À¶†À¶ºà·” (Completed) Âœ” last chapter

A+ A-

” ඔයාට ඔහොම දෝණිවත් අරගෙන බහින්න පුලුවන් ද සුදු මැණික..”

” පුලුවන් තේව්.. අවුලක් නෑ. ඔයා බෑග් ටික ගන්නකෝ…”

තේව්ට බෑග් ටික ගන්න කියපු මම මගෙ පපුව උඩට වෙලා සනීපෙට නිදාගෙන ඉන්න කෙල්ලවත් අරගෙන හිමීට වාහනෙන් බැස්සා. කොල්ලා නම් කාර් එක නවත්තපු ගමන් බැහැලා දිව්වා ගේ ඇතුලට.

  දවස් ගාඩ්න් එකට ගිය වෙලාවෙ ඉදලා කොල්ලයි කෙල්ලයි කරේ නටන එක. තව පොඩි බබාලා වගේකුත් යාලු කරගෙන සෙල්ලම් කර කර හිටපු මේ ඩබලව අන්තිමට එතනින් එක්කගෙන එන්න අපිට වෙනම මහන්සි වෙන්න උනා. කොහොමින් කොහොම හරි අපි එතනින් එළියට එනකොට හතරත් පහු වෙලා.  කෙල්ල නම් කරේ කාර් එකට නැගපු ගමන් තිබුන මහන්සියටම හොදට පපුව උඩ දොයිය ගත්ත එක.  මොනවා උනත් දෙන්නා ඇති වෙනකම් සෙල්ලම් කරා. මම කෙල්ලවත් පපුවට තුරුල් කරගෙනම ගේ ඇතුලට යන්න ගියෙ මගෙ පිටිපස්සෙන් කාර් එක පාර්ක් කරපු තේව් එනවා ඇස් කොනට පේද්දි.

මටත් මහන්සි අලේ.. දැන් සතියක විතර ඉදලා ටිකක් මහන්සි දැනෙනවා වැඩී. උදේ ඉදලා කාගෙන හිටියට ඇගට දැනෙන්නෙත් ලොකු අපහසුවක්. ඔලුවත් රිදෙනවා අනේ.. ඒ මදිවට කට අප්පිරියයි.. නෙල්ලි ගෙඩ්ඩක්වත් තිබ්බා නම් හප හප ඉන්න තිබුනා.. කොච්චර අපහසු උනත් දෙයක් මතක් වෙලා මගෙ මූණට ආවෙ හරි ආදරණීය හිනාවක්. මම හිතන දේ හරි ගියොත් මම පැළිලා මැරෙයි දෙයියන්නෙ.

” ඔයාලා..? “

එක එක දේවල් ගැන හිත හිත ගේ ඇතුලට අඩිය තියපු මම එක තැන ගල් උනේ සාලෙ සෝෆා එක උඩ ඉදගෙන හිටිය අය දැකලා. මෙයාලා මොකද මෙහෙ.  මගෙ ටකරන් වොයිස් එකේ පිහිටෙන් මෙච්චර වෙලා ටිවී එකේ යන මැච් එකකට ඔලුව ඔබාගෙන හිටපු අයගෙ අවදානෙ අපිට ලැබුනා.. හේ හේ ඒ පිටිසක්වලයෙක් දිහා බලනවා වගේ බලන්න තරම් මගෙ කටහඬ ලස්සනයි ද යකූ..

” ඇයි ඇයි මස්සිනේ ආ.. අපිට එන්න තහනම් ද…? “

මගෙ දිහා පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ බලාගෙන හිටපු එකෙක් සෝෆා එකෙන් නැගිටලා තේව්ගෙ බඩට පාරක් ගහන ගමන් එහෙම අහද්දි  මම දැක්කා මගෙ මහත්තයත් ආපිට ඌට හොද ශොට් එකක් දෙනවා. හොද වැඩේ තුරු සුනකයාට. ඒත් එක්කම ලලිතා අම්මා ඇවිල්ලා දෝණිව මගෙ අතින් ගත්තෙ මට ලොකු සැහැල්ලුවක් දැනෙද්දි. දැන් දෝණි ටිකක් ලොකු නිසා වඩාගෙන ඉන්න අමාරුයි. අනික මේ දවස් වල කොහොමත් මට අමාරු නිසාම දෝණිව වඩාගෙන ඉන්න බෑ ගොඩක් වෙලා.  

