À¶†À¶ºà·” (Completed) Âœ” 25

A+ A-

” නැගිටින්න මැණික ම්ම්ම්. නැගිටලා මේක බීලා ඉන්නකෝ.. “

” අහ්ම්ම්…ම්”

ඇස් අරින තත්පරේට මට දැනුනෙ කවුරු හරි කතා කරන ගමන්  හරි පරිස්සමට මගෙ ඔලුව අත ගානවා වගේ. ඒ දැනුන සනීපයත් එක්කම මම තව ටිකක් ගුලි වෙලා නිදාගන්න හැදුවත්  තාමත් නිදිමතේ ඉන්න මගෙ මොලේට එක පාරටම ආවෙ කවුද මෙච්චර පරිස්සමින් මගෙ ඔලුව අත ගාන්නෙ කියලා. ඒත් ටිකකින් නලලට දැනුන උණුසුමක් නිසා මම ගැස්සිලා වගෙ නින්දෙන් ඇහැරුනා. මම හිමීට ඇස් ඇරලා බලද්දි දැක්කෙ මම ලගට වෙලා ඇදෙ ඉදගෙන ඉන්න තේව්ව. ඒත් එක්කම මට මතක් උනේ ඊයෙ රෑ අපි දෙන්නා අතර උන දේවල්. අනේව් ඊයෙ මම එයාගෙම උනා නේද…. හයියූ මට ලැජ්ජයි වගෙ. ඒ දේවල් මතක් වෙනවත් එක්කම මට හිතුනෙම මෙතනින් පැනලා දුවන්න. ලැජ්ජයි දෙයියනේ… මම දන්නවා මම දැන් රතු වෙලා ඇති හොදටම.

” ස්ස්ස් අහ්..”

දැනුන ලැජ්ජාවටම මම හැදුවෙ තේව්ට මූණ නොදීම ඉක්මනටම  bathroom  එකට දුවන්න. ඒත් ඇදේ ඉදගන්නවත් එක්කම මට දැනුනෙ කරන්ට් එකක් වදිනවා වගේ හැගීමක්. මගෙ පස්ස නෑ වගේ අනේව්… කකුල් දෙකත් එක්ක හිරි වැටිලා. මගෙ ඇස් දෙකට කදුලු පිරුනෙ ඒ වේදනාව ඒ තරම් දැනුන නිසා. මෙච්චර වෙලාම මගෙ කෝලම් වලට හිනා වෙවී හිටපු තේව් මගෙ කදුලු දැක්කට පස්සෙ මගෙ ලගට ආවෙ කලබල වෙලා වගේ.

” ඇයි සුදු මැණික අමාරුද ම්ම්ම්.. “

” ටිකක් රිදෙනවා තේව්. ලොකු අමාරුවක් නෑ.”

ඇත්තටම ලොකු අමාරුවක් තිබුනත් මම ඇත්ත කිව්වෙ නැත්තෙ තේව්ගෙ හිත රිද්දන්න අකමැති නිසා. මම දන්නවා මට ගොඩක් අමාරුයි කිව්ව නම්  එයා ගොඩක් දුක් වෙනවා. අනිවාරෙන්ම එයාගෙ පිට වැරැද්ද දාගෙන හිතෙන් වැරදිකාරයා වෙනවා. ඒකයි මම  අමාරුවෙන් හරි හිනා වෙලා එහෙම  කිව්වෙ.

” මම මගෙ මැණිකට ගොඩක් රිද්දලා නේද ම්ම්ම්.. මට තිබුනා තව ටිකක් ඉවසන්න. උබ ඔහොම වේදනාවෙන් හිනා වෙලා ඉන්නකොට දරාගන්න බෑ  බං….”

මම කිව්වෙ මේ පිස්සූ පූසා එයාගෙ පිටම වැරැද්ද දාගෙන දුක් වෙනවා කියලා. හනේ ඇත්තමයි මට හිතෙන්නෙ ගුටියක් දෙන්න මේ පිස්සට….

