À¶†À¶ºà·” (Completed) Âœ” 31

A+ A-

කතාව 10.1k readers, 1.32k votes වෙලා කෙල්ලනේ..  මට මාරම සතුටුයි අප්පා..  සමහර විට මේක ලොකු දෙයක් නොවෙන්න ඇති ඒ උනාට ඇත්තටම මට මේක ලොකු දෙයක්. මෙච්චර පොඩි කාලෙකින් මේ වගේ දෙයක් මම බලාපොරොත්තු උනේම නෑ..

ඔයාලා මේ දෙන ආදරේට ගොඩක් ස්තූතියි ලමයිනේ… දිගටම මාත් එක්ක ඉන්න….

ගොඩක් ආදරෙයි හැමෝටම….. ❤️💚

______________________________________________

සාමාන්‍ය විදිහටම තවත් දවස් දෙකක් ගෙවිලා ගියෙ තේව්ගෙ වෙනස්කම් මැද්දෙමයි. මගෙ කෝල් එකක්වත් answer නොකරපු එයා නිසා මම මානසිකව ගොඩක් වැටිලා හිටියා කිව්වොත් හරි. වැඩක්වත් හරියට කරගන්න බැරි තරමට මම මානසිකව ගොඩක් වැටිලයි හිටියෙ. ඒත් කොහොම හරි එයාගෙ වෙනස්කම් දරාගෙන ඉන්නෙ එයාට මාව මෙහෙම මග අරින්න හේතුවක් ඇති කියලා මම දන්න නිසා.නැත්තම් තේව් කවදාවත් මට මෙහෙම කරන්නෙ නෑ. බැරිම උනොත් තව ටිකක් ඉවසගෙන ඉදලා meet වෙලාම කතා කරනවා. එතකොට හරි නෙ. මග අරින්නත් බෑනෙ එතකොට. අම්මලගෙන් මුකුත් අහන්නත් බෑනෙ ඊට පස්සෙ තව ප්‍රශ්න. එයාලත් අවුල් යනවා නෙ. ඒක නිසාම තව ටිකක් ඉවසගෙන ඉන්නවා. බලමුකො.

ටොක් ටොක් ටොක්…

මෙච්චර වෙලාම තේව් ගැන හිත හිත හිටපු මගෙ මනෝ ලෝකෙ බිදිලා ගියෙ කවුරු හරි මගෙ කාමරේ දොරට තට්ටු කරපු නිසා. වට පිට බලපු මට දකින්න පුලුවන් උනෙ ජනෙල් රෙදි අතරින් කාමරේට ගලාගෙන ආපු ලා අදුරක්. කල්පනාව කොච්චර ද කියනවා නම් රෑ වෙන්න එනවා කියන එකවත් තේරුනෙ නෑ. ඒත් එක්කම මම ලග තිබුන ෆෝන් එක අරගෙන බැලුවෙ වෙලාව කීයද කියලා..ම්ම් හයට දහයයි. අනිවාරෙන්ම ලලිතා අම්මා වෙන්න ඇති. වෙන කවුරු එන්නද මේ වෙලාවෙ.

” එන්න…”

මම එන්න කියනවත් එක්කම  හිනාවකින් මූණ පුරවගෙන දොර ඇරගෙන මතු උනේ ලලිතා අම්මා. එයාගෙ අතේ මගෙ mug එක තිබුනා.

” නින්ද ගියා ද දරුවෝ..”

” ඔව් ලලිතා අම්මා. දැන් ටිකක් වෙලා ඇහැරලා.”

