්තකින් තියපු මහිත්….. රෙඩ් වයින් සඳහාම විශේශිත වුණු Wide – Rimmed wine Glass එක වම් අතේ ඇඟිලි තුනකින් ජේත්තුකාර විදියට රඳවගෙන වීදුරුවෙන් කාලක් වගේ පිරෙන්න තද රූබි-රතු පාටක් තිබුණු වයින් වත් කලා…..

අනික් වීදුරුවටත් ඒ විදියටම වයින් වත් කරපු මහිත් එක වීදුරුවක් සනුත් අතට දුන්නා…..

වයින් බොන හැටි දන්නවද බබා…..”

“අනික් එව්වා වගේමනේ….”

“නෑ…. නෑ…. එක පාර ගසලා අරින්නෑ….. ඉස්සෙල්ලාම…. ග්ලාස් එක මෙහෙම අල්ලගන්න….. නෑ නෑ…. තව යටින්…. අන්න හරි…. ඔහොම අල්ලගෙන…. වයින් එකේ ස්මෙල් එක එන්ජෝයි කරන්න….. වයින් එකක රස හරියටම දැනෙන්න නම්…. ඔය ඇරෝමා එක මුලින්ම මොලේට දීලා ඉන්න ඕනි…….”

මහිත් කියපු විදියටම ග්ලාස් එකේ යට අඩියට වෙන්න ඇඟිලි වලින් වයින් වීදුරුව අල්ලගත්ත සනුත් මුලින්ම කලේ වීදුරුව නහයට කරන් වයින් එකේ සුවඳ විඳපු එක…..

ම්ම්….. වැනිලා සුවඳ වගේත් එනවා…..”

“ම්ම්ම්ම්ම්….. ඔව්…. මේක බ්ලැක්බෙරි….. කැසීස්…. ඒ කියන්නේ කළු පාට චූටි ගෙඩි ජාතියක්…. ඒ වගේ සුවඳයි…. වැනිලා චූට්ටක්…. මික්ස් වුණු ස්මෙල් එකක් තියෙන්නේ…..”

“ම්ම්ම්….. සුවඳයි…. ඊළඟට… බොන්නද….”

“නෑ…. නෑ….. මෙන්න මෙහෙම හිමීට හැලෙන්නේ නැතිවෙන්න වටේට කලතවන්න….. අන්න එහෙම රවුමට…… දැන්…. පොඩි උගුරක්…A little Sip of wine…. කටට අරන් එක පාරට ගිලින්නැතුව හෙමින් ගිලින්න….. දිවේ රස අංකුර වලට දැනෙන්න හෙමින් ගිලින්න….. අන්න හරි…..  Good Job…”

“……….”

මහිත්ගේ වයින් පාඩමේ උගන්නන විදියටම වයින් උගුරක් හෙමින් හෙමින් රස බලපු සනුත්ගේ මූණ එක එක හැඟීම් වලින් පිරුණා……

කොහොමද රස…..”

“මට හරියටම ඩිෆයින් කරන්න බෑ…… ඉස්සෙල්ලාම නිකන් කහට ගතියක් වගේ දැනුනට….. ටිකකින් හෙන කූල් එකක් වගේ….. අන්තිමට පැණි රසකුත් දැනෙනවා ….. අනේ මන්දා…. මට රස අඳුරගන්න බෑ වගේ….”

“ම්ම්ම්….. ඒ ඉස්සෙල්ලාම එන්නේ බෙරි වල කහට ගතිය….. ඊළඟට දේවදාර හින්ට් එකක් මික්ස් වෙලා තියෙනවා ඕකේ…. ඒකෙන් තමා ඔයා කිව්ව කූල් ගතිය එන්නේ….. ඊළඟට…. හොඳට ඉදුණු බෙරි වල ශුගරි ගතිය අන්තිමට එන්නේ…… “

“ඔයා මේවගේ එක්ස්පර්ට් කෙනෙක්නේ …. “

“ම්ම්ම්….. ඊළඟට හෙමින් හෙමින් උගුර උගුර බොන්න…. හැම වෙලේම උගුරක් බොන්න කලින් වීදුරුව හොලවලා වයින් මික්ස් කරන්න…. නැත්තම් මණ්ඩි ටික යටට බහිනවා…..”

