À¶†À¶ºà·” (Completed) Âœ” 09

A+ A-

මම දැක්කෙ සුදු ලස්සන කෙල්ලෙක්  හිනා වෙවී තේව්ගෙ අතේ එල්ලිලා gate එකෙන් එලියට එනවා. තේව්ත් ඒ කෙල්ලත් එක්ක හිනා වෙවී කතා කර කර ආවෙ කිසිම අකමැත්තක් නැ වගෙ.

සමහර විට මම බොරුවට කලබල උනාට ඒ දෙන්නා යාලුවෝ වෙන්න ඇති. ඒකනෙ තේව් උනත් පාඩුවෙ ඉන්නෙ. හොදම යාලුවෝ උනාම එහෙම තමා. අනික රනිශ්ක එහෙමත් ඉන්නෙ අර. හැබැයි මට කලින් එහෙම යාලුවෙක් ගැන කියලා නෑනෙ එයා. නැ නැ එයාට අමතක වෙන්න ඇති මට කියන්න. අනික එහෙම කියන්න තරම් ලොකු දේකුත් නෙවෙයි නෙ. මම බොරුවට කලබල නොවී හිටියා නම් හරි. 

මම මගෙ හිතත් එක්ක තර්ක කර කර බලාගෙන හිටියෙ තේව් දිහා එයා තාම මාව දැක්කෙ නැ. අනික මම mask එකක් දාගෙන ඉන්න නිසා එයාට අදුර ගන්න බැරි වෙන්න ඇති මාව. එයා gate එකට පොඩ්ඩක් එහායින් නැවතිලා යාලුවෝ එක්ක කතාවක්. තාමත් අර කෙල්ල තේව්ගෙ ඇගෙ එල්ලිලා ඉන්නවා දැක්කත්  මම ඒක ගණන් ගන්නෙ නැතුව ඉන්න උපරිම try කරේ තේව් ව මට විශ්වාස නිසා.

” ඒ උබලා දෙන්නා නම් මරු කපල් එක බං. මාර matching ආ.”

” ඔව් කේත් ආ උබට දිනුල්‍යා තරම් මැච් වෙන කෙනෙක් නැ බං වෙන.”

” perfect couple එකක් තමා ඉතින්. ඉක්මනට wedding cake කන්න පුලුවන් වෙයි වගෙ. “

” කොහොමත් නිකේත් මගෙ තමා”

මම ඉතින් හිමීට එයා ඉන්න පැත්තට ඇවිදගෙන ගියෙ එයා තාම මම ආවා කියලා දන්නෙ නැති නිසා. ඒත් එයාලා ලගට ලං වෙනකොට එයාගෙ යාලුවෝ කියපු දේවල් නිසා මම ඉබේම එක තැන නතර උනා. මට ඒ දෙන්න්ව පෙනුනට තාම තේව් මාව දැක්කෙ නැ. අර කෙල්ල මූණත් අත් දෙකෙන් වහගෙන බොරුවට හුරතල් වෙවී අන්තිමට කිව්ව දේ නිසා මගෙ ඉවසීමේ සීමාව පැන්නුවා.මට දැනුනෙ ලොකු තරහක්. තේව් උනත් එ කිව්ව දේවල් වලට මුකුත් කිව්වෙ නැති නිසා මගෙ තරහා තවත් වැඩි උනා. තේව් මගෙ විතරයි කොහෙවත් යන එක එක අංගනාවියොන්ගෙ නෙවෙයි.

මම ඉක්මනට තේව් ලගට ගිහිල්ලා ඒ කෙල්ලව තල්ලු කරලා දාලා මම තේව්ගෙ අතෙ එල්ලුනෙ  මට ආපු කේන්තියටමයි. මට තේව්ව විශ්වාසයි ඒත් අනිත් අයට මගෙ අයිතිය පෙන්නන්නයි මට ඕනෙ උනේ. එක පාරටම සිද්ද උන දේ නිසා ඒ කෙල්ලත් තේව්ගෙ අතින් ගැලවිලා බිමට වැටුනෙ මට කට කොනින් හිනාවක් යනකොට. ඒ කෙල්ල එක පාරටම අඩන්න පටන් ගත්තෙ අවදානෙ ඕනෙ වෙලා කියලමයි මට නම් හිතුනෙ. හනෙ අපි නම් රැවටෙයි ඕවට. එතන හිටපු කෙල්ලෙක් ඉක්මනට ඒකිව නැගිට්ටවලා ඇගට වාරු කර ගත්තේ. ඒත් ඒ මෝඩ බැ#@@ අඩනකොට. මම ඇස් කොනින් දැක්කා තේව් මම දිහා පුදුම වෙලා වගෙ බලාගෙන ඉන්නවා.

