À¶†À¶ºà·” (Completed) Âœ” 18

A+ A-

“මට ඕනෙ ගැටඹෙ පන්සලට යන්න.”

” ඒත් මැණික දැන්..”

මම එයාට මාව යාලු කරගන්න ඕනෙ නම් ගැටඹෙ පන්සලට එක්කන් යන්න කියද්දි එයා පුදුම වෙලා වගෙ මගෙ දිහා බලාගෙන හිටියා. එයා හිතන්න නැතුව ඇති මම ඒ වගෙ දෙයක් ඉල්ලයි කියලා.

” දැන් නෙවෙයි රෑට.. ඊට පස්සෙ dinner එකත් අරගෙනම එමු..”

” ඒත් මැණික…”

” මම දන්නැ ඔයාට මාව යාලු කරගන්න ඕනෙ නම් එක්කන් යන්න. නැත්තම් මාත් එක්ක කතා කරන්න එපා. “

මම එහෙම කියලා එයාට රවලා අහක බලාගත්තා.

” හරි හරි එක්කන් යන්නම් කෝළමව..”

” à·„à·“ à·„à·“ ආදරෙයි මගෙ මහත්තයෝ….”

මම එයා එක්කන් යන්නම් කියනවත් එක්කම එයා ලගට ගිහිල්ලා බෙල්ල බදාගෙන උම්මා එකක් දීලා ආදරෙයි කියද්දි එයත් මගෙ කම්මුල මිරිකලා මාව එයාගෙන් ඈත් කරා..

” ඇති ඇති බටර් ගෑවා. දැන් කාලා ඉමු බබා. ඔයාට බඩගිනි ඇති. අනික මටත් බඩගිනි දැන් නම්.”

” හලියෝ..”

එයා bed table එක උඩ තිබුන බත් එක අරගෙන ඇදෙන් වාඩි වෙලා මට කවද්දි මමත් පොඩි බබෙක් වගෙ එයා ලග ඉදගෙන එයා කවන කවන බත් කට කෑවා. දෙන්නම බඩ පිරෙන්න කෑවට පස්සෙ මමත් තේව් එක්කම කාමරෙන් එළියට ආවෙ අම්මට රෑ යන ගමන ගැන කියන්න. ඒත් මම කුස්සියට යනවත් එක්කම දැක්කෙ පැන්ට්‍රි එකට හේත්තු වෙලා අම්මත් එක්ක කතා කර කර  ඉන්න අර මල හොල්මනව. සැක් මම හිතුවෙ ගියා කියලා නෙ. ගිහිල්ලා නැ වගෙ. ඒකිව දකිනකොට මට හිතෙන්නෙ කටුගස්තොට පාලම උඩ තියලා ගඟට වැටෙන්න පයින් එකක් ගහන්න. ඉව්ව් මෝඩ ගෑනි. අම්මා නම් මොනාද හදනවා වගෙ.

” කෑවද ලොකූ..”

තේව්ගෙ පිටිපස්සෙන් කුස්සියට ආපු මාව දැකලා අම්මා අහද්දි මාත් හිනා වෙලා ඔව් කිව්වෙ අරකි මම දිහා ඔරවගෙන බලාගෙන ඉද්දි. හනෙ අපි නම් සැලෙයි ඕවට හුහ්. මේකිට නම් කියන්න හොද නැ රෑට පන්සල් යනවා කියලා ඇස් වහ වදින්න පුලාන් ම්හ්. ඒත් ඊළගට තේව් කිව්වදේත් එක්ක මගෙ මූණ කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ලක් වගෙ උනා.

” අම්මා අපි දෙන්නා රෑ වෙලා ගැටඹෙ පන්සලට ගිහිල්ලා එන්න කියලා..”

හයියෝ මේකා නම්….. මම කියන්නෙ නැ කියලා හිතාගෙන හිටිය එක මේකා කිව්ව නේද එක පාරටම. බූරු පුතෙක් අප්පා මේ පොඩි එකා නම්…

” ඒ මොකද ලොකු එක පාරටම.”

