À¶†À¶ºà·” (Completed) Âœ” 49

A+ A-

Comment – 50
Vote- 60

ආයු මහ පාන්දර ඇහැරුනෙ පුරුද්දට වගේ. නිදි ගැට කඩ කඩම අත පත ගාලා බෙඩ් කබඩ් එක උඩ තිබුන ෆෝන් එක අරගෙන බැලුවෙ වෙලාව කීයද කියලා වෙනකොට ෆෝන් එකේ තිරේ පහයි හතලිස් පහයි කියලා සටහන් වෙලා තිබුනා. තාම ඉර එලිය වැටෙන ගමන් නිසා මුළු කාමරේම තිබුනෙ අඩ අදුරෙ.

.

.

.

තඩි ඈනුමකුත් යවපු මම ඇදෙන් නැගිටින්න ගියත් මට ඒක කරගන්න බැරි උනේ මගෙ ඇගම බූවලු අඩු වලට අහු වෙලා තිබුන නිසා. ඇස් දෙක පිහදලා මගෙ දෙපැත්ත බලපු මට දකින්න පුලුවන් උනේ ඒ දඩු අඩු වල අයිතිකාරයො දෙන්නව. දෙන්නගෙම සියලුම අංගෝපාංග මගෙ ඇගේ.මැද ඉන්න මම තැලිලා පොඩිවෙලා හැරෙන්නවත් විදිහක් නෑ. මට ඒක දැකලා ලස්සන හිනාවක් ගියේ මේ අවුරුදු පහටම මට මේක අලුත් අත් දැකීමක් නොවන නිසා.  මේ ගෙවුන අවුරුදු පහම මම උදේට නැගිටින්නෙ මේ විදිහට තමා ඉතින්.

දෙන්නගෙම නළලට හාදුව ගානෙ දීපු මම විනාඩි ගානක්ම දගලලා දගලලා බොහොම  අමාරුවෙන් ඒ දෙන්නට ඇහැරෙන්නෙ නැති වෙන්න ඒ අඩු වලින් ගැලවිලා ඇදෙන් බිමට බැස්සා. නිදාගද්දි එහෙ මෙහෙ උන ඇදුමත් හදාගෙන මම බැලුවෙ මගෙ පපුව දිහා. ගන්න දෙයක් නෑ යකූ. මුලු පපුවෙම කෙල. ඒ මදිවට දත් වැදිලම දම් පාට වෙලා. ඇයි ඉතින් පොඩි එකා විතරක්යැ ඒකේ මුලු රෑම එල්ලිලා ඉන්නෙ. අප්පච්චිත් එකයි අප්පච්චිගෙ දෝණිත් එකයි. ඇදේ සැපට නිදාගෙන ඉන්න දෙන්නා දිහාට බැල්මක් පා කරපු මම දෝණිගෙ එහෙ මෙහෙ වෙලා තිබුන ගවුමත් හදලා   දෙන්නටම ශීට් එකත් පොරවලා ටවල් එකත් අරගෙන කාමරේම තියන බාත් රූම් එකට රිංග ගත්තා.   ශරීර කර්තව්‍යන් ඉවර කලා දත් මැදලා මූණ අත පය පොඩ්ඩක් සෝදගෙන ආයෙත් කාමරේට ආවෙ ඇදුම් අරගෙන යන්න බැරි උන නිසා.

තේව්ගෙ ලොකු ටී ශර්ට් එකකට පොඩි ශෝටක් ඇදගෙන මම කාමරෙන් එළියට ආවෙ හොදට නිදාගෙන ඉන්න ඩබලට කරදරයක් නොවෙන විදිහට. ඔය දෙන්නා දැන් ඇහැරුනොත් මට වැඩක් කරගන්න වෙන්නෙ නෑ. කාමරේ දොරත් වහපු මම බැලුවෙ ඊට එහායින් තියන කාමරේ දොර දිහා. ඒ දොරෙ මැද හරියට වෙන්න ගහලා තිබුන බෝඩ් එක නිසා මගෙ මූණට ආවෙ ලොකු හිනාවක්…

