À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” හතලිස් හයවන හිමිවීම 💙

A+ A-

Congratulations!! You Did It

පොඩි සටහනක් එක්ක මේසය උඩ තිබුණ සරල චාම් නමුත් රසවත් පෙනුමැති කේක් ගෙඩියත්….. සුදු පාට රැපින් පේපර්ස් වලින් හැඩ ගන්වලා තිබුණු  ලා රෝස පැහැති පින්ක් බ්ලශ් රෝස මල් සහ සුදු පාට ලිලී මල් වර්ගයකින් සැකසුණ මල් පොකුරත් දැක්ක සනුත්ට ඉහළට ඇදගත්ත හුස්ම පහළ දාන්න අමතක වුණා……..

ඒක ඇත්තටම හරිම ලස්සනයි…. සනුත්ට විතරක් නෙවේ මේක ලියන මට වගේම මේක කියවන ඔයාගේ වුණත් හුස්ම එක තප්පරේකට බ්‍රේක් කරවන්න පුළුවන් විදියේ අමුතුම චාම් ලස්සනක් ඒ මල් පොකුරෙන් දිස්වුණා……

වෝහ්හ්හ්හ්හ්…….”

සනුත්ගේ පිටිපස්සෙන් ඇවිත් උරහිස වටා අතක් යවමින් බෙල්ලේ එල්ලුන මනුල්මිගේ ඇස් දෙක ලොකු වෙලා විශ්මාජනක රාවයක් මුවින් පිට වුණේ මනුල්මිටත් නොදැනීමයි…….

….. ග්ලප්…….à·ƒ……නුවෝ…..”

“ම්ම්ම්…..”

තඩි කෙල උගුරක් ගිලපු මනුල්මි සනුත්ගේ කනට කෙඳිරුවා…… ඊට නොදෙවෙනි හූමිටියකින් සනුත් ඊට පිළිතුරු බැන්දේ තවත් මල් පොකුර දිහාම ඇස් අලවගෙන…..

කවුද ඒයි මේ??? “

“දන්නේ නෑනේ…..”

“දන්නෑ කියන්නේ යකෝ…. උඹේ ටේබල් එකේනෙ තියෙන්නේ…….

“කවුද උඹට මෙච්චර වටින තෑග්ගක් එවන්න ඉන්නේ සගෝ….”

“…………….”

“ශහ්…. අද සනුත් මල්ලිගේ උපන්දිනේවත්ද….. ලස්සන කේක් ගෙඩියක් තෑගි හම්බ වෙලා තියෙන්නේ….. “

සනුත්ගේ මේසයට එබුණු කාර්‍යාල සගයෙක් එහෙම කියද්දි සනුත් ස්මයිල් ඉන් පේන් ජාතියේ හිනාවක් දැම්මා…..

අනේ නෑ අයියේ….. අපිත් මේ හිතාගන්න බැරුව ඉන්නේ මේ පුස් බට්ටට කවුද මෙච්චර වටින තෑගි එවන්නේ කියලා….. මං හිතන්නේ කාට හරි වැරදිලා ද කොහෙද…..”

මද්දුම බණ්ඩාර අයියා වෙනුවට දංගෙඩියට බෙල්ල තියන්න පැන්නටත් වැඩිය වේගෙන් සනුත්ගේ ඉස්සරහට පැනපු මනුල්මි උත්තර දුන්නා…..

ආහ්… එහෙමද… ඒ උනාට ඩිලිවර් බෝයි කෙනෙක් ඇවිල්ලා මල්ලිගේ නම අහලා ඕක ගෙනත් තියලා බොක්ස් එක ඇරලත් තියල ගියේ….. කවුද දන්නේ මල්ලිට කැමැත්තෙන් ඉන්න කෙල්ලෙක්ගෙන් වත්ද කියලා ……. හාහ් හාහ් හා……”

අනේ…. මට මොන කෙල්ලොද අයියේ….”

“චීස් කුට්ටිය වගේ ඉන්න මල්ලිලාට කෙල්ලො නැත්තම් ඉතින්  ආයේ……හරි හරි…. ඒකට කමක් නෑ…… කේක් කැපුවොත් අපිටත් කෑල්ලක් එවන්නකෝ එහෙනම්…..”