තේව් එක පාරටම කිව්ව දේත් එක්ක අම්මා කර කර හිටපු වැඩෙත් නවත්තලා තේව්ගෙ පැත්තට හැරුනෙ එක පාරටම පන්සල් යනවා කිව්ව නිසා වෙන්න ඇති.

” එක පාරටම නෙවෙයි අනේ. නිකන් ගිහිල්ලා එන්න හිතුනා. ගොඩක් දවසකින් යන්නත් බැරි උනා නෙ.”

” ඒක හොදයි දෙන්නම ගිහිල්ලා එන්නකො එහෙනම්. කීයට විතර ද  යන්නෙ එතකොට. “

“  හය හමාරට විතර යනවා අම්මා.”

තේව් එහෙම කියද්දි අම්මත් හිනා වෙලා එයා කර කර හිටපු වැඩේ කරන්න පටන් ගද්දි අපි දෙන්නා කුස්සියෙන් එළියට එන්න ගියත් ඊළගට අර ගොන් ගෑනි කිව්ව දේත් එක්ක මට හිතුනෙම ඒකිගෙ හුස්ම හිර කරලා මරලා දාන්න. මට දැනුනෙම ගගේ මාළු මගෙ ඇගේ නටනවා කියලා.

” අනේ එහෙනම් මාවත් එක්කන් යන්නකො නිකේත් අයියා. මටත් ගොඩක් කාලෙකින් යන්න බැරි උනා.”

ඒකි එහෙම කිය කිය තේව්ගෙ අතෙත් එල්ලිලා නහයෙන් අඩන්න ගත්තෙ මගෙ පපුව වේගෙන් ගැහෙද්දි. අනේ තේව් හා කියයි ද. මට ඕනෙ උනෙ තේව් එක්ක තනියම ගිහිල්ලා එන්න. අනේ තේව් හා කිව්වොත්…. ඇයි මේ කෙල්ල හැමවෙලේම අපි දෙන්නා අතරට එන්න හදන්නෙ. මට තේරෙන්නෙ නැ මොනා කරන්න ද කියලා. මම තේව් දිහාම බලාගෙන හිටියෙ එයාගෙ උත්තරෙ මොකක් වෙයිද කියලා හිත හිත.

” නැ නංගි අපි දෙන්නා බයික් එකේ යන්න හිතාගෙන ඉන්නෙ. ඒක නිසා තුන් දෙනෙක්ට යන්න බැරි වෙයි. “

ඒත් තේව් කෙලින්ම දිනුල්‍යට බෑ කියද්දි මම දැක්කා ඒකිගෙ මූණ ඇද වෙලා යනවා. හ්හ් හොදෑඩෙ මෝඩ ගෑනිට.

” අනේ ඒත් අය්…”

” එක පාරක් කිව්ව නෙ දිනුල්‍යා. අපි දෙන්නා යන්නෙ ටිකක් තනියම ඉන්න ඕනෙ නිසා. ඔයාව එක්කන් ගිහිල්ලා අපිට නිදහසේ ඉන්න බෑනෙ නේද ම්ම්. අනික අපි දෙන්නම පිරිමි දෙන්නෙක්. ඔයාට පිස්සුද පිරිමි දෙන්නෙක් එක්ක තනියම එන්න අහන්නෙ අහ්.”

දිනුල්‍යා කියන්න ගිය එකත් කියන්න දෙන්නෙ නැතුව තේව් සංසුන්ව ඒත් තද කටහඬකින් ඒකිට කතා කරද්දි මාවත් එක්ක ගැස්සිලා ගියා.  ඒ තරම් තද කටහඬකින් තේව් ඒක කිව්වෙ.

” අනේ නැන්දි… බලන්නකෝ..”

තේව්ට  තරහා ගිහිල්ලා ඉන්නෙ කියන එක තේරුන නිසාමද කොහෙද ඒකි නහයෙන් අඩාගෙන තේව්ගෙ අම්මාට නෝක්කඩු කිව්වෙ මම රවලා අහක බලා ගද්දි. මල විකාර.

