À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” දහසයවන හිමිවීම 💙

A+ A-

හැම බේබදු රෑකටම පස්සේ දවසේ එන සුපුරුදු ඔලුවේ කැක්කුම අද නම් ටිකක් වැඩියි වගේ මහිත්ට දැණුනා….. ඇස් දෙක නෑරම ඇඟිලි තුඩු වලින් ඔලුව පොඩි කරගත්තු මහිත් ඇඳේ අනික් පැත්තට හැරුණේ තව ටිකක් නිදාගන්න වුණත් අතේ වැදුණු දැඩි යමක් නිසා මහිත් ඇස් දෙක හෙමින් ඇරලා බැලුවා…..

ඔලුවක්!!!!!!

ඇස් දෙක තව පාරක් පොඩි කරගත්තු මහිත් ආයෙම බලද්දි සුදු පාට ඝනකම් බෙඩ්ශීට් එකෙන් මතුවෙලා තිබුණු ඔලුව දඟලන්න වුණා…. දඟලලා නින්දෙන්ම මහිත්ගේ දිහාවට හැරුණු ඔලුවේ ඇස් දෙකක්…. නහය …. කට එක්කම…. දෙබරු විද්ද ගාණට ඉදිමුණු කම්මුල් දෙකකුත් තියෙනවා කියලා මහිත් දැක්කා……

තවමත් නින්දේම ඉන්න තරුණයාගේ බෙල්ල වෙනකම් වැහිලා තිබුණු බෙඩ්ශීට් එක හෙමින් සීරුවේ පහත් කළේ තමන් ගැනම ආව අවිශ්වාසෙකින්……

“ආර්හ්……. ශිට්… ශිට්….”

ඇඟේ නූල් පටක්වත් නැතුව නිදාගෙන උන්නු තරුණයාගේ කිරි පාට පිට පුරාම තිබුණේ රත ගැහිලා ලේ පුරලා තිබුණු බෙල්ට් පාරවල් කියලා දැක්ක මහිත්ට එතනින් එහාට බලන්න ඕන වුණේ නැත්තේ ඒක ඊටත් වඩා නරක තත්වයක් කියලා සීයට දාහක් විශ්වාස නිසාමයි…..

හිසකෙස් අත් දෙකෙන් දෙපැත්තට ඇදගෙන උගුරෙන් හඬක් නගපු මහිත් කාමරේ පුරාම ඇස් දෙක කැරකෙව්වේ ඊයේ රෑ තමන්ගේ හපන්කම් එකින් එක මතක් වෙද්දි ……

කාමරේ පුරා විසිරුණු ඉරුණු ඇඳුම් පැලඳුම්….. හිස් බියර් බෝතල්…. ඇඳ පාමුල තිබුණු ලේ පැල්ලම් සහිත තමන්ගේ ඉණ පටිය (Belt) දකිද්දි , මොන තරම් බිව්වත් කවදාවත් මේ තරම් සිහි විකල් විදියට වැඩ කරලා නැති තමන් මේ තරම් විකෘතිකයෙක් වගේ හැසිරුණ හැටි මතක් වෙනකොට මහිත්ට තමන් ගැනම අප්‍රසාදයක් , පිළිකුළක්  ඇතිවෙන්න ගත්තා……

හවස ඇතිවුණු සිද්ධියෙන් ඇති වුණු තරහා…. පීඩනය පිට කරගන්න විදියක් නැතුව ඉද්දි බලෙන්ම වගේ ඇවිත් ඇඟේ එල්ලුණු තරුණයාගෙන් ඇති තරම් ඒ පීඩනය පිටකරගත්තු එක ගැන මහිත්ට පසුතැවිල්ලක් වගේම මේ තරුණයා ගැන අනුකම්පාවකුත් මෝදු වුණා…

හෙමින් සීරුවේ ඇඳෙන් නැගිටපු මහිත් ඊළඟට කළේ තමන්ගේ දුරකතනය ඇතුළු දේවල් ටික හොයන්න ගත්තු එක…. කුඩා මේසයක් උඩ තවමත් විසන්ධි කර තිබුණු දුරකතනය අතට අරගෙන එය පණ ගැන්වෙන්න තියපු මහිත් අඩියට දෙකට නාන කාමරයට වැදුණා….

