À¶†À¶ºà·” (Completed) Âœ” 29

A+ A-

ජීවිතේ කියන්නෙ හරිම අමුතු දෙයක්…. හරියට බලාගෙන ඉද්දි වෙනස් වෙන අහස වගේ. කොයි වෙලාවෙ කොයි විදිහට වෙනස් වෙයි ද කියලා කාටවත්ම හිතාගන්න බෑ… ඒ වගේම තමා අපෙ ජීවිතත් කොයි වෙලාවෙ කොයි විදිහට වෙනස් වෙයිද කියලා හිතාගන්න බෑ… ඒකට හොදම උදාහරණය මගෙ ජීවිතේ. අවුරුදු ගානක්ම දුක් විදපු මම අද තේව් නිසා සතුටින්. පවුලක ආදරේ විදපු නැති මම දැන් පවුලක ආදරේ විදිනවා. හැමෝම ඉන්නෙ සතුටින්.. ඒ වගේම මට ඕනෙ අපි හැමෝගෙම සතුට හැමදාටම මේ විදිහටම තියෙන්න විතරයි.

” සුදු ලෑස්ති වෙලා ඉවර ද…? “

” ඔව් තේව් මම ලෑස්ති වෙලා ඉවරයි…”

මෙච්චර වෙලාම කණ්නාඩි මේසෙ ඉස්සරහට වෙලා ලොකු කල්පනාවක ඉදපු මම මේ ලෝකෙට ආවෙ තේව් කාමරේට ඇවිල්ලා කතා කරාට පස්සෙ. මගෙ ලගට ආපු එයාගෙ අතේ එල්ලිලම මම උත්තර දුන්නෙ එයත් අනිත් පැත්තට මගෙ නහය මිරි කද්දි… ම්හුක් නරකයා මේකගෙ වැඩේ මගෙ නහය මිරිකන එක.. මොනා උනත් එයා අද වෙනදටත් වැඩිය handsome අප්පාව්. වැඩිපුරම කලු පාටට හුරු ඇදුම් අදින එයා අද සුදු පාට ශර්ට් එකට අලු පාටට හුරු trouser එකක් ඇදලා තිබුනා. හැමදාම දකින විදිහට වඩා අද වෙනස් නිසාම ද මංදා මට හිතුනෙම තේව් වෙනදටත් වැඩිය handsome කියලමයි.

මම නම් ඉතින් වෙනදා වගේම සුදු ටී ශර්ට් එකට සුදු පාටින්ම ඩෙනිම් එක ඇන්දා. හැබැයි තේව් නම් කිව්වා ලස්සනයි කියලා හී හී..

අපි මේ ලෑස්ති වෙලා ඉන්නෙ මාළිගාවට යන්න. තේව් අද මාව දළදා මාළිගාවට එක්කන් යන්නම් කියලා පොරොන්දු උන නිසාම අපි දෙන්න මේ ලෑස්ති වෙලා ඉන්නෙ උදේම මාළිගාවට යන්න. හේ හේ උදේම කිව්වට ඉතින් දැන් වෙලාව දහයට විතර ඇති. නිදාගද්දි පාන්දර උන නිසා ඇහැරෙන්න ටිකක් පරක්කු උන එක වෙනම කතාවක් ඉතින් හුම්.

ඇත්තටම නුවර හිටියට මොකද අන්තිමට මාළිගාවට ගියෙ ගිය අවුරුද්දෙ ද කොහෙද. දෙයක් ලග තියනකොට කිසි අයගක් නෑ කියන එක බොරුවක් නෙවෙයි ද කොහෙද අනේ. ඉස්සර මට මතකයි පොඩි කාලෙ අම්මයි තාත්තයි හැම අවුරුද්දකම මගෙ උපන් දිනේට අනිවාරෙන් මාව දළදා මාළිගාවට එක්කන් යනවා. ඒත් අම්මා නැති උනත් එක්කම ඒක එහෙමම නැති වෙලා ගියා. ඒක නිසාමයි මම තේව්ට කිව්වෙ මාළිගාවට එක්කන් යන්න කියලා. මට ලොකු ආසවක් තිබුනා තේව් එක්ක මාළිගාවට යන්න.