එතනින් එහාට ගත වුණු විනාඩියෙන් විනාඩියේ වයින් බෝතලය හිස් වුණා වගේම චිත්‍රපටයත් ඇදිලා ගියා…..

ශෝකාන්තයකින් කෙලවර වුණ චිත්‍රපටියේ අවසාන දර්ශනය වෙනකොට සනුත් නොසෑහෙන්න ඉමෝශනල් වෙලා කියලා මහිත්ට තේරුණේ චිත්‍රපටියේ ප්‍රදාන චරිතය වුණු ඒලියෝ ගිනි උඳුන ඉස්සරහට වෙලා කඳුළු පුරවගෙන ඉන්න දර්ශනයේදී මහිත්ගේ පපුවට හේත්තු වෙලා හිටපු සනුත්ගේ ඇස් දෙකෙන් ගලාගෙන ගිය කඳුළු වලින් මහිත්ගේ පපුව තෙමුණු නිසයි……..

බබා…. ඔයා අඬනවද…… ඒයි…. සූකිරි…. “

“……………..”

“බබා ඉට්ස් ජස්ට් අ මූවී…. ඒක ෆිල්ම් එකක් විතරයි බබා….”

“බට් ඉට් හර්ට්ස්….. When Oliver Said “I Remember Everything …” එච්චර ආදරේ නම්….. ඇයි ඔලිවර් එහෙම කළේ…… ඇයි ඒලියෝ à·€ දාලා ගියේ ….. දැට්ස් අන්ෆෙයාර්….”

“කමෝන් බබා….. ලෙට්ස් ෆොගෙට් දැට් ඕකේ…. දැන් ඒක අමතක කරමුකෝ….. මට කියන්නකෝ පහුගිය මාසෙම මට මොනවද මගේ සූකිරිගේ මිස් වුණේ…..”

ටීවී එක නිවා දාපු මහිත් සෝපාවේ හරි බරි ගැහිලා සනුත්ව තුරුල් කරගන්න ගමන් එහෙම ඇහුවා……

මහිත්ට තමන් ගැනම පුදුම හිතෙන්නේ මෙන්න මේ වගේ මොහොතවල් වලදී…… දැනට මාස ගාණකට උඩදී ක්ලබ් ගාණේ රැයක් දවාලක් නැතුව පිස්සු කෙළපු….. අතට අහුවුණු වෙලාවට කෙල්ලෝ කොල්ලෝ භේදයක් නැතුව ඇඳට ගොඩ කරගත්ත…. මහිත් අභිමාන්‍ය රේමන්ඩ් කියන සෙල්ලක්කාර තරුණයා ; කිරිගරුඬ රූපයක් වගේ ඉන්න සනුත් වගේ කොල්ලෙක්ව තුරුල් කරගන්න එකෙන්….. සිප ගැනීමකින් වගේ දේකින් සෑහීමකට පත් වෙනවා කිව්වාම පුදුමයක් නෙවේද ඉතින්….

කවදාහරි ඔයත් ඔලිවර් වගේ මාව දාලා යයිද…..”

මහිත්ගේ කමිසයෙන්ම ඇස් දෙකේ ඉතුරු වුණු කඳුලු ටිකත් පිහදාගත්ත සනුත් හොඳට මහිත් අස්සටම ගුලිවෙලා එහෙම ඇහුවා…..

උඹට බබා මගෙන් කුණු හරප අහගත්තේ නැත්තම් නින්ද යන්නැද්ද…. දැන් ඇති ඔය කතාව…. ඉට්ස් ජස්ට් අ මූවී…. සල්ලි හම්බවෙන නිසා ස්ක්‍රිප්ට් එකකට මිනිස්සු රඟපානවා…. දැට්ස් ඉට්…. “

“හරි ඉතින් ඔච්චර කේන්ති ගන්න ඕනයෑ…. මං නිකම් නේ ඇහුවේ….”

එක පාරටම කාලගුණේ වගේ වෙස් පෙරලුණු මහිත් ගේ කේන්‍තිය ඉස්සරහා සනුත් හා පැටියෙක්ගේ මොඩ් එක ඔන් කරගත්තා…..

කෝ නැගිටිනවා….”

“ඇයි ඒ…..”

“නැගිටපන්කෝ කිව්වහම….. කෝ…. අයින් වෙයන් බබා….”

