Friend With Benefits Ðÿ–¤ Âœ… Part 25 ❀

A+ A-

” ලොකු තාත්ති..”

යෙතීශ් යුහාන් දෙන්නා බබා එක්ක ආවෙ යුහාන්ගෙ ගෙදර..

යෙහාන් අයාන් ලගට කෑ ගහගෙන දුවන් ගියත් අයාන් එයාව ගනන් නොගෙන කෙලින්ම ආවෙ යෙතීශ් ලගට..

චටාස්..

” අයියා..! “

” තෝ ආයෙ ආවද බල්ලො ලැජ්ජ නැතුව..”

අයාන් ගෙන් ලැබුබ සැර කම්මුල් පාරත් එක්ක යෙතීශ් විසික් වෙලා ගියා..

” තෝ තිරිසනා..තවත් අපිට අපෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ..”

” අයියා ඕල නවත්තන්න මේ කොල්ලා බලාන ඉන්නෙ එයා බය වෙලා..”

” එහාට පලයන් යුහාන්..”

අයාන් ආයෙ යෙතීශ්ට ගහන්න එයා ලගට යන නිසා යුහාන් එයාව නතර කරන්න හැදුවත් යුහාන්ට බැරි උනා..දෙවනි පාරට අතමිට මොලවලා යෙතීශ්ගෙ කම්මුලේ අනිත් පැත්තට පාරක් එල්ල වෙද්දි යෙහාන් බය වෙලා අඩන්න ගත්තා..

” අනේ ල්__ලොකු තාත්ති ඩැ ඩාට ගහන්න එපා..”

” උබෙ ඩැඩෙක් මෙහෙ නෑ යෙහාන් මේකා තිරිසනෙක්..”

” අයියා ඕක නවත්තන්න මගෙ කොල්ලා බය වෙලා..”

යෙහාන් යුහාන්ගෙ කකුල බදාන හයියෙන් ඇඩුවත් අයාන් නෙවෙයි නැවතුනේ..යෙතීශ්ට බිම වැටෙන්නම පාරක් එල්ල කරලා බිම වැටුන යෙතීශ්ගෙ ඇග උඩ නැගලා අයාන් එයාගෙ මූණට සැර පාරවල් කීපයක්ම ගැහුවත් යෙතීශ් අයාන්ට විරුද්දව අත උස්සන් නැතුව ඔහේ හිටියෙ එයාට ඒක කරන්න බැරිකමකට නෙවෙයි..

” අනේ ස්ටෙෆාන් අයියා කොල්ලව එක්කන් යන්නකෝ..”

” ඔයා එක්කන් යන්න මං අයාන්ව බලා ගන්නම්..”

” යෙතීශ් අයියට ගහන්න දෙන්න එපා අනේ..”

ස්ටෙෆාන්ට යෙහාන්ව අරන් යන්න කිව්වත් ස්ටෙෆාන් ඒක ආපිට යුහාන්ට කියද්දි එයා කොල්ලවත් අරගෙන කදුලු පිහද පිහද උඩ තට්ටුවට ගියා..

” අයාන් ඕක නවත්තපන්..”

” මට මූව මරන්න ඕනි ස්ටෙෆාන් මූට අරුන් දෙන්නා දෙන්නෙ නෑ මං..”

” ඕක නවත්තපන් යකෝ..!! “

ස්ටෙෆාන් සැරෙන් කෑ ගහලා අයාන්ව යෙතීශ්ගෙ ඇග උඩින් එහාට තල්ලු කරා..

” යෙතීශ්ට රිදවද්දි ඊට වඩා රිදෙන්නේ අර පොඩි කොල්ලටයි යුහාන්ටයි..”

” නවත්තපන් ඕක දැන් ඇතී..මට හරි මහන්සී බං..”

ස්ටෙෆාන් එහෙම්ම යෙතීශ් අයාන් ලගින්ම බිම ඉද ගත්තේ අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇද ගන්න ගමන්..