යන්තම් වතුර අහුරු දෙකකින් මූණ තෙමාගත්තු මහිත් ශරීර කෘත්‍යයන් සේරමත් ඉවර කරගෙන එළියට ආවේ ඉක්මණින් ගෙදර යන්න හිතාගෙන……..

තවමත් බෙඩ්ශීට් එකට ගුලිවෙලා උන්නු තරුණයා දිහා බලපු මහිත් මොහොතක් කල්පනා කරලා රූම් සර්විස් එකට ඇමතුමක් අරගෙන වේදනාශක කීපයකුත් තුවාල ආලේපනයකුත් සමඟ උදේ කෑම වේලක් කාමරයට එවන ලෙස ඇණවුම් කලා….

ඇණවුම ලැබෙන තුරු සඳළුතලයට ගියපු මහිත් සිගරැට්ටුව ක් දල්වගෙන දුරකතනයේ මග හැරුනු ඇමතුම් සහ පණිවිඩ එකින් එක පිරික්සන්න පටන් ගත්තා…..

නිකිත්ගෙන් නොසෑහෙන්න ඇමතුම් ප්‍රමාණයක් ඇවිත් තිබුණු නිසා නිකිත්ගේ අංකය ඩයල් කරපු මහිත් සිගරැට්ටුවෙන් උරපු දුම් උගුරක් වා තලයට මුදා හැරියා……

“කොහෙද වේසා බල්ලෝ තෝ ඉන්නේ…… යන තූත්තුකුඩියක කියලා ගියානම් උඹට හෙණ ගහනවද…… මම කීයේ ඉඳන්ද පාරවල් ගානේ ඇවිද ඇවිද පිස්සෙක් වගේ උඹව හොයන්නේ…… උඹට නිකම්වත් ගාණක් තියෙනවද උඹ ගැන වද වෙන මිනිස්සු ගැන…….”

“හරි…. හරි….. සොරි බං…. ෆෝන් එක ඔන් කරන්න අමතක වුනා…… තරහා ගන්නෙපා බං…..”

ඇමතුමට සම්බන්ධ වුණු තප්පරේම නිකිත් ගේ ප්‍රකෝපකාරී කටහඬ ඇහෙද්දි ; වෙනදට නම් එකට දහයක් විතර උත්තර බඳිමින් විහිලු කරන මහිත් අද සමාව ඉල්ලුවේ නිකිත්ගේ කේන්තිය සාධාරණ බව දන්න නිසාමයි…..

“දැන් උඹ කොහෙද ඉන්නේ….. “

“මේ ළඟක…..වැඩි දුරක් නෑ….. මං එනවා තව ටිකකින්….”

ඊයේ තමන් කරපු වැඩේ ගැන තමන්ටම දැනෙන පිළිකුළ නිසාම ඒ ගැන නිකිත්ට කියන්න තරම් මහිත්ගේ දිව නැවුණේ නෑ……

“හ්ම්ම්…. අපේ ගෙදර එනවද…..”

“බෑ බං… ගෙදර යන්න ඕනි….”

“හ්ම්ම්…… එහෙනම් ගෙදර පලයන්…. මං හවස දිහාට එන්නම්….. ආ… මේ… අංකල් කාරයා ඇහුවොත් අපේ ගෙදර හිටියේ කියපං…..”

“තෑන්ක්ස් මචං…..”

