À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාහත්වැනි කොටහා

A+ A-

දහයත් පහුවෙලා නිසා මේ වෙලාවට වලව්වේ ඈයෝ කොහොමත් නිදි. මන් ඉතින් මයෙ පොරවන එකත් අරගෙනම බේබීගේ කාමරේට රිංගුවේ නිදා ගන්න. හාමු මොකද දන්නෑ ලයට් වත් නිවලා නැතිව නිදා ගෙන ඉන්නේ. මන් දොරත් වහලා ලයට් එකත් නිවලා දාලා ලාම්පු දැල්ලත් පත්තු කරලා බේබී ළගින්ම ඇල වුනා. පැටියා බදන් නිදා ගෙන ඉන්න හාමු දිහා බලන් නින්ද ගිය මට ඉබේටම වගේ නැගිටුනේ පොඩි බරක් හැදිලා. හාමුගේ වොෂ් රූම් එක කාමරේම තියෙන නිසා හොදා ඉතින්.

මන් මගෙ වැඩේ ඉවර කරලා දොර අරිනවත් එක්කම මගෙ කට භාගෙට ඇරුනේ දොර අරින්න වගේ අතත් ඉස්සරහට කරන් මයෙ දිහා යකෙක් ගහලා වගේ බලන් ඉන්න පොඩි බේබී දැකලා.

” ඔ ඔයා ද එතකොට ඕකේ හිටියේ නිලූෂ ආ…..  දෙයියනේ මන් හිතුවේ අමුනුස්ස ආත්මයක් කියලා “

” ඉතින් මයෙ හාමු මහත්තයා බය වුනාද ආ “

එයාගේ ඉන වටේට අත් දෙකත් යවලා ඒ උරහිස උඩ මයෙ නිකට තියන් එයාගේ ඇගට වාරු වෙලා මන් එහෙම ඇහුවේ එයාව තව ටිකක් ඇගට තද කර ගන්න ගමන්.

” මැරුණු මිනිස්සුන්ට ඇයි අනේ බය වෙන්න ඕනී ම් ”

එයත් මයෙ නිරුවත් පිට පුරා අත් ගෙනියමින් එහෙම කියලා මාවත් ඇදගෙනම ගියේ නිදා ගන්න.

නෑ නෑ එයාට නෙවෙයි නිදා ගන්න ඕනී වෙලා තිබ්බේ.

” හා මු… පැටියා ඇහෙරෙයි කරන දෙයක් à·„à·™ මි න්  අ හා…… “

” බිම ට යමු ම් “

පුළුවන් තරම් හයියෙන් මයෙ බෙල්ල උරලා මයෙ මූණ දිහා බලන් බිමට යමුයි කියන්නේ මයෙ සරම් ගැටේටත් එක අතක් තියා ගෙන. එයාගේ ඒ කෙස් ගස් ටිකකුත් මයෙ මූණත් එක්කලා හරි හරියට සෙල්ලම් දානවා.

” සී තලයි නේ “

” මේ හාමු මයෙ මහත්තයාගේ සීතල යවන්නම් “

මගේ කන් පෙත්තකුත් හපලා එහෙම කියද්දී මන් එහෙන්ම නැගිටලා බේබී හාමු වත් අත් දෙකට උස්සන් කාමරේ ටිකක් කෙළවරකට ගියේ බේබී හාමුත් මයෙ පපුවේ මූණ ටිකක් ඔබා ගද්දි.

❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
.
.
.
.
.

..
..
.
.
.

“  ම් ම් à·„à·” ම් ම අ යි න් වි..යා……න්  “

මයෙ ළගින්ම ළගින්ම වගේ ලා කටහඩක්‌ ඇහුනත් මන් තව ටිකක් එහෙ මෙහෙ වෙලා බුදිය ගත්තේ මයෙ ඇගත් ටිකක් රිදෙන්න ගත්තා නිසා.

” ආ ව් වා…. ”

මන් කෑ ගහගෙන එහාට්ට පැන්නේ මයෙ පපුව මොකෙක් හරි හැපුව නිසා. හොදට ඇස් ඇරන් බලද්දීයි දැක්කේ මටත් බැන බැන සරමත් ඇදගෙන නැගිටලා ඇද දිහාට යන බේබී හාමුව .

