À¶†À¶ºà·” (Completed) Âœ” 03

A+ A-

එයා කරේ මගෙ ඉස්සරහා දණ ගහගෙන අර මල් පොකුර මගෙ පැත්තට දික් කරපු එක. ඊට පස්සෙ එයා කතා කරන්න පටන් ගත්තෙ බලාපොරොත්තු පුරුණු ඇස් වලින් කියලයි මට හිතුනේ..

“ඔයා එදා මගෙ බයික් එකට accident වෙන්න ගිය වෙලාවෙ මම බයික් එකෙන් බැහැලා ආවෙ කවුරු උනත් කමක් නැ කන පැලෙන්න ගහනවා කියලා හිතාගෙන. ඒත් ඔයා බය වෙලා හිටපු විදිහ දැකලා මට බැරි උනා ඔයාට රිද්දන්න. ඔයා පූස් පැටියෙක් වගෙ බයෙන් ඉන්නවා දැකලා මට ඒ වෙලාවෙ හිතුනෙම මගෙ සාක්කුවෙ දාගෙන ගෙදර අරන් යන්න. ඒ තරම් උබ හුරතල් බං. උබ මට වැඩිය වැඩිමල් කියලා ඒ වෙලාවෙ තේරුනත් මට හිතුනෙම මටත් වැඩිය බාල පොඩි එකෙක් කියලමයි. උබ ඒ වෙලාවෙ ඇස් උස්සලා මම දිහා බලද්දි මගෙ හිත ගැස්සුනෙ මටවත් හිතාගන්න බැරි විදිහට සුදු අයියෙ. එදා හදිස්සියෙ මට යන්න උනාට ඔයාව ආයෙමත් දකිනකම් මගෙ ඇස් වලට නිදහසක් තිබුනෙ නැ. හැම වෙලාවෙම ඔය ඇස් මගෙ හීන අස්සට ආවා. මටම පුදුම හිතුනා එක දවසක් දැකපු කෙනෙක් වෙනුවෙන් හිතක් මෙච්චර ගැහෙන්න පුලුවන් ද කියලා. මම හිතුවෙ ඔයා ගැන ඔයාගෙ ලස්සන ගැන ආකර්ශනයක් මගෙ හිතෙ ඇති වෙලා කියලා.

එදා මම part time job එක කරන resturant එකේදි ඔයාව දැක්කම මම ගොඩක් පුදුම උනා ඒ වගේම මගෙ හිත පිස්සු නටන්න පටන් ගත්තා සතුටට. ඔයා ඒ resturant එකේ owner ගෙ පුතා කියලා දැනගත්තම මට හිතුනෙම ඔයයි මායි කියන්නෙ අහසයි පොලවයි වගෙ කියලා විතරයි. ඔයා මාත් එක්ක කතා කරන්න ආවම මග ඇරියෙ ඒකයි. ඒත් පොඩි එකෙක් වගෙ මගෙ පස්සෙන් ඇවිත් හැමදාම කතා කරද්දි කතා නොකර ඉන්න බැරි උනා. ටිකෙන් ටික ඔයා මගෙ හොදම යාලුවා වෙද්දි. හැමවෙලේම ඔයා මගෙ ලගින් ඉන්නකොට මගෙ ගැන හොයලා බලනකොට මට තේරුනා මගෙ හිතේ ඔයා ගැන තියෙන්නෙ ආකර්ශනයක්  නෙවෙයි ආදරයක් කියලා. ඒත් මම මෙච්චර කල් මගෙ හැගීම හංගගෙන හිටියෙ ඔයා මට අල්ලන්නවත් බැරි තරුවක් නිසා. ඒත් තවත් නම් බැ මගෙ මැණික. ඔය ඇස්වල මගෙ ගැන ආදරයක් නෑ කියලා දැක්කා නම් මට තිබුනා මගෙ හැගීම් හැමදාටම හංගගෙන ඉන්න ඒත් ඔය ඇස්වලත් ආදරේ දෝරෙ ගලද්දි මට බෑ බං තවත් මගෙ ආදරේ හංගගෙන ඉන්න.

