À¶­À·“À¶»À·Šà¶® තිස්හත්වෙනි තීර්ථය

A+ A-

අපි ඉද්දි අපි ගාවට ආවේ මිහිදුන් අයියයි…. නදීක අයියයි……. යසස් අයියයි…….

” හොඳට exam කරන්න අයියලා…….”

” මලිලා උඹලත් හොඳට වැඩ ටික කර ගනිල්ලා… දැන් උඹලා දහතුනේනේ…. දොළහට එන පොඩි උන්වත් බලා ගනිල්ලා…. අපි ආයේ අනිවාර්යයෙන් හම්බෙයි…… මොකක් හරි ඕනි උනොත් කතා කරපල්ලා උඹලා නිකම් මගේ දෙවෙනි පවුල වගේ………”

නදීක අයියා කියද්දි හැමෝටම ඇඬෙන්න ආවා

” ඔව් …… චේතිය හෙඩ් prefect ගන්න ට්‍රයි කරන්න …… වැඩත් බැලන්ස් එකේ කර ගන්න ……. අනිත් අයත් අනම් මනම් වැඩ අඩු කරලා … පාඩම් කරලා රෑන්ක් එකක් දාන්න …….”

” අයියා නම් අනිවා මෙරිට් දානවනේ…..”

” බලමුකෝ …..”

මං හිමීට යසස් අයියා ගාවට කිට්ටු කරා….

” ඔයත් මෙරිට් එකක් හොඳේ…….”

මං හිමීට එයාගේ කනට ඉස්සිලා කිව්වා….. එයා ලාවට මං දිහා බලලා හිනාවක් දැම්මා….

” කපල් එහෙම අපිට වෙඩින් එහෙමත් කියන්න …….. නැද්ද මිහිදුන්…….”

” එතකොට අයියා චේතියව බඳින්නේ කවද්ද??”

නදීක අයියට චේතිය ගැන කියද්දි වචන හිර වෙනවා….. චේතියටත් එහෙමයි….. එයාව රතු වෙලා යනවා ……..

ඉතිම් හැමෝම කතා කරලා සමු දුන්නට පස්සේ කට්ටිය හයියෙන් සින්දු දාලා නටන්න පටන් ගන්නවා…….

ළමයින්ට හති වැටෙනකම්ම ඒ අය නටනවා….. අපිටත් මොකද….. අපිත් නැටුවේ පිස්සෝ වගේ….. මෙහෙම පිස්සෝ වගේ නටද්දි මොහොතකට හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා ……. ඒලෙවල් ………. ගෙදර ප්‍රශ්න ……… මගෙ අනාගතේ ප්‍රශ්න …….. මේ ඔක්කොම මොහොතකට අමතක කරලා මාත් කරේ හති වැටෙනකම් නටපු එක ………

මං මෙහෙම නට නට ඉද්දි තමයි මගේ ඉන වටේ අතක් යනවා දැනුනේ….. මං ඔලුව උස්සද්දි මං දැක්කේ යසස් අයියව…. හිනා වේගෙන මං දිහා බලන් ඉන්න ඇස් හරිම ලස්සනයි …….

යසස් අයියගේ මූණේ මං ආසම මොනවටද කියලා ඇහුවොත් මං කියන්නේ ඒ ඇස් දෙක කියලා ……. ඇත්තටම ඒවා ඇතුලේ මැජික් එකක් තියෙනවා ………

නටලා නටලා හෙම්බත් උනාම DJ එක නවත්තනවා…. ඊට පස්සේ දහතුන වසරේ අයියලා ඔක්කොම වගේ කරට අත් දාගෙන ……
දහතුන්වසරක පාසල් ජීවිතයේ නිමාව” කියලා හයියෙන් කෑ ගහනවා…

මේ ඔක්කොම ඉවර වෙලා යසස් අයියා ඇස් දෙකෙන් ඉඟි කරේ එයා ඉක්මනින් එන්නම්…. පොඩ්ඩක් ඉන්න කියලා …… යසස් අයියා හැමෝටම සමු දීලා මාවත් එක්කන් ආවේ එයාලගේ ගෙදරට ……

” කෝ ආච්චි අම්මා නැද්ද??”

