À¶†À¶ºà·” (Completed) Âœ” 07

A+ A-

එදා තේව්ගෙ ගෙදර ගිහිල්ලා ඇවිල්ලා සතියක් ගෙවිලා ගියෙ හරිම වේගෙන්. ඒ සතිය ඇතුලෙ විශේෂ දෙයක් උනේ නැතත් තේව්ගෙ අම්මා මට තවත් ලං උනා. තේව් මාව බලන්න මේ සතියේ ආපු දෙපාරම මොනාම හරි රස කෑමක් එයා අතේ හදලා එව්වා. අම්මට රසට කෑම හදන්න පුලුවන්. ඉදලා හිටලා ෆෝන් එකෙන් කතා කරනවා මට එයා. ඒ කතා කරන හැමපාරම අම්මා කියන්නෙ ආයෙත් ඉක්මනට එයාව බලන්න එන්න කියලා. මාත් හරි ආසාවෙන් ඉන්නෙ එහේ යන්න ආයෙත්.

අපෙ තාත්තා නම් එදා කෑගහලා ගියාට පස්සෙ ආයෙ ඒ ගැන මුකුත් කතා කරන්න ආවෙ නැ. මාත් එක්ක කතා කරන්නෙ නම් නැ. එයා ඉස්සරත් මාත් එක්ක ලොකුවට කතා බහක් තිබුනෙ නැති නිසා මට ඒක ලොකුවට දැනෙන්නෙ නැ ඉතින්. ඒ උනාට එයාගෙන් සද්දයක් නැ කියන්නෙ අනිවාරෙන් ලොකු කුණාටුවක් අත ලග කියන එක. අනිවාරෙන් තේව්ටයි මටයි ලගදිම ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙයි කියලා මට ඉවෙන් වගෙ දැනෙනවා. තේව් නම් කියන්නෙ ඕනවට වැඩිය හිතන්න එපා. එන ප්‍රශ්නෙකට මූණ දෙමු කියලා. බලමුකො හැමදේම හොද විදිහට වෙයි. හුම්ම්ම්.

මම ලලිතා අම්මා ගෙනත් දුන්න කිරි එකත් බොන ගමන් ඒ දේවල් ගැන හිත හිතම තේව්ට මැසෙජ් එකක් දැම්මෙ good morning කියලා. Online නැ තාම අද සදුදා නිසා එයා campus යන්න ලෑස්ති වෙනවා ඇති තාම. මම එහෙමම whatsapp එකෙන් Back වෙලා data off  කරන්න යනකොටම තේව්ගෙන් කෝල් එකක් ආවෙ මගෙ මූණෙ හිනාවකින් පිරිලා යනකොට.

” හෙලෝ සුදු මහත්තයෝ . good morning..”

” Good morning මැණික. මොකද කරන්නෙ.”

මම call එක ආන්සර් කරපු ගමන් එයාට good morning කිව්වෙ එයත් ආපිට මට සුභ පතලා මොකද කරන්නෙ අහද්දි.

” මුකුත් නැ ඉතිම් මගෙ මහත්තයා  කතා කරනකම් ඇදට වෙලා බලාගෙන හිටියා”

මම ඉතින් හුරතල් වෙන ගමන් එයාට උත්තර දුන්නෙ එයා එහා පැත්තෙ ඉදලා හිනා වෙනවා ඇහෙද්දි. මාත් හිනා වෙලාම එයාගෙන් මොකද කරන්නෙ ඇහුවෙ එයා සාමාන්‍යයෙන් මේ වෙලාවට campus එකට යනගමන් ඉන්න ඕනෙ නිසා. මම හිතන්නෙ  මේ මිනියට අද ටිකක් පරක්කු වෙලා වගෙ. අනික මේකා හරියට කතා කරන්නෙ මැරතන් එකක් දුවන ගමන් වගෙ හති ඇර ඇර.

” මම main road එක ලගට යනගමන් ඉන්නෙ සුදූ. රනිශ්කයා එනවා කිව්වා මාව ගන්න. ඌත් එක්ක යනවා campus එකට “

ඒ කියන්නෙ එයා කතා කරන්නෙ එයාලගෙ ගෙදර ඉදලා තියන අතුරු පාරෙ ඉදලා main road එකට එනගමන්.