මම ආදරෙයි මගෙ මැණික පණටත් වැඩිය. උඹව දැක්ක පළවෙනි තත්පරේ ඉදලම මේ හදවත ගැහුනෙ ඔයා වෙනුවෙන් විතරයි. ඉතින් මැණික කැමතිද හැමදාටම මගෙ වෙන්න. මගෙ ආදරේ වෙන්න.”

මට දැනුනෙ මුළු ලෝකෙම එක තැන නතර වෙලා වගෙ. එයා කියන වචනයක් වචනයක් ගානෙ මගෙ ඇස්වලින් කදුළු වැටුනෙ වැස්සක් වගෙ. එයා මෙච්චර කාලෙකට කතා කරේ අද වෙන්න ඇති මම හිතන්නෙ. දෙයියනේ…මට හිතාගන්න බෑ එයත් මට ආදරේ කරලා. මම වගේම එයාව දැකපු තත්පරේ ඉදලම ආදරේ කරලා. කවදාවත් මට ආදරෙ කරයි කියලා හිතුවෙ නැති එයා අද මගෙ ඉස්සරහා දණ ගහගෙන ආදරෙයි කියනවා. මට දැනෙන්නෙ මේක හීනයක් කියලා.

“Will you be my boyfriend Mr.Ayuksha ?”

මගෙන් උත්තරයක් නැති නිසාමද කොහෙද එයා ආයෙත් මගෙන් අහනවා. මට කතා කරගන්නවත් බෑ. ඒ තරමට මාව ශොක් වෙලා වගෙ.

“Y..yes..I w..will….”

මම හිමීට එයාගෙ අතේ තිබුන මල් පොකුර අරගෙන ගොත ගහන ගමන් එහෙම කිව්වෙ එයා නැගිටලා මාව එයාගෙ තුරුලට ගන්නකොට. මම හිමීට එයාගෙ තුරුලෙ ඉදගෙන ඉකි බින්දෙ මට දැනෙන සතුට දාරගන්න බැරි නිසයි.

” කෝ දැන් ඇති පණ ඇඩුවා. බලපන්කො කැත උබ අඩනකොට. උබ හරිම කැතයි බං ඔහොම අඩද්දි.”

එයා මගෙ කදුලු පිහින ගමන් එහෙම කිව්වෙ මම එයාට ගස්සලා අහක බලාගන්නකොට.

“මගෙ මැණිකට තරහා ගියාද. හපොයි… හැබැයි බං උබ ඔහොම රවනකොට මට හිතෙන්නෙ උබව එක කටට කාලා දාන්න. ඒ තරම් හුරතල් බං උබ. මගෙ පිස්සු කෝලම.”

මට එක පාරටම හිනාවක් ගියෙ මගෙ කම්මුල් මිරිකන ගමන් එයා එහෙම කියනකොට. මම හිනා වෙවීම එයාට තුරුල් උනේ හිතේ සැනසීමන්.

“මැණික…”

“ම්ම්ම්ම්…”

එයා මට කතා කරද්දි මම හූ මිටි තිබ්බෙ එයාගෙ ශර්ට් එකේ බොත්තමක් එක්ක සෙල්ලම් කරනගමන්.

“මම උබට ආදරෙයි කිව්වට උබ මට ආදරෙයි කිව්වෙ නෑනෙ බං. මම දන්නවා උබ මට ආදරෙයි කියලා. ඒත් මට ආසයි බං  උබෙ කටහඩින්ම ඒක අහන්න.”

හපොයි එයා කියනකොට තමා මටත් මතක් උනේ. එයා මට ආදරෙයි කිව්වට මම එයාට ආදරෙයි කිව්වෙ නෑනෙ. හයියූ සතුට වැඩිකමට ඒකත් අමතක උනා.

