À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌දෙවැනි කොටහා

A+ A-

අපෙ පැටියා වෙනදා වගේම නිලූෂ ගේ පපුව උඩ බෙල්ලත් බදා ගෙන වදුරු පැටියා වගෙ නිදා ගෙන ඉද්දි ඒ දෙන්නට සද්දයක් වත් ඇහෙන්නැති වෙන්න මන් ගියෙ වොෂ් රූම් එකට මූණ කට හෝද ගන්න. දැන් නම් කොන්ඩේ ටිකක් කැපුවා නම් හොදයි. නැත්තන් හැමතැනින්ම කෙස් ගස් මූණට එද්දි හරි කරදරේ.

කමිසෙ බොත්තම් ටිකත් දා ගත්ත මන් ඔලුවත් පීරලා බූලයකුත් දාන් ගියෙ පහළට.

” තා විස්කෝතු එකකුත් බබාත දෙන්නකු මාමි “

” පුංචි මහත්තයා විස්කෝතු දෙකකට වඩා කෑවොත් මට‍ ලොකු මහත්තයගෙන් බැනුම් අහන්න වෙයි බත් කන්නෑයී කියලා “

මන් කුස්සියේ පැත්තට එද්දි රාහු කිරි කෝප්පෙකුත් අතේ තියා ගෙන විමලගෙන් තව විස්කෝතු එකක් ඉල්ලනවා.

” මහත්තය දැන් ද නැගිට්ටේ. කිරි එකක් හදන්නද මන් නැත්තම් කෝපි ටිකක් හදලා ගන්නද මහත්තයා “

” මන් හදන් බොන්නම් විමලේ. කෝ දිනුල පෙන්න නෑනේ “

” සර් නම් උදේන්ම ගියා හෝටලේට. දහයට විතර එයි සර් නම් මහත්තයා. “

” මාමි නුලාද තාම දෝද ඈ “

මන් කිරි තුනක් වක් කරන්න කෝප්ප ටිකක් ගද්දි රාහුල් මගෙ ළගට ඇවිල්ලා නුරාද ගැන ඇහැව්වා. අපි එහෙදි එළකිරි බිව්වත් මෙහෙ තියෙන්නේ ලොකු ටින් කිරි.

” ඒකනේ එයා තාම දොයියා. අපි දෙන්නා පස්සේ නැගිට්ටවමුකෝ ඒ කම්මැලි පැටියාව හොදද “

මන් එහෙම කියද්දී එයා හිනා වෙලා පොඩි පුටුවේ වාඩි වෙලා ආයේ කිරි එක බොන්න ගත්තා.

” නුලාද කී බොන්ත ඇහැලෙන්ත නුලා ද “

මන් නිලූෂව නැගිටලා කිරි එක දෙද්දී රාහු නුරාදව හොලව හොලව කතා කරනවා.

” මාමි මෙයාත විස්කෝතු “

” මෙයාට උදේට විස්කෝතු දෙන්නෑ රාහුල්. කෝ…ඔයා කිරි බොන්නෑ “

නිලූෂ එහෙම අහද්දී රාහුල් නෑ කියලා ඔලුව වනලා ජනේලේ ළගට ගිහිල්ලා ජනෙල් ඇරියා.

පොඩි දෙන්නා එළියට ගියත් හරි නිලූෂ ජනේලේ ළග හිටගෙන ඉන්න මගෙ ළගට ඇවිල්ලා ජනෙල් පඩියෙන් ඉද ගත්තා වෙද්දී මගෙ ඇගිලි ටික ගියෙ ඒ තඹ පාට කොණ්ඩෙට .

” තාම නිදි මතද “

” හාමු මහත්තයාගේ ඇගිලි වල සනීපෙට මට‍ නිදි මත එනවා “

” නිදා ගෙන හරියන්නෑ ගිහිල්ලා මූණ කට හෝද ගෙන එන්න. මන් ටිකක් පහළට ගිහිල්ලා කෑම මේසේ හරි ගස්සලා එන්නම්කෝ විමලෙ එක්කලා “

එහෙම කියලා මන් ආවේ පහළට වගේම දිනුලගේ අම්මා අප්පච්චිලා දෙන්නගේ ෆොටෝ ළග මන් මගෙ ඇස් නැවතුනා.