*Do not entry*

අනේ ඉතින් පාට පාට චෝක් වලින් ඇදලා තිබුන ඒ බෝඩ් එක ගනන් නොගෙනම මම ඒ දොර ඇරගෙන කාමරේ ඇතුලට ගියා. මුලු කාමරේම තිබුනෙ පොඩි ලමයෙක් ඇන්දා කියන්න පුලුවන් චිත්‍ර වගේම එක එක සෙල්ලම් බඩු.. කාමරේ වටේටම ඇස් අරගෙන ගියපු මම ඊළගට බැලුවෙ මගෙ මැණික් කැටේ දිහා. තනිකර තද නිල් එක්ක සුදු මිශ්‍ර උන කාමරේ මැදට වෙන්න තිබුන සැප පහසු ඇදේ නිදාගෙන හිටියෙ මගෙ වස්තුව. ටේබල් ලෑම්ප් එක නිසා පස්සත් උඩ දාගෙන හා පැටියෙක් වගෙ දොයියගෙන ඉන්න මගෙ කොල්ලව මට පැහැදිලිව බලාගන්න පුලුවන් උනා. එයාගෙ නින්දට බාදාවක් නොවන විදිහට ලං උන මම ඒ නළලට හාදුවක් තියලා එහේ මෙහෙ වෙලා තිබුන බෙඩ් ශීට් එකත් හැදුවා. ඉව්ව් ඉතින් මගෙ කෝලම චූටි පස්ස ඔක්කොම එළියෙ. මගෙ ස්පර්ශය දැනුන නිසාම ද කොහෙද කොල්ලා පොඩ්ඩක් එහෙට මෙහෙට දැගලුවත් ආයෙත් ලග තිබුන ස්පොන්ජ් බොබ් ප්ලශී එකත් බදාගෙන නින්දට වැටුනා. දැන් එළිය වැටීගෙන එන නිසා ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කරලා මම ඒ කාමරෙන් එළියට ආවෙ තව පාරක් මගෙ වස්තුව දිහා බලලමයි.

  වෙලාවක හොම්බ කට සමතලා වෙනවා පාන්දර ජාමෙට මේ ගේ අස්සෙ ඇවිදින්න ගිහිල්ලා. මේ දවස්වල තියන වැසි ගතිය නිසා උදේ හය උනත් තියෙන්නෙ වෙනදට වැඩිය වැඩි අදුරක්. ලයිට් දාන්න තියන කම්මැලිකමට බිත්ති අත පත ගගාම පහලට බැහැපු මම බැලුවෙ ටීවි රූම් එක ලගම තියන ලලිතා අම්මගෙ කාමරේ දිහා.  ඒකෙත් තාම දොර වහල නිසාම මම ඉක්මනට කුස්සියට රිංග ගත්තෙ උදේ වැඩ ටික ඉවර කරගන්න. වීදුරුවක් අරගෙන සීතල වතුර වීදුරුවක් බීපු මම හාල් ටික අරගෙන සෝදගන්න ගත්තා. කට්ටිය ඇහැරුනාට පස්සෙ තේ හදනවා.
 

‘ පස්සත් දනවා අනේ තේව්ගෙ වැඩ නිසා. ළමයි දෙන්නෙක් හිටියත් මේකගෙ විසේ නම් අඩු වෙන්නෙ නෑ. මේ මිනිහට එක දවසක්වත් පාඩුවෙ ඉන්න බෑනෙ දෙයියනේ… හයියෝ අහිංසක මම පව්…”

කාලෙකට පස්සෙ ලැබුන නිවාඩුව නිසා හැමෝටම පාඩුවෙ නිදාගන්න දීපු මම තේව්ටත් හිතින් බැන බැනම වැඩ ටික පටන් ගත්තා.

හ්ම්ම්ම්.. ඔයාලා විශ්වාස කරනවද  හැම ප්‍රශ්නයක්ම විසදිලා දැන් අවුරුදු පහක් ගෙවිලා ගිහිල්ලා කියලා. දුක් විදපු අපි හැමෝගෙම ජීවත වලට වසන්තය ඇවිල්ලා දැන් අවුරුදු පහක් ගෙවිලා ගිහිල්ලා. ජීවිතේට ආයෙ මට ලැබෙන්නෙ නැති වෙයි කියලා හිතුව තෙව්ගෙ ආදරේ මටයි මගෙ කොල්ලටයි ආයෙත් ලැබෙන්න පටන් අරගෙන අවුරුදු පහක් ගෙවිලා ගිහිල්ලා.

