À¶†À¶ºà·” (Completed) Âœ” 30

A+ A-

මාසයක්… ම්ම්ම් ඔව් මාසයක්. එදා මගෙ birthday එකට පස්සෙ මාසයක් ගෙවිලා ගියෙ හරිම වේගෙන්. කියන්න තරම් විශේෂ දෙයක් තිබුනෙ නැතත් මේ මාසෙ පුරාවටම තේව් මම පුලුවන් තරම් ආදරෙන් කාලෙ ගෙවුවා. කොච්චර busy උනත් පුලුවන් හැම වෙලාවෙම අපි අපි වෙනුවෙන් කාලය වෙන් කරගත්තා. ඒ වගේම ආදරේ උපරිමයට ගිය වෙලාවක එයාගෙ ඇගට යට වෙලා ආදරේ විදගන්නත් අමතක කරේ නෑ. මේ විදිහට තමා මේ මුලු මාසෙම ගෙවිලා ගියෙ. සතියකට විතර කලින් ඉදලා පොඩි අවුලකින් හිටියත් මම ඒවා අමතක කරලා දාලා හිටියෙ හරි සතුටින්.

මේ විදිහට සැනසීමෙන් හිටපු මගෙ සතුට නැති වෙලා ගියෙ ඊයෙ රෑ ආපු කෝල් එකක් නිසා.. හ්ම්ම් හෙට රෑට තාත්තා ආයෙ ලංකාවට එනවලූ. තාත්තගෙ සෙක්ට්‍රි උන Mr. Silva කෝල් කරලා ඒ පණිවිඩේ කියනවත් එක්කම මට දැනුනෙ ලොකුම  ලොකු කුනාටුවක් අත ලගම එනවා කියන එක විතරයි. අනේ මංදා මේ ලෝකෙ ඉන්න එකම ලමයා මම වෙන්න ඇති මන්ගෙම තාත්තා  තමන් ලගට එනවට අකමැති. ඒත් මම දන්නවා මේ පාර තාත්තා එන්නෙ මාව හැම පැත්තෙන්ම හිර කරන්න බලාගෙන කියන එක මම දන්නවා. ඒ මොනා උනත් මම නම් හිතාගෙන ඉන්නෙ එන විදිහට හැම දේටම මූණ දෙනවා කියලා. තේව් උනත් කිව්වෙ එහෙම තමා. අනික මට කවුරු නැතත් තේව් ඉන්නවා නෙ.

ටොක් ටොක්

මෙච්චර වෙලාම මගෙ කැබින් එකට වෙලා ගෙවුන මාසෙක කාලෙ ගැනයි තාත්තා එන එක ගැනයි කල්පනා කරන ගමන් හිටපු මගෙ මනෝ ලෝකෙ කඩාගෙන වැටුනෙ කවුරු හරි කැබින් එකේ දොරට තට්ටු කරපු නිසා.

” come in”

” excuse me sir. මේ සර් ඉල්ලපු ෆයිල් ටික.”

” oh thank you ඉදුවර”

දොර ඇරගෙන මගෙ කැබින් එකට ආපු ඉදුවර එහෙම කියලා  උගෙ අතේ තිබුන ෆයිල් එක මට දුන්නෙ මාත් එයාට හිනා වෙලා ෆයිල් එක මගෙ අතට ගද්දි.  ඉදුවර මගෙ කැබින් එකෙන් එළියට යනවත් එක්කම මම කෝල් එකක්  ගත්තෙ රනිශ්ක මල්ලිට මොකද දවස් දෙක තුනක ඉදලම මගෙ හිතෙ තිබුන ප්‍රශ්නයක් ගැන දැන ගන්න ඕනෙ නිසා. තේව්ටත් මැසෙජ් එකක් දැම්මත් ඒක සීන් නොවෙද්දි මම රනිශ්ක මල්ලිට කෝල් එකක් ගත්තා. වෙලාව එක හමාරයි අනිවාරෙන් කැම්පස් එකේ ඉන්නවා ඇත්තෙ දෙන්නම.

” හෙලො අයියෙ කියන්න.”

” හෙලො මල්ලි. ඔයා වැඩක් ද..”

විනාඩි දෙපාරක් තුන් පාරක් rings ගියාට පස්සෙ එහා පැත්තෙන් රනිශ්ක මල්ලි answer කරද්දි මාත් මෙහෙන් උත්තර දුන්නෙ එයා වැඩක නම් පස්සෙ ගන්නවා කියලා හිතාගෙන.

