À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහතුන්වැනි කොටහා

A+ A-

” බේබී හාමු “

” මොකෝ ”

නුරාද පැත්තට හැරිලා හාන්සි වෙලා ඉන්න පොඩි බේබිට මන් කතා කරායින් පස්සේ මොකෝ කියාගෙනම එයා මගෙ පැත්තට හැරුනේ මට හිනාවක් යද්දි.
කොන්ඩේ මූණටම වැටිලා නිසා හොල්මනක්‌ වගේ.

” නින්ද යන්නැද්ද ආ “

” ම් මට පැදුරේ ටිකක් අමාරුයි වගේ නේ. ”

” ටිකක් වෙලා යද්දි හරියයි ”

මන් එහෙම කිව්වේ බේබිගේ ඔලුව හෙමින් සැරේ අත ගගා.

” මන් ආසයි ඒ සින්දුවට ”

” මාත් ආසයි ඒකට ”

මාත් ආසයි කියපු බේබී මන් බලන් ඉද්දැද්දීම මයෙ ළගට ඇවිල්ලා එයාගේ ඔලුව මයෙ අත උඩින් තියලා එයාගේ කකුලකුත් මයෙ ඇගට දැම්මත් හරි මාත් මයෙ අනිත් අතින් එයාව තව තවත් ළගට කර ගත්තා.

” නිලූෂ “

” ම් ”

” ඔයාට කවුරුහරි හොද කෙනෙක් හම්බුනොත් ම් මේ මේ අ පි …. “

” මට දැනටමත් හම්බෙලා ඉවරයි ”

” ම් මොක ක්ද ”

” කවුරු හරි කෙනෙක් නෙවෙයි බේබි හාමු මට දෙන්නෙක්ම හම්බෙලා තියෙන්නේ.  ඉතින් ආයේ ඒ තැන කාටවත්ම ගන්නත් බෑ මන් ඒ දෙන්නව මයෙන් ගන්න දෙන්නෙත් නෑ. හැබැයි එයාලා මට කැමති නම් විතරයි බ්……

මට ඉතිරි ටික කියන්න දෙන්නෙත් නැතුව හොදවයින් දෙකක් මට රවපු බේබි මයෙ ඇගෙන් කකුලත් අරන් පුළුවන් තරම් නුරාද ළගට ගිහිල්ල එයා ඔලුව තියන් හිටපු කෝට්ටේ අරන් අපි දෙන්නා මැද්දේ තියෙලා පැටියව බදා ගත්තා.

මට ඉතින් මෙව්වට තමයි අනිත් පැත්තෙනුත් හිනා යන්නේ.  ගුරුවරයෙක් වුනාට මොකද මන් කියන කිසිම දෙයක් තේරුම් ගන්නවත් කුරුම්බැට්ටි ගෙඩියක් තරම් වත් මොළයක් නෑ. දැන් හිතනවා ඇති මන් වෙන එවුන් දෙන්නෙකුට කැමති කියලා.

” මයෙ වස්තුව මේ අප්පච්චිව කවදාවත් දාලා යන්න නම් එපා ර න් කද. මයෙ පපුව පැ ලෙ යි පුතේ. මන් මැරිලා යයි. අපි දෙන්නට අපි දෙන්නා විතරයි ම යි මේ ලෝකේ ඉන්නේ à·„à·œ ද ද. ආයේ කි…..  පිස්සුද තමුසේට අතාරිනවා මා..  ”

” අ à·„à·Š “

මේ මනුස්සයා මේ මොනාද කියවන්නේ දා ගෙන. බේබිගේ කට බලිය නිසා පැටියා නැගිටියි කියලා කෝට්ටේ අයින් කරලා බේබී හාමුව මන් මයෙ ළගට ඇදලා ගත්තත් හරි අතාරින්න කියලා කෑ ගැහුවට මන් නෙවෙයි අතෑරියේ. පුළුවන් තරම් මයෙ පපුවට මන් තද කරන් හිටියට මොකද බේබී හාමු එකපාරටම මයෙ පපුවේ පැත්තක් හප්පද්දී මයෙ ඇස් වලින් කදුළුත් පැන්නා.  මයෙ දෙයියනේ මේකා කොටියෙක්ද කොහෙදෝ ගිය ආත්මේ. මන් එක පාරටම බේබිගේ මූණ අයින් කරත් හරි මයෙ ඇගිල්ලේ නිය පොත්තකුත් බෙල්ලේ ඇනුනේ ඒ පාර හරි ලස්සනට බෙල්ලේ හිටිද්දී.