මේ අවුරුදු පහට අපි හැමෝගෙම ජීවත වෙනස් වෙලා. දුක් විදපු හැමෝම අද සතුටුන්. තේව් එයාට මග ඇරුන අවුරුදු හතරට හරියන්න මටයි මගෙ කොල්ලටයි ආදරේ දෙනවා. ඒ දුක් විදපු අතීතේ අමතක වෙලා යන තරමට ආදරේ දුන්නා. අද මම ගොඩක් සතුටු වෙනවා තෙව්ට දෙවනි අවස්තාවක් දුන්න එක ගැන.  මම මේ ලෝකෙ දැකපු ආදරණීයම අප්පච්චි තමා එයා. එයා අපෙ දරුවොන්ට ආදරේ කරන විදිහට මට ලෝබ හිතෙනවා දෙවියනේ. ඒ තරම් ලස්සනයි එයා ආදරේ දෙන විදිහ.  දරුවොන්ට විතරක් නෙවෙයි එයා මටත් අප්පච්චි කෙනෙක් වගේ. යාලු උන මුල් කාලෙ වගේම එයා අදටත් මට අප්පච්චි කෙනෙක් වගේ. තාත්තගෙන් නොලැබුන ආදරේ අදටත් මට ලැබෙන්නෙ මගෙ තේව්ගෙන්. ඒ දුක් විදපු අවුරුදු හතරට හරියන්න මම අද සතුටින් ජීවත් වෙනවා. ඇත්තම කිව්වොත් මම දැන් ගෙවන්නෙ සැනසීම පිරුන ජීවිතයක්… තේව් තමා මගෙ ජීවිතේ මට ලැබුන වටිනම තෑග්ග.

” අහ් තේව්…”

මෙච්චර වෙලාම අතීතයේ ගිලිලා එළවලු කපන ගමන් හිටපු මම මේ ලෝකෙට ආවෙ මගෙ බද වටේ එතුන අත් දෙකක් නිසා. එක පාරටම උන නිසා පොඩ්ඩක් ගැස්සුනත් මට අදුරගන්න අමාරු උනේ නෑ ඒ කවුද කියන එක.

” Good morning සුදු මැණික….මොනාද ඔච්චරටම  කල්පනා කරන්නෙ ආ. මම ලගට එන එකවත් තේරුනේ නෑ මැටි අලේට…”

පිටිපස්සෙන් මාව තුරුල් කරගත්ත තේව් මගෙ බෙල්ල පුරා තෙත හාදු තියන ගමන් අහද්දි මාව ඇකිලිලා ගියේ එයාගෙ ඒ සීතල තොල් වල පහස දරා ගන්න බැරුව. එයත් එක්ක ජීවිත් වෙන්න පටන් ගෙන අවුරුදු ගානක් ගෙවිලා ගියත් එයාගෙ පහස ඇතුලෙ මට දැනෙන්නෙ එයා මාව මුලින්ම අල්ලනකොට දැනුන හැගීමමයි. කොච්චර එයාගෙ අත් අස්සෙ තැලිලා ගියත් මට තාමත් දැනෙන්නෙ හරි අලුත් හැගීමක්.

” Good morning මහත්තයෝ… විශේෂ මුකුත් නෑ අනේ. මම කල්පනා කරේ මේ ගෙවුන කාලෙ ගැන. “

එයාගෙ අත් අස්සෙ ඉදගෙනම අමාරුවෙන් එයාගෙ පැත්තට හැරුන මම ඒ පපුව මැදට හාදුවක් තියලා කියද්දි එයාගෙ මූණෙ ඇදුනෙ හරි ලස්සන හිනාවක්. මට ඒ හිනාවම ඇති මට ජීවත් වෙන්න.

” හ්ම්ම් එහෙමද.. ඉතින් අද මොකද කරන්නෙ අපි. කොහෙ හරි යමු ද.. “

” අනේ දළදා මාළිගාවට යමුකො තෙව්. ගොඩක් කාලෙකින් යන්න බැරි උනා…”