” මොනාද තේව් කියන්නෙ ආ.. ඒක ඔයාගෙ තනි කැමැත්තට උන දෙයක් නෙවෙයි නෙ. මගෙ කැමැත්තෙන් උන දෙයක් නෙ… අනික මේ පලවෙනි පාර නිසා අනේ… හැමදාම කරද්දි ඕක හරියයි….”

මම මුල ටික තේව්ගෙ මූණ දිහා බලාගෙන කියලා එයාගෙ mood fix කරන්නත් එක්ක අන්තිම ටික කියලා ඉක්මනට බිම බලා ගත්තෙ ලැජ්ජා හිතුන නිසා.  ටික වෙලාවක් මගෙ දිහා වරදකාරි බැල්මෙන් බලාගෙන හිටපු එයා එක පාරටම කටත් අරගෙන පුදුම වෙලා වගෙ මගෙ දිහා බැලුවෙ මම කියපු දේ තේරිලද කොහෙද.. හයියූ මගෙ ටියුබ් ලයිට් එක.

” උබත් දැන් ගානට හැදිලා මැණික…. දැන් එතකොට හැමදාම ඒක කරන්නද කල්පනාව ආ…”

“ඔව්ව්…”

එයා කට කොනින් හිනා වෙලා මගෙ කන මිරිකන ගමන් අහද්දි මම ඔව් කියන ගමන් puppy eyes දාගෙන හිනා උනේ එයා මගෙ කන අත ඇරලා මගෙ නලලට හාදුවක් දෙද්දි…

” මම කිරි එකක් හැදුවා. දැන් නිවිලත් ඇති. ඉන්නකො මම අලුත් එකක් හදාගෙන එන්නම්…”

” එපා එපා අනේ ඕක දෙන්නකෝ…. කොහොමත් මම බොන්නෙ නිවිලනෙ අනේ. ඔයා බිව්වද තේව් .”

” ඔව් ඔව් මම බිව්වා..”

එයා bed table එක උඩ තිබුන mug එක අරගෙන ආය කුස්සියට යන්න ය්ද්දි මම ඉක්මනට එයාව නතර කරගෙන බොරුවටත් එක්ක එහෙම කියලා  එයාගෙ අතේ තිබුන mug එක ගත්තෙ එයාව මහන්සි කරන්න තිබුන් අකමැත්ත නිසා.   එයා බිව්වා කිව්ව නිසාම මම කුක්කු එක බොන්න පටන් ගත්තා. තේව්ට උයන්න බැරි උනාට එයාගෙ තේ එක නම් මාරම රසයි.

” කෝ එන්නකො මැණික අපි wash එකක් දාගෙන කාලා pain killer එකක් බොමු හරිද… උබ කොච්චර හංගන්න හැදුවත් මට තේරෙනවා උබ ඉන්නෙ අමාරුවෙන් කියලා. “

මම ටිකෙන් ටික කුක්කු එක බොද්දි තේව් එහෙම කිව්වෙ මගෙ ඔලුව අත ගාලා. ඇත්ත. මම කොච්චර අමාරුවක් නෑ කියලා පෙන්නන්න හැදුවත් මම ඉන්නෙ අමාරුවෙන්. මට මගෙ කකුල් දෙකවත් දැනෙන්නෙ නැති තරම්. මුලු ඇගම තලලා දාලා වගේ. තේව් දුක් වෙන නිසාම අමාරුවක් නෑ කියලා පෙන්නන්න හැදුවත් ඒක එයාට තේරිලා තිබ්බා. ඔව් ඉතින් එයාට මම හැරුනත් තේරුන් ගන්න පුලුවන්.

” අනේහ් බිමින් තියන්නකෝ…. මට යන්න පුලුවන්…”

” ඔහොම ඉදපන් බං.. බොරුවට කෑ ගහන්නේ නැතුව…”

මම mug එක table එක උඩින් තියනවත් එක්කම තේව් මාව bridle style එකට උස්ස ගත්තෙ මම කෑ දගලන ගමන් එයාගෙන් ගැලවෙන්න දගලද්දි. ඒත් ඉතින් එයාට ගානක්වත් නෑ. මට තරවටු කරපු එයා අන්තිමට මාව බිමින් තිබ්බෙ bathroom  එක ඇතුලටම එක්කන් ගියාට පස්සෙ. කොච්චර බිමින් තියන්න කිව්වත් ඇහුවෙ නෑ අප්පා. නපුරා.