හිනාවක් පාමින් ඒ තරුණයා එතනින් පිට වෙලා යනකම් බලාගෙන හිටපු සනුත් මනුල්මි දිහාට හැරුණා…..

“මං දන්නවා මේක කොහෙන්ද කියලා…..”

“උඹ හිතන්නේ කවුරු කියලද…..”

සනුත් කියපු දේත් එක්ක සිහින් සැක සහිත බැල්මකින් නළල රැලි ගන්වපු මනුල්මි ප්‍රශ්නයක් නැගුවා…..

උඹ හිතන කෙනාම තමා….. හ්ම්ම්…”

“……….”

“මම පැයකට ලීව් දානවා මනූ….. මේක මෙහෙමම ආපහු පැකින් එකට දාපන්කෝ….”

මොහොතක් කල්පනා කරපු සනුත් එහෙම කියමින් කලමණාකාරතුමියගේ කුටිය දිහාට අඩිය තිබ්බා……

සනුත්ට කියන්න ඕන මොන වගේ දෙයක්ද කියලා හිතා ගන්න බැරිව ලතැවුණ මනුල්මි සුසුමක් හෙළුවේ සනුත්ට මේ වතාවේ වත් මේ ප්‍රශ්නෙන් සැනසීමක්, ගැලවීමක් ලැබෙන්න කියලා හිත යටින් ප්‍රාර්ථනා කරමින්…..

……………………………………………………………………………………………………………………………….

එස්කියුස් මී මැඩම්….. මේ අයි කම් ඉන්???”

ආචාරශීලීව කළමණාකාරතුමියගේ කාමරයේ දොරට තට්ටු කරපු සනුත් ඇතුල් වෙන්න අවසරය ලැබෙන තුරු ඉවසීමෙන් බලා සිටියා…..

යස් ප්ලීස්…”

“සොරි ෆෝ ද ඩිස්ට’බන්ස් මැඩම්….. ආ යූ බිසී නව්??”

“නෝ නෝ….. ඉට්ස් ඕකේ සනුත්…. ටේක් අ සීට්…. එනි අර්ජන්ට්???”

සනුත් යටහත් පහත්ව කළමණාරතුමියගේ ඉදිරි පස පුටුවෙන් වාඩිවෙලා ඇඟිලි එකට බැඳගත්තේ නොසන්සුන් කම පාලනය කරගන්න වගේ…..

මැඩම්…. අයි නීඩ් අ ශෝට් ලීව්….. නොට් ෆෝ අ ලෝන්’ ටයිම්…..ජස්ට් ඇන් අවර් ඊස් ඉනෆ්….. මට පැයක් ඇති මෑම්…. “

“වයි පුතා….. මොකක් හරි ගැටලුවක්ද…..අසනීපයක් වගේද….. ඔයා සුදුමැලි වෙලාද මන්දා…..”

මැදි වයසේ කළමණාකාරවරිය සනුත් ගැන උපන් සැබෑම අනුකම්පාවෙන් එහෙම කියද්දි සනුත් කලබලයෙන් à·„à·’à·ƒ එහෙ මෙහෙ වැනුවේ නෑ කියලා අඟවන්නයි…..

නෑ…. නෑ …. මැඩම්…. එහෙම දෙයක් නෙවේ….. මේ…. මේ….. මේ අපේ…. මාමා හදිසියේ කොළඹ ඇවිල්ලා….. මම වැඩට එද්දි ඇනෙක්ස් එකේ කී එකත් ගෙනල්ලනේ මැඩම්…. දැන්…. මේ…. මාමාට ගෙට යන්න විදියක් නෑ….. මම….. ඉක්මණට…. පටස් ගාල ගිහින් එන්නම් මැඩම්…..”

හදිසියේම කටට ආව බොරුව සුමුදුවට ගලපලා කිව්ව සනුත් කළමනාකාරවරිය දිහා බලාගෙන හිටියේ ඇස් අයාගෙන…..

ඒ දිහා බලගෙන හිටපු කළමනාකාරවරියගේ මුවින් එක පාරටම  හිනාවක් එළියට පැන්නේ සනුත්ගේ ඇස් පුදුමයෙන් විසල් වෙද්දි……

ඇ….ඇ…ඇ…යි…. මැඩ…ම්…. ම….ම… මොනවා…හරි…. වැර….දි …. දෙය…ක් … කිව්ව්…ද….”