” රගපාන්න එපා ඕයි. බොරුවට අඩලා අවදානෙ ද ඉල්ලන්නෙ.තේව් මගෙ විතරයි. ඒක මතක තියාගන්නවා. තමුසෙ ආයෙ මගෙ තේව්ගෙ අතේ එල්ලිලා ඉන්නවා දැක්කොත් මරලා දානවා දැනගන්නවා. ලැජ්ජා නැති බැ#@$”

මම ඒකිගෙ පැත්තට හැරිලා බැන්නෙ තාමත් මගෙ තරහා අඩු නැති නිසා.

චටාස්….

එක පාරටම කණ හරහට වැදුන පාරක් නිසා මම පුපුරු ගහන කම්මුලත් අල්ලගෙනම බැලුවෙ මට ගැහුවෙ කවුද කියලා උනත් ඒ කෙනා දැක්කම මට දැනුනෙ මගෙ පපුව කෑලි කෑලි වලට කැඩිලා ගියා වගෙ.

” තමුසෙ මොනවද ඕයි හිතාගෙන ඉන්නෙ. මෙහෙම කරලා මොනවද තමුසෙ බලාපොරොත්තු වෙන්නෙ ආ. දන්නවද ඒ කෙල්ල ඇයි මගෙ අතේ එල්ලිලා ආවෙ කියලා ආ. ලැජ්ජා නැද්ද ඕයි මෙහෙම හැසිරෙන්න. ෂිට් කරුමෙ.”

ඔව් තේව් තමා මට ගහලා තියෙන්නෙ. එයාගෙ ඇස් දෙක රතුම රතු පාට වෙලා. මට බය හිතුනෙ එයා මම දිහා බලාගෙන ඉන්න බැල්ම දැකලා. මම එයා දිහා බලාගෙන ඉන්නකොට එයා මට බනින්න පටන් මගෙ ඇස් වලට කදුලු පිරෙනකොට.

“ඒ…එත්  ත්..තේව් ඒ කෙල්ලනෙ කිව්වෙ ඔයා එයාගෙ කියලා. “

මම ගොත ගගහම කතා කරේ මගෙ ඇස්වලින් වැටෙන්න යන කදුලු පාලනය කරගන්න ලොකු උත්සහයක් ගන්න ගමන්. මට ඕනෙ නැ මගෙ කදුලු කාටවත් පෙන්නන්න.

” එහෙම කිව්වා කියලා තමුසෙ මෙහෙම කරලා හරියනවද ආ. එහෙම තමා යකෝ යාලුවෝ උනාම. කොහෙද ඉතින් යාලුවෙක්වත් ඉන්නවා කියලද ඒවා දැන ගන්න. තමුසෙ වගෙ උන් එක්ක යාලුවෙක්ටවත් ඉන්න පුලුවන් ද. අනික මෙහෙම කට්ටියක් ඉන්න තැනකට කඩා පැනලා මේ වගෙ වැඩ කරනවද ආ. Manners නැද්ද. කවුරුත් කියලා දීලා නැද්ද ඒවා ගැන. ඔව් ඉතින් අම්මා අප්පාවත් නෑනෙ ඒවා කියලා දෙන්න.මටත් එක්ක ලැජ්ජයි ඕයි තමුසෙ මෙහෙම හැසිරෙනකොට. මම කොහොමද උබ මෙහෙම හැසිරෙද්දි උබ මගෙ කොල්ලා කියලා කියෙන්නෙවත් කාටත්. කරුමයක් ඕයි මේක නම්.”

දෙයියනේ ඒ වචන. මට හිතුනෙ මම මෙතනම මැරෙයි කියලා. ඒ තරමට දරාගන්න අමාරුයි ඒ වචන. අනේ මේ මාව තේරුන් ගත්තා කියපු කෙනා නේද. මට දැනුනෙ ලෝකෙම එක තැන නතර වෙලා වගෙ.

“ම්..මට  ස්.සමාවෙන්න ව්.වැරැද්දක් උ.උනා න්..නම්.. නිකේත් මම ඔයාට ලැජ්ජා කරා නම් සමාවෙන්න. ආයෙ මෙහෙම වෙන්නෙ නැ.”