මට දැන් දවස් ගානක ඉදලා ලොකු ආසාවක් තිබුනා මාළිගාවට ගිහිල්ලා එන්න. ඇත්තටම අපේ කාර්‍යබහුල ජීවිතේ මේ වගේ නිවාඩුවක් ලැබෙන්නෙ ඉදලා හිටලා කිව්වොත් හරි. අද පෝය  නිසා තමා ඉතින් ඒ අවස්තාව ලැබුනේ. තේව්ට නම් නිවාඩු නෑ ඉතින්. ඒත් එයා අපි නිසාම අද නිවාඩු දැම්මා. තේව් මීට අවුරුදු තුනකට කලින් නුවර hospital එකට මාරුවීම හදාගත්ත නිසා එයාට දැන් වැඩ ගොඩක් වැඩී ඉතින්. අනික මටත් දරුවොන්ගෙ තේව්ගෙ වැඩ නිසා හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නෑ. ගමේ ඉදලා මෙහෙට ආවට පස්සෙ මම ආයෙ ජොබ් එකක් කරේ නෑ. මට ඕනෙ උනේ දරුවොන්ගෙ වැඩ මගෙ අත් දෙකෙන්ම කරන්න. තේව් උනත් ඒ ගැන මුකුත් කිව්වෙ නෑ. ඒක නිසා මම ගෙදර නතර උනා. හැබැයි ප්‍රසිද්ද කම්පැනි එකක online work කරනවා දවසට පැය තුනක් . ඒක නිසා මගෙ අතටත් පොඩි ගානක් එනවා. කොච්චර busy උනත් තේව් අපි තුන් දෙනාට ඕනෙ වෙලාව අඩුවක් නොකර දෙන්න කවදාවත් අමතක කරේ නෑ. එයා කොච්චර බිසී උනත් එයාගෙ ජීවිතේ අංක එක අපි. එයාගෙ ආදරේ කවදාවත් අඩු උනේ නෑ. අපි තුන් දෙනාට විතරක් නෙවෙයි ලලිතා අම්මට පවා තේව් එයාගෙම අම්මට වගේ ආදරේ කරා.

” ඉව්ව් කෝලම. වෙලාවකට උඹ පොඩි උන් දෙන්නටත් වැඩිය කෝලමක් බං…”

මම මාළිගාවට යමු කියලා තේව් දිහා ඇස් දෙකත් බෝල කරගෙන බලාගෙන හිටිය නිසාම ද කොහෙද තේව් මගෙ නහය මිරිකලා එහෙම කියද්දි මම එයාට රවලා අහක බලා ගත්තා…

” අප්පෝ කොච්චි කරල… යමු යමු ඉතින්.. ගොඩක් දවසකින් ඇවිදින්න ගියෙත් නෑනෙ. දවල්ට එළියෙන් කාලම එමු… ලලිතා අම්මා තාම නිදි ද…”

” ආ ඔව් තේව්. තව ටිකකින් ඇහැරෙයි…”

තේව්ට උත්තර දීපු මම ආයෙ වැඩ පටන් ගන්න ගියත් තේව් එයාගෙ ශක්තිමත් අත් වලින් මාව එයාගෙ ඇගට හිර කරගත්තේ මට හෙලවෙන්නවත් බැරි විදිහට…

තත්පර ගානක්ම මගෙ තොල් දිහා බලාගෙන හිටපු එයා හිමීට මගෙ තොල් වල රස බලන්න හැදුවත් ඒක කර ගන්න බැරි උනේ කුස්සියෙ දොර ලගින් ඇහුන සද්දෙ නිසා.

” අම්මි… අප්පත්තී…”

මම ඉක්මනට තේව්ගෙන් ඈත් වෙලා බැලුවෙ කොන්ඩෙත් අවුල් කරගෙන ටෙඩියෙකුත් තුරුල් කරගෙන කුස්සියෙ දොර ලග හිටගෙන අඩන්න වගේ කට හදන මගෙ කෙල්ල දිහා. ම්ම්ම් මගෙ කෙල්ල. මීට අවුරුදු හතරකට කලින් අපි ලගට ආපු අපෙ වස්තුව. අප්පච්චිගෙ සුරංගනාවී.. අයුලි හෙෂාරා  වීරවර්ධන… කේනුගෙ නම එයාගෙ නම ලගින් යන නිසා තේව්ට ඕනෙ උනේ දෝණිට මගෙ නම ලගින් යන නමක් දාන්න. අන්තිමට ඉතින් එයාගෙ පොරේටම දෝණිගෙ නම අයුලි හෙෂාරා උනා.

අයුලි හෙෂාරා වීරවර්ධන
අවුරුදු 04

තේව්ගෙ තිබුන දැගලිල්ලෙ නිසාම දෝණි මගෙ බඩට එනකොට අපි බැදලා හිටියෙවත් නෑ. අන්තිමට අපිට බදින්න උනෙත් දෝනි බඩේ ඉද්දිමයි. මට හොදට මතකයි මම මාස හතරක බඩකුත් උස්සගෙන නීතියෙනුත් එයාගෙ උන විදිහ. තේව් අම්මාගෙන් ගුටිත් කෑවා හදිස්සි උනා කියලා.   අන්තිමට බබා නිසාම ලොකුවට වෙඩින් එකක් ගත්තෙ නෑ register කරා විතරයි. තෙව්ගෙ පවුලෙ අයයි ලලිතා අම්මයි රනිශ්කයි ඉදුවරයි විතරයි ඉතින් හිටියෙ. ආ අපෙ කේනු බබත් හිටියා..