හවස restaurant එකට ගිහිල්ලා ආව ගමන් ඇදට වැටිලා නිදාගත්තෙ ඇගට දැනුන තෙහෙට්ටුව නිසාමයි. ඇත්තටම මම ඇහැරලා පැයක් විතර උනත් නැගිටලා පහලට යන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ මට. ඒකමයි ලලිතා අම්මා එනකම් ඇදට වෙලාම හිටියෙ. මොකද දැන් දවස් දෙකක විතර ඉදලා තියන ඇගට පණ නැති ගතිය නිසාම මම ඉන්නෙ හරි අමාරුවෙන්. හැම වෙලාවෙම නැතත් ඉදලා හිටලා එන ඔලුව කැරකෙන ගතිය එක්ක කලන්තෙ ගතිය නිසා මම මේ දවස් දෙකේම හිටියෙ ජීවිතේම එපා වෙලා වගේ. අනිත් එක තමා මොනා හරි කාපු ගමන් වමනේ යන්න එන එක. හයියූ එපා වෙනෝ…. දැන් ටිකකට කලිනුත් කැරකිල්ල එක්ක වමනේට වගේ ආපු නිසා තමා ඇහැරුනත් ඇදට වෙලාම හිටියෙ. ඇගටත් පණ නෑ වගේ.

” මේක බීලා ඉන්නකෝ…. ආන් ලොකු මහත්තයාත් ඇහුවා ඔයා කෝ කියලා..”

” තාත්තා ආව ද ලලිතා අම්මා. “

” ඔව් ඔව්… ආන් පහළ ඉන්නවා..”

ලලිතා අම්මා කියද්දි මට බර හුස්මක් පිට උනා. ඊයෙ දවල් තිබුන flight එකේ තාත්තා ලංකාවට ආවෙ එහෙ තිබුන ඔක්කොම වැඩ ටික ඉවර කරලා. ගෙදරට එනකොට පාන්දර උනා වගේම උදේ මම නැගිටින්නත් කලින් company  එකට ගිහිල්ලා තිබුන නිසා හරියට මූන බලාගන්නවත් බැරි උනා. මම අද company එකට නැතුව හදිස්සි වැඩක් වැටුන නිසා restaurant එකට ගිය නිසා company එකේ දි දකින්න තිබුන chance එකත් නැති උනා. දැන් ඔය ඇත්තෙ මාත් එක්ක කතා කරන්න වෙන්න ඇති. මේ ටිකේම අමාරු මොකුත් නොබලම වැඩ ටික හරියට කරෙත් තාත්තා එන නිසාමයි. නැත්තම් අසනීපයි, අවුලෙන් හිටියෙ වගෙ නිදහසට කරුණු කියලා හරියන්නෙ නෑ. මගෙ අවසානෙ තමා ඉතින්.

ලලිතා අම්මා මගෙ ඔලුවත් අත ගාගෙනම කාමරෙන් එළියට ගිය නිසා මම හිමින් හිමින් කුක්කු එක බීලා ඉවර කරා. ඇගට පණක් එන්න ඕන නිසා බිව්වට බොන්න බෑ අප්පිරියයි. අසනීප මුකුත් ලලිතා අම්මටවත් නොකියා හිටියෙ එයාව බොරුවට කලබල කරන්න තිබුන අකමැත්ත නිසාමයි. අනික දැන ගත්ත ගමන් බෙහෙත් ගන්න යමු කියනවා නෙ හුහ්. බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෑ අප්පා මට. මම හිතන්නෙ මහන්සි වැඩි නිසා මේ… ඉක්මනට ඇරිලා යයි.

මම කුක්කු එකත් අමාරුවෙන් බීලා ෆෝන් එක අරගෙන තේව්ට මැසෙජ් එකක් දාන්න යද්දි මම දැක්කෙ එයාගෙන් එකම එක මැසෙජ් එකක් ඇවිත් තියනවා කියලා. ම්ම්ම් එක මැසෙජ් එකක්. ඒකෙ තිබුනෙ මම ගෙදර ආවා කියලා විතරයි. එච්චරයි. මේ ගෙවුන දවස් ටිකේම එයාගෙ පුරුදු විදිහ තමා මේක. උදේට gm, රෑට gn එච්චරයි. ඒ අතර මැද පොඩි පොඩි මැසෙජ් දෙක තුනක්. දවල්ට මම ගන්න කෝල් එකක් answer කරලා පොඩ්ඩක් කතා කරනවා එච්චර තමා. කමක් නෑ හැමදේම ඉක්මනටම විසදෙයි නේ.

