À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌අටවැනි කොටහා

A+ A-

” අද රෑටද වැඩ එතකොට “

” ම් හතට විතර යනවා හාමු. මාව ආයේ බලන්න පැටියවත් ඇරගෙන ඉක්මනට එන්න බේබී “

මායි පැටියයි ආයේ වලව්වට එන්න වාහනේට නැග්ගා. නිලූෂ දවාලේ ඉදලා මේ වෙනකම්ම මායි පැටියයි එක්කලා හිටියේ. පව් ඉතින් මගෙ නිලූෂ. අද ඉදලා ආයේ සිකුරාදා වෙනකම්ම එයා තනියම. අපිත් තනියම.

” පැටියෝ…. චූටි අප්පච්චි නැතුව පාලුයි”

” ඕ.. “

වාහනේ වලව්වේ කඩුල්ලත් පහු කරලා මිදුලට දැම්මත් හරි මට‍ ලොකු හුස්මක් පිට වුණා. මේ වලව්ව ඇතුළේ මන් ගොඩක් සතුටින් හිටපු කාලේ හරි ලස්සනට ඇහි පිලි ගහන වේගෙට ගෙවිලා ගිහිල්ලා. මාත් එන්න එන්න වයසට යනවා වගේ දැනෙන්නෙ මට‍.  මේ අවුරුද්දට මට‍ හතළිහයි. ඒත් තාම මට බැරි වුණා ලස්සන පවුලක් විදිහට ඉන්න. දෙතැනක ඉන්න අපි දෙන්නට හැමදාටම එක වහලක් යටට වෙලා ඉන්න කවදා පුළුවන් වෙයිද දන්නෑ. පුංචි පුංචි පවුල් දකින දකින සැරේට මන් පිච්චුනා. මට‍ මන් ගැනම අනුකම්පා හිතුනු වාර මෙච්චරයි කියන්න බෑ.

” උබ අර සක්කිලියගේ ගෙදර නේද ඈ බොල ගිහිල්ලා හිටියේ….. “

වලව්ව ඇතුළට ගොඩවුණු හැටියේ අපිව දැකපු අප්පච්චි වලව්ව දෙදරන්න කෑ ගැහැව්වා වෙද්දී නුරාද මගෙ පිටිපස්සේ හැන්ඟුනා. ඉතින් මන් කොල්ලවත් වඩා ගෙන අප්පච්චි එක්කලා වචනයක් වත් කතා නොකර ගියෙ මගෙ කාමරේට.

” පැටියෝ නුරාද අපි දෙන්නත් යමුද රත්තරන් චූටි අප්පච්චි ළගට. මට‍ හරි අමාරුයි දෙයියනේ මෙහෙම තනියම විදව විදව ඉන්න. පුතේ අපිට කියලත් පවුලක් තියෙන්න එපැයි “

මන් නුරාදව තදින් බදා ගෙන ඒ චූටි පපුවෙ ඔලුව තියා ගත්තා. අම්මත් ලෙඩ ඇදේ නිසා මේ වලව්ව දාලා මන් කොහොම යන්න ද කියලත් හිතෙනවා .

” නැන්දේ නැන්දගේ මාළු ඇඹුල් තියලේ හරි රසයි කියන්න කිව්වා නිලූෂ “

නැන්දා එයාගේ පන් මල්ලත් අරගෙන යන්න හදද්දී මන් එහෙම කිව්වා.

” අනේ නිලූෂ කොල්ලා හොදින් ඉන්නවද පොඩි බේබී. “

” ඔව් ඔව් නැන්දේ එයා හොදින් ඉන්නවා. හැබැයි ටිකක් වැඩ වැඩියි කොල්ලට “

” ආ තව අවුරුදු තුනයිනෙ පුතේ කට්ට කන්න වෙන්නේ. එතැනින් පස්සේ හරියයි ඉතින්. හැමදාම එකම විදිහට ජිවිතේ ගලාගෙන යන්නෙත් නැහැනේ පොඩි බේබී. මන් එහෙනම් ගිහිල්ලා එන්නම් බේබී “

” හරි නැන්දේ පරිස්සමින් ගිහිල්ලා එන්න “

ජිවිතේ කියන එක කොහොමත් හැමදාම එකම විදිහට ගලා ගෙන යන්නෑනෙ . ජිවිතේට ප්‍රශ්න අලුත් වෙවී අලුත් වෙවී එක එක විදිහට එන්න පුළුවන්.

