À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 28

A+ A-

.
.
.

“මගේ පුතේ..”  අම්මා එහෙම කියනකොටම අයියගෙන් ඈත් වෙලා අම්මගේ ඇගට පැන්න මම එයාව හයියෙන් බදාගත්තා

“අම්මාහ්හ්හ් අනෙ හික් අනෙ හික්”

“ම්ම්..ඇයි ඉතින් මගෙ පුතා අඩන්නෙ මේ විදිහට ම්ම්??අම්මට දුක හිතෙනවනෙ..”  කියපු අම්මා මගේ තුවාල වෙච්ච නලල් උඩට හාද්දක් දුන්නා..මං තව තවත් අම්මගෙ තුරුලෙ ගුලි උනේ හා පැටියෙක් වගේ

“ආවුස් මගේ කොල්ලා හරිම ලස්සනයිනෙ..මං වගේම තමා..මං ඒ කාලෙ සුදු මැනිකගෙ තාත්තා එක්ක රන්ඩුත් උනා ඔයා මං වගේ තමා වෙන්නෙ කියලා..හුහ් මේ බලන්නකො ඉතින්..මගෙම කපාපු පලුවනෙ!”  කියපු අම්මා ඇස් හීනි කරලා හිනාවක් දුන්නා..

“තා-ත්තා?” කියපු මම බැලුවෙ දැන් ලේ බින්දුවක් තියා මිනියවත් පේන්න තිබ්බෙ නැති බිම දිහා බලාගෙන

“ඒ මිනිහා නෙවෙ මගෙ රත්තරන්ගෙ තාත්තා..පුතාගෙ තාත්තා ගොඩක් හොද කෙනෙක්..මට දැන් කතාවම කියන්න වෙලාවක් නැ මැනික…ම්න්?? පොඩි පුතාත් දැන් කතාව දන්නවනෙ..ඔයාගෙ මල්ලි පැටියටත් කියලා දෙන්න හාද?” කියපු අම්මා අයියගේ ඔලුව අතගාලා එයාගෙ නලලටත් කිස් එකක් දුන්නා ඊටපස්සෙ අපි දෙන්නගෙ අත් දෙක එකතු කරපු අම්මා හීන් හිනාවක් එක්ක අපි දිහා බලන් හිටියා 

“වට් අ මැච්න් කපල්..!රියලි අ මැච් මේඩ් ඉන් හෙවන්..ඒක නෙවෙ අපෙ චලනි කෙල්ලට ඕනෙ විදිහට මුනුබුරු මිනිබිරියො දෙන්න ඕනෙ හරිද??ඒ දෙන්නවත් මතක් කරා කියන්න..තව..ලොකු පුතාට සිහිය ආවට සමහරක් නරක මතක නැත්තටම නැති වෙලා ඇති ඒත් වොරි වෙන්න එපා සුදු පුතා..ඒ මතක නැති එකම හොදයි..එහෙනම්..මගේ රත්තරං පැටියව හොදට බලාගන්න ම්න්?..ඔයත් පරිසමෙන් ඉන්න..මේ අම්මා හැමදාමත් ආදරෙයි ඔයාලට”

කියපු අම්මා ආයිත් පාරක් මං ලගට ඇවිත් මාව තුරුල් කරගෙන කම්මුල කිස් කරේ ටිකෙන් ටික එයාව විනිවිද පේනකොට…මං පුලුවන් තරං එයාව අල්ලගන්න ට්‍රයි කරත් මගෙ අත එයාගෙ වින්විද පේන ඇග ඇතුලෙන් ගියා මිසක් මට එයාව ආයිත් අල්ලන්න බැරි උනා

“හික් අනෙ අම්මා..යන්න එපානෙ..හික් අනේ..යන්න එපානේ අම්මෙහ්හ්හ්”

“මං මෙහෙට ආපු කාරනාව ඉවරයි මගෙ රත්තරනේ..අම්මට යන්නම වෙනවා! මගෙ රත්තරං පුතා සුදු පුතා එක්ක හොදට ජීවත් වෙන්න හොදද.. ඊලග ආත්මෙත් අපේම පුතා වෙලා ඉපදෙන්න..පොරොන්දු වෙනවා ලබන ආත්මේ ලගින්ම ඉන්නවා කියල..ආදරෙයි මගෙ වස්තු කැට දෙකට”

කියලා කියපු අම්මාගෙ චායාව මගෙ කදුලු පිරෙච්ච ඇස් ඉස්සරහම නැති වෙලා යනවත් එක්කම මගෙ ඇස් දෙකත් පියවිලා ගියා

“පැටියො!”