“බෑ… බෑ…. තෞසේ ඔය තරහා වෙලා යන්නනේ හදන්නේ… බෑ …. බෑ…. අයින් වෙන්නේ නෑමයි ……”

සනුත්ව එහාට කරලා සෝපාවෙන් නැගිටින්න හදපු මහිත් තරහා වෙලා ආපහු යන්න හදනවා කියලා හිතපු සනුත් තව තව මහිත්ගේ අස්සට ගුලි වුණේ මහිත්ට නැගිටින්න ඉඩක් දෙන්නැතුවමයි…..

සුදු මැණික…. ඉන්නකෝ… ටිකක් නැගිටින්න දෙන්නකෝ…. සූකිරි…..”

“බෑ….. තෞසේ යනවනේ….”

“අනේ…. යන්නෑ හුත්තෝ…. නැගිටපන්කෝ කියන එක අහලා…..”

“හැබැයි යන්න හැදුවොත් මං උඹේ ඇට දෙක තලනවා සුදු අයියේ…. “

“ඒක තැලුවොත් උඹටමයි පාඩුව බබා….”

ඉඩ ලැබුණු අවසරයෙන් මහිත් සෝපාවෙන් නැගිට්ටේ එහෙම කියන ගමන්……

විසිත්ත කාමරයේ පුංචි ඉඩ කඩේ තිබුණ බඩු මුට්ටු පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ඉඩක් හදාගත්ත මහිත් ආයෙමත් ටීවී එක ඔන් කරලා යූ ටියුබ් එකෙන් Ed Sheeran ගේ Perfect ගීතය වාදනය වෙන්න ඇරල සනුත් ගාවට ආවා…..

සෝපාවේ වැතිරිලා උන්න සනුත් ළඟ දණක් නවපු මහිත් වම් අත පිටිපස්සෙන් තියාගෙන දකුණු අත සනුත්ට දිගු කලා….

Shall We Dance My Precious ?….

………………………………………………………………………..

I found a love, for me
Darling, just dive right in and follow my lead
Well, I found a girl, beautiful and sweet
Oh, I never knew you were the someone waiting for me

‘Cause we were just kids when we fell in love
Not knowing what it was
I will not give you up this time
But darling, just kiss me slow
Your heart is all I own
And in your eyes, you’re holding mine

Baby, I’m dancing in the dark
With you between my arms
Barefoot on the grass
Listening to our favourite song
When you said you looked a mess
I whispered underneath my breath
But you heard it
Darling, you look perfect tonight

සනුත්ගේ අතින් ඇදගෙන හදාගත්ත ඩාන්සින් ෆ්ලෝර් එකට ආව මහිත් ඊළඟට සනුත්ගේ අත් දෙකම අරගෙන තමන්ගේ ගෙල වටා යවාගත්තා…. ඊළඟට තමන්ගේ අත් දෙක සනුත්ගේ ඉණ දෙපැත්තෙන් තියාගෙන සංගීත තාලෙට හෙමින් හෙමින් දෙපැත්තට පැද්දුනේ බෙල්ල ඇල කරගෙන තමන් දිහා බලන් ඉන්න සනුත්ගේ නළලට නළල ගාවමින්…..

සුදු අයියේ ……”

“ම්ම්ම්ම්ම්……….”

“තමුසේ හිතනවටත් වඩා මම තමුසෙට ආදරෙයි……. මාව දාලා යන්න එපා ඕයි කවදාවත්….. මාව තනි කරන්න එපා බං…. කවදාවත්….. මං…. මැරෙයි ඕයි…..”

……………………………………………………………………….

සූකිරි…..”

“ම්ම්ම්…..”

“නිකිත් අද ඔසී යනවා…..”

මහිත්ගේ අත් බාහුවක් උඩ නිදාගෙන හිටපු සනුත් එක ඇහැක් යන්තම් විවර කළේ මහිත් කියපු දේට ප්‍රතිචාරයක් දක්වන්න ඕන හින්දයි……

හයි ස්ටඩී වලටද….”

“ම්හු…. නෑ…. උන්ගේ අක්කා ඔසීනේ සෙට්ල් වෙලා ඉන්නේ…. ඉතින් නිකම් ගිහින් එන්න යනවලු…..”

“හ්ම්ම්ම්….. මටත් ආසයි ඒ වගේ රටක සෙට්ල් වෙන්න….. තෞසෙත් එක්ක…..”