” තව පොඩ්ඩෙන් ඔහේගේ ඇගට යට වෙලාම මයෙ හුස්ම ඩිංගිත්ත හිරවෙන්න තිබ්බා. ආයේ නම් මන් මොක කරන්නත් බිමට යන්නෑ. ඇයි අනේ තමුසේ හිතන්නේ මන් මෙට්ටේ කියලද ආ……  මන් කොච්චර කතා කරාද මට හුස්ම ගන්න බෑ අයින් වෙන්න කියලා…. ඒත් ඇහෙන්නෑ අරහෙට්ට මෙහෙට්ට වෙවී මාවම යට කරන් ඉන්නවා හොදට කටත් ඇරන් නිදිගෙන. යකෝ මට මොකක් හරි වුනා නම් මොන දෙයියන්ට කියලා කියන්නද….. තාම මයෙ à·„à·”… “

මාත් ඇදට ඇවිල්ලා නිදා ගන්න හැදුවා විතරයි මයෙ මූණ ළගටම වෙලා කුටු කුටු ගෑවේ මයෙ නින්දත් කැඩිලා යද්දි.

” මන් දැනගෙන මයෙ හාමු මහත්තයව යට කර ගත්තේ නෑ දෙයියෝ.  මයෙ බේබී හාමු මාත් එක්කලා නිදා ගන්න බයයි නම් මන් යන්නම් මයෙ හා…. “

මාත් ඒ මූණට පාත් වෙලා එහෙම කියද්දී එක පාරටම මයෙ ඇගට පැනලා මයෙ පපුව උඩින් ඔලුව තියා ගත්තේ මට හිනාවකුත් යද්දි.

” මට නිදි මතයි නිලූ à·‚ “

එයා එහෙම කියද්දී මයෙ ඇගිලි ඒ ඔලුව පුරා දිව්වේ මයෙ හාමු තවත් හරි බරි ගැහිලා මයෙ ඇග උඩ නිදද්දී.

පොඩි බේබීගේ අප්පච්චිගේ කාලවකවානුවටත් ගිහිල්ල එමු ළමායි👇👇👇👇👇👇👇👇👇👇👇👇

ලොකු හාමුගේ අයියා වීරසූරිය රහල් මන්මේන්ද්‍රන්ගේ පැත්තෙන්,,

” අප්පුච්චා මයෙ මල්ලි මේ දීගෙට මනාප වුනාට මට බෑ ඒ හාමිනේ එක්කලා දීග යන්ට. ”

” පර කතා දොඩන්නැතුව හිටහන්. උබ මනාප වුණත් එකයි බොල නැතත් එකයි මට.  මේ ගජෙන්ද්‍ර මනමේන්ද්‍රන් දෙයක් කිව්වොත් කිව්වා. මේ වීරන්කෙඩුව වලව්ව යන්නේ බොලගේ අප්පුච්චගේ පදේට මිසක් තොගේ පදේට නෙවෙයි මතක තියා ගනින් ඒ කාරණාව “

එහෙම ගුගුරපු අප්පුච්චි එයාගේ කාමරේට ගොහිල්ලා දොරත් වැහුවේ මල්ලි ඉක්මනින් මයෙ ළගට ඇදෙද්දී.

” අයියේ ඒ හාමිනේ හරිම හැඩයි ලස්සනයි. අයියටයි මටයි කියාපු ළමිස්සි. මේකට මනාප වියන් බන් “

” උබැහේ දන්නැද්ද බොල ඒකීට අවුරුදු තුනක පොඩි එකෙකුත් ඉන්නවා කියලා. ඒකීද දැන් උබ කර ගහන්න මනාප ආ “

මන් හයියෙන් ගිගිරුවත් මල්ලි නෙවෙයි මන් කියන දේ කනකට ගත්තේ.

” ළමයෙක් ඉන්ට අම්මෙක් වුනාට කාරී නෑ මන් නම් එකෙන්ම මනාපයි  ඕන් . කොහොමත් අයියන්ඩි අප්පුච්චා අපි දෙන්නගේ දීගේ කරනවා ඒකී එක්කලා අද හෙටම “

මයෙ මල්ලි එහෙම දෙඩේව්ව පාර මන් මොකොවත්ම නොදොඩා ගියේ වී මැස්ස පිටි පස්සට. මයෙ එකම මල්ලි වීර අප්පු සේනක මන්මේන්ද්‍රන් වෙච්ච ඒකාට අවුරුදු විස්සයි මට විසි පහයි. එතකොට අපි කරකාරේට ගන්න යන ඒකීට වයස විසි තුනයි.