දිනුලගේ අම්මා නම් හරි ලාමක පාටට පේද්දී දිනුලගෙ අප්පච්චි ඊට හාත් පසින්ම ගොඩක් වෙනස්. දිනුලගෙ වගේම තද කළු තියුණු ඇස් දෙකක් තියෙන්නේ. මේ ඇස්ම දකිද්දී ඒ අස්සේ මට‍ මගෙ අලි පැටියගේ ඇසුත් මේ වගෙ කියලා හිතුනා. දිනුලගෙ අම්මා පාටින් ගොඩක් අඩු වුණත් අප්පච්චිගේ ලා කහ පාට පැහැපත් හමක් තිබ්බා. රාහුල් නම් තනිකරම එයාගේ සීයාගේ පාට.

( රාහුල් දිදුලක )

( නුරාද අහස් මනමේන්ද්‍රන් )

” කෝ ළමයි දෙන්නා එන්න බත් කන්න. රාහු පුතේ නුරාදවත් එක්කර ගෙන එන්න “

විමලෙ මාමා මේසෙට කෑම ඇරියත් හරි මන් අඩ ගැහැව්වේ බලු පැටියා එක්කලා සෙල්ලම් කරන පැටව් දෙන්නට. මන් ඉතින් කොච්චර කතා කරත් ඒ දෙන්නට ඒවා ඇහෙන්නේ.

” මන් කොල්ලෝ දෙන්නව උස්ස ගෙන එන්නම්කෝ “

මාවත් පාස් කරගෙන ගියපු නිලූෂ අපෙ කොල්ලවත් වඩා ගෙන රාහුල්ගෙ අතිනුත් අල්ල ගෙන ගේ ඇතුළට ආවේ නුරාද නිලූෂගෙ ඇගෙන් බහින්න දගලද්දි.

” අපිත බයි එපා නෙ නේත නුලාද. අපි දෙන්තා පස්සේ කන්තම් “

” හරි හරි එහෙනම් දෙන්නා පස්සේ කන්නකෝ. අප්පච්චියී මායි දෙන්නා ඉක්මනට බයි කාලා ආසකීම් ඔක්කොම ටික කන්නම් නේද හාමු “

” නා නා මාමි අපි දෙන්තත් බයි කනෝ “

එහෙම කියලා රාහුල් කෑම මේසේ පුටුවකිනුත් ගිහිල්ලා ඉද ගනිද්දි මන් අපෙ කොල්ලවත් රාහුල් ළග තිබ්බ පුටුවේ උඩින් වාඩි කරවලා දෙන්නට බත් පිගන් දෙකක් බෙදලා දුන්නා.

” විමලෙ මාමා කන්නැද්ද දැන් “

” මන් කද්දී මහත්තයෝ නවය දහය විතර වෙනවා කොහොමත්. මහත්තයලා හොදට කන්නකෝ. “

” දිනුල කාලද ගියෙ මාමේ “

” ලොකු මහත්තයා ඇවිල්ලම කන්නම් කිව්වා මහත්තයා “

එහෙම කියලා විමලෙ කුස්සියේ පැත්තට යන්න යද්දි මන් කරේ දරුවෝ තුන් දෙනාට මදි අඩු පාඩු බෙදපු එක.

” ඔච්චර දාන්න එපා හාමු. මේ සම්බෝලේට කොච්චි දාලාද කොහෙදෝ. කටේ දැවිල්ලයි හරියට . “

නිලූෂටත් හරි අමාරුයි කොච්චියක් දෙකක් හැපුනොත් එහෙම. පව් කොල්ලට සැරටමද කොහෙදෝ ඇස් වලත් කදුළු පිරිලා මූණත් රතු වෙලා හොදටම.

……………………………….

” අන්න හරි කෝ රාහු බබා මෙහෙ බලලා හිනා වෙන්න. නුරාද තව ටිකක් ඉස්සරහට…. ආ ආ හරි කෝ දෙන්නම මේක දිහා බලන්න “

මන් එක එක විදිහට ෆොටෝ දෙක තුනක්ම ගැහැව්වා නුරාදගෙයි රාහුල් ගෙයි.

