À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පස්වැනි කොටහා

A+ A-

මම රෙදි හෝද හෝද හිටියත් හරි මගේ දිහාට චූටි චූටි ගල් කැට වැටෙද්දී තමයි මන් නිකමට පිටි පස්ස හැරුනේ. අනේ අනේ පස්සත් උඩ දාන් ගල් කැට අහුලනවා පොඩ්ඩා දමාගෙන මට ගහන්න . මගේ අවදානේ ගන්න මෙයා එක එක කෝලම් වැඩ කරනවා. මාත් ඉතින් රෙදි ටිකත් පැත්තකින් තියෙලා පොඩ්ඩව උස්සලා මගේ ළගට ගත්තා. සබන් වතුර වලට ලිස්සිලා වැටුනොත් කාට කියලා කියන්නද මයෙ චූටි කෝලම් පැංචානේ ඉතින්.

” ඒයි ඒයි ඕවා අල්ලන්නෑ. ආ ආ මේක තියා ගන්නකෝ ”

” නා නා ”

” නෑ නෑ නෙවෙයි මේ ටික හෝදලා දාලා ඔන්චිලි පදිමු අපි දෙ…….  ආ  ආ   ආ   ආ”

නෑ නෑ මට එයාට ඉතිරි ටික කියන්න වුන්නෑ එක පාරටම මොකෙක්දෝ එකෙක් කෑ ගහන් මගෙ ඇගට පනිනවත් එක්කම යකඩ බාල්දියෙන් පුළුවන් තරම් වේගෙන් මන් දමලා ඇරියට පස්සේ තමයි කෙනා දැක්කේ.

” ච ටා ස් ”

පොඩි බේබි නළලත් අල්ලන් බිම වැටුණු හැටියේ ඈත ඉදන් ආපු ආරච්චි හාමු මගේ කන රත් කරේ මාව විහික්කා වෙලා යන්නම.

” තොට කොහෙන් ආපු හයියක්ද යකෝ වලව්වේ පොඩි බේබිට අත උස්සන්න ආ බොල ”

” හා හා මු   ම න්  දැක් කේ ”

” කට වහපන් පරයා තෝ ගැන පස්සේ බලා ගන්නම් “ 

එහෙම කියලා ලොකු හාමු තව දෙතුන් තුන් දෙනෙක් අඩ ගහන් පොඩි බේබිව උස්සගෙන ඇතුළට අරන් ගියා.

දෙයියනේ මන් බයවුනු පාර මොන වැඩක් ද කරේ. ඇයි පොඩි බේබි මාව බය කරේ. දැන් විනාසයි. සික් මූණේ පැත්තක් නෑ වගේ. පොඩි එකාගෙත් ඔලුවේ ඉදන් වතුර. මේ ආරච්චි හාමුත් මේ වෙලාවටම ආවා නේ. මගේම වෙලාව. මේ වලව්වෙන් එලෙව්වොත් මන් කොහේ කියලා යන්නද. මගේ ඇස් වලිනුත් කදුළු කැට එක දෙක බිමට වැටෙද්දී ඇස් පිහන්න ගියත් මගේ කන්නාඩි දෙක තිබ්බේ නෑ. මන් විහික්කා වුණු පාර ඒ දෙකත් විසික්කා වෙන්න ඇති.

” ප් පැ ටියෝ අයි යා ගේ කන්නාඩි දෙක ඒක……. අනේ “ 

ගලක් අයිනේ වැටිලා තිබ්බ මගේ කන්නාඩි කුට්ටමේ වීදුරු බිදිලා ගිහිල්ලා තිබ්බේ ආයේ දා ගෙන යන්න වත් බැරි විදිහට. නුරාදවත් එක්කරගෙන මන් වලව්ව ඇතුළට ගියේ පොඩි බේබිව බලන්න. මන් එද්දී බේබිගේ නළලට බෙහෙත් දාලා ඔතලා තිබ්බේ. ඇදේ ඔහේ දිගා වෙලා ඉන්නේ තාම සිහිය නැතිවද කොහෙදෝ. නුරාද එයාගේ අප්පච්චි ව දැකලා ළගට දුවන්න ගියත් ආරච්චි හාමු කොල්ලගේ අතින් ඇද්ද පාර හොදටම බය වෙලා ඇස් වලත් කදුළු පුරවන් අඩන්න මූණ හදා ගත්තා.

