Friend With Benefits Ðÿ–¤ Âœ… part 30 last chapter ❀

A+ A-

” පපා..”

” මගෙ සෝස මල ආවද..”

” බබා..මහන්සී වතුර එකක් ගෙනත් දෙන්නකෝ..මට මුන් එක්ක පොර අල්ලන්න හරි අමාරුයි දැන් පොඩී දගයි  මැණික දැන් ගොඩාක්.. “

” ඔව්..පපා මේ පොඩි දැන් ඔනෑවට වැඩී..කියන දෙයක් අහන්නෙම නෑ..”

” ලොකූ යන්න ගිහින් වොශ් එකක් දා ගන්න මගෙ පොඩීට බනින් නැතුව..නේද සෝස මල ඩැඩීයි ලොකුයි දෙන්නම බනිනව නේද මගෙ පොඩීට..පපා ඩැඩීට වතුර එකක් අරන් එන්නම් ඉන්නකෝ..”

කාලය හිතුවටත් වඩා වේගෙන් ගෙවිලා වෙද්දි යෙහාන් දැන් අවුරුදු විස්සක ලොකු ළමයෙක් වෙද්දි යුහාන්ගෙයි යෙතීශ්ගෙයි චූටි රෝස මලට දැන් අවුරුදු හතරක්..

❀ ඔකිතු..

අයියයි ඩැඩයි එක්ක සෙල්ලක් කරලා ගෙදර ආව පොඩී පපාගෙ තුරුලෙ ඉද්දි යුහාන් එයාව සෝෆා එකෙන් වාඩි කරලා ගියෙ යෙතීශ්ට වතුර එකක් ගේන්න..

” යෙහාන්..”

” ඇයි ඩැඩා..”

යෙහාන් කාමරේට යන්න ගියත් යෙතීශ් කතා කර නිසා එයා මග නතර උනා..

” හෙට ඕසි යන්න බඩු ඔක්කොම ලෑස්තිද..”

දිග හුස්මක් පිට කරපු යෙහාන් යෙතීශ් ලගින් ගිහින් වාඩි උනේ මල්ලි බබාව ඔඩොක්කුවට ගන්න ගමන්..

” ඔක්කොම ලෑස්තී ඩැඩා..ඒත් ඔයාලා දාලා යන්න මගෙ හිත ලෑස්ති නැ..”

” මොකක්ද බං එක මාසයයි නේ..ඊට පස්සෙ අපිත් එනව නේ..”

” හැමෝම එන් නෑ නෙ ඒත්..”

” අයියා..මොකෝ මෙයා මූණ එල්ලන්..”

යුහාන් කිව්වෙ යෙතීශ්ට වතුර එක දෙන ගමන්..

” අපිව දාලා යන්න හිත ලෑස්ති නැල්ලු..”

” ම්ම්ම්..පොඩී එක්ක නා ගන්නකො ඔයා ගිහින් මං එයාට කතා කරන්නම්..”

” චූටි දගයා මගේ එන්න ඩැඩී එක්ක නාමු..”

” හලී..නාමූ..ඩැඩා තාරා බබා දාලා නාන්න ඕනි..”

” හා කෝ එන්න තාරා බාබා දාලා නාමූ..”

යෙහාන් අතේ හිටිය පොඩීව අරන් යෙතීශ් යන්න ගියෙ යුහාන්ගෙ කොණ්ඩෙත් ටිකක් අව්ස්සලා..

” යෙහාන් මොකෝ මේ..”

යුහාන් යෙහාන් ලගින් ඉද ගන්න පරක්කුවට යෙහාන් පපාව තදින් බදා ගත්තා..

” යන්න බෑ පපා..”

” යෙහාන්..රත්තරං මේ අහන්නකෝ..ඒක අපි ඔයා ගැනම හිතලා බලලා ගත්ත තීරනයක් පැටියෝ..මට බෑ ඔයා තවත් අඩ අඩ ඉන්නවා බලන්න..”