දිනුල මහත්තයා උදේ ගෙදර ආවත් හරි දවල් වෙලා අපි දිනුල මහත්තයගෙ වාහනෙන්ම සවාරි ගහන්න ගත්තා වෙද්දී මේ වෙනකොට මට‍ චුට්ටක් චුට්ටක් කේන්ති ගිහිල්ල තිබ්බේ. අපෙ හාමු මහත්තයට වෙලාවකට අමතක වෙනවා මන් මේ එයාලා එක්කලා ඉන්නවත් කියලා. දිනුලගෙයි හාමුගෙයි ඒ තරමට කයිය. අපෙ හාමු හරි ආදරෙයි වගෙ එයාගේ යාලුවට. හාමු බේබියි දිනුල මහත්තයයී වාහනේ ඉස්සරහින් යද්දි පැටව් දෙන්නයි මායි ගියෙ පිටිපස්සෙන්. අපි ටික ඉස්සෙල්ලාම ආවේ ළමයි දෙන්නගේ කීමට ආවේ දෙහි වල සත්තු වත්තට.

” නිලූෂ පොඩ්ඩක් ළමයි දෙන්නව බලා ගන්නවද මායි වීරයි දවල්ට අපි ටිකට මොනා හරි කන්න ඇරන් එන්නම් “

මන් බැලුවේ අපිට පිටිපස්සේ ඉන්න හාමු මහත්තයා දිහා වෙනකොට බේබී ඔලුවත් කහලා දත් ටික පෙන්නලා විරිත්තුව. මන් නම් කළේ හිනාවක් වෙනුවට රවපු එක .  ඇයි දෙයියනේ එද්දි වාහනේ මගින් නතර කරලා මොනා හරිම ගන්න බැරුවුනාද ඔච්චරටම

” න් නිලූ à·‚ “

” අහ් දිනුල මහත්තයා ගිහිල්ලා එන්න මන් මේ දෙන්නව බලා ගෙන ඉන්නම් මන් “

මන් එහෙම කිව්වත් හරි දිනුල මහත්තයා මට‍ හිනාවකුත් දීලා හාමු බේබී එක්කලා යන්න යද්දි මන් ඒ දිහා බලන් හිටියෙ කැමරාවත් අතේ තියන්.

” ඒයි…. ඒ…..යි ළමයි සත්තුන්ට කෑම දාන්නෑ…. කෝ ඔය ළමයි දෙන්නාගේ දෙමව්පියෝ ආ “

කව්දෝ මනුස්සයෙක් එහෙම කෑ ගහනවා ඇහුනු නිසා මන් පිටිපස්ස බැලුවත් හරි ගැස්සුනේ නුරාද අත දික් කරලා මාව පෙන්නද්දී. එහෙනම් මේ දෙන්නට තමයි මේ කෑ ගහලා තියෙන්නේ.

” තාත්තෙක් වෙලා ඔහොමද ළමයි බලා ගන්නෙ ආ. මේ පැස්බරෙක් එහෙම අතට කෙටුවොත් එහෙම. මහත්තයා මේකට ළමයි දෙන්නා එක්ක ආවා නම් ඒ දෙන්නා ළගින්ම ඉදලා හොදට බලා ගන්න ඕනී. අනික මෙහෙ සත්තුන්ට කෑම දාන්න දෙන්නෑ තහනම් . “

” ආ හරි සර් සමාවෙන්න ඕනී අපි අතින් වෙච්ච වැරැද්දට “

ඒ මනුස්සයා යන්න යද්දී මන් ළමයි දෙන්නා එක්ක ආවේ බංකුවකට ඉදගන්න. මේ රාහුල්ට නම් ගානක් වත් නෑ අපෙ කොල්ලටත් පොප් කෝන් දිදී ඌත් කටට පොප් කෝන් දා ගන්නවා. මන් හාමු යන දිහා බලන් ඉන්න අස්සේ මේ දෙන්නා පැස්බරුන්ට පොප් කෝන් කව කව ඉදලා.

” ආයේ එහෙම දෙන්නා පඩි වැඩක් කළොත් නම් මන් ආසකීම් අරන් දෙන්නෙම නෑ තේරුනා නෙ දෙන්නට “

” ඔයා නපුලුයි ගුඩක්. මන් අප්පත්තිට කීනවා ඔයා තැර දානවා කීලා අපි දෙන්නත. ඉන්තකෝ මන් ගුති දෙකත් දෙන්තත් කීනවා අප්පත්තිට “

” නා “

රාහුල් මට‍ එහෙම කෑ ගහද්දි අපෙ කොල්ලා නෑ කියලා ඔලුව වනලා ආවේ බංකුවේ ඉදගෙන ඉන්න මගෙ ඔක්කට.
අපේ පැටිය හරි ආදරෙයි මට‍. මන් නුරාදව තුරුල් කර ගෙන ඒ ඔලුව සිප ගත්තත් හරි පොඩි ඇටයත් මූණ නාලු කරන් ඇවිල්ලා මගෙ ළගින්ම ඉද ගත්තා.

