À¶†À¶ºà·” (Completed) Âœ” 28

A+ A-

” සුදු මැණික …. සුදු මැණික…”

එක පාරටම භූමි කමපාවක් ඇවිත් වගෙ මාව හෙලවෙන්න ගන්නවත් එක්කම මෙච්චර වෙලාම හොදට නිදාගෙන හිටපු මම හිමීට ඇස් ඇරියෙ එක පාරටම උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව.   මම ඇස් ඇරලා කලුවරේම වටපිට බැලුවත් මගෙ ලග කවුරුත් හිටියෙ නෑ.  ඒත් එක පාරටම කාමරේ ලයිට් ඔන් වෙනවත් එක්කම  උනෙ දේ නිසා ඇත්තටම මම පුදුම උනේ මේ වෙලාවෙ මේ වගේ දෙයක් කොහෙත්ම බලාපොරොත්තු උනේ නැති නිසා.

” Happy birthday to you…
Happy birthday to you…
Happy birthday dear aayu…
Happy birthday to you……”

Birthday song එක කියන ගමන් මගෙ ලගට ආවෙ තේව් වගේම එයාගෙ පවුලෙ අය. තේව්ගෙ අතේ  ඉටි පන්දම් ගහපු  ලස්සන චොකලට් කේක් එකක් තිබුනා වගේම එයාට පිටි පස්සෙන් අම්මා තාත්තා නංගි හිටියෙ මම තාමත් වෙන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරුව එයාලා දිහා බලාගෙන ඉද්දි. අද මගෙ birthday එකද. දෙයියනේ ගිය දවස් ටිජෙ තිබුන වැඩත් එක්ක මට ඒක අමතක වෙලා තිබුනේ. මම ඒත් එක්කම බැලුවෙ wall එකේ තිබුන ඔරලෝසුව දිහා. වෙලාව දොළහයි පහයි.

” සුභම සුභ උපන් දිනයක් මගෙ මැණික. හැමදාම සතුටින් ඉන්න…”

තේව් එයාගෙ අතේ තිබුන කේක් එක නංගි අතට දිලා මගෙ ලගට ඇවිත් එහෙම කියන ගමන් මාව තුරුල් කර ගත්තෙ මම අඩාගෙනම එයාට තුරුල් වෙද්දි. මට මේ ආදරේ දරාගන්න බෑ දෙයියනේ. අම්මා නැති උනත් හරි birthday එකක් සමරලා තිබුනෙ නැති මම අවුරුදු ගානකින් මගෙ birthday එක සැමරුවෙ ගිය අවුරුද්දෙ තේව් එක්ක. මම දන්නෙවත් නැතුව එයා පොඩි කේක් එකක් ගෙනල්ලා අපි දෙන්න විතරක් පොඩිවට සැමරුවා. එදත් මේ වගේම මම හැසිරුන විදිහ මට අද වගේ මතකයි. මම පැයක් විතරම තේව්ගෙ තුරුලට වෙලා ඇඩුවා. ඒත් අද ඊටත් වැඩිය වෙනස්. අවුරුදු ගානකින් මම පවුල එක්ක මගෙ birthday එක සමරන්න යන්නෙ. මට දැනුනෙ දරා ගන්න බැරි සතුටක්. අවුරුදු ගානකින් මට ආදරේ කරන අය මගෙ birthday එකකට මගෙ ලගින් ඉන්නවා. මේ දැනෙන හැගීමත් එක්ක මට මගෙ කදුලු පාලනය කරගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.

මට මතක් උනේ අම්මලා අනුරාධපුරේ ගිහිල්ලා අද එන නිසා තේව් බලෙන්ම කියලා කියලා මාව මෙහෙ ගෙන්න ගත්ත විදිහ. ගිය දවස් දෙකේම ගෙදර යන්න බැරි උන නිසා මම හැදුවෙම ගෙදර යන්න. ඒත් හවස company එක ලගටම තේව් ඇවිල්ලා මාව මෙහෙ එක්කගෙන ආවෙ මේකට තමා එහෙනම්. මට ඇත්තටම මෙහෙම දෙයක් ගැන කිසිම අදහසක් තිබුනෙ නෑ. අනික තේව් නිදා ගන්න යනකොටවත් කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ. ඒක නිසාම මටත් කිසිම දෙයක් තේරුනෙ නෑ.

