À¶†À¶ºà·” (Completed) Âœ” 16

A+ A-

මගෙ මැණික දැන් ඇහැරෙන්නකො ම්ම්ම්.”

මම හිටියෙ මගෙ මැණිකව ඇහැරන ගමන්. දැන් රෑ හත හමාරට විතර ඇති. හවස නෝටි වැඩ කරලා නිදාගත්තත් හරි බෙහෙත්වල සැරට ද මංදා තාම මෙයා ඇහැරුනෙ නැ. පුංචි පපී කෙනෙක් වගෙ නිදාගෙන ඉද්දි ඇහැරන්නත් ලෝබයි. ඒත් නොකා නිදාගන්න දෙන්න බෑනෙ. බෙහෙත් බොන්න දෙන්නත් ඕනෙ.  මෙහෙම ඉන්න ඇරියොත් හෙට උදේ වෙනකන්ම නිදාගනී මගෙ කොල්ලා.

” බබා.. බබා කෝ ඇති දැන් නිදාගත්තා… “

“ම්හ්හ්ම් ත්..තේව්හ්.. තව චුට්ටිත්තක් දොයිය ගන්නම්කො”

මම හිමීට ඒ බෝල පස්සට තට්ටු දාන ගමන් කතා කරද්දි මගෙ හොර කොල්ලා තව චුට්ටක් දොයිය ගන්නම් කියලා ආයෙත් නිදාගන්න ලෑස්තිය. මම ඉක්මනට එයාගෙ තුවාල පෑරෙන්නෙ නැති වෙන්න උස්සලා මගෙ ඔඩොක්කුවට ගත්තා. තාම මේකා නිදි මතේ. ඔඩොක්කුවට වෙලත් මගෙ බෙල්ල මුලට ඔලුව ගහගෙන ආයෙත් නිදාගන්න හදන්නෙ. නිදාගෙන ඇහැරුන නිසා කොල්ලගෙ කූරු කොන්ඩෙ හොදටම ඇවිස්සිලා, චූටි කටත් බාගෙට ඇරගෙන හොදට නිදි කිරනවා. මේකා මෙහෙම ඉද්දි හරිම හුරතල් අප්පා හපලා කන්න හිතෙනවා..

” සුදු මැනික දැන් ඇහැරෙන්නකො. අපි කාලා ආයෙ නිදාගමු හරිද. බෙහෙත් බොන්නත් ඕන නෙ. “

” හුම්ම්ම්”

මම කොහොම හරි වදෙන් පොරෙන් එයාව ඇහැරවගෙන bathroom එකට එක්ක ගිහිල්ලා මූණ පොඩ්ඩක් සේදුවා.

.

.

.

ආයු’s POV

“අනෙහ් සීතලයි තේව්…”

” හරි බං මැරෙන්න හදන්නෙ නැතුව පොඩ්ඩක් ඉදපන් මූණ විතරයි සෝදන්නෙ.”

” නපුරා”

මම හිටියෙ Bathroom එකේ. හොදට දොයිය ගෙන හිටිය මාව ඇහැරවලා දැන් සීතල වතුරෙන් සෝදනවත් එක්ක. එයාට නම් මොකද. ම්හුක් නපුරා. කොහොම හරි විනාඩි පහලවක් විතර අරගෙන සෝදගෙන ඇදුමුත් මාරු කරගෙන අපි දෙන්නා එහෙමම ආවෙ කෑම මේසෙට. අපි එනකොටත් තාත්තායි නංගි නම් මේසෙට වෙලා අපි එනකම් ද කොහෙද බලාගෙන හිටියා. මම නිදාගෙන ඉන්නකොට එයාලා එන්න ඇත්තෙ. නංගි clz ඉවර වෙලා එහෙමම තාත්තා එක්ක එන්න ඇති. තේව් තමා කිව්වෙ වෙනදටත් එහෙමයි කියලා. මම ඒ දෙන්නට හිනා වෙලාම එතන තිබුන පුටුවෙන් ඉදගත්තෙ තේව්ත් මට එහා පැත්තෙන් වාඩි වෙනකොට. අම්මා නම් කුස්සියෙ වගෙ.

” කොහොමද පුතා දැන්.. හවස අපි එනකොට පුතා නිදි නෙ ඒක නිසා කතා කරෙ නැ ඒ වෙලාවෙ.”

