À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්වැනි කොටහා

A+ A-

” චූටි තාත්ති ඕවා ගණන් ගන්න එපා අයියෝ. පේන්නෑ කිරි අම්මා අපෙ අප්පච්චිටයි අයියටයි බැන්න විදිහ. ඉස්පිරිතාලේ අනිත් මිනිස්සු මොනා හිතුවත් අපිට මොකද. අනික කිරි අම්මගේ සිහිය විකල් වෙලා චූටි තාත්ති. “

” ඒවුනාට බලන්න දූ අම්මා දැක්ක හැටියේ බය හිතෙනවා. මොනාද එයා එච්චර පිස්සුවෙන් දොඩන විකාර. “

” එහෙම තමයි විරා. අම්මට දැන් තේරුමක්‌ නෑ. ඉස්සරත් එයා ඔයාලා එක්කලා කේන්තියෙන් වෙන්න ඇති නෙ බන් ඉන්න ඇත්තේ. ඉස්සර ඉදලම හිතින් එක එකාට වයිර කර කර හිටියොත් අවසාන කාලේ සිහියක් පතක් නැති වෙනවා තමයි බන්. “

දිනුල මයෙ හාමු ළගින් ඉදගෙන එහෙම කියද්දී දෙව්මිත් මගෙ හාමු දිහා බලන් හිටියා. ලොකු මැණිකෙට අමාරු වුණු නිසා අපි හැමෝම ආවා ඉස්පිරිතාලේ. දෙනුවන් නම් ඊයේ ගෙදර ගියා. ලොකු හාමුයි ලොකු බේබීයි නම් ලොකු මැණිකේ ළග. රාහුල් කමනි නැන්දා එක්කලා ගෙදර. අපි ටික එළියේ වාඩි වෙලා ඉන්නවා.

” තූති අප්පත්ති අයි කී අම්මත තීය නති වුණේ….. “

” ඉස්සර ඉදලම පැටියගේ කිරි අම්මා හොද වැඩක්‌ වත් හරියට කරේම නෑ නෙ. හොද නැති වැඩ කරපුහාම ඔහොම වෙනවා “

” මතත් ඒම වෙයිත තූති අප්පත්ති “

” මගෙ පුතා නාක බබෙක් නෙවෙයිනෙ. පැටියා ගුණ යහපත් විදිහට ඉන්නවනෙ. අනික අප්පච්චි එක්කලා පැටියා හවසට බුදු සාදුට පහන තියෙලා වන්දනා කරන්නෙ “

මගෙ ඔක්කේ ඉදගෙන හිටපු චූටි පැටියා මගෙ දිහාම බලන් ඉදලා එහා බංකුවේ වාඩි වෙලා ඉන්න මයෙ හාමු දිහා බැලුවා.

අද උදේ ඉදලා පැය ගානක් යනකම් ලොකු මැණිකේ අපි හැමෝටම සාප තියෙනවා. මයෙ හාමු මහත්තයට බනිනවා දාගෙන ඒකත් අප්පා වගේම මිනිහෙක් එක්ක අම්මා අප්පච්චිව දාලා පැනලා ගියා කියලා. ලොකු හාමු නම් කරේම නිහඩව පැත්තකට වෙලා බලාගෙන හිටපු එක. ඩොක්ටත් කිව්ව ලොකු මැණිකෙගේ සිහිය විකල් වෙලා කියලා. අපෙ පැටියා දැක්ක හැටියේ ලොකු මැණිකේ කියනවා අප්පු උබ මරනවා උබ මරනවා කියලා. පැටියත් බය වුණා ඒකට නම්. දැන් නම් ඩොක්ට සිහිය නැති වෙන්න බෙහෙතක්‌ විදලා තියෙන්නේ.

මන් නුරාදවත් හාමු මහත්තයට දීලා එන්න ආවේ දේශනේට. ඒවට හැමදාම වගේ නොයා හිටියොත් මට විබහගේට දෙන ලකුණු අඩු කරයි කියලා මන් ඉදලා හිතලා හරි ඒවටත් යනවා.

” උබ ලියා ගෙන ඉවරයිද දැන් මට අදම මේ පොත දෙන්නේ ඈ සුද්දෝ “

” ඔව් ඔව් බන්. මන් පෙරේදම ලියල ඉවර කරා. කොහෙද උබට ඊයේ තිබ්බේ මට තිබ්බ දේශනේ නෙවෙයිනෙ. “

එහෙම කියලා මන් ඊයේ නිමාලිගෙන් ඉල්ල ගත්ත සටහන් ටික මගෙ අනිත් පොතේ ලියා ගත්තා මිස් එනකම් කියලා.