” මේකා වෙනස් වෙන් නෑ ස්ටෙෆාන් මූට කොල්ලො දෙන්නව දෙන්න බෑ..”

” උබෙ ඩියෝට වෙනස් වෙන්න පුලුවන් උනානම් ඇයි අයාන් මූට බැරි..අමතක කරන්න එපා අයාන් ඌ තමා යුහාන්ව යෙතීශ්ගෙන් පලි ගන්න වැරදි විදිහට පාවිච්චි කරේ කියලා..”

” උබලගෙ ප්‍රශ්න නිසා තමා යුහාන්ට එච්චර විදවන්න සිද්ද උනේ ඌ විනාස වෙලා ගියේ ඒ නිසා..”

” උබ මූට ආදරේ කරද්දී මූ උබව අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා දාලා ගිය එක ඇත්ත ඒ මේකගෙ හැටි..උබත් යුහාන් වගේම මූට ආදරේ පේන්න බෑ කියලා දැන දැන ආදරේ කරේ..ඒත් මූට උබෙ ආදරේ නැතුව යුහාන්ගෙ ආදරේ දැනුනා මූට ඒක ඒත් නොතේරුන එකයි අව්ල..හැම දේම වෙලා ඉවරයි ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරෙද්දි..යුහාන්ට කරපු දේට යෙතීශ් මෙච්චර කල් සෑහෙන්න විදෙව්ව අයාන් ඒක මං හොදට දැක්කා..මේකා යුහාන්ට පන ඇරලා ආදරේ කියන්න මං හොදට දැක්කා..අවුරුදු ගානක්ම මූ යුහාන් දිහා ඈත ඉදන් බලන් ඉන්නවා මං හොදට දැක්කා..අයාන් ඇති බං දැන්..මේ à·„à·”#තා වෙනස් වෙලා ඉන්නෙ දැන්.. උබ මූව නැතත් මාව විශ්වාස කරපන්..යෙතීශ් මට වඩා කොල්ලො දෙන්නට ආදරේ කරයි මට වඩා හොදට උන් දෙන්නව බලා ගයි..”

” එතකොට උබට මොකද වෙන්නෙ ස්ටෙෆාන්..”

” ආදරේ බලෙන් ගන්න බෑ බං..එදා ඩියොයි මායි දෙන්නම හිටියෙ එක තැන අපි දෙන්නා උබලට ආදරේ කරදී උබලා මූට ආදරේ කරා..අයාන් උබ දැන් යෙතීශ්ටද ආදරේ ඩියෝටද අහ්..”

ස්ටෙෆාන් අයාන්ට ප්‍රශ්නයක් එල්ල කරත් අයාන් නිහඩ උනා..

” කියපන්..”

” ඩියෝට..”

” අහ්..අන්න එතනයි ඩියොයි මායි වෙනස් උනේ උබ අන්තිමට ඌට ආදරේ කරලා ඌව වෙනස් කරාට යුහාන්ට බැරි උනා මට අංශුමාත්‍රයක්වත් ආදරේ කරන්න..”

” උබෙ ආදරෙන් ඩියෝ වෙනස් උනා වගේ යුහාන්ගෙ ආදරේ නිසා මේකා වෙනස් වෙලා..තොපි ඕනි හුත්තක් කර ගනින් බං..මට මහන්සි මැරෙන්න හිතිලා තියෙන්නෙ හුත්ත..”

” යෙතීශ් උන් දෙන්නව පන වගේ රැකපන්..හෙට අනිද්දම මං ඩිවෝස් එක දෙන්නම්..”

” ස්ටෙෆාන් උබට පිස්සුද..”

” අනේ à·„à·”#ත තෝ කට වහපන්කො අයාන්..මං යුහාන්ට කොච්චර ආදරේ උනත් බලෙන් අයිති කරන් ඌට දුකක් දෙන්න බෑ මට..”