” තාත්ති ලගටනේ යන්නේ..ඔයාට ෆ්‍රී එකේ එහෙට ගිහින් ඉන්න පුලුවන් අපි මාසෙකින් එනකන්..ඔයාට කැමති දෙයක් කරන්න..තාත්තිගෙ හස්බනුත් ඉන්නවා නේ ජූන් අංකල් හරි ආදරෙයි ඔයාට..”

” හ්ම්ම්..”

” අඩන්න එපා යෙහාන්..ඔයා අඩද්දි මගෙ පපුවත් රිදෙනවා..”

” එයාට ආයෙ මාව මතක් වෙන් නැති වෙයිද පපා..”

” එයාට ඉක්මනට ආපහු ඔයාව මතක් වෙයි යෙහාන්..එයා ඔයාව හොයාන එයි ඉක්මනට..”

” හෙට යන්න කලින් මට අයියව බලන්න පුලුවන්ද..”

” හ්ම්ම් රෑ පාටි එකට එන්න කියමු..”

” දැන් ගිහින් වොශ් එකක් ඒම දාන් ඉන්නකෝ..ලොකු තාත්තිලා එයි ටික්කින්..”

” හ්ම්ම්ම්..”

යෙහාන් යුහාන්ගෙන් ඈත් වෙලා කාමරේ පැත්තට යන දිහා යුහාන් බලාන් හිටියෙ ගොඩක් දුකින්..

ගෙව්න කාලෙ ඇතුලට යෙහාන්ගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙද්දි යෙහාන් ඉන්නෙ ලොකු දුකක් හිතේ හිර කරන්..

.

.

.

.

.

හවස් වෙද්දි යෙතීශ්ගෙ ගෙදෙට්ට පවුලෙ හැමෝම එකතු උනේ හෙට යෙහාන් ඕසි යන නිසා..

” යුහාන් කොල්ලා තාම අව්ලෙන්ද..”

” හ්ම්ම්..අරොශ් එක්ක හිටියෙ පල්ලෙහා..”

” ඔයාලා දෙන්නා මගෙන් මොනා හරි හංගනවා නේද..”

යෙතීශ් ඇහුවෙ කණ්නාඩි ඉස්සරහා ඉදන් ලෑස්ති වෙන යුහාන්ව පිටිපස්සෙන් තුරුල් කර ගන්න ගමන්..

” මුකුත් නෑ අයියේ..”

” මං මෝඩයෙක් නෙවෙයි යුහාන්..”

” ඒක..මං යෙහාන්ට පොරොන්දු උනා නේ කාටවත් කියන් නෑ කියලා..”

” යුහාන් මං එයාගෙ ඩැඩා..කියන්න මට මොකක්ද ප්‍රශ්නෙ කියලා..”

” යෙහාන් තිශාක්‍යට ආදරෙයි..”

” ඒක මං දන්නවා..”

” ඔයා කොහොමද_”

” කිව්වා නෙ මං මෝඩයෙක් නෙවෙයි කියලා..උන් දෙන්නම නිතරම ඉන්නෙ මාත් එක්ක ඉතින් ඕක තේරුන් ගන්න එක මහ දෙයක්ද..”

” මගෙ කොල්ලා දුකින් ඉන්නෙ අයියේ..”

” ඌට මං දුකින් ඉන්න දෙන් නෑ යුහාන්..”

” තිශාක්‍ය එනවා කිව්වද..”

” හ්ම්ම්..එන ගමන්..”

” යෙහාන් අන්තිම පාරට එයාව බලන්න ඕනි කිව්වා අයියේ..කොල්ලා මොනා කරයිද දන් නෑ එයාව දැක්කම..”

” ඔයා යෙහාන් ලගින්ම ඉන්නකෝ..”

” පහලට යන්..”

” ඉන්න..”