” කෝද අප්පත්ති මදෙ “

” කෑම ගේන්න ගියා රාහු “

කොල්ලට දැන් තමයි එයාගේ අප්පච්චි වත් මතක් වෙලා තියෙන්නේ. නුරාදත් මගෙ පපුවේ ඔලුව තියා ගෙන රාහුල්ගෙ අතේ තිබ්බ මල්ලටත් අත දාලා මට පොප් කෝන් එකක් ඒ චූටි අතින් දික් කරද්දි මන් ඒක කටට දාලා ආයේ පැටියට හාදුවක් දුන්නා.

” ඇති ඇති මට‍. මයෙ පැටියා කන්නකෝ දැන් “

” නුලාද ඔයාතෙ පැතියා නෙවෙයි නෙ. එලා විලා මාමාදෙ පැතියනෙ. “

” විලා මාමගේ පැටියා මගෙත් පැටියා තමයි රාහුල්. නේද පැටියෝ ම් “

මන් මගෙ කොල්ලගෙන් එහෙම අහද්දී එයා එයාගේ කිරි දත් ටික පෙන්නලා ඔලුව වන වන හිනා වුනා. නුරාදට කතා කර ගන්න පුළුවන් වුනා නම් එයත් මට‍ අප්පච්චි කියලා කතා කරයිදෝ කියලා නිකමට මට හිතුනා. ඒත් එක්කම මන් ආපහු සැරයක් මන් මගෙ කොල්ලගේ කම්මුල් ඉඹගෙන ඉඹගෙන ගියා වෙද්දී ආපහු සැරයක් පොඩි ඇටයා ඇණයක් වුනා.

” පිත්තුද ඔයාත ඇත්තතම . ඔත්තර තොත්තු දෙන්ත ආ මාමි. නුලාද එන්ත දැන් මදෙ ඔත්තත. ඔයා ගුදක් වෙලා ඔතන හිතියා . “

ඒකා එහෙම කිව්වත් හරි මන් උටත් දෙකක් රවලා මන් නුරාදව තදේට බදා ගත්තේ නුරාද මගෙ දිහයි රාහු දිහයි මාරු වෙන් මාරුවට බලද්දි .  මගෙ කට නලියෑවත් මන් මොකුත් කියන්නැත්තේ ඒකා තාම පොඩි එකෙක් නිසා.

” මොකෝ මේ අපෙ රාහු බබාගේ මූණ කළු වෙලා. නිලූෂ යමු එන්න බත් කන්න”

” අප්පත්ති මේ මාමි ගුඩක් බබාත බන්නා. නුලාද මත දුන්තෙත් නා. එයා කීනවා නුලාද එයාතෙ පැතියා කීලා. බුලු කීනවා එයා. අප්පත්ති දෙකත් ගානන්කූ එයාත “

හාමු මහත්තයා අපෙ ළගට ඇවිල්ලා අපිට අඩ ගහද්දි රාහුල් බංකුවෙනුත් පැනලා ගියෙ කේලම් ටික කියන්න එයාගේ අප්පච්චි ළගට.

” රාහු ඒ මාමිගෙත් පැටියා තමයි ඒ ඉන්නේ. නිලූෂ පුතා මෙයා දග වැඩ එහෙම කරේ නෑ නෙ නේද අපි නැති අතරේ . “

” ආ ගොඩක් දග වැඩ එහෙම කරේ නෑ දිනුල මහත්තයා “

රාහුල් දිනුල මහත්තයගෙ බත් ගෙඩියෙන් බත් කද්දී නුරාද මගෙ බත් මුලෙන් බත් කෑවා.