සනුත් එහෙම කිව්වේ මහිත්ගේ නිරුවත් අත් ගොබේකට හාදුවක් තියන ගමන්……

මං ඌව එක්කන් එයාපෝට් යනවා හවස…. ඔයත් එනවද යන්න …..”

“ම්ම්ම්…. ඔයා ගිහින් එන්න…. මට ක්ලාස් එකේ වැඩ ටිකක් තියෙනවා කරගන්න…. “

“ම්ම්ම්….. එහෙනම් ලෑස්ති වෙනවකෝ….. උදේ වරුවේ රවුමක් දාලා එමු…. හවස මං යනවනේ ….”

“අන්න ඒක නම් නියම අදහසක්… මට ඇඳුම් ටිකක් ගන්නත් ඕන….. වෙඩින් එකකුත් තියෙනවා ලඟදි….කොහෙටද යන්නේ අපි…..”

“වන් ගෝල් ෆේස් එක්කන් යන්නද….”

“ජැපනීස් කන්න එක්කන් යනවද…. මට ආසයි සුෂි කන්න….”

“හා…. එක්කන් යන්නම්…. කාගෙද වෙඩින් එක….”

“තීක්ෂණ අයියා මතකද…..”

“මොන…..”

“අර තෞසේ දවසක් හෙනම ගැම්මට අත දුන්නෙ මම සනුත්ගේ බෝයිපෙන්… නයිස් ටු මීට් යූ…. කියලා….”

තීක්ෂණ ගැන අතීත සිද්ද්ධිය මතක් වුණ මහිත්ට පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් දැණුනා…..

“අන්න ඌගේ වෙඩින් එක….. මේ 18…. ඔයාවත් එක්කන් එන්න කිව්වා…. යං මාත් එක්ක  හාද…..”

“තව දවස් තියෙනවනේ…… බලමු…..”

………………………………………………………………………..

නිල් පාට ඩෙනිම් ශෝට් එකට මෙරූන් පාටට හුරු ටී ශර්ට් එකක් ඇඳල සන්ග්ලාස් දෙකත් දාගෙන එළියට බහින සනුත් දිහා මහිත් බලන් හිටියේ හරි ආඩම්බරකාර බැල්මකින් වගේ……

පම්පෝරි කියවමින් අගය කරන්න තරම් වටින ලස්සන රූපෙක අයිතිකාරයා තමාය යන හැඟීම තමා මහිත්ගේ මූණට ආඩම්බරයක් ගෙනාවේ…..

හොඳයිද…..”

කාර් එකේ දොරට හේත්තු වෙලා ඉන්න මහිත් ලඟට ගිහින් සනුත් ඇහුවේ සන්ග්ලාස් දෙක පාත් කරමින් ඇස් යටින් දෙන අමුතු බැල්මත් එක්ක…..

හොඳයි වෙන නැත්තන්…. එනවා එනවා…. ඇවිල්ලා නගිනවා….”

“කරටද….”

“අනේ මගෙන් මුකුත් අහගන්නැතුව යමං බබා……”

………………………………………………………………………..

“සුදු අයියේ……”

“ම්ම්ම්ම්……”

“ඒක දිගයි නේද…..”

“ම්ම්ම්ම්….. කොහොමද දැනගත්තේ….”

“එහෙම නැතුව කෙටි කරග…. හෝව්…. පොඩ්ඩක්…. හෝව්…. මොකද්ද තෞසේ ඇහුවේ?…. කොහොමද දැනගත්තේ කියලා???? මොකක් ගැනද…..”

කාර් එකේ යන ගමන් මොකක් හරි දෙයක් කියාගෙන යන්න ගියපු සනුත්ගේ කතාව නතර වුණේත් ඊට කලින් මහිත් කිව්ව දේ ගැනත් කල්පනා වුණේ පස්සෙයි….

යකෝ…. මම කිව්වේ සුදු අයියේ කියන එක දිගයි….. ඒක කෙටි කරානම් හරි කියලා…. ඉඳකින් අයියේ උඹ නම් මහ උපන්ගෙයි දස වලත්තයෙක්…. අසහනකාරයා……”

“ඉතින් යකෝ මම දන්නේ කොහොමද ඔහොම මගුලක් ගැන කියෙව්වා කියලා…. කියන එකක් පැහැදිලිව කියන්නෑ…….”

“යැයි යැයි යැයි තමයි…… දානවා සිංදුවක්වත්…..”