යුහාන් යෙතීශ්ගෙන් ඈත් වෙලා යන්න ගියත් යෙතීශ් එයාව නතර කර ගත්තෙ ඉනෙන් අල්ලලා ලගට ගන්න ගමන්..

” වයසට යන්න යන්න ඔයා ලස්සන වෙනවා නේ..”

” මං විතරද..පනහා පනින්නත් ලන් උනාට යෙහාන් වගේම ඔයත් හැන්ඩියට ඉන්නෙ තාම..”

” වයස මතක් කරන්න එපා මැණික පපුව හෝස් ගාලා යනවා..”

” විකාර..එනවා යන්න පල්ලෙහාට මගෙ කොල්ලො දෙන්නා මොන කරනවද දන් නෑ..”

” ඇයි හදිස්සී..එයාලා බලා ගන්න ඕනි තරම් අය ඉන්නෙ පල්ලෙහා..”

යෙතීශ් යුහාන්ගෙ බෙල්ල පාමුල තොල් එහෙ මෙහෙ අරන් යද්දි යුහාන් එයාගෙ ගැලවෙන්න උත්සාහ කරත් යෙතීශ් ඒකට ඉඩ දුන්නෙ නෑ..

” ඇති අයියේ..ම්ම්හ්….”

යුහාන්ගෙ තොල්වලට බර උන යෙතීශ් ඒවා හේමීන් සීරුවේ රස විදිද්දි යුහාන්ගෙ අත් යෙතීශ්ගෙ බෙල්ල වටේ එතුනේ ඒ හාදුවට එයත් හව්ල් වෙන ගමන්..

” ම්ම්ම්හ්..අයි යේ..ඇතී..”

විනාඩි කීපයක් හාදුවේ රස බලපු යුහාන් අමාරුවෙන් යෙතීශ්ගෙන් ඈත් උනත් යෙතීශ්ටනම් නවත්තන්න ඕනි කමක් තිබුන් නෑ..

” මේ තව පැයක් විතර ඉදලා යමුද..”

” පිස්සු කියවන්න එපා අනේ..”

” චහ්..ඔයාව කොච්චර කෑවත් එපා වෙන් නෑ නේ..තව තවත් ආස හිතෙනවා විතරයි..”

” කන්න මං කෑමක්ද..”

” හ්ම්ම් රසම රස චීස් කෑල්ලක්..”

යෙතීශ් යුහාන්ගෙ කනට ලං වෙලා මුමුනද්දි යුහාන්ගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු උනා..

” මොකෝ ලැජ්ජා හිතුනද..කෝ එන්න යමු..”

යෙතීශ් යුහාන්ගෙ අතින් අල්ලා ගත්තෙ එයාවත් එක්කන් පහලට යන්න..

පහලට එද්දි ඔකිතු අයාන් අතේ හුරතල් වෙද්දි යෙහාන් අරෝශ් එක්ක මොනාදෝ ලොකූ කතාවක..

” පපා..”

” සෝස මල මගේ..මොනාද ලොකු තාත්ති එක්ක කරන්නේ..”

” පපා ලුකු තාත්ති කිව්වා..ආච්චි අම්මා ඉන්නේ අර තලුවෙලු..ආච්චි අම්මා තලුවට වෙලා ඔකිතු ලුකු වෙන දිහා බලන් ඉන්නවාලු..”

ඔකිතු කියද්දි යුහාන්ගෙ මූණෙ වේදනාත්මක හිනාවක් ඇදුනේ එයාගෙ ආච්චි අම්මා මතක් වෙලා..ඔකිතුට යාන්තමට මාස හයක් පිරෙද්දි යුහාන්ගෙ ආච්චි අම්මා මේ ලෝකෙන් යන්නම ගිහින්..

” ඔව් මගෙ පුතාට ආච්චි අම්මා ගොඩක් ආදරෙයි නේ..”

” යුහාන්..”

” ම්ම්ම්..”

” ගෙදර ඇවිල්ලා යන්න එන්න..මට පට්ට පාලුයි බං..”