නිකිත්ගේ ඇමතුම විසන්ධි කරපු මහිත් ආයෙම දුරකතනය අතේ තියාගෙන බැලුවේ මග හැරුණු ඇමතුම් ලැයිස්තුවේ ඇමතුම් සියයකට ආසන්නව පෙන්නන සනුත්ගේ අංකය දිහා…… සුසුමක් හෙලපු මහිත් ඊළඟට පැමිණි පණිවිඩ පිරික්සන්න පටන්ගත්තා…..

“Aiye Khd inne???”

“Ai phone eka weda neththe????”

“Khd magula giye????”

“Phone ek on krnwako”

“Mona loked inne hutta”

“Aiye Sorry….. plz phone ek on krnna”

එක දිගටම ඇවිත් තිබුණු පණිවිඩ සියල්ලම සනුත්ගෙන් වුණා….. වෙලාවකට කේන්ති අරගෙන……. තව වෙලාවකට සමාව ඉල්ලමින්…. තවත් වෙලාවක තර්ජනය කරමින්…. පණිවිඩ සියයකට ආසන්නව සනුත්  මුළු රෑ පුරාම එවලා තිබුනා….

පණිවිඩ සියල්ලම කියවන්නෙවත් නැතුව දුරකතනයේ තිරය නිවාදාපු මහිත් සිගරැට් කොටය විසි කරලා ආයෙම කාමරේට ආවේ එලියෙන් ඇහුණු රූම් බෝයිගේ කටහඬ නිසා……

………………………………………………………………………..

වොලට් එකෙන් අතට ගත්තු කහ පාට කොළ කීපය මේසය මත තිබුණු උදේ ආහාර වේලේ පිඟානට යට කරපු මහිත් ඊළඟට කුඩා කොළ කැබැල්ලක Sorry For My Behavior කියලා කෙටි සටහනකුත් එතැනින්ම තිබ්බා….. තමන්ගේ පහත් හැසිරීමට මුදල් වලින් වන්දි ගෙවන්නවත්…… සමාව අයැදීමකින්වත් සෑහීමකට පත් වෙන්න බැරි බව දන්න නමුත් මහිත්ට වෙන විකල්පයක් තිබුණේ නෑ…….

කාමරයේ දොර අගුළු නොලා වහපු මහිත් පිළිගැනීමේ කවුන්ටරයට යන අතර තුරේ පික් මී එකක් දැම්මේ Club 8 එකේ තියෙන කාර් එකත් අරගෙනම ගෙදර යන්නයි…..

පිළිගැනීමේ කවුන්ටරයට ගියපු මහිත් සම්පූර්ණයෙන්ම බිල ගෙවලා දැම්මේ කාමරයේ ඉන්න තරුණයා පිටවන ඕනැම මොහොතක් වෙනකම් ඉන්න අවසර ලබා දෙන ලෙස පිළිගැනීමේ නිළධාරිනියට කියමින්…..

……………………………………………………………………….

මේ අතර සනුත් හිටියේ දරාගන්න බැරි තරම් ඔලුවේ කැක්කුමක් නිසා පීඩා විඳිමින්……… කාලාන්තරයක් තිස්සේ සයිනොසයිටීස් වලින් පීඩා විඳින සනුත් ට නිරන්තරයෙන්ම මේ විදියට ඔලුවේ කැක්කුම හැදෙන එක සාමාන්‍ය වුණත්…. මේ වතාවේ ඒක තරමක් වැඩි බව සනුත්ට තේරුණා….

ඊයේ ඇති වුණු සිද්ධිය නිසා ඇති වුණු මානසික පීඩනය……. නිකිත් ඇවිත් ගියාට පස්සේ නින්දක් නැතුව මුළු රෑම මහිත්ව සම්බන්ධ කරගන්න ගත්තු උත්සාහයන්….. මේ වතාවේ ඔලුවේ කැක්කුම දෙගුණ තෙගුණ කරන්න හේතු වෙලා තිබුණා…..

පැනඩෝල් වගේ වේදනා නාශක වලින් මේක අඩු නොවන බව දන්න නමුත් වෙන කරන්න දෙයක් නැටි නිසාම පෙනඩෝල් දෙකක් බිව්වේ අද කරන්න තියෙන වැඩ කටයුතු අදම කරගන්න ඕනි නිසයි…..