අයුලි ලැබෙන්න ඉන්නකොට නම් මට කිසිම අඩුපාඩුවක් වෙන්න තේව් ඉඩ තිබ්බෙ නෑ. එයා පුදුම තරම් සතුටු උනා මට ආයෙත් බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තට පස්සෙ. මගෙ බන්ඩිය බදාගෙන පැය ගානක් ඇඩුවා එයා. ඒ වගේම එයාගෙන් වෙන්න ඕනි හැමදෙයක්ම එයා කරා. මුල් මාස ටිකේ අමාරු වෙනකොට මගෙ වමනෙ ටික පවා ඇද්දෙ එයා. මාස නමයම මාව රැක්කෙ ඇහැක් වගේ. දරුවා ලැබුනට පස්සෙත් වෙනසක් තිබුනෙ නෑ. පොඩ්ඩක්වත් මහන්සි වෙන්න නොදී මාව මැණිකක් වගේ පරිස්සම් කරා. එයාට කේනු ලැබෙන්න ඉද්දි මග ඇරුන හැමදේම අයුලි බබා වෙනුන්වෙන් කරා.

” ගුඩ් මෝනිම් අම්මි..”

” ගුඩ් මෝනිම් ප්‍රින්සස්…”

තේව්ගෙ අතේ හිටපු කෙල්ල මගෙ බෙල්ල බදාගෙන කම්මුලකට හාදුවක් දෙන ගමන් ගුඩ් මෝනිම් කියද්දි මාත්  කෙල්ලගෙ කම්මුලක් මිරිකලා කිස් එකක් දීලා ගුඩ් මෝනිම් කිව්වා. මේ කෙල්ලගෙ රූපෙ නම් තනිකරම මගෙයි තේව්ගෙයි එකතුවක්. හැබැයි තේව් නම් කියන්නෙ කෙල්ලට තියෙන්නෙ තනිකරම මගෙ ගති ගුණ කියලා.  තේව් කෙල්ලවත් වඩාගෙන කුස්සියෙන් එළියට ගිය නිසා මම ආයෙත් මගෙ වැඩේට අවදානය දුන්නා.

.

.

.

   පැයක් විතර දගලලා මට උදේ කෑම ටික හදලා ඉවර කරගන්න පුලුවන් උනා. මීට කලින් උයලා ඉවර කරගන්නවා. ඒත් කොහෙද ඉතින් අප්පච්චිලා පුතාලා එක්ක බෑනෙ කරන්න. දෝණි නැගිටලා විනාඩි පහලවක් ගියෙ නෑ කොල්ලත් නැගිටලා පහලට ආවෙ අම්මි කියාගෙන. ඒ තුන් දෙනාම කුස්සියේ වැඩ දෙක කරන්න ගත්ත නිසා තමා මෙච්චර වෙලා ගියෙ.

උදේට කාලා බීලා ඉවර කරපු අපි කට්ටිය ලෑස්ති උනේ මාළිගාවට ගිහිල්ලා එන්න..

” තේව්.. මහත්තයෝ…”

” ඕඕ කියන්න සුදු මැණික…”

මම අපි කට්ටියගෙ සුදු ඇදුම් අයන් කරන ගමන් කැගහලා තේව්ට කතා කරනවත් එක්කම එළියෙ ඉදලා කාමරේ අතුලට ආපු තේව් ඇයි ඇහුවෙ  මාව පැත්තකින් තුරුල් කරගෙන.

” අනේ තේව් දෝණිව සෝදවන්නකෝ. මාත් එක්ක සෝදගන්න ගියොත් ලේසියකට එන්නෙ නෑ. “

” හරි හරි මම දෝණිව සෝදවන්නම්. ඔයත් ඕක ඉවර කරලා ඉක්මනට ලෑස්ති වෙන්නකෝ..”

” හරී… පුතාව මම ලෑස්ති කරන්නම්..”