” නෑ අයියා කියන්න. මොකක්ද වෙන්න ඕනෙ.”

” කොහෙද ඉන්නෙ ඔයා.”

” canteen එකේ.”

” lectures  නැද්ද..”

” අද දවසටම එක lectures එකයි අයියා තිබ්බෙ. ඒකත් උදේ තමා තිබ්බෙ. දැන් මුකුත් නැති නිසා Canteen එකේ ඉන්නෙ. “

රනිශ්ක මල්ලි කියපු දේත් එක්ක මට දැනුනෙ ලොකු දුකක්. කදුලු පාලනය කරගෙනම මම රනිශ්ක මල්ලිත් එක්ක දිගටම කතා කරා.

” මල්ලි තේව් ලග ඉන්නව ද.”

එයාට lectures නෑ කියපු නිසාම මම එහෙම අහද්දි මට ඇහුනා එහා පැත්තෙන් රනිශ්ක මල්ලි ලොකු හුස්මක් ගන්නවා. පොඩි අමුත්තක් දැනුනත් මම මුකුත් හිතන්නෙ නැතුවම එයා උත්තරයක් දෙනකම් බලාගෙන හිටියා.

“  ඔව් ඉන්නවා ඉන්නවා. ඌත් canteen එකේ තේ බොනවා.”

” මේ දවස් වල campus එකේ වැඩ ගොඩක් වැඩී ද මල්ලි..”

හොද හුස්මක් අරගෙන මම රනිශ්ක මල්ලිගෙන් එහෙම ඇහුවෙ පොඩි හේතුවක් ඇතුව.

” ටිකක් වැඩී නම් තමා. ලොකුවටම නෑ ඉතින් වෙනදා වගේම තමා. ඇයි අයියා එහෙම ඇහුවෙ..?”

” නෑ මල්ලි නිකන් ඇහුවෙ. මම පස්සෙ ඔයාට කෝල් එකක් ගන්නම්කො. “

” හරි.. බායි බුදු සරණයි.”

” බුදු සරණයි..”

මට ඕනෙ උනේ තේව් ඇයි මේ දවස් ටිකේම stress එකේ ඉන්නෙ කියන එක දැන ගන්න විතරයි.  ඒකමයි මම රනිශ්ක මල්ලිට කෝල් කරෙත්. අනික මට ඕනි උනේ තේව්ව පොඩ්ඩක් බලාගන්න කියන්න. එයාගෙ ලගින්ම ඉන්න කියන්න. ඒත් රනිශ්ක මල්ලි කියපු දේයක් නිසා මගෙ හිත පෑරුන එක විතරයි උනේ. පහුගිය දවස් ටිකේම අමතක කරනවා කියලා හිතාගෙන හිටපු දේවල් ආයෙත් මතක් උන එක විතරයි ඒකෙන් උනේ.

මම ෆෝන් එක පැත්තකින් තියලා මගෙ seat එකට හේත්තු උනේ මේ වෙන කිසිම දෙයක් පැහැදිලි නැති නිසා. කොච්චර හොදින් කියලා පෙන්නන්න හැදුවත් පහු ගිය දවස් ටිකේම තේව්ගෙ හැසිරීම නිසා මම ඉන්නෙ පොඩ්ඩක් අවුලෙන් කිව්වොත් හරි.  දැන් සතියක විතර ඉදලා තේව් මාව මග අරිනවා වගෙ දැනුනත් මම ඒක ගනන් ගත්තෙ නැත්තෙ කැම්පස් එකේ වැඩ ගොඩක් වැඩි ඇති කියලා හිතලා. මට ඕනෙ උනේ නෑ එයාට කරදර කරන්න. ඒත් දැන් දවස් දෙකකට කලින් උන දෙයක් නිසා මම ඉන්නෙ පොඩ්ඩක් අවුලෙන්.

දින දෙකකට පෙර….

” හෙලො තේව්…”

මේ දවස් ට්කේම හරියට කෝල් මැසෙජ් නොකර හිටපු තේව්ට මම දවල් දෙකට විතර  කෝල් එකක් ගත්තෙ මේ වෙලාවට

අද දවසේ එයාට තියන lectures ඉවරයි කියලා දන්න නිසාමයි. ටිකක් වෙලා rings ගිය කෝල් එක එහා පැත්තෙන් answer  වෙනවත් එක්කම මම හරි සතුටින් තේව්ට කතා කරේ මම එයාගෙ කට හඩ ඊයෙ රෑ ඉදලම අහලා තිබුනෙ නැති නිසා.