” අප්පත්ති කෝ ආසකීම් අපි දෙන්නත ගෙනාවේ නා “

” අයිස්ක්‍රීම් කකා ඉන්න වෙලා නෑ. අපි හවසට කමු කොල්ලෝ. යමු අර පැත්තෙන් සත්තු ටික බලා ගෙන “

කෑම කාලා ඉවර වුණු අපි නැගිටලා යන්න හදද්දී රාහුල් අයිස්ක්‍රීම් ඉල්ලනවා.

” නිලූෂ “

” මොකෝ හාමු “

කොල්ලෝ දෙන්නා මින් මැදුරේ මාළු බල බල දිනුල මහත්තයා එක්කලා ඉස්සරහින් යද්දි හාමුයි මායි ආවේ පිටිපස්සෙන්.

” ආ මේ මන් අපි දෙන්නා ගැන දිනුලට කිව්ව බත් ගන්න යනකොට. “

” ඉතින් එයා මොකෝ කිව්වේ අපි ගැන “

” එයාට පුදුම හිතනලු මන් ඉස්සර හිටපු විදිහ බලද්දී. මෙහෙමයි ඉතින් ඉස්සර මට ටිකක් හතර වටේටම වගෙ කෙල්ලෝ හිටිය තමයි. ඒත් මන් පස්සේ වෙනස් වුනා නිලූෂ. දරුවා හම්බුනට පස්සෙ නම් බොන එක හිටන් අත ඇරියා.   දිනුල නම් අපි ගැන තව මොන මොනාදෝ කිව්වා ඉතින් මට‍ වැඩිය මතක නෑ “

එයා කියවනකම් මන් බලන් හිටියෙ තෙල් පාටට දිලිසෙන ඒ හාමුගේ මූණ දිහා. හාමු මහත්තයා ඉස්සර එහෙනම් සෑහෙන්න වෙනස් එක්කෙනෙක් වගෙයි.  තද දුඹුරු පාටක් වුනාට මොකද බේබී ඉතින් ගොඩක් පෙනුම නිසා ඉස්සර අතේ ඇගිලි වලටත් වඩා කෙල්ලෝ ඉන්න ඇති.

අපි ඇවිදලා ඇවිදලා ගෙදර එද්දි රෑ හතත් විතර වුනා.

” මාමි මා.. මි නුලාද මදෙ ඇදත එක්කල ගෙන යන්නත. අප්පත්තියි මායි නුලාද හොදත දෝ කලන්නම්කූ. “

හාමු මහත්තයා නිදා ගන්න ඇද හරි ගස්සද්දි දොරත් අරගෙන ඇතුළට ආපු රාහුල් බේබීගෙන් එහෙම ඇහැව්වත් හරි මෙච්චර වෙලා මන් නිදි කරවන්න හදපු නුරාදත් ඇස් ඇරියා.

” රාහු බබාට පුළුවන්ද නුරාදව නිදි කරවන්න ම්. නින්ද යනකන් ඔලුව අත ගාන්නත් ඕනීනෙ. “

” මත පූවන් නුලාදව දෝ කරවන්න “”

එහෙම කියද්දී හාමු මහත්තයා නුරාදව රාහුල් එක්කලා යවන්න ගියත් කොල්ලා බෑ කිය කිය මගෙ උරහිසේ ඔලුව තියන් හිටියා. රාහුල්ගෙ නම් කදුළුත් ඇවිල්ලා ඇස් වල.

” රාහුල් ඔයාලගේ කාමරේ දොර ඇරලා තියන්නකෝ මාමි පස්සේ බබා එක්ක එන්නම් හොදද “

රාහුල් කාමරෙන් ගිහිල්ලා ටික වෙලාවක් ගියත් හරි අපෙ කොල්ලට මගෙ උරහිසේම නින්ද ගියා වෙද්දී හාමු මහත්තයා පරිස්සමින් කොල්ලවත් අරගෙන කාමරෙන් එළියට ගියා.

” නැගිටලා අපිව හොයයිද පැටියා “

” මන් කිව්වා රාහුල්ට එතෝට ගේන්න කියලා “

කාමරේ දොරත් ලොක් කරපු එයා එහෙම කියලා තුවායත් අරන් යන්න හැදුවෙ වොෂ් රූම් එකට වෙද්දී මන් දඩ බඩ ගාලා ගියෙ එයා ළගට .