” තමුසේ මාව හුස්ම හිර කරලා මරන්නද යන්නේ මිනිහෝ. තව පොඩ්ඩෙන් මයෙ පපුව පැලිලා මැරිලා යන්නේ මයෙ à·„à·”…. ”

” ශ්…. සද්ද බෑ. මහ ලොකු අප්පච්චියෙක් නේද ආ.. ඔහොම කෑ ගැහුවොත් පැටියා විතරක් නෙවෙයි අල්ලපු කාමර වල ඉන්න කට්ටියයත් මෙතැන්ට එයි ”

පුළුවන් තරම් සද්දේ අඩු කරලා තද හඩින් එයාගේ මූණටම පාත් වෙලා එහෙම කියද්දී තමයි බේබී හාමු සද්දේ නැතුව මයෙ දිහාම බලන් හිටියේ.
ඉතින් එහෙන්ම තව ටිකක් මූණටම ළං වුනු මන් ඒ නළලට සිපුමක් තියෙලා මයෙ නළල ඒ නළලට තද කරන් මයෙ අතකුත් ඒ කම්මුලක් උඩින් තියද්දි බේබිගේ ඒ ඇස් වලින් කදුළු ස‍ට ස‍ට ගාලා වැටුනා. එයාගේ උණු කදුළු වලින් මයෙ අත තෙත් වෙලා යද්දි මාව නිකන් පිච්චෙනවා වගේ.

” බේබී හාමු මයෙ බේබී හාමු ඇයි දැන් අඩන්නේ ආ ”

“  තමු සේ  ම හා දුෂ් ට යෙ ක්‌  හිතක්‌ පපුවක්‌ නැ ති. “

” ඇයි එහෙම කියන්නේ “

” බටර් ගාන්නැතුව ඉන් න වා දැන් “

” මන් දෙයක් කියන්න ද ”

” මොකක්ද ”

මන් දෙයක් කියන්නද කිව්වම තමයි පොඩි බේබී මයෙ මූණ දිහා හොදට පොඩ්ඩක් හරි බැලුවේ.

” බේබී හාමුයි පැටියයි මාත් එක්කලාම ඉන්න කැමති නම් මේ නිලූෂ එකාගේ පපුව ගැහෙනකම් වුනත් ඉන්න කැමති. මගෙ ඇස් මානේ දුරින් බේබියි පැටියයි ඉද්දැද්දී මයෙ හිතේ තියෙන හැගීම් බේබි හාමු මට‍ මෙහෙමයි කියලා වචනෙන් කියන්න බෑ. මන්දා මට‍ ආදරෙයි කියන්න  ලස්සන ලස්සන වචන දාලා පද පේලි අමුණ ගන්න තේරෙන්නේ නැති වුනත් මන් හිතනවා මයෙ බේබී හාමුට මාව තේරුම් ගන්න පුළුවන් ඇති කියලා.
මන් කැමති නුරාදගේ අප්පච්චිට.  මන් හරි ආදරෙයි මේ චූටි සර්ට.  මට හරි ලෝභයි වීරන්කෙඩුව වලව්වේ මේ පුංචි බේබී හාමුට . ඉතින් මයෙ බේබී හාමු ඇයි මට‍ මොකුත්ම නොකියන්නේ ම්. ”

මන් මෙච්චර හෑලි ටිකක් කියවන් ගියත් බේබී නෙවෙයි හෙලවුනෙවත්.
මයෙ පපුව අස්සේ ඔහේ මූණ ඔබන් ඉන්නවා. නින්ද වත් ගිහින්ද මන්දා හාමුට.

” බේබී හාමු හොදට නිදා ගන්න එහෙනම්. මන් ආදරෙයි ”

එහෙම කියලා මාත් හරි බරි ගැහිලා බේබී වත් තුරුල් කරගෙනම නිදා ගන්න හැදුවත් එක පාරටම ආයේ ඔලුව උස්සලා මයෙ දිහා බලපු බේබී මයෙ බෙල්ලේ අස්සේ මූණ ඔබා ගත්තා. එහෙනම් මෙයා නිදාගෙන ඉදලා නෙවෙයි තියෙන්නේ.