මගෙ කම්මුලකටත් හාදුවක් තියපු තේව් කාමරෙන් එළියට ගියෙ දෝණිට කතා කරන ගමන්. මම දෝණිව සෝදවන්න ගියා නම් අද අපිට මාළිගාවට නෙවෙයි යන්න වෙන්නෙ. ඇයි අනේ බාත් ටබ් එකේ බැහැගෙන සෙල්ලම් කරනවා. එන්නෙ නෑ ලේසියකට. තේව් එක්ක ගියාම තේව් ඇති කියපු ගමන් එනවා. මම කියන දෙයක් තමා අහන්නෙ නත්තේ ඔය කෙල්ල. කොල්ලා නම් එහෙම නෑ එයා දැන් ඉස්කෝලෙ යනවා නෙ තුන වසරේ ඉන්න නිසා අපි කියන දේවල් හොදට තේරෙනවා. අනික එයාගෙන් කිසිම කරදරයක් නෑ කොහොමත්. එයා හරි නිවුන ළමයෙක්. වගේම අනිත් බබාලට වැඩිය ටිකක් සීතල චරිතයක්. හරියට තේව් වගේම. කෙල්ල නම් පෙර පාසල් යන්නෙ. ඒ උනාට පැහිලා ඉන්නෙ හොදට. තේව් නම් කියන්නෙ මම වගේ කියලා හී හී..

  මොනවා උනත් කේනු පුදුම තරම් ආදරෙයි එයාගෙ පවුලට. කොච්චර පොඩි ලමයෙක් උනත් එයා ලොකු ලමයෙක් වගේ දෝණිට ආදරේ දෙනවා, බලාගන්නවා. මම කේනුගෙන් දකින්නෙ තනිකරම තේව්ව. එයා රූපෙන් විතරක් නෙවෙයි ගති ගුණ වලින් පවා තේව්ම තමා.

.නිකේන් සිතෙව් ආකිල් වීරවර්ධන
අවුරුදු 08

.

.

කොහොම හරි වදෙන් පොරෙන් බබාලා දෙන්නවත් ලෑස්ති කරගෙන අපිට දහය විතර වෙනකොට මාළිගාවට එන්න පුලුවන් උනා. තේව්ට වැඩට යන්න ලේසියට අපි ගත්තෙ ටවුන් එකට ලගින්ම ගෙයක්. ගත්තා කිව්වට ගත්තේ නෑ ඒක තේව්ගෙ තාත්තගෙන් wedding gift එකක්. තට්ටු දෙකට හදපු හරි ලස්සන නිස්කලංක ගෙදරක් ඒක. ටිකක් ලොකුයි හැබැයි. නුවර ටවුන් එකට ලග නිසාම ඒ ගෙදර හරි නිස්කලංකයි. තේව්ගෙ අම්මලාගෙ ගෙවල් වලටත් යන්න එන්න ලගයි.

තේව්ගෙ අම්මලා ඉස්සර වගේම මට ආදරේයි. ඒ ආදරේ කිසිම අඩුවක් නෑ. එයාලා බයේ ඉදලා තියෙන්නෙ තේව්ගෙ කරේ දිනුල්‍යා එල්ලෙයි කියලා. තාත්තගෙත් දැන් කකුල හොදයි. අඩිය ගහලා යනවා. ඒ කිසිම දේකට එයාලා මාත් එක්ක තරහා උනේ නෑ. මම අඩලා එයාලගෙන් සමාව ගත්තත් එයාලා කිව්වෙ ඒ කිසිම දෙයක් මගෙ වැරදි නෙවෙයි කියලා.  දිනුල්‍යා ගැන කියනවා නම් එයා දැන් ඉන්නෙ ඔසීවල ද කොහෙද ලොකු විස්තරයක් දන්නෙ නෑ ඉතින්. මාමයි නැන්දයි එයාව අයින් කරලම දාලා නිසා මුකුත් විස්තර දන්නෙ නෑ. තව තව එයා කරපු වැරදි එළියට ඇවිත් තිබුනා. ඒ මොනාද කියලා තේව් කිව්වෙ නෑ අනේ මට. එයා ගැන අන්තෙටම කලකිරිලා අන්තිමට මාමයි නැන්දයි එයාව පවුලෙන් අයින් කරලම දාලා දැන්.