” ටවල් එක අතන තියනවා wash එකක් දාගෙන කතා කරන්න හරි ද…”

එයා එහෙම කියලා bathroom  එකෙන් එළියට් ගියාට පස්සෙ මම ඇදුම් ගලවන්න පටන් ගත්තා. ඊයෙ රෑ ඇදුම් මුකුත් නැතුව නිදාගත්තත් දැන් මම ඉන්නෙ ඇදුම් ඇදගෙන නේද කියන එක මට මතක් උනේ ඒ වෙලාවෙ. සමහර විට තේව් පාන්දර අන්දවන්න ඇති. මම ඇදගෙන හිටියෙත් එයාගෙ ලොකු ටී එකකුයි ශෝර්ට් එකකුයි. මම brush එකක් ගෙනාවෙ නැති නිසාම තේව්ගෙ brush එකෙන්ම brush කරලා හොදට wash up උනා. ඊට පස්සෙ ටවල් එකත් පටලගෙන මම  අමාරුවෙන් හරි එළියට ගියෙ ආයෙ තේව්ට කතා කරන්න ඕනෙ නැති නිසා.

” තේව්ව්ව්…”

මම යනකොට තේව් කාමරේට වෙලා ඇද දිහා බලාගෙන ඉන්නවා හරියට භාවනා කරන්න වගේ. ඒක නිසාම මම කෑ ගහලා කතා කරපු නිසා එයා ගැස්සිලා මේ ලෝකෙට ආවෙ තේව් රවාගෙනම මගෙ පැත්තට හැරෙද්දි.

” මම කියලා තියනවා බබා බොරුවට කෑ ගහන්න එපා කියලා… “

” හරි හරි අනේව්. ඉතින්  මම ලගට එනකන්ම ඔයා දන්නෙ නෑ ඒකයි කතා කරේ … මොනා ගැන ද දන්නෑ ඔච්චර කල්පනා කරන්නෙ…හුහ්. “

” කල්පනා කරේ නෑ බබා මම බලාගෙන හිටියෙ අරක දිහා….”

තේව් කල්පනා කරේ නෑ කියන ගමන් මට පෙන්නුවෙ අපෙ ඇද වෙද්දි මමත් ඉක්මනට බැලුවෙ එයා ඔච්චරටම බලාගෙන ඉන්න තරම් මොනාද ඒකෙ තියෙන්නෙ කියලා. ඒත් ඒ තිබුන දේත් එක්ක මට පොඩි ආඩම්බරයක් එක්ක ලැජ්ජාවක් දැනුනා කිව්වොත් හරි…. ඒක නිසාම මම තේව් ලගට ගිහිල්ලා  එයාට තුරුල් උනා… ම්ම්ම් ඔව් ලා නිල් පාට ඇද රෙද්දෙ තිබුනෙ රතු පාට ලේ පැල්ලම් වගයක්.. මම කෙල්ලෙක් නෙවෙයි තමා ඒත් ඒ පැල්ලම දැක්කම මට හිතුනෙ දැන් මම තේව්ගෙම විතරයි කියන එක විතරයි. තේව් උනත් ඒ දිහා බලාගෙන හිටියෙ සියුම් ආඩම්බරේකින් කියලමයි මට නම් හිතුනෙ.

.

.

” ඇති තෙව්.. ආයෙ කන්න බෑ.  “

” මේ කට විතරක් කාපන් බං බබා ගුටි නොකා.”

