À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තෙවැනි කොටහා

A+ A-

 

(  වෝට් එකකුත් දාගෙනම යන්න යාලූ 🤗❤️……. )

” හා…… හා…… හා චු ස් “ 

අම්බෝ හරියට නින්දක් වත් නැති තරම් මට මේ දූවිල්ල නිසා.  අනේ මට හම්බුනු අලුත්ම ඇදුම අපරාදේ. වලව්වට ආපු හැටිය මන් මේ මුළු ගබඩාවම සුද්ද කරලයි නිදා ගත්තේ. මෙහෙ ඉන්න ලොකු ආරච්චි හාමු නම් මහා සැර පාටයි. උන්දැගේ වයස හැටියට නෙවෙයි කට තියෙන්නේ. ආපු හැටිය මට බැන්නා කොහේද කැරකි කැරකි ඉන්නේ කියලා.

මන