Friend With Benefits Ðÿ–¤ Âœ… Part 10 ❀

A+ A-

සතියක්ම යුහාන් ගත කරේ යෙතීශ් එක්ක..ක්ලබ් යනවා dance කරනවා, drinks ගන්නවා..රෑට රෑ වෙලා condo එකට එන ඒ දෙන්න ගොඩක් රොමෑන්ටින් රාත්‍රීන් ගත කරා..මේ අතරෙ යුහාන් නිසා යෙතීශ්ට ගහ මරා ගන්න උනේ නැතුවම නෙවෙයි..

” යෙතීශ් අයියේ..ගෙදර ඇවිල්ලම යන්නකෝ..”

” බෑ යුහාන් කම්පැනි එකේ වැඩ වගේකට යන්න තියනවා..”

” හ්ම්ම්..ඒනම් හෙට එනව නේද මාව එක්කන් යන්න..”

” යුහාන් නිතරම ගෙදරින් එන්න තියා ගන්න එපා දැන්..අයිය දැන ගත්තොත්..”

” මං පොඩි ළමයෙක් නෙවෙයි යෙතීශ් අයියා එයාට ඕනි ඕනි විදිහට ඉන්න බෑ මට..”

” යුහාන්…”

” ඇති එන්න බෑ නම් කියන්න..මං කොහොමත් හෙට රෑ වෙලා ක්ලබ් යනවා..”

” හිතුවක්කාරකම තියන..හරි ඉතින් එන්නම් මං..තනියම යන්න හොද තැන් නෙවේ ඒව..”

” à·„à·“..උම්ම්මා..”

” පරිස්සමින් යන්න යෙතීශ් අයියේ..”

” දුවන්න එපා යුහාන් වැටෙයි හෙමින් යන්න..”

සතියකට පස්සෙ ගෙදර එන යුහාන්ව ගේ ලගින් බැස්සුව යෙතීශ් යන්න ගියේ යුහාන් වේගෙන් කන්ද උඩට දුවද්දි..

ඇගට දැනෙන සනීප හුලග වෙනුවට AC,ඉර එළිය වෙනුවට පාට පාට ලයිට්ස්.නිතරම බොන එළ කිරි වෙනුවට එක එක ජාතියේ drinks..මේ ටික දවසට යුහාන්ගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා..

” ආච්චි අම්මේ මං ආවෝ..”

” අනේ මගෙ චූටි පැටියා..මං පාලුවෙන් හිටියෙ රත්තරං..”

” දැන් මං ආවනෙ ඉතින්..”

ගෙදර දුවන් ආව යුහාන්ව ආච්චි අම්ම ගොඩක් ආදරෙන් බදා ගත්තා..පොඩි කාලෙ ඉදන් යුහාන් ආච්චි අම්ම අස්සෙම හැදුන නිසා යුහාන් ලග නැති පැයත් එයාට මහා ලොකු කාලයක් වගේ..

” ආයෙ එහෙම ඔහොම යන්න තියා ගන් නෑ හොදද..මං බොහොම අමාරුවෙන් අයියව ශේප් කර ගත්තේ..”

” අයියෝ ආච්චි අම්ම මේ මං පොඩි බබෙක් නෙවේ නෙ අප්ප දැන්..අයියනම් මහ වාතයක් ඕන් නැති රෙද්දක් නෑ නේ..”

” යුහාන් බබා..ඒ ඔයාගෙ අයියා..ඔයාගෙම හොද__”

” දන්නව දන්නවා..කුක්කු එකක් හදල දෙන්න ප්ලීස් මං උඩට යනෝ..උම්ම්මා..”

ආච්චි අම්මටත් හාද්දක් දීල යුහාන් දිව්වෙ එයාගෙ කාමරේට..

මේ අතරේ යෙතීශ් ආවෙ ක්ම්පැනි එකේ වැඩවලට තාත්තව හම්බෙන්න..