” නිලූෂ ම න් ළගින් ම ඉන්න හැමදාම ”

” ඉන්නම්. ගුඩ් නයිට් “

” ම් ගුඩ් න යිට්. ”

අද වෙනදටත් වඩා මයෙ හිත සැහැල්ලුයි. ලොකු බරක් නිදහස් වුනා වගේ දැන් නම්.

                …………………….

” පා පා ආ ආ ආ ”

පහුවෙනිදා ටිකක් දවල් වෙලා අපි යාපනේ පුස්තකාලේට යද්දි එකේ ලස්සනට වවලා තිබ්බ මල් දැකලා නුරාද හූ තියන්න ගත්තා ඒවා අතින් පෙන්න පෙන්න.  මන් වඩා ගන්න ගියත් පොඩි එකා නෙවෙයි මයෙ අතට ආවේ. පොඩි එකා බේබිගේ ඔලුව හොල්ල හොල්ල එයාගේ මූණ හපද්දී බේබී පොඩ්ඩක් පැත්තකට ගියේ මෙතැන ළමයිනුත් අපේ දිහා බලන් ඉන්න නිසා වෙන්නැති.

” චටස් ”

මන් එයාලා ළගට ගියත් හරි මන් දැක්කේ හොද වයින් පාරක් පොඩ්ඩාගේ පස්සට බේබී හාමු ගහනවා.  මන් ළගට ආවායි කියලා දැක්ක නුරාද හූල්ල හූල්ල මයෙ ළගට දුවන් ඇවිල්ලා මයෙ කකුල බදා ගත්තේ එයාගේ අප්පච්චිගෙන් මාව බේර ගන්න කියන්න වගේ. එහෙන්ම පැටියව වඩා ගත්ත මන් ඒ ඇබ්බිති කම්මුල් දෙක ඉඹගෙන ඉඹගෙන ගියෙ අඩලා රතු උණු ඒ මූණ තව තව රතු වෙද්දී .

” ඇයි ඔච්චර හයියෙන් ගැහැව්වේ “

මන් වැරදි දෙයක්ද මන්දා ඇහුවේ දැන් නම්.  ඇයි ඔච්චර හයියෙන් ගැහුවේ කියලා ඇහුව ගමන් පුස්තකාලේ සිරි නරඹ නරඹ හිටිය පොඩි බේබී මට දුන්නේ මාව අලු වෙලා යන්න පුළුවන් බැල්මක්. මේ පොඩි බේබීට එක එක වෙලාවට එක එක විදිහට රවන්න පුළුවන් අපූරු හැකියාවක් තමයි තියෙන්නේ. ඒක එයාටම අවේනික දක්ෂ තාවයක්.

” මතක හිටින්න තමයි ගහනවා නම් ගහන්න ඕනී. ඉස්සර ඔහොම නෑ. දැන් තමයි මෙයාගේ මේ හුරතලේ. ඉල්ලන දේ දුන්නැත්තන් මයෙ මූණ බරු ගහනවා.  තාම මයෙ ඔලුව නිකම් කැරකෙනවා කැරකෙනවා වගේ. ආයේ ඔයවගේ වැඩ කරොත් මන් ඔහොම නෙවෙයි ගහන්නේ නුරාද. මේ අප්පච්චි එක්කලා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා පුතා. මන් ආයේ පොඩි එකා කියලා බලන්නෑ දෙනවා අත දිග ඇරලා පාරක්. මන් කොච්චර ඔයා ඉල්ලන දේවල් අරන් දීලා තියෙනවද. අරක දෙන්න බැරි වුණාම මාව කන්න හදනවා මෙතැන ”

බුදු අම්බෝ මන් ආයේ මොකුත් කියන්නැතුව ඉස්සරහින්ම ගියේ මන් බේබී ළගට වෙලා හිටියොත් මයෙ කන් දෙකට මොකක් හරි වෙයි කියන බයට. පොඩි එකාට නම් මයෙ උරහිස උඩම නින්ද ගිහිල්ලා හොදට.