” එන්න නම් තහනමක් නෑ රනිශ්ක මහත්තයෝ. අපි මේ බැලුවෙ මොකද කාලෙකින් අපිව මතක් උනේ කියලා. උබලට දැන් ද යකෝ අපි ඉන්නවා කියලා මතක් උනේ. “

” එහෙම මගෙ සුදු මහත්තයාව මට අමතක වෙනව ද කියපන්කො. කාලෙකට පස්සෙ හරි උබලව බලන්න ආපු මටද මයෙ අම්මා උබ ඔහොම කතා කරන්නෙ. වාවන්නෙ නෑ මයෙ දෙයියෝ.. මට උබව අමතක උනේ නෑ සුදූ..එහෙම හිතන්නවත් එපා. උම්මාහ්..”

රනිශ්ක එක පාරටම තේව්ගෙ කරට පැනලා කම්මුලට කිස් එකක් දෙන්න යනවා වගේ ඇක්ට් කරන ගමන් එහෙම කියද්දි තේව් අරකගෙ බෙල්ල වටේ එයාගෙ අත දාගෙන හිර කරගත්තා. ඔව් ඔව් රනිශ්ක මල්ලියි ඉදුවර මල්ලි තමා ඇවිත් හිටියෙ. ඒ වගේම තව අමුත්තෙකුත් ඇවිල්ලා ඉන්නවා. අර ඩබල පොඩි උන් දෙන්නෙක් වගේ රන්ඩු කරන නිසා මම උන් දෙන්නට ඕනෙ දෙයක් කරගන්න කියලා ලං උනේ තාම සොෆා එකට වෙලා අර ගොන් ජෝඩුවගෙ කෝලම් බල බල හිනා වෙන ඉදුවර මල්ලි ලගට.  මේ කොල්ලා නම් තාම හුරතල් අප්පා.

” දැන් ද මල්ලි ආවෙ…? “

” ඔව් අයියේ දැන් ආවෙ. ලලිතා අම්මා කිව්වා ඔයලා එන ගමන් කියලා ඒක නිසා කතා කරෙත් නෑ එනකම් හිටියා..”

මම මල්ලිත් එක්ක කතා කර කරම මල්ලිගෙ නිපල් එකක් උරන පොඩි හොර ගෙඩියා දිහා බැලුවා. ඇස් කරක කරක වට පිට බලන ගමන් එයා ලොකු වැඩක්… ඇති කිරියකුත් නෑ දාගෙන උරනවා. ඔව් ඔව් මෙයා තමා මම කියපු අලුත් අමුත්තා. රනිශ්ක මල්ලිගෙයි ඉදුවර මල්ලිගෙයි මැණික. අපෙ පවුලෙ තුන් වෙනි පොඩ්ඩා. ෂයේල් අවිහාන් දිසානායක.  මීට මාස අටකට විතර කලින් සරෝගසි ක්‍රමයට තමා එයා අපි ලගට ආවෙ. තනිකරම රනිශ්ක මල්ලිගෙ කපාපු පලුව.

ෂයේල් අවිහාන් දිසානායක
මාස 08

” ඕඕ.. සුදු මහත්තයා කෝද ආවේ.. සුදු බෝලෙ ලොකු මාමි බලන්න ආව ද… මයෙ අම්මා.. ඕඕ මගෙ සත්තලන්.. සූද කැටේ…”

” තා.. තා.. ම්ම්… තා..”

මම කෝලම් කර කරම මල්ලි අතේ හිටපු කොල්ලව මගෙ අතට ගත්තා. මෙච්චර වෙලා ඉදුවරගෙ නිපල් එකක් උරවන ගමන් හිටපු කොල්ලා මම අත දික් කරා විතරයි මගෙ පැත්තට හැරිලා එයාගෙ භාෂාවෙන් මොන මොනවදෝ කියවන්න ගත්තා. කොල්ලට මාවයි තේව්වයි හොදට හුරුයි.. මටත් වැඩිය එකතු තේව් එක්ක තමා.. මම කොල්ලව අතට අරගෙන හුරතල් කරන්න බැරි නිසා ඈතින් ඉදගෙන කොල්ලත් එක්ක කතා කර කර හිටියා. එළියට ගිහිල්ලා ආවා විතරයි නේ. විෂබීජ පිටින් කොල්ලව ගන්න බෑ. ඒත් එක්කම අර ගොන් ඩබලත් ඇවිල්ලා අපි ලගින්ම වාඩි උනා. ඉවර ඇති සෙල්ලම් කරලා. පොඩි උන්ට වඩා හපන් මේ දෙන්නා එකතු උනාම.