” මේ මහ රෑ නාලා  ලෙඩ හදා ගන්නද යන්නේ හාමු ම් “

” නාන්නෑ රස්නි නිසා ඇග හෝද ගන්න යන්න හැදුවෙ. ඒත්…… මට කම්මැලි තනියම ඇග හෝද ගන්න “

මගෙ කර වටේට ඒ අත් දෙකත් ඔතා ගෙන එහෙම කියද්දී මන් හිනාවකුත් දාලා කන්නාඩි දෙක පැත්තකින් තියලා ඇදගෙන හිටපු සරම් කොටෙත් බිම දාලා ගියෙ වොෂ් රූම් එකට මගෙ හාමු එක්කලා.

” අහ් මගෙ හා මු වේගෙ… න් අහ්  ත à·€ “

මගෙ ළග දණ ගහගෙන හිටපු බේබීගෙ ඔලුව මන් තව තවත් මගේ ඇගටම තද කරා වෙද්දී මගෙ මුළු ඇගම ගිනියම් කරගෙන හැගීම් ටික ඒ කට ඇතුළෙම නිදහස් වුනේ මාත් අඩපණ වෙලා එහෙන්ම හාමුගේ නිරුවත් ඇගට වාරු වෙද්දී.  මගෙ බේබිගේ අදුරු පාට තොල් දිලිසෙනවා.

ඇග හෝද ගන්න ගියපු අපි දෙන්නා නා ගෙනම ඇවිල්ලා එහෙන්ම ඇදට වැටුනත් ආපහු නැගිටලා තුවායත් ඇර ගෙන හාමුගේ ඔලුව හොදට පිහ දැම්මා.

” ඒයි නිලූෂ නැගිටින්න නැගිටින්න. අටත් පහු වෙලා මනුස්සයෝ. මට‍ දොරේ ලොක් එක අරින්නත් අමතක වුණා රෑ “

” ම් “

රෑ නාපු නිසාද මන්දා ඇස් අරිද්දි නම් මගෙ ඔලුවත් කැර කැවුනා වගෙ වුණා.

” ඇදුමත් දා ගෙන එන්න. මන් පහළට යනවා. එන්න ඉක්මනින්. “

මගෙ නළලටත් හාදුවක් තියපු හාමු දැඩිබිඩි ගාලා දොරත් ඇරගෙන යන්න ගියා. ඇදේ පැත්තකින් තියපු කන්නාඩි කුට්ටමත් දා ගෙන ඇද හරි ගස්සලා එහෙන්ම ගියෙ වොෂ් රූම් එකට.

    

          ………………………………..

“……. මන් ආයේ නැගිටලා බලද්දී මන් හිටියෙ ගබඩා කාමරේ බේබී. මගෙ ඇගෙ නූල් පොටක් වත් නැතුව මන් එවලේ ඉද්දි මට‍ හිතුනා වෙන්න තියෙන ඔක්කොම දේවල් වුණා කියලා. ඒත් වැඩි වෙලා යන්න කලින් මුදලාලි මහත්තයගෙ පුතා ඇවිල්ලා මට ඇදුමකුත් දීලා තර්ජනේ කළා කාටවත් කියන්න එපැයි කියලා. ඉතින් මන් මොකුත් කිව්වේ නෑ කාටවත්. මන් ආයේ ඒ කඩේ පැත්තටවත් ගියෙ නෑ. ඒත් නිවාඩුව ඉවර වෙලා මන් ඉස්කෝලේ යන්න ගත්තත් හරි ගුණද්දුපාලගේ පුතයි එයාගේ යාලුවෝ ටිකකුයි මුළු පන්තියටම කට කතා පැතිරෙව්වා මන් කොල්ලොන්ට කැමති කියලා. මාව පන්තියෙන්ම කොන් වුණා “

එහෙම කියලා එයා ලොකු හුස්මක්‌ පිට කරලා ඇස් දෙක පිහා ගත්තත් හරි මන් මගෙ චූටි අයියව තද කර ගෙන බදා ගත්තා.

” ම් මන් මගෙ චූටි අ යියව බලා ගන්නම්. ආයේ අතීතේ හිත හිතා පසු තැවෙන්න එපා. මගෙ චූටි අයියට බැරි ද මට‍ පොඩිම අවස්ථාවක්‌ දෙ.. “

මන් කියලා ඉවර වෙන්න කලින්ම නිර්මාල් එතැනින් යන්න ගියා.