“  සර්ට නම් අද ටිකක් තරහා ගිහිල්ලා වගේ අයියේ. අද චාමිකටයි අනිදුටයි දෙන්නටම බැන්නා එයාලා මේ පොඩ්ඩක් රණ්ඩු කරාට. ”

මයෙ ළගම හිටපු කොල්ලෙක් එහෙම කියද්දී මන් පිටි පස්ස හැරිලා බැලුවේ මෙයාලගේ සර්ට මේවා ඇහුනොත් වත් කියලා.  හොද වෙලාවට සර් කෙනෙකුයි ටීච කෙනෙකුයි එක්කලා කයියක් ගගහා එන්නේ.

” එහෙම ද කොයි වෙලේද බැන්නේ ”

” උදේ අපි පැදුරු නව නව ඉද්දී ”

හරි මට දැන් නේ මතක් වුනේ බේබී හාමු තරහින් ඉන්න විත්තිය.

මන් උදෙන්ම ගිහිල්ල මූණ හෝදන් එද්දී මේ ටිකකට කලින් හිටපු පොඩි බේබී නෙවෙයි දැන් කාමරේ හිටියේ. චීස් කෑල්ලක් කකා හිටපු පොඩ්ඩත් පෙන්න නෑ . එහෙන්ම ඇදුමක් දාන් එළියේ ඇවිද ඇවිද හෙව්වත් එයා නෙවෙයි මට හම්බුනේ.

” පුතේ විරාජ් සර් එහෙම දැක්කද ”

” ආ සර් නම් මේ දැන් මනුජලත් එක්ක වෙරළ පැත්තට ඕන් ගියා දැක්කා ”

ඒ කෙල්ල එහෙම කිව්වයින් පස්සේ මන් වෙරළ පැත්තට යද්දි පොඩ්ඩා ඉන්නවා මනුජලා එක්කලා රැල්ල පාග පාග . ඊට ටිකක් එහාට වෙන්න තව කොල්ලෝ වගයක් එක්කලා මොන මොනවදෝ හොයන බේබීව දැක්කයින් පස්සේ මාත් එයාලා ළගට ගියා. මන් ළගට ආවත් හරි එයා නෙවෙයි ඉතින් තාම මාව දැක්කේ. බීමට නැවීගෙන රැල්ලෙ මොනාදෝ හොයනවා.

” අ à·„à·Š මන් බය වුනා “

” මොනාද හොයන්නේ “

” දිනුලට ලස්සන පුංචි හක් ගෙඩියක්‌ හම්බෙලා තිබ්බානේ උදේ . උදේට වෙරළට ලස්සන ලස්සන පුංචි හක් ගෙඩි වෙලාවකට ගහන් එනවායී කියලා අතු ගගා හිටපු කෙනෙක් කිව්ව.  අපිත් මේ ආවේ හක් ගෙඩියක් හරි හොයා ගන්න අනේ. එවලේ ඉදන් හොයන්නේ තා.. ”

පුංචි කොට කලිසමකට තඩිම තඩි අත් දිග කමිසයක් ඇදන් හිටපු එයාව දකිද්දී  මයෙ හදුන් පොත කෑදර වන්නම නටන්න පටන් ගත්තා.  ඉතින් මන් තවත් බලන් නොයිද එයාව මයෙ ළගට ඇදලා අරන් මන් එයාගේ කට කෑවේ මයෙ එක අතක් ඒ ඉන වටේ තදින් එතෙද්දි. එයා මයෙන් කොච්චර අයින් වෙන්න හැදුවත් මන් නෙවෙයි කරන වැඩේ පොඩ්ඩක් වත් නතර කරේ.

❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️
❤️

” ඒ බන් ඒ අ.. ”

” ඩිස්ටප් කරන්න එපා බල්ලෝ ”

ලාවට ලාවට වගේ කටහඩවල් ටිකක් ඇහෙද්දී ඉන්නේ කොතනද කියලා මතක් වුනු මන් ඊයක වේගෙන් පොඩි බේබිව ඈත් කළේ එයා පපුවත් අල්ලන් හයියෙන් හයියෙන් හුස්ම ගනිද්දී.  ඒත් ඒ තප්පරේම මාවත් තල්ලු කරන් දුවගෙන දුවගෙන ගියේ තාමත් මනුජලා එක්කලා රැල්ල පාග පාග ඉන්න නුරාදවත් මතක් නොවේද්දි.  මල හත්ති ලව්වයි. මදැයි මාත් වේලි වේලි ඉදලා කටක් කන්න ගියා.