” උබ කොහෙද යන්න හදන්නේ ආ. එළියට වෙලා ඉදපන් ඇතුළට ඇවිල්ලා නටන්නැතුව ”

කොල්ලා අඩාගෙනම දුවලා ඇවිත් කාමරේ දොරකඩ ළග හිටිය මගේ කකුල බදා ගෙන ඉකි ගහන්න පටන් ගත්තත් හරි මන් එයාව උස්සලා මිරික ගත්තා.
එයා පුළුවන් තරම් මයෙ පපුව අස්සට ගුලි වෙලා මගේ පපුව ඇබ්බිත්තන් කටින් හපන්න ගත්තේ එයාගේ හැගීම් කටින් පිට කර ගන්න බැරි හින්දා බව මට තේරුම් ගන්න ඒ හැටි වෙලාවක් නොගිය තරම්.

රෑ කෑම කාලා කමනි නැන්දත් එක්කලා අස් පස් කරපු මන් කාමරේට ආවත් මට මතක් වුනේ පොඩි බේබිව. එහෙන්ම මන් පොඩි බේබි බලන්න කාමරේට ගියත් ලොකු හාමුගේ සද්දේ නිසා ඇතුලට නොයා දොර ළග කකුල් නතර වුනේ ඉබේටම වගේ.

” තෝ මොකද ඒකව බය කොරන්න ගියෙ ”

” මන් හිතුවේ නෑ නිලුෂයි චූටියයි එච්චර බය වෙයි කියලා අප්පච්චි ”

” ඌ කොහොම බය වුණත් ඒකාට කොහෙන්ද එච්චර හයියක් උබට අත උස්සන්න. මන් ඕකව වලව්වේ වැඩට ගත්තෙත් මගේ යාළුවෙක් ඌ ගැන කිව්ව නිසා ”

” අප්පච්චි එයා එලවන්න එපා. මෙතැන මගෙයි වැරැද්ද . ”

” ඕකව කමනිට හරි දෙන්න දැනට . ඕකගේ දැගලිල්ලට උබේ ආයේ තුවාලේ පෑරෙයි. ”

” මයෙ මැණික එයාගේ අප්පච්චි ළග ඉන්නැතුව කා ළග ඉන්නද අප්පච්චි.  ”

එහෙන්ම මන් ආයේ හැරිලා මගේ කාමරේට ගියේ තවත් මට එතැන ඉදලා ලොකු හමුගෙන් බැනුම් අහන්න බැරි නිසා.

අප්පච්චි…….. මාත් හරි ආසයි කට පුරා අප්පච්චි කියන්න. ඇත්තටම මගේ අම්මටයි අප්පච්චිටයි මාව එපා නිසා වෙන්නැති පාර අයිනක ගිහිල්ල දාලා තිබ්බේ.  කොට්ටේ එන්න එන්න තෙත් වෙද්දී මගේ ඇස් පිය වුනේ හීනෙකින් හරි මයෙ අප්පච්චිව මට දකින්න පුළුවන් වෙන්න කියලා.

  ( නිලූෂ සත්සිදු  /  අවුරුදු විස්සයි )

 

     ( විරාජ් අහස්‍ය මනමේන්ද්‍රන්
        අවුරුදු තිස්‌ නවයයි ) 

පාන්දර හයට විතර නැගිට්ටත් මොකද තාම මගේ ඔලුව බර ගතියයි. පොඩි බේබිට දැන් කොහොමද දන්නෑ. මන් නැගිටලා මූණ හෝදන්න ගියත් හරි දැක්කේ වලව්වේ කලබලකාරී ගතියක්.

මන් මූණ හෝදන් එද්දී පොඩි බේබි කාමරේට යනවා දැක්ක නිසා මාත් එයා බලන්න කියලා ගියා. පොඩ්ඩා තාම කොට්ටයක් බදන් නිදි.

” ආ දැන්ද මතක් වුනේ   තාම මගෙ ඔලුව රිදෙනවා ”

” ම් මේ මන් හිතු වේ නෑ ඒ පොඩි බේබි කි යලා ”