සනුත් ගොත ගහ ගහා එහෙම ඇහුවේ කිව්ව බොරුව අනික් පැත්තට අතේ මාට්ටු වුණා වත්දෝයි කියලා යටි හිතින් කල්පනා කරමින්…..

“නෑ දරුවෝ…. මම මේ කල්පනා කළේ …. ඔය විදියට අහිංසක බැල්මක් එක්ක අහද්දි මං කොහොමද ඔය මූණ බලාගෙන හිතක් පපුවක් නෑ වගේ බෑ කියන්නේ කියලා….. ම්ම්ම්…. මෙහෙමයි සනුත්…. නෝමලි ඔයා දන්නවනේ අපි ඉන්ටර්නලාට එහෙම ලීව් ඇපෲව් කරන්නේ නෑ කියලා …..හැබැයි මෙහෙම දෙයක් තියෙනවා….. ඔයාට පුළුවන් නම් මේ වීක් එන්ඩ් එකේ තියෙන අපේ ප්‍රමෝශන් ප්‍රෝග්‍රෑම් එකට යන්න ඒ කෲ එකට ජොයින් වෙන්න….. මම අද ඔයාට ඩේ ඕෆ් එකක් ඇපෲව් කරන්නම්…. ඒ ඇරෙන්න වෙන ශෝට් ලීව් නම් ඇපෲව් කරන්න බෑ දරුවෝ….. You Know What I Mean?…. ඔයාට තේරෙනවනේ නේද මම කියන දේ….”

කළමනාකාරවරිය කාරුණිකව පැහැදිලි කරලා දෙද්දි අවධානයෙන් ඒ ගැන අහගෙන ඉඳපු සනුත් අවසානෙදි ඇගේ අදහස විදියට කරන්න එකඟ වුණා…..

“හරි මැඩම්….. එහෙනම් මම එහෙම කරන්නම්…. ප්‍රමෝශන් ප්‍රෝග්‍රෑම් එකේ ඩීටේල්ස් මම කාගෙන්ද ගන්න ඕන මැඩම්…..”

“HR එකේ දර්ශනී ළඟ ඔක්කොම ඩීටේල්ස් තියෙනවා පුතා…. දැන් ඔයා ගිහින් ලීව් ෆෝම් එකක් ෆිල් කරලා අරන් එන්න….”

“ඕකේ මැඩම්…… තෑන්ක්ස් අ ලොට් මැඩම් …. “

………………………………………………………………………………………………………………………………………….

“මනූ…. මම අද ඩේ ඕෆ්….”

“ඩේ ඕෆ්???…. උඹ කිව්වේ පැයක් එලියට යනවා කියලනේ….”

කනේ තියාගෙන හිටපු දුරකතනය මොහොතකට පැත්තකට කරපු මනුල්මි සනුත්ගෙන් එහෙම ඇහුවේ පුදුමයෙන් වගේ……

“ආ…. ඔව්…. මම ඉල්ලුවේ ශෝට් ලීව් එකක්…. ඒ වුණාට…..”

තමන්ගේත් කළමණාකාරතුමියගේත් කතා බහ සම්පූර්ණයෙන්ම කෙටියෙන් මනුල්මි ඉස්සරහා දිග ඇරපු සනුත් ඊට යාබදව තිබුණ තමන්ගේ මේසයේ තිබුණ කේක් එක ආපසු පෙට්ටියට දාලා පැකින් එක තිබුන විදියට හදන්න උත්සාහ කළා…..

දැන් උඹ කොහෙද යන්නේ…..????”

“……….”

“සනුත්…. මම උඹෙන් අහන්නේ….??? දැන් උඹ උඩ දාගෙන කොහෙද යන්නේ????”

මේසය මත තියෙන ෆයිල් ටියක් පිලිවෙලට සකසන ගමන් හිටපු සනුත් දිහා බලපු මනුල්මි කේන්තියෙන් වගේ දුරකතනය මේසේ උඩින් තියමින්  තද ස්වරයකින් එහෙම ඇහුවා…..

“……… උඹ ත් දන්නවනේ මට මෙහෙම තෑගි එවන්න මේ කොළඹ වෙන කවුරුත් නෑ කියලා…… එවන්න පුලුවන් එක මනුස්සයයි ඉන්නේ….. මං යන්නේ ඒ මනුස්සයා හම්බවෙන්න…..”