” තාත්තා මං කිව්ව එක කරා පොඩ්ඩක් චෙක් කරල බලල සයින් කරන්න..”

” යෙතීශ් තමුසෙව මං හම්බෙනකන් හිටියෙ…”
යෙතීශ් ගෙ තාත්ත කිව්වෙ ගෙනත් දුන්න ෆයිල් එක චෙක් කරන ගමන්..

” කියන්න මොකක්ද ප්‍රශ්නේ..”

” මොකක්ද ප්‍රශ්නෙ අහන්නෙ උබ මුකුත් දන් නැති තොත්ත බබා නෙ නේද..”

” කියන්න තියන දේ කෙලින් කියන්න තාත්තා..”

” යෙතීශ් මං තමුසෙ ගැන හොයන්නෙ බලන්නෙ නෑ කියල හිතන්න එපා හරී..ක්ලබ් ගානෙ රින්ගගෙන කොල්ලො එක්කම නිදාගෙන රණ්ඩු වල පැටලි පැටලි උබ නටන නාඩගම් මං දන් නෑ කියල හිතන්න එපා..”

” තමුසෙ දැන් මිනී මරන්නත් පටන් ගත්තද..”

” තාත්තේ..”

” පොඩි කොල්ලෙක් වටේ තියාන මොකක්ද ඒ පාර නටන නාඩගම..”

” මගෙ දේවල්වලට තාත්ත ඇගිලි නොගහ හිටියනම් තමා හොද..”

” කට වහනව යෙතීශ්..උබ දැන් ගානට වැඩී..තෝත් අර ගෑණි වේසකමේ ගිහින් හදා ගත්ත එකෙක්ද කොහෙදො..මේක වැරදි ආයෙ හදන් වරෙන්..”
යෙතීශ්ට බැන්න තාත්තා ෆයිල් එක මේසෙ උඩටම විසික් කරද්දි යෙතීශ් තාත්ත දිහා බලන් හිටියෙ අත්මිටි මොලවගෙන..වෙන කෙනෙම්නම් මේ වෙද්දිත් යෙතීශ් අතින් මැරුන් කාල වෙද්දි හැමදාම වගේ තාත්තගෙ බැනුම් හමුවේ යෙතීශ් ගොඩක් ඉවසුවා..මොකද කොච්චර කරත් ඒ එයාගෙ තාත්තා නිසා..

ක්ම්පැනි එකෙන් එලියට ආව යෙතීශ් කෝල් එකක් ගත්තෙ යුහාන්ට..

” hello යෙතීශ් අයියේ..”

” මොකද කරන්නේ..”

” ඇදට වෙලා දොයි අනේ..”

” අහ් මං ඇහැරෙව්වද ඔයාව..”

” අයියෝ නෑ අනී..ඇයි මං නැතුව පාලුද..”

” හ්ම්ම්..කාලද ඉන්නේ..”

” කුක්කු බිව්වා..පස්සෙ කන්න ඕනි..”

” හ්ම්ම්.. ආච්චි අම්ම මොකද කිව්වෙ යුහාන් අයිය අව්ල්ද..”

” අව්ලක් නෑ ඉතින් අයියනම් ගෙදර නෑ තාම..”

” එයා බනීද යුහාන් ඔයාට..”

” නෑ ආච්චි අම්ම එයාව ශේප් කරලා මං යාලුවාගෙ ගෙදර ගියා කියලා..”

” කව්ද අප්පේ ඔච්චර ඔය කියන යාලුවා ම්ම්ම්..”

” හෙට එක්කන් එන්නම්..”

” හ්ම්ම් හ්ම්ම්..ඔයා දොයිය ගන්න ඒනම්..මං condo එකට යනව දැන්..”

” හරි අයියේ බායි..පරිස්සමින්..”

” ම්ම්..”