මන් කොහොමැයි මේ දීගෙට මනාප වෙන්නේ. එහෙන් මයෙ අප්පුවා මන් ගැනම බලාපොරොත්තු පොදි බැදන් ඉන්ටෙ.  ඒකා කවුරුත් නැති එකා වෙච්ච කොට මන් කොහොමැයි එකාගෙත් එකම ආදරේ මන් වෙච්ච කොට ඒකාව තනිකරන්නේ. මේ වලව්වේ උයන අප්පුවා වෙච්ච ඒකාට තාම අවුරුදු දහ හතයි .  දා හතේ පොඩි එකා වුණත් එකා උයාපුවා ගෑවුනු තැන කත හැකි ඒ තරම්ම රහයි උගේ කෑම. ඕකා මේ වලව්වේ අවුරුදු පහළවේ ඉදන්නේ ඔය කුස්සියට වෙලා බත් තම්බ තම්බ ඉන්නේ.

කට්ටිය හැමෝම ඌට අප්පුවා අප්පුවා ගෑවට මන් ආදරේට ඒකාට කියන්නේ දිදුල කියලා. රහල්ගේ මේ හදුන් පොත බබලන්න ආපු පුංචි පහන් තරුව තමයි මයෙ දිදුල කියන්නේ. මයෙ දිදුල හරි හින්දෑරී ඇගක් තියෙන කළු කොල්ලෙක්. කොල්ලා කළු වුනාට හරි පින්වන්ත අහිංසක මූණක්‌ ඒකාට තියෙන්නේ. කොටට කපාපු බොකුටු කොන්ඩේ  ටිකක් හීනි දිග ඇහිබැම එක්කලාම ඒ අග හරි ලස්සනට පොට්ටුවක් තියෙලා වගේ තියෙන ලපේ. ලා දුඹුරු ඇස් කෙටි ඇහි පිහාටු ලා රතු පාට ඒ තොල්පට හරි ලස්සනට  මයෙ කොල්ලගේ පිහිටලා තියෙනවා .
අනිත් අය හැමෝටම කොල්ලව අහිංසක විදිහට නිහඩ ළමයෙක් වගේ පෙනුනට කොල්ලා මයෙ ළග නම් හරිම කටකාරයි.

” යකෝ තෝ මොකෑ ඔය කොරන්නේ බොල…..  හාමිනේ හාමිනේ කිය කියා හැමිනෙන්නැතුව ඕකාට ගහපන් යකෝ අර ගලෙන් ”

” නයාට ගහලා පව් පුරවන්න බෑ හාමිනේ “

” තෝ මොකෑ බොල බෑ කියන්නේ ආ… යකෝ ආ…… න් අරකා යනවා. තෝ නිසා තමයි මේ කුස්සියට නයිත් රිංගන්නේ “

අපෙ අම්මාගේ කටහඩත් ඇහුන හැටියේ මන් කුස්සියේ පැත්තට යද්දි මන් දැක්කේ දිදුලගේ ඔළුවටත් පාරක් ගහ ගෙනම එළියට යන අම්මව.

“  ලො කු මහත්ත යා “

එයාගේ ළගට ගියපු මන් වටපිට බලලා කවුරුත් නැති තැන කුස්සියේ දොර මුල්ලට ගිහිල්ල ඒ පුංචි සිරුර බදා ගත්තේ මයෙ අප්පුවාගේ කටින් ලොකු මහත්තයා කියලා පිටවෙද්දී. අදත් කොල්ලට අපෙ අම්මගෙන් දෙක තුනක්ම වැදිලා වගෙයි.

” ලොකු මහත්තයා තමයි… ඔය නයි හාමිව හුරතල් කරලා කවා ගන්නකෝ බලන්න මන් එදාට තමයි ඔය පස්සපැත්ත පුපුරන්න දෙකක් දෙන්නේ හැබෑට.  අම්මා වුණත් උබට ආදරේ නිසයි ඕකට ගහලා එලවන්න කියන්නේ. නැතුව උබත් එක්කලා අමනාපයකට නෙවෙයි ඕන් “

” මන් එක නොදන්නවා නෙවෙයි හා මු. ඒත් ඒ නයි හා මී හොද එකා. මන් උදේන්ම කිරි ඩිංගිත්තකුත් එළියේ සත්තුන්ට කෑම දාන තැනින් තිබ්බා ඕන් නයි හාමිනේටම කියලා “

ඔලුවත් උස්සලා මයෙ බෙල්ලේ එල්ලී එල්ලී දොඩන්නේ පොඩි ළමයෙක් වගේ.