මට එහෙම කියලා කට ගන්න වුන්නෑ පොඩි බේබි අඩියට දෙකට මගෙ ළගට ඇවිත් කාමරේ දොරත් හයියෙන් වහගෙන මාව බිත්තියට තද කර ගත්තේ මගෙ හද ගැස්මත් වැඩි කරන්. එහෙන්ම ඒ හැඩි දැඩි අතෙන් මයෙ කම්මුල අල්ලන් මූණට පාත් වෙන්න හදනකොටම මට හිතුනෙම පොඩි බේබි මට කැමති කියලා. එයාගේ ඒ ඇස් වලින් මට ඒක හොදට පේනවා. එයා හදිස්සියෙවත් මාව ඉඹින්න හැදුවොත් මොකද කරන්නේ එතකොට. නිලූෂ මන් ඔයාට ආදරෙයි කිව්වොත් මොකද කියන්නේ මන්. එයාට හතළිහකටත් කිට්ටුයි වයස. තාත්තායි පුතයි වගේනේ. අපි දෙන්නා ගැලපෙන්නැති වෙයි. හැබැයි එයාගේ පෙනුම නිසා මහා ලොකු වයසක් නම් පේන්නෑ. හැබැයි මන් මල්ලි කෙනෙකුට තමයි කැමති.  ඒත් හැබැයි ඒ මල්ලි ඉතින් මේ වෙනකම් මට හම්බුනෙත් නෑ නේ. ඔන්න ඔහේ මාත් පොඩි බේබිට ආදරෙයි කියනවා. අනේ දෙයියනේ මාව නිකන් දිය වෙනවා දිය වෙනවා වගේ.

” නිලූෂ ඇත්තටම ම ට මේක කියන්නත් ලැජ්ජයි ”

මොන හුයන්නක්ද මේ…..   යකඩෝ තමන් ආදරේ කරන මනුස්සයට ආදරෙයි කියන්න ලැජ්ජා වෙන්න ඕනිද.

” ලැජ්ජා වෙන්නැතුව හිතේ තියෙන දේ කියන්න බේබි. මෙතන මායි ඔයයි විතරයි ඉන්නේ. පොඩ්ඩා තාම හොදට නිදි.  අනික ඕවා පස්සට කල් දාන්න බෑ. කියන්න තියන දේ මූණටම කියන්න. ”

” මේ ම ට  නිලූෂ ඇත්තට ම මට සමාවෙන්න “

” මො කා ආ   ආ   ආ  ………….  ම්  හ්   “    

නෑ මට ආයේ කට හොලවන්නවත් බැරි වුනේ පොඩි බේබි මගෙ කට තද කරන් වැහුව නිසා.

” පිස්සෙක් ද අයිසේ ගිරිය පලන් කෑ ගහන්නේ. තව පොඩ්ඩෙන් නුරාදත් නැගිටිනවා… “

” ම් ම්   හු   ස් ”

” මේකයි ඊයේ මන් නිකන් බය කරන්න හිතුනේ. මන් හින්දා අප්පච්චිගෙන් ගුටිත් කන්න වුණා නේද. රිදුනද ආ……..
සමාවෙන්න ”

දෙයියනේ මේ මනුස්සයා.  ශික් විතරක් සමාවෙන්න කියලා කිව්ව කැත. එනවා මයෙ කම්මුලත් අත ගාන්න තව.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.

මගේ කන් අස්සේ මූ කෑ ගැහුව පාර කන් අඩිත් පැලුනද මන්දා.       දෙයියනේ සමාවෙන්න කියලා කිව්ව එකට ඔච්චර කෑ ගහන්න ඕනිද. නිලූෂ දඩි බිඩි ගාලා දොරත් ඇරන් යන්න යද්දී ඊට කලින් ඉස්සර වුණු මන් අතින් ඇදලා ළගට අර ගත්තත් හරි එයා ආයේ ගැස්සුනා .

” අද නම් කියන්න එපා කන්නාඩි දෙක අමතක වුණා කියලා.  කෝ ඒක “

මන් එහෙම අහද්දී මූ කියනවා ඒක කාමරේ කියලා. බොරු මේකා බොරු කියන්නේ. මන් තව ටිකක් තද කරන් හුස්මක් දුරින් මූණට ආයේ එබුනත් හරි මූගෙ ඇස් ආයේ ආයෙම කලබල වුණා.

” මේ ඊයේ කැඩුනා නේ ඒ ක “

ඊයේ එහෙනම් අප්පච්චි ගහද්දි වත් විහක්කා වෙන්න ඇති.