” අයියා කියන දේ ඇත්තනෙ පුතේ. අපි වෙන දවසක යමුකො හරිද ම්ම්ම්. අද ඒ දෙන්නා ගිහිල්ලා ආපු දෙන්.”

______________________________________

” ආ සුදු මැණික. අත පුච්ච ගන්නෙ නැතුව පත්තු කරන්න.”

මායි එයයි හිටියෙ පන්සලේ පහන් වැට ලගට වෙලා පහන් පත්තු කරන ගමන්.  අපි දැන් මෙතනට ඇවිල්ලා විනාඩි පහලවක් විතර ඇති. හවස අර මල හොල්මනගෙන් කොහොම හරි බේරිලා හය හමාර විතර වෙනකොට අපි දෙන්නා තෙල් මල් හදුන්කූරු අරගෙන ගෙදරින් පිට උනේ මට රෑ වෙලාම පන්සල් එන්න ඕනෙ කියපු නිසා.. අර පිස්සි නම් හතරට විතර  ගෙදර ගියා.

මල් පුජා කරලා පහන් පත්තු කරපු අපි දෙන්නා බෝධින් වහන්සෙ ඉස්සරහා ඉඩ තියන තැනක් බලලා වාඩි උනා. අද සතියෙ දවසක් නිසාම ද මංදා ලොකු සෙනගක් හිටියෙ නැ. අනික රෑ නිසා සෙනග කොහොමත් අඩුයි.

රෑ නිසා පුදුම ලස්සනක් තිබුනෙ පන්සලේ. ඇත්තටම මම පොඩි කාලෙ ඉදලම හරිම ආස දෙයක් තමයි රෑට පන්සල් එන එක. හරිම නිදහසක් දැනෙන්නෙ.  හරිම නිස්කලංකයි. හිතේ තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා ඒ වෙලාවට. ගැටඹෙ පන්සල කියන්නෙ රෑට පුදුම ලස්සන තැනක්. පැත්තකින් ගලාගෙන යන මහවැලියත් එක්ක දැනෙන්නෙ හරිම සංසුන් හැගීමක්. කොච්චර ඒ දිහා බලාගෙන හිටියත් ඇති වෙන්නෙ නැ. ඒක වෙනම හැගීමක් කියලයි මට හිතෙන්නෙ. ඒ හැගීම විදින්න රෑට මෙතනට ඇවිල්ලම බලන්න ඕනෙ. රෑට විතරක් නෙවෙයි දවල්ටත් එහෙම තමයි. ඒත් රෑට ඒ හැගීම දැනෙනවා වැඩී මට නම්. තමන්ගෙ එකම සැනසීමත් එක්ක ඒ වගේ තැනකට ආවම ඒ දැනෙන හැගීම තවත් වැඩී. මම එහෙම හිතුවෙ මගෙ එහා පැත්ත වෙලා බෝධිය දිහා බලාගෙන ඉන්න තේව් දිහා බලලා.

” මොකද ම්ම්ම්.”

මම එයා දිහා බලාගෙන ඉන්නවා දැකලද කොහෙද එයා මගෙන් එහෙම අහද්දි මම ඔලුව හොලවලා මුකුත් නැ කිව්වෙ එයා හිනා වෙලා මගෙ අතට ඒ ලොකු අත පටල ගද්දි.

ගාථා කියපු අපි දෙන්නා පැය පැය එක හමාරකට වැඩිය පන්සලට වෙලා ඉදලයි එළියට ආවෙ.  පන්සලෙන් එළියට ආපු මට දැනුනෙ එනකොට තිබුන හිතෙ බර බාගෙකටත් වැඩිය අඩු වෙලා කියලයි. හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ. තේව්ටත් එහෙමයි වගෙ.  එයාගෙත් මූණෙන් පේන්නෙ හරි සැනසීමක්.