ස්ටෙෆාන් හෙමීට නැගිටලා බිම වැටිලා ඉන්න යෙතීශ්ට හෙමින් පයින් ගැහුවෙ නැගිටින්න කියන ගමන්..

” නැගිටපන්..”

” පොඩි එකා තාම අඩනවා..නලවපන් ගිහින් දැන් තොපි දෙන්නා..”

” ස්ටෙෆාන් උබ කොහෙද යන්නේ..”

” කොහෙ හරි..”

” ස්ටෙෆාන් ඔහොම හිටපන්..”

ස්ටෙෆාන් ගෙදරින් එළියට යද්දි අයාන් එයාව නතර කරා..

” අනේ ගෙදර යකෝ යන්නේ..වද දෙන් නැතුව පලයන්කෝ..”

” ස්__ “

” මං යනව බායි..”

බිම වැටිලා හිටිය අයාන් යෙතීශ් දෙන්නා නැගිටින අතරේ ස්ටෙෆාන් යන්න ගියා..

එයා මේ දේවල් දරා ගන්නේ පුලුවන් කමකට නෙවෙයි..එයාට වෙන කරන්න දෙයක් නැති කමට..ආත්මාර්ථයකාමී වෙලා යුහාන්ව තවත් එයාගෙ ලගින් තියාන ඉන්න එකෙන් වෙන්නෙ යුහාන්ගෙ සතුට නැති වෙලා යන එක..ඉතින් ස්ටෙෆාන්ගෙ අන්තිම තීරණේ යුහාන්ගෙ සතුට එයාට දෙන එක..යුහාන්ට තියන ආදරේ නිසාම එයා ඈත් වෙලා යන්නේ යුහාන්ට එයාගෙ ආදරේ හොයාන යන්න ඉඩ දීලා..

පහල සද්දයක් නැති වෙද්දි යුහාන් අඩලා ඉකිගහන යෙහන්වත් වඩාන පහලට ආවා..

” ස්ටෙෆාන් අයියා කෝ..”

” ගියා..”
යෙතීශ් උත්තර දුන්නෙ නැගිටින ගමන්..

” මෙයාව ගන්නකෝ..”

යෙහාන්ව යෙතීශ් අතට දීලා යුහාන් ගියෙ අයියා ලගට..

” නැගිටින්න..”

” අයියා..”

යුහාන් අයාන්ට කතා කරත් එයා නෙවෙයි උත්තර දුන්නේ..

” ලොකු තාත්තියෝ..”

” ලොකු තාත්තිට නැගිටින්න කියන්න යෙහාන්..”

” නැගිටින්න ලොකු තාත්ති යෙහාන් ලගට එන්නකෝ..”

යෙහාන් අයාන්ට කතා කරන නිසාම එයා නැගිටලා යෙතීශ් අතේ ඉන්න යෙහාන් ලගට ආවා..

” ලොකු තාත්ති එක්ක යෙහාන් තරහද..”

” තරහයි නේ ඒත් යාලු වෙන්නම්..”

” කොහොමද මගෙ චන්ඩියාව මං යාලු කර ගන්නෙ එතකොට..”

” ඩැඩාට ආයෙ ගහන් නෑ කියලා ප්‍රොමිස් උනොත් යෙහාන් යාලු වෙනවා..”

යෙතීශ්ට රැව්ව අයාන් යෙගාන්ව එයාගෙ අතට ගත්තා..

” ම්ම්ම්..ලොකු තාත්ති ආයෙ බබාගෙ ඩැඩාට ගහන් නෑ..”

” ඩැඩී එක්ක යාලු වෙන්නකෝ..”

” හා මං යාලුයි..”

” ඔහොම නෙවෙයි..”

” එහෙනම්..”

” ලොකු තාත්ති යෙහාන්ට දෙනව මගේ ඩැඩාටත් උම්මා එකක් දෙන්න..”

යෙහාන් කිව්ව දේට යුහාන්ට හයියෙන් හිනා ගියා..