“ගිහිල්ලා…..?????”

“……….”

ගිහිල්ලා…. උඹ මොකද කරන්නේ?????”

දඩස්…..

ගිහිල්ලා මං කියනවා මට මෙච්චර වද දෙන්න එපා කියලා……”

අතේ තිබුණ ෆයිල් මිටිය මහ සද්දෙන් දූවිලි වලාවක් එක්ක මේසය මත විසිරුණේ සනුත්ගේ ආවේගය පිට කරන්න වගේ….

“මමත් මනුස්සයෙක් මිසක් ඌ වගේ ගලක් නෙවේ කියනවා….

ගිහිල්ලා උගේ මූණට මේ මඟුල දමලා ගහලා එනවා…..

සැරින් සැරේ ඇවිත් එක එක විදියට මූණ පෙන්නලා….

එක එක මඟුල් කරලා මං යන්තම් හොඳ කරගත්ත තුවාල පාරලා දාන්න එපා කියනවා……

මටත් රිදෙනවා….. කියලා කියනවා…..

මට මහන්සී…. මට පාඩුවේ ඉන්න දියං කියනවා…..

ආදරේ හිඟා කන්න මම හිඟන්නෙක් නෙවේ කියනවා….. “

මිටි මොලවා ගත්තු අත මේසයට තද කරගෙන උන්න සනුත්ගේ බාහුවේ පෑදිලා තිබුණ රුධිර නහර සනුත්ට දැනෙන පීඩනයෙන් අංශු මාත්‍රයක් පිටට පෙන්නුවා…..

මට මේවයෙන් සැනසීමක් ඕන මනූ….. මට නිදහසක් ඕන …. මේ හැඟීම් මහ බරක්…. මට ඉස්සර හිටියා වගේ මගේ ලෝකේ ඇතුලේ ඉන්න ඕන….. ඕනම මනුස්සයෙක්ට සීමාවක් තියෙනවා….. ඉවසන එකට සීමාවක් තියෙනවා….. දරාගන්න එකට සීමාවක් තියෙනවා….. විඳවන එකට සීමාවක් තියෙනවා…… මගේ දැන් ඔය ඔක්කොම සීමාවන් පැනලා ඉවරයි….. මට මේක ඉවර කර ගන්නයි ඕන….”

“……………”

“උඹ බය වෙන්නෙ නැතුව ඉඳපං මනූ…. මම ගියා…. කියන්න ඕන ටික කිව්වා….. මෙන්න මේ කුණ්ඩවාලේ මූණටම දමලා ගහලා එනවා…..  “

“සනූ….. ඒත්….”

“නෑ මනූ….. කාලාන්තරයක් තිස්සේ ඒ මනුස්සයා මාත් එක්ක එකට ජීවත් වුණා….

නිකමට හිතන්න…… උදේ ඇහැරුණ වෙලාවේ ඉඳන් රෑ නින්දට යන වෙලාව වෙනකම්ම ජීවිතේ හැම පුංචි දෙයක්ම….. හැම අංශු මාත්‍රයක්ම බෙදාගත්ත කෙනා එක මොහොතක…. නෑ…. මොහොතක් මදි…. කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක් වෙනවා…..

ජීවිතේ හැම අස්සක් මුල්ලක් ගානෙම දැනගෙන උන්න කෙනා සහමුලින්ම නාඳුනන කෙනෙක් වෙනවා…..

එක තප්පරයක්වත් මූණ නොබලා ඉන්න බැරි වුණ, දකින්න ආසාවෙන් උන්න කෙනා කෙනෙක් අන්තිමට මූණට මූණවත් බලන්නේ නැති තත්වයක් එනවා…..

මේක මට නවත්තන්න පුළුවන් උනා නම් මම මේ වෙද්දිත් මේක නවත්තලා….. ඒත් මට එහෙම වෙන එක නවත්තන්න බැරි වුණා……

දැන් මේ පරිච්ඡේදය ඉවරයි….. ඒක් වැහිලා…. නෑ…. වහලා දාලා ඉවරයි…..