” ආවද පොඩි….. උබ නැතුව මුළු වලව්වම පාලුයි දරුවෝ “

මන් පැටියා එක්කලා මේසෙට එද්දි අම්මා එහෙම කියනවා. අප්පච්චිත් මගෙ දිහා බලා ගෙන.

” අම්මට දැන් කොහොමද “

” තාම මහ ලොකු හොදක් නෑ පොඩි. වෙද මහත්තයා හම්බෙන්න ඉක්මනට යන්න වෙයි වගේ මේකට මොකක් හරි පිලියමක් කරන්න “

” හෙට වත් ගිහිල්ලා බලන්න තියෙන්නේ අම්මා “

පැටියගේ බත් පිගානේ බෙදපු මන් මගෙ බත් එකත් බෙදලා කන්න ගත්තා. හෙට නම් හවස් වෙනකම්ම පන්ති. මගෙ ළමයි ටිකටත් මේ අවුරුද්දේ ලොකු විබහගේ තියෙනවනෙ.

” නුරාද ආ කලිසම දා ගන්න පැටියෝ ඉක්මනට. අප්පච්චිට වෙලා ගිහිල්ලා තියෙන්නේ හොදද “

පැටියට පෙරපාසල අටට පටන් ගත්තා වුණත් මට ඉස්කෝලේ හතහමාර වෙද්දි පටන් ගන්න නිසා මෙහෙන් හතට කලින් වත් යන්න ඕනී. පැටියා පෙරපාසලට දාලා ඒත් එක්කම ඉස්කෝලෙට යන්නත් එපැයි. නුරාදගේ ඇදුම් ටිකත් ඇදෙන් තියෙලා මන් දඩි බිඩි ගාලා ඇදුම දාගෙන පහළට ගියෙ කොල්ලට බත් පිගානක් බෙදා ගෙන එන්න. මන් කාමරේට එද්දි කොල්ලා ඇදුමුත් දාගෙන ඔලුව පීරනවා. එයා එයාගේ වැඩ දැන් තනියම කර ගන්න හොදට දන්නවා. මට සතුටුයි ගොඩක් මගෙ චූටි පැටියා ගැන. එයාට බත් කටක් ගිල්ලපු මන් මගෙ කටටත් බත් ගුලියක් ඔබා ගත්තා.

” නැන්දේ කෑම පෙට්ටි දෙක හරිද “

” ආ හරි බේබී මන් ඉස්සරහ මේසෙන් දෙකම තිබ්බා. චූටි බේබීට තම්බපු බිත්තර ගෙඩියකුත් දැම්මා බේබී “

අප්පේ කමනි නැන්දට ඒක මතක් වුණු නිසා හොදයි. මට කියන්නත් බැරි වුණා පුතාගේ බත් එකට බිත්තර ගෙඩියක් දාන්න කියලා. පෙර පාසලේ උදේට අට වෙන්න කලින් ළමයිට එයාලා ගෙදරින් ගෙනාපු කෑම එක කන්න දෙනවා. ආයේ එකොළහට විතර දෙමාපියන් විසි දෙනාගෙන් එක්කෙනෙක් ළමයි විස්සටයි ගුරුවරු දෙන්නටයි කෑම ගේනවා.

පැටියගේ කමිසේ අයිනෙන් ලේන්සුවත් අමුණලා කොලෝන් බෝතලේ අපි දෙන්නම හලා ගත්තා සුවද වෙන්න .

” යමු බුදු සාදුට සාදු කියලා යමු “

” ආ “

බුදු මැදුර ළගට ගියපු අපි දෙන්නා බුදුනුත් වැදලා වාහනේට ගියා. ඒත් මට වාහනේ කඩුල්ල ළගට වෙනකම්වත් දා ගන්න බැරි වුනේ පොඩි එකා මගෙ අතට ගැහැව්වා.

” ඇයි “

මන් ඇයි කියපු පමාවට කොල්ලා මට එයාගේ කලිසම පෙන්නුවා. හරි එහෙනම් එයාට චූ බරේ. පරක්කු වෙනවා කියලා මොනා කරන්නද මට.

” ඔතනින් ඉක්මනට දාලා එන්න “

අනේ මන්දා මේ කොල්ලා නම්. බැහැපු ගමන් කොල්ලා එතැනම චූ කරා.