” කෝ මෙහෙ එන්න යෙහාන්..අපි යමූ ආච්චි අම්ම බලන්න..එතකොට ලොකු තාත්ති ඩැඩාට උම්මා එකක් දෙයි..”

යුහාන් යෙහාන්ව එයාගෙ අතට අරන් ආච්චි අම්මා බලන්න යන් කියලා කොල්ලව ශේප් කරන්න ගේ ඇතුලට එක්කන් ගියා..නැත්තන් අයාන්ට යෙතීශ්ට උම්මා එකක් දෙන්නම වෙනවා..

යුහාන් යෙහාන් එක්ක යන්න යද්දි ආයෙත් යෙතීශ් අයාන් එක්ක තනි උනා..

” අයාන්..”

අයාන් යන්න ගියත් යෙතීශ් එයාගෙ අතින් අල්ලලා නතර කරා..

” මට සමාවෙයන්..”

” මං යුහාන්ට ආදරෙයි අයාන්..”

” මට දැන් උබව විශ්වාස කරන්නද කියන්නේ..”

” ඔව්..මං උන් දෙන්නව පන වගේ බලා ගන්නම්..”

” යෙතීශ්..උබ තිරිසනා..මං මේ අන්තිම පාරට උබව විශ්වාස කරන්නේ..ඒකත් ස්ටෙෆාන් නිසා ඌ මෙච්චර කැපකිරීමක් කරපු නිසා..මගෙ පොඩි උන් දෙන්නගෙ හිත ආයෙත් ටිකක් හරි රිද්දුවොත් මං උබව මරලා දානවා යෙතීශ් ඇත්තමයි..”

” පලයන් දැන් අරුන් ලගට..යුහාන්ට කියලා බෙහෙත් ටිකක් දා ගන්නවා..”

යෙතීශ්ගෙ අත ගසලා දැම්ම අයාන් යන්න ගියා..බෙහෙත් දා ගන්න කියද්දි තමා යෙතීශ්ට තේරුනේ අයාන් එයාට තුවාල වෙන්නම ගහලා කියලා..

යෙතීශ් යුහාන්ලව හොයාන යද්දි thunder ලගට වෙලා යෙහාන් ආච්චි අම්මගෙ ඔඩොක්කුවෙන් ඉදන් තොර තෝන්චියක් නැතුව කියවනවා..යුහාන් thunderගෙ කොණ්ඩෙ පීරනවා..

” යුහාන්..”

” යෙතීශ් අයියේ..”

” යෙතීශ් පුතා කාලෙකින්..මොකද ඔය මූණ තුවාල වෙලා..”

ආච්චි අම්මා අහද්දි යෙතීශ් ආච්චි අම්මා ලගින් දණ ගහන් එයාගෙ අත් දෙකෙන්ම අල්ලා ගත්තා..

මේ වෙනකන් උන කිසිම දෙයන් ආච්චි අම්මා දන්නෙ නෑ..යුහාන් ස්ටෙෆාන්ව බැන්දා එයාලා සතුටින් ඉන්නවා යෙහාන් ස්ටෙෆාන්ගෙ දරුවෙක් ඒ ඇර ඇත්ත කතාවෙ කිසි දෙයක් ආච්චි අම්ම දන්නෙ නෑ..හැමෝම එයාගෙන් හැම දේම හැන්ගුවා..

” ආච්චි අම්මා..යුහාන්වයි යෙහාන්වයි මට දෙනවද..”

යෙතීශ් ඇහුව දේත් එක්ක ආච්චි අම්මා කලබල වෙලා යුහාන් දිහා බැලුවා..ඒත් එක්කම යුහානුත් යෙතීශ් ලගින් දණ ගහන ආච්චි අම්මගෙ අත් අල්ලන් ඉන්න යෙතීශ්ගෙ අත් උඩින් එයාගෙ අත් තිබ්බේ එයාටත් ආච්චි අම්මට කියන්න දේවල් ගොඩක් තියන නිසා..