” උබ ඊළග සතියෙ එනවද බන් අපේ බැජ් ට්‍රිප් එක යන්න. දැන් ඉතින් එන්න වෙන්නෑ කියපන්කෝ බලන්න “

” උබ මන් ගැන දන්න නිසා ආයේ වෙනම කියන්න ඕන්නෑනෙ නේද ටික්කො “

පළමු වසර අවසාන වාරෙ නිසා ඊළග සතියෙ දවස් හතරක ට්‍රිප් එකක් යන්න ලෑස්ති කරන් තියෙන්නේ. මට කොහොමත් එන්න වෙන්නෑ. එදාට අපෙ අංශයේ යෝග්‍යතා පුහුණු වීම් කරනවා. එක දවසක් හරි ඒවා මග ඇරෙනවා කියන්නේ ආයේ කොහොමටවත් ඒ ටික මට අල්ල ගන්න බැරි වෙන එක.

” අප්පේ….. ඔව් ඔව් උබට ඉතින් එසේ මේසේ රාජකාරී නෙවෙයිනෙ තියෙන්නේ. කමක් නෑ ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකොට සුද්දා කොල්ලා මේ පැත්තේ පොලිස් පති තුමා වුනොත් කාටද ඉතින් ආඩම්බර නේද “

” අනේ පලයන් බන් යන්න. මාව මෙතැන පල් කරන්නැතුව. “

මුගේ කට නිසා ළග ඉන්න උන්ටත් ඇහුනොත් මට‍ ලැජ්ජාවේ බෑ. ඇයි අනේ එහෙම කෙනෙක් වෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද.

” බොන්න යමුද පොඩ්ඩක් “

” මොනාද “

පුස්තකාලෙටත් ගිහිල්ලා එද්දි මූ මගෙන් බොන්න යමුද කියලා අහද්දී මන් මොනාද කියලා ඇහැව්වේ මුන් මේ අඩියක් වත් ගහන්න යනවද කියලා හිතුනු නිසා.

” කහට එකක් බන්.  තිබහයි. “

” ආ හරි හරි යමූ “

මන් පොල් රොටි දෙකකුයි තේ කෝප්පයකුයි ගද්දි ටික්කා ලැවරි දෙකයි කහට කෝප්පයයි ගත්තා.

” ඒ බන් මන් අරකි එක්ක සෙට් වුණා බන් “

” මොකාක්…… ටිකිරි එක්කලා.. යකෝ මට‍ උබ කිව්වෙත් නෑ නෙ “

” ඉතින් බල්ලෝ උබ එදා ආවේ නෑ නෙ. අදනේ ඉතින් අපි දෙන්නත් හම්බුනේ. ඒකී එක්ක එදා තමයි ඉතින් සෙට් වුණේ “

අමෙ අම්මේ එහෙනම් මුටත් හරි ඉතින්.
මාසයක ඉදලනෙ මේකා ටිකිරිලියාට ඇහැ දාන් හිටියේ.

තේ එක බීලා කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා මන් එහෙන්ම නැග්ගේ බස් එකට ඉක්මනට ක්වාටස් එකට යන්න. හොදටම හවස් වෙලා රෑ වෙන්නත් කිට්ටුයි.

” තූති අප්පත්ති…. ඔලා මත මොනාද අලේ ගෙනාවේ…….. “

” නුරාද චූටි අප්පච්චි ආපු හැටියේ මොකද ඔය කඩචෝරු ඉල්ලන්නේ ආ… හරි අගෙයි දැන් පුතණ්ඩියා හැදෙන විදිහ”

දොරත් ඇරගෙන ඇතුළට යද්දිම ටීවී බල බල හිටපු පැටියා දුවගෙන ඇවිල්ලා පැන්නේ මගෙ ඇගට.

” තූති අප්පත්ති මත තොකෝ එතත් ගේනවා කිව්වා අප්පත්ති. ඔලා මත බොලුවට සා කලනවා. ඉත්තල්ලත් අප්පත්ති මත සා කලානේ තූති අප්පත්ති. ගුදක් සා කළා “

” නුරාද කොහෙන්ද ආ දැන් ඔය කේලමුත් කියන්න පුරුදු වෙලා තියෙන්නේ. දෙනවා මන් දෙකක් දැන් පස්ස රත් වෙන්න “

” හරි හරි පැටියා දැන් කියන්නකෝ අප්පච්චි ඇයි පැටියට සැර කරේ කියලා “

” පූතත සේප්පුවෙන් ගව්වා කියලා “

එහෙම කියපු කොල්ලා ආයේ බිම බලා ගත්තා වෙද්දී හාමු මහත්තයට හිනාවකුත් ගියා.