” මම ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නම්. කොල්ලව වඩාගන්න ඕනී…”

මම එතන හිටපු ඔක්කොලාටම කියලා ඉක්මනට කාමරේට ආවෙ ඇග පත සෝදගෙන යන්න. කොල්ලව වඩාගන්න ඕනෙ අනේ. ඒකගෙ කෝලම් බල බල ඈතින් ඉන්න බෑ අප්පා. මම පඩිපෙල නැගගෙන උඩට යනකොට හම්බ උනේ කේනු බබාවත් එක්ක ලලිතා අම්මව.  එයා නම් වොශ් දාගෙන වගේ. ලලිතා අම්මා උදව් කරන්න ඇති. එයා එහෙම තමා කොහෙ හරි ගිහිල්ලා ආපු ගමන් වොශ් දාන්න ඕනෙ. එයා කැමති නෑ ජරාවට ඉන්න. මම කොල්ලගෙ කොන්ඩෙත් අවුස්සලා කාමරේට ආවා.  කෙල්ල ඇදේ හොදට දොයි.. ලලිතා අම්මා දෝණි වැටෙන්නෙ නැති වෙන්න වටේටම කොට්ට තියලා නිසා බය වෙන්න දෙයක් නෑ. දාඩිය දාලා තිබුනත් කරන්න දෙයක් නෑ ඔහොමම නිදාගන්න දෙන්න ඕනෙ මගින් නින්ද කැඩුනොත් ඉවරයි. ඒක නිසා එයා ඇහැරෙනක්න්ම ඉන්න වෙනවා. කොහොමත් තව ටිකකින් එයා ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නෙ හුහ්.. මම  කෙල්ල දිහත් බලලා ඇදුමකුත් අරගෙන බාත් රූම් එක අස්සට රිංග ගත්තා. විනාඩි විස්සක් විතර අරගෙන හොදට සෝදගත්ත මම ඇදුමත් දාගෙන පහලට එනකොට කට්ටිය බීම බොනවා. ෂයේල් බබා ප්ලේ මැට් එකේ මැද ඉන්නවා හිනා වෙවී අත පය ගස ගස ඒ ලගින්ම  කේනු බබත් ඉන්නව මල්ලි එක්ක කියව කියව. දෙන්නගෙ පුදුම කෝලම් තියෙන්නෙ. කේනු බබත් එයාගෙ නංගිට වගේම ෂයේල්ටත් පුදුම තරම් ආදරෙයි.. මමත් ගිහිල්ලා කට්ටිය ලගින්ම වාඩි උනා.

   ” බඩපිරිලා වගේ කොල්ලගෙ..”

පොඩ්ඩා දිහා බලාගෙන ඉන්න බැරි තැන මම හිමීට කොල්ලට රිදෙන්නෙ නැති වෙන්න උස්සලා මගෙ ලගට ගත්තා. කොච්චර දරුවෝ හිටියත් මට නම් දරුවෝ ගැන දැනෙන්නෙ හරි ලෝබ හැගීමක් දෙයියනේ. කොල්ලව ලගට ගත්තා විතරයි කේනුත් ඉදගෙන හිටපු තැනින් නැගිටලා මගෙ ලගින්ම වාඩි උනා. එයාට මල්ලි බබා එක්ක කතා කරන්න එපැයි.

” ඔව් අයියා. එන්න කලින් කිරි එක පෙව්වා.  අයියලා එන්න කලින් පුදුම ඇඩියාවක් තිබුනෙ නතර කරේම නෑ බැරිම තැන තමා නිපල් එක දුන්නෙ. දැන් හොදට පුරුදු වෙලා ඉන්නෙ හලෝ ඒකට. පුලුවන් නම් පැය විසි හතරම ඒක කටේ ඔබාගෙන ඉදී… “

” ඔහොම තමා බං පොඩි උන්… අපෙ දෝණි පේන්නෙ නැද්ද..”

රනිශ්ක මල්ලිත් දැන් වැඩ කරන්නෙ නුවර hospital එකේම තමා. තේව් මෙහෙට එනවා කිව්වා විතරයි එයාගෙ නැට්ටටත් අන්තිමට නුවරටම එන්න ඕනෙ උනා. අන්තිමට තේව් එක්කම රනිශ්ක මල්ලිත් නුවර hospital එකටම මාරු වීම හදා ගත්තා. ඊට පස්සෙ මාස ගානකින් බැන්දා. එයාල බැදලා දැන් අවුරුදු තුනක් ඇති. ඉදුවර මල්ලිත් බබා එනකන්ම කොමස් ක්ලාස් කරා ඒලෙවල් ලමයින්ට. බබාව බලාගන්න ඕනෙ නිසාම එයා ඒක නැවැත්තුවා ඊට පස්සෙ. දැන් අවුරුදු දෙකකට විතර කලින් ඉදුවරගෙ ආච්ච් අම්මත් නැති උන නිසා එයාලත් දැන් ගමත් එක්ක සම්බන්දයක් නැතිම තරම්. හැබැයි අපි කට්ටියම ඉදලා හිටලා ගිහිල්ලා එනවා ඉතින් එහෙ. ඇත්තටම දැන් හැමෝම සතුටින් ඉන්නවා.