” දැන් ඇති සුදු මැණික ඇඩුවා.. තව කොච්චර වෙලා අඩනව ද ම්ම්ම්ම්. අර අම්මලත් බලාගෙන ඉන්නවා. අඩන්නෙ නැතුව අපි කේක් එක කපලා ඉමු….”

විනාඩි ගානක්ම එයාගෙ තුරුලට වෙලා අඩපු මම ඔලුව අත ගාන ගමන් තේව් එහෙම කියද්දි මම ඉක්මනට නැගිටලා අම්මලා දිහා බලද්දි දැක්කෙ එයාලත් හිනා වෙලා අපි දිහාම බලාගෙන ඉන්නවා. මම බලනවත් එක්කම මම දැක්කා අම්මා කදුලු පිහද ගන්නවා. මම කදුලුත් පිහද ගෙන ඇදෙන් නැගිට්ටෙ තේව් නංගිගෙ අතේ තිබුන කේක් එක මගෙ ලගට අරන් එද්දි. ඒක හරිම ලස්සන හුරු බුහුටි කේක් එකක්. ඒක යටින් පොඩිවට happy birthday ආයු කියලා ගහලා තියනවා. දැක්කම ආස හිතෙනවා. කට්ටියම හිනා වෙලා ආයෙත් birthday song එක කියන්න පටන් ගත්තෙ මම කදුලු පිරුන ඇස් වලින් එයාලා දිහා බලාගෙන ඉද්දි. මට දැනෙන්නෙ දැන් මේ ලෝකෙ සතුටින්ම ඉන්න මනුස්සයා මම කියලා. ඒ තරම් සතුටින් මම ඉන්නෙ.

” ආආ හදිස්සි වෙන්නෙ නැතුව විශ් එකක් හිතාගෙනම ඉටි පන්දම් නිවලා කේක් එක කපන්න ලොකු අයියා…”

Birthday song එක කියලා ඉවර වෙනවත් එක්කම මම එක පාරටම ඉටි පන්දම් නිවලා කේක් එක කපන්න යද්දි නංගි එහෙම කිව්වෙ මමත් හිනා වෙලා අපි හැමෝටම හැමදාම මේ විදිහටම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉටි පන්දම් ටික නිවලා දාද්දි. මට තියන එකම ප්‍රාර්ථනාව ඒක විතරයි. 

” සුභම සුභ උපන් දිනයක් ලොකූ… පරිස්සමින් සතුටින් ඉන්න.”

මම කේක් එකත් කපලා පළවෙනි කෑල්ල තාත්තට කවද්දි එයා හිනා වෙලා වෙලා මගෙ නළලට හාදුවක් දීලා පොඩි box එකක් මගෙ අතින් තියන ගමන් එහෙම කිව්වෙ ආයෙත් මගෙ ඇස් වලට කදුලු උනද්දි. මගෙ තාත්තා කවදාවත් මට මෙහෙම කියලා නෑ. අම්මා නැති උනාට පස්සෙ ආපු මගෙ එක උපන් දිනේකටවත් එයා මට විශ් කරලා නෑ. අඩුම තරමේ එයාට මගෙ උපන් දිනේවත් මතක නැතුව ඇති දැන්. ඒ වගේ තාත්තෙක් ඉන්න මට තේව්ගෙ තාත්තගෙ ආදරේ මහ ගොඩක් වටිනවා.

අම්මටත් කේක් කෑල්ලක් කවපු මම එයාගෙ තුරුලෙත් ටිකක් වෙලා හිටියෙ කාලෙකට පස්සෙ අම්මා ලග ඉදලා උපන් දිනයක් සමරනවා වගේ හැගීමක් දැනෙද්දි. අම්මත් ම ලස්සනට රැපින් කරපු පොඩි box එකක් දුන්නා. මෙච්චර වෙලාම මේ හැමදේම තේව්ගෙ ෆෝන් එකෙන් photo ගන්න ගමන් හිටය නංගිටත් කේක් කෑල්ලක් කැව්වෙ එයා මට රැපින් කරපු ෆොටො එකක් කියලා හිතන්න පුලුවන් ටිකක් ලොකු දෙයක් මට දෙද්දි.  අන්තිමට මම ගියෙ මම මේ තරම් සතුටින් ඉන්න හේතු උන කෙනා ලගට. ම්ම් මගෙ මහත්තයා… මගෙ ජීවිතේ.. එයා ඉතින් ඉන්නවා හිනා වෙවී බලාගෙන. එයාගෙ ඇස් දිලිසෙනවා. එයා ඉන්නෙ ගොඩක් සතුටින් කියලා එයාගෙ මූණ දිහා බලපුහාම කියන පුලුවන්.