” සත්තුන්ට එහෙම ආයේ ගහන්න එපා පුතා හොදද. ඉන්නකෝ පොඩ්ඩක් චූටි අප්පච්චි පැටියට ගත්ත චොකලට් පෙට්ටිය දෙන්න “

මන් නයි මල්ල ඇරලා චූටි එකාගේ අතින් තිබ්බේ එයාගේ චොකලට් එක.

” ඇග හෝදන් එන්න. නාන්න නම් එපා වතුර සීතළයි. කොත්තමල්ලි එකක් වක් කරන්නද “

” ඒක නම් හොද අදහසක්‌. මන් ඇග හෝද ගන්නකම් සරමයි තුවායයි ගේන්නකෝ මයෙ හාමු “

ඒ කම්මුලට හාද්දකුත් දීපු මන් කමිසේ බොත්තමුත් ගලව ගලව ගියෙ ටැංකිය ළගට. මයෙ හාමු මහත්තයා කිව්වත් වගේ වතුර සීතළයි තමයි . මේ වතුර දැන් ඔලුව හලා ගත්තොත් හෙට උදේ වෙද්දී නැගිට ගන්නවත් බැරි වෙයි.

මන් ඇග හෝදලා ඉවර වෙද්දී හාමු ඉන්නවා ඉස්සරහ ඉස්තෝප්පුවේ මයෙ සරමයි තුවායයි තියන්.

” ඕක බාල්දියට දාන්න මගෙ ඇදුම් ටිකකුත් තියෙනවා. මන් පස්සේ හෝදලා දාන්නම් “

” කමක් නැද්ද “

එයා මගෙ පිටටත් හයියෙන් පාරක් ගහගෙන ඇතුළට යද්දි මන් යට කලිසම ඒ බාල්දියට දාලා තුවායත් කර වටේට දා ගෙන කුස්සියට ඇවිල්ලා ඉද ගත්තේ බංකුවෙන්. හාමු මහත්තයා කේතලේ ලිපෙන් බාලා මයෙ කෝප්පෙට උණු වතුර වක් කරනවා.

” පැටියෝ කෙක් පෙට්ටිය ගේන්න. චූටි අප්පච්චිට අල්ලන්න “

” කෙක් කොහෙන්ද හාමු “

” ඇයි අනේ එදා ඇමති පුතා කෙක් පෙට්ටියක්‌ ගෙනල්ලා තිබ්බනේ. මන් පස්සේ කන්නම් කියලා කබඩ් එකෙන් අරන් තිබ්බ පාර මට හවස මතක් වුණේ. පැටියට ඉතින් ඒකෙන් කෑල්ලක් කපලා දුන්නා මන්. “

හාමු මට කතා කර කර ඉද්දි පැටියා අයිසින් තලියකුත් කකා මට කෙක් පෙට්ටිය අල්ලන්න එනව.

” ආ කෝ මේකේ උඩ තිබ්බ චොකලට් බෝල ටික . මගෙ දෙයියනේ කේක් එක වැහෙන්න චොකලට් බෝල පිරිලා තිබ්බනේ ඈ පුතා. දැන් එක බෝලයක් නෑ හොයා ගන්න “

හාමු මහත්තයා ඉනටත් අත් දෙක තීයා ගෙන යන්න හදන හිනාවත් පාලනේ කරන් කොල්ලට කියද්දී පොඩ්ඩා බිම නිදා ගෙන ඉන්න පූසා දිහා බැලුවා.

” බොරු කියන ළමයි අපායේ යනවා “

” අප්පත්ති පැතියත ගුදක් බදගිනි ආවානේ. මන් කාවා ඉතින්. ඔලා ඇග තෝද තෝද හිතියේ. මන් කාද කළේ නා නෙ ඔයාත. මන් ඉතින් තුත්තක් කාවා අලේ තොකෝ බෝල තික “

අයිසිනුත් කට වටේටම ගාගෙන පැටියා කේක් පෙට්ටියත් මගෙ ඇගෙ ගහලා හාමු ළගට ගිහිල්ලා ඔලුවත් උඩට කරන් හාමු දිහා බලාගෙන හේතු කියනවා . චොකලට් එකක් දැක්කොත් ඇති කොල්ලට. ඒක කාලා ඉවර කරනකම් නිවනක් නෑ. ඉස්සරහ දතකුත් පනුවෝ කාලා. පනුවෝ කාපු අනිත් දතක් මේ ළගදි වැටුනා.