සෝමේ මාමා මිදුල දිහාට්ට යද්දි මන් කිරි එකත් බීලා ගියෙ කුස්සියේ පැත්තට.  මන් යද්දි නිර්මාල් බංකුවෙ ඉදගෙන ටින් මාළු එක කඩන්න හදනවා.

” කෝ දෙන්න මන් කඩන්නම් “

” නෑ නෑ ඔයා අතෙන්ට වෙලා ටිකක් ඉන්නකෝ මන් පට ගාලා මේක කඩලා හදන්නම්. ඕන්නම් මේ වට්ටියේ තියෙන රතු ළුණු ටික සුද්ද කරලා දෙන්න පුළුවන්ද මට‍ “

” හරි එහෙනම් මන් ඒක සුද්ද කරන්නම්කෝ “

වට්ටිය අරගෙන මන් ගියෙ බංකුවේ ඉද ගන්න. ටින් මාළු එක කඩපු එයා එළියට ගිහිල්ලා වලන් මැස්සේ තිබ්බ මැටි හට්ටියක් ඇරගෙන ඒකට දැම්මා මාළු කෑළි ටික.

” මන් එදා හොදටම බය වුණා ඔයා මාව දාලා ගියා කියලා හිතලා “

” මන් එහෙම මගෙ චූටි අයියව ඇයි දාලා යන්නෙ. මට නිවාඩුවක් ලැබුණු හැටියේ මන් එනවා ඔයාව බලන්න “

සුද්ද කරපු රතු ළුණු ටික මන් දීලා ඒ ළගම හිටගෙන එයා උයන විදිය බලන් හිටියා.

           ……………………………….

” මොකෝ බන් නැගිටින්න පරක්කු වුනේ. උබලා දෙන්නා පාන්දර වෙනකම් වැඩ ඇල්ලුවද ම් නුරාදත් නැති එකෙ. කටත් නිකන් ඉදිමිලා වගෙ “

අපෝ මන් හිතුවේ දිනුල වැඩට වත් ගිහිල්ලා ඇතියි කියලා. බැලින්නම් එයා මොකක්දෝ පොතක් බලනවා.

” à·„à·š à·„à·š…. වැඩ අල්ලලා නිදා ගද්දි පරක්කු වුණා. මේ නුරාද මාව හෙව්වද “

“  නැතුව නැතුව නුරාදව ඇදෙන් තියලා ගිහිල්ලා වැඩි වෙලාවක් ගියෙ නෑ කොල්ලා නැගිටලා ඔයාව හෙව්වා. මායි පුතයි නලව ගන්න හදලා හදලා බැරිම තැන උබලගේ කාමරේට එද්දි දොර ලොකුත් කරගෙන. හයියෙන් දොරට ගැහැව්වත් උබලට ඒවා ඇහෙන්නෑ නෙ නේද. ඒ තරමට වැඩ නෙ. කොල්ලයි මායි පුදුම අමාරුවකින් තමයි පැටියව නිදි කරේ. මට‍ ඉතින් උබව හොයන් ඇවිල්ලා බෙල්ල මිරිකන්න හිතුනා එවලේ “

” ගැත්තාට අනුකම්පා කරලා දැන් වත් උබෙ මමිනිගෙඩිය වහ ගනින්කෝ. කෝ ළමයි දෙන්නා “

මේකා හරියට උපාසකයා වගේනේ කියවන්නේ.

” ඕන් දෙන්නම තාම නිදි ඇති. මන් නැගිට්ටවව්වෙත් නෑ ඉතින් දෙන්නව. මන් මේසේ විමලෙට කියලා ලෑස්ති කරන්නම්කො. “

දිනුල නැගිටලා කුස්සියේ පැත්තට යද්දි මන් දිනුලගෙ කාමරේට ගියා. නුරාද ඇදේ මැදට වෙන්න කොට්ටයකුත් බදා ගෙන නිදා ගෙන ඉද්දි රාහු ඇදේ කකුල් තියා ගන්න පැත්තට ඔලුව දා ගෙන නිදි.

          ❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහිල්ලා එන්නම් යාළුලා 🤗💗

බුදුසරණයි හැමෝටම 🙏🙏

අදහස් වෝට් වලට ස්තුතියි යාලූලා හැමෝටම 🙏🙏💗💗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌දෙවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌දෙවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌දෙවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌දෙවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌දෙවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌දෙවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 33