” දැන් නම් හොදයි තාත්තා.  තුවාල වේලිගෙන එන්නෙ. තව දවස් දෙකක් විතර යනකොට හොදටම හොද වෙයි.”

“වෙලාවට බෙහෙත් ටික බොමුකො එතකොට ඉක්මනට අඩු වෙයි.”

” ඒක තමා තාත්තා”

මම තාත්තට උත්තර දෙනවත් එක්කම අම්මා කුස්සියෙ ඉදලා ආවෙ වතුර පුරවපු ජග් එකකුත් අරගෙන. අම්මත් මේසෙන් ඉදගත්තට පස්සෙ ඔක්කොම කන්න පටන් ගත්තෙ තේව් මගෙ පිගානට කෑම බෙදද්දි. නූඩ්ල්ස් හදලා චිකන් කරි එකක් ම්ම්ම් මරු. මෙහෙම එකට ඉදගෙන  එක එක දේවල් කතා කරන ගමන් කෑම කන එක මට නම් අලුත් අත් දැකීමක් මොකද මම මීට කලින් මෙහෙම පවුලක් විදිහට එකට ඉදගෙන කෑම කාලා නැ. තාත්තා හිටියා උනත් එයා කවදාවත් මාත් එක්ක මේ විදිහට ඉදලා නැ. ඒක නිසා ඇත්තටම මේක මට අලුත් අත්දැකීමක් උනා. ඒ වගේම මේ වගෙ අලුත් අලුත් දේවල් නිසා මම හිටියෙ හරිම සතුටින්.  තේව් මගෙ ජීවිතේට ලං උනාට පස්සෙ මම ඉන්නෙ හරිම සැහැල්ලුවෙන්. අපෙ තාත්තගෙ පැත්තෙන් පීඩනයක් තිබුනත්   අනිත් හැම පැත්තෙන්ම මම හිටියෙ හරිම සතුටින්. මට ඕනෙ හැමදාම  තේව් එක්ක මෙහෙම සතුටින් ඉන්න. ඒක තමා මගෙ එකම ප්‍රාර්ථනාව.

එක එක විකාර කියවන ගමන් කෑම කාපු අපි  අම්ම හදපු රසම රස වටලප්පන් එකත් කාලා කාමරේට ආවෙ නිදාගන්න කියලා. තේව් තෝරලා දුන්න බෙහෙත් ටිකත් බීපු මම කල්පනා කරේ හෙට දවස ගැන. හෙට ඉදලා office එකේ වැඩ කරන්න පටන් ගන්න ඕනෙ. දවස් දෙක තුනක් ගෙදර ඉදලා වැඩට යන්න පටන් ගන්න ඕනෙ. වැඩ ගොඩ ගැහිලා ඇති දැනටම. අර්ර්ර් එපා වෙනවා අප්පා…  වෙලාවකට හිතෙනවා තේව් එක්ක පැනලා ගිහිල්ලා කන්දක් උඩ පැලක් අටවගෙන ජීවත් වෙන්න. ඇයි යකූ හුම් එපා වෙනවා නෙ.

” සුදු මැණික ඉන්න මම චූ පාරක් දාලා එන්නම්…”

” ඉව්ව් මල පෙරේතයා යනවා යන්න. “

ඇදේ ඉදගෙන හිටිය මගෙ ලගට ආව තේව් මගෙ කම්මුලකුත් ඉබලා bathroom එකට දිව්වෙ චූ දාලා එන්නම් කියලා. මේ මිනියට නම් ලැජ්ජා නැ පිස්සා. ටිකකින් තේව් දොරත් ලොක් කරගෙන ලයිට් එකත් ඕෆ් කරගෙන ඇදට ආවෙ මම bed tabale එක උඩ තියන table lamp එක ඔන් කරද්දි. තේව් ඇදේ හාන්සි වෙනවත් එක්කම මාත් තේව්ගෙ තුරුලට ගියෙ හොදට දොයිය ගන්න.  

ඒත් මට හිතන්නවත් වෙලාවක් නොදී තේව් මාව යට කරගෙන මගෙ උඩට ආවෙ මම ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බලාගෙන ඉද්දි.

” මොකද මැණික බය වෙලා වගෙ ම්ම්ම්ම්.”

” බය වෙන්නෙ නැද්ද මිනියෝ ටවුසෙ කරන වැඩ වලට ම්හුක්.”