” ඇයි ඔයාගෙ මහත්තයා ඉන්නේ..”

” ඒකාට සීනි නගිනවා හැම වෙලේම..”

අයාන් කටත් ඇද කරන් කියද්දි යුහාන් එයාගෙ හිනාව නවත්ත ගන්න කටත් වහා ගත්තා..

” විහිලු නෙවෙයි යුහාන්.. thunderටත් ටිකක් සනීප නෑ..”

” හ්ම්ම් මං එන්නම් අයියා..”

” ලොකු තාත්ති එක්ක ඉන්න පැටියෝ ඒනම් පපා සිතුම් මාමි ලගට ගිහින් එන්නම්..”

ඔකිතුටයි අයාන්ටයි දෙන්නටම කම්මුල් එබෙන්නම හාදු දුන්න යුහාන් ගියෙ සිතුම් ලගට..

” ආහ්හ්..”

” සිතුම් පරිස්සමින්..”

” මේකා හෙන දගයි යුහාන් හැම වෙලේම පයින් ගහනවා..”

එළියට වෙලා තනියම පුටුවට වාඩි වෙලා හිටිය සිතුම් ලගට ගිය යුහාන් එයා ලග දණ ගහ ගත්තේ සිතුම්ගෙ බඩින් කන තියන ගමන්..

” උබ වගේම දග ඇති ඉතින්..”

” මං දග නෑ නේ..”

” අම්මෝ ඔව් ඔව්..ටිකක්වත් නෑ..කෝ රෙහාන් අයියා..”

” අර ඉන්නෙ යෙතීශ් අයියා ලග..”

සිතුම් පෙන්නුගේ එළියට වෙලා යෙතීශ්ලා එක්ක ඩ්‍රින්ක්ස් ගන්න රෙහාන්ව..

” මරු මහත්තයා..”

යුහාන් කිව්වෙ පුටුවකින් වාටි වෙන ගමන්..

” කියලා වැඩක් නෑ යුහාන්..”

” යෙහානුත් එතන..ඩ්‍රින්ක්ස් ගන්නවද දන් නෑ..”

” නැතුව ඇති..”

” මගෙයි යෙතීශ් අයියගෙයි ජීවිතේ උන් දේවල් එක්ක බලද්දි වෙලාවකට බයත් හිතෙනවා මගෙ කොල්ලා ගැන..”

” ඔයා වගේ මෝඩ නෑ කොල්ලා..”

” අනේ මේ සිතුම්..”

” ඉතින් ඇත්ත යකෝ කිව්වේ..ආව්..”

” ආයෙත් පයින් ගැහුවද..”

” හ්ම්ම්ම්..”

” චූටි පැටියෝ..තාත්ති වගේම දගයෙක් නේද ඔයත්..”

යුහාන් සිතුම් එක්ක ඉන්න අතරේ යෙතීශ් අරෝශ්ලා එක්ක ඩ්‍රින්ක්ස් ගන්න ගමන්..

” තොපි ඔක්කොම තාත්තලා යකෝ මං තාම එක තැන..”

” ආයෙ බැදපන් ඉතින්..”

” ආයෙ බෑ බං..මෙහෙම ඉන්න එක හොදයි..හැමෝටම උබලට වගේ ලස්සන පවුලක් හම්බෙන් නෑ නේ ඉතින්..”

” මේ ඒක නෙවෙයි අපෙ දගයා මොකද මූණ එල්ලන්..”

අරෝශ් ඇහුවෙ යෙහාන්ගෙ කටර අත දාන ගමන්..

” ඌට රට දාලා යන්න බැරුව..”

” ඩැඩා..”

” හරි හරි බං ඇයි කෑ ගහන්නේ..ඔන්න ඕකෙන් ටිකක් බොන්න මං පපාට කියන් නෑ..”

” යෙතීශ්..”

ඒත් එක්කම යෙතීශ්ලා ලගට ආවෙ තිශාක්‍ය..