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
ඔබයි මගේ

………………………………………………………………………..

ඉස්සෙල්ලා ඇඳුම් අරගෙන පස්සේ කන්න යමු හාද…..”

“ම්ම්ම්……”

“කොයි ශොප් එකෙන්ද ගන්නේ බබා…..”

“අනේ මන්දා….. මේවා මාර ලක්ශරි ප්ලේස් නේ අයියේ…. මං ළඟ එච්චර සල්ලි නෑ…..”

“සල්ලි ගැන ඇහුවේ නෑනේ…. තෞසේගේ ශුගර් ඩැඩී ඇවිල්ලා ඉද්දි සල්ලි ගැන වොරි වෙන්නේ මොකටද….”

ශර්ට් එකේ කොලර් එක කෙලවරකින් උස්සන ගමන් මහිත් එහෙම කියද්දි නම් සනුත්ගේ මූණට හිනාවක් මෝදු වුණා….

හමීඩියාස් යමුද…. නැත්තම් නයිකි…. ම්ම්ම්ම්…… නැත්තම් අපි Ekko එකට යමු…. එතන හොඳ සමර් කලෙක්ශන් තියෙනවා ….”

“ඔයා කියන දෙයක් තමයි ඩැඩී….”

“ඕක වෙන වෙලාවක කියන්න තියාගන්න බබා…..”

මහිත්ව ටිකක් අවුස්සන්න හිතන් උගුරෙන් අමුතු මන්ද්‍ර ස්වරයකින් සනුත් කියද්දි අනිත් පැත්තට සනුත්ගේ කණට ළංවුණු මහිත් ඩීප් වොයිස් එකකින් ප්‍රතිඋත්තර දෙද්දි සනුත්ගේ කටේ කෙළ හිඳුණා…..

………………………………………………………………………..

“මට ලෝන්ග් ස්ලීව් ස්ලිම් ෆිට් ශර්ට්ස් ටිකක් ඕන…..”

“ප්ලේන් ශර්ට්ස්ද සර්….. කලර්ස් මොනවද සර්….”

“ම්ම්ම්….. පොඩි පොඩි වයිබ්ස් තිබ්බට ඕකේ….. කලර්ස් නම්……. වයිට්….. බ්ලැක්….. ලයිට් බ්ලූ….. තව…. අර ක්‍රිසැන්තිමම් කලර් එක….. ලයිට් වයලට් ….. අරකත් පෙන්නන්න බලන්න…..”

සනුත්ට හිතේ හැටියට ඇඳුම් තෝරගන්න ඉඩ දීපු මහිත් ෆෝන් එකෙන් ඊමේල්ස් පරික්ෂා කරමින් හිටියේ එතැන තිබුණු සෝපාවක වාඩි වෙලා……

මේක කොහොමද අයියේ….”

ෆිටෝන් කාමරයේ ඉඳන් ආව සනුත්ගේ කටහඬට ෆෝන් එකෙන් ඔලුව උස්සලා බලපු මහිත් තප්පරේකට ගොලු වුණා……

ඩෑම්න් ෆකින් හොට්……”

කළු පාට ස්මාර්ට් කැශුවල් ඔෆිස් ට්‍රවුසර් එකට ලෝන්ග් ස්ලීව් සුදු ශර්ට් එක යට කරලා කළු ටයි පටියක් එක්ක සම්පූරණ ස්මාර්ට් කැශුවල් ඇඳුමක් ඇඳලා හිටපු සනුත් දිහා බලලා ගොළු වුණ මහිත්ගේ මුවින් ඊළඟ නිමේශයේදි පිට වුණා……

………………………………………………………………………..

දැන් ජැපනීස්…..”

සෑහෙන වෙලාවකට පස්සේ Ekko ශොප් එකෙන් එලියට ආව කපල් එක දැන් මේ ඇවිදගෙන යන්නේ ජැපනීස් කෑම ට්‍රයි කරන්න පුලුවන් ෆුඩ් කෝට් එකක් හොයාගෙන…..

අයියේ මෙතන…..”

MENYA HANABI කියලා ජපන් අකුරෙන් ගහලා තිබුණු සම්පූර්ණයෙන් ම ජැපනීස් වයිබ් එකක් තිබ්බ රෙස්ටුරන්ට් එකක් සනුත් විසින් මහිත්ට පෙන්නුවා….