මම ලොකු කේක් කෑල්ලක් අරගෙන් තේව්ට කැව්වෙ එයත් ආපිට මට කේක් කෑල්ලක් කවද්දි. ඉව්ව් මෝඩයා කවනවා වගෙ හිමීට අයින් ගෑවා මගෙ මූණෙ… මම රවලා එයා දිහා බලද්දි එයා හිනා වෙලා මගෙ කම්මුල මිරිකුවා..

” හැමදාම ඔය විදිහට හිනා වෙලා ඉන්න මගෙ මැණික.. ආදරෙයි…”

මාව තුරුලට අරගෙන මගෙ නළලට හාදුවක් තියන ගමන් තේව් එහෙම කිව්වෙ මාත් එයාගෙ කම්මුලකට හාදුවක් තියලා එයාට තවත් කිටි කිටියෙ තුරුල් වෙද්දි.

” හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න ලමයිනේ. අපිට ඕනි එච්චරයි…”

ආලෙන් වෙලිලා හිටය අපි දෙන්නා ලගට ආපු අම්මා එහෙම කියලා අපි දෙන්නගෙ ඔලුව අත ගෑවෙ තාත්තත් අපි ඉන්න තැනට ඇවිත් හිට ගද්දි. මම තේව්ගෙ තුරුලෙ ඉන්න ගමන්ම ඒ දෙන්නවත් තුරුල් කර ගත්තෙ ඒ දෙන්නත් ආ පිට මාවයි තේව්වයි තුරුල් කරගද්දි. අපි හතර දෙනාම දැන් ඉන්නෙ තුරුල් වෙලා.

” ආ මේ මාව හලන්න හිතුවා මදි à·„à·Šà·„à·Š…”

මෙච්චර වෙලාම අපෙ ෆොටො ගන්න එකත් එක්ක busy වෙලා හිටය නංගිත් එහෙම කියන ගමන් අපෙ අත් අස්සෙන් රිංගලා අපිට තුරුල් උනේ මම මගෙ ජීවිතේ සතුටුම උපන්දිනේ අද සමරද්දි…. මට දැනෙන්නෙ ලොකුම ලොකු සැනසීමක් විතරයි. මේ ලෝකෙ ලොකුම සතුට මගෙ ලග කියලා මට දැනෙන්නෙ.

__________________________________________

අන්තිමට කේක් කපලා කාලා අඩලා දොඩලා, හම්බ උන තෑගි එහෙම බලලා ආපහු ඇදට එනකොට පාන්දර දෙක හමාරත් පහු වෙලා තිබුනා. අම්මලත් නිදා ගන්න ගිය නිසා මායි එයයිත් ඇදට ආවෙ නිදා ගන්න කියලා හිතාගෙන.

තෑගි ගැන කිව්වොත් අම්මා මට දීලා තිබුනෙ  chocolate box එකක් අනේව්. එයා දන්නවා මම ගැන හොදට. එතකොට තාත්තා දීලා තිබුනෙ ලස්සනම ලස්සන watch එකක්. ආ නංගි දීලා තිබුනෙ තේව්ගෙයි මගෙයි ලස්සනම ලස්සන fram කරපු ෆොටො එකක්. මම හිතන්නෙ තේව්ගෙන් ඉල්ල ගන්න ඇති. ශෝයි අනේව්…

” නින්ද යන්නෙ නැද්ද සුදු ම්ම්ම්…”

“ම්හ්හු”

මම නිදාගන්නෙ නැතුව ඒවා මේවා කල්පනා කර කර හිටය නිසාමද කොහෙද තේව් මගෙන් එහෙම අහද්දි මම එයාගෙ අත් අස්සෙ ඉදගෙනම මූණ උස්සලා නෑ කිව්වා.

” උබ සතුටින් ද වස්තු..”

මගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවන ගමන් තේව් එහෙම අහද්දි මම ටිකක් වෙලා තේව්ගෙ මූණ දිහා බලාගෙන හිටියා. එයා අහනවා මම සතුටින් ද කියලා. මේ වගෙ මහත්තයෙක් ඉන්න මම සතුටින් නෙවෙයි නම් වෙන කවුද සතුටින් ඉන්නෙ. මම ඉස්සිලා එයාගෙ බෙල්ලෙන් හාදුවක් තිබ්බෙ මට මේ වෙලාවෙ දැනෙන සතුට වචන වලින් කියලා නිම කරන්න බැරි නිසා. ඒත් මේ වෙලාවෙ මගෙ හිතේ තියන හැගීම විස්තර කරන්න ගත්තෙ එයාගෙ ඇස් දිහාම බලාගෙන

” මේ ගෙවුන අවුරුදු ගානටම මම සතුටින් හිටපු දවසක් මට මතක නැති තරම් තේව්. ඒ හැමදාම මට හිතුන එකම දේ ඇයි මම මේ ලෝකෙ ජීවත් වෙලා ඉන්නෙ කියන එක. අම්මා නෑ තාත්තා හිටියත් නෑ වගේ. ආදරේ කරන්න කෙනෙක් නෑ. තාත්තට මාව ඕනෙ උනේ business වැඩ වලට විතරයි. මට ලං උන හැමෝම හිටියෙ වාසි වෙනුවෙ. ඉස්කෝලෙ යද්දි පවා පංතියෙ ලමයි මාව අශ්‍රය කරේ සල්ලි නිසා. මට මෙ වෙනකම් යාලුවෙක් ඉදලා නෑ. මම හිටියෙ මේ ජීවිතේ ගෙවලා හෙම්බත් වෙලා. මට දැනුනෙ ලොකු මහන්සියක්. ඒත් ඔයා අහම්බෙන් මගෙ ජීවිතේට ආවට පස්සෙ එදා ඉදලම මම හිටියෙ හරිම සතුටින් තේව්. මම අම්මා නැති උනාට පස්සෙ සතුටින් හිටියෙ ඔයා නිසා. මේ ගෙවුන අවුරුද්දට වැඩි කාලෙ පුරාවටම මම හිටියෙ සතුටින් මහත්තයෝ. ඔයා මගෙ ජීවිතේට ඇවිල්ලා මගෙ ජීවිතේ ලස්සන කරා. අද දවස මට කවදාවත් අමතක වෙන එකක් නෑ තේව්. පවුකාර ජීවිතයක් ගෙවපු මම මේ තරම් සතුටින් ඉන්නෙ ඔයා නිසා. මට පණ වගෙ ආදරේ කරන පවුලක් ලැබුනෙ ඔයා නිසා. පිං මහත්තයෝ මට මේ සතුට දුන්නට…. “

මම ඇස් දෙකේ කදුලු පුරවගෙන මගෙ හැගීම් තේව්ට කිව්වෙ එයා මගෙ ඔලුව අත ගාන ගමන් මාව අහගෙන ඉද්දි. කියන්න කොච්චර දේවල් තිබුනත් මේ වෙලාවෙ ඒවා වචන වෙන්නෙ නැති තරම්…

” පිං කියන්න ඕනෙ නෑ බං. මට ඕනෙ උබෙ සතුට විතරයි… හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න මැණික. මට ඕනෙ එච්චරයි. උබට කවුරු නැතත් මම ඉන්නවා.තේරුනාද .ම්ම්ම්…”

මම කියපු හැමදේම අහගෙන හිටපු තේව් මගෙ කදුලු පිහදලා එහෙම කිව්වෙ මම එයාගෙ පපුවට දැනෙන නොදැනෙන ගානට හාදුවක් තියද්දි. මම දන්නවා මට කවුරු නැතත් එයා ඉන්නවා කියලා. වෙලාවකට එයා පෙම්වතෙක් තවත් වෙලාවකට සැමියෙක් තවත් වෙලාවකට මට තාත්තා කෙනෙක් , යාලුවෙක්. මේ හැම චරිතයක්ම එයා මම ඉස්සරහා රග පානවා. මට තේරෙන්නෙ නෑ තේව්ගෙ ආදරේ ගැන. සමහර විට මමවත් එච්චර ආදරේ කරන්නෙ නැතුව ඇති. එයාගෙ ආදරේට මම හරි ලෝභයි දෙයියනේ…..