චාජරේට ගහලා තිබුණු දුරකතනය ගත්තු සනුත් සියවෙනි වතාවටද මන්දා මහිත්ගේ අංකය ඩයල් කලේ…… නාද වෙයි කියලා බලාපොරොත්තු නොවුණු සනුත් දුරකතනය නාද වෙද්දි නොසන්සුන් වුණා….

බීප්… බීප්……..

වතාවක් දෙවතාවක්…. නාද වුණු දුරකතනය මහිත් විසන්ධි කරලා තිබුණේ සනුත්ගේ මූණට වරදකාරී පෙනුමක් ගෙනෙමින්…. ආයෙම වතාවක් ඇමතුමක් …… ආයෙමත් විසන්ධි කිරීමක්….. පස් හය වතාවක් ම ඇමතුවත් සනුත්ගේ ඇමතුම් සියල්ලට ම මහිත් සම්බන්ධ නොවී ඒවා විසන්ධි කරලා දාද්දි නම් සනුත්ගේ ඔලුවේ කැක්කුම වැඩිවෙන්න තවත් හේතුවක් එකතු වුණා…..

එතැනම තිබුණු සෝපාවට කඩා වැටුණු සනුත් ඇඟිලි තුඩු වලින් නළල මිරික ගමින් නිකිත්ගේ අංකය ඩයල් කළා….

“හෙලෝ සනුත්….”

“හෙලෝ අයියේ……. මහිත් අයියා කතා කලාද…”

“අම්මෝ ඔව් බං…. මං ඇඟේ ලේ වතුර වෙලා හිටියේ …..”

“හ්ම්ම්….. අවුලක් නෑනෙ …. පරිස්සමින් ඉන්නවනේ….”

“ඔව් … ඔව්…. දැන් ගෙදර යනවා කියලා කිව්වේ ….. උඹට කතා කලේ නැද්ද……”

“හ්ම්ම්ම්…. නෑ … මං ගන්න  ගන්න කෝල් එක කට් කරනවා…..”

“ඕකා මහ පිස්සු හුත්තෙක්…. උඹ ගණන් ගන්නෙපා මල්ලි… මං හවස යනවා උන්ගේ ගෙදර… මම කතා කරන්නම් ඌට….”

“හරි අයියේ මං තියන්නම්…. “

ඇමතුම විසන්ධි කරපු සනුත් එහෙමම සෝපාවට හේත්තු වුණේ බර සුසුමක් එක්ක….

මාත් එක්ක එච්චරටම තරහද බං අයියේ……

ඇස් දෙක පියාගෙන සනුත් හිතින් එහෙම ඇහුවේ නොසෑහෙන හිත් වේදනාවක් එක්ක…..

………………………………………………………………………..

“ම්ම්ම්ම්…… ඕකේ සනුත්…. මෙහෙමයි…. මෙතන අපි බයික් නැති අයට බයික් එකක් රෙන්ට් කරනවා….. ඔයාට ඩේලි ගාණක් බයික් එකට පේ කරන්න තියෙන්නේ…. ඔයාගේ ඩිලිවර් අවර්ස් ගාන ඉවර වුණාම බයික් එක ආපහු හෑන්ඩ් ඕවර් කරන්න ඕනි……”

“ඕකේ සර්…..”

“තව දෙයක් පුතා…. මේක හරිම සංයමකින් කරන්න ඕනි දෙයක්…. ඔයා මේක පාට් ටයිම්ද කරන්නේ ෆුල් ටයිම්ද කියන එක නෙවේ වැදගත්….. ඔයා ඔයාගේ රැකියාවට දෙන ගෞරවයයි වැදගත්….ඉතින් හැම තිස්සෙම විනීත… නීති ගරුක… රියදුරෙක් වගේම කස්ටමර්ට ප්‍රියමනාප රයිඩර් කෙනෙක් වෙන්නෝනි….. තේරුනාද….”