.

.

.

    කාලෙකට පස්සෙ මුණ ගැහුන යාලුවො ටික අන්තිමට විසිර ගියෙ රෑටත් කාලා තමා. මායි ඉදුවරයි උයනකම් අද අප්පච්චිලා දෙන්නට තමා ළමයි බලාගන්න උනේ. අපි දෙන්න උයලා ඉවර වෙනකොට හොද පණ ගිහිල්ලා තිබුනෙ මගෙයි ඉදුවර මල්ලිගෙයි නෙවෙයි ළමයි තුන් දෙනාව බලා ගත්ත අප්පච්චිලා දෙන්නගෙ.. මම නම් කියන්නෙ හොද වැඩේ.

ට්‍රිංං ට්‍රිංං ට්‍රිංං

කුස්සිය අතු ගාන ගමන් හිටපු මම ඒ වැඩෙ නවත්තලා කිචන් කවුන්ටර් එක උඩ තිබුන ෆෝන් එකට එඹුනෙ ෆෝන් එක අඩන්න ගත්තා නිසා. රෑ දහය හමාරට කෝල් ගන්න මහසෝනා කවුද කියලා හිත හිතම ෆෝන් එකට එඹුන මට ලොකු හුස්මක් පිට උනේ කෝල් අයිඩී එක දැකලා…

*thaththa*

…..

” හෙලෝ තාත්තා. මොකක් හරි හදිසියක් ද…? “

” නෑ නෑ දරුවෝ. මම නිකන් මතක් වෙලා ගත්තේ.. මම තේව් පුතාට ගත්තා එයා කිව්වා ඔයා පහල කියලා ඒකයි ගත්තේ… කෝ දරුවෝ දෙන්නා..? “

” ඒ දෙන්නා නිදි තාත්තා. අද දවසම නටලා නටලා මහන්සියටම දෙන්නා කලින්ම නිදා ගත්තා.  තාත්තා කාල ද බෙහෙත් බිව්වද..”

” ඔව් ඔව් දරුවෝ මම කාලා බෙහෙත් බිව්වා. මම එන්නම්කො හෙට අනිද්දට දරුවෝ දෙන්නව බලලා යන්න. මම එහෙනම් තියන්නම්. නිකන් මතක් වෙලා ගත්තේ.. “

” හරි තාත්තා. පරිස්සමින් ඉන්න. බුදු සරණයි..”

” බුදු සරණයි පුතේ.. ඔයලත් පරිස්සමින් ඉන්න..”

….

කෝල් එක ඉවර කරපු මම කෝල් එක අතර මැදදි ඇවිල්ලා මාව පිටිපස්සෙන් තුරුල් කර ගත්ත තේව්ගෙ අතට හාදුවක් දුන්නා. එයාගෙ තුරුල හරි සනීපයි අප්පා.

” තාත්තා නේද කතා කරේ…? “

” ඔව් තේව්.. එන්නම් කිව්වෙ දරුවෝ දෙන්නව බලලා යන්න…”

” පව් එයත් දැන් පාලුවෙන් ඇත්තෙ. ඔන්න ඔහෙ ඇවිල්ලා ගියපු දෙන්..”

ඔව් ඒ කතා කරෙ මගෙ තාත්තා. කාලෙකට කලින් වෙනස්කම් කරපු මගෙ තාත්තා. එක දවසක් ටවුන් එකේදි අපිව දැකලා කතා කරේ. එයා ගොඩක් පසු තැවුනා කරපු දේවල් වලට. තාමත් පසු තැවෙනවා. පස්සෙ බැදපු ගෑනිගෙ පුතාගෙ වැරදි නිසාම ඒ කසාදෙත් කැඩිලා ගියපු තාත්තා දැන් ඉන්නෙ තනියම. මොනවා උනත් ඒ මගෙ තාත්තා නිසාම මම එයාට සමාව දුන්නා. මොකද එයා වැරදි තේරුම් ගත්තනෙ අන්තිමට හරි. ලොකු සම්බන්දයක් නම් නෑ ඒත් කතා බහ කරනවා. ඉස්සර වගේ නෙවෙයි අපි හැමෝටම එයා හරි ආදරෙයි.. ජීවත් වෙලා ඉන්න කාලෙට මොකටද තරහා මරහා අනික වැරැද්ද තේරුම් ගත්තා නම් ඒ ඇති නෙ.