එතකොට රනිශ්ක නිර්වාන් දිසානායක කියන්නෙ තේව්ගෙ හොදම යාලුවා.  දෙන්නම පොඩි කාලෙ ඉදලම යාලුවෝ. යාලුවා කියනවටත් වැඩිය සහෝදරයා කියන එක තමා ගැලපෙන්නෙ.  ඒ තරම් දෙන්නා ලගයි. මට වෙලාවකට හරි ලෝබයි ඒ යාලුකම දැක්කම.

” ඒක හොදයි. මේ ටවුසෙට අද වෙලා ගිහිල්ලා නේද ඇ මිනියෝ. වෙනදට මේ වෙලාව වෙනකොට මගක් දුර ගිහිල්ලා නේ.”

” හී  à·„à·“ මේ මේ නැගිටින්න ටිකක් පරක්කු උනා නෙ සුදු මැණිකෙ… “

මම කිව්වෙ බොරු ද මේකට වෙලා ගිහිල්ලා අද යසයි යසයි පොඩි ඇටයගෙ වැඩ. හැමදාම ඔහොමයි මේකට උදේට ඇහැරෙනවා කියන එක හරියට ලෝකෙ තියන අමාරුම වැඩේ කියලා හිතාගෙන ඉන්නෙ. ඒ තරම්  කම්මැලියි මූ.

” අනේ ඇත්තමයි තේව් ඔයා ගැන නම් වැඩක් නැ කතා කරලා.”

” හරි හරි සුදූ.. රනිශ්කයටත් අද මේ සෙතේම තමා මට විතරක් නෙවෙයි ම්හුක්. අනික තමුසෙ ඊයෙ රෑ වෙනකම් කෝල් කර කර වද දුන්නෙ නැත්තම් මේ මුකුත් නැ. ඊයෙ රෑ වෙනකම් උබත් එක්ක කියව කියව ඉදලා නිදි මැරුව නිසා තමා මට අද නැගිටින්න වෙලා ගියෙ. “

යකූ දැක්කද මේකා ඒ වැරැද්ද මගෙ පැත්තට දාපු හැටි. මුට රෑ වෙනකම් ෆිල්ම් බල්න්න පුලුවන් මම ටිකක් කතා කරපුවම තමා වැරදි.  ඉදපන්කො මේකා අහු වෙනකම්.

” ආ ඇත්තද මිනියෝ. ඉදපන්කො ආයෙ උබර්ට කෝල් කරන්නෙ නැ. කෝල් කරපන් වෙන කාට හරි. ආයෙ මේ සුදු මැණික නැ කියලා හිතාගනිම්. ටවුසෙට රෑ වෙනකම් ෆිල්ම් බලන්න හොදයි මම කතා කරාම තමා වැරදි.ගස් බම්ලා. පොල් බූරුවා. බූරු ප්…”

” ඇති ඇති බම්. මගෙ කනත් එක්ක ඉවරයි. උබ කච කච ගාන්න ගියාම කෝච්චිය පරාදයි ඕයි.”

එයා කියපු එකට කියවගෙන ගියපු මාව නවත්තලා මේකා මට ඇනුම් පද කියන්න පටන් ගත්තෙ මේකගෙ කොන්ඩ ගස් ටික ගලවලා ගන්න හිතෙද්දි. මේ අහිම්සක කොලුවටනෙ මේ මිනියා කච කචේ කිව්වෙ. පවූඌඌ මම ම්හුක්.

” මේ සුදු මැණික. රනිශ්කයා ආවා. මම ඔයාට ගිහිල්ලා මැසෙජ් එකක් දාන්නම්. අද හවස එහෙනම් දොලහා හමාර වෙනකොට ### cafe එක ලගට ඇවිත් ඉන්න මම එන්නම්”

” හරි මහත්තයෝ පරිස්සමින් යන්න දෙන්නම. ආදරෙයි… උම්ම්මා. “

” හරි පණ. ඔයත් පරිස්සමින්. බුදු සරණයි. ආදරෙයි.”

එහෙමම කෝල් එක කට් කරලා මම bathroom එකට ආවෙ wash එකක් දාගන්න. අද තේව්ට හවස ලෙක් එක නෑ කිව්වා. මාත් අද resturant එකට යන්නෙ නැති නිසා අපි කතා උනේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. ගොඩක් දවසකින් යන්නත් බැරි උනා නෙ හී හී.