හරියටම හතහා මාරයි . හත වෙද්දී ගුරුවරු දෙන්නා එන නිසා හොදයි ඉතින්. දරුවා බය නැතුව දාලා යන්න පුළුවන්. නුරාදත් දැන් ඉස්සර තරම් අපි නෑ කියලා අඩන්නෑ. යාලුවෝ තුන් හතර දෙනෙකුත් ඉන්නවනෙ දැන් එයාට.

“  සර් අදත් පරක්කුයි හොදටෝම “

ළමයිනුයි ගුරුවරුයි පන්සිල් කියලා ඉවර වෙලා පන්ති වලට යනකොට මට හම්බුනේ එහා පන්ති භාර මිස්.

” ළමයා පෙර පාසලට දාන්න ගියා. යන්නම් මිස් “

මාත් මේ පොත අත්සන් කරපු ගමන් මගෙ බෑග් එකවත් තියන්නැතුව පන්තියට ආවේ. ඒ අස්සේ මේ මිස් එක්ක දොඩව දොඩව ඉන්න පුළුවනෑ.

” ළමයි හවසට ප්‍රශ්න ටික කතා කරමු. දැන් යමු අලුත් පාඩමට ඉක්මනට ගන්න පොත් ටික “

අපෙ අප්පේ අද තියෙන පාඩම බලන්න එපැයි. ළමයෙක් හැදෙන විදිහ එකින් එක සවිස්තරාත්මකව තියෙන ලොකු පාඩමක්‌. ඉස්කෝලේ යන කාලෙනම් අපිත් හරිම උනන්දුවෙන් අහගෙන හිටියා මේ පාඩම. ටීච උගන්නන්න කලින්ම තනියම මේ පාඩම කියව ගත්ත පොතේ තියන එකම පාඩම. මේ පාඩමෙන් නම් ප්‍රශ්නයක් ඇහුවොත් ඕනී එකෙක්ට රූප ඇද ඇදම විස්තර කරන්න පුළුවන් තරම් මේ පාඩම මතක හිටිනවා.

” ළමයි මේ පාඩම කලින් කියවපු අය කෝ බලන්න “

එකෙක් වත් නෙවෙයි උත්තරයක් දෙන්නේ. සමහර උන් නම් හිනා වෙනවා. ඇත්තටම කිව්වොත් මේක හිනා වෙන්න ඕනී පාඩමක් නෙවෙයි ජිවිතේ වැදගත්ම පාඩමක්.

” සර් සර් පොඩ්ඩක් ඉන්න. “

උගන්නලා ඉවර කරලා මන් ඊලග පන්තියට යන්න හදද්දී මොකක්දෝ පෙට්ටියකුයි තව පොඩි මල්ලකුයි උස්සන් ආවේ චමිරු.

” මොනාද පුතේ මේ.. ඇයියෙ මේ.. “

” සර් පෙට්ටියේ කෙක් කෑළි ටිකක්. මේ මල්ලේ දොදොල්. මගෙ උපන්දිනේට අම්මා හැදුවෙ සර්. ළමයින්ටත් ගෙනාවා. මේක සර්ට “

” අහ් පුතේ සුභ උපන්දිනයක් එහෙනම්.  හොදට ඉගෙන ගන්න ඕනී බුදුසරණයි මගෙ පුතාට. මන් පස්සේ තෑග්ගක් දෙන්නම්කෝ මගෙ කොල්ලට “

” තෑගී මොකටද සර්. සර් වගේ හොද ගුරුවරයෙක් හම්බුනු එකම අපිට කොච්චර දෙයක්ද “

” අනේ අනෙ කොල්ලෝ “

මන් කොල්ලගේ ඔලුවත් අත ගාලා පෙට්ටියයි මල්ලයි බෑග් එකට දාලා ඊළග පන්තියට ගියා. මන් එද්දි ළමයි දෙතුන් දෙනෙක් පිටිපස්සට වෙලා බත් කනවා.

” ආ හා දුවන්න ඕන්නැ ඉක්මනින් කන්න. මින් පස්සේ මන් එන වෙලාවට හැම වැඩක්ම ඉවර කරලා පාඩමට ලෑස්ති වෙලා ඉන්න ඕනී.”

උගන්නලා උගන්නලා වෙලාව බලද්දී දොළහයි දහයයි. නුරාද ගන්න යන්න වෙලා හරි.