______________________________

මම wash එකකුත් දාගෙන සැහැල්ලු  ඇදුමකුත් දාගෙන පහළට එද්දි මම දැක්කෙ කෑම මේසෙට වෙලා වාඩි වෙල lap එකේ මොකක්ද වැඩක ඉන්න තාත්තව. මාස දෙකකින් දකින නිසා ද මංදා මට දැනුනෙ තාත්තා තවත් handsome වෙලා වගේ. කොහොමත් එයා මාරම handsome. වයස කියන්නවත් බෑ. මම වගෙ ලොකු පුතෙක් ඉන්නවා කියලා කොහොමත් කියන්න බෑ. මට පුංචි ආසාවක් ආවා මාස දෙකකට පස්සෙ දකින තාත්තව ගිහිල්ලා බදා ගන්න. එයාගෙ තුරුලට වෙලා ටිකක් ඉන්න.  මට අමතක වෙලා ගිය එයාගෙ උණුහුම කොයි වගේ ද කියලා බලන්න. කොච්චර මොනදේ කිව්වත් මම තාමත් තාත්තගෙ ආදරේට හරි ලෝබයි දෙයියනේ. ඒත් මම මගෙ හිතටම සීමා දාගෙන පඩිපෙළ බැහැලා තාත්තා ලගට ගිහිල්ලා හිට ගත්තෙ මගෙ අඩි සද්දෙට ද කොහෙද  තාත්තත් lap එකෙන් ඇස් අරගෙන මගෙ දිහා බලද්දි. එයා ඇස් වලින්ම මට ඉස්සරහා පුටුව පෙන්නුවම මමත් පාඩුවෙ ඒ පුටුවෙන් වාඩි උනේ කිසිම දෙයක් නොකියා. වෙන ලමයින්ට වගේ මට මොනාද ගෙනාවෙ කියලා අහගෙන තාත්තාට තුරුලු වෙන්න අයිතියක් මට නෑනෙ ඉතින්. හ්ම්ම් ආසාවක් තිබුනත් අයිතියක් නෑනෙ මට.

” කොහොමද ඉතින්..”

” හොදයි තාත්තා…”

තාත්තා කන්ණාඩි දෙකත් ගලවලා පුටුවෙ හොදට හරි බරි ගැහිල වාඩි වෙන ගමන් මගෙ ඇස් දිහා බලාගෙනම මගෙන් කොහොමද ඇහුවෙ මාත් ඇහෙන නෑහෙන ගානට එයාට ආපිට උත්තර දෙද්දි.  වරදක් නොකරත් තාත්තා ඉස්සරහා මෙහෙම ඉදගෙන ඉන්න ඉස්සර ඉදලම මම බයයි. එයාගෙ තියන තද ගති ගුණ නිසාමද කොහෙද එහෙම වෙලා තියෙන්නෙ.

” හ්ම්ම් good.. business වල නම් කිසිම අඩු පාඩුවක් නෑ. හොදට වැඩ ටික කරගෙන ගිහිල්ලා තියනවා. ඒක නම් කොහොමත් මම දැන ගෙන හිටියා ඒකමයි බය නැතුව දීලා ගියෙත්. ඒත් මම හිතුවටත් වැඩිය හොදට වැඩ ටික කරගෙන ගිහිල්ලා තියනවා.”

කටහඬ පොඩ්ඩක් බාල කරලා තාත්තා එහෙම කියද්දි මට දැනුනෙ ලොකු සතුටක්. මෙහෙම හරි තාත්තාගෙන් හොදක් අහන්න තියනවා කියන්නෙ ඉතින් කොච්චර සතුටක් ද. ආපු සතුටටම මම මූණෙ හිනාවක් පුරවගෙන තාත්තා දිහා බලද්දි මම දැක්කා එයාගෙ ඇස් ගැස්සෙනවා. අනෙ මංදා ඇයි කියලා. සමහර විට අම්මව මතක් උනා ද දන්නෑ. ලලිතා අම්මත් කියනවා මම තනිකරම අම්මා වගේ කියලා. අම්මගෙ හිනාව නම් එහෙමම මට ඇවිත් කියලා තමා එයා කියන්නෙ.