” අප්පච්චි එනකම් අපි මෙතන ඉමු හරි ද…”

තේව් කාර් එක පාර්ක් කරලා එන්න ගිය නිසා මායි බබලා දෙන්නයි ලලිතා අම්මයි මාළිගාව ඉස්සරහට වෙලා හිටියෙ එයා එනකම්. ඒත් ආපු ක්ශනික අදහසක් නිසා බබාලා දෙන්නව ලලිතා අම්මට පොඩ්ඩක් බලාගන්න කියලා මම ගියෙ ලගම තිබුන ෆාමසි එකට. කේනු දගලන්නෙ නැති නිසා අවුලක් නෑ. ඉක්මනට ඕන කරන දේත් අරගෙන ඒක බෑග් එක ඇතුලට දාගෙන මම ආයෙත් ඉක්මනට ලලිතා අම්මලා ලගට යනකොට තේව්ත් ඇවිල්ලා හිටියා. අද පෝය නිසා ද කොහෙද වෙන දවස්වලට වැඩිය සෙනග..

” කොහෙද ගියෙ… “

” මේ ලගට ගියෙ අනේ. ගෙදර ගිහිල්ලා කියන්නම්…”

තේව් පොඩ්ඩක් තරහෙන් වගේ කොහෙද ගියෙ අහනකොට මම හුරතල් මූණක් දාගෙන ගෙදර ගිහිල්ලා කියන්නම් කිව්වෙ නැත්තම් ඕක දැනගන්නකම් මෙතනින් හෙලවෙන්නෙවත් නැති නිසා. මගෙ හුරතල් මූණට රැවටිලා ද කොහෙද තේව් දොණිව වඩාගෙන ඉස්සරහින් යද්දි මම කේනුයි ලලිතා අම්මයි එක්ක පිටිපස්සෙන් ගියා. ලලිතා අම්මත් දැන් ටිකක් වයසයි. කකුල් කැක්කුම එහෙම වැඩී. ඒ ගෑනු කෙනාව දකිද්දි මගෙ හිතට එන ගෞරවය වෙන කිසිම කෙනෙක් දකිද්දි මගෙ හිතට එන්නෙ නෑ. එයාගෙ මුලු ජීවිතේම කැප කරේ මම වෙනුවෙන්.මට අම්මෙක් නොවී අම්මෙක් උනේ එයා. මම මගේ ජීවිතේ දැක්ක ආදරනීයම ගැහැණු ආත්මෙ තමා ලලිතා අම්මා. එයා නැත්තම් මම මැරුන තැන් වල ගසුත් පැළ වෙලා. ලලිතා අම්ම ගැන  මගෙ හදවතේ තියන හැගීම කිසිම කෙනෙක්ට වෙනස් කරන්න තියා හිතන්නවත් බෑ. කවුරු මගෙ ජීවිතේට ආවා ගියත් එයා ගැන තියන හැගීම වෙනස් වෙන්නෙ නෑ…

.

.

.

මාළිගාව ලගින්ම ගත්ත නෙළුම් මල් පූජා කරලා පහන් පත්තු කරලා කරන්න ඕනි පිලිවෙත් කරපු අපි අන්තිමට මාළිගාවෙන් එළියට එනකොට එකට විතර ඇති. ඇත්තටම එතන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙම නැති තරම්. ඒ තරම් හිතට සැනසීමයි. මාස ගානකට පස්සෙ ආපු නිසා ද මංදා කාටවත් යන්න හදිස්සියක් තිබුනෙත් නැති නිසා අපි හිතේ හැටියට වැද පුදා ගත්තා. බබාලා දෙන්නගෙන් කරදරයක් තිබුනෙත් නෑ. පවුලෙ අයත් එක්ක දළදා මාළිගාව වදින්න එනවා කියන්නෙ ඒක වෙනම හැගීමක්… වචනෙන් විස්තර කරන්න බැරි ලස්සන හැගීමක්.. 

වැව රවුමෙත් ටික වෙලාවක් ඇවිදලා බබාලට බඩගිනි කියපු නිසාම restaurant එකකින් කෑම කාපු අපි කඩචෝරු ටිකකුත් අරගෙන ආවෙ පේරාදෙණිය මල් වත්තට. ලලිතා අම්මා එන්න බෑ කියපු නිසා එයාව ගෙදරට ඇරලවලා තමා ආවෙ. ඉස්සර වගේ මහන්සි වෙන්න බෑනෙ ඉතින් එයාට.

” මෙතනින් ඉදගමු. ඒ දෙන්නා එයි නෙ මහන්සි උනාම…”

පැංචො දෙන්නට හිතේ හැටියට නටන්න දීලා අපි දෙන්නා ගහක් යටට වෙන්න හෙවන තැනකින් බිම ඉදගත්තා. අර දෙන්නා බෝල ගහනවා.