” ටිකක්  ඉන්නකො මැණික…”

මාව තුරුල් කරගෙන හිටිය තේව් මාව එයාගෙන් තුරුලෙන් අයින් කරලා එහෙම කියලා  ඇදෙන් බැහැලා ගියෙ මම එයා එහෙමම ඉද්දි. එයා cupboard එක ඇරලා එළියට ගත්තෙ ට්කක් ලොකු box එකක්. ඒකත් අරගෙනම එයා මම ලගට් ආවෙ මම ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බලාගෙන ඉද්දි.

” මොකද ඔහොම බලාගෙන ඉන්නෙ ආ..  ඔයාගෙ මහත්තයාගෙන් තෑගි එපා ද ම්ම්ම්.”

තේව්  එහෙම කියලා මගෙ අතින් තිබ්බෙ අර ලස්සන box එක. මම හිමීට ඒකෙ රැපින් එක ගැලෙව්වෙ ඇතුලෙ මොනා තියනවද කියලා හිතා ගන්න බැරුව.

” අනේ තේව් ඒක ලස්සනයි දෙයියෙනේ…. ඔයා මාව මරන්නෙ පුදුම කරවලා අනේ.. මට පිස්සු වගේ..”

” සුදු මැණික කැමති ද… “

” අනේ ඔව් තේව් ඒවා හරිම ලස්සනයි…ශෝයි අප්පා. Thank you so much මහත්තයෝ…..”

ඇතුලෙ තිබුන ඒවා දැකලා මගෙ ඇස් දිලිසෙන්න ගත්තා. මම ආසම දේවල් වලින් එකක්. පුදුම ලස්සනයි ඒවා. මම තේව්ට තුරුල් වෙලා thank කරේ තේව්ත් මාව තුරුල් කරගෙන හාදු දෙද්දි.

” උබ කැමති නම් එච්චරයි…”

තේව් මට දීලා තිබුනෙ ලස්සනම ලස්සන crystal balls දෙකක්. ඒවා හරිම cute අලේව්. ආස හිතෙනවා…. මේ ලගදිත් මම තේව්ට ඕවා පෙන්න පෙන්න ලස්සනයි කිය කිය හිටියා. එයාට ඒක මතක තියෙන්න ඇති.

” ආදරෙයි මගෙ මහත්තයෝ… මේක තමා මම සමරපු සතුටුම birthday එක….”

” මාත් ආදරෙයි මැණික….”

_____________________________________

” තේව්… අපි හෙට මාළිගාවට යමු ද.”

ඇදේ තේව්ට තුරුල් වෙලා ඉන්න ගමන් මම තේව්ගෙන් එහෙම ඇහුවෙ ඇත්තටම මට යන්න ආසාවක් තිබුන නිසා.

“Office යන්න ඕනෙ නැද්ද මැණික..”

” හෙට විතරනෙ අනේ. අනික ඉදුවර ඉන්නවා නෙ. යමු ද ආ… යමු නේද…”

මම එයාගෙ පපුවට ඇගිල්ලෙන් ඇන ඇන කරදර කරෙ එයාව කොහොම හරි හෙට යන්න එයාව කැමති කරගන්නා අදිටනින්.. හ්හ්.

” හරි හරි බං එහෙනම් යමූ…”

” මගෙ හොද මහත්තයා…උම්ම්ම්මාහ්….”

” දැන් නිදියපන් හොදටම වෙලා ගිහිල්ලා…”

හෙට මාළිගාවට යන්නත් ඕනෙ නිසා මම එයාගෙ තුරුලට වෙලා ඇස් දෙක පියා ගත්තෙ හිතේ සැනසීමෙන්…

____________________________________________

* අද කොටස ගැන මොකද හිතෙන්නෙ….

*typing mistake තිබුනොත් සමාවෙන්න….

* මගෙ කතාව කියවන vote කරන comment කරන හැමෝටම ස්තූතියි….. ඒ වගේම ආදරෙයි…. ❤️💚

*කතාව ගැන අදහසක් කියාගෙන යන්න ලමයි….

* ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු…..

❤️💚

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 28, novel À¶†À¶ºà·” (Completed) Âœ” 28, read À¶†À¶ºà·” (Completed) Âœ” 28 online, À¶†À¶ºà·” (Completed) Âœ” 28 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 28 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 28 light novel, ,

Comment

Leave a Reply

Chapter 28