À¶­À·“À¶»À·Šà¶® පනස්අටවෙනි තීර්ථය

A+ A-

මට යසස් අයියා එක්ක කතා කරන්න උවමනාව ඕනෑවට වඩා තිබුනත් තේව් මට හැම වෙලේම කිව්වේ මේක office එක ඒ නිසා පාලනය වෙන්න කියලා ….. මං යසස් අයියා දිහා බැලුවා…. මං ඉන්න තැනට එයාව පේනවා….. එයා දැන් ඉස්සරට වඩා ටිකක් මහතයි.. මහතයි කියන්නේ ඇග හැදිලා… සුදුත් වෙලා…. ඉස්සර වගේ කොට කොණ්ඩයක් නෙමේ එයාට තිබ්බේ…. එයාගේ කොණ්ඩෙ එයා පාත් වෙද්දී මූණට වැටෙනවා…… මං හිතන්නේ මං බැරි උන අවුරුදු පහටම හරියන්න එයාව ස්කෑන් කරා……

ඒත් එයා කොහොමද එහෙම ඉන්නේ??? මං දිහා බලන්නෙවත් නැතුව ……. එයා දන්නවා නම් මං විදෙව්ව තරම….. එයා නැතුව මැරි මැරි ජීවත් උන හැටි….. එයාව දකින්න ඕනි නිසාම ජීවත් උන හැටි…. එයා ඔහොම ඉන්නෑ…. එක පාරක් මගේ ඇස්වලට එබිලා බැලුවොත්  ඔයත් අඬයි යසස් අයියේ……… මං විදෙව්ව තරම මේ ඇස් වල තියෙනවා ….

මට අද වෙලාව යන්නේ හෙමින් වගේ තේරුනේ…. මට ඕනි උනේ ඉක්මනින් office  වෙලාව ඉවර වෙන්න…… යසස් අයියා එක්ක කතා කරන්න ….. එයාව බදාගන්න………

” උඹ මොනාද දැන් කරන්න ඉන්නේ?? රණ්ඩු කරනවද ආ??’

” රණ්ඩු කරන්න තරම් මානසිකත්වයක් මට නෑ තේව්…… මට ඕනි එයාගෙන් අහන්න…… ඇයි මට එහෙම කරේ කියලා ……… මගේ ආදරේ දැනුනේ නැද්ද කියලා …… මේ අවුරුදු පහටම එක වතාවක්වත් මාව මතක් උනේ නැද්ද කියලා ……..”

මට තේරෙන්නේ නෑ ……..යසස් අයියා මාත් එක්ක ඇරෙන්න අනිත් හැමෝම එක්ක වගේ හිනා වෙලා කතා කරනවා.. එයා මං දිහා බලන්නෙවත් නෑ …. එයා හිතලමයි ඒක කරන්නේ කියලා මට තේරෙනවා ……..
ල්ල්ල්ල්ල්ල්ල්ල්ම්ම්ම්..
එයා මට මෙහෙම කරන්න මගේ අතින් උනේ මොකක්ද කියන්න මංවත් දන්නේ නෑ…… ප්‍රශ්නයක් තිබ්බා නම් කතා කරන්න තිබ්බනේ…. පැනලා යන්නේ නැතුව….. හිතේ පැත්තක් රිදෙද්දී මං හිත හදා ගත්තේ….. කමක් නෑ අද හවස මං ඔක්කොම එයාගෙන් අහලා දැන ගන්නවා …… මගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙනකම් ඔයාට අද ඔයාට කොහෙවත් යන්න බැරිවෙයි යසස් තීෂ්මක සෙනෙවිරත්න…………