” යමු නේද එහෙනම්..”

” පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න…”

මාවත් එක්කගෙන කාමරෙන් එළියට යන්න ලෑස්ති උන තේව්ට මම පොඩ්ඩක් ඉන්න කියලා ආපහු කණ්නාඩි මේසෙ ලගට දුවලා ගියෙ දෙයක් මතක් උන නිසා. මම ඒකෙ ලාච්චුව ඇරලා ඕන දේ අරගෙන තේව් ලගට ගියෙ එයාට ඒක දෙන ගමන්..

” මේක මොකටද බම්…”

” කමක් නැ අනේ. දාන්නකෝ..”

à·„à·“ à·„à·“ ඒක couple bracelet එකක්. ගිය අවුරුද්දෙ තේව් මගෙ birthday එකට දුන්නෙ. තේව්ගෙ එක කලු පාට වෙනකොට මගෙ එක rose gold උනා. මගෙ එක මම තේව්ට කියලම දාගත්ත මම එයාගෙ එකත් එයාගෙ අතට දැම්මා. දැන් හලීඊඊ…. ඊට පස්සෙ තේව්ගෙ මූන දිහා බලපු මම එයාගෙ ටිකක් දිගට තිබුන කොන්ඩ කෑලි ටිකක් අරගෙන මූණට වැටෙන්න දැම්මා. දැන් තමා perfect…. එයා පුදුම තරම් handsome අප්ප්පව්.. කාට ද ඉතින් ආඩම්බර… දැනුන ආඩම්බරේ නිසාම එයාගෙ පපුවට තුරුල් උන මම එයාගෙ පපුවෙන් පුංචි හාදුවක් තිබ්බා. මට දැනුනා එයත් මගෙ හිස් මුදුනට එයාගෙ තොල් තද කරනවා.

විනාඩි ගානක්ම එහෙම හිටිය අපි දෙන්නා ලෝභකමේ උනත් ඈත් උනේ යන්න පරක්කු වෙන නිසා. අපි දෙන්නා අම්මටත් වැදලා එලියට බැස්සා. තාත්තයි නම් වැඩට ගියා. නංගිත් clz ගිය නිසා අම්මා විතරයි ගෙදර හිටියෙ. එයාට කොච්චර අපිත් එක්ක යමු කිව්වත් එන්න බෑ කිව්වා.

” කාර් එකේ ද යන්නෙ සුදූ…”

ගෙදරින් එළියට බැහැපු තේව් මගෙන් එහෙම ඇහුවෙ එලියෙ නතර කරලා තියන කාර් එකයි දිහයි බයික් එක දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්. මට නම් ඕනි බයික් එකේ යන්න හුම්. ඒක නිසාම මම දුවලා ගිහිල්ලා බයික් එක ලගින් හිට ගත්තෙ එයත් හිනා වෙවීම මගෙ ලගට එද්දි. එයාට තුරුල් වෙලා බයික් එකේ යනවා තරම් වෙන සතුටක් නෑ මට නම්..

___________________

විනාඩි හතලිස් පහක විතර ගමනකින් පස්සෙ අපි දෙන්නා මාළිගාව ලග අපෙ බයික් එක නැවැත්තුවා. ඉඩ තියන තැනකින් බයික් එක දාපු අපි දෙන්නා ආවෙ මල් ගන්න..

” මොනාද ඕනෙ මැණික…”