” හෙලෝ කවුද මේ..”

මම කොච්චර සතුටින් කෝල් එක answer කරත් එහා පැත්තෙන් ඇහුන ගෑනු කට හඩ නිසා ඒ සතුට නැති වෙලා ගියා වගේ මට දැනුනෙ.

” තේව් ඉන්නව ද..අනික ඔයා කවුද… මොකටද තේව්ගෙ ෆෝන් එක answer කරේ..?”

” නිකේත් නම් නෑ. මම තමා නිකේත්ගෙ gf. නිකේත්ට මොනා හරි පණිවිඩයක් දෙන්න තියනවා නම් කියන්න.”

එහා පැත්තෙන් ඒ කෙල්ල කියපු දේත් එක්ක මට දැනුනෙ මගෙ ඔලුව උඩ අකුණක් පුපුරලා යනවා වගෙ හැගීමක්.. දෙයියනේ ඒ මොකක්ද එයා කිව්වෙ.

“ඒ උනාට…. හෙලෝ.. හෙලෝ..”

ටීක්ක් ටීක්ක් ටීක්ක්

මම තව මුකුත් අහන්න යනවත් එක්කම කෝල් එක කට් වෙලා ගියෙ මට මුකුත් අහගන්න බැරුව යද්දි. ඒ කෙල්ලගෙ කට හඬ අහලා පුරුදුයි වගේ දැනුනත් මට හිතා ගන්න බැරි උනා ඒ කවුද කියන එක. කොච්චර මතක් කරත් මතක් උනේම නැති තරම්.

වර්තමානයට…..

එදා ඒ කෝල් එක ගැන රෑ වෙලා තේව්ගෙන් ඇහුවත් එයා කිව්වෙ කෙල්ලෙක් විහිළුවට එහෙම කියලා තියෙන්නෙ ඒක ගැන ලොකුවට හිතන්න එපා කියන එක වෙද්දි මාත් ඒක ඇත්ත වෙන්න ඇති කියලා හිතුවෙ තේව් මට බොරුවක් නොකරන නිසා. ඒත් මේ දවස් ටිකේම තේව්ගෙ ලොකු වෙනසක් තේරුනත් මම පාඩුවෙ හිටියෙ එයාව තවත් stress කරන්න තිබුන අකමැත්ත නිසා. අනික ඒක ගැන අහපු ගමන් එයා කියන්නෙ කැම්පස් එකේ වැඩ වැඩී නිසා වෙලාවක් නෑ කියන එක වගෙම ඉක්මනට ඒවා ඉවර වෙයි කියලමයි. ඒ කෝල් එක ගැන අමතක කරලා ඉන්න හැදුවත් මේ වෙන දේවල් එක්ක ඒකත් මගෙ ඔලුවට ආවෙ මාව තවත් වට්ටලා.

ඒත් අදත් තේව් මට බොරු කියලා තිබුනෙ මගෙ හිත තව ටිකක් පෑරෙද්දි. මම කලින් තේව්ට මැසෙජ් එකක් දාපු වෙලාවෙ තේව් කිව්වෙ  එයාට අද දවසම lectures  කියලා උනත් දැන් රනිශ්ක මල්ලි කිව්වෙ වෙන දෙයක්. මම  call, මැසෙජ් කරත් එයාගෙන් කිසිම reply එකක් ආවෙ නෑ. මම දන්නෑ තේව් ඇයි මෙහෙම බොරු කියන්නෙ කියලා. මට තේව් ව අවිශ්වාස නෑ ඒත් එයා මෙහෙම බොරු කිය කිය මාව මග අරිද්දි මට රිදෙනවා දෙයියනේ.

“හ්ම්ම්ම්ම්”

මම ලොකු හුස්මක් පහත දාලා ෆෝන් එක අරගෙන කෝල් එකක් ගත්තෙ තේව්ට එයා canteen එකේ ඉන්නවා නම් සමහර විට answer කරයි නෙ.  පළවෙනි කෝල් එක rings ගිහිල්ලා කට් උනේ එහා පැත්තෙන් answer  නොවෙද්දි. මම ආයෙත් call එකක් ගත්තෙ මේක answer කරේ නැත්තම් ආයෙ ගන්නෙ නෑ කියලා හිතාගෙන. ඕනවට වැඩිය කරදර කරන්න බෑනෙ.