” හ්ම්ම් තව වැදගත් දෙයක් කියන්න තියනවා..”

” මොකක්ද තාත්තා…”

තාත්තා ආයෙත් සීරියස් කටහඬකින් දෙයක් කියන්න තියනවා කියද්දි මමත් ඉක්මනට එයාගෙ මූණ දිහා බැලුවෙ එයාට කියන්න තියෙන්නෙ මොනාද කියලා දැන ගන්න. ඒත් එයා ඊළගට කියපු දෙයින් මගෙ ඔලුව උඩ අකුණක් පිපුරුනා හා සමාන හැගීමක් මට දැනුනෙ.. ඉදගෙන හිටපු පුටුවත් පෙරලගෙන මම නැගිට්ටෙ කොහොමද කියලවත් මට හිතාගන්න බැරි උනා  .

” තමුන් US යන්න ලෑස්ති වෙන්න ඕනෙ.. එහෙ තියන business බලාගෙන එහෙට වෙලා ඉන්න. මෙහෙ ආය එන්න ඕනෙ නෑ.”

දෙයියනේ මේ මොකක්ද වෙන්න යන්නෙ. මම කොහොමද තේව් නැතුව ඉන්නෙ. තාත්තා හදන්නෙ මට තියන එකම සැනසීමත් නැති කරලා දාන්න ද දෙයියෙනේ… ඒක තමා මෙච්චර කල් තාත්තා සද්ද නැතුව හිටියෙ. මට දැනුනෙ මගෙ මුළු ඇගම වෙව්ලනවා වගේ. කකුල් දෙකත් එක්ක පණ නෑ වගේ.

” ඒත් තාත්තේ. මම ලංකාවෙ business ටික බලාගෙන ඉන්නම්. මට පුලුවන් මෙහෙ  business ටික බලාගෙන ඉන්න.”

තිබුන අසරණකමටත් එක්කම ඇස් වලට කදුලු පිරෙද්දි අමාරුවෙන් කදුලු පාලනය කරගෙන මම තාත්තට එහෙම කිව්වෙ වෙන කිසිම දෙයක් කරන්න හිතාගන්න බැරි උන නිසා. ඒත් තාත්තා කිසිම හැගීමක් නැති මූණේන් මගෙ දිහා බලාගෙන හිටියා විතරයි..

” නෑ තමුන් යන්නම ඕනෙ. ඒක තමා මගෙ අන්තිම තීරණය. මෙහෙ business ටික මම බලාගන්නම්.”

” මට එහෙ යන්න බෑ…”

දරාගන්න බැරිම තැන මම හිමීට උනත් තදින් එහෙම කියද්දි මම දැක්කා තාත්තගෙ මූණ කෙන්තියටම ද කොහෙද රතු වෙනවා. නෑ මම එයාට බය නෑ. මම දන්නවා එයා හදන්නෙ මාව තේව්ගෙන් ඈත් කරන්න. නැත්තම් මොකටද එක පාරටම මාව රට යවන්න් හදන්නෙ.

” ඇයි උබට යන්න බැරි ආ. මෙහෙ ඉදලා අර හිගන්නත් එක්ක මගුල් නටන්න ද උබට ඕනෙ. නටන්න ලෑස්ති වෙන්න එපා ආයු. උබ මම නැති දවස් ටිකේ නටපු නාඩගම් මම දන්නෑ කියලද උබ හිතාගෙන ඉන්නෙ ආ. මගෙ ඉවසීමෙ සීමාව පන්නන්න ලෑස්ති වෙන්න එපා. උබ යන්නම ඕනෙ. මැරුන් නොකා ලෑස්ති වෙයන් ලබන සතියෙ US යන්න. නොකිව්වයි කියන්න එපා.”