” සුදු මැණික… “

” කියන්න තේව්…”

” ඔයා අසනීපෙන් ද ඉන්නෙ මැණික. මම දැන් දවස් දෙක තුනක ඉදලම බලාගෙන. උබ හරි ලෙඩ පාටයි මැණික. සුදුමැලි වෙල වගේ… කන්නෙත් හරි පොඩ්ඩයි..”

මාව පිටිපස්සෙන් තුරුල් කරගෙනම දෙපැත්තට පැද්දෙන ගමන් තේව් අහපු දේට මට හිනාවක් ගියා. එයාට මගෙ වෙනස තේරිලා එහෙනම්…

” එහෙම අසනීපයක් නෑ තේව්. මහන්සි වෙන නිසා වෙන්න ඇති… “

මම අමාරුවෙන් තේව්ගෙ පැත්තට හැරිලා කිව්වෙ උපරිම හුරතල් මූණක් හදාගෙන.

” උබගෙ නම් වයස යන්නෙ ආපස්සට ද කොහෙ ද. මට වැඩිය වැඩිමල් කියලා කියන්නවත් බෑ බං. පොඩි උන් දෙන්නටත් වැඩිය උබ හුරතල් ද මංදා…”

මගෙ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු තේව් මගෙ නහයත් මිරිකලා එහෙම කියද්දි මම රවලා අහක බලා ගත්තා. ඇත්තටම මට එයත් එක්ක ඉද්දි මගෙ වයස අමතක වෙලාම යනවා. තේව් කොහොමත් මට වැඩිය පරිණතයි. ඒ විතරක් නෙවෙයි  ඇග පතින් පවා මට වැඩිය ගොඩක් ලොකුයි. Sports කරලා gym ගිහිල්ලම හැදුන ඇගක් ඒක.  ඒක නිසාම ඕනෙ කෙනෙක්ට හිතෙන්නෙ මම තේව්ට වැඩිය බාලයි කියලා. කොච්චර වයසට ගියත් තේව් මාව හුරතල් කරන එකවත් අප්පච්චි කෙනෙක් වගේ ආදරෙ දෙන එකවත් අඩු කරලා නම් නෑ. එයාට හැමදාම එයාගෙ පලවෙනි දරුවා මම.

රවාගෙන අහක බලාගෙන හිටපු මගෙ මූණ එයාගෙ පැත්තට හරව ගත්ත තේව් මගෙ තොල් වලට බර උනේ ආදරේ පිරුන ඇස් වලින් මගෙ දිහා බලාගෙන.  විනාඩි ගානක්ම මගෙ තොල් වල දග කරපු එයා අන්තිමට මගෙ තොල් වලින් ඈත් උනේ මට හුස්ම ගන්න බෑ කියලා තේරුන නිසා. මම දවසක මැරෙන්නෙ තේව් හාදු ඇතුලෙ හුස්ම ගන්න බැරි වෙලා. ඒක ෂුවර්.

” ඔයා උඩට යන්න තේව්. මම ඉක්මනට එන්නම්. බැල්කනි එකේ ඉන්න මම එනකම් ඔයාට කියන්න දෙයක් තියනවා. “

තේව්ගෙ පපුව මැදට හාදුවක් තියලා එහෙම කියද්දි එයා මගෙ දිහා බලාගෙන හිටියෙ ප්‍රශ්නාර්ථයක් පිරුන බැල්මකින්. කොහොම හරි වදෙන් පොරෙන් තේව්ව උඩට යවපු මම පහල ලයිට් ඕෆ් කරලා කොල්ලගෙ කාමරේටත් ගිහිල්ලා අපෙ කාමරේට යනකොට මම දැක්කා බැල්කනි එකට වෙලා ඉන්න තේව්ගෙ චායාව.  කෙල්ල නම් හොදට දොයි. බෙඩ් කබඩ් එකෙ තිබුන පුංචි පෙට්ටියක්  ගත්ත මම ඒක ඇරලා අතට ගත්තෙ පොඩි ස්ටික් එකක්. ඒකත් අතට ගුලි කරගෙන මම බැල්කනි එකට ගියෙ හිතෙ පොඩි ගැස්මකුත් එක්ක.

” මොකක්ද සුදු මැණික කියන්න තියනවා කිව්වෙ.. “

” ඇස් දෙක පියා ගන්නකෝ..”