” හරි හරි ඉතින් එහෙම තමයි නේද ළමයි වුනාම “

” මන් තාම කෑවෙත් නෑ. කෝ දෙන්න කපලා මන් ගෙනල්ලා දෙන්න. හොද වෙලාවට චොකලට් බෝල නැතත් චොකලට් අයිසින් ටිකක් හරි ඉතිරි වෙලා තියෙනවා “

” ඒකනේ අප්පත්ති ඒවා ගුදක් තියෙලවා අලේ. මතත් කාල්ලක් අයිතින් පත්තෙන්.   කෝ කෝ මත මේ හලියෙන් ඕනී අලේ අයියූ….”

පොඩි එකා හාමු මහත්තයා කේක් කපන තැනටත් ගිහිල්ලා චූටි පුටුවේ උඩ හිටගෙන කොල්ලා අයිසින් පැත්ත පෙන්නලා හරි අහිංසක පැටියා වගේ කටත් උල් කර කර ඉල්ලනවා.

” දෙන්නම් දෙයියෝ…. දෙන්නම් අප්පච්චිලා දෙන්නා පැටියට නොදී කනවද කියන්නකෝ “

” ඒකනේ හාමු. අපි දෙන්නාගෙ චූටි පැටික්කා මයෙ “

බංකුවෙන් නැගිටලා පැටියා ළගට ගියාපු මන් කොල්ලව වඩා ගත්තා. මයෙ චූටි හුරතලේ. මන් වඩා ගද්දි මයෙ කර වටේ අතුත් දාන් බෙල්ලේ අස්සෙ මූණ ඔබන් හොරෙන් හොරෙන් එයාගේ අප්පච්චි දිහා බලනවා.

” යමු ඉස්සරහට “

              💥💥💥💥💥💥💥

” කෝ කෝ මේ මිටි කිරි එක දාන්න නිලූෂ අරහෙ කෙසෙල් මුව එක කර වෙනවා “

” හරි හරි ගිහිල්ලා දත් මැදගෙන එන්න. ඔක්කොටම කලින් ඔය කොන්ඩේ ගැට ගහ ගන්න හාමු. යකින්නක් වගේ “

උදේන්ම ඉස්කෝලේ යන්නත් ඕනී නිසා මන් නිලූෂට මිටි කිරි එක දාන්න කියලා ආවේ දත් මදින්න. ඒ අස්සෙ මට‍ නිකන් කර වෙන කර වෙන ගදක් වගේ ආපු නිසාම මන් කුස්සියට දිව්වේ දත් ටිකත් මැද මැදම.

” ම් රසයි මයෙ නිලූෂගෙ හාල් මැස්සෝ බැදුම “

දඩි බිඩි ගාලා මන් බත් ගුලියක් ගිලලා ආයේ කැව්වේ මයෙ අලි පැටියට. ඊට පස්සේ කැව්වේ ඔලුව පීර පීර ඉන්න පොඩි බට්ටට.

” මයෙ හාමු මහත්තයට බැරිද පොඩ්ඩක් පොඩි බත් ගුලි කවන්න “

” පිස්සුද නිලූෂ. ඔයිට වඩා යසට ඔයා වෙන වෙන දේවල් කටට ඔබා ගන්න එකේ කට පියන් මේ බත් ගුලිය ගිලින්න. දැන් හුරතල් වෙවී ඉන්න වෙලාවක් නෑ හතට ළගයි “

වෙන වෙලාවක බලන්න ඕනී මෙයාගේ හැටි. පරක්කු වෙලා තියෙන වේලාවෙ බත් ගුලියක් ගිල්ල ගන්න තියෙන අමාරුවක්. පොඩි එකා මයෙ මහත්තයට වඩා යස අගේට බත් ගුලි ගිලිනවා මීක් ගාන්නැතුව .

” හරි හරි ඉතින් කෑ ගහන්න එපා මේ මල පාන්දර “

” මතක් කරලම එද්දි අර එළවලු කඩෙන් එළවලු තුන හතරක්ම ගේන්න. කොල්ලු තිබ්බොත් කොල්ලුත් ගේන්න “

” කොල්ලූ හදන්න පුළුවන්ද හාමුට “

” පුළුවන් පුළුවන්. අර පොතේ හදන විදිහ තියෙන්නේ. “

” ම් “

අවසාන බත් ගුලියත් ගිල්ලපු මන් ගියෙ පූස් පැටියට බත් ටික දාන්න. ඒකා දැන් ටිකක් ලොකුයි වගේද මන්දා.