“ආදරෙයි මගෙ මහත්තයෝ. මගෙ පණටත් වැඩිය ආදරෙයි. මගෙ ජීවිතේ මට ඉන්න වටිනම කෙනා ඔයා මගෙ රත්තරන්. මම ඔයාට ගොඩක් ආදරෙයි. මම ජීවත් වෙලා ඉන්නකම් මේ පපුවෙ මේ ආදරේ ඒ විදිහටම තියෙයි මහත්තයෝ…”

මම එයාගෙ තුරුලෙන් ඈත් වෙලා එයාගෙ ඇස් දෙක දිහාම බලාගෙන එයාට ආදරෙයි කියලා කියද්දි ඒ ඇස් දිලිසුනෙ තරු කැට දෙකක් වගෙ. ඒ මූණෙ සතුට පිරිලා. අනේ හැමදාම ඒ ඇස් වල ඒ සතුට කවදාවත් නැති කරන්න එපා දෙවියනේ මම ප්‍රාර්ථනා කරන්නෙ එච්චරයි. ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන හිටපු එයා සාක්කුවට අත දාලා ගත්තෙ පුංචි පෙට්ටියක්. ඒකෙ තිබුනෙ ලස්සන couple ring දෙකක්. ඒක දැකලා මගෙ ඇස්වලට ආයෙත් කදුලු පිරුනා.

ඒ දෙකෙන් පුංචි ring එක ගත්තු එයා මගෙ වම් අත අරගෙන ඒකෙ වෙදගිල්ලට මුද්ද දානගමන් කතා කරන්න පටන් ගත්තා.

“උබ දන්නවා පණ මට ආදරෙන් කතා කරන්න තේරෙන්නෙ නෑ කියලා. මේ මුද්ද ගොඩක් වටින්නෙ නෑ තමා ඒත් ඉක්මනට මේ අතට රත්තරන් මුද්දක් දාලා මගේම කරගන්නකම් චුට්ටක් ඉවසපන්. තව අවුරුදු පහක් ඇතුලත හැමදේම හදාගෙන උබව ඉක්මනට මගෙ ලගට ගන්නවා. දන්නවා අපිට ලේසි වෙන්නෙ නැ. ප්‍රශ්න එයි. අපිට දරාගන්න වෙයි. වැටෙන්න වෙයි අඩියටම. ඒත් කවදාවත් මේ අල්ලගත්ත අත අත අරින්නෙ නැ කියලා පොරොන්දු වෙනවා. ආදරෙයි රත්තරන්.”

මගෙ ඇගිල්ලට මුද්ද දාලා පිටිඅල්ලට හාදුවක් දෙන ගමන් එහෙම කියලා ඇස් වලින් අනිත් මුද්ද පෙන්නලා ඉගි කලේ එයාගෙ අතට ඒ මුද්ද දාන්න කියල. මම ඒ මුද්ද අතට අරගෙන එයාගෙ ඇගිල්ලට දාලා කම්මුලට හාදුවක් දුන්නෙ හිනා වෙවී. මට සතුටුයි ටිකක් නෙවෙයි මහ ගොඩක් සතුටුයි. මම දන්නවා අපිට ලේසි වෙන්නෙ නැ. අපෙ තාත්තා මේ සම්බන්දේ දැනගත්තම අපිට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා. ඒක එයත් දන්නවා. මොකද මගෙ තාත්තා ගැන එයා හොදටම දන්නවා.ඒත් මට එයාව විශ්වාසයි එයා කවදාවත් මාව අත අරින්නෙ නැ.

කල්පනා ලෝකෙක හිටපු මාව ආයෙත් මේ ලෝකෙට ආවෙ එයා මාව තුරුලට අරගෙන මගෙ නළලින් හාදුවක් තියනකොට. මට දැනුනේ ලොකු ආරක්ෂාවක්. හරියට තාත්තෙක්ගෙන් දරුවෙක්ට ලැබෙන ආරක්ෂාවක් වගෙ.
එයා මට වැඩිය බාලයි තමා ඒත් එයා මට වැඩිය ගොඩක් පරිණතයි. ඒ එයා පුංචි කාලෙ ඉදලා හැදුන විදිහ වෙන්න ඇති සමහර විට. එයත් එක්ක ඉද්දි මට දැන්නෙ ලොකු ආරක්ෂාවක්.එයත් එක්ක මගෙ හිත බැදෙන්න ලොකුම හේතුව ඒක මම හිතන්නෙ.