තිශාක්‍ය දැක්ක පරක්කුවට යෙහාන්ගෙ ඇස්වලට කදුලු උනද්දි එයා හැමෝගෙන්ම මූණ හංගා ගත්තා..

” වරෙං මචං..උබ විතරයි අඩුවට හිටියේ..”

රෙහාන් තිශාක්‍යට කතා කරද්දි එයා ගිහින් වාඩි උනේ යෙහාන්ට එහා පැත්තෙන්මයි..

” ඒයි යෙහාන්..”

යෙහාන් එක හුස්මට අරෝශ් අතේ තිබ්බ බියර් කෑන් එක අරන් බීන බීන ගියා..

” ඒයි මෝඩයා..පපා දැන ගත්තොත් මාව එල්ලයි..යසයි පොඩි එකාගෙ වැඩ..”

” උබ වගෙ තමා ඉතින්..උබට වඩානම් දහස් ගුණයක් හොදයි හැබැයි..”

” උබ කට වහපන් රෙහාන්..”

” යෙහාන් මෙහෙ එන්නකෝ..”

යෙතීශ් යෙහාන්වත් එක්කන් පැත්තකට යද්දි තිශාක්‍ය ඒ දිහා බලන් හිටියෙ හැගීම් විරහිත බැල්මකින්..

” යෙහාන්..හිතට වේදනයි කියලා මං දන්නවා..ඒත් නාස්ති වෙන්නනම් හිතන්නවත් එපා පුතා..”

” මායි යුහානුත් ඔයා වගේම අමාරු කාලවලට මුහුණ දුන්න අය..අල්ලන් ඉමු අතාරින් නැතුව..මං උබට දුකෙන් ඉන්න ඉඩ තියන් නෑ ඩැඩාව විශ්වාස කරන්න..ම්ම්ම්..”

” ඩැඩා මං එයාට ආදරෙයිනේ..”

යෙහාන් යෙතීශ්ව තදින් බදා ගත්තා..

” දන්නවා බං..ඉවසන් ඉමු තව ටිකක්..”

යෙහාන්ට එයාගෙ දුක අඩු වෙනකන් යෙතීශ්ගෙ තුරුලෙ එහෙම්ම ඉන්න ඇරලා ටික වෙලාවකින් යෙතීශ් ආයෙ ආවෙ රෙහාන්ලා ලගට..යෙහාන්නම් ආයෙ එයාලා ලගට නොයා මිදුලෙ කෙලවරේ තිබ්බ එයාගෙයි මල්ලිගෙයි ඔංචිල්ලාවෙන් ගිහින් ඉදගෙන පදින්න ගත්තා..

පැය ගානක් ගෙවිලා යන්න ඇති..හැමෝම සතුටෙන් ඉද්දි යෙහාන් තනියම ඔහේ කල්පනා කර කර හිටියා..යෙතීශ්ටයි යුහාන්ටයි දුක නැතුව නෙවෙයි..සමහරවිට යෙහාන්ට වඩා එයාලට දුක ඇති..මොකද ඒ දුකෙන් ඉන්නෙ තමන්ගෙ ළමයා..ඉතින් කොහොමද එයාලට දුක නොහිතෙන්නේ..

” යෙහාන්..”

කල්පනා ලෝකෙක හිටිය යෙහාන් ඒ ලෝකෙන් මිදුනෙ එයාගෙ කන ලගම ඇහුන තිශාක්‍යගෙ කටහඩින්..

” මේක ඔයාට..”

තිශාක්‍ය එයාට දුන්නෙ ලස්සන මාලයක්..ඒක දැක්ක යෙහාන්ගෙ මූණෙනම් ඇදුනේ වේදනාත්මක හිනාවක්..

” ඔයා ආසද ඒකට..”

” හ්ම්ම් තෑන්ක්ස්..”

” ම්ම්ම්..මං යන්නම් කියලා බැලුවෙ පැටියෝ..චූටි කෙල්ල අම්මා එක්ක තනියම ගෙදර..”