” කෑම කාලා ලෑස්ති වෙන්න ගමනක් යන්න. අද වත්තේ වැඩත් නෑ නේ. අම්මාලා එන්න කලින් තව බඩු වගයක් එහෙමත් ගන්න තියෙනවා. මට සැලුන් එකට යන්නත් ඕනී කොන්ඩේ කපන්න ”

” හරි පොඩි බේබි ”

එහෙම කියලා කාමරෙන් එලියට නිලූෂ ගියත් හරි මන් පැටියා ළගට ගියේ එයාවත් ලෑස්ති කරලා ගන්න. නිලූෂ දකිද්දී මට මතක් වෙන්නෙම ලෝරාව. හොද වෙලාවට අද ලෝරා වලව්වට එන්නෑ. එයාලගේ කොළඹ ගෙදර යනවලු. එයාගේ දුවයි පුතයි අපෙ අයියයි අම්මයි විතරයි එන්නේ. අයියගේ දුවයි පුතයි දෙන්නම නිවුන්නු. දෙන්නටම අවුරුදු දහඅටයි දැන්.

” නුරාදත් එක්කම ඉස්සරහට නගින්න. යතුර අරන් එන්නම් මන් “

එදා වලව්වට එද්දී ඇදන් ආපු ඇදුමමයි දැනුත් ඇදන් තියෙන්නේ. අවුරුදු විස්සක් වුනාට මොකද අවුරුදු විසි පහක හැඩි දැඩි පෙනුම නිසා ඒ ඇදුම මෙයාට තවත් හැඩයි.

ඉස්සල්ලාම කොල්ලට හරියන කන්නාඩි දෙකක් ගන්න ඕනී. නැත්තන් තියෙන ඇහැත් සවුත්තු වෙයි. කොහොමත් මුගේ කන්නාඩි දෙකත් අප්පච්චි අතින්නේ කැඩුනේ.

” බහින්න ”

මන් බහින්න කියද්දී නිලූෂ පැටියවත් අරගෙන බැහැලා මන් ඉස්සර වෙද්දී නුරාදගේ අතින් අල්ලන් මගෙ පිටි පස්සෙන් ආවා.. පෙනුම එක වගේ නොවුනත් මේ ඩබල දැන් නම් තාත්තයි පුතයි වගේ. දෙන්නා දැන් හරි එකතුයි. ෂොප් එකේ තිබ්බ කන්නාඩි ගොඩ දැක්කට පස්සේ නිලූෂගේ කටත් අරුනා. එකින් එක එකින් එක කන්නාඩි කුට්ටම් බැලුවත් එක රවුම් වටකුරු කුට්ටමකට මගෙ ඇස් ගියා. එහෙන්ම ඒ දෙක අතට ගත්තු මන් නිලූෂත් බලන් ඉද්දැද්දී ඒ දෙක ඒ ඇස් වලට දැම්මා.  දැන් නම් කලින්ටත් වඩා කොල්ලා පෙනුමයි.

සැලුන් එකටත් ගිහිල්ලා උරහිස ළගට වෙනකම් වැවිලා තිබ්බ මගේ කොන්ඩේ ටිකක් අඩු කර ගත්තත් හරි මගේ තිබ්බ පෙනුමත් ටිකක් වෙනස් වුනාද මන්දා.

අයිස්ක්‍රීම් ලොරියකුත් දැක්කා විතරයි පුතා මගේ අතිනුත් ඇද ඇද ඒක පෙන්නනවා. කතා කරන්න පුළුවන් නම් කෑ ගහලා කියයි අප්පච්චි මටත් අයිස්ක්‍රීම් ඕනී කියලා. නිලූෂගේ අතින් අල්ලන් ආපු පැටියව වඩා ගෙන ලොරිය ළගට ගියපු මන් වැනිලා කොන් එකකුයි චොකලට් කොන් අයිස් දෙකකුයි ගත්තා.  පැටියගේ මූනෙන් එකයි හිනාව. එහෙන්ම අපි තුන් දෙනා නුවර වැව රවුමේ බෙන්ච් එකක ඉදන් අයිස් එක ලෙව කන්න ගත්තත් හරි මන් මේ වෙනකම් නිලූෂගෙන් අහන්නම් කියලා හිතපු කාරණාවක් අහද්දී කොල්ලගේ ඇස් ගැස්සිලා ගියා.