” දැන් හරි ද සුදු මැණිකගෙ ආසාව ම්ම්ම්.”

” ඔව් තේව්. මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ගොඩක් පින් තේව් මාව එක්කන් ආවට.”

මගෙ අතිනුත් අල්ලගෙන බයික් එක ලගට යන ගමන් එයා ඇහුවෙ මම ආසාවෙන් මේ ගමන ආවෙ කියලා එයා දන්න නිසා වෙන්න ඇති. මමත් එයාට මගෙ හිතේ තිබුන ඇත්තම හැගීම කිව්වෙ එයා මගෙ කොන්ඩෙ අවුල් කරද්දි.

” පින් කියන්න ඕනෙ නැ බං. මම පිට එකෙක් ද ම්ම්ම්.. හරි ඒවගෙන් වැඩක් නෑ කොහෙටද dinner එක ගන්නෙ කොහෙන්ද අපි දැන්..”

” ම්ම්ම් අපි යමු  ### cafe එකට. ඒකේ කෑම රසයිනෙ.”

” හ්ම්ම් යමු එහෙනම්.”

පැය  බාගෙකට විතර පස්සෙ අපි දෙන්නා ආවෙ ### cafe එකට. මම ආසම resturant වලින් එකක් මේක. මේකේ කෑම මාර රසයි.

” මොනාද කන්නෙ බබා..”

Menu එක මගෙ දිහාට ලං කරලා තේව් අහද්දි මම sea food rice කමු කිව්වෙ තේව්ත් ඒකට කැමති වෙද්දි.

පැයක් විතර අරගෙන dinner එක ගත්ත අපි දෙන්නා ආපහු ගෙදර එන්න පිටත් උනේ අම්මලටත් කෑම එකක් අරගෙනමයි. තේව් bill එක pay කරන්න ගියත් මම එයාට කලින් ඉස්සර වෙලා bill එක pay කරේ තේව් මට දමාගෙන රවද්දි.. අපි නම් සැලෙයි ඕවට හුහ්.

එන ගමන් තේව් එක්ක රන්ඩු කරලා බලෙන්ම arpico එක ලග නවත්තලා ගෙදරට ඕනෙ බඩු ටිකකුත් ගත්තා. තේව් නම් පොඩ්ඩක්වත් කැමති උනේ නැ ඒ වැඩේට. කොහොම හරි දහය විතර වෙනකොට අපි දෙන්නා ගෙදරට ආවෙ මුළු  හිතම පුදුම සතුටකින් පිරිලා තියනකොට. දවල් දුකෙන් හිටියත් දැන් දුකක් කියලා දෙයක් තිබුන ද කියලවත් මතක නැ. ඒ තරම් සැනසීමයි.

________________________________________

*හායි ලමයිනේ…….

ඇත්තටම පොඩි කාලෙ ඉදලා මාත් ආසම දෙයක් තමයි රෑට පන්සල් යන එක. ගැටඹෙ පන්සලට වගේම දළදා මාලිගාවට තමා මම යන්න ආසම රෑට. පුදුම සැනසීමක් දැනෙන්නෙ. හිත නිවන තැනක් නෙ පන්සල කියන්නෙ. ඒ හැගීම  රෑට වැඩී මට දැනෙන විදිහට නම්. මම දන්නැ අනිත් අයට කොහොමද කියලා. ඒත් මට නම් එහෙමයි….

* ඉස්සරහට මොනා වෙයිද ඉතින්….?

*මගෙ කතාව කියවන vote කරන comment කරන හැමෝටම ගොඩක් ආදරෙයි…. ඒ වගේම ස්තූතියි හැමෝටම…. ❤️💚

* ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 18, novel À¶†À¶ºà·” (Completed) Âœ” 18, read À¶†À¶ºà·” (Completed) Âœ” 18 online, À¶†À¶ºà·” (Completed) Âœ” 18 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 18 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 18 light novel, ,

Comment

Leave a Reply

Chapter 18