“තේරුණා සර්….”

“හොඳයි පුතා එහෙනම් තව දැනගන්න ඕනි දේවල් අපේ කෲ එකෙන් අහගන්න පුලුවන්…. අවශ්‍ය දේවල් සූදානම් කරගෙන හෙට ඉඳන් එන්නකෝ….”

“තෑන්ක්‍යූ සර්…”

දෙහිවල Uber Eats ශාඛාවට සනුත් ආවේ අන්තර්ජාලයේ තිබුණු රැකියා පුරප්පාඩු දැන්වීමක් දැකලයි….. Uber Eats ආහාර බෙදාහැරීමේ ජාලයේ දෙහිවල ශාඛාවට හිස්ව තිබුණු බෙදාහැරීම් සේවක (Delivery Riders) තනතුරු කීපයෙන් එකකට සනුත් ඉල්ලුම් කළේ අර්ධ කාලීනව කරන්න පහසුම රැකියාව ඒක කියලා හිතුනු නිසයි……

උදේ ඉඳන්ම තිබුණු ඔලුවේ කැක්කුම නොසලකා හැරලා ගිණි මද්දහනේ සනුත් දෙහිවලට ආවේ දවල් 1.30 වෙනකොට අදාළ ස්ථානයේ පෙනී ඉන්න කියලා කලින් කරපු දැනුම් දීම නිසාමයි…..

ආයතනේ ප්‍රධාන කලමණාකරතුමා වුණු සිරිවර්ධන මහත්තයා මැදි වයසක කරුණාවන්ත පුද්ගලයෙක් කියලා සනුත්ට හිතුනේ ඔහුගේ ඉතාම කාරුණික කතා බහ සහ හැසිරීම් විලාශයෙන්……

සිරිවර්ධන මහත්තයත් එක්ක කතා කරගෙන පහුවදා හවස ඉඳන් වැඩ පටන් ගන්න කතිකා කරගත්තු සනුත් පාර දිහාට ඇවිදගෙන ආවේ ගෙදර යන්න බලාගෙන…

මහ පාරේ තියෙන වාහන වල දුම…. අධික හිරු රස්නය… ඝෝෂාකාරී ශබ්ද….. සයිනොසයිටීස් තියෙන රෝගියෙක්ට දරාගන්නම බැරි දේවල්…. ඉතින් මේ වෙනකොට සනුත්ගේ ඇස් වලින් කඳුළු පනින මට්ටමට ඔලුවේ කැක්කුම වැඩි වෙලා තිබුණේ අද දවසේ බස් වල රස්තියාදු වෙමින් එහෙ මෙහෙ යන්න වුණු නිසාමයි……

ආයෙම වතාවක් මහිත්ගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් මේ වතාවේ දිගටම නාද වුණු දුරකතනය ඇමතුමට සම්බන්ධ නොවීම නිහඬ වුණා…… බර සුසුමක් හෙළලා දුරකතනය සාක්කුවේ දාගත්තු සනුත් බස් නැවතුම දිහාට ඇවිදගෙන ගියා……
………………………………………………………………………..

ගෙදර ඇවිත් නාගෙන ඇඳට වැටුණු මහිත් හිටියේ දිගින් දිගටම ඇවිත් තිබුණු සනුත්ගේ කෙටි පණිවිඩ දිහා බලාගෙන……

මගේ සමාව ඒ තරම් ලේසියෙන් ලැබෙන්නෑ සනුත්….. මහිත් අභිමාන්‍ය කියන්නේ කවුද කියලා මම පෙන්නනම් උඹට….. මට කරපු ලැජ්ජාවට වන්දි ගෙවන්න උඹට මේ ජීවිතෙත් මදි වෙයි සූකිරි…..