තාත්තා මේසෙටත් පාරක් ගහලා කෑ ගහද්දි මාව බයටම ගැස්සිලා ගියා. මම හිතුවා හරි එයාට ඕනෙ මාව තේව්ගෙන් ඈත් කරන්න. එයා ඉන්නෙ හොදටම කේන්තියෙන්. ඒත් මට බෑ හැමදාම එයා කියන කියන දේ කරන්න. මේ පාර මේ දේ කරොත් මම දන්නවා මට තියන එකම සැනසීමත් නැති වෙලා යනවා.

” බෑ මම යන්නෙ නෑ. ඔයාට බෑ මට මෙහෙම කරන්න. මට යන්න බෑ.. බෑ.. බෑ.. බෑ.. දෙයියෙනේ බෑ…”

මම තිබුන ආවේගයටත් එක්කම කෑ ගහලා එහෙම කියද්දි මම දැක්කා තාත්තා උපරිම තරහා පාලනය කරගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා.

” හරි එහෙනම් තමුන්ට යන්න බැරි නම් අර හිගන්නත් එක්ක තියන සම්බන්දෙ නතර කරපන්. එතකොට උබට මෙහෙට වෙලා ඉන්න පුලුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. “

මට බෑ දෙයියනේ. මම කොහොමද එහෙම කරන්නෙ. මට දැනෙන්නෙ මගෙ මුළු ලෝකෙම එකම තැන නතර වෙලා වගේ. ඇයි මටම මෙහෙම වෙන්නෙ. තාත්තා කියන විදිහට තේව්ව අත ඇරලා මම ජීවිත් වෙන්නෙ කොහොමද.. මට ඉබේම බිම ඉන්ද උනේ මගෙ කකුල් දෙකටත් දරා ගන්න බැරිම තැන ද කොහෙදෝ. මට දරාගන්න බැරිම උනේ තාත්තා තේව්ට හිගන්නා කියලා බනිද්දි. කොහොමද දෙයියෙනේ මේවා අහගෙන ඉන්නෙ.

” මට තේව් නැතුව ජීවිත් වෙන්න බෑ. අනේ ප්ලීස් තාත්තේ තේරුම් ගන්නකෝ. අනේ මෙහෙම කරන්න එපා දෙයියනේ… අනෙ ප්ලීස් තාත්තේ.. ඇයි මට මෙහෙම කරන්නෙ.”

බිම ඉදගෙනම අඩ අඩ කියවගෙන ගියපු මට දැනුනා තාත්තා මගෙ ලගට ඇවිදගෙන එනවා කියලා. ඒත් මම අඩ අඩම බිම ඉදගෙන හිටියෙ මේ දවස් ටිකේම උන දේවලුයි, තිබ්බ අසනීප ගතියයි නිසා ඇගට පණක් නෑ කියලා දැනුන නිසා. ඒත් මගෙ ලගට ආපු තාත්තා මාව කුණු මාලු කෑල්ලක් වගෙ මගෙ වැලමිට ලගින් උස්සලා ගත්තෙ ඇගට කිසිම පණක් නැතුව හිටිය මමත් නිකන්ම ඇදිලා යනකොට. මම දැක්කා ලලිතා අම්මත් පැත්තක ඉදලා අඩන ගමන් මගෙ දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවා.

” මොකක්ද යකෝ උබ කියන්නෙ ආ.. උබට ඕනෙ මම මෙච්චර කාලයක් රැකගත්ත මගෙ නම්බුව නැති කරලා දාන්න ද..මිනිස්සු හිනා වෙයි යකො මට… උබට මම කියන් දේ තේරෙන්නෙ නැද්ද.. මොනවද ඔච්චරටම ඌ ලග තියෙන්නෙ ආ. උබ මැරීගෙන ඌ මත්තෙ නහින්න තරම්. උබ කොච්චර ආසාවෙන් ද හිටියෙ US යන්න ඒකත් අත ඇරලා ඌ මත්තෙ නැහෙන්න තරම් ඌ උබට මොනාද යකො කරේ. කතා කරපන් ඉතින්…මිනිස්සු හිනා වෙයි යකො මට.. කොහෙවත් යන හිගන්නෙක් එක්ක මගෙ පුතා සම්බන්ධකමක් තියනවා කියලා දැන ගත්තොත් මිනිස්සු හිනා වෙයි මට. උබට ඕනෙ ඒක ද. කොහෙවත් යන කාලකන්නියෙක් එක්ක යාලු වෙලා මගෙ නම නැති කරලා දාන්න ද ඕනෙ උබට.”

