À¶†À¶ºà·” (Completed) Âœ” 14

A+ A-

බඩු ඔක්කොම හරි නේද බබා “

“ඔව් තේව් ඔක්කොම හරි ආය මුකුත් නැ”

අම්මෝ දැනෙන නිදහසක්. මම හිටියෙ තේව් එක්ක ගෙදර යන්න ලෑස්ති වෙන ගමන්. ඉක්මනට යන්න ඕනෙ අප්පා. මේක අස්සට වෙලා ඉදලා එපා වෙලා තිබුනෙ. උදේම doctor ඇවිල්ලා චෙක් කරලා බලලා report වල කිසිම අවුලක් නැති නිසා discharge කරේ මට උඩ පැන පැන නටන්න හිතෙද්දි. කවුද අනේ කැමති මෙහෙම කාමරයක් ඇතුලට වෙලා ඉන්න. හැබැයි ආය සතියකින් එන්න ඕනෙ අතට දාලා තියන ප්ලාස්ටර් එක අයින් කරන්න. ඒත් කමක් නැ ගෙදර යන්න පුලුවන් නෙ.

” යමු ද මැණික. රනිශ්ක ඇවිල්ලා ලු. “

” යමු යමු.”

කෝල් එකක ඉදපු තේව් මගෙ ලගට ඇවිල්ලා යමු නේද කියලා අහද්දි මාත් ඉක්මනට ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ යන්න හිතාගෙන. මාව discharge කරා කියපු ගමන් රනිශ්ක මල්ලි කාර් එක ඇරන් එන්නම් කිව්වෙ ඒක ලේසි නිසා. මම හිමීට තේව්ගෙ අතේ එල්ලුනා. මොකද තාමත් ඇවිදිනකොට පොඩ්ඩක් කකුල ඇදුම්කනවා. අපෙ බෑග් ඔක්කොම තේව් අතේ. මම ඉල්ලුවත් එකක්වත් මට දුන්නෙ නැ, ඉල්ලුවට පස්සෙ මට රැව්වා නපුරා ම්හුක්. කොහොම කොහොම හරි hospital  එකේ වැඩ ටිකත් ඉවර කරගෙන hospital එකෙන් එළියට එනකොට රනිශ්ක මල්ලි ඉන්නවා හිනා වෙවී entrance එක ලගම.

” පරිස්සමින් මැණික. “

මාව හිමීට පිටිපස්ස seat එකෙන් වාඩි කරවලා තේව්ත් මට එහා පැත්තෙන් වාඩි උනේ රනිශ්ක මල්ලි දාගෙන තේව්ට රවනකොට.

” යකො මම  එතකොට driver ද “

” ඔව් ඔව් උබ අපෙ driver කටවහගෙන යමන්.”

රනිශ්ක මල්ලි මවාගත්ත කේන්තියකින් තේව් එක්ක රන්ඩු කරන්න පටන් ගන්නකොට මමත් හිනා වෙවී මේ දෙන්නගෙ කෝලම් බලාගෙන හිටියෙ සැහැල්ලුවෙන්.

…

…

…

රන්ඩු වෙවී හිනා වෙවී කොහොම හරි විනාඩි හතලිස් පහකට විතර පස්සෙ තේව්ගෙ ගේ ලගින් වාහනේ නතර කරා. වාහනෙ සද්දෙ ඇහිලද කොහෙද ඒත් එක්කම අම්මා ගේ ඇතුලෙ ඉදලා ආවෙ හිනාවීගෙනමයි. මම නම් ආසම අම්මගෙ මේ ගතියට. එයා දකින හැම වෙලාවෙම ඉන්නෙ හිනා වෙලා. හරිම ශෝක් අප්පා.

” එන්න පුතේ. කේත් ඔයා බඩු ටික ගන්නකො. මම ලොකූව ඇතුලට එක්කගෙන යන්නම්.”

මම හිමීට වාහනෙන් බහින්න යනකොට අම්මා ඉක්මනට ඇවිත් මාව අල්ලගෙන තේව්ට බඩු ටික ගන්න කිව්වෙ එයාත් ඔලුව වනලා බඩු ටික ගන්න යනකොට. අම්මා මාව පරිස්සමින් එක්කගෙන ඇවිල්ලා සෝෆා එකෙන් වාඩි කරා. ඒත් එක්කම තේව්ත්  බඩු ට්කත් අරගෙන ගේ ඇතුලට ආවෙ රනිශ්ක මල්ලි එක්කම.

“  දැන් එකත් පහු වෙලානෙ ඒක නිසා මේ ගමන්ම චුට්ටක් සෝදගෙන කාලා ඉමු පුතේ. තෙහෙට්ටු පාටයි කොල්ලගෙ මූණ.”

අම්මා මගෙ ඔලුව අත ගාන ගමන් කියද්දි මමත් ඔලුව හොල්ලලා හා කිව්වෙ ඇත්තටම ඇගට තෙහෙට්ටුවක් දැනුන නිසා. Hospital එකේ ඉදලා ආව නිස වෙන්න ඇති.