” හෙලෝ.”

දෙවනි කෝල් එකෙ දි rings දෙක තුනකට පස්සෙ තේව් කෝල් එක answer කරේ මගෙ හිත සතුටින් පිරිලා යද්දි. 

” හෙලෝ තේව්. මොකද කරන්නෙ.”

” මම lec එකක ඉන්නෙ පස්සෙ ගන්නම්. “

” තේව් අහන්න්…”

” අඩෝ නිකේත් ඔය වඩේ පිගාන මෙහාට එවපන්කො බදාගෙන ඉන්නෙ නැතුව..”

තේව් lecture  එකක ඉන්නෙ කියලා කොල් එක කට් කරන්න ගියත් මට ඇහුනෙ එයාගෙ ලගින් ලමයින්ගෙ සද්ද බද්ද විතරයි. ඒක නිසා මට තේරුනා එයා ඉන්නෙ lecture එකක නෙවෙයි කියන එක. මොකද එච්චර සද්දයක් lecture එකක දි ඇහෙන්න විදිහටක් නෑනෙ. ඒක නිසාම මම ආයෙ කතා කරන්න ගියත් එහා පැත්තෙන් මට ඇහුන දේත් එක්ක එයා කිව්වෙ බොරු කියලා තහවුරු වෙද්දි මම ඉක්මනට  කෝල් එක කට් කරලා මේසෙට ඔලුව ගහ ගත්තෙ මෙච්චර දවස් හිර කරගෙන හිටිය කදුලු බෝල මගෙ කම්මුල් තෙමාගෙන පහලට ගලාගෙන යද්දි.

මට දරාගන්න බෑ දෙයියනේ එයා මෙහෙම බොරු කියද්දි. එක්කො හේතුවක් කියන්න ඕනෙ. ඒත් නැතුව මෙහෙම බොරු කියද්දි. මාව මග අරිද්දි. මට දැනෙන්නෙ මාව පිච්චෙනවා වගෙ හැගීමක්. මම ඉකි ගහල ඇඩුවෙ එයාගෙ මේ වෙනස්කම් දරාගන්න බැරුව.

___________________________________________

තදට පිය වෙලා තිබුන ඇස් ඇරලා රිදෙන ඔලුවත් අල්ලගෙනම වට පිට බලපු මම දැක්කෙ මුලු වට පිටාවම ලා අදුරකින් වැහිලා ගිහිල්ලා තියන විදිහ. ඒත් එක්කම මට තේරුනෙ අඩ අඩ හිටපු මට එහෙමම නින්ද ගිහිල්ලා කියලා. එහෙමම මම wall එකේ තිබුන ලොකු ඔරලෝසුව දිහා බැලුවෙ ඒත් එක්කම මගෙ ඇස් දෙක ලොකු වෙනකොට වෙලාව පහයි හතලිස් පහයි දෙයියනේ ඒ කියන්නෙ මම මෙච්චර වෙලා නිදාගෙන ද.

අඩපු නිසා ද කොහෙද කැරකිල්ල වගෙ ගතියක් එක්ක ඔලුවත් පුපුරන්න තරම් රිදෙන නිසා මම ලාච්චුව ඇරලා painkiller එකක් අරගෙන බීලා දැම්මා. එහෙමම මම ෆෝන් එක අරගෙන බැලුවෙ තේව්ගෙන් මැසෙජ් එකක්වත් ඇවිත් ද කියලා බලන්න. ඒත් එහෙම මැසෙජ් එකක් ආපු සලකුනක්වත් නැති වෙද්දි මම හොද හුස්මක් අරගෙන පුටුවෙන් නැගිට්ටෙ ගෙදර යන්න හිතාගෙන. තේව් රෑට කෝල් කරයි සමහර විට. ගිය දවස් ටිකේම වගේ මම මගෙ හිතම රවට්ටගෙන මම බඩු ටික අස් කරන්න ගත්තා.

මම දන්නවා තේව්ට මෙහෙම කරන්න මොකක්ම හරි හේතුවක් ඇති. එයා මාව රවට්ටන්නෙ නෑ.