” ලොකු මැණිකේ බලන්න හවසට යමුද “

” මට හවස් වෙනකම් පන්ති නිලූෂ. බලමුකෝ රෑට “

එයාගේ කොරල් එකත් හරි ගස්සපු මන් එයාගේ කම්මුලේ අලුතින් දාලා තිබ්බ රතු පාට බිබිල බාවෙන්න මගෙ ළග තිබ්බ ක්‍රීම් එකෙන් පොඩ්ඩක් ගෑවා. කුරුලෑ පොකුරු පිටින් පැතිරෙන්න කලින් එකක් එද්දිම කොහොම හරි බා කර ගන්න ඕනී.

” ඒක ගදයි ගොඩක් “

” ගදයි කියලා කරන්න දෙයක් නෑ. මේක නිට්ටාවටම බා වෙන්න ඕන් නම් රෑටයි උදේටයි ගා ගන්න ඕනී “

මයෙ කොල්ලා ඉතින් ලස්සනට ඉන්න එපැයි.

” තූති අප්පත්ති මන් හලි අලේ….. “

” යන් යන් එහෙනම් “

නිලූෂ එයා වැඩ කරන තැනට යනින් ගමන්ම පැටියව දාන්නම් කිව්ව‍ නිසා මන් කෙලින්ම ගියෙ ඉස්කෝලෙට. හොද වෙලාවට. පන්සිල් අරගෙන ළමයි දැන් තමයි පන්ති වලට යන්නෙ.

” සර් මේ එහෙම එකක් නෙවෙයි. ම් මේක මේ “

” මොකක්ද…. මනුජ ඇත්ත කියන්න. පොඩි එකාව අල්ලන් මොකක්ද මෙතන වෙන්නේ. මන් අච්චර අරහෙ උගන්නන්නවා දාගෙන. උබ මේ පොඩි එකා එක්ක මෙතන කයිය ගහනවා. තව මාස කීයද විබහගෙට. මොකක්ද මේ කෙලින පිස්සුව ආ….. ආයේ එහෙම මගෙ පන්තියේ එක ළමයෙක් හරි උගන්නන වෙලේ රෝන්දේ ගහලා අහුවුනොත් මන් හම ගහන්නේ. නවය වසර නේද දැන් ඔය ළමයා ඉන්නවා කිව්වේ . “

” ඔ ඔව් සර් “

” මනුජ දැන් වත් මන් යකා නොකර පන්තියට යන්න. ඉංගිරිසි මිස් ඇවිල්ලා ඇති දැන් පන්තියට “

මන් ආයේ මනුජට කෑ ගහද්දි මනුජ පොඩි එකා දිහා බලලා ගියෙ පන්තියේ පැත්තට.

” දැන් කියන්න බලන්න ඇයි අර අයියා ඔයාව නවත්තන් මොනාද මූණට එබී ගෙන කිව්වේ කියලා “

“……… “

” මට පේන්න බෑ මන් මොකක් හරි දෙයක් ඇහුවාම ගල් ගිලලා වගේ ඉන්න ළමයින්ව . ගෙනෙන්කෝ අර බිම වැටිලා තියෙන පොල්ල “

” සර් මන් මේ කිව්ව ඒවා නම් ඒ අයියට කියන්න එපා සර්. එයා අපෙ ගමේ ඉන්නෙ ඒකයි . මේකයි වුණේ සර්. මන් එයාගේ මල්ලිට කැමති “

” ඉතින් “

මුන්ට අනේ මන්දා. ඉගෙන ගන්නවා කියලා ඔලුවේ තියෙන්නේ මගුල් තුලා.

” මන් ඉතින් හැමදාම එයාගෙන් යාලූ වෙන්න අහනවා. එයා අහන අහන සැරේට බෑ කියනවා සර් . එක සැරයක් මේ සර් ම් මේ…… මන් එයාට ලිවුමක් ලියලා බෑග් එකට දැම්මා. ඒක මනුජ අයියට අහුවෙලා .

දෙයියෝ මේ ළමයින් කරන විකාර වැඩ ඇත්තට. මන් වුණත් කෙල්ලෙක්ට ඉස් ඉස්සල්ලාම කියලා ලිවුමක් දුන්නේ දහය වසර ඉද්දි. මුන් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් අප්පච්චිලා වෙන්න හදනවා.