” එයා මාමලගේ ගෙදර ගියා ටික දවසකට….”

” එතකොට ගෙදර ඉන්නේ අපි විතරයි ද??.”

මං එහෙම ඇහුවේ සහසුයි… තේව්යිත් අද එන්නේ හවස් වෙලා කියපු නිසා ….

” ඔව් ඇයි භයද මාත් එක්ක ඉන්න ??”

” නෑ කවුරුත් නැති නිසා ඇහුවේ……. අනිත් අය මේ යකාට භය උනාට මං භය නෑ …….”

” ඇයි??”

” මොකද මට පුලුවන්නේ ඒ යකාව මෙල්ල කර ගන්න ……”

” එහෙමද??”

යසස් අයියා සෝපාවේ ඉඳ ගන්න ගමන් අතින් එයාගේ ඔඩොක්කුව පෙන්නුවා…. ඉතිම් මං ගිහින් එයාගේ ඔඩොක්කුව දෙපැත්තට කකුල් දාලා එයාගේ පැත්තට හැරිලා ඉඳගත්තා ……..

” මං එක්කන් ආවේ මගේ ගාස්තුව ගන්න ……….”

” ඒකත් මතකද??”

” නැත්නම් එච්චර ලොකු මුදලක් අමතක කරන්නේ කොහොමද ??”

” ඉතිම් ඔයා අනිත් අයගෙනුත් අය කර ගන්නේ මේ ගාස්තුද??”

” මං වෙන අයට special class කරන්නේ නෑනේ …….. කෝ දෙන්නකෝ……”

” දැන් ඇත්තටම මං කිස් 282ක් දෙන්න ඕනිද ??”

” ඔව්…… හැබැයි ඔයා මෙතෙන්ට එකක් දුන්නොත් ඒක කපා හරිනවා……”

යසස් අයියා කිව්වේ එයාගේ තොල් දෙක පෙන්නන ගමන්……

මං හිනාවෙලා ඒ තොල් මගේ තොල් වලින් අල්ල ගත්තා …… යසස් අයියට මගේ තොල් අත අරින්න හිතක් නෑ වගේ…. එයා හිමීට මගේ යටිතොල හපද්දී… මං හිමීට මගේ තොල් දෙක ඈත් කරා…. ඒත් එක්කම එයා එයාගේ දිව මගේ කට අස්සට දාලා කිස් එක තවත් deep එකට ගෙනියන ගමන් මාව තව ටිකක් ඇදලා එයාගේ ඇඟට හිර කර ගත්තා ………

කිස් කරන ගමන් මගේ ෂර්ට් එකේ බොත්තන් ගලවපු එයා… මගේ වෙස්ට් එක එක උරහිසකින් පාත් කරා….. එහෙම්ම එයාගේ තොල් මගේ බෙල්ලට අරන් ඇවිත් තෙත හාදු තියන්න පටන් ගත්තා ……..

” දාඩිය ගඳයි මං …….”

මං එයාව නවත්තන්න හැදුවේ… නටලා නටලා හොඳටම දාඩිය දාපු නිසා ….

” නෑ සුවඳයි මට ……..”

එහෙම කියලා යසස් අයියා මගෙ අත එහාට කරලා මගේ බෙල්ල තව තවත් කිස් කරන්න ගත්තා ……. මෙහෙම ගොඩක් වෙලා මාව කිස් කරපු යසස් අයියා මාව අත අරිනකොට අපි දෙන්නටම හැති……

” ඔන්න එහෙමනම් සම්පූර්ණ ගාස්තුවම පියව ගත්තා ……..”

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

අදින් පස්සේ සෙනූට ගෙවන්න වෙන්නේ යසස් අයියා නැති පාසල් ජීවිතයක්….. ඉතිම් සෙනූ කොහොම ඒකට මූණ දෙයිද??

ආදරේ මං පූජා ………

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්හත්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්හත්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්හත්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්හත්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්හත්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්හත්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 39