මූණත් පොඩ්ඩක් හෝදගෙන එහෙම හිත හිතම මම කැබින් එකෙන් එළියට ආවෙ චෙක් කරන්න තියන ෆයිල් වගේකුත් අරගෙන. මොකද ඉතින් අද වැඩ ටිකවත් හරියට කරගන්න බැරි උනා නෙ.

____________________________________________________

විනාඩි හතලිස් පහකට විතර පස්සෙ මගෙ ගෙදර මිදුලෙන් වාහනේ නවත්තනවත් එක්කම වාහනෙ සද්දෙට ද කොහෙද ලලිතා අම්මා එළියට ආවෙ ලොකු හිනාවක් මූණෙ පුරවගෙන. මම වාහනෙ ගැරජ් එකෙන් දාලා බොරු හිනාවක් මූණට අරගෙන ලලිතා අම්මා ලග්ට ගියෙ මගෙ පොඩි වෙනස්ක් උනත් එයාට තේරෙන නිසා. මම එයාගෙ ලගට යනවත් එක්කම මම දැක්කා එයා මගෙ මූණ දිහා හොදට බලනවා.

“  මොකද දරුවෝ මේ .. මූණත් එක්ක අමුතු වෙලා. ඇස් දෙකත් රතු වෙලා.. අසනීපයක්වත් ද රත්තරනේ..”

” ඔලුව පොඩ්ඩක් රිදෙනවා ලලිතා අම්මේ… ඒක නිසා වෙන්න ඇති.”

මම කිව්වෙ මගෙ පොඩි වෙනස්ක් උනත් එයාට තේරෙනවා. ඒක නිසාම ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන දෙයක්  කියලා ශේප් උනා.

” ගොඩක් මහන්සි වෙනව නෙ දරුවෝ ඒකයි ඔය. යන්නකො සෝදගෙන එන්න මම painkiller දෙකක්වත් අරන් එන්නම්.”

” ඕනෙ නෑ ලලිතා අම්මා. මම බිව්වා.”

මම එහෙම කියලා ඉක්මනට මගෙ කාමරේට ආවෙ එයාගෙ ප්‍රශ්න සෙට් එකට අහු උනොත් මට ගැලවීමක් නෑ කියලා අත් දැකීමෙන් දන්න නිසා.

___________________________________________

මම wash එකක් දාගෙන කීයට හරි  reply කරයිනෙ කියලා හිතලා තේව්ටත් මැසෙජ් එකක් දාලා ආයෙත් පහලට ආවෙ ලලිතා අම්මා මගෙ කුක්කු තේ එක හදලා කියලා කතා කරපු නිසා.

මම යනකොට මේසෙ උඩ චොකලට් කේක් කෑලි දෙක තුනකුත් එක්ක මගෙ කුක්කු තේ එක තිබුන  නිසා මම දුවලා ගිහිල්ලා කේක් කෑල්ලක් එක්ක මග් එක අතට ගත්තෙ ලොකු බඩගින්නක හිටපු නිසා. ඒත් කිරි එකේන් උගුරු දෙක තුනක් බොන කොටම බඩ කලත්තගෙන උගුරට එනවා වගෙ දැනුන නිසා මම ඉක්මනට දුවලා ගියෙ පහල තිබුන bathroom එකට.

” ඔවෑක්…. ඔවෑක්…”

” අනේ මගෙ දරුවෝ මේ මොකද…”

මගෙ සද්දෙ නිසාම ද කොහෙද ලලිතා අම්මත් bathroom එකට ආවා වගේම කොමඩ් එකට නැවිලා වමනේ දාන ගමන් හිටපු මාව දැකලා හොදටම බය උන එයා මගෙ ලගට ඇවිත්  මගෙ පිට අත ගාන්න ගත්තෙ මට සහනයක් දෙන්න වගේ.

” අනෙහ් මට බෑහ් අම්මීහ්… ඔවෑක්.”

මම හිටියෙ වමනේ දාලාම පණ නැතුව වගේ. වමනේ දාලා ඉවර උන මගෙ කට සෝදලා මූනත් පොඩ්ඩක් තෙමලා ලලිතා අම්මා වාරු කරගෙන මගෙ කාමරේට එක්කන් ගිහිල්ලා හාන්සි කරේ ඇස් වල කදුලු පුරවගෙන.