” මට වත්ත බලන්න යන්ට තියේ. එද්දී හවස් වෙයි දරුවෝ. පරිස්සමින් ගෙදර වැඩක් බලන් ඉන්ට හාද. මට ආයේ මුලච්චි වෙන්ට බැරි වුනොත් නිදා ගන්න යද්දි දොරට අගුල එහෙම දාන්ට එපා හරී. මට මයෙ දිදුලත් එක්කලා ලොකු කාරණාවක් දොඩන්න තියේ “

එහෙම කිව්ව මන් ඒ හිස් මුදුනින් හාදුවක් තියෙලා යන්න හදද්දී මයෙ අප්පුවා මයෙ කකුල් දෙක අල්ලලා වැදලා පරිස්සමින් ගොහින් එන්ට කිව්වේ මයෙ හිත තවත් අප්පුවා කෙරෙහි බැදෙද්දී.

සතියකට පස්සේ මේ වීරන්කෙඩුව වලව්වට මාතලේ කොස්සවදැල්ල වලව්වේ පුංචි මැණිකේ එයාගේ දරුවා එක්කලා මායි මල්ලියි එක්කලා දීග කන්ට ආවේ මන් ඇර අනික්‌ වලව්වේ ඈයෝන්ගේ සිත් සතුටින් පිරිලා යද්දි.

ඇත්තටම කිව්වොත් අපෙ මල්ලි මේ මගුල් තුලාවට අමනාප වෙන්ට කිසිම හේතුවක් නැතුවා. පුංචි මැණිකේ හරි ලස්සන ගෑණියෙක්. මන් තරම් පාට නොවුනත් හරි ලස්සන ලා තලෙලු පාට හමක් තියෙන උස මහත ගැහැණියක්. එයාගේ දරුවත් එයා වගේම තමයි පෙනුම නම්.

මායි මල්ලියි ඒ හාමිනේව මේ ගෙදරට කැටුව එද්දී මයෙ දිදුල ගේ ඒ ඇස් මාලානික වෙලා තිබ්බත් එයා මට කරේම අහිංසක හිනාවක් දුන්නු එක.

” අප්පු මෙහාට්ට වරෙන් ඩිංගක්. මේ පොඩි එකාව ටිකක් බලා ගනින්. “

අපෙ අප්පුච්චා මයෙ අප්පුවාට අඩ ගහලා පුංචි මැණිකේගේ දරුවා දුන්නේ අපෙ මල්ලි දිහාටත් බැල්මක් දාලා.

” පොඩි පුතා “

” ඇයි අප්පුච්චා “

අප්පච්චි පොඩි පුතා ගාද්දී අපි දෙන්නම අප්පච්චි දිහා බැලුවේ එයා ඇයි කතා කොරේ අහන්ට වගේ.

” පුංචි මැණිකේ දුව ඩිංගකට අපෙ ලොකු එකාගේ කාමරේට ගොහිල්ලා හිටියා නම් හොදා “

” එ එහෙම යි  අ පපු ච්චා “

පුංචි මැණිකේ අපෙ මල්ලිටත් බැල්මක් දාලා එතැනින් ගියේ අම්මාත් ඇවිල්ලා අප්පුච්චා ළගින්ම වාඩි වෙද්දී.

” ඇයි අප්පුච්චි මයෙ මැණිකේට යන්ට කීවේ “

අප්පදබොල බල්ලො උඩු බුරපි කිව්වලු අපෙ මල්ලිට මේ විගහට අර ගෑණි එකාගේ මැණිකේ වෙලානේ. 

” මට දෙන්නටම වැදගත් කාරණාවක් කියන්ට තියෙනවා.  උබැහේලා දෙන්නටම තමයි ඔය මැණිකේ ගෙනාවේ.. එහෙම නේද මයෙ මැණිකේ “
” එහෙයි මයේ දෙයියෝ ”

අපේ අම්මත් අප්පුච්චා දිහා බලලා එහෙම කියලා ආයේ අපි දෙන්නා දිහා බැලුවා.