” ආච්චි අම්මා..මං ඔයාට හැම දේම කියන්නම්..ඔයා කලබල වෙන් නෑ කියලා මට පොරොන්දු වෙන්නකෝ..”

” චූටි පැටියෝ ඇයි මේ..”

” ආච්චි අම්මා..මං ඉස්සර ඉදන්ම ආදරේ කරේ යෙතීශ් අයියට..”

” ස්ටෙෆාන් අයියව මැරි කරේ ඒ ඔයාලගෙ කැමැත්ත නිසා ඔයාලගෙ සතුට නිසා..එත් මෙච්චර කල් මගෙ හිතේ හිටියෙ මං ආදරේ කරේ යෙතීශ් අයියට විතරයි..අනිත් එක..”

යුහාන්ගෙ ඇස් යොමු උනේ යෙහාන් දිහාට..යෙහාන් ආච්චි අම්මගෙ ඔඩොක්කුවෙන් බැහැලා thunder ගාවට දුවන් ගියා..

” යෙහාන් යෙතීශ් අයියගෙ දරුවෙන්..මං ස්ටෙෆාන් අයියව මැරි කරද්දි..එයා මගෙ බඩට ඇවිල්ලා ඉවරයි..යෙතීශ් අයියා ඒ දවස්වල ඒක දැනන් හිටියෙ නෑ එයා ඒක දැන ගත්තෙ ඊයෙ..ඒකයි අයියා අද මං ලග ඉන්නේ..”

” ආච්චි අම්මා අනේ මට සමාවෙන්න ආච්චි අම්මා..”

” චුටි පැටියෝ හරි හරි අඩන් නැතුව ඉන්නකෝ ආච්චි අම්මා තරහා නෑ පුතේ..”

” ආච්චි අම්මා මට අවසර දෙනවද මගෙ සතුට හොයාන යන්න..”

” චූටි පැටියෝ..මං හැමදාම බැලුවෙ ඔයාගෙ සතුය ගැන..චූටි පැටියා ආච්චි අම්මට සමාව දෙන්නකෝ ඔයාගෙ සතුට නැති කරාට හොදද..”

” නෑ ආච්චි අම්මා එහෙම නෙවෙයි..”

” ස්ටෙෆාන් මොකද කියන්නෙ යුහාන්..”

” ස්ටෙෆාන් අයියා මගෙ සතුට මට දීලා ඉවරයි..”

” එහෙනම් මේ ආච්චි අම්මා මොකටද යුහාන් අකමැති වෙන්නේ..යෙතීශ් පුතා මගෙ දරුවො දෙන්නව හොදට බලා ගන්න..”

ආච්චි අම්මා යෙතීශ්ගෙයි යුහාන්ගෙ අත් එකතු කරා..ඒත් එක්කම එයාල ලගට ආව යෙහානුත් ඒ අත් උඩින්ම එයාගෙ චූටි අත් දෙකත් තිබ්බේ ගොඩාක් සතුටින් හිනා වෙලා..

*****

🥹❤️

අන්තිමට හැමෝගෙම කැමැත්තෙන් එයාලා එකතු උනා..

මේක ඉවර වෙන්න ලගයි එතකොට අපි ඒකෙන් හම්බෙමු..ගොඩක් අය ආසාවෙන් කියවන නිසා මං මේ කතාව මට දැන් ලියන්නත් ආසයි..මුලින්ම ලියන්න ගත්ත කතාවක් මේක ඒ නිසා කතාවෙ මුල අව්ල් ඇති..පස්සෙ පස්සෙ මං ලියන විදිහත් වෙනස් වෙලා ඇතී..ඒත් ඉතින් කියවන අයනට තෑන්ක්ස්..ඔයාලගෙ එක වෝට් එකක් කමෙන්ට් එකක් උනත් මට ගොඩක් වටිනවා..❤️

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 25 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 25 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 25 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 25 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 25 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 25 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 25