යමු බබා….”

සනුත්ගේ රෙදි බෑග් උස්සගෙන ජපන් කෑම කඩ හොය හොයා ඇවිදලා බැරි ගැහිලා හිටපු මහිත් එසැණින් සනුත්ගේ අදහසට එකඟ වුණා…..

………………………………………………………………………..

චීන කඩදාසි ලාම්පු වලින් ආලෝකමත් වුණු මේ රෙස්ටුරන්ට් එක තනිකරම ජපානයේ Shoukudo එකක සම්ප්‍රදායික වයිබ් එක ඉස්මතු කරලා අරන් තිබුණා…..

ඔයා මොනාද කන්නේ සුදු අයියේ…..”

“මට මේකේ තියෙන ඒවා තේරෙන්නෑ බබා… ඔයා තෝරන්න හොඳ දෙයක්…..”

“ලෙට්ස් ට්‍රයි දිස්….  මේ සුෂි එකයි….. ම්ම්ම්… තව මේ Salmon Nigiri එකෙනුයි ට්‍රයි කරමු….. අපේ ජපන් ක්ලාස් එකේ සෙන්සෙයි කිව්වා මේ ට්‍රැඩිෂනල් කෑම පට්ටම යුනික් කියලා…. රසත් ඒ වගේලු…..”

ඇණවුම් කළ සුෂි පිඟානත්….. Salmon Nigiri පිඟානත් වේටර් වරයෙක් ගෙනත් මේසෙ උඩින් තිබ්බා….  චොප්ස්ටික් කූරූ ත්…. ඒ වගේම ජැපනීස් ග්‍රීන් ටී කෝප්ප දෙකකුත් මේසය මත තිබ්බා…

වටකුරු ඇලෙන සුළු ජපන් හාල් වලින් උයපු බත නොරි වීඩ්… ලුණු, ගම්මිරිස් වලින් හොඳට සීසන් කරලා කුඩා කුඩා ප්‍රමාණයේ බෝල හදාගෙන ඒ උඩින් සිහින්ව කැපූ සැමන් මාලු පෙත්තක් තියලා ඩිපින් සෝස් එකත් එක්ක පිළිගන්වපු Salmon Nigiri කියන්නේ ඉතාම රස ආහාරයක් වගේම මෙය විශේශ වන්නේ….  මේ Salmon  මාළු පෙත්ත අමුවෙන්ම ආහාරයට ගත් යුතු නිසාමයි…..

සුෂි කියන්නෙත් මේ වගේමයි…. රස අතිනුත් දෙවෙනි නෑ….. Salmon Nigiri විදියටම සීසන් කරපු බත් ටික සුෂි රෝලින් ශීට් එකේ එලපු නොරි වීඩ් ශීට් එකක් උඩ අතුරලා බත් වලට උඩින් දිගටියට හා හීනියට කපපු  කැරට්… ගර්කින්… තීරු ඉරපු කකුළු මස් ක්‍රැබ්ස්… බිත්තර.. මේ ඕන දෙයක් තමන්ට ඕනි විදියට තියලා අන්තිමට අර සුෂී  රෝලින් ශීට් එකේ තියලා තද වෙන්න රෝල් කරනවා…..

ඔන්න ඔහොමයි මේ ඩිශ් දෙක හැදෙන්නේ….. චොප්ස්ටික් පාවිච්චි කරන්න දන්නවද….. මෙන්න මේක මෙහෙම හෙමින් කඩාගෙන….”

‘ම්හු…. මට මේක හොඳයි …. “

මේසේ උඩ තිබුණු කෑම ගැන බරපතල විස්තරයක් කරපු සනුත් අන්තිමට චොප්ස්ටික් පාවිච්චි කරන හැටි මහිත්ට කියලා දෙන්න හැදුවත් මහිත් චොප්ස්ටික් ප්‍රතික්ෂේප කළා…..

මිනිහෝව්….. ජැපනීස් කන්න ඇවිත් ගෑරුප්පුවෙන් කාලා හරියනවද ….. අනික සුෂි කන්න ලේසියි චොප්ස්ටික් වලින්….  මේ බලන්න…. මේ පළවෙනි කෝටුව මාපට ඇඟිල්ල මුලට තද කරගන්න….. දෙවෙනි කෝටුව මැද ඇඟිල්ලෙන් තියාගෙන දබර ඇඟිල්ලෙන් අල්ලගෙන පළවෙනි කෝටුවට සමාන්තර කරගන්න…..