මම එයාට ගස්සලා එහා පැත්ත බලාගත්තෙ එයා කට කොනින් හිනා වෙලා මගෙ දිහා බලාගෙන ඉන්නවා මම ඇස් කොනින් දකිද්දි. මේකා මේ එන්නෙ නම් හොදකට නෙවෙයි. ඔය කට කොනෙ හිනාව තමා මට අල්ලන්නෙ නැත්තෙ.

” ම්හ්හ්ම්”

මම එක එක ඒවා හිත හිත ඉන්නකොට එක පාරට මගෙන් කෙදිරියක් පිට උනේ තේව් මගෙ තොල් එක්ක එයාගෙ තොල් පටල ගත්ත නිසා. ටිකක් වෙලා ගිහිල්ලා මාත් තේව්ව kiss කරන්න පටන් ගත්තෙ එයා මගෙ ඉන එයාගෙ දිග ඇගිලි වලින් පිරිමදිනකොට. එයායාගෙ තොල් හරිම රසයි.අනේ මංදා හිතා ගන්න බැ. ඒ තොල් වලට මාව මත් කරනවා වගෙ. කාමරේ තියන ලා එළියෙන් මට පේනවා එයාගෙ අඩවන් උන ඇස්. මගෙත් ඇස් ඉබේටම පිය උනේ ඒ පහසට තවත් ඇස් ඇරගෙන ඉන්න බැරි නිසා.

” අව්හ්ම්ම්”

ටික ටික හාදුව ආවේගශීලි වෙනත් එක්කම තේව් මගෙ යටි තොල හැපුවෙ මම කෙදිරියක් පිටවෙද්දි. ඒත් එක්කම ඉක්මනින් උන එයා එයාගෙ දිවෙන් මගෙ කටෙ දිග පළල මනින්න ගත්තෙ මම එයාගෙ ටී ශර්ට් එක මිරිකලා අල්ල ගද්දි. විනාඩි දහයක් විතරම සිප ගත්ත එයා අපෙ හැගීම් ඇවිස්සෙන්න පටන් ගන්නවත් එක්කම  හාදුව නතර කරේ තවත් දුර දිග ගියොත් නැවතීමක් නෑ කියලා හිතුන නිසා වෙන්න ඇති.

” ස්ස්ස්…දැවිල්ලයි මෝඩයෝ. බලනවා මගෙ තොල් දිහා. තුවාල වෙලාදත් මංදා හුම්.”

” උබේ ඔය චෙරි වගෙ තොල් දැක දැක මම කොහොමද බං ඉවසන්නෙ ඉතින් ම්ම්ම්.”

” ඉව්ව් වලත්තයා යනවා යන්න.”

මම තේව්ට නෝක්කාඩු කියද්දි එයා එයාගෙ වැඩ නිසාම පුපුරු ගහන මගෙ තොල් අත ගාන ගමන් උත්තර දීපු එයා ආයෙත් මගෙ තොල් වලට නැඹුරු වෙන්න ගියත් ඉක්මනට මම එයාගෙ බෙල්ල අස්සෙ මූන හංග ගත්තා. නැත්තම් බැ හුම්.

” දැන් දොයිය ගන්න මගෙ මැණික දැන් “

” හුම් හාම්”

“Good Night මගෙ පණ”

” ගුම් නයිත් සුදු මහත්තයෝ. උම්ම්ම්ම්මා ආදරෙයි…”

” මාත් ආදරෙයි බබා…”

එයාගෙ තුරුලට වෙලා හිටිය මගෙ නලලට හාදුවකුත් දීලා තේව් කියද්දි ඉක්මනට එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගත්තෙ හොදට දොයිය ගන්න.

__________________________________________

*අද නම් පොඩි කොටසක් ලමයිනෙහදිස්සියෙ typ කරේ. පුලුවන් උනොත් හෙටත් එන්නම්….

* vote කරන comment කරන මගෙ කතාව කියවන හැමෝටම ස්තූතියි…. ඒ වගේම ආදරෙයි…. ❤️💚

* ඉක්මනට ඊලග කොටසින් මුණ ගැහෙමු… ❤️

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 16, novel À¶†À¶ºà·” (Completed) Âœ” 16, read À¶†À¶ºà·” (Completed) Âœ” 16 online, À¶†À¶ºà·” (Completed) Âœ” 16 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 16 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 16 light novel, ,

Comment

Leave a Reply

Chapter 16