” මේ මාසේම ඉවර වෙනකම් පුංචි මැණිකේ ඉන්න ඕනී උබැහේ එක්කලා විතරමයි ලොකූ. එතැනින් පස්සේ උබලා දෙන්නා ඒකී එක්කලා ඕනී දෙයක් කොරහන්. මොකද ඒකී ගාව ඉස්ස ඉස්සල්ලාම මේ වලව්වේ ලොකුම එකාගේ ලෙයින් තමයි දරුවෙක් ඉපදෙන්න ඕනී. උබැහේලා දෙන්නට තේරුනාද මන් දෙඩෙව්ව කාරණාව. ”

මයෙ මූණත් එක්ක ඇඹුල් වෙලා යද්දි මයෙ මල්ලි මයෙ දිහා බලලා හිනාවක් දැම්මේ ඔච්චමට වගේ.

” හරි අප්පුච්චා “

මන් එහෙම කිව්වේ අප්පුවා සතියකට කලින් මගෙන් කරපු ඉල්ලීමත් මතක් කරගෙනමයි.

” නින්ද ගියේ නැද්ද ලොකු මහත්තයාගේ මේ වස්තුවට ම් “

අප්පුවගේ කාමරේට රෑ දෙගොඩ යාමේ රිංගව්ව මන් ඇහැව්වේ එයාගේ ඒ පුංචි ඇදට බර වෙමින්. මන් ඒ ඇදට බර වුණත් හරි ඒ ඇද චිරි බීරි ගෑවේ මටත් ටිකක් බය හිතෙද්දි. 

” මන් බලාං හිටියේ මහත්තයා එනකම් “

එහෙම කිව්ව මයෙ දිදුල මයෙ ඔක්කෙන් ඔලුව තියා ගත්තේ මන් ඒ ඔලුව අත ගගා හාදු දෙද්දී.

” දිදුල “

” ම් ”

” කියාපන් මට උබැහේ ඇත්තටම මනාපයි කියලා “

” මොනාද දොඩන්නේ දෙයියෝ.. රා කාලයක්ම උගුරේ හලා ගත්තා කියලා නම් මට නොකිව්වට කාරී නැතුවා ඕන්”

ඔන්න පිපිරුවා මයෙ ගම්මිරිස් කරල. මූ ඒක කටත් හද හදා කියන විදිහට මට හිනා ඉතින්.

” මාත් එක්කලා මේ වලව්ව දාලා ඈතකට යන්න උබ එනවද  ම් ”

” මයෙ මහත්තයා ඉන්නේ කොතැනද එයාගේ මේ පුංචි දිදුලත් ඉන්නේ එතැන “

එයා එහෙම මයෙ අතක් ඒ පපු තුරුලේ තියන් කියද්දී ඇත්තමයි මට දැනෙන සතුට මට මෙච්චරයි කියලා කියන්ට බැරුවා.

” අද පාන්දර තුනට තියෙන කෝච්චියේ යමු එහෙනම් මා එක්කලා”

මන් එහෙම කිව්වා විතරයි ඇදෙන් නැගිට්ට මයෙ අප්පුවා මයෙ ඔක්කේ ඉදන් එයාගේ හීන්දෑරි කකුල් දෙක මයෙ බද වටේ ඔතන් ඒ අත් දෙක මයෙ බෙල්ලේ වටේටත් දාලා මයෙ මූණ දිහා බැලුවේ ලොකු කතාවක් කියන්න වගේ.

” මයෙ හාමු යන්නේ හෙට මෙහෙට මැණිකේ කෙනෙක් ගේන නිසා නේද ආ…   මන් කැමති මයෙ මහත්තයා ඒ මැණිකේ එක්කලා එක්කහු වෙලා මහත්තයා වගේම චූටි දරු පැටියෙක් හදනවා න… “

” වහ ගනින් කට අප්පු.. ”

ඒකා එහෙම කිව්වා විතරයි මට කේන්තියට මාව වෙව්ලලා ගියා.

” අහන්න බැරුවාද මයෙ කාරණාව      ම à·„ ත් ත යට..  ”

ඒකාට අවසාන වචන කියද්දී ස‍ට ස‍ට ගගා කදුළු වැටුනේ මන් ඒ මූණ දිහා බලන් ඉද්දීම.  දැන් ඕන් කදුළු පෙන්ටලා මාව ගොනා කොරනවා මේකා.