” අයියේ ඔයාට අමතක වුනාද හලෝ මෙතැන අපිත් ඉන්නවා කියලා. අවුලක් නෑ හැබැයි අරගොල්ලෝ දැක්කේ නෑ වෙන්නැති.  අපි හත් අට දෙනා විතරනේ මේ ළග පාත හිටියේ.  ඔහොම තමයි ඉතින් ආදරේ කරද්දී. ටිකක් සර්ව ශේප් කර ගන්න බලන්න ඉතින්. ඔයානේ ඉතින් කාමරේ ඇතුලේ ඉදන් කරන්න ඕනී දේවල් එයාගේ පන්තියේ ළමයි ඉස්සරහම කරේ.”

” ඕවා ගනන් ගන්නෙපා අයියේ. මන් හිතන්නේ අපෙ සර්ට ලැජ්ජා හිතිලා වෙන්නැති ”

මන් එයා දුවන පැත්ත බලන් ඉද්දී මේ ළමයි හිත නිවන කතා කියනවා මට.

” ම් මට අමතක වු නා දරුවෝ “

එහෙම කිව්ව මන් පැටියවත් අරන් ආපහු පන්සලට ආවේ මයෙ පළමු කට කෑම තාමත් මතක් වෙද්දී.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

යාපනේ ආවොත් අනිවාරෙන්ම රියෝ අයිස්ක්‍රීම් කන්න යන්නම ඕනී.  ළමයිනුයි අපියි එක එක වර්ගයේ අයිස්ක්‍රීම් කද්දී මන් බැලුවේ අපිට ටිකක් එහායින් අයිස්ක්‍රීම් කකා ඉන්න දෙන්නා දිහා. දෙන්නට නම් දැන් මාවත් අමතක වෙලා වගේ. නුරාදගේ අයිස්ක්‍රීම් එක පැත්තක තියෙද්දී එයා නිලූෂගේ අයිස්ක්‍රීම් එකට අත දාලා ලෙව කකා ඉන්නවා. බලන් යද්දි මේ දෙන්නම එක්කයි. නිලූෂගේ සුදු කමිසේ හිටන් දුබුරු පාටට අයිස්ක්‍රීම් ගෑවිලා.

” සර් මල්ලි එක්කලා වලියක් දාන් වගේ ”

” ආ මේ පොඩි වලියක් ගියා තමයි මිස් “

” මොකක්ද අප්පේ වලිය දෙන්නගේ “

මේ මිස්ටත් ඕන්නැති හුචක්කුවක් නෑ නේ ඉතින්. මට නිදහසේ මේක කන්න දෙන්නේ නැති හැටියක්. ඇත්තමයි මට‍ රස කෑමක් කද්දී මොකෙක් හරි අපතයෙක් ඇවිල්ලා කියවද්දී තමයි මට‍ ඉතින් ආවේස වෙන්නේ. මට මේ කකා ඉන්න අයිස්ක්‍රීම් එකම මූණේ ගහන්න හිතයි දැන් නම්.

” මන් පිට අයට මයෙ පවුලේ ප්‍රශ්න ගැන කිය කියා ඉන්න කැමති නෑ මිස් ”

” අහ් හරි සර්. මන් මේ නිකන් ඉතින් ඇහුවේ සර් “

ඒ ගෑණි මොන මොනාදෝ දෙඩෙව්වත් මන් දිය වෙලා තියෙන තඩි අයිස්ක්‍රීම් හැන්දක් කටේ ඔබන් ආයේමත්  නිලුෂයි පුතයි දිහාට බැල්මක් දෙද්දී මන් දිහා බලන් හිටපු නිලූෂ ඉක්මනට අහක බලන් පුතාගේ අයිස්ක්‍රීම් එකෙන් කටක් කන්න පටන් ගත්තා.

උදේ ඉදන්ම මන් නිලූෂ ට කතා කරේම නැති තරම්. එයා කොච්චර කතා කරන්න හැදුවත් මට උදේ එයා කරපු වැඩේ නිසා කේන්ති හොදටම. එයාට පොඩ්ඩක් හිතන්න තිබුනා අපි මේ ඉන්නේ පිට තැනක කියලා. මගෙ ළමයි මන් ගැන මොනා හිතයිද. කොහොම හරි අපෙ අප්පච්චි වත් මේ ගැන දැන ගත්තොත් මාව ඉතිරි කරන්නැති වෙයි.