” ඇයි දරුවෝ මේ…”

” මේ දවස් ටිකේම හරියට කෑමක් නැති නිසා වෙන්න ඇති ලලිතා අම්මා. හෙට උදේ වෙනකොට ඇරිලා යයි..”

” එහෙම කියලා බෑනෙ පුතේ. අපි  යමු බෙහෙත් ටිකක් ගන්න.”

” ඕනෙ නෑ අනේ. උදේටත් අඩු උනේ නැත්තම් යමූ හාද..”

” අනෙ මංදා දරුවෝ. මට නම් තේරෙන්නෙ නෑ…ඉන්නකො පොඩ්ඩක්..”

ඇදෙ හාන්සි වෙලා හිටිය මගෙ ඔලුව අත ගාන ගමන් හිටිය ලලිතා අම්මා මම පොඩ්ඩක් යතා තත්වෙට ආවට පස්සෙ බෙහෙත් ගන්න යමු කියලා ඇවිටිලි කරන්න ගත්තෙ එයා කොච්චර කිව්වත් මම  බෙහෙත් ගන්න යන්න අකමැති වෙද්දි. මොකද මම හිතන්නෙ මම මේ දවස් ටිකේම හරියට නොකා හිටපු නිසා තමා මෙහෙම උනේ. උදේ වෙනකොට ඇරිලා යයි. බොරුවට බෙහෙත් ගන්න යන්න ඕනි නෑනෙ.  පුලුවන් තරම් ඒක පැහැදිලි කරලා කිව්වට පස්සෙ මාත් එක්ක කතා කරල වැඩක් නෑ කියලා තේරුන නිසාමද කොහෙද ලලිතා අම්ම මට මෙහෙමම ඉන්න කියන ගමන් පහලට ගියා.

” ආ මේක බීලා ඉන්නකො දරුවෝ…”

විනාඩි ගානකින් ලලිතා අම්ම ආපහු මගෙ කාමරේට ආවෙ අතේ වීදුරුවකුත් තියාගෙන. මම ඒක දිහාම බලාගෙන ඉද්දි එයා ඒක මගෙ පැත්තට දික් කරලා කිව්වෙ ඒක බීලා ඉන්න කියන එක වෙනකොට මුකුත් අහන්නෙ නැතුවම මුනත් අමුතු කරගෙන මම ඒක බීලා දැම්මෙ අනිවාරෙන් ඒක එයාගෙ අත් බෙහෙතක් කියලා අත් දැකීමෙන් දන්න නිසා. අනික මම හිටියෙ හොදටම හෙම්බත් වෙලා.

ලලිතා අම්මා දීපු බෙහෙත් එකත් බීලා ටිකකින් මම ඇස් දෙක පියා ගත්තෙ ඇගට දැනෙන තෙහෙට්ටුව නිසාම ටිකක් නිදාගන්න කියලා හිතාගෙන. ඒත් එක්කම මට දැනුනෙ මගෙ කෙස් අතරින් යන ඇගිලි පහසක්. ඒ ලලිතා අම්මා කියලා තේරුන නිසාම මම තවත් හොද සනීපෙට ගුලි උනේ මෙච්චර දවස් හිතෙ තිබුන හැම දෙයක්ම අමතක කරලා දාලා හොදට නිදාගන්න හිතාගෙන.

_____________________________________________

*අද කොටස ගොඩක් අවුල් ඇති. ඇත්තටම පොඩ්ඩක් ඔලුව අවුල් වෙලා ඉන්නෙඒක නිසා අඩු පාඩු තියනවා නම් සමාවෙන්න

*ම්ම්ම්ම්….. බාල්දි සීසන්….

* තේව්ට මොකක්ද වෙලා ඇත්තෙ..? එයාට මොකක් හරි හේතුවක් තියනවා ඇති ද ආයුව මග අරින්න….

* ඉස්සරහට මොනා වෙයි ද ඉතින්….

* මගෙ කතාව කියවන, vote කරන,comment කරන, හැමෝටම ස්තූතියි.. ඒ වගේම ආදරෙයි…. ❤️💚

*ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 30, novel À¶†À¶ºà·” (Completed) Âœ” 30, read À¶†À¶ºà·” (Completed) Âœ” 30 online, À¶†À¶ºà·” (Completed) Âœ” 30 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 30 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 30 light novel, ,

Comment

Leave a Reply

Chapter 30