” කියහන්කෝ “

” ම් ත රහා ගන්නැතුව අ හන් ඉන්න. මන් කැමති මහත්තයාගේ පොඩි පැටියෙකුට. මහත්තයයි මායි දෙන්නම මේ  වලව්වෙන් ඈතකට කොහෙහරිම යමු හැබැයි ඒ දරු පැටියත් එක්කලාම යමුද මයෙ ලොකු හාමු ම් අනේ ඇයි මොකුත් ම දොඩන්නැ ත් තේ… ම නාප නැ ති දෝ මයෙ කාරණාවට “

එයාගේ ඒ ඇස් දිලිසෙනවා. මන් එහෙන්ම ඒ මූණ මයෙ දෝතින්ම අල්ල ගත්තේ ඒ ඇස් වලට ආයේ ආයේ කදුළු උනද්දී.

” ඔච්චරටම මනාපයිද මගෙ දරු පැටියෙක්ට ම් “

“  මන් හරි මනාපයි දෙයියෝ උබහැගේ ලේ කැටියෙකුට. ම න් හරි ආසයි මයෙ හා මු ”

ඉතින් මන් තීරණයක් ගත්තා අකමැත්තෙන් වුණත් දරුවෙක් වදන්න හෙට මේ වලව්වට එන පුංචි මැණිකේ එක්කලා.

” මයෙ රන් කද පැටියට දාන්න කැමති නමක් හදා ගෙන තියා ගනින් එහෙනම්”

අනේ මන් එහෙම කියද්දී ඒකා කරේ අඩ අඩාම මාව තුරුල් කර ගත්ත එක.

             ……………………..

අවුරුදු තුනකට පසු

” අප්පත් ති මල්ලිලා දෙන්නා ගා ගන්නවෝ ”

මන් හවස් ජාමේ ගෙදර ඇවිල්ලා මයෙ අප්පු හදාපු කහට එකක් බිබී ඉස්සරහට මන් කොරන්න යන්ට හදන කාරණාව ගැන හිත හිතා ඉද්දැද්දී එතැන්ට කඩාන බිද ගෙන ආවේ අපෙ ලොකු එකා නෙහස් භූමික මන්මේන්ද්‍රන්. ඒකාට දැන් අවුරුදු හයයි.

” කොහේද ඉන්නේ ඒ දෙන්නා “

” කුත්ති යේ ”

පොඩ්ඩා මට අතිනුත් කුස්සියේ පැත්ත පෙන්නද්දී මන් විජහට ගොහින් කුස්සියේ නතර වුනේ මයෙ මල්ලිගේ මැණිකෙත් කුස්සියේ පැත්තට එද්දී.

” ඒයී ඒයී රණ්ඩු වෙන්නෑ. දෙකක් දෙනවා මන් දෙන්නට රත් වෙන්න ඕන්. මොකෑ රණ්ඩු ආ “

මන් කෑ ගහද්දි මොන සද්දයක් වත් නෑ නොවැ දෙන්නගේ.

” අප්පු කාරණාව මොකක්ද රණ්ඩු අල්ලන්න. උබැහේ එක්කනේ දෙන්නා හිටියේ ”

” හාමු මන් මේ චූටි වැටෙන්න ගොහිල්ල මන් අල්ලාගෙන ගෙන බිමින් තිබ්බ පාර පොඩිට මේ ඒකටද කොහෙදෝ කේන්ති ගොහින් හාමු “

අප්පු එහෙම කියද්දී පොඩි ඉන්නවා බිම බලා ගෙන අප්පුගේ සරම් කොනෙනුත් අල්ලන්.

” ආයේ මේ වලව්වේ අයියා මලෝ රණ්ඩු වුනොත් මන් ගොහින් අර ලොකු පොකුණට දානවා ඕන් හොදද “

” à·„ ලි “

” චූටි කෝ…….  කට නෑ “

පොඩී වැරැද්ද කරා වුණත් මයෙ මූණ බලලා එකා හරි කිව්වට චූටි බිම බල්ම් අට්ටටර කමට කට තද ඉන්නවා.

අප්පච්චි ඉන්න කියාපු මාසේ ඇරෙන්න මන් එක දවසක් වත් පුංචි මැණිකේ එක්කලා හිටියේ නැත්තේ එයත් ඒ ගැන මාත් එක්කලා මොකුත්ම නොකියද්දී. මන් හිතන්නේ මන් මේ දීගේ කෙරුවාවට අමනාපයි කියලා මල්ලි ඒකීට කලින්ම කියන්ට ඇති.