අන්න හරි…. දැන් මූව් කරන්නේ උඩ කෝටුව ඇඟිලි දෙකෙන් මූව් කරන්න…. අන්න හරි හෙමීට….. “

සනුත්ගේ පෙරැත්ත කිරිල්ලෙන් බේරෙන්න බැරිම තැන මහිත් බැරි බැරි ගාතෙන්ම චොප්ස්ටික් වලින් කන්න ට්‍රයි කළා……

………………………………………………………………………

අම්මෝ….. දැන් නම් බඩ ෆුල්….. “

ෆුඩ් කෝට් එකෙන් එළියට ආව සනුත් එහෙම කියද්දි මහිත් ඒ දිහා බලලා හිනා වුණා…..

ඊළඟට…..”

“ඊළඟට ගෙදර යං බබා…… බබ්ල් ටී එකක් අරන් දෙන්නද….”

“එපා…. අමෙරිකානෝ එකක්….”

“ආ කාඩ් එක….. අතනින් අරන් එන්න….”

“ඔයාට…..”

“මට Iced Spanish Latte එකක්…..”

සනුත්ගේ අතට කාඩ් එක දුන්න මහිත් වොලට් එක වහලා ඔලූව උස්සද්දි දැක්කේ ටිකක් හුරු පුරුදු  ඡායාවක්……….

“මිතුනි…..”

ෆ්ලෝ එකේ එහා කෙළවරේ ලිෆ්ට් එකට ඇවිදන් ගියපු ගෑණු ළමයා දිහා බලපු මහිත්ට නිකම්ම කියවුණා….. තමන්ට පිටුපාලා තරුණයෙක්ව බදාගෙන එල්ලීගෙන හිටියත් ඒ ඡායාව තනිකරම මිතුනිම තමයි කියලා මහිත්ට හිතුණා….

එසැණින් අනික් පැත්තට මිතුනිගේ අංකය ඩයල් කරපු මහිත් දුරකතනය කනේ තියාගත්තා……

හෙලෝව් මහී….. කියන්න බබා….”

“මිතුනි…. වෙයා ආ යූ නව්…. “

“මං ගෙදර බබී….. වයි….”

“ආහ්…. එහෙමද… මං තව ටිකකින් ගෙදර පැත්තේ එනවා කියන්න ගත්තේ……”

“අහ්… මෙ…මේ…. ම…ම…. මම තව ටිකකින් යාලුවෝ එක්ක ගමනක් යනවා… මේ රෙඩි වෙන ගමන්….. ඔයා හෙට එන්න බබී…. ඕකේ…..”

“ආ…. කාඩ් එක……. මේකෙන් බාගයක් මටත් ඕන….”

මහිත් ඇමතුමක ඉන්නවා නොදැක්ක සනුත් ඇවිත් මහිත්ගෙ අතට Latte එක දුන්නේ එහෙම කියන ගමන්….

කවුද බබී ඔය….. “

සනුත්ගේ කටහඬ ඇහුණු මිතුනි ඒ පාර කතා කලේ සැක සහිත ස්වරයකින්……

“මගේ යාලුවෙක්….. අයි හෑව් ටු ගෝ නව්…. බායි …”

මිතුනිට වචනයක් කතා කරන්න නොදී ඇමතුම කට් කරලා දැම්ම මහිත් ඊළඟට තමන්ගේ ළඟ හිටගෙන ඉන්න සනුත් දිහාවට හැරුණා…..

කව්ද ඒ….”

ඇමෙරිකානෝ එකේ අයිස් කියුබ් වලට බටෙන් අනින ගමන් සනුත් ඇහුවේ ඩෝන්ට් කෙයා ස්වරයකින් උනත් හිත ඇතුලෙන් සනුත් පුදුම නොඉවසිල්ලෙන් හිටියේ කතා කරපු කෙනාව දැනගන්න……

මගේ යාලුවෙක් ඒ…. යංද අපි….”

“………………………………”

අඩි දෙක තුනක් ඉස්සරහට ගියපු මහිත් ආයෙම හැරිලා බැලුවේ සනුත් නැති නිසායි……

ආයේ හැරිලා සනුත් හිටපු තැනට ආව මහිත් තාම කෝපි එක දිහා බලාගෙන ම අයිස් කැටවලට අනින සනුත්ගේ අතකින් අල්ලගත්තා….