මම wash එකකුත් දාගෙන පහලට ආවෙ උදේට මොනා හරි කන්න.මම පහලට එනකොට තාත්තත් office යන්න ද කොහෙද ලෑස්ති වෙලා කාමරෙන් එලියට ආවා. මම එයත් එක්ක හිනා උනත් එයා ආපිට හිනා නොවීම යන්න ගියෙ මමත් පාඩුවෙ ගිහිල්ලා කෑම මේසෙන් වාඩි වෙනකොට. ඉක්මනට කාලා ආයෙත් මම කාමරේට ආවෙ resturant එකට ගියෙ නැතත් කරන්න වැඩ වගයක් තිබුන නිසා.

_____________________________________

” මොනාද කන්නෙ මැණික..”

” ම්ම්ම්..ඔයා කැමති දෙයක් order කරන්න තේව්. මට ඕනි දෙයක්.”

Office එකේ තිබුන වැඩ ටිකත් ඉවර කරලා දවල් දොලහා හමාර වෙනකොට මම ආවෙ තේව් කියපු resturant එක ලගට. ඒ එක්කම වගෙ එයත් එතනට එනකොට අපි දවල්ට කාලා කොහෙ හරි යමු කියලා කතා උනේ.

” එහෙනම් අපිට chicken full rice එකයි කෝක් එකයි, අයිස් කොෆි එකයි ගේන්න”

තේව් අපි ලග හිටපු වේටර් කොලුවට order එක දීලා හැරුනෙ මගෙ පැත්තට. ඊට පස්සෙ පැයක් විතර අරගෙන කාලා ඉවර උන අපි දෙන්නා යන්න තැනක් හිතාගන්න බැරි උන නිසා පේරාදෙණිය මල් වත්තට ආවෙ ටිකක් නිදහසේ ඉන්න පුලුවන් නිසා.

” සුදු මැණික.මේ පැත්ත බලන්නකො අප්පා.”

අද සතියෙ දවසක් නිසාද මංදා සෙනග නැ.   ටිකක් ගස් වලින් වට උන තැනක ඉදගෙන වටපිට බල බල හිටපු මම තේව්ගෙ පැත්තට හැරුනෙ එයා කතා කරපු නිසා. ටික වෙලාවක් මම දිහා බලාගෙන හිටපු තේව් මගෙ තොල් වලට පාත් උනේ මට හිතාගන්නවත් වෙලාවක් දෙන්නෙ නැතුව. ටිකකින් මාත් ඒ හාදුවට හවුල් උනේ එයාගෙ දිව මගෙ කටේ දිග පළල මනින්න ගන්නකොට. කොච්චර වෙලාවක් අපි දෙන්නා එහෙම හිටියද කියල දෙන්නටම ගානක් තිබුනෙ නැ. අන්තිමට දෙන්නා හාදුව නතර කරේ දෙන්නටම හුස්ම ගන්න බැ කියලා තේරුන නිසා මිසක් එපා උන නිසා නම් නෙවෙයි.

අන්තිමට කොහොම හරි පැය ගානක් අපේම ලෝකෙක ගෙව්ව අපි දෙන්නා හවස් වෙන්න එන නිසා ගෙදර එන්න පිටත් උනා. දෙන්නටම තේරුමක් තිබුනෙ නැ කාලෙ ගත වෙනවා කියලා. ඒ තරම් සතුටින් අපි දෙන්නා කාලෙ ගත කරේ.  එයා ලග ඉද්දි හරිම නිදහස්. මට අමතක වෙනවා මම එයාට වැඩිය වැඩිමල් කියන එකත්. ඒ තරමට එයා මාව පරිස්සම් කරනවා.

Garden එකෙන් එකෙන් එළියට ඇවිත් වාහනේ තියන තැනට  කතා කර කර යනගමන් හිටිය අපි දෙන්නාගෙ කතාව මග නතර උනේ මගෙ ෆෝන් එක ring වෙන්න ගත්ත නිස. ෆෝන් එක දිහා බලපු මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ ඒ call  ID එක දැකලා.

_________________________________________

හායි ලමයි….

කවුද ඒ කතා කරන්න ඇත්තෙ…?

ඉක්මනට ඊලග කොටසින් හම්බ වෙමු….

ආදරෙයි හැමෝටම….❤️💚

මම නෙතූ….

  

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 07, novel À¶†À¶ºà·” (Completed) Âœ” 07, read À¶†À¶ºà·” (Completed) Âœ” 07 online, À¶†À¶ºà·” (Completed) Âœ” 07 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 07 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 07 light novel, ,

Comment

Leave a Reply

Chapter 7