පුංචි මැණිකේට මන් හින්දා විෂම නිවුන් පැටව් දෙන්නෙක්ම ඉපදෙද්දී පොඩි ලොක්කා චෙච්ච කොට චූටි තප්පර ගානකින් බාල වුනා. ඉපදිච්ච දවසේ ඉදන් වැඩි හරියක්ම පොඩි හැදී වැඩුනේ මයෙ අප්පුවා එක්කලා. මොකද චූටි කැමතිම නෑ එකාගේ අම්මා ළගට උගේම අයියා තියා ලොකු එකාවත් කිට්ටු වෙනවට. හුස්ම ගන්න බැරි වෙන්න හූ තිය තියා අඩන්නේ. ඒ නිසාම අපෙ ලොකු පුතා රෑට නිදා ගන්නෙත් අපෙ අම්මයි අප්පුච්චයි ළගට වෙලා.

හැබැයි ඒකාට හරියන්න පොඩි කැමති නෑ චූටි අප්පුවා ළගට කිට්ටු වෙනවාටවත් . අප්පු බැරි වෙලා හරි පොඩි ඉන්න තැන චූටි වඩා ගත්තොත් වලව්වම දෙදරන්න හූ තියෙනවා.

අද පොඩි චූටිට පිගානෙන් දීලා තියෙන්නෙත් අප්පුවා චූටිව අල්ල ගත්ත නිසා. මුං දෙන්නටම දැන් අවුරුදු දෙකයි මාස තුනයි.

  චූටිගේ නම විරාජ් අහස්‍ය මන්මේන්ද්‍රන් වෙද්දී පොඩිගේ නම දිනුල රහල්‍ය මනමේන්ද්‍රන් වුනා. චූටිගේ නම මල්ලියි එයාගේ හාමිනෙයි හැදුවා වෙද්දී පොඩීට මන් දැම්මේ මයෙ දිදුල කලින් ඉදන් එයාගේ පැටියා වෙනුවෙන් හදන් හිටපු නම. අහස්‍ය පෙනුමෙන් ටිකක් මන් වගේම වුණත් දිනුල ටිකක් එයාගේ අම්මා වගේ. හැබැයි කොල්ලගේ පාටයි ඇස් දෙකයි නම් තනිකරම මන් වගේ.

මන් රෑ දෙගොඩ හරියේ ගියේ මයෙ අප්පුවා නිදන් ඉන්න කාමරේට. මන් යද්දි පොඩ්ඩායි එයයි දෙන්නම හොද හැටියට නිදි. අපෙ අප්පුච්චා වුණත් අම්මා වුණත් අප්පු මයෙ ළමයි තුන් දෙනා එක්කලා ඉන්නවට කිසිම අමනාපයක් නැති නිසා හොදයි.

ඒත් මල්ලිගේ මැණිකේට නම් මයෙ අප්පුවා නයාට අදුකොළ වගේ.  පොඩි පුළුවන් තරම් එයාගේ ළගට ගන්න හැදුවත් චූටි නිසා එකාගේ අම්මා ළගට වැඩිය යන්නෙම නැති තරම්.

” අප්පු අප්පු විජහට නැගිටහන් “

මන් පැටියව ඇහෙරෙන්නැති විදිහට අප්පුට කතා කරේ අප්පුත් ලාවට ලාවට ඇස් ඇරලා බලද්දී.

” හාමු ඇයි මේ ම් “

” අපි තුන් දෙනාම යමු. ම් මට ඕනී මයෙ රන්කඳ එක්කලා මයෙ පැටියවත් තියන් නිදහසේ ජීවත් වෙන්ට. අපිට හැමදාම හැංගි හැංගි ආදරේ කොරලා අපෙ අප්පුච්චට අහුනු දාක අපි දෙන්නම මරලා හංගයි මයෙ මැණිකේ “

” යමු මයෙ මහත්තයෝ “

අවුරුදු දහඅටකට පස්සේ,,

” සර් අද මීටින් එක දෙකට තියෙන්නේ “

” හරි ජගත් යන් මන් එන්නම් ”

එහෙම කිව්ව මන් ආයේ මගෙ ෆයිල් ටික මුල ඉදන් බලන් බලන් ගියේ වැරැද්දක් අඩුපාඩුවක් හරි තියෙයිද කියලා බලන්න.