” අද මොනාද මගෙ වස්තුට අප්පච්චි අරන් දෙන්න ඕනී ම් “

” නූදස් අප්පත්ති එලා දෙන්ත “

” නුඩ්ල්ස් එකයි බත් එකයි දෙන්න දැන් කන්න “

පැටියව කැන්ටින් එකේ තිබ්බ මේසෙකට අරන් ගිහිල්ලා පුටුවේන් වාඩි කරවලා පිගන් දෙක ගෙනාවා. කොල්ලා නුඩ්ල්ස් කටක් කන්න ගියා වුණත් මන් ආයේ බත් ගුලි දෙකක් ගිල්ලාව්වා. දැන් අපිට මෙහෙම කැන්ටින් එකෙන් කන්න වෙන්නේ සතියට දෙපාරක් විතරයි. හවස පංති තියෙන්නේ දැන් සතියට දෙපාරයිනේ.

” අප්පත්ති සාහුල් මත එලාගෙ දිලිතෙන පැන්තල මත තීයා ගන්ත දුන්තනේ. ඒත ගුදක් ලස්සතයි. මන් එලාත තූති අප්පත්ති දුන්නු තොකෝ එකෙන් කාල්ලක් දුන්තා “

” හොදයිනෙ මගෙ පැටියා බෙදාගෙන කනවා. රාහුල් හොදට වැඩ කරනවද. ළමයි එක්ක ගහ ගන්නෙ එහෙම නෑ නෙ නේද “

” එලා හුදයි අප්පත්ති “

අපි ක්වාටස් එකට එනකම්ම පැටියා කරේ එයාගේ පෙර පාසලේ විස්තර කියාපු එක. මයෙ නිලූෂත් තාම ඇවිල්ලා නෑ වගේ.

” පැටියෝ නිදා ගන්න කෝ චූටි අප්පච්චි එයි තව ටිකකින් “

” අයි එ අප්පත්තියේ තූති අප්පත්ති තාම නත්තේ “

” වැඩ ඇති “

මන් පැටියට නින්ද යනකම්ම එ ඔලුව අත ගාලා ඌල් ජේසි එක දා ගෙන සාලෙට ආවා. අද එයා කිව්වේ නෑ නෙ ගොඩක් රෑ වෙනවා කියලා. හරි නම් හය හත වෙද්දී එන්න ඕනී. බලමුකෝ තාම නවයයිනේ  .

නිදි කිර කිරා හිටපු මන් ගැස්සිලා වගේ නැගිට්ටේ වාහනයක හෝන් හඩක් ඇහුණු නිසා වෙද්දී මන් සරමත් හදාගෙන ගිහිල්ලා දොර ඇරියා. දොර ඇරපු ගමන් වාහනෙන් බැස්සේ කොල්ලෙක්.

” පොඩ්ඩක් එනවද “

” අහ් හරි එන්නම් “

ඒ කොල්ලා කතා කරත් හරි මන් ගියෙ පිටිපස්සේ ෂීට් එක ළගට වෙද්දී මගෙ පපුවත් එක්ක දාලා ගියෙ භාගෙට කමිසෙත් ගලවලා මුළු ෂීට් එකේම නිදාගෙන නිලූෂව දකිද්දී.

” මොකද මේ මෙයා මෙහෙම “

” ටිකක් විතර බීලා වැඩි වුණා. දන්නැද්ද ඉතින් “

මෙයා කවදාවත් බොන මිනිහෙක් නෙවෙයියිනේ. මේ කොල්ලා පැත්තකින් අල්ලද්දී මන් මයෙ කොල්ලව වත්තම් කරගෙන ඇවිල්ලා හාන්සි පුටුවේ වාඩි කෙරෙව්වා.

” මන් ගයාන්. මෙයාලගෙ අංශයේ තමයි ඉන්නෙ. අද කොල්ලොන්ගේ පොඩි සාදයක් තිබ්බා. ඒකයි මේ “

” රෑ එකොළහ දොළහා වෙනකම් එහෙම සාද තියෙනවද. ඒක පුදුම විකාරයක් නෙ. අනික බිව්වා කියලා මෙච්චර සිහියක් පතක් නැති වෙන්න බොන මනුස්සයෙක් නෙවෙයි මයෙ නිලූෂ කියන්නේ “