අහස දිහා බලාගෙන හිටපු තේව් මම එන සද්දෙ ඇහිල ද කොහෙද මගෙ  පැත්ත හැරිලා මොනව ද කියන්න තියන්නෙ කියලා  අහද්දි මට පොඩ්ඩක් ලැජ්ජා හිතුනා. ලැජ්ජාව නිසාම  එයාට ඇස් දෙක පියා ගන්න කියපු මම එයාගෙ අත අරගෙන ඒක උඩින් තිබ්බෙ මෙච්චර වෙලා පිටිපස්සට කරලා තියාගෙන හිටපු දේ.

ඊට පස්සෙ එයාගෙ කන ලගට ඇගිලි තුඩුවලින් ඉස්සුන මම කිව්වෙ ඇස් අරින්න කියන එක වෙද්දි එයා ඉක්මනට  ඇස් ඇරලා බැලුවෙ එයාගෙ අත උඩ තිබුන දේ දිහා.  මම බලාගෙන හිටියෙ වෙනස් වෙන එයාගේ මූණෙ හැගීම් දිහා. මම දැක්කා එයාගෙ ඇස් පුදුමෙන් ලොකු වෙනවා. ඒ ඇස් වල ලියවිලා තිබුනෙ මේ පේන දේ විශ්වාස කරන්න බෑ වගේ.

” අහ්.. ම්..මෙහ් සුදු මැණික. මේක ඇත්ත ද.. මම ආයෙත් අප්පච්චි කෙනෙක් වෙන්න ද යන්නෙ සුදු මැණික… උබ මට බොරු කියනවා නෙවෙයි නේද රත්තරන්…”

එයාගෙ අත උඩ තිබුනෙ pregnancy test කිට් එකක්. නිකන් එකක් නෙවෙයි පොසිටිව් උන pregnancy test එකක්. දැන් දවස් තුන හතරකට කලින් එක පාරටම ඇගට අමාරුවකුත් එක්ක වමනෙ යන්න ආවත් මම ඒක එච්චරටම ගනන් ගත්තෙ නෑ. ඒත් මේ දවස් ටිකේම ඒක එහෙමමයි. අඩුවක් තිබුනෙ නෑ. කට තිත්තයි අප්පිරියයි. ඒ දේවල් නිසාම පොඩි සැකයක්  තිබුනත් ඒ සැකේ වැඩි උනෙ ඊයෙ හවස කිරි එක බොන්න ගිහිල්ලා එක පාරටම ඒ ගදට වමනේ යන්න ගත්ත නිසා.  ඒකයි මම අද උදේ ෆාමසි එකෙන් pregnancy  test kit එකක් ගත්තෙ. මට තේව් කියන්න ඕනෙ උනත් මට ඕනෙ උනා ඒක ගැන හරියටම දැන ගෙන තෙව්ට කියන්න. බොරු බලාපොරොත්තුවක් දෙන්න මම කැමති උනේ නෑ. ඒකමයි මම ඉදුවරලා ගියාට පස්සෙ මම ඉක්මනට බාත් රූම් එකට රිංගලා test එක කරලා බැලුවෙ. බලාපොරොත්තු කන්දක් පුරවගෙන බලාගෙන හිටපු මගෙ බලාපොරොත්තුව ඉශ්ට කරන ගමන් ස්ටික් එකේ රතු පාට ඉරි දෙකක් පෙන්නද්දි මට දැනුන සතුට මෙච්චරයි කියන්න බැරි තරම්. මම ආයෙමත් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තට පස්සෙ මට හිතුනෙ මම සතුටටම මොනවා හරි වෙයි කියලා.

” ඔව් ත්..තේව්.. ඔයා ආයෙත් අප්පච්චි කෙනෙක් වෙන්න. මෙතනට ආයෙමත් දග බෝලයක් ඇවිල්ලා අප්පච්චි…”

මගෙ අත් දෙකෙන්ම අල්ලගෙන එක දිගට ප්‍රශ්න අහන තේව්ගෙ අතින් අල්ලගෙන මගෙ බඩ උඩින් තියාගෙන එහෙම කියද්දි මගෙ ඇස් වලින් වගේම තේව්ගෙ ඇස් වලිනුත් කදුලු ගලාගෙන ගියා. මම දන්නවා එයා ඉන්නෙ සතුටින්. ඒ ඇස්වල ඒ සතුට පැහැදිලිවම පේන්න තියනවා.

” මට සතුටුයි මැණික. ගොඩක් සතුටුයි. උබට පින් රත්තරන් මේ සතුට මට දුන්නට. උබට ගොඩක් පින්..”