ටීක්…ටීක්…

මේ ටික දවසට යෙතීශ්ට යුහාන් ලග ලොකු සැනසීමක් දැනුනා..ඉස්සර වගේ නිතරම කේන්ති යන්නෙ නැතුව මූණෙ ලස්සන හිනාවක් රැදිල ඉතිබ්බා..ඉතින් තාත්ත නිසා නැතිවෙලා ගිය යෙතීශ්ගෙ හිනාව ආයෙ ගේන්න යුහාන්ට පුලුවන් උනා..

” හේයි බෝයි..”

” අඩෝ..කවද්ද ආවේ..”

” ඊයෙ ආවෙ බං..උබ වෙනස් වෙලා ඈ..ලස්සන බලපන්කෝ..”

❀ රෙහාන්..

යෙතීශ්ගෙ එකම ඥාති සහෝදරයා උන රෙහාන් යෙතීශ්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක්..ගොඩක් නිව්නු චරිතයක් උන රෙහාන් වැඩිය මිනිස්සු ආශ්‍රය කරන්න කැමති කෙනෙක් නෙවෙයි..අරෝශ් වගේම යෙතීශ් එක්කම ඉස්සර ඉදන් හිටිය නිසා නිසා ඒ දෙන්නට ගොඩක් ක්ලෝස් උනාට වෙන අයත් එක්ක එහෙම නෑ..රෙහාන් ගොඩක්ම කැමති මියුසික් වලට..

” ඇයි යකෝ මට කිව්වෙ නැත්තෙ එනව කියලා..”

” හදිස්සියේ ආවේ..අන්කල්ව බලල උබව බලන්න එන්න ගියෙ මං..”

” ඒනම් ඉතින් මට මොනා හරි ගේන්න ඇති නෙ නේද..”

” ගෙනාව ගෙනාව..යන්..”

” මට බෑ උබ ගිහින් වරෙන්..”

” ආයිශ්..වලියක් දා ගත්තද අන්කල් එක්ක..”

” ම්ම්ම්..උබ එනකන් ඉන්නම් ගිහින් වරෙන්කෝ..එහෙම්ම මගේ ස්ථානෙට හරිද..”

රෙහාන් හා කියන්න ඔලුවත් වනාගෙන ගියෙ ක්ම්පැනි එක ඇතුලට..යෙතීශ්ගෙ ආදරණීය සහෝදරයා ආයෙ එනකන් එයා කාර් එකේ ඉදගත්තෙ ෆෝන් එක අරන් tiktok ඇප් එක open කරන ගමන්..

⏳⏳⏳⏳⏳

” ඒ මෙහෙ වෙනස් වෙලානෙ බං..කවද ඉදන්ද උබ මේ ටෙඩීස්ලට කැමති උනේ..”

” ඒව මගෙ නෙවේ..”

” අහ්..ආව්ව් කොල්ලට ලව් එකක්වත් සෙට් උනාද..කෝ මටත් පෙන්නපන්කො ප්‍රේමවන්තයව..”

” he is not my boyfriend he is my bed friend..”

” අනේ මංද බං උබ ඔය හිතන විදිහනම් කවදාවත් වෙනස් කරන්න බැරි වෙයි..හැබැයි මං දන්න තරමින් උබට මීට කලින් bed friend  කෙනෙක් ඉදලත් නෑ නේ..”

” එයා තනිකර මායාවක් වගේ..හෙට පෙන්නන්නම්කෝ..”

සතියක් පුරාවට යුහාන් යෙතීශ් එක්ක හිටිය නිසා එයා ආස දේවල් ඔක්කොම යෙතීශ් එයාට ගෙනල්ල දුන්න වගේම යුහාන් ආස විදිහට condo එකේ සමහර දේවල් පවා වෙනස් කරල තිබ්බා..මොනව කොහොම වෙනස් උනත් යෙතීශ් ආදරේ ගැන හිතන විදිහනම් වෙනස් වෙන් නෑ..

” ඒනම් මං අද මෙහෙ හොදේ..”

