À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 33

A+ A-

රැග් සීසන් එකේදි අපිට හම්බෙන තවත් ෆන්ෂන් එකක් තමයි දොදොල කියන්නේ….. මං දොදොල ගැන පොඩි විස්තරයක් කරොත්.. මේකෙදි කරන්නේ ඇත්තටම දොදොල් හදන එක….. මේ ෆන්ෂන් එක කරන්නේ නම් කැම්පස් එක ඇතුලේ නෙමේ… ඒක කරන්නේ ජැක් පොට් එකේ වත්තේ… ඔයාලා දැනටමත් දන්නවනේ ජැක්පොට් එක කියන්නේ මොකක්ද කියලා… ඒ තමයි දිනුග අයියලගේ බොඩිම…. ඉතිම් අපි මේ ෆන්ෂන් එක කරන්නේ මේ ජැක්පොට් එකේ…

ඒකෙදි මුලු ෆස්ට් ඉයර් බැජ් එකම කණ්ඩායම් පහකට හෝ හයකට බෙදනවා… ඒ බෙදලා ඒ එක එක ගෲප් එකකට නමක් දෙනවා… මගේ ගෲප් එකේ නම තමා “දුන්නම කන්නම් කාලා දුවන්නම්..” ඔය වගේ තව තියෙනවා… කපුටු කාක් කාක්…, ඔක්කොම කුණු බේරෙ වැවට …. වගේ නම් තියෙන ගෲප්….

ඉතිම් කණ්ඩායමේ හැමෝම එකතු වෙලා මේන් චෙෆ් කෙනෙක්ව තෝරන්න ඕනි… එයාට පත්තර වලින් හදපු චෙෆ් ඇඳුමයි තොප්පියයි අන්දනවා…. ගෲප් එකේ කෙල්ලො ටික තමා දොදොල් හදන්න ඕනි කරන පොල් ටික ගාලා කිරි මිරිකලා දෙන්නේ… ලිප ගාව වැඩ ටික තියෙන්නේ කොල්ලොන්ට…

ඔය අතරේ අපි සින්දු කියන්න ඕනි… නටන්න ඕනි… ඒ වගේම සීනියර්ස්ලා කියන කියන එක කරලා පෙන්නන්න ඕනි…… අලියෙක් වගේ යන්න කියයි… අඬන සින්දුවක් රැප් කරලා කියන්න කියයි… චීන භාෂාවෙන් කෙල්ලෙක්ට ප්‍රපෝස් කරන්න කියයි…..

අපි ඉතිම් උදේම ඇවිත් දොදොලේ වැඩ පටන් ගත්තා…. උදේ දොදොල හදන වැඩ තිබ්බත් ටිකක් දවල් වෙද්දි දොදොල රත් වෙන්න තිබ්බ නිසා කට්ටිය රැග් කරන්න පටන් ගත්තා….

“ ඒ සසින් මෙහෙ එනවා…..”

ඔන්න ඕක තමා මං අහන්න අකමැතිම වචන සෙට් එක… ඒ කියන්නේ ඉතිම් ඉල්ලන් කෑමක පෙර නිමිති තමා…. ඕන මඟුලක් කියලා මං ඉතිම් එතෙන්ට ගියා….

“ තමුසෙගේ ගම් පලාත එහෙම කොහෙද?”

“ කුරුණෑගල….”

“ කුරුණෑගල කොහෙද??”

“ කෑගල්ල කිට්ටුව… පොල්ගහ වෙල…”

“ ඒ බන් මූ කොල්ලෙක් උනාට කෙල්ලෙක් වගේ හැඩැයි නේද බන්??”

“ ඔව්නේ බලපන්කෝ මුගේ මූනේ රැවුලක් වැවුන පාටක්වත්නෑ.. අනික හෙන සිනිදුයිනේ මූ… මල්ලි මොනාද ගාන්නේ ඈ??”