ඇයි බබා දැන්…..”

“මං ඔයාගේ යාලුවෙක්ද අයියේ….”

“මොකද්ද…..”

“ඔයා දැන් ඔයාගේ යාලුවට කිව්වේ…. මං ඔයාගේ යාලුවෙක් කියලා…. මං ඇත්තටම ඔයාගේ යාලුවෙක් විතරද…..”

සනුත් ඔලුව උස්සලා මහිත්ගේ ඇස් දෙක දිහා බලලා එහෙම ඇහුවත් මහිත් හෙමින් ඒ ඇස් දෙක මගෑරියා……

නිකම්ම යාලුවොන්ව මං කිස් කරන්නෑ බබා….. නිකම්ම යාලුවෝ එක්ක මේම ඩේට් අවුට් යන්නේ.. මූවි නයිට් ගහන්නෑ මං….. උඹ මගේ ගෙදර… උඹ මගේ සැනසීම…. මාව නිවන තැන….. එච්චරයි මට කියන්න තියෙන්නේ….. දැන් යමු…. නිකිත්ව එක්කන් යන්න පරක්කු වෙනවා….”

…………..මතුවට හමුවෙන තුරු……………..

*චැප්ටර් දෙකකට විතර හරියන්න ලිව්වා 😪

*මම ඔයාලගෙන් මූවී එකක් සජෙස් කරන්න ඉල්ලුවානේ….. කාගෙන්වත් සජෙශන් එකක් නැති තැන මම හොයලා හොයලා Call Me By Your Name කියන Italian මූවි එක බැලුවා….. 🥺 මම සෑහෙන්න ඉමෝශනලි ඩැමේජ් වුණා වගේ ඒකෙන්…… ඒත් ඒක පට්ටම ලස්සනයි…. ඔයාලා බලලා නැත්තම් අදම බලන්න…❤️

*මට කියන්න ඕන වුණේ…. මම මේ කතාව ලිව්වට අඩුම තරමේ BL ලවර් කෙනෙක් වුණාට…. මම Kinnporsche සීරිස් එකවත් බලලා නෑ…..(වෙලාව නැති නිසා බලන්න වුණේ නෑ) ඉතින් මං දන්නෑ මං මේ ගොල්ලෝ අතර මවන කෙමිස්ට්‍රි සෙට් වෙනවද කියන එක……

*ඒ වගේමයි…. මං මේකේ ලියන හැම වචනයක් ගාණෙම මහිත්ටත් සනුත්ටත් උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා…. ඒත් සමහර අවස්ථාවලදී මගෙන් ඒක හරියට වෙන්නෑ වගේ මට දැනෙනවා……

*සනුත් නිතරම එල්ලි එල්ලි රණ්ඩු වෙනවා වැඩි වගේද…. ඒකට හේතු දෙකයි…. එක…. එයා කොල්ලෙක්…. ඉතින් කෙල්ලෙක් වගේ ළඳ බොළද සුකුමාල නෑ….  සහ දෙක…. සනුත් පට්ටම ඇටෙන්ශන් සීකර් කෙනෙක්…. (අවධානය හොයන්නෙක්) ඉතින් එයාට නිතරම අවධානය ඔන… පිට මිනිස්සුන්ගේන් නෙවේ… තමන්ගේ ළඟ ඉන්න එකම මනුස්සයගේ අවදානය පුදුම තරම් ඕන….😌🥲

*අද ගෙනාවා සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් රෙසිපියක් 😌

*සුෂි, Salmon Nigiri හදන හැටි

*වයින් බොන හැටි ගැන සම්පූර්ණ පාඩමක්ම…😌🤭

*හෙට රාමදාන් පටන් ගන්නවා…. ඉස්සරහට දව්ස් දෙක තුනක් නෑවිත් ඉන්න උනොත් සමාවෙන්ඩෝනි 🥺💔

Tags: read novel À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි අටවන හිමිවීම 💙, novel À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි අටවන හිමිවීම 💙, read À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි අටවන හිමිවීම 💙 online, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි අටවන හිමිවීම 💙 chapter, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි අටවන හිමිවීම 💙 high quality, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” විසි අටවන හිමිවීම 💙 light novel, ,

Comment

Leave a Reply

Chapter 30