ඒත් මට ඕන මේක තරහක් වෛරයක් නැතුව වහලා දාන්න……

අඩු තරමේ අපි බෙදාගත්ත මතකයන් වෙනුවෙන්වත්……

මාත් එක්ක ජීවිතේ ආව පොඩි දුර වෙනුවෙන්වත්……

මාත් එක්ක ඒ දුර ආවට ස්තූතිවන්ත වෙන්නවත්…..

මට ඕන…. හිත හොඳින් සමුදෙන්න……

මම දන්නවා….. අපේ අවසන් හමු වීම් එකක්වත් සතුටු හිතෙන විදියට වුණේ නෑ….. ඒ හැම එකක්ම නිකම්ම පිස්සුවක්……

ඒත් තව දුරටත් මට මේ විදියට ඉන්න බෑ……

එයා කෙසේ වෙතත්….. මම ආදරේ කළා….

අපේ කතාවේ මේ ආදරේ කියන චැප්ටර් එක වහලා දාන්න හරි හමන් හේතුවක් මම දන්නේ නැතත්…..

හේතුව මොකක් වුණත්…..

මගේ ආදරේට…..

මොන හේතුවකට වෙන් වුණත් හැම ආදර කතාවකටම ගෞරවාන්විත සමුගැනීමක් තියෙන්න ඕන…..

වෛරයක්…. තරහවක්…. හිතේ කහටක් නැතිව සමු දෙන්න ඕන……

අද හොඳම දවස….. ආයෙ දවසක් ආයේ මොහොතක් එනකම් මට ඉන්න බෑ…..

උඹ බය වෙන්න එපා….. මම හයියයි දැන්…..

මනුස්සයෙක්ට වෙන්න පුළුවන් හැමදේම වගේ මට වුණා…..

මහන්සියෙන් හති වැටුණු පපුවෙන් අමාරුව හුස්ම ඇල්ලුවා මම……

මනූ …. උඹ අහලා තියෙද…. හෙණ ගැහුවත් දරාගෙන ඉඳපං කියලා කතාවක්….

දැන් මට හෙණ ගැහුවත් අල්ලගෙන කාගෙන හිටියෑකි…..

අන්තිමේදී මම හිත හදාගත්තා…..

මිනිස්සු අහසක් වගේ වෙනස් වෙද්දි….. වැස්සක් වගේ කඩන් වැටෙන්නේ නැතුව…. මහ පොළව වගේ දරාගන්න…..

ඉතින්…. උඹ බය වෙන්න එපා….. මම හොඳින්…. කවදාටත් වඩා මම හොඳින්……”

“සනූ….. ම…ට….මට…. කියන්න වචන නෑ….. සනූ….. උඹට කවුරු නැතත්….. මම ඉන්නවා….. උඹ දන්නවා….. නෑ මම දන්නවා සනූ…..

හැමදේම විනාශ වෙලා පිච්චිලා අළු වෙලා ගියපු හිරෝෂිමාවෙයි නාගසාකියෙත් සකුරා මල් පිපුණා……  අදටත් හුඟක් ලස්සනට මල් පිපෙනවා…..

ඒ වගේ උඹේ ජීවිතෙත් ලස්සනට මල් පිපෙන දවසක් එනවා….. මට විශ්වාසයි…..

උඹ දන්නවද සනූ…..

වසන්ත කාලේ පිපෙන මලකට වඩා ඉඩෝර කාර්තුවේ පීදෙන මල් හරි ලස්සනයි…… මොකද ඒවා පිපෙන්නෙම දරාගැනීම දෝතින් අරගෙන…..

ඉතින් උඹත් ඉඩෝරෙට පිපෙන මලක් වියන්…..

හරියට වතුර බිංදුවක් නැති කාන්තාරෙක් මැද්දේ හැදෙන පතොක් මලක් වගේ….. ලස්සනට පිපියන්…..

පරිස්සමට ගිහින් වරෙන්….”

මනුල්මි සනුත්ව තදින් වැළඳගත්තේ එහෙම කියමින්……

…………………………………………………………………………………………………………………………

කුලී රථයෙන් බැහැපු සනුත් උරහිසේ රූටලා ආව කලු පාට කාර්‍යාල බෑගය ආයෙමත් උර පත්තට දාගත්තේ අතේ තිබුණ මල් පොකුර අනිත් අතට මාරු කරමින්…..

ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ ඇතුල් වීමේ දොර පැත්තට පිය මැන්න සනුත් කැරකෙන වීදුරු දොරෙන් ඇතුල් වුණේ චකිතයකින් වගේ…..

ඇතුල් වන තැන පිහිටි පිළි ගැනීමේ කවුන්ටරයට කිට්ටු වුණ සනුත් එතැන හිටපු ප්‍රියමනාප පෙනුමැති තරුණියට කිට්ටු වුණා ……

“Excuse Me Miss….” ( සමාවෙන්න…)

“Yes… How Can I Help You Sir….???” (ඔව්… මොකද්ද අවශ්‍ය උදව්ව…??)

“Umm…. Actually One Of My Friend is Working Here…. and I wanna Meet Him…. But I have No Idea that Which Floor is he in….”( ඇත්තටම මගේ යාලුවෙක් මෙහෙ වැඩ කරනවා…. මට එයාව මුණ ගැහෙන්න ඕන….. ඒත් මම හරියටම දන්නේ නෑ එයා ඉන්නේ මොන තට්ටුවෙද කියලා….)

“Mmm…. Let Me See… If You Know The Company Name I may could help you sir….”( සර්ට යාළුවා වැඩ කරන ආයතනයේ නම මතකද…. )

“I think It is ENIGMA ….The Perfume Producting Company ” (ඒක ENIGMA … සුවඳ විලවුන් නිපදවන)

“Oh The ENIGMA …. Then You Should Go for 28th Floor Sir…. The whole Floor belongs to The ENIGMA ….” (ආඅ….. ENIGMA …එහෙනම් සර් යන්න ඕන 28 වෙනි තට්ටුවට…. ඒ තට්ටුව සම්පූර්ණයෙන්ම අයිති එයාලට)

“Oh…. Well Thank You Miss….” (ගොඩක් ස්තූතියි )

“My Pleasure Sir… You Are Warmly Welcome to WTC West Tower Sir…” ( සාදරයෙන් පිළිගන්නවා ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණට)

පිළිගැනීමේ නිළධාරිනියට සමුදුන්න සනුත් විදුලි සෝපානයට දිහාට ඇවිදගෙන ගියා…..

විදුලි සෝපානයේ 28 වෙනි මහල අංකනය කරපු සනුත් යටි තොළ හපාගත්තේ නොසන්සුන්කම පාලනය කරගන්න වගේ……

ටිං….

විදුලි සෝපානයේ බෙල් එකේ හඬින් සනුත්ගේ කල්පනාව බිඳුනා……

සෝපානයේ විවර වුණ දොරින් 28 වන මහලට පය තියපු සනුත් වෙව්ලලා ගියේ හොඳටම අඩු කරලා තිබුණු වායු සමීකරණ නිසාද නැත්නම් හිතේ තිබුණ චකිතය නිසාද කියලා සනුත්ට තේරුණේ නෑ……

මුහුණ පේන තරමට ඔප දාලා තිබුණ ටයිල් වල තියන අඩියක් අඩියක් ගානේ ලිස්සලා වැටෙයිද කියලා සනුත්ට බය හිතුනා……

විශාල කළු ලොකු බ්ලොක් අකුරු වලින් ENIGMA කියලද් ගහපු පුවරුව දකින කොට සනුත්ගේ කකුල් පැකිලෙනවා වගේ සනුත්ට දැනුනා….. මනුල්මි ඉස්සරහා මොන තරම් දාර්ශනික කියුම් කියවලා ආවත් මේ විසල් නාම පුවරුව ඉස්සරහා තම්න් කුරා කූඹියෙක් වගේ කියලා සනුත්ට දැනෙද්දි ඉස්සරහට තියපු අඩිය ආපහු හරවලා යන්න ඕන කියලා සිතුවිල්ලක් සනුත්ගේ හිතට එබුණා….

නෑ මම මේක කරන්නම ඕන….

පපුව පිරෙන්නම හුස්මක් ගත්ත සනුත් වීදුරු දොර තල්ලු කරගෙන ඇතුළට ගියා…..

දිගු රැහැන් වලින් පහතට එල්ලුණ විසල් විදුලි බුබුළු වලින් එළිය වෙලා තිබුණ ශාලාවේ ඇතුල් වෙන තැනම තිබුණේ විශාල පිලිගැනීමේ මේසයක්…..