” නිලූෂගේ පවුලේ අදුරන කවුරුත් නැද්ද මන් කියන්නේ නෑදෑ කවුරු හරිවත් ”

” නෑ බේබි ”

මන් අහපු දෙයින් කොල්ලගේ මූණත් නිකන් පුවක් ලෙල්ලක් වුනාද මන්දා. පොඩ්ඩට නම් වගේ වගක් නෑ කට වටේ ගා ගෙන අයිස් එක ලෙව කන්නේ. පොඩ්ඩාගේ දිහායින් ඇස් ඇර ගත්ත මන් නිලූෂ දිහා බලද්දී කොල්ලා ඈත බලන් බර කල්පනාවක. කඩා හැලෙන කොට කොන්ඩේ හුළගට හෙලවෙනවා. පුතා හම්බෙන්න කලින් බොන්න ඇබ්බැහි වුණු මගේ තොල් නම් තද දුබුරු පාටකට හුරු අදුරු පාටක් වුණත් නිලූෂගේ රත් පැහැති තොල් චොකලට් තැවරිලා දුබුරු පාටට දිස්නේ දුන්නේ මගේ හදවත අමුතුම තාලෙකට දුවද්දී. දුර ඈත බලන් හිටිය ඒ ඇස් මෙච්චර වෙලා බලන් හිටිය මගේ ඇස් දිහාට යොමු වුණත් හරි මන් ඉක්මනින් වෙනතක් බලා ගත්තා.

මගේ හදවත එයා ඉස්සරහා අමුතුම විදිහට ගැහෙනවා. කොච්චර එයා දිහා බලන් හිටියත් ඇති වීමක් නෑ. චිත්‍රයක් වගේ. මට මහා ලෝබ හිතෙන හැගීමක්. අවුරුදු විස්සකට කලින් එයා මෙහෙම මගෙ පේන තෙක් මානේ හිටිය නම් මූ කොල්ලෙක් වුණත් මගේ ඇගට යට කර ගන්න මන් දෙපාරක් හිතන්නෑ කොහොමටවත්.  ඒත් දැන් ඒ හැගීම මට දැනෙන විදිහ ඊට හාත් පසින්ම වෙනස්. අවුරුදු දහ නවයක් බාල මේ පොඩි එකාට මන් කොහොමද එහෙම ආදරේ කරන්නේ…..  අරුත් මට මගේම කියලා පැටියෙක් ඉන්නවා. මන් දැන් අප්පච්චි කෙනෙක්. එහෙව් එකේ කොහොමද මන් හැගීම් වලට වහල් වෙන්නේ. පැටියා මයෙ අත් දෙකට ගත්ත දවසේ ඉදන් බීමට ඇබ්බැහි වුණු මන් ඒකත් අත් ඇරියා. සෙල්ලම් කාර විදිහට ගෙවලා දැම්ම මගේ ජිවිතේට දැන් ලොකු වගකීමක් ඇවිත්. මටත් නොදැනීම මගේ කටින් ලොකු හුස්මක්‌ පිටවුනේ අයිස් එකත් ඉවර වෙද්දී.

” නිලූෂ මීට කලින් කාට හරි ආදරේ කරලා තියෙනවද ”

” ඔව් බේබි ”

නිලූෂ කිසිම පැකිලීමකින් තොරව කිව්වේ මගේ දිහා එක එල්ලේ බලාගෙනමයි. ලා අව්වටද මන්දා කොල්ලගේ ඇස් දිලිසෙනවා.

වලව්වට වාහනේ දාද්දීම වගේ දැක්කේ අයියගේ බෙන්ස් එක. එහෙනම් එයාලා ඇවිල්ලා.

” නිලූෂ නුරාදත් එක්කලා කුස්සිය පැත්තෙන් යන්න. පැටියව දැනට ඔයාලගේ කාමරෙන් තියා ගන්න මන් ඇවිත් ගන්නකම්. ආ මේ ටිකත් දෙන්නා එක්කලා කන්නකෝ .

මගදී මන් ගත්ත චීස් පෙට්ටි දෙකයි චොකලට් පෙට්ටි දෙකයි දා ගත්ත මල්ලක් නිලූෂගේ අතට දික් කරත් පැටියා වේගෙන් මයෙ අතින් මල්ල අරන් එතැනම මල්ල ඇරලා ඇතුළට අත දාලා චොකලට් එකක් අරන් නිලූෂගේ ඇගේ ගහද්දි නොදැනීම අපි දෙන්නගෙම කටින් හිනාවක් පැන්නේ එකවරමයි.

වෝට් කරන්න යාලූ ❤️❤️ ඔයාලගේ අදහසුත් කියන්ම යන්න 🤗❤️

ඔයාලගේ වෝට් අදහස්   කතාව අකුරු කරන මට ගොඩක් වටිනවා 🙄🙂

              ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහිල්ලා එන්නම්

බුදුසරණයි හැමෝටම 🙏❤️

              …………………………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 6