” ඇතී… හොදටම ඇති…”

මාව හොලවන ගමන් තාත්තා කෑගහද්දි  මෙච්චර වෙලාම දරාගෙන හිටපු මගෙ දරා ගැනීමෙ සීමාව ඉවර වෙලාම ගියා. ඒක නිසාම මම ලග තිබුන වීදුරු මල් පෝච්චියක් පොලවෙ ගහලා ගෙදර හෙල්ලිලා යන්න තරම් කෑ ගැහුවේ තාත්තා මගෙ දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉද්දි. හ්හ් පුදුම ඇති එයා කවදාවත්  හිතන්න නැතුව ඇති මම මෙහෙම හැසිරෙයි කියලා. ඒත් කොහොමද මම ඉවසගෙන ඉන්නෙ තවත් මම ආදරේ කරන කෙනාට මෙහෙම කතා කරද්දි. හැමදේකටම දරා ගන්න පුලුවන් සීමාවක් තියෙන්න ඕනෙ. මෙච්චර දවස් හැමදේකින්ම හෙම්බත් වෙලා දරාගැනීමෙ අවසානම අඩියෙ හිටපු මගෙ ඉවසීමේ සීමාව පැන්නා. මෙච්චර වෙලාම ඇගෙ අමාරුවටයි හිතේ අමාරුවටයි ශක්තියක් නැතුව තිබුන මට ඒක නිසාම වෙන්න ඇති කොහෙවත් නැති ශක්තියක් ආවෙ.

“ඒ කොල්ලා මට මොනාද දුන්නෙ කියලා ඇහුවා නේද. ඒ කොල්ලා දුන්නා මට ආදරේ. මෙච්චර කල් ඔය කෑ ගහන කාගෙන්වත් නොලැබුන ආදරේ දුන්නා. ශක්තියක් ඕනෙ වෙලා තිබුන මට ශක්තියක් උනා. වැටෙන හැම තැනකදිම මාව අල්ල ගත්තා. à·„à·Šà·„à·Š ඔයා නැති දවස් ටිකේ මම කරේ මොනාද කියලා දන්නවා කිව්වා නේද. එතකොට ඔයා දන්නෙ නැද්ද මම Hospital හිටියා කියලා. එතකොට මම ගැන හොයන්න ඕනෙ කියලා හිතුනෙ නැද්ද . අඩුම තරමේ එක කෝල් එකක්වත් දීලා අහන්න. වැඩක්වත් කර ගන්න බැරුව හිටිය මගෙ හැමදේම කරේ ඔයා ඔය කියන කාලකන්නි කොල්ලා තමා දෙයියෙනේ. ඌ නැත්තම් ඔයා දෙන පීඩනේ නිසාම මම මැරිච්ච තැන් වල ගසුත් පැලවෙන්න තිබුනා.