” මේ සුදු මැණික…”

තේව්ගෙ පපුවට හේත්තු වෙලා පැංචො දෙන්නා සෙල්ලම් කරන දිහ බලාගෙන හිටපු මගෙ අවදානය බිදිලා ගියෙ තේව් මගෙ අතින් අල්ලගෙන කතා කරපු නිසා.

” ඇයි තේව්..”

” මොකද හිතෙන්නෙ මැණික..”

” හරිම සැනසීමයි තේව්.. ඔයාලත් එක්ක ගෙවන මේ ජීවිතේ හරිම ලස්සනයි.. මට ලෝබයි තේව්. මට හිතෙනවා මේ කාලෙ අල්ලලා නතර කරගන්න. ඒ තරමට මට ලෝබයි ඔයාලත් එක්ක ඉන්න මේ කාලෙ ගත වෙලා යනවට… මට හිතාගන්න බෑ ඔයාලා නැති ජීවිතයක් ගැන.. ආයෙත් කියනවා තේව් මම හරි ලෝබයි මේ ජීවිතේට..”

” ඔයා හිතනව ද මම හොද අප්පච්චි කෙනෙක් කියලා..ඒ වගේම හොද සැමියෙක් කියලා…”

” මොනව ද තේව් ඔයා මේ අහන්නෙ… මම දැකපු ආදරණීයම අප්පච්චි තමා ඔයා. ඔයා දරුවොන්ට ආදරේ කරන විදිහ හරි ලස්සනයි තේව්.. දරුවෝන්ට විතරක් නෙවෙයි මටත් ඔයාගෙ ආදරේ හරි බරයි…ඇත්ත සමහර වැරදි නිසා අපි කාලයක් දුක් වින්දා. ඒත් ඒ හැමදේකින්ම පාඩමක් ඉගෙන ගෙන අපි අද ලස්සනට ජීවත් වෙන එකම ඇති තේව්. ප්‍රශ්න එයි අපි එකතු වෙලා ඒවට මූණ දෙමු තේව්… ඒ වගේම ඔයා ඔප්පු කරලා ඉවර ඔයා හොද සැමියෙක් වගේම අප්පච්චි කෙනෙක් කියල. “

” හ්ම්ම්ම්..  උබ සතුටින් නම් එච්චරයි සුදු මැණික.. උබයි දරුවෝ දෙන්නයි තමා මගෙ ලෝකෙම.. ඔයාලා නැති ජීවිතයක් ගැන මටත් හිතන්නවත් බෑ සුදු…”

තේව් මගෙ කම්මුලකට හාදුවක් තියලා එහෙම කියද්දි මම පිටිපස්ස හැරිලා එයාගෙ බෙල්ලට හාදුවක් තියලා බැලුවෙ මගෙ කෙල්ලයි කොල්ලයි දිහා. ඒත් එක්කම මගෙ අත මගෙ බඩ උඩ නතර උනේ ඉබේමයි…

මේ ඉන්නෙ මගෙ ජීවිතේ වටිනම වස්තු ටික.. මම හැමදාම ඉල්ලන්නෙ මේ සතුට සැනසීම කවදාවත් අපෙන් ඈත් කරන්න එපා කියලා විතරයි…

______________________________________________

• ඔන්න  ආවා. ඇත්තටම ටිකක් පරක්කු උනා. සමහර අය නම් දන්නවා පරක්කු උනේ ඇයි කියලා. තාම අත හොද නෑ ලමයි.. මේක ටයිප් කරේ හරිම අමාරුවෙන්.. පැය ගානක් ටයිප් කරා මේක.. ඒක නිසා Typing mistake තිබුනොත් සොරි හොද ද…  මම ගැන හොයලා බලපු හැමෝටම ස්තූතියි… ❤️❤️

• අවුරුදු පහක් ගෙවිලා ගිහිල්ලා ඉතින්.. මොකද හිතන්නෙ. පොඩි හින්ට් එකක් දුන්නා.. තේරුනා ද..?

• උඩින්ම පොඩි ගෝල් එකක් දීලා තියනවා ඒක පැන්නොත් අන්තිම කොටස දෙන්නාම්ම්.. 🙈❤️

• මගෙ කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතියි… ඒ වගේම ආදරෙයි… ❤️💚

• අවසාන කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 49, novel À¶†À¶ºà·” (Completed) Âœ” 49, read À¶†À¶ºà·” (Completed) Âœ” 49 online, À¶†À¶ºà·” (Completed) Âœ” 49 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 49 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 49 light novel, ,

Comment

Leave a Reply

Chapter 49