එයා අන්තිමට කිව්ව දේවල් දරාගන්න පුලුවන්කමක් තිබුනෙ නැ මට. මගෙ ඇස්වලින් වැටෙන්න යන කදුලු උපරිම පාලනය කර ගත්තෙ දැනටමත් එයාගෙ යාලුවෝ අපි දිහා බලාගෙන ඉන්න නිසා. මම ඉක්මනට හැමෝගෙන්ම සමාව අරගෙන තේව් දිහා බලලා එයාගෙනුත් සමාව අරගෙන දුවගෙන කාර් එකට ආවෙ  තවත් එතන ඉදලා එයාට ලැජ්ජාවක් වෙන්න ඕනෙ නැති නිසා. මම දැක්කා අර කෙල්ල මම දිහා කට කොනින් හිනා වෙලා බලාගෙන ඉන්නවා. හරියට ඒ හිනාවෙ තිබුනෙ ‘ මම දිනුම් උබ පැරදි’ වගෙ බැල්මක්.

මම ඉක්මනට car එකට නැගලා drive කරන්න පටන් ගත්තෙ යන්නෙ කොහෙද කියලවත් හිතන්නෙ නැතුව. මට ඕනෙ දැන් කෑගහලා අඩන්න.

_______________________________________

මම දැන් ඉන්නෙ  බහිරව කන්ද පන්සලේ. මට ඕනෙ උනේ හිත ටිකක් සැහැල්ලු කරගන්න. ඒකයි මෙතනට ආවෙ. සෙනගත් ලොකුවට නැති නිසා නිදහසේ ඉන්න පුලුවන්. මම ලොකු බුදු පිළිමෙ ඉස්සරහා ඉදගෙන බුදු සාධු දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා.

තිබුන ආවේගෙට drive කරගෙන තේව් ලගින් ඇවිල්ලා මම ඇති කියලා හිතෙනකම් ඇඩුවා. පැය ගානක් ඇඩුවා. මට දැන් අඩන්න කදුලු ඉතුරු නැ. සමහරු කියයි පිරිමින්ට කදුලු කැප නැ කියලා. ඒත් මම නම් හිතන්නෙ නැ. හැමෝටම හැගීම් දැනීම් තියනවා. දුකක් ආවම අඩන්න පුලුවන් ගෑනුන්ට විතරද. පිරිමි උනාම දරාගන්න ඕනෙද. මල විකාර.

මම අද උදේ කොච්චර සතුටින් හිටියද. තේව් මාව දැක්කම suprise වෙන හැටි, kiss එකක් දෙන හැටි, දෙන්නා කොහෙ හරි ඇවිදින්න යන හැටි කොච්චර බලාපොරොත්තු තිබුනද අද දවස ගැන. ඒත් අන්තිමට මට ඉතුරු උනේ කලකිරීම විතරයි. මට හිනාවක් ගියෙ මගෙ ගැනම ඇති උන අනුකම්පාවට.  කවදාවත් මම හිතුවෙ නැ තේව් ඒ විදිහට මට කතා කරයි කියලා. මම ඒ වෙලාවෙ වැරදි ඇති ඒත් තේව් කිව්ව වචන බර වැඩී. ඇයි අම්මේ මාව දාලා ගියෙ. ඇයි ඔයා මාව මෙහෙම අසරන කලේ. තේව් උනත් මට බනිනකොට අන්තිමට කිව්වෙ අම්මා නැති නිසයි මම මෙහෙම උනේ කියලා. මම ඒ තරම් නරකද අම්මේ. මම මේ වෙනකම් කාටවත් කරදරයක් කරලා නැ දෙයියනේ. අද උනත් එහෙම කරේ ඒ කෙල්ල තේව්ව මගෙන් ඈත් කරයි කියලා බය හිතුන නිසා නෙ.

මම මගෙ කම්මුල් තෙමාගෙන පහලට බැහැපු කදුලු පිහදගෙන හිමීට නැගිටලා බුදු සාධුටත් වැදලා පන්සලෙන් එළියට ආවෙ ගෙදර යන්න කියලා හිතාගෙන. දැන් කලුවර වේගෙන එන්නෙ. ඒක නිසා මම car එක drive කරගෙන එන්න ආවෙ ring වෙන ෆෝන් එක  දිහා නොබලමයි.

__________________________________________

හලෝ ලමයිනේ……

ආයු පව් නේද….😐

ඊලග කොටස තේව්ගෙ pov එකෙන් බලමු ද….?

අඩුපාඩු නම් ඇති…..

ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු…..❤️

ආදරෙයි හැමෝටම….❤️💚

මම නෙතූ…..

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 09, novel À¶†À¶ºà·” (Completed) Âœ” 09, read À¶†À¶ºà·” (Completed) Âœ” 09 online, À¶†À¶ºà·” (Completed) Âœ” 09 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 09 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 09 light novel, ,

Comment

Leave a Reply

Chapter 9