” ළමයි මන් ගිහිල්ලා එනකම් කළු ලෑල්ලේ ලියපු ප්‍රශ්න දෙකට උත්තරේ ලියන්න. උත්තර කෙටි වෙන්න බැහැ. “

වාහනේට ගියපු මන් ඉක්මනින් ගියෙ පෙර පාසලට වෙනකොට පැටියා ඔන්චිල්ලාවට වෙලා බලා ගෙන ඉන්නවා. මාව ඈත ඉදලම දැකපු නුරාද ළග හිටපු යාලුවාටත් මාව අතින් පෙන්නලා අතත් වනලා දුව ගෙන ඇවිල්ලා මගෙ ඇගට පැන්නා. අනේ ඉතින් මගෙ චූටි කෝලම.

” පැටියෝ කඩචෝරු ගන්න වෙලාවක් නැහැ. අප්පච්චි වැඩ අස්සේ ආවේ “

” ආ “

හා කියලා ඔලුව වනපු පැටියා හරි බරි ගැහිලා ඉද ගනිද්දී මන් වාහනේ පාරට දැම්මා. වතුර බෝතලේ තාම කරේ එල්ලගෙන.

නුරාදවත් පන්තියට එක්කරගෙන ගියපු මන් ළමයිගේ පොත් බලන්න ගත්තා. ඒ අස්සේ පැටියා මගෙ බෑග්ගෙ අදිනවා.

” අහ් ඕක තියන්න පැටියෝ ගෙදර යද්දි දෙන්නම් අප්පච්චි “

ළමයි ඉන්න තැන කෑම කන එක හරි නැති නිසා මන් නුරාදට එහෙම කියද්දී ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු එයා බෑග් එකට දාලා හිස් පුටුවකට ගිහිල්ලා වාඩි වුණා.

” සර් සර් මල්ලිට නින්ද යනවා. එයා වැටෙයි “

හවස පන්තියේදී මන් ළමයින්ට උගන්න උගන්න ඉද්දි මට‍ අමතක වුණා ගුරු පුටුවේ වාඩි කරවපු නුරාද දිහා බලන්න.    මලිනි කිව්වත් වගේ පුතා හොදටම නිදි කිරනවා.

” ආ නිදා ගන්න නිදා ගන්න පැටියෝ.. “

ඉක්මනින් ළමයා උස්ස ගත්ත මන් එයාගේ මේස් දෙකත් ගලවලා මගෙ ඔක්කේ තියා ගෙන ආයේ උගන්නන්න ගනිද්දී නුරාදට මගෙ අස්සෙම නින්ද ගියා.  බතුත් කාලා කේකුත් තව ගිලලා ගිලලා බඩ පිරිලා වගේ කොල්ලගේ.

” ළමයි ගෙදර ගිහිල්ලා නිකන් ඉන්නැතුව පාඩම් කරන්න. අපිත් උගුර පලාගෙන කෑ ගගහා උගන්නන්නේ ඔයාලා ඔය ඉන්න තැනින් ගොඩට යන්න ඕනී නිසයි. ඒ නිසා මගෙ විෂය විතරක් නෙවෙයි අනිත් විෂයන් දෙකටත් හොදට මහන්සි වෙලා පාඩම් කරලා කොහොම හරි ඉහළ ලකුණු ගන්න ඕනී… “

වෙනදා වගේම මන් ළමයින්ට හවස පන්ති කරලා ඉවර වෙද්දී ඒ වචන ටිකම කිව්වා.

” පැටියෝ… චූටි අප්පච්චි බලන්න යමුද ටිකකට ම් “

” ආ… “

මෙච්චර වෙලා ඈනුම් ඇර ඇර හිටපු නුරාදගෙන් මන් එහෙම අහද්දී එයා හා කියලා හිනා වුණා. හතරයි වෙලාව. ගෙදර ඉදියිද දන්නෑ.

වාහනේ ක්වාටස් එක ළගට ආවත් මන් දැක්කේ වහලා තියෙන ඒ ලෑලි දොර.

” නිලූ… à·‚ නිලූෂ….. නිලූෂ…… “

දොරට කීප සැරයක්ම ගගහා කතා කරත් දොර නෙවෙයි ඇරුනේ. එයා වැඩ ඇති මෙලහකට.  මන් මූණත් එල්ලගෙන ඇවිල්ලා වාහනේ  හෙමින් හෙමින් පාරට වුණත් දැම්මේ නිලූෂ එයි කියලා මග දිගේ බල බල. එවුනත් එයා නැහැ පේන්නවත්.