හවස ඉර බහිනවා බලන්නත් එක්කලා අපි ආවේ යාපනේ කොටුවට. බස් එකේ අපි දෙන්නා එකට ආවත් මන් මෙහෙට එනකම්ම බොරුවට ඇස් පියන් නිදි වගේ හිටියා. මට තාම ලැජ්ජයි මයෙ පන්තියේ කොල්ලෝ ටිකගේ මූණ බලන්න.

” සර් සර් පොඩ්ඩක් එන්න ”

අනිත් පන්තියේ මිස් එක්කයි සර් කෙනෙකුයි එක්කලා මන් ඇවිද ඇවිද ඉද්දී  අපි ළගට දුවන් ආවේ මයෙ පන්තියේ මනුජ. මනුජ ඇවිල්ලා මාව නිලූෂ ළගට එක්ක ගිහිල්ල පොඩ්ඩක් හිනා වෙලා මෙහෙම ඉන්න අරහෙම ඉන්න කියද්දීයී මට තේරුනේ මෙයාලගේ කැමරාවෙන් ෆොටෝ ගහන්න කියලා. ඇත්තටම රනුකලා කැමරාවක් ගේනාවනේ නේන්නම්.

“  අයියෝ ඔහොම බෑ සර් ඔයා පොඩ්ඩක් අයියා ළගට ගිහිල්ල හිනා වෙලා ඉන්නකෝ ”

” ආ දැන් චූටියා එන්නකෝ අපි ළගට.  ආ සර් එන්න එපා ඉන්න පොඩ්ඩක් ඔය දෙන්නගේ ෆොටෝ එකක් ගන්නකම්. “

” අයියේ ඔයා දැන් පොඩ්ඩක් සර් දිහා බලන්න. අයියෝ සර් වට පිට බලන්න ඕන්නෑ. කවුරුත් ඔය දෙන්නා දිහා බලන් ඉන්නෑ අනේ. ”

දෙයියනේ මේ ළමයි නම්. මේ ළමයත් උදේ අතන හිටියද මන්දා.

අද රෑ නම් අපිට ඉන්න වුනේ දෙමළ අයගේ උත්සව වර්ග තියෙන ලොකු පොදු ශාලාවක.  මේකෙ නම් ගුරුවරුන්ට වෙන වෙනම කාමර තිබ්බේ නැති වෙද්දී ගෑණු ළමයි ටීචස්ලයි ශාලාවේ අනිත් පැත්තේ කොටසේ ඉද්දී කොල්ලෝ ටිකයි සර්ලයි මෙහා පැත්තේ හිටියා. රෑට කිරි බත් හදන් කාපු අපි දැන් ලෑස්ති වුනේ නිදා ගන්න. ඒත් මන් මේ වෙනකම් නිලූෂ එනකම් බලන් හිටියත් එයා නෙවෙයි තාම ආවේ. පැටියට නම් දැන් නින්දත් ගිහිල්ල හොදටම . එහෙන්ම නැගිට්ට මන්  අපි ටිකකට කලින් ඇදුම් මාරු කරපු පහළ කාමරේට යන්න හැදුවේ එකේවත් ඉන්නවද කියලා බලන්න. මේ වෙලාවට නම් ගොඩක් අය නිදිත් එක්කලා.  මන් දොරත් හිමීට ඇරන් ඇතුළට යද්දි මන් දැක්කේ එයා ජනේලේ පඩිය උඩ ඉදගෙන  ලොකු කල්පනා වක ඉන්න විදිහ.  එහා පැත්තේ උයන කාමරේ ලයිට් එළිය නිසා එයාව මට හොදට පේනවා .

” ම් මේ නිදා ගන්න එන්නැද්ද ”

මන් කතා කරපු පාර එයා ගැස්සිලා පිටි පස්ස බලද්දීයී මන් දැක්කේ එයාගේ ඒ ඇස් රතු වෙලා කියලා .  ඉතින් එයා කලබල වුනා. ආයේ එහෙන්ම එහා පැත්තට හැරුණු එයා ඒ ජනේලේ පියන වහද්දි ලයට් එකවත් දාලා නැති මේ කාමරය ටිකක් අදුරු වුනා. ඒත් අර ජනෙල් පියනේ භාගෙට ඇරිච්ච කොටසෙන් එන එළිය නිසා මට‍ ටිකක් එයාව පැහැදිලිව පෙනෙද්දී මන් එයාගේ ළගින්ම හිටගෙන එයා දිහා බලද්දී එයා නෙවෙයි මයෙ දිහා බැලුවේ.