සමච්චල් සහගත හිනාවක් එක්ක තමන්‍ටම මුමුණ ගත්තු මහිත් දුරකතනය ඇඳේ පැත්තකට වීසි කරලා කොට්ටේ අස්සේ මූණ ඔබා ගත්තේ හොඳ නින්දකට මුල පුරමින්…….

……………………………………………………………………..

ගෙදර ඇවිත් ඇඟ පත හෝදගෙන ඇඳට වැටුණු සනුත්ට නිදාගන්න තදබල ලෙස උවමනා වුණත් නින්ද නම් පේන තෙක් මානෙකවත් තිබුණේ නෑ….. මෙතුවක් කාලෙකට නොදැනුනු මහා අමුතුම පාලුවක්….. හිස් ගතියක් තමන්ගේ වටේ වෙළිලා වගේ හැඟීමක් සනුත්ට දැනෙන්න ගත්තා……

පහුගිය සතියට වඩා මේ ගෙවෙන දවස් ගත කරගන්න අමාරු…. අපහසු හැඟීමක්….. පහු වුණු දවස් ටිකේ තිබුණු හිනාව…. ප්‍රාණවත් ගතිය හොරු අරන් ගිහින් වගේ කියලා සනුත්ට හැඟුණා…..

ඇත්තටම මහිත් එක්ක හිටපු ඒ මොහොතවල් තමන් නොසෑහෙන්න සතුටින් හිටියා නේද කියලා සනුත්ට මතක් වුණා වගේම…… අනික් පැත්තෙන් මේ විදියට මහිත් තමන්ව මඟ අරින එකෙන් පපුවේ පැත්තක නොසෑහෙන්න රිදුමක් වගේ දෙයක් දැනෙන්න පටන් අරන් තිබුණා…..

මේ දැනෙන හැඟීමට නිර්වචනය ක් දෙන්න සනුත්ට අකුරු ගලපගන්න බැරි වුණත්…… මහිත් එක්ක ඉන්න තප්පර ගානකට වුණත් තමන් ඇබ්බැහි වෙලා කියලා සනුත්ට දැණුනා…..

සුසුමක් හෙලපු සනුත් සයිඩ් බෝඩය උඩ තිබුණු කුඩා බෝතලයෙන් Clonazepam පෙත්තක් අරගෙන එක උගුරට ගිල දාලා ඇස් පියාගත්තේ තව දුරටත් පපුව හාරන මේ සිතුවිලි වලට තිත තියන්නයි…….

……………………………………………………………………….

…………..මතුවට හමුවෙන තුරු……………..

*හිතුවට වඩා පරක්කු වුණානේ…. 😌 අද සිකුරාදා නිසා නොනැවතීම වැඩ මම….

*මේක් හින්දයි කතාව ටයිප් කරගන්න බැරි වුණේ 🤭

*මාව නම් හොයන්නේ.. 😌 ඔය ඔලු බක්කා නැටුවේ මං චමාහ් 😶🫣😂

*තාම කතාව එක තැන වගේද… බෝරිං වෙනවා වගේද…..🥺

*හරී……ම මහන්සී….. කතාව ගැන අදහස්….. හිතෙන ඔනිම දෙයක් කමෙන්ට් කරගෙන යන්න…..

*ආහ්… ක්ලොනෙසිපෑම් (Clonezepam) කියන්නේ නින්ද යන්නදෙන බෙහෙත් පෙත්තක් 😊

*ආදරෙයි ළමයිනේ.. ගුන්නයිට් උම්ම්ම්ම්ම්ම්වහ් 🥰🥰❤️❤️❤️❤️❤️

Tags: read novel À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” දහසයවන හිමිවීම 💙, novel À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” දහසයවන හිමිවීම 💙, read À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” දහසයවන හිමිවීම 💙 online, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” දහසයවන හිමිවීම 💙 chapter, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” දහසයවන හිමිවීම 💙 high quality, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” දහසයවන හිමිවීම 💙 light novel, ,

Comment

Leave a Reply

Chapter 18