අභිශේක් pov

ප්ලෑන් කරපු විදිහට හැමදේම උනත්  අම්මාව හම්බෙච්ච එක මට තාමත් හීන්‍යක් වගේ..මං නැතිවීගෙන යන චායාව දිහා බලාගෙන මේ ඔක්කොම හීනයක්ද කියලා හිත හිත ඉන්නකොට තමයි ශිතෙව් මගේ ඇගට බර උනේ

“පැටියො..”

ශිට් මේ කොල්ලට සිහිය නැති වෙලානෙ..උඹ හරි පව් පැටියො..දැන් මං කොහොමද උඹෙ හිත හදන්නෙ? මං හිතුවෙ ශිතෙව්ව අත් දෙකට උස්සගන්න ගමන්

“අඩෝ උඹලා- මේ මොකද මේ? කෝ ජයසේකරයා?”

“මං දන්නැ ඒ à·„à·”%% කොහෙද කියලා ඒත් ඌ මලා !අනික උඹලා දැන්ද එන්නෙ මෙච්චර මගුලක් උනාට පස්සෙ ආ?”

“හැහ් මොකක්?…අපිට මොන සද්දයක්වත් ඇහුනේ නැ..අනික උඹ ඇතුලට ගිහින් තාම පැය භාගයයිනෙ ගියෙ..අපි හිතුවෙ උඹ ඌත් එක්ක චැටක් දානවා කියල..අනික උඹලට ඩේන්ජර් එකක් තිබ්බත් නැනෙ ඌගෙ පිස්ටල් එකෙ තිබ්බ බුලට්ස් ඔක්කොම ටෝනි අයින් කරලා තිබ්බනේ ආ වරෙන් වරෙන් ටෝනි..උඹ හිටියෙ නැත්තං අපිට මොනවත් කරගන්න වෙන්නැ”

කියපු යුවිදු එතනට ආපු ටෝනිගෙ කරට අත දාගත්තා..ඇත්තටම ටෝනි හිටියෙ නැත්තං අපේ ප්ලෑන්ස් මොනවත් හරියන්නෙ නැතුව තිබ්බා..ටෝනි කියන්නෙ මගෙ කොල්ලට නොපෙනි එයාගෙ  පිටිපස්සෙ ඉදන් එයාට අනතුරක් වෙන්න දුන්නෙ නැති මනුස්සයෙක්..ජයසේකරගෙ ඔලුවට 27දි ඔප්පු අත්සන් කරන අයිඩියා එක දාලා මගෙ කොල්ලව මරන්න දෙන්නෙ නැතුව මෙච්චර කාලයක් තියාගත්තෙත් ටෝනි තමා..

“උඹට පින් ටෝනි කරපු ඔක්කොම උදව් වලට..”

“මමයි පොඩි සර්ට ස්තූති කරන්න ඕනෙ!! ..පොඩි සර් හිටියෙ නැත්තං මට මගේ සර්ගෙ අන්තිම බලාපොරොත්තුව ඉශ්ට කරන්න බැරි වෙනවා ඒ නිසා..බොහොම ස්තූතියි!..” කියපු ටෝනි හිනාවක් එක්ක මගෙ උරහිසට තට්ටුවක් දාලා ශිතෙව්ගෙ මූන දිහා බලලා එයාගෙ ඇහෙන් ගලන් ආපු කදුලක් පිහිදැම්මා

“ලොකු බේබි පව්..ඉක්මනට යන්න පොඩි සර්..  මං ටික දවසක් ගිහින් එන්නම් සසංක සර්ව හම්බ වෙන්න..මං හිතෙනවා මිට පස්සෙ ඔයාලට කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන් වෙයි කියලා ”

මමත් හිතෙනවා අපිට මීටපස්සෙ කරදරයක් නැතුව ඉන්න පුලුවන් කියලා…

…
………
………………
……………………
…………………………

තව චැප්ටර්ස් දෙකයි ලමයිනේ තියෙන්නෙ ! 😙❤️ 

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 28, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 28, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 28 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 28 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 28 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 28 light novel, ,

Comment

Leave a Reply

Chapter 28