එක මල් කඩයක් ගාව නතර උන තේව් මගෙන් මොන මල් ද ගන්නෙ කියලා අහද්දි මම ඉක්මනටම රතු නෙළුම් මල් පෙන්නුවෙ ඒක මම ආසම මල් වර්ගයක් නිසා.මල් එක්කම තෙල්, පහන්තිර, හදුන්කූරු එහෙමත් ගත්තෙ අපි එනකොට ඒවා ගෙනාවෙ නැති නිසා. ඒත් එක්කම තේව් සල්ලි දෙන්න ලෑස්ති වෙනවා කියලා දැක්ක මම එයා සල්ලි ගෙවන්න කලින් ඉස්සර වෙලා මගෙ වොලට් එක අරන් සල්ලි ගෙව්වෙ තේව් මගෙ දිහා මරන් කන්න වගේ බලාගෙන ඉද්දි. හ්හ් අපි සැලෙයි ඔව්වට. මම මල් වට්ටියත් අරගෙන තේව්ගෙ ඒ බැල්ම දැක්කෙ නෑ වගෙ එයාගෙ අතින් අල්ලගෙනම දළදා මාලිගාව පැත්තට ඇවිදගෙන ගියා. සපත්තුයි, හෙල්මට් දෙකයි එතනම තිබ්බ counter එකට දීපු අපි දෙන්නා හිමීට පඩිපෙල නැගලා මාළිගාව ඇතුලට ගියා.

මල් පූජා කරපු අපි දෙන්නා පැයක් විතරම ගාථා කියන ගමන් දළදා වහන්සේ ඉස්සරහා ඉදගෙන හිටියා. සතියෙ දවසක් නිසාම ද මංදා අද ලොකු සෙනගක් නෑ. හරිම නිදහස්. හිතට ලොකුම ලොකු සැහැල්ලුවක් දැනෙනවා මෙහෙම ඉද්දි. පැයක් විතරම එතන හිටිය අපි දෙන්නා අනිත් තැන් වලටත් ගිහිල්ලා වන්දනා කරලා පහන් හදුන්කූරුත් පත්තු කරා.

පැය දෙකක් විතරම දළදා මාළිගාවෙ ඇවිදලා අපි එළියට එනකොට එක එකටත් ලගයි… උදේ අම්මා මගෙ birthday එක නිසාම කිරිබත් හදලා තිබුන නිසා ඒවා කාලා ආවත් දැන් නම් තියෙන්නෙ යකෙක් කන්න තරම් බඩගින්නක් අප්පාව්.

” මොනා හරි කාලා ඉමු නේද සුදු…”

” ඔව් තේව් බඩගින්නක් එනවා දැන් නම්…”

Counter එකට දීපු සපත්තුයි හෙල්මට් දෙකයි අරගෙන එතන ඉන්න මනුස්සයටත් පොඩි ගානක් දීලා අපි දෙන්නා බයික් එක ලගට ආවෙ කන්න යන්න කියලා හිතාගෙන… තේව් බයික් එක ස්ටාර්ට් කරලා එළියට ගත්තට පස්සෙ මාත් පිටි පස්සෙන් නැගලා එයාට තුරුල් උනේ එයාට ඕනෙ දිහාවක ගිය දෙන් කියලා හිතලා. තේව් කොහොමත් දන්නවා හොද restaurant ගැන ඒක නිසාමයි මම මුකුත් කියන්නෙ නැතුව හිටියෙ.

විනාඩි ගානකට පස්සෙ තේව් බයික් එක නැවැත්තුවෙ අලුත් cafe එකක් ලග. ඒක මේ ලගදි open කරේ. කෑම රසයි කියලා අහලා තිබ්බත් එන්න වෙලාවක් තිබුනෙ නෑ හැබැයි. කමක් නෑ අද ආවනෙ. බයික් එකත් park කරලා මගෙ අතින් අල්ල ගත්ත තේව් ඉස්සර වෙලා යද්දි මාත් එයාගෙ පස්සෙන්ම ඇවිදගෙන ගියෙ වට පිට බල බල. හරිම ලස්සනයි ඒ cafe එක. Forest teem එකට හදලා තිබුන ඒ cafe එක ඕනි කෙනෙක්ගෙ හිත ඇදිලා යන විදිහට හදලා තිබුනා කිව්වොත් හරි. මාවත් ඇදගෙනම reception එක ලගට ගිය තේව් එතන හිටිය පිරිමි ලමයගෙන් මොනා හරි අහනවත් එක්කම එයත් මොනා හරි කිව්වෙ හිනා වෙලා. මම ඉතින් ඒවට ඇහුම්කන් නොදී cafe එකේ ලස්සන බල බල හිටියෙ ඒවා මට අදාල නැති නිසා. මට ඕනි කන්න හ්හ්. ඒ දෙන්නා මට ඇහෙන්නෙ නැති වෙන්න හිමීට කතා කරපු එක වෙනම කතාවක් ඉතින්. ඒ පිරිමි ලමයට thank කරපු තේව් ඊළගට මාවත් එකගෙන උඩ තට්ටුවට යන්න ගත්තා.