“  ප් පො ඩි බේ බි මට සමා.. ”

” මට නිදි මතයි හලෝ. දැන් වත් යමු නිදා ගන්න. මට‍ කෝට්ටේ ඔලුව තියා ගන්න බෑ ”

එයා හොදටම අඩලා කියලා එයාගේ ඒ බැරැන්ඩි වුණු කටහඩින් මට ඒක තවත් තේරුනා. එයා සමාවෙන්න කියලා කියන්න හදද්දීම මන් එයාව අපි නිදා ගන්න කොටසට අතින් ඇදන් ආවේ මට දැන් එයා ළගම ඉන්න ඕනී නිසා.

” ම් නිදා ගමු “

මන් එහෙම කියද්දී නිලූෂ අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවත් මන් එයාට ආයේ කතා කරා.  එලෙස කෙලෙසද මන් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් වත් නැතුව නිදා ගන්නේ .

” මට මේ කෝට්ටේ නින්ද යන්නෑ නිලූෂ “

” ආ මයෙ කෝට්ටේත් ගන්න බේ.. “

” පිස්සු ද ඔයාට. ඇයි තේරෙන්නැත්තේ ආ…. මොලයක් කියලා කළදක් නැද්ද මට නිදා ගන්න ඕනී ම් මේ අපි අ ර ම් මේ ඊ යේ නිදා ග…. ”

” සර් ප්ලීස් පොඩ්ඩක් සද්දේ අඩු කරගන්න මට නිදා ගන්න අමාරුයි “

හප්පට සිරි මයෙ කටේ සද්දේ වැඩි වෙලා නේ. අජිත සර්ටත් ඇහිලා. ඒ මනුස්සයත් මේ රෑ ඇහැරන් මොනා කරනවද මන්දා. මන් මයෙ දිහා බලන් ඉන්න නිලූෂ ටත් බැල්මක් දීලා මයෙ කෝට්ටේ අරන් මන් නිදා ගන්න හැදුවත් නිලූෂ මාව එයා ළගට ඇදලා ගත්ත පාර මයෙ පිට ඒ පපුවට වැදුනත් හරි මන් බෙල්ල හරවලා ඇයි ඇහුවා .

” ඇයි “

” පුතාට ඔය කෝට්ටේ බදා ගන්න දීලා මයෙ අත උඩින් නිදා ගන්න ”

එයා හරි හෙමින් මයෙ මූණට පාත් වෙලා එහෙම කියද්දී මගෙ මූණට ඉබේම හිනාවක් ආවේ එයාගේ ඒ අත උඩින් මන් ඔලුව තියා ගනිද්දී.  එයාගේ ඒ ඇගිලි හරි හරියට මයෙ ඔලුව පුරා යද්දි මයේ ඇස් පිය වීගෙන ආවේ කන්නාඩි කුට්ටම නැති ඒ ඇස් දිහා බලා ගෙන ඉද්දැද්දීම .  මයෙ මේ මුළු හිතම නිවන්න ආපු දෙවි කෙනෙක් මයෙ නිලූෂ. මන් හරි ආදරෙයි ඔයාට.  වලව්වට ලගදි ආපු පොඩි කොල්ලෙක් වුනාට මොකද දැක්ක පලවෙනි දවසෙම මට මොකක්දෝ හුරු ගතියක් දැනුනා ඔයාගෙන් නිලූෂ.

             ❤️❤️❤️❤️❤️❤️❤️❤️

පොඩි බේබීට නිලූෂ දැක්ක දවසෙම මොකක්දෝ හුරු ගතියක් දැනුනලු නේද .  පොඩි බේබී තමයි ඉතින් කියන්නේ 🙂.

ගිහිල්ලා එන්නම් යාලූ 💗💗

බුදුසරණයි හැමෝටම 🙏🙏

වෝට් කරන කමෙන්ට් වලින් අදහස් කියන යාලූලා හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහතුන්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහතුන්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහතුන්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහතුන්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහතුන්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහතුන්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 14