මට ඉතිම් ස්කෝලේ කාලේ ඉඳලා තිබ්බ ප්‍රශ්නයක් තමා ඕක.. මං කොල්ලෙක් උනාට ඇත්තටම මට රැවුල වැවෙන්නේ අඩුවෙන්… මගේ ඇඟේ රෝම පවා තියෙන්නේ අඩුවෙන්… ඒ නිසා මගේ ඇඟ ඉක්මනින් වේලනවා… ඒක නවත්ත ගන්න මට ක්‍රීම් වර්ග ගොඩක් පාවිච්චි කරන්න වෙනවා.. එකම ක්‍රීම් එක ඉතිම් ඇඟේ හැම තැනකටම ගැලපෙන්නෙ නෑනේ… මූණට වෙනම.. අතට වෙනම.. කකුලට වෙනම…. ඉතිම් මගේ ඇඟ සිනිදුයි කොහොමත්…

“ මොකද මෙතන වෙන්නේ??”

ඒ සද්දෙට එතන හිටපු සීනියර් අයියලා විතරක් නෙමේ මාත් ගැස්සිලා ගියා…

“ නෑ දිනුගයා බලපන්කෝ මුට තියෙන්නේ කෙල්ලෙක්ගේ වගේ ඇඟක්නේ…”

“ ඉතිම්??”

“ උඹත් අල්ලලා බලපන්කෝ… උඹටම තේරෙයි.. “

“ මට ඕනි දේවල් මට ඕනි වෙලාවට මං අල්ල ගන්නම්…… උඹලට කිව්වෙ රැග් කරන්න මිසක් කොල්ලො අත ගගා ඉන්න නෙමේනේ?”

“ පිස්සුද යකෝ… මචං දිනුගයා උබ හිතුවද මං කොල්ලො ගහනවා කියලා…. මං මේ ෆිට් එකට ඒවා කරේ…”

“ නෑ නෑ… කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ… උන්ව අල්ලන්න යන්න එපා…. පාඩුවේ රැග් එකක් කරන් ඉඳපන්කෝ… කේස් දෙන්නේ නැතුව… “

‘ හරි සොරි මචං දිනුග….”

“ මල්ලි උඹ පලයන්…..’

මං ඒ අයියා එතනින් යන්න කියපු පමාවෙන් එතනින් ආවේ මට දිනුග අයියා ගාව ඉන්න එක අපහසු නිසා… මට භයයි මගේ මූණෙන් හැඟීම් පෙනෙයි කියලා….  එයා දන් වෙන කෙනෙක්ගේ… ඒ නිසා මං හැඟීම් කොහොම හරි නැති කර ගන්න ඕනි…

“ ඔයාට අවුලක් නෑනේ?’

මගේ කන ලඟින් ඇහුන සද්දෙට සත්තයි ආයෙත් මං ගැස්සුනා…

“ ආ????”

“ උන් ඔයාට කරදරයක් කරේ නෑනේ?”

“ අහ් නෑ…”

“ මීට පස්සෙවත් එහෙම අල්ලනකොට එපා කියනවා… දීගෙන ඉන්නේ… සින්නෙක් උනත් කමක් නෑ.. උන්ට එහෙම අයිතියක් කවුරුත් දීලා නෑ… අනික උන් හිටියේ බිලා…”

“ එහෙමයි ජේෂ්ඨ තුමනි..”

“ මොකක්??”

“ ඇයි??”

“ මොකක්ද ඒ පාර නටන්න හදන සෙල්ලම??”

“ මොකක්ද??”

“ මුකුත් නෑ මේක ඉවර වෙලා පොඩ්ඩක් නවතිනවා මට කතා කරන්න තියෙනවා…”

🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️

දොදොල function එක කියන්නේ මං ආසම function වලින් එකක්….. ඉතිම් මේ කතාවට ongoing 10K 🥺🥺 පළවෙනි වතාවට මට ongoing කතාවකට 10k හම්බුනේ……

Thankyou ❤️❤️

Tags: read novel À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 33, novel À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 33, read À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 33 online, À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 33 chapter, À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 33 high quality, À¶±À·”À¶¹ À·Ƒà·’À¶¹À·’À¶±À·Šà¶±À·Š À¶¸À¶Œà·™ À·Ƒà·’À¶­ À·€À·’À¶­À¶»À¶¯? 33 light novel, ,

Comment

Leave a Reply

Chapter 35