” Surprise….”

කොරිඩෝ එකක් දිගේ ආපු අපි දෙන්නා අන්තිමට තිබුන පොඩි room එකක් වගෙ තැනකට එනවත් මාව ගැස්සිලා ගියෙ එක පාරටම surprise කියලා කෑ ගහන ගමන් කට්ටියක් මගෙ ඉස්සරහට පැනපු නිසා. ඒත් එක්කම මාව snow spray වලින් නෑවිලා යනවත් එක්කම වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව එහෙමම ගල් ගැහිලා වගෙ බලාගෙන හිටිය මම මේ ලෝකෙට ආවා. වටපිට බලපු මම එතකොට තමා දැක්කෙ මගෙ වටේ හිටපු කට්ටියව. අම්මා,නංගි, රනිශ්ක මල්ලි, අනේ ලලිතා අම්මත් ඉන්නවා. ඒත් එක්කම මගෙ ඇස් ලොකු උනේ හිනා වෙලා බලාගෙන ඉන්න ඉදුවර මල්ලිව දැකලා. අයිශ් මට අමතක උනා නෙ මේකා තේව්ගෙ යාලුවෙක් කියලා. ඒකමයි ඉදුවර මාත් එක්ක ඔෆිස් එකේදි උනත් ෆිට් උනෙ. ඒත් එක්කම මම බැලුවෙ ඉන්න අනිත් අය කවුද කියලා. තේව්ගෙ තව යාලුවො තුන්දෙනෙක් උන රශානුයී, මනුලයි, කවීශයි. රනිශ්ක මල්ලි තරම් close නොවුනත් ඒ තුන් දෙනාවත් මම අදුරනවා. උන් තුන් දෙනත් හරිම හොද යාලුවො ටිකක්. තේව්ට පණ උනත් දෙයි.

මම හිතන්නෙ මේක මේ cafe එකේ party area එක වෙන්න ඕනි. හැම තැනම මම ආසම පාට බැලුම් එල්ලලා decorate කරලා. බිත්තියෙ ලොකුවට happy birthday කියලා ගහලා තිබ්බා වගේම ඒ ලගම පොඩි table එකක චොකලට් කේක් එකක් එක්ක එක එක sweets තිබුනා.

” ඇති නැද්ද වටපිට බැලුවා…ම්ම්ම්ම්.”

තේව් මගෙ ලගට ඇවිත් මාව තුරුලට අරන් එහෙම අහනවත් එක්කම මෙච්චර වෙලාම හිර කරගෙන හිටිය කදුලු බෝල දෙකක් මගෙ කම්මුල් දිගේ ගලාගෙන ගියා. මට දරාගන්න බෑ දෙයියනේ මේ දේවල්…. අද උදේ ඉදලම මේ පුදුම කිරිම් දරාගන්න පුලුවන්කමක් මට තිබුනෙ නෑ. ඒකමයි මම තේව්ගෙ පපුවට වෙලා ඇති වෙනකම් ඇඩුවෙ. මම දැක්කා හැමෝම හිනා වෙලා මගෙ දිහා බලාගෙන ඉන්නවා.

” අනේහ් තේව් ඇයි මෙච්චර දේවල්….”

මෙච්චර වෙලාම අඩ අඩ හිටපු මම තේව්ගෙන් ඈත් වෙලා නහයත් උඩට ඇද ඇදම එහෙම අහද්දි තේව් හිනා වෙලා බැලුවෙ රනිශ්ක මල්ලි දිහා.