” හ්ම්ම් යන්න අයියේ ඒනම්..බබාව මං මතක් කරා කියන්න..”

” හ්ම්ම්ම්..තාත්ති ලගට ගිහින් පරිස්සමින් ඉන්න..”

තිශාක්‍ය යෙහාන්ගෙ කොණ්ඩෙ ඇවිස්සුවා..යෙහාන්ගෙ ඇස් කදුලු පාලනේ කරන් ඉන්නෙ ගොඩක් අමාරුවෙන්..

” හරි අයියෙ ඔයත් පරිස්සමින් ඉන්න..”

” හ්ම්ම්ම්..බායි පැටියෝ..”

තිශාක්‍ය යන්න ගියා..අමාරුවෙන් හිර කරන් හිටිය කදුලුවලට යෙහාන් ඔහේ වැටෙන්න ඉඩ දුන්නා..

” යෙහාන් දැන් නිදා ගන්න පුතේ ගිහින්..”

” මං අද පපා ලග නිදා ගන්නද..”

හැමෝම ආපහු ගිහින් වෙද්දි යෙතීශ් යුහාන් පොඩී ලොකුයි එක්ක ආයෙත් ගෙදර තනි උනා..

තාමත් ඔංචිල්ලාවට වෙලා ඔහෙ පැද්දි පැද්දි ඉන්න යෙහාන් ලගට ගිය යුහාන් අහද්දි යෙහාන් යුහාන්ව බදා ගත්තෙ හරි ආදරෙන්..

” හා පැටියෝ..ගිහින් වොශ් දාන් එන්නකෝ..”

” හ්ම්ම්ම්..මං හෙට කීයටද යන්නේ..”

” හවස ෆ්ලයිට් එක තියෙන්නෙ..”

” හ්ම්ම්ම්..ටිකක් දවල් වෙනකන් නිදා ගන්න දෙන්න ඒනම් මට..”

” හරි යෙහාන් එන්නකො යන් දැන්..”

යුහාන් යෙහාන්වත් එක්කන් ගෙට ගියා..

යෙහාන් මේ වෙද්දිත් එයාගෙ හිත හදාගෙන..මොනා උනත් එයාට ස්ටෙෆාන් ලගට යන්නම වෙනවා කියලා දන්න නිසා එයා මේ වෙද්දිත් එයාගෙ හිත හදාගෙන ඉවරයි..එයාගෙ ආදරේ ආයෙත් එයාව හෝයාගෙන එයි කියලා හිතේ බලාපොරොත්තුවක් ඉතුරු කරන් එයා හෙට එයාගෙ තාත්ති ලගට යන්න ලෑස්ති..

කාමරේට ගිහින් වොශ් එකක් දාන් යෙහාන් කොට්ටෙත් උස්සක් ආවෙ ඩැඩාගෙ කාමරේට..

” පපා..”

යෙහාන් කතා කරේ යෙතීශ්වයි ඔකිතුවයි තුරුල් කරන් නිදාන් ඉන්න යුහාන්ට..

” එන්න රත්තරං..”

යුහාන් යෙහාන්ට කතා කරද්දි යෙහාන් ඇදට නැගලා යුහාන්නෙ අස්සෙන්ම ගිහින් හාන්සි උනා..

” ඒයි චන්ඩියා..පපාගෙ චුච්චු එහෙම බොන් නෑ..”

” මට ඔන්නම් මං බොනවා ඩැඩා..”

” පොඩී අන්න අයියා ඔයාගෙ චුච්චු ටික බොනවලූ..”

” අයියා එපා පපාගෙ චුච්චු ඔකිතුගෙ නේ..”

” අයියා බොනවා ඔකිතුගෙ චුච්චු..”

යෙහාන් කිව්වෙ යුහාන්ගෙ ටී ශර්ට් එක අස්සට රිංග ගන්න ගමන්..