” පුතේ ලොකූව එක්ක යන්නකො මම කෑම ටික  මේසෙට අරින්නම් එතකම්.”

අම්මා තේව්ට කියනකොට එයත්  ඒක අනුමත කරන්න වගෙ ඔලුව හොල්ලලා මගෙ ලගට ආවෙ සෝදගන්න යමු කියාගෙන..

” ඔහොම ඉදගන්නකො මැණික මම ඉක්මනට ටවල් එක අරගෙන එන්නම් හරි ද..”

” හලියෝ…”

එයාගෙ කාමරේ ලගම තිබුන bathroom එකට මාව එක්කන් ගියපු එයා තිබුන පුටුවකින් වාඩි කරලා ටවල් එක  අරන් එන්නම් කියද්දි මාත් හුරතලෙන් හරි කිව්වෙ එයා මගෙ නහයත් මිරිකගෙන bathroom එකෙන්  එළියට යද්දි. මගෙ නපුරු කුමාරයානෙ ඉතින්.

ටවල් එකත් අරගෙන ආපු තේව් හිමීට මම ඇදන් හිටපු ඇදුම් ටික boxer එක විතරක් ඉතුරු වෙන්න ගලවලා දැම්මා. මට දැනුනෙ මාව රතු වෙලා පුපුරන්න යනවා වගෙ. එයත් මාව මේ විදිහට දකිනකොට ඉවසගෙන ඉන්නෙ හරි අමාරුවෙන් කියලා මට තේරෙනවා. මේ දවස් ටිකේම එහෙමයි. එයා පුදුම තරම් මම ඉස්සරහා ඉවසනවා. කොහොම හරි එයා තුවාල තෙමෙන්නෙ නැති වෙන්න මාව සෝදවන්න පටන් ගද්දි මමත් පූස් පැටියෙක් වගෙ පාඩුවෙ හිටියා. හී හී.

” ආව්ව්හ්. ගහන්නෙ අප්පා. “

” ගහන්න නෙවෙයි තියෙන්නෙ තමුසෙට. පොඩ්ඩක් දගලන්නෙ නැතුව ඉන්නවකො බබා. ඔය අතත් පෑරෙනවා දැන්.”

” ඉතින් කිචිනෙ ම්හුක්.”

මෙහෙමයි ඉතින් පූස් පැටියෙක් වගෙ හිටියා කිව්වට කිචි නිසා දගලන්න ගිහිල්ලා තේව්ගෙන් පොඩි ගුටියක් එහෙමත් කෑවා හේ හේ.

.

.

.

ගුටිත් කාලා සෝදගෙන එහෙම මම ඇදට වෙලා හිටියෙ තේව් wash දාගෙන එනකම්. මට හැමවෙලේම හිතෙනවා මම නිසා තේව්ට කරදර විතරයිද කියලා. එයාට මම නිසා නිදහසක් ඇත්තෙම නැද්ද මංදා. මේ දවස් ටිකේම campus එකේ වැඩත් පාඩු උනා මම නිසා. මට මම ගැනම කලකිරෙනවා වෙලාවකට. ඕවා තේව්ට කියන්නත් බෑනෙ එයාට තරහා යනවා ඕවා කියන්න ගියොත්. ඊට වැඩිය හොදයි කට පියාගෙනම ඉන්න එක. Hum.

” මොනාද සුදු මැණික කල්පනා කරන්නෙ ආ..”

මගෙ කල්පනාව බිදිලා ගියෙ තේව් බත් පිගානකුත් අතේ තියාගෙන මගෙ ලගට ඇවිල්ලා කතා කරපු නිසා. එයා නාලා සුදු පාට ටවල් එක විතරයි ඉනට ඇදගෙන හිටියෙ. ඒ විදිහට එයාගෙ කඩවසම් ගතිය තවත් වැඩි වෙලා වගෙ කියලයි මට හිතුනෙ. ඒ six pack පිරුන ඇග, පිරුන අත් ගොබ පළල් උරහිස් එක්ක එයාට ශක්තිමත් පිරිමියෙකුට තියෙන්න ඕනෙ හැම ලක්ෂණයක්ම තේව්ට තිබුනා. කාටද ඉතින් ආඩම්බර හුම්. අතේ තිබුන බත් පිගාන මේසෙ උඩින් තියපු එයා පොඩි ටවල් එකක් අරගෙන කොන්ඩෙ පිහද ගන්න පටන් ගත්තා.

” මුකුත් නැ අනේ. ඇයි මේ කෑම එක කාමරේට ගෙනාවෙ. මම එළියට එන්නනෙ හිටියෙ. අනික අම්මා මොනවා හිතයිද දන්නැ අනේ. “

” අම්මා මොනවා හිතන්නද බං. එයාම තමා කිව්වෙ ඔයාව මහන්සි කරන්නෙ නැතුව  කෑම එක අරන් ගිහිල්ලා කවන්න කියලා.  ඊට පස්සෙ rest කරන්න කිව්වා. “

” හුම්ම් හාකො. රනිශ්ක මල්ලි ගියාද තේව් .”