මගෙ නළලට හාදුවක් තියපු තේව් මාව තුරුල් කරගෙන එහෙම කියද්දි මම ඒ පපුව මැදට හාදුවක් තිබ්බා. මට දැනෙන්නෙ එසේ මෙසේ සතුටක් නෙවෙයි දෙයියනේ… මට දැනෙන්නෙ මේ ලෝකෙම දිනුවා වගේ හැගීමක්.

” මගෙ වස්තුව. අප්පච්චි ආදරෙයි රත්තරන්. පරිස්සමෙන්  අපි ලගට එන්න. අම්මයි අප්පච්චි ඔයා එනකම් බලාගෙන ඉන්නවා වස්තූ… ම්ම්ම්ම්හ්..”

ටික වෙලාවක් මාව තුරුල් කරගෙන හිටපු තේව් මගෙ ලග දණ ගහගෙන මගෙ බණ්ඩියට හාදුවක් තිබ්බේ මාව ඇකිලිලා යනකොට. මගෙ බණ්ඩි හාදු වලින් පුරවපු එයා ආයෙත් මාව තුරුල් කරගත්තා.

විනාඩි ගානක්ම අපි දෙන්නා කරේ දෙන්නට දෙන්නා තුරුල් වෙලා හිටිය එක විතරයි. තාමත් තේව්ගෙ අත් අස්සට pregnancy test kit එක හිර වෙලා. විටෙන් විට හිස් මුදුනට ලැබෙන තේව්ගෙ හාදුත් එක්ක මම ඒ මොහොත හදවතින්ම වින්දා. ඊටත් විනාඩි ගානකට පස්සෙ තේව් කතා කරන්න පටන් ගත්තා.

  ” මට තේරෙන්නෙ නෑ සුදු මැණික උබට කොහොම ස්තූති කරන්න ද කියලා. උබ මගෙ ජීවිතේට ඇවිල්ලා මගෙ මුලු ජීවිතේම වෙනස් කරා රත්තරන්. මගෙ ජීවිතේට හරි අර්ථයක් දුන්නෙ උබ.    මම හැමදාම සතුටු වෙනවා රත්තරන් උබ මගෙ කරගත්ත එකට. මම ජීවිතේ ගත්ත හරිම තීරණේ තමා ඒක. එදා මගෙ බයික් එකට හැප්පෙන්න ගිය පුංචි මුව පැටියට ඒ දැක්ක තත්පරේ ඉදලම ආදරේ කරන්න පටන් ගත්ත එක ගැන මම ගොඩක් සතුටු වෙනවා ආයු. උබ තමයි මගෙ ජිවිතේට සතුට අරන් ආවෙ. මට දෙවනි අවස්තාවක් දීලා මාව ජීවත් කරේ උබ මගෙ මැණික..  උබට පින් රත්තරන් මේ මිනිහගෙ ජීවිතේට ආවට. අර ඇද උඩ සැපට නිදාගෙන ඉන්න වස්තු දෙක ලැබුනෙ මට උබ නිසා. ඒ දෙන්නා විතරක් නෙවෙයි මෙතනට වෙලා ඉන්න හොර ගෙඩියව මට ලැබුනෙ උබ නිසා. මට හරි සතුටුයි මැණික. උබට පින් රත්තරන්. උබට පින්. මට වෙන කියන්න දෙයක් නෑ… “

” පින් කියන්න එපා තේව්. ඔයා තමා මගෙ ජීවිතේ පාට කරේ. කලු පාටින් පිරිලා තිබුන මගෙ ජීවිතේම පාට කරේ ඔයායි තේව්. කිසිම කෙනෙක්ගෙන් ආදරයක් ලැබුනෙ නැති මට දේවදුතයෙක් වගේ ඇවිල්ලා ආදරේ දුන්නෙ ඔයයි තේව්. ජීවිතේ එපා හැම මොහොතකම මට ජීවත් වෙන්න හේතුවක් දුන්නෙ ඔයා. වැටෙන්න යන හැමවෙලාවෙම වැටෙන්න නොදී අල්ල ගත්තෙ ඔයා. මට ලස්සන පවුලක් ලැබුනෙ ඔයා නිසා. අම්මා තාත්තා නංගි ලැබුනෙ ඔයා නිසා. කාලකන්නි මගෙ ජීවිතේට ඇවිල්ලා ජීවත් වෙන්න හේතුවක් දුන්නට ඔයාට ගොඩක් පින් තේව්. ඔයා, ලලිතා අම්මා නැත්තම් මම මැරුණ තැන්වල ගසුත් පැළ වෙන්න තිබුනා. මගෙ ජීවිතේ මට දැන් ඉන්නෙ ඔයාලා විතරයි. මගෙ මුලු ජීවිතේම ඔයයි දරුවෝ තුන් දෙනයි. මම උබට හරි ආදරෙයි මගෙ මහත්තයෝ… “

” මාත් ආදරෙයි සුදු මැණික….”