ඌ නෙවෙයි තාත්තේ කාලකන්නියා ඌ නෙවෙයි. මේ මමයි කාලකන්නියා. තාත්තෙක් ඉදලත් තාත්තගෙ ආදරේ කොයි වගේ ද කියලා දන්නෙ නැති මමයි කාලකන්නියා. මේ හිරකාර ජීවිතේ ගෙවන මමයි කාලකන්නියා. ඔයාට අඩුම තරමෙ මගෙ උපන් දිනේවත් මතක තිබුන ද ආ. අම්මා නැති උන දවසේ ඉදලා ඔයාට මම ගැන හොයන්නවත් වෙලාවක් තිබුන ද. අසනීපයක් උනාම මගෙ ලගට ඇවිල්ලා ඔලුව අත ගාන්නවත් ඔයාට වෙලාවක් තිබුන ද. අඩුම තරමේ ටොෆියක් ගෙනත් දෙන්නවත් ඔයාට මතක තිබුනද. කොච්චර සල්ලි තිබුනත් හැමදාම ඔයා මොනා හරි ගෙනත් දෙයි කියලා අදටත් මම බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නව ද. ඔයා දන්නව ද මම කොච්චර බලාගෙන ඉදලා තියනව ද කියලා ඔයා මගෙ ලගට ඇවිල්ලා මාව තුරුල් කර ගනී, ආදරෙන් හාදුවක් තියයි කියලා.

ඔව් මම ආසාවෙන් හිටිය තමා US යන්න ඒ මීට අවුරුද්දකට කලින්. ඒත් දැන් මට ඒ කිසිම දේකින් වැඩක් නෑ. ඔයා ඇහුවා නේද  එයාව එච්චර වටින්න තරම් මට මොනාද දුන්නෙ කියලා. ඔයාලා කාගෙන්වත් නොලැබුන ආදරේ සෙනෙහස සතුට ඒ හැමදේම ඒ කොල්ල්ගෙන් මට ලැබුනා. ඔයාට මාව අමතක වෙලා ගියාට ඒ කොල්ලා හැමවෙලාවෙම මගෙ තාත්තා වගෙ මම ගැන හොයලා බැලුවා. මට නැති වෙලා ගිය මාවම හොයලා දුන්නෙ ඒ කොල්ලා. ඔයාට අමතක උන මාව මතක තිබුන එකම කෙනා එයා. වෙන මොනාද තාත්තෙ ඕනෙ. මාව අමතක කරලා බිස්නස් ජීවිතේ කරගෙන ඉන්න ඔයාට වැඩිය ඒ කොල්ලා මට ආදරෙයි. ඔයාගෙ ඔය කියන නම්බුවට වැඩිය මට මගෙ ආදරේ වටින්…ව්…à·„à·Š…..

“ආයූහ්…..”

” අනේ දරුවෝ….”

අවුරුදු ගානක්ම හිතේ හිර කරගෙන හිටිය පීඩනය  එළියට දාන ගමන් හිටිය මට  මෙච්චර වෙලාම අල්ලගෙන හිටිය මුලු ඇගේම ශක්තිය නැති වෙලා යනවත් එක්කම එක පාරටම වටේම කලුවර වෙලා යනවා දැනුනා. ඒත් එක්කම මට ඇහුනෙ තාත්තගෙ වගේම ලලිතා අම්මගෙ කලබල උන කටහඩවල්. මගෙ සිහිය මගෙන් ඈතට යන්න කලින් අන්තිමට මට දැනුනා මාව ශක්තිමත් අත් දෙකකින් හරි තදට අල්ල ගන්නවා වගෙ…

_____________________________________________________

• ඉතින් කෙල්ලනෙ ප්‍රශ්න ගොඩකට පස්සෙ ගොඩක් කාලෙකින් ආවා ඉතින්….

• ආයුට මොකද උනේ….?

• ඉස්සරහට මොනවා වෙයිද ඉතින්…?

• තේව්ගෙ ප්‍රශ්නෙ ගැන මොකද හිතන්නෙ…?

• මගෙ කතාව කියවන,vote කරන, comment කරන හැමෝටම ස්තූතියි.. ඒ වගේම ආදරෙයි… ❤️💚

• ඉක්මනින් ඊළග කොටසින් මුණ ගැහෙමු…..

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 31, novel À¶†À¶ºà·” (Completed) Âœ” 31, read À¶†À¶ºà·” (Completed) Âœ” 31 online, À¶†À¶ºà·” (Completed) Âœ” 31 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 31 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 31 light novel, ,

Comment

Leave a Reply

Chapter 31