     

           💥💥💥💥💥💥💥💥

රෑ වැඩත් ඉවර කරපු මන් ක්වාටස් එකට එද්දි උදේ හත කිට්ටු වුණා. හාමු මහත්තයා දරුවා පෙර පාසලට දාන්න යන්නත් ඇති. සපත්තු දෙකත් ගලවලා පැත්තකින් තියපු මන් වතුර වීදුරුවක්ම බීලා එහෙන්ම ගියෙ කාමරේට. නිළ ඇදුමත් ගලවලා පැත්තකින් තියාපු මන් යට කලිසම පිටින්ම ඇදට පැන්නා වුණත් මට ඒත් එක්කම වගේ මට මතක් වුනේ එකට දේශන තියෙනවා කියලා වෙනකොට එකොළහට නැගිටින්න ඔරලෝසුවෙ එලාම් එක තියා ගත්තා.

” හවසට යමු පුස්තකාලේට තුනට දේශනේ ඉවරයි නෙ. “

” හරි එහෙනම් මේ ටිකත් කලින්ම ඉවර කරලා දැම්ම නම් ලේසි එතෝට “

දේශනේට ආපු මන් ටික්කාගෙන් ඒකාට දීපු පාඩමට හදන්න දුන්නු පොතට ඕනී කරුණු ටික බැලුවා.  මට පොතක් හදන්න තියෙන්නේ ජනසංයුතිය ගැන. ඒ පොත මේ මාසේ ඉවර වෙන්න කලින් දෙන්නත් ඕනී මාර්තු අපෙ ඊළග විබාගේ පටන් ගන්න තියෙනවනේ.

” සුද්දා හවසට ජිනෙ එනවලු . යමන් හොස්ටල් එකට මාත් එක්ක. ඒකා බත් මුලක් ගෙදරින් එද්දි අරගෙන එනවා කිව්වා “

” ගොඩක් හවස් වෙන්න කලින් යන්න ඕනී බන් මට. “

රෑ වැඩකට අපිට සාජන් මහත්තයා එන්න කිව්ව නිසා මන් එහෙම කිව්වා.

” හරි හරි බන් විගහට කාලා පලයන්. යන් ඉක්මනින්. උන් මන් එනකම් බලා ගෙන ඇති “

මයි ටික්කයි කාමරේට එද්දි ජිනෙ කිව්වත් වගේ ඇවිල්ලා හිටියා. අමෙ අම්මේ කාමරේ ගන්න දෙයක් නෑ පිස්සන් කොටුවක් වගේ. යට කලිසමුත් මේසේ උඩ.

” අඩෝ සුද්දා… වරෙන් වරෙන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපෙ කාමරේට “

” දැන් වත් කමු බන් බඩගිනි. ඕක ලිහපන් බලන් ඉන්නැතුව බෙට්ටෝ “

” අරකව නැගිට්ටවපන් බන්. “

එකෙක් කෑ ගහලා බඩගිනි කියද්දී තව එකෙක් ඇගෙ නූල් පොටක් වත් නැතිව පස්සත් උඩ දාගෙන නිදි. පොත් කන්දක් උගෙ ඔලුව ළග.

කෙසෙල් කොළේ ඔතාපු තඩිම තඩි බත් ගෙඩි දෙකක්. බත් එකම වැහෙන්න එක එක මාලු පිනි. කුකුල් මසුයි තෙලේ දාපු සම්බෝලයි අල බැදුමයි. මාත් එක්ක පස් දෙනෙක්ම බත් එක කෑවට මොකද හත් අට දෙනෙකුටම කන්න පුළුවන් විදිහට ගෙනල්ලා තියෙන්නේ.

පහත් පහු වෙලා ක්වාටස් එකට ආපු හැටියේ මන් නා ගෙන මුළු ගෙදරම අස් කරන්න ගත්තේ කසාය ටිකකුත් මැටි හට්ටියට දාලා ලිපේ තියෙලා. වැඩට ගිහිල්ලා එද්දි කසාය ටිකක් බිව්ව හැටියේ ඇග පතේ රුදාවත් බා වෙනවනේ එතකොට.

” ඒ මනුස්සයට වයස කීයක් කියලද කිව්වේ “

” පනහයි සර් “

සාජන් මහත්තයා ළග හිටපු මන් පැමිණිලිකරු කියපු කරුණු ටික පොතේ සටහන් කර ගත්තා. පාරේ අයිනකට වෙන්න මේ මනුස්සයට මිනියක් හම්බෙලා තිබිලා අද හවස . අපිත් එක්කරගෙනම සාජන් මහත්තයා වෙන වැඩකට යන්න ගියත් හදිස්සියෙම වගේ පැමිණිලිකරුවෙක් ආවා නිසා සාජන් මහත්තයා මේ වැඩේට අවදානේ දුන්නා.