මටත් ආදරෙයි කියපු තේව් මගෙ ඇස් වලින් ගලාගෙන ගිය කදුලු පිහදලා දැම්මෙ මල් පෙත්තක් අල්ලනවා වගේ හෙමීට. ඊට පස්සෙ එයා කරේ මගෙ තොල් අල්ල ගත්ත එක. ඒ හාදුව තනිකරම පිරිලා තිබුනෙ ආදරයෙන් විතරයි. සතුට පිරුණ වෙලාවක ආදරේ පිරුණ හාදුවක් කියන්නෙ හරි ලස්සන හැගීමක්.

මම ප්‍රාර්ථනා කරන්නෙ මේ සතුට සැනසීම හැමදාම අපිට ලබා දෙන්න කියලා විතරයි….

ඉතින් හැමෝගෙම අතින් වැරදි වෙන්න ඇති. ඈත් වෙලා දුක් විදින්න ඇති. ඒත් අවසානයේ හැමෝම තමන්ගෙ වැරදි හදා ගත්තා. සැනසීම පිරුන ජීවිතේකට පාර හදා ගත්තා.. හ්ම්ම් අද හැමෝම සතුටින්..

එසේනම් සමුගන්නට අවසර… මේ ඔවුන්ගෙ කතාවෙ අවසානය නොවේ.. එක් පරිච්ඡේදයක නිමාව පමණි…..

සමාප්තයි…

__________________________________________________

• ඔන්න බොරු පොරොන්දු දුන්න කෙනා ආවා. ඇත්තටම සමාවෙන්න ලමයිනේ බොරු පොරොන්දු දුන්නට. ගොඩක් වැඩ වැඩි උනා. හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් තිබුනෙ නෑ…

• ආයු කියන්නෙ මගෙ පළවෙනි කතාව. මම හරි ආසාවෙන් ලියන්න ගත්ත කතාවක් තමා මේක. පොඩි හේතුවක් නිසාආයු‘ ලියන්න ගත්තේ. ඇත්තටම යාලුවාට ඒක කිව්වට පස්සේ ඒකි තමා මට බල කරේ ලියපන් ලියපන් කියලා. දැනට තියන cover page එක පවා හදලා දුන්නෙ එයා. ඇත්තටම ඒ මෝඩිව මතක් කරන්නෙ නැතුව බෑ. Thank you sandu… ❤️

• ඉතින් ආයුගෙයි තේව්ගෙයි කතාව අදින් ඉවර වෙනවා. මම හොදට ලියන කෙනෙක් නෙවෙයි ඒක නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න ඇති. ඒ හැමදේටම මම සමාව ඉල්ලනවා.

• මාත් එක්ක මුළ ඉදලම හිටපු ඔයාලට මම ස්තූතියි කරනවා. අඩුපාඩු පෙන්නලා දීලා. කතාව කල් යනකොට හොයලා බලලා. Comment කරලා vote කරලා මගෙ කතාවට ආදරේ දීපු රීඩර් බබාලා හැමෝටම මම හරි ආදරෙයි. ඔයාලා නිසා තමා මේ හැමදෙයක්ම..  ආදරෙයි කෙල්ලනේ… ❤️

• එහෙනම් මෙච්චර කාලයක් ‘ආයු’ කතාව ගැන දැනුන හැමදේම දිගම දිග කමෙන්ට් එකක් විදිහට දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට හිතුන හැම දෙයක්ම කියන්න.

•මෙච්චර කාලයක් මගෙ කතාවට ආදරේ කරපු, කියවපු, vote කරපු, comment කරපු හැමෝටම ස්තූතියි… ඒ වගේම ආදරෙයි… ❤️💚

• ඒ වගේම මම හිතනවා ඔයාලා මගෙ අලුත් කතාවත් එක්ක එකතු වෙයි කියලා. Profile එකෙ බලන්න. කොටස් දෙකක් දාලා තියෙන්නෙ. දිගටම මාත් එක්ක ඉන්න..

• ස්තූතියි…

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” last chapter, novel À¶†À¶ºà·” (Completed) Âœ” last chapter, read À¶†À¶ºà·” (Completed) Âœ” last chapter online, À¶†À¶ºà·” (Completed) Âœ” last chapter chapter, À¶†À¶ºà·” (Completed) Âœ” last chapter high quality, À¶†À¶ºà·” (Completed) Âœ” last chapter light novel, ,

Comment

Leave a Reply

Chapter 50