” මේ වැඩේ නම් මගෙ නෙවෙයි සුදු මැණික. මෙන්න මේ රනිශ්කයාගෙයි, අපෙ නංගිගෙයි තමා. උන්ට තමා ඕනෙ උනෙ උබට surprise එකක් දෙන්න. ඊයෙ රෑ අපිත් එක්ක විතරක් birthday එක සැමරුවා කියලා මටත් බැනලා තමා උන් මේ ලෑස්ති කරේ. ”

තේව් එහෙම කියනවත් එක්කම මම ඇස් දෙකත් ලොකු කරගෙන ඒ දෙන්නා දිහා බලද්දි උන් දෙන්නා ඉන්නවා අපි නම් මුකුත් දන්නෑ වගෙ හිනා වෙලා බලාගෙන. මට දැනුනෙ මගෙ වටේ ඉන්න හැමෝම ගැනම ලොකු ආදරයක් වගේම ගෞරවයක්… මෙයාලා මට මේ දෙන ආදරේ මට දරාගන්න බෑ දෙයියනේ…

” ආ මේ අයියා බබෝ තවත් අඩන්න නම් ලෑස්ති වෙන්න එපා ඇ…. ඇති දැන් ඔය හොටු පෙරුවා ඇවිත් මේ කේක් එක කපනවකො හලෝ…”

තේව්ගෙ තුරුලට වෙලා අඩන ගමන් හ්ටපු මගෙ ලගට ආපු රනිශ්ක මල්ලි එහෙම කියලා මාවත් ඇදගෙනම ඇදගෙනම කේක් එක ලගට ගියා. ඒක උඩින් එක එක චොකලට් වර්ග තියලා decorate කරපු ලස්සන කේක් එකක් අනේව්.. ආස හිතෙනවා.

” Happy Birthday to you…
Happy birthday to you…
Happy birthday dear aayu…
Happy birthday to you…”

.

හැමෝට birthday song එක කිව්වට පස්සෙ wish එකක් හිතලා ඉටි පන්දම් නිවලා කේක් එක කපපු මම හැමෝටම කැව්වා. ලලිතා අම්මා නම් මාව බදාගෙන ගොඩක් වෙලා ඇඩුවෙ මාවත් අඩවලා. මාව මෙච්චර කල් බලාගත්ත අම්මා නොවුන අම්මා මගෙ.

කේක් කපලා,කාලා , තෑගි එහෙමත් දීලා අන්තිමට අපි ලෑස්ති උනේ lunch එක ගන්න. තේව් හැමෝටම chicken rice එක්ක coke order කරේ හැමෝම ඒවට කැමතී කිව්ව නිසා. ලලිතා අම්මයි වෙනම table එකක වාඩි වෙලා ඒ දෙන්නා වෙනම කතාවක ඉද්දි අනිත් සෙට් එක වෙනම වාඩි උනා. නංගි clz ඉවර වෙලා එහෙමම මෙතනට ඇවිත් තිබුනා වගේම ලලිතා අම්මවයි අම්මවයි රනිශ්ක මල්ලි එක්කන් ඇවිත් තිබුනා. ඒක තමා අම්මා අපිත් එක්ක එන්න බෑ කිව්වෙ. තාත්තට නම් වැඩ නිසා එන්න බැරි වෙලා. තේව් තමා ඒ විස්තරේ කිව්වෙ මට.

Order එකත් ආපු නිසා අපි හැමෝම කියව කියව හිනා වෙවී කන්න පටන් ගත්තෙ ලොකු සතුටකින්. ඒ වගේම මෙතනට ආපු වෙලාවෙ ඉදලා නෝට් උන දෙයක් තමයි අපෙ රනිශ්ක මල්ලිගෙ ඇස් ඉදුවර මල්ලිගෙ පස්සෙන්ම යනවා… ම්ම්ම්ම් something something à·€gay. හැබැයි ඉදුවරට නම් ඒක ගානක් නෑ ඌ අනිත් උන් එක්ක කියව කියව ඉන්නවා. ඒකා තාම පොඩි එකා වගේ.තේව්ලට වැඩිය අවුරුදු දෙක තුනක් වැඩිමල් උනාට ඇග පතින් වගේම හැසිරීමෙනුත් පොඩි එකෙක් වගෙ අලේව්. à·„à·“ à·„à·“ අපි බලමුකෝ ඉස්සරහට මොනා වෙයිද කියලා. අපිත් ඉන්නෙ මෙහෙ නෙ හුහ්..