එතනින් එහාට ශාලාවේ තැනින් තැන විශාල පෝච්චි වල රෝපණය කරලා තිබුණ විසිතුරු ගස් වලින් කාර්‍යාලයට ග්‍රීන් වයිබ් එකක් අරන් දෙන්න උත්සාහ දරලා තිබුණා…..

පිළිගැනීමේ කවුන්ටරයට ඉදිරිපසින් තිබුණ රැඳී සිටීමේ කොටසේ සුදු පැහැති සෝපා පුටු කිහිපයක්…. වීදුරු ටීපෝවක් සහ ව්‍යාපාරික සඟරා කීපයක් තිබුණා…..

මේ හැමදේම සනුත්ගේ බැල්මට වැටෙන්න ගියේ විනාඩියක් වගේ සුළු කාලයක් විතරයි……

Excuse Me Sir…. How Can I Help You ?”

පිළිගැනීමේ නිළධාරිනියගේ හඬින් තිගැස්සුණ සනුත් ආයෙමත් ඒ දිහාට කකුල් ඇද්දුවා…..

Um….. Can I ….. Can I Meet Mr. Mahith ??”

“Do You Mean Mr.Raymond Jr?”

“Ah Yes…. Mr. Mahith Abhimanya Raymond “

“Do You Have An Appointment ?”

“Aaah….. No…. I Mean…. No I Don’t Have One…. “

පිලිගැනීමේ නිලදාරිනිය නොවෙනස් වන සිනාවක් මුවේ තියාගෙනම සනුත්ට ප්‍රතිචාර දැක්වූවා…..

“I am Sorry Sir… Mr.Raymond Jr Has a Very tight Schedule… You Must Come With an Appointment Sir”

“But…. He Knows Me…. If You Can Inform Him…. He’ll Let Me In…”

I Wish I Could Sir…. Oh Here Comes Mr.Raymond Jr…”

සනුත්ගේ ඉල්ලීම බොහොම විනීත විදියට ප්‍රතික්ෂේප කරපු තරුණිය ඊළඟ මොහොතෙදි ඇතුල් ශාලාවේ කොරිඩෝවකින් මතුවන මහිත්ව සනුත්ට පෙන්නුවා…..

“……………..”

කොච්චර හයියයි හයියයි කිව්වත් මහ විශාල රූස්ස ගස් වුණත් කඩන් වැටුණ තැන් තිබ්බා…..

ප්‍රේමය හුළඟට ගහගෙන ගියාට පස්සේ ගංගාදර කිව්වා වගේම….. දුරුතු සඳත් අහසින් කඩන් වැටුණා…..

ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
ප්රේ ම ය ගිය පසුව සුළඟේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන

කඳුළක් උනන්නවත් බැරි තරම් වියලිලා ඉරි තලලා තිබ්බ ලා දුඹුරු ඇස් රතු වුණා……

හෙණ ගැහුවත් දරා ගනින් කිව්වා තමයි…… ඒත් මේ වදින හෙණ වැදුනෙම පපුවට නම්…… ඒවගෙන් පපුව හත් කඩකට පැළුණා නම්……

කොහොම දරාගන්නද……

කවි ලියන්න ලේසියි….. ඒත් කවි වල තියෙන තරම්ම දරාගන්න ලේසිද…..

කොච්චර හයියෙන් අල්ලගෙන හිටියත් සනුත්ගේ හදවතත් මේ මොහොතේ අත ඇරුණා……

හඬක් නැතුවම ගිලිහුණු පැලැස්තර අලවලා තිබුණ ඒ හදවත මේ වතාවේ නම් සී සී කඩ විසිරුණා…….

බිඳුණු මිනිහෙක්ට ආයේ බිඳෙන්න පුළුවන් අන්තය කොච්චරක්ද…… ඒ තරමටම සනුත් බිඳුණා……

සුදු කමිසය යට කරලා කළු කලිසමත් කළු කබායත් ඇදලා ජෙල් තට්ටුවක් උලලා පැත්තට පීරපු කොණ්ඩය අතින් හදන ගමන් එන මහිත් ගේ දර්ශනය නිසාද මේ හැමදේම වුණේ…..

නැත්තම් මෙච්චර කාලයක් තමන් විතරක් සැනසුනු ඒඅත් බාහුවේ එල්ලිලා එන තරුණියගේ දර්ශනය නිසාද…..