“ම්ම්ම් ඔව් ඔව් ඌ ගියා. ඔහොම ඉන්න මම ඇදුමක් දාගන්නකම් ඊට පස්සෙ කමු දෙන්නම. බඩගිනිත් ඇති මගෙ මෝඩ අලේට. “

එහෙම කියාගෙනම තේව් අල්මාරිය ඇරලා ඇදුමක් අරගෙන ඇදගන්න පටන් ගත්තා. මම ඉක්මනට අහක බලාගත්තෙ මට එයා ඇදුම් මාරු කරන දිහා බලාගෙන ඉන්න බෑ හිතුන නිසා. ලැජ්ජයි අනේව්..
ඇදුම් මාරු කරගෙන ඉවර උන එයා මගෙ ලගින් ඉදගත්තෙ බත් පිගානත් අරගෙනමයි. බත් එක දැක්කට පස්සෙ මෙච්චර වෙලා තිබුනෙ නැති බඩගින්නකුත් ආවා. බටු මෝජුවක්, මාළු ඇඹුල් තියල්, පරිප්පුවක් එක්ක පපඩම් තමා බත් එකේ තිබුනෙ. දැක්කත් ඇති බඩපිරෙන්න. කටට කෙලත් උනනවා.

” අනේ ඇති තේව්  බඩපිරිලා අනේහ්.. තව නම් කන්න බෑ. “

” මේ කට විතරයි බබා. මේ අන්තිම කට. කෝ ආ කියන්න.

මේ ආ බෙහෙත් ටික. මම අත සෝදගෙන එන්නම්. එතකම් ඔය ටික බොන්නකො හරිද.”

දෙන්නම කමු කියලා කන්න පටන් ගත්තට තේව් කරේම මට කවපු එක. කාලා වැඩි වෙලා බඩ උස්සගන්නවත් බැරුව හිටිය මට අන්තිම බත් කටත් බලෙන්ම කවලා බෙහෙත් ටිකත් දීලා වතුර වීදුරුවත් මගෙ අතට දීලා තේව් ගියා අත සෝදගෙන එන්න.   අනේ මට බැ අප්පා බෙහෙත් බොන්න.

චටාස්…

” ආව්හ්.. ත්.තේව්..”

බෙහෙත් බොන්න තියන අකමැත්ත නිසාම මම හැදුවෙ බෙහෙත් ටික ජනලෙන් එළියට විසි කරන්න. අනික දැන් මට හොදයි නෙ. ඒත් බෙහෙත් ටික එළියට විසි කරන්න යනකොටම මගෙ අතට රිදෙන්න  පාරක් වැදුනෙ මම ගැස්සිලා යනකොට. ඔව් ඔව් තේව් තමා. හේ හේ අදත් මාට්ටු වgay. එයාට තරහා ගිහිල්ලා.

” තමුසෙට නම් කියලා වැඩක් නැ බං. දැන් බෙහෙත් ටික විසි කරාම උබට හොද වෙනවද ආ. මට එන කේන්තියට උබව උස්සලා පොළවෙ ගහන්න හිතෙනවා. මගෙ තරහා අවුස්සන්නෙ නැතුව බීපිය බෙහෙත් ටික.”

” හරි හරි ඉතින් බොන්නම්. බනින්න එපානෙ පුංචි එකාට. “

“බීපිය ඉතින් මගෙන් ගුටි නොකා.”

මම මූණත් ඇඹුල් කරගෙන කොහොම හරි බෙහෙත් ටික ගිලලා දැම්මා. නැත්තම් මේ නපුරා මාව එක කටට ගිලලා දායි.

” කෝ එන්න මැණික චුට්ටක් නිදාගමු.”

බෙහෙත් ටිකත් බීලා ඉවර වෙලා තේව් ඇදෙ හාන්සි වෙලා චුට්ටක් නිදාගමු කිව්වම මාත් තුවාල පෑරෙන්නෙ නැති වෙන්න එයාගෙ තුරුලට ගියෙ චුට්ටක් නිදාගන්න හිතාගෙන. 

ඒත් ඊළගට තේව් කිව්ව දේත් එක්ක එක පාරටම මගෙ ඇග දිගෙ හිරියක් ගලාගෙන ගියෙ මාව freeze කරලා…..

________________________________________

* හායි ලමයිනෙඅද කොටස නම් ගොඩක් අවුල් ඇති. ඇත්තටම ඔලුව විකාර වෙලා ඉන්නෙ. අඩුපාඩු තියනවා නම් සමාවෙන්න….❤️

* තේව් මොනාද අන්තිමට කියන්න ඇත්තෙ අපෙ ආයු බබාට….😶

* vote කරන comment කරන මගෙ කතාව කියවන හැමෝටම ස්තූතියි. ඒ වගේම ආදරෙයි. මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්..❤️💚

* ඉක්මනට ඊළග කොටසින් මුණ ගැසෙමු….❤️

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 14, novel À¶†À¶ºà·” (Completed) Âœ” 14, read À¶†À¶ºà·” (Completed) Âœ” 14 online, À¶†À¶ºà·” (Completed) Âœ” 14 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 14 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 14 light novel, ,

Comment

Leave a Reply

Chapter 14