රනිශ්ක නිර්වාන් දිසානායක.
අවුරුදු 20

ඉඳුවර ඩිල්මින් කල්පගේ
අවුරුදු 25

කාලා බීලා ඉවර උන අපි අන්තිමට ice cream එහෙමත් කාලා සිංදු කියලා dance කරේ හැමෝගෙම කැමැත්ත මත. කොච්චර පස්ස ගහන්න හැදුවත් අන්තිමට මටත් dance කරලා තමා නවතින්න උනේ…

__________________________________________________

එදා දවසම ඒ විදිහට ගෙව්ව අපි ගෙවල් වලට යනකොට හවස පහත් පහු වෙලා තිබුනා. එතනින් පිටත් වෙන වෙලාවෙ හැමෝටම party එකට thank කරන්න ගිය මට අන්තිමට ගුටි කාලා තමා ගෙදර එන්න උනෙ අලේ. ඔව් ඔව් අර රනිශ්ක කියන බූරු පැටියා පිට හරහට පාරක් ගැහුවා කෙල්ලනේ මේ අහිංසකයට. ඌට ඉදුවර මල්ලිට ලයින් දාන්න හොදයි à·„à·Šà·„à·Š….

අවුරුදු ගානකට පස්සෙ හරිම සතුටින් birthday එකක් සමරපු මම හිටියෙ දරාගන්න බැරි සතුටකින්.. අම්මලා ආව විදිහටම රනිශ්ක මල්ලිත් එක්ක වාහනේ ගෙදර යනවා කිව්ව නිසා බයික් එකේ තේව්ට හොදට තුරුල් වෙලා අද දවස ගැන කල්පනා කරන ගමන් හිටිය මම තේව්ගෙ පිටට හාදුවක් තියලා තවත් හොදට තුරුල් උනේ මේ හැම සතුටක්ම මේ මගෙ මහත්තයා නිසා මට ලැබුන දේවල් නිසා. මගෙ සතුට අරන් ආපු සුර දූතයා තමා ඉතින් මේ.. මගෙ පණ…. මගෙ ආදරේ… මගෙ මහත්තයා…. මගෙ ජීවිතේ වටිනම වස්තුව…..

“ආදරෙයි මගෙ මහත්තයෝ…..”

_____________________________________________

*හායි ලමයිනේ….මම ආවෝ ……

* රනිශ්ක මල්ලිටත් මල්සරා විදලා වගේ නේත… අපි නම් දන්නෑ ඉතින් ඕවා…

* ඉස්සරහට මොනා වෙයිද ඉතින්…

ආ මේ ආයු බබා කිව්වා අපෙ රීඩර් බබාලා ටිකකට රන්ඩු වෙන්නෙ නැතුව බෙදාගෙන කන්න කියලා. ආයු කිව්වා අපෙ රීඩර් බබාලා ටිකට ඔය කෑල්ල හොදටම ඇති කියලා. ඒක නිසා පොඩ්ඩ පොඩ්ඩ රන්ඩු වෙන්නෙ නැතුව කාලා යන්න හොදේ….

*ඇත්තටම ඔයාලගෙ votes comments දකිනකොට මාරම සතුටක් දැනෙන්නෙ ලමයිනේ. කොච්චර කතාව ලියන්න බෑ කියලා හිතුනත් ඒ දේවල් නිසාම කතාව ලියන්න ලොකු motivation එකක් ලැබෙනවා. මාත් එක්ක මගෙ කතාවත් එක්ක ඉන්න හැමෝටම ස්තූතියි… ඒ වගේම මම ඔයාලා හැමෝටම ආදරෙයි කෙල්ලනෙ…. දිගටම මාත් එක්ක ඉන්න…🥺❤️

*ඉක්මනට ඊලගට කොටසින් මුණ ගැහෙමු……

❤️💚

Nethu

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 29, novel À¶†À¶ºà·” (Completed) Âœ” 29, read À¶†À¶ºà·” (Completed) Âœ” 29 online, À¶†À¶ºà·” (Completed) Âœ” 29 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 29 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 29 light novel, ,

Comment

Leave a Reply

Chapter 29