ඒත් නැත්තම්…. මහිත්ගේ මූණේ ඒ මොහොතේ තිබුණ හිනාව නිසාද……

මේවගෙන් කොයි හේතුවට හදවත බිඳුණේ කියලා තෝරගන්න බැරි තරම් සනුත් හැඟීම් වලින් අඩපණ වෙලා හිටියේ…….

එයා සතුටින්….

පතුලක් නොපෙනෙන අන්ධකාර අගාධෙක හිරවෙලා වගේ හැඟීමක් එක්ක හුස්ම හිර කරවන හැඟීමක් සනුත්ට දැනෙන්න වුණා…..

සේවක සේවිකාවන් කීප දෙනෙක් පිරිවරාගෙන එන මහිත්ගේත් තරුණියගේත් ඡායාවන් ළං වෙන්න ළං වෙන්න ඇකිලිලා තිබුණ පපු කුහර පිරෙන්නම හුස්මක් අල්ලපු සනුත් හිනා වුණා…..

වෙව්ලන දණ හිස් වලට හයිය ගත්ත සනුත් අතේ තිබුණ මල් පොකුර කිටි කිටියේ මිරිකා ගෙන අඩි කීපයක් ඉස්සරහට තිබ්බා……

තමන්ව දැකලා විසල් වෙන මහිත්ගේ ඇස් ඉස්සරහට ළං වුණ සනුත් අඩි දෙකක පරතරයකින් මහිත් ඉස්සරහ නතර වුණා……

Who is This Babe???”

එක එල්ලේම මහිත් ඇස් දිහා බලාගෙන ඒ ඇස් කියවන්න උත්සාහ කරන සනුත්ට කණ අගිස්සෙන් ගැහැණු හඬක් ඇහුණා…….

මේ…. වගේ…. දේවල්…… ආ…..යේ…… එවන්න….. එපා……
……………………………….”

“ස්…..ස්…සූ…කි….රි…… අ….à·„….න්…”

“සතුටින්….. ඉන්න…..”

කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතේ නුඹ
මගේ නොවුනට කම් නැතේ

උන්නදා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමිදා අද
මමත් දැන් මට හිමි නැතී

නුඹ ළඟත් මතකය ඇති
නමුදු අපි වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇති

…………..මතුවට හමුවෙන තුරු……………..

*හායි ළමයි…. කොහොමද ඉතින් …. සිරිලක පිරි අවුරුදු සිරි සරුද 😌

* අළුත් කතාවක් දැම්මා දැක්කද…🥺 ඒකට ප්‍රතිචාර නම් නෑ කාගෙන්වත්…..

* දුක චැපියක් තමා…. ඒත් මේක නෙසසරිනේ…. ලියන්නම ඕන කොටස්නේ මේවා….. 🥺🥲💔

*50න් ඉවර කරන්න හිටියට තව ඇදෙයි වගේ… බලමු… පුලුවන් ඉක්මනට කතාව දෙන්නම්….❤

*වීසා නැතුව ජපානේ ටුවර් එකක් යන්න ආසාය ඇවිල්ලා සකුරා කියවන්න…. ගිහින් එන්නම්…. ආදරෙයි මං 🥰❤

https://www.wattpad.com/story/366959010?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Mandy_129

*මේකේ යම් යම් තැන් වල මම ලියපු අදහස් මම ෆේස් බුක් එකේ දකින පෝස්ට් වලින් නිර්මාණය කරගත්ත අදහස්…. ඒවගේ සම්පූර්ණයෙන්ම ක්‍රෙඩිට් එක මුල් හිමිකරුවන් සතුයි… ❤

Tags: read novel À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” හතලිස් හයවන හිමිවීම 💙, novel À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” හතලිස් හයවන හිමිවීම 💙, read À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” හතලිස් හයවන හිමිවීම 💙 online, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” හතලිස් හයවන හිමිවීම 💙 chapter, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” හතලිස් හයවන හිමිවීම 💙 high quality, À·„À·’À¶¸À·’ À¶…À·„À·’À¶¸À·’ Ðÿ’™ Completed Âœ” හතලිස් හයවන හිමිවීම 💙 light novel, ,

Comment

Leave a Reply

Chapter 48