” ඕක අහන්න දෙයක්ද බං මේක අපි දෙන්නගෙම තැන උබෙ room එක තාම ඒ විදිහටම ඇති..”

” ඒ කාලෙ මතක් වෙනව බං..”

” හ්ම්ම්..යන්ද අරෝශ් එහෙම හම්බෙන්න..”

” හවස් වෙලා යන්..”

” යුහාන්..කොහෙද මෙච්චර දවස් හිටියෙ අහ්..”
කාමරේට වෙලා ෆෝන් එකේ මොනාද බල බල හිටිය යුහාන් ලගට ආවෙ එයාගෙ අයියා..අයිය එනව දැකල යුහාන් ෆෝන් එක ඉක්මනින් හන්ගගත්තා..

” ඇයි ආච්චි අම්ම කිව්වෙ නැද්ද..”

” ආච්චි අම්ම මොනා කිව්වත් මං දන්නවා ඒක බොරුවක් කියලා..”

” බොරු නෙවෙයි අනේ..සිතුම්ල ගෙදර ගිටියෙ මං..”

” එහෙමද..උබ දැන් ලගකදි ඉදන් ගොඩක් වෙනස් කියල පේනව මට..බලමුකො මල්ලී..උබ මොනා කරත් මාව රවට්ටන්න ටිකක් අමාරු වෙයි චූටි පැටියෝ..”

” යන්නකො අනේ වද දෙන් නැතුව..”

” ඇත්තද උබට දැන් අයිය වදයක් උනා නේද..මිනී මරා ගන්න වැඩක් උබ ඔය කරන්නෙ කියන එක හොදට මතක තියා ගන්න..”
අයියා කාමරෙන් යන්න ගියෙ යුහාන් තරහ පාලනේ කර ගන්න එයාගෙම කොණ්ඩෙ ඇද ගද්දි..

යුහාන් අයාන්ට කොච්චර බොරු කරත් ඒව නොතේරෙන්න තරම් අයාන් කියන්නෙ මෝඩයෙක් නෙවෙයි..ඒත් යුහාන්ට ඕනි නෑ අයියට ඕනි විදිහට ගෙදෙට්ට වෙලා පොඩි එකෙක් වගේ ඉන්න..

” hello යෙතීශ් අයියේ..”

” කියන්න යුහාන්..”

” මං මේ__”

” ම්ම්හ්හා..fast baby…ආහ්හ්හා..”

” යෙතීශ් අයියෙ ඔයා..”

” මං ටික්කින් ගන්නම් යුහාන්..”

” අයි___”

ටීක්…ටීක්….

අයිය ඇවිල්ල බැනල ගිය නිසා හිත අව්ල් උන යුහාන් යෙතීශ්ට කෝල් කරත්..යෙතීශ් ඉන්නෙ ලොකු වැඩක කියල යුහාන්ට තේරෙන්න වැඩි වෙලා ගියේ නෑ..ටික්කින් ගන්නම් කියල යෙතීශ් කෝල් එක කට් කරල දාද්දි යුහාන්ගෙ ඇස් වලට කදුලු පිරුනෙ එයාටත් නොදැනීම..

” යුහාන් මොකද මේ මොලේ අමාරුවද අඩන්නේ..එයා කව්ද කියන එක දැන දැනමගේ ඒ විදිහට එයා ලගට ගියේ..”
යුහාන් එයාටම කියා ගත්තෙ කදුලු පිහ දාන ගමන්…

හිතට දැනුන අමුතු හැගීම එක්ක යුහාන් ඇද යට තිබ්බ පොඩි පෙට්ටියක් අරන් දුවන් ගියෙ bathroom එකට..

සිගරට් පෙට්ටියක්..