” අනේ යුහාන්..”

” පපා ඒවා ඔකිතුගේ..”

” කට වහ ගන්න දෙන්නම..නිදා ගන්න දගලන් නැතුව..”

” යුහාන්..”

” යෙතීශ් අයියා..ඔයා ඔක්කොටම හපන්නේ..නිදා ගන්න සද්ද නොකර..”

” එන්න මගෙ සෝස මල පපාගෙ චුච්චු අපිට ඕනි නෑ නේද..”

යුහාන්ගෙන් තවත් බැනුම් අහන්න බැරි නිසා යෙතීශ් පොඩීවත් තුරුල් කරන් සද්ද නොකර ඇස් පියා ගත්තා..

” යෙහාන් මොකද මැණික..”

” මං පපාට ආදරෙයි..”

” මාත් ආදරෙයි මගෙ රත්තරං..”

” යෙහාන්..ඔයාට මාත් ආදරෙයි මගෙ චන්ඩියා..”

” ඔකිතුත් ආදරෙයි නේ අයියට..”

හැමෝම යෙහාන්ට ආදරෙයි කියද්දි ආදරේ වැඩිකමට යෙහාන්ගෙ ඇස්වලින් කදුලු වැටුනේ යුහාන්ගෙ පපුව උඩට..

” මගෙ රත්තරං ටිකක් ඉවසන් ඉන්න පපයි මායි ඉන්නකන් ඔයාට ඔයාගෙ ආදරේ නැති වෙන්න දෙන් නෑ හොදද..අපි ඉක්මනට එයාව හොද කරලා ඔයා ලගට එවන්නම්..”

තුන් දෙනාම යෙහාන්ව තුරුල් කර ගද්දි යෙතීශ්ව විශ්වාස කරපු යෙහාන් තුන් දෙනාටම මැදිවෙලා එයාලගෙ ආදරේ අස්සෙන් ඇස් පියා ගත්තා..

යෙතීශ් යුහාන් කියන්නේ ජීවිතේ ගොඩාක් නරක දේවල්වලට මුහුණ දුන්න දෙන්නෙක්..කොච්චර හිතට වේදනාවක් දැනුනත් කොච්චර කල් ගියත්..දෙන්නා වෙනුවෙන් ඒ හිත්වල ලියවන ආදරේනම් මොනා උනත් නැති වෙලා ගියෙ නෑ..

යෙතීශ් කියන්නේ ආදරේ කියන වචනෙ නමවත් නොදන්න රාගය විතරක් හෙව්ව කෙනෙක් වෙද්දි යුහාන් හරි ලස්සනට රාගයට එහා ගිය ආදරේ මොකක්ද කියලා යෙතීශ්ට පෙන්නලා දුන්නා..යෙතීශ්ට ඒක තේරුන් ගන්න ගොඩක් කල් ගියාට අන්තිමට යෙතීශ් ඒක තේරුන් අරන් එයා අතින් උන වැරදි සේරම හරි ගැස්සුවා..දගකාර යුහාන්ට මදි නොකියන්න ආදරයක් දුන්නා..

ඉතින් ඒ ආදර කතාවත් හරි ලස්සනට එහෙම්ම අවසන් උනා..නෑ ඒ ආදරේ අවසානයක් නෑ යෙතීශ් යුහාන් අතර තියෙන්නෙ පුදුමාකාර ආදරයක්..

*****

à·„à·š à·„à·š ඉවරයි….

යෙහාන්ගෙ කතාව දෙන්නම් මං…ඒක මීට වඩා ලස්සනට ලියන්නම්..මේ මං ඉස්සල්ලම ලියපු කතාවක්නේ..

ඒනම් අපි ගියා..ආදරෙයි ❤️

vote and comment ❤️

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… part 30 last chapter ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… part 30 last chapter ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… part 30 last chapter ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… part 30 last chapter ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… part 30 last chapter ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… part 30 last chapter ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 30