” එතැන තිබිලා මොනාද හම්බුනේ. කවුද මේ සිද්දිය දැක්කේ තව දැක්කේ. “

” සර් ඒ ළගම නම් පොඩි කඩයක් තියෙනවා. ඒ කඩේ මිනිස්සු දැක්කද දන්නෑ . වැටිලා තියෙනවා නම් මොකුත්ම දැක්කේ නැහැ සර් “

” ඒකත් එහෙමද “

වාහනේ යද්දි නිදි කිර කිර හිටපු මන් ගැස්සිලා කෙලින් වුනේ සාජන් මහත්තයා කෑ ගහපු පාරට.

” මාත් එක්ක වැඩ කරද්දි නිදි කිරන්න බෑ. මට‍ පේන්න බැරි කම්මැලි උන්ව තමයි. මන් එක සැරයකුත් දැක්කා මගේ වැඩකට එද්දි තමුසේ නිදි කිරනවා “

” ස් සමාවෙන්න සර්. මින් පස්සේ ආයේ එහෙම වෙන්නෑ “

මගේ නිදි මත කොහෙන් ගියාද දන්නෑ සර් කෑ ගහපු කෑ ගැහිල්ලට. තාම මගෙ පපු කැලත්ත වේගෙන් ගැහෙනවා බය වුණු පාරට .

“  පොලිස් නිළ ඇදුම දා ගත්ත නම් හැගීම් දැනීම් වලට වඩා මුල් තැන දෙන්න ඕනී රාජකාරියට. අනිත් මිනිස්සුන්ට වඩා හොද සිහියෙන් හැමවෙලේම ඉන්න ඕනී. වටපිටාව ගැනත් හොද අවදානෙන් ඉන්න ඕනී අපි අනිත් අයට වඩා . ඊළග සතියෙ ඉදලා ඔයාලගේ පුහුණු වීම් පටන් ගන්නවා. මන් හිතන්නේ පාන්දර හතර වෙද්දි පිට්ටනියේ ඉන්න ඕනී. එතකොට නම් ඉතින් කම්මැලි වෙලා බෑ. වෙලාවට කලාවට වැඩ. ඒකෙ නීති ගොඩක් තදයි. පුහුණු වීම් කරවන්නේ මේ අපි වගේ කට්ටිය එහෙම නෙවෙයි. ඒකට වෙනම අය ඉන්නවා. මන් වුණත් ඔය පුහුණු වීම් කාලේ ලොකු අයගෙන් ඕනී තරම් දඩුවම් විදලා ඇති. “

මේ රස්සාව පිටින් පේන තරම් ලේසි නෑ වගේ. මගෙ හාමුයි පැටියයි එක්ක ඉන්න වෙලාවක් වත් නැති වෙයිද මන්දා මේකෙන්. මොන දේ වුණත් හැරෙන්න බෑ ආයේ.  උපාදිය අත ඇර ගන්නත් බෑ.

” මන් එහෙනම් ගිහිල්ලා එන්නම් සර් “

” ම් හරි එහෙනම් පරිස්සමින් “

දොළහ විතර වෙද්දී පොලීසියට ආපු අපි පොතේ අත්සනකුත් දාලා යන්න යද්දි මට හම්බුනේ අපේ සර්.

තිත්ත කසාය හරි අමාරු වෙන් උගුරට හලා ගත්තු මන් දතුත් මැදලා මූණ හෝදලා ඇදට ගියා. දැන් නම් හාමු මහත්තයයි දරුවයි නිදි ඇති. ලොකු මැණිකේ තාම අපෙ පැටියට අරියාදුකම් කරනවද දන්නෑ හාමු මහත්තයා නැති වෙන කොට. 

අද දිගටම වහියි වගේ. උදේන්ම වැඩට යන්න තියෙන නිසා එක දේශනේකට යන්න විදිහකුත් නැහැ මට‍. මෑකරල් ටිකට මිටි කිරි ටික දාපු මන් කුස්සිය අස් කරා . පොඩි බේබී ගෙනාපු මාලු ඇඹුල් තියල් හට්ටියේ තාම මාළු කෑළි ඉතිරි නිසා එක මාලුවක් හැදුවත් ඇති උදේට.