වර්තමානයට…..

එදා ඒ විදිහට අපෙ ආදරේ පටන් අරගෙන මේ වෙනකොට අවුරුද්දකට වැඩී. පුංචි පුංචි රන්ඩු ඇරුනම මේ වෙනකම් එයා මට පොඩිමවත් දුකක් දුන්නෙ නැ. එයත් එක්ක මේ ගෙව්ව කාලෙ තමා මගෙ ජීවිතේ ලස්සනම කාලෙ. එයා හරියට තාත්තා කෙනෙක් වගෙ මාව බලාගත්තා.

තේව් දැන්  පේරාදෙණිය කැම්පස් එකේ first year medical studant කෙනෙක්. අපි දෙන්නා සම්බන්දේ පටන් අරගෙන මාස දෙකක් යනකොට එයා  කැම්පස් තේරිලා කියලා දැනගත්තම එයාට වැඩිය සතුටු උනේ මම. එයා එයාගෙ වැඩ ටිකත් කරගන්න ගමන් මම ගැනත් හැමවෙලේම හොයලා බලනවා. එයා තාමත් අපෙ resturant එකේ සෙනසුරාදාටයි ඉරිදටයි වැඩ කරන්නෙ එයාගෙ වියදම් හොයාගන්න. ගෙදර අඩුපාඩු නැතත් එයා කැමති නෑ අම්මටයි තාත්තටයි බරක් වෙන්න. එයා මට ගොඩක් ආදරෙයි කවදාවත් ඒ ආදරේ අඩුවක් වෙලා නෑ වැඩි උනා ඇරෙන්න. මමත් එයාට පණ තරමට ආදරෙයි.

අද උන ප්‍රශ්නෙ නොවෙන්න අපිට මේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ අපි හරි ආදරෙන් හිටියා. මම දන්නැ ඉස්සරහට මොනවා වෙයිද කියලා ඒත් කවදාවත් එයාව අත අරින්නෙ නැ මම.

ට්‍රීං ට්‍රීං ට්‍රීං

මම අතීත මතක වලින් එළියට ආවෙ මගෙ ෆෝන් එක ring වෙනව ඇහුන නිසා. ඒ ගමන්ම මම බිත්ති ඔරලෝසුව දිහා බැලුවෙ වෙලාව කීයද කියලා දැනගන්න.
දවල් දෙක හමාරයි. ඒ කියන්නෙ මම පැය ගානක් අතීතෙ ගිලිලා ඉදලා à·„à·“ à·„à·“…
මම ඉක්මනට ෆෝන් එක අරගෙන බැලුවෙ ඒක තාමත් අඩන නිසා. ඒ call ID එක දැකලා මගෙ මූණට හිනාවක් ආවෙ නිරායාසයෙන්මයි.  ඉක්මනට මම ෆෝන් එක Answer කරලා කණෙ තියාගත්තේ එහා පැත්තෙන් ඒ කටහඬ ඇහෙද්දි.

“හෙලො සුදු අයියෙ…..”

______________________________________

හායි ලමයිපොඩ්ඩක් පරක්කු උනා සොරි වෙන්න ඕනි…..

ඉක්මනටම ඊළග කොටසින් හම්බ වෙමු…..

ආදරෙයි…💚❤️

මම නෙතූ…..

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 03, novel À¶†À¶ºà·” (Completed) Âœ” 03, read À¶†À¶ºà·” (Completed) Âœ” 03 online, À¶†À¶ºà·” (Completed) Âœ” 03 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 03 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 03 light novel, ,

Comment

Leave a Reply

Chapter 3