තේව් හිටියෙ මට උදේට කවන ගමන්. කොච්චර බඩ පිරෙන්න කාලා හිටියත් බෑ කියද්දිම තේව් මට අන්තිම කටත් කවලම තමා නතර කරේ. තේව් උදේම හන්දියේ කඩේට ගිහිල්ලා ඉදි ආප්ප ගෙනාවෙ මම එපා කියද්දිමයි. මට අමාරු නිසා කඩෙන් කමු කියලා අරගෙන ආවා. කොහොම හරි අමාරුවෙන් කාලා මම living room එකට ඇවිත්  tv එකේ cartoon එකක් දාගත්තා. ඒත් එක්කම එයත් කාලා ඉවර වෙලා pain killer දෙකකුත් එක්ක වතුර වීදුරුවක් දුන්නෙ මගෙ මූණ ඇද වෙලා ය්ද්දි. කොච්චර අමාරුවෙන් හිටියත් බෙහෙත් බොන්න බෑ අප්පා. තේව් රවාගෙන මගෙ දිහා බලාගෙන ඉන්න නිසාම මම අකමැත්තෙන් උනත් බීලා දැම්මා. නැත්තම් ගුටි කන්න වෙන්නෙ නපුරගෙන්.

” දැන් කොහොමද සුදු මැණික”

” දැන් අඩුයි මහත්තයෝ…”

මගෙ ලගින් ඉදගෙන තේව් කොහොමද අහද්දි මම එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගන්න ගමන් උත්තර දුන්නා.

” අම්මලා කවද්ද එන්නෙ තේව්…”

” ආච්චිට දැන් සනීප නිසා හෙට වගෙ එයි මම හිතන්නෙ. නංගිට කොහොමත් clz නෙ.”

” හ්ම්ම්ම් ඒමද..අපිත් කොහෙ හරි යමුකො තේව්.”

තේව් මගෙ කෙස් අතරින් එයාගෙ ඇගිලි යවන නිසාම දැනෙන සනීපෙට පිය වෙන්න එන ඇස් බලෙන්ම ඇරගෙන තියාගන්න ගමන් කොහෙ හරි යමු කිව්වෙ ඇත්තටම කොහෙ හරි යන්න ආසාවක් දැන් ගොඩක් කාලෙක ඉදලම මට තිබුන නිසා. Office  එකෙන් ගෙදරට ගෙදරින් office එකට ඇරුනම trip එකක් ගියපු කාලයක් මතක නෑ.

” කොහෙද දැන් යන්න ඕනි මගෙ මැනිකට ම්ම්ම්.”

” කොහෙ හරි කමක් නෑ. ඔයත් එක්ක යන්න ඕනි…”

” බලමුකෝ එහෙනම්….”

.

.

.

ඒ විදිහට රන්ඩු වෙවී යාලු වෙවී එදා දවස ගෙවිලා ගියෙ තේව්ගෙ දැඩි නීති රීති ඇතුලෙ කිව්වොත් හරි . මට නම් නැගිටලා ඇවිදින්නවත් දුන්නෙ නැති තරම්. කොච්චර අමාරු නෑ කිව්වත් මට වැඩක් කරන්නවත් දුන්නෙ නෑ. මගෙ හැමදේම එයාගෙ අත් දෙකෙන්ම කරා. එයාගෙ ඒ වගෙ පොඩි පොඩි දේවල් වලින් මට දැනෙන්නෙ ලොකුම ලොකු ආරක්ෂාවක්. ඒ වගේම එයා ගැන දැනෙන්නෙ ලොකු ගෞරවයක්.

රෑ කොච්චර එයාව අවුස්සගෙන එයාට යට වෙන්න හැදුවත් එයා අකමැති උන නිසා අන්තිමට පොඩි පොඩි දග වැඩ කරලා අපි දෙන්නා හොදට දොයිය ගත්තෙ පහුවදා එයාට වගේම මටත් වැඩ ගොඩක් තිබුන නිසා.

______________________________________________

* හායි ලමයිනේ….. මම ආවා…..

අපෙ චූටි ගගාගෙ birthday එක දවසෙ කොටස දෙන්නම් කියලා හිටයත් බැරි උනා අනේ 🤧

* මගෙ කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතියි… ඒ වගේම මාත් ආදරෙයි…. ❤️💚

* ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු….

❤️💚

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 25, novel À¶†À¶ºà·” (Completed) Âœ” 25, read À¶†À¶ºà·” (Completed) Âœ” 25 online, À¶†À¶ºà·” (Completed) Âœ” 25 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 25 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 25 light novel, ,

Comment

Leave a Reply

Chapter 25