එක නැවුමක් වත් නැති වෙන්න හොදට අයන් කරපු ඇදුම හරි පරිස්සමින් ඇද උඩ තියෙලා මූණ කට හෝදන්න ගියෙ මන් කුස්සියේ කරාමේ ළගට. ටැංකිය ළගට යන්න බැහැ නා ගන්න වෙන නිසා.

          💥💥💥💥💥💥💥💥

” මහත්තයා… මහත්තයා අදත් තේ වත්තෙ වැඩට යන්න වෙන්නැති වෙයි වගේ. වැස්ස සැර වැඩිනේ…. “

අද උදේ ඉදලා හොදටෝම වැස්ස නිසා හාමුට වලව්වේ ඉන්න වෙයි වගේ. මට‍ වෙද මහත්තයා ළගටත් යන්න තියෙනවා අද.

” ඒකනේ මැණිකේ වැස්ස වැඩි තමයි. යන්න වෙන්නේ නෑ අදත්. ගියා නම් අදත් තේ කොළ කුඩු කරන්න තිබ්බා අද. “

” හාමු වෙද මහත්තයා ළගට යන්න තියෙනවා මට. තාම අඩුවක් නැහැ නෙ මේ ඇගෙ රුදාව. “

” කෑම කාලා යමු එහෙනම්. ගොඩ දවසකින් වෙද රාළ මහත්තයත් හම්බෙන්න ගියෙ නෑ නෙ “

මහත්තයා ගියායින් පස්සේ මන් අල්මාරියෙන් ගත්තේ හොද ඔසරියක්.  කමනිට කියලා තෙල් ටිකකුත් කකුල් දෙකේ අතුල්ලාගෙන ඔසරිය ඇද ගෙන කොන්ඩේ ගෙඩියක් ගහ ගත්තා.

” හාමිනේ ඕන් කිව්ව‍  මන් වෙද රාළ මහත්තයා එක්ක කතා කරද්දි හරි පරිස්සමින්. උන්දැට හරියට තරහ යනවා උබේ ඔය කට හින්දම “

වාහනේට නැග්ග හැටියේ මහත්තයා මට‍ වෙද රාළ ළග හැසිරෙන්න ඕනී පිළිවෙල කියලා දුන්නා. කාලෙකට පස්සේ වෙද මැදුරට යන්නෙ. අක්කර ගානක් විහිදිලා තියෙන වත්තෙ පුරාවටම එක එක වර්ගයේ බෙහෙත් පැළෑටි වර්ග උස බෙහෙත් ගස් වර්ග.

” ආ ලොකු හාමු ඇවිදිල්ලා ඈදී ගත්තා නම්. “

” කෝ වෙද රාළ මහත්තයා “

” ඕන් මුණුපුරාට වෙද සාත්තරේ කියෙලා දෙනවා. ඉන්ටකො මන් කතා කරලා එන්නම් “

වෙද රාළ එහෙනම් මුණු පුරාට කියලා දෙනවා වගේ වෙදකම් ගැන. හාමුයි මායි ලොකුවට හදලා තිබ්බ ඉස්තෝප්පු කෑල්ලේ ඉද ගත්තා වෙද රාළ එනකම් . 

” ම් කාලෙකට පස්සේ නේද හාමු. කොහොමද දැන් උබලා ඔක්කොම හොදින් ඉන්නවද “

වෙද රාළ ඇවිල්ලා අපි ඉන්න තැනින්ම වාඩි වෙලා මහත්තයා එක්කලා කතා කරන්න ගත්තා. ඒ අස්සේ වෙද රාලගේ ගෝලයා කහටයි කැවිලියි අරන් ආවා අපිට.

” ඔක්කොමලාම හොදින් වෙද මහත්තයෝ. ඒත් මැණිකෙට ටිකක් සනීප නැහැ. නිතරම ඇගෙ රුදාව එනවලුනෙ “

” යමුකෝ දෙන්නා එක්කලා වෙද කාමරේට ටිකක් එහෙනම් “

අපි වෙද කාමරේට යද්දි පොඩි කොල්ලෙක් පොත් බල බලා හිටියෙ. මේ කොල්ලා වෙන්නැති එහෙනම් වෙද රාළගෙ මුණුපුරා. අපෙ දෙනුවන් පුතාගේ වයසේ වෙන්නැති. වෙද රාළ මහත්තයලගේ මූණු හැඩහුරු කම් නම් තියෙනවා වගේ ටිකක්. කොන්ඩේ උඩට කරලා ගෙඩියක් ගහගෙන ඉද්දි මට පේන්නෙම මගෙ ලොකු මහත්තයා වගේ. එයත් ඔය විදිහට කොන්ඩේ ගෙඩිය ගහන්නේ.