” බිව්ව නිසා තමයි ඔයාගෙ මල්ලි ඔය විදිහට ඉන්නෙ. හරි නම් ක්වාටස් එකට දාගෙන ආපු එක ගැන ඉස්තුතියි කරන්න. ඔහොම මගෙ ඇගට කඩාගෙන පනින් නැතුව. “

එහෙම කියපු එයා නිලූෂ දිහාටත් බැල්මක් දාලා ගියෙ මන් තාමත් මොකවත්ම හිතා ගන්න බැරි ව නිලූෂ දිහා බලන් ඉද්දි . මේ මනුස්සයට කොච්චර කිව්වත් අහන්නෑ යටට බැනියමක්වත් දා ගන්නෑනෙ. කමිසේ බොත්තම් ටිකත් ඇරිලා හොදට ඒ රෝම තියෙන පපුව පේද්දී මට තවත් කේන්ති. එහෙන්ම එයාගේ ළගට ගියපු මන් එයාගේ සපත්තු දෙකයි මේස් දෙකයි එළියේ තියෙලා ආවේ ඇදුම ගලවන්න. මේකා බීලා මදිවට ඇගෙත් නාලා වගේ. මන් බෙල්ටෙක පන්නලා ඒ ටිකක් තදට තියෙන එයාගේ කලිසමත් ගලවන්න හදද්දී එයාගේ අත ඇවිල්ලා මගෙ අත තද කරගෙන මොකක්දෝ මුමුණන්න හදනවා.

” එ ප්පා “

” මේ මන් මගෙ නිලූෂ. ඔයාගෙ හාමු මහත්තයා. “

කන ළගටම කරලා එයාට මන් කතා කර කර එයාගේ දිහා බලන් හිටියත් ඇස් ඇරියේ නෑ

” නිලූෂ…. නිලූෂ නැගිටින්නකෝ. මූණ කට ටිකක් හෝදගෙන නිදා ගමු. “

එයා නැගිටින්නැති නිසාම මන් උණු වතුර ටිකක් ගෙනල්ලා එ මුළු ඇගම පිහලා පිරිසිදු කරලා හෝදපු සරමක් අන්දලා කාමරේට එක්ක ගිහිල්ලා හාන්සි කෙරෙව්වා. ඇයි නිලූෂ මෙච්චරටම සිහියක් නැතිව ඉන්නෙ.
මන් ඒ පපුව අස්සේ මයෙ ඔලුව තීයා ගෙනම කල්පනා කර කර ඉද්දිම මයෙ ඇස් වලට බර ගතියක් දැනුනා.

” අප්පත්ති….. අප්පත්ති….. ඔලාගේ කුක්කු එක. ආ තේත් කාල්ල. අප්පත්ති.. “

” ති යන් න. ම න් එන්න ම් “

නුරාදගේ කෑ ගිහිල්ලට මන් අමාරුවෙන් ඇස් දෙක ඇරියා. අමෙ අම්මේ අද නිවාඩු නිසා හොදයි. තාම හැබැයි හතයි ගානක්. ඒත් එක්කම මට නිලූෂව මතක් වුණත් හරි මන් බැලුවේ එයා නිදා ගෙන හිටපු තැන.

” කෝ චූටි අප්පච්චි “

” එලා කී බතත කිලි තික දාලා එන්තම් කිව්ව අප්පත්ති “

මන් පැටියගේ අතේ තිබ්බ කිරි එකයි කේක් කෑල්ලයි ඇරගෙන ගියෙ කුස්සියේ පැත්තට. මන් යද්දී පැටියා කිව්වත් වගෙ ලිපේ තිබ්බ මුට්ටියට කිරි වක් කරනවා.

” උණු වතුර ටිකක් බීලම කිරි එක බොන්න හාමු.

ඊයේ රෑ ගැන අහන්නත් හදලා මන් හිතා ගත්තා පස්සෙම අහනවා කියලා. පොඩි එකත් මෙතන ඉන්නවනෙ ඉතින්.

” කිරි එක බීලම ඉන්නවා. කීයටද නැගිට්ටේ නිලූෂ. මට නින්ද ගියා නෙ “

” පැටියයි මායි නැගිටිද්දී හයට විතර ඇති නේද පැටියෝ “

” ඕනේ අප්පත්තියේ….. හයත විතල තමයි නැගිත්තේ. “

බත් කාලා ඉවර වුණු හැටියේ පැටියා මිදී ගෙඩි දෙකකුත් කටේ ඔබාගෙන දිව්වේ එළියට. මොකක්දෝ කල්පනාවක ඉදන් මයෙ මහත්තයා බත් ගුලිය බත් ගුලිය කටේ ඔබා ගනිද්දී ඒ කිරි බත් ටික කාලා ඉවර වෙනකම් මන් එයා දිහා බලන් හිටියා.