හවස පොඩ්ඩක් පරක්කු උනත් මං පහළට යද්දි දැක්කා ඈත තියාම යසස් අයියා ඉන්නවා…….මගේ වෙලාව හොඳයි .. මේ වෙනකොට office එකේ ගොඩක් දෙනෙක් ගෙදර ගිහින්…. ඉතිම් මට නිදහසේ යසස් අයියා එක්ක මේ ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් වේවි…….  මං හොඳ හුස්මක් අරන් ඉස්සරහට යන්න හදද්දිම….. මං එහෙමම ගල් උනේ වෙච්චි දේ දැකලා…… ඔව් යසස් අයියා කවුද ළමයෙක් වඩාගෙන ඉන්න කෙල්ලෙක්ව එක්කන් ඇවිත් වාහනේ ඉඳ ගන්න කිව්වා….. එයා ඉඳගන්නකම් ළමයව වඩාගෙන හිටපු යසස් අයියා.. ඒ ගෑණු ළමයා ඉඳ ගත්තට පස්සේ ළමයව එයාගේ අතට දීලා….. ඩ්‍රයිවින් ෂීට් එකේ ඉඳගෙන වාහනේ ස්ටාර්ට් කරලා යන්න ගියා………..

මං හිටපු තැනම ගල් වෙලා …… ඒක ගැන හිතද්දී මං පියවි සිහියට ආවේ තේව් ඇවිත් පිටිපස්සේන් කතා කරද්දී…….

මෙච්චරකල් මගේ හිතේ හිර කරන් හිටපු දුක තේව්ගේ උරහිස් අස්සේ වාන් දැම්මේ ඉකියකුත් එක්ක…….

” සෙනූ ඇයි මේ?? ඔයා යසස් අයියව හම්බුනාද??”

” අනේ තේව් එයා වෙන කෙනෙක්ගේ වෙලා……..”

මගේ හිත ඒක පිලිගන්න අකමැති උනත් මගේ මොලේ කියනවා ඒ යසස් අයියගේ ළමයෙක් කියලා ….. ළමයට අවුරුද්දක් විතර උනත් යසස් අයියගේ හැඩහුරුකම් ඒ ළමයගෙන් පෙවුනා……

” මොකක්??”

මං දැක්ක හැම දේම තේව්ට කිව්වේ කදුලු කම්මුල් දිගේ වැක්කෙරකොට…..

” නාඩා ඉඳපන්කෝ සෙනූ අපි හරියටම දන්නේ නෑනේ …….”

” මං කොහොමද ඒක හොයාගන්නේ තේව්??”

” ක්‍රම දෙකක් තියෙනවා ….. එකක් යසස් අයියගෙන් කෙලින්ම අහපන් අනික DNA test එකක් කරපන්……”

” මට එහෙම දෙයක් ඒ දෙන්නා අතර තියෙනවා නම් යසස් අයියගෙන් ඒක අහන්න බෑ තේව්….. මං නිසා ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් යයි කියලා මට භයයි ….. අනික එහෙම දෙයක් අහන්න තරම් මට දෛර්‍යක් නෑ තේව්……”

” එහෙමනම් අපිට දෙවෙනි පියවරට යන්න වෙනවා….. හැබැයි ඒක අමාරුයි වගේම අවදානම්……”

” කමක් නෑ මං කොහොම හරි DNA test එකක් කරන්න ඕනි……”

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඔයාලට නිකම් common novel එකක් වගේද??? 😪 හැබැයි අමතක කරන්න එපා මං හැදින්වීමෙදි කිව්වා මං ඔයාලව කන්ෆියුස් කරන්නයි කැමති කියලා …… ඉතිම් අපි බලමු 😉 ගෙස් මොනාහරි තියෙනවා නම් කියන්න ………..

දැන් අපි බලමු මේ වෙනකම් අපිට උත්තර නොලැබුන ප්‍රශ්න

1. යසස් අයියා ඇයි හදිස්සියේම සෙනූව දාලා ගියේ?

2. එයා ඇයි ආයෙම සෙනූ ඉස්සරහට ආවේ?

3. මිහිඳුන් අයියා වෙනස් උනේ ඇයි ?

4. කවුද ඒ බබෙක් අරගෙන යසස් එක්ක ගියපු කෙල්ල??

ඉතිම් මොනාද ඔයාලා හිතන්නේ 😏

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්අටවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්අටවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්අටවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්අටවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්අටවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්අටවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 60