ඉස්සර යුහාන් කියන්නෙ මෙහෙම කෙනෙක් නෙවෙයි..ඉදල හිටල drinks ගත්තට සිගරට් බිව්වෙ නැති තරම්..ඒත් මේ ටික දවසට සිගරට් වලට වගේම drinks ගන්න එයා ගොඩක් ඇඩික්ට් වෙලා..ඒ හැම වෙනසක්ම යෙතීශ් නිසා..යුහාන් යෙතීශ් නිසා අඩිය තිබ්බෙ වෙනස්ම ලෝකෙකට..

හිත්ට දැනෙන අමුතු වේදනාත්මක හැගීම නිසා සිගරට් එකක් තොල් අතර හිර කර ගත්ත යුහාන් එක සිගරට් එක්කින් නැවතුනෙත් නෑ..

⏳⏳⏳⏳⏳

ට්‍රීං…ට්‍රීං…📲📲

” hello..”

” මොකද යුහාන් කෝල් ආන්ස්වර් කරේ නැත්තේ ඊයෙ කෝල් කීයක් ගත්තද..”

” අහ් ඔයා ඊයෙ ලොකු වැඩකනෙ හිටියෙ යෙතීශ් අයියේ කරදර කරන්න ඕනි උනේ නෑ මට..”

” අහ් ඒක ඔව් ටිකක් ලොකු දෙයක්..”

” මට වඩා හොදද..”

” මොනාද..”

” ඊයෙ කෙනා මට වඩා හොදද කියල ඇහුවේ..”

” මොනාද යුහාන් ඔයා මේ..ආශ්….ඒක යුහාන් ඔයා හිතන විදිහෙ දෙයක් නෙවෙයි..”

” එහෙමන් මොකක්ද..මං බබෙක් නෙවෙයි යෙතීශ් අයියේ..”

” ඔව් ඔව් බබෙක් නෙවේ කියන්නනම් හොදට දන්නව මං..මෝඩ කොල්ලා ඒක එහෙම දෙයක් නෙවෙයි හරිද..මෙ අහන්නකෝ ඊයෙ මං රෑ ක්ලබ් එකේ හිටියේ දන්නව නෙ යුහාන් මේකෙ වෙන දේවල් ඉතින්..ඔයාගෙ කෝල් එක ආන්ස්වර් කරන්න මං පිටි පස්සට ගියා ටිකක් ඇතුලෙ සද්දෙ වැඩි නිසා එතකොට එතන හිටිය කපල් එකක් තමා එහෙම..”

” බොරු නේ..”

” බොරු නෙවේ බබා..”

” එතකොට ඇයි කට් කරේ..”

” කට් කරේ අරෝශ්ට කොල්ලෙක් ගහන්න ආවා ඒක බලන්න යන්න ඕනි නිසා..”

” ඔය ඇත්තමද..”

” ඔව් බබා..අයියෝ මංද ඔයානම්..මේ අහනවා ඔයා හම්බුනත් හරි මං ඔයා ඇර මේ වෙනකන් වෙන කෙනෙක් එක්ක ඉදලා නෑ..මෙච්චර ලස්සන ඔයාව තියාන මං මොකටද වෙන අය එක්ක යන්නෙ ම්ම්…”

” ම්හුක්..අනේ..”

” ඇයි මොකද රතු උනාද..”

” එහෙම නෑ..”

” හිතා ගන්න පුලුවන්මට..මං එන්නම් හවස් වෙලා ඔයාව එක්කන් යන්න..”

” මං විතරක් නෙවෙයි එන්නෙ හරිද යාලුවත් එනව අද..”

” අහ් it’s okay මටත් ඉන්නව ඔයාට පෙන්නන්න කෙනෙක්..තියන්නද මං ඒනම්..තාත්තා හම්බෙන්න යන්න ඕනි..”

” හරි අයියේ..බායී..”

” බායි යුහාන්..”

ටීක්…ටීක්…

යෙතීශ් එහෙම නෑ අනේ..යුහාන් බොරුවට නේ මේ කලබල වෙලා තියෙන්නෙ…

*****

😪👍

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 10 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 10 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 10 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 10 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 10 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 10 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 10