” නුලංග ටිකක් එළියට යන්න පුළුවන්ද”

” හරි සීයේ “

වෙද රාළ එහෙම කිව්වට පස්සේ මෙච්චර වෙලා පොතටම ඇලිලා හිටපු ඒ කොල්ලා අපෙ දිහත් බලලා එළියට ගියා. මහ ආඩම්බර කාර පෙනුමක්‌ තියෙන්නේ.

” මෙහාට්ට කරා නම් අත ඩිංගක් “

මන් අත දික් කරලා වෙද රාළ නාඩි බලන කම් මන් බලාගෙන හිටියා.

” මන් ඕනී කරන බෙහෙත් ටික දෙන්නම්. බීලා බලන්න. හැබැයි ඉතින් මෙහෙම ලෙඩ වලුත් තියෙනවා. බෙහෙත් බිව්වා කියලා හරියන්නෑ. ඒ ලෙඩ එහෙන්ම ඇගවල් වල තියෙනවා. කරුම ලෙඩ වලුත් කියනවනේ ඒවාට. කවුරු හරි මනුස්සයෙක් හෝ වේවා සතෙක් හෝ වේවා මොන යම් හෝ විදිහකින් පිඩාවකට පත් කරා නම් ඉතින් ඒවා දෙගුණ තෙගුණ වෙලා විදවන්න වෙනවා ඉතින් අපිට. ඒකනේ බුදුන් වහන්සේ දෙසාපු ලෝක ස්වාභය “

මට ඉබේම බැලුනෙ මහත්තයා දිහා.

” එහෙමයි වෙද රාළ මහත්තයෝ. මන් මැණිකෙට මේ බෙහෙත් ටික පිළිවෙලකට දෙන්නම්කෝ “

” ඒක නෙවෙයි හාමු. අර මාලේ නම් සම්පුර්ණ කළු ගැහිලා. ඒ කියන්නේ අප්පුට දැන් පෙර ආත්මේ සම්පුර්ණ අමතකයි. මන් හෙට අනිද්දම පොඩි එකාට දාලා තියෙන බන්දනේ කඩනවා. එතකොට දරුවට කතා කර ගන්න පුළුවන්. කතා කරන්න ගත්ත දවසට පහු වෙනිදා පොඩි එකාගේ හදහන් ටික එක්කලාම පොඩි එකාවත් ගේන්නකෝ මට‍ බලන්න “

” ඒත් වෙදරාළ මහත්තයා ඒකට අවුරුදු පහයි. තාම කල් වැඩි නැද්ද “

” මැණිකේ…. මන් ඒ දරුවගේ මතකෙ අමතක කරේ උබලා මට ඒක කරන්න කිව්ව නිසාම නෙවෙයි. මොකද ඒ පොඩි එකාගේ හිතටත් සැනසීමක් නැති වෙයි උගෙ පෙර ආත්මේ මතක් වෙන මතක් වෙන සැරේට. මොකද උගෙ පෙර ආත්මේ ඒ තරම් හොද දේවලුත් නෙවෙයි නෙ උට‍ වුනේ. මාත් දන්නවා මැණිකෙයි හාමුගේ අම්මා අප්පච්චියි අප්පුට කළ කෙනහිලි කම්. ඒ නිසාම පොඩි කොල්ලට පෙර ආත්මේ අමතක වෙන තරමට හොදයි. මන් හිතනවා ඒකා අප්පු කියලා උබලා දෙන්නා උට‍ වෙනස් කම් කරන්නැති වෙයි කියලා.  “

වෙද රාළගෙ දේශනෙත් අහලා අපි ආයේ ආවේ වලව්වට. එහෙනම් වෙද රාළ කිව්වා වගේ නුරාද හෙට අනිද්දම කතා කරයි.

         💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් ❤️

බුදුසරණයි යාලූලා හැමෝටම 🙏🙏

අදහස් වෝට් වලට ගොඩාරියක් ස්තුතියි යාලූලා හැමෝටම 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌අටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌අටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌අටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌අටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌අටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌අටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 39