” තව දාන්නද මන් “

” අහ් ඇති හාමු බඩ පිරිලා “

එහෙම කියලා එයා පිගානෙත් අරන් කුස්සියේ පැත්තට යද්දි මාත් මගෙ හිස් පිගානේ අරන් ගියෙ කුස්සියේ පැත්තට.

” මේ ඊයේ අපෙ කොල්ලෙග්ගේ උපන්දිනෙ තිබ්බා. ඒකා ඉතින් වැඩ ඉවර කරලා අපිට ම්…. මේ රෑ කෑම වේලක් දුන්නා. මන් හිටියෙම යාලුවෙක්ගෙ උපන්දිනෙ නිසා විතරමයි “

ඒ සැර නිසාද මන්දා මයෙ නිලූෂගෙ ඇස් තාම ලා රතු පාටයි.

” බිව්වද ඊයේ “

” ටිකක්.   පස්සේ වෙච්ච ඒවා මතක් කරන්න හැදුවත් ටිකක් වත් මතක් වෙන්නේ නෑ නෙ හාමු. “

” ඔයාව වාහනෙකින් ගෙනත් දැම්මා නිලූෂ . ටිකක් වත් ආයේ බොන්න නම් හදන්න එපා නිලූෂ පාටි පාටි කියලා. කෙලින් ඉන්න තියා සිහියෙන් ඉන්නවත් පණක් නෑ ඔයාට එතෝට ආ . ඊයේ මයෙ මහත්තයා හිටපු විදිහ දැක්කට පස්සේ මාත් බය වුණා… අනික ආයේ කඩේට ගියත් බැනියමක් ඇදල යන්න. ඊයේ ඇරිච්ච කමිසෙන් කුක්කු දෙකත් එළියේ යසට දිලිසි දිලිසි තිබ්බේ. මන් දැක්කා ගෙනත් දාපු මනුස්සයත් විටෙන් විටේ ඒ දිහත් බැලුවා. ආයේ නම් එහෙම වෙලා මේ පැත්තේ අඩිය ගහන්න හිතන්නවත් එපා….. “

” හරි හරි අනේ කෑ ගහන්න එපා මෙතන. මන් හිතලා කරේ නෑ නෙ හාමු. තාම මගෙ ඔලුවත් පැලෙන්න වගේ. ඒ අස්සේ මන් දෙයක් කියන්න යද්දි ඔහේ මෙතන කෑ ගහනවා “

” ඕනී බම්බුවක් තමුසේ කර ගන්න එකයි ඇත්තේ “

මට දැන් නම් නිලූෂට ගහ ගෙන ගහ ගෙන යන්න හිතෙන තරමට කේන්ති මට. මන් එයාටත් හොද දෙකක් බැනලා ගියෙ එළියට. පැටියා සෙල්ලම් ගෙදර සෙල්ලම් කරනවා.

” නුරාද පැටියෝ චූටි අප්පච්චිගෙ මේ බාම් එක ගාන්නකෝ “

මන් නම් ඇහුන්නෑ වගේ පාත්තියේ තිබ්බ වල් ගැලව්වා. වල් ගලවලා ඉවර වෙච්ච මන් ගෙට යද්දි නිලූෂට පැටියාගෙ ඔක්කේම නින්ද ගිහිල්ලා. පැටියා තාම ඒ නළලට බාම් ගගා හොදට අතුල්ලනවා.  වාහනේ සද්දයක් ආපු නිසා මන් ඉක්මනට කාමරේට ගිහිල්ලා නිලූෂගෙ ෂීට් එකත් අරගෙන ඇවිල්ලා එයාගේ ඇග වැහෙන්න හොදට පෙරෙව්වා. සරම තිබ්බට ඒක භාගෙට ගැලවිලා.

” අප්පත්ති කාදෝ එනවා “

” මන් බලන්නම් “

පැටියා එහෙන්ම ඉද්දි මන් ආවේ එළියට. අපෙ අයියා. එයාගේ මූණ නම් කළු වෙලා ගිහිල්ලා.

” පොඩි….. අ ම්මා නැති වු නා “

” ම් මො කාක් “

              💥💥💥💥💥💥💥

බුදුසරණයි හැමෝටම 🙏

ගිහිල්ලා එන්නම් 😊🤗

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලූලාට 💗❤️🙏

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 51