අපි එදා පාන්දර හතරේ කෝච්චියේ ආවේ කොළඹට. මන් මට දීලා තිබ්බ රත්තරන්  බඩු ටිකෙන් ටිකක් වගේ විකුණලා මයෙ පැටියටයි මැණිකෙටයි ඉන්න හිටින්න පරණ ගෙදරක්‌ තියෙන සාමාන්‍ය ලොකු ඉඩම් කෑල්ලක් අරගෙන    කෑම කඩයක් කරගෙන ගියා පොඩිවට. අවුරුද්දක් දෙකක් විතර යනකොට ගෙදර කෙසේ වෙතත් මන් තව සල්ලි ටිකක් හොයන් මේ වෙනකම් මයෙ අප්පුවයි මායි කරන් ගිය පොඩි කඩ කෑල්ලෙන් එක්කහු කර ගත්ත සල්ලිත් දාලා මයෙ කඩේ ටිකක් ලොකුවට හදා ගෙන එක එක වර්ගයේ කෑම දාන්න පටන් ගත්තා.

මයෙ මැණිකෙගේ කෑම වැට්ටෝරු නිසාමයි අපෙ කඩේ ලොකු ප්‍රධාන පාරක්‌ ළගම තියෙන නිසාමයි අවුරුදු තුන හතරක්‌ යනකොට ගොඩක් දියුණු වෙන්න පටන් ගත්තා.
ඉතින් අද වෙනකොට මන් කොළඹ නගරයේ ගොඩක් ප්‍රසිද්ද හෝටලයක තනි අයිතිකාරයෙක්. මයෙ පුතාත් දැන් කොළඹ කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ ඉන්න ලොකු කොල්ලෙක්.

ඔක්කොම වැඩ ඉවර කරලා ගෙදර එද්දී රෑ නවයත් පහු වෙලා වෙනකොට වෙනදට මන් එනකම් ඉස්සරහ පුටුවට වෙලා වාඩි වෙලා බලන් ඉන්න ඒ රුව දැන් නොදකිද්දී මට ටිකක් නෙවෙයි සෑහෙන්න බය හිතුනා.

” අප්පච්චි ඔයා ආවද ”

මාව දැකපු ගමන් දිනුල එහෙම ඇහැව්වේ ලාවට හිනාවකුත් දාලා.

” කෝ අම්මි ”

” ආ අප්පච්චි අම්මිට ආයේ ඔලුව කැරකිල්ලක් ආවානේ ”

” ඉතින් දරුවෝ මට ඇවිල්ලා කලින්ම ඕක කියන්න එපැයි දෙයියනේ ”

එහෙම කියා ගෙනම මන් ගියේ අපි දෙන්නගේ කාමරේට. මන් යද්දි එයා ඔහේ ඇදක වැතිරිලා හිටියේ මන් ආවා කියලාවත් ඔලුව උස්සලා බලන්නැතුව.

” මැණික “

මන් ඒ ඔලුව අත ගාද්දී තමයි එයා ටිකක් හරි ඔලුව උස්සලා මයෙ දිහා බැලුවේ.

” ඇයි දෙයියෝ ළමයා අතේ වත් මට පණිවිඩේ එව්වේ නැත්තේ ආ “

” අ නේ එයා කැම්ප ස් එකේ වැ ඩනේ ම්… ”

” ශ් කතා කරන්න ඕන්නෑ යමු ඩොක්ට හම්බෙන්න ”

මන් එයාව වඩාගෙන වාහනේට දා ගෙන පුතත් එක්කලා ගියේ හොස්පිටල් එකට.

” කලබල වෙන්න එපා වීර සූරිය මෙයාගේ ඔලුවේ ඇතුළේ පිළිකාවක්. අපි පුළුවන් උපරිමයෙන් බේර ගන්න බලන්නම් “

ඒත් එක්කම මන් ඒ බිම ඉන්ද වුනේ මයෙ පපුවට උණු යකඩයක් කිදා බහිනවා වගේ දැනුනු නිසා.

  ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි යාලූලා 🙏🙏

ගිහිල්ලා එන්නම් 🤗🤗💗

අද කොටස කතාවේ ඉස්සරහට වැදගත් වෙනවෝ. ඒකයි පොඩි බේබිගේ අප්පච්චිගේ අයියගේ කොටහකුත් දැම්මේ 😊😊

යාලූ ඔයාලගේ අදහස් වලට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏💗💗

වෝට් වලටත් ගොඩාරියක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

…………………………………………………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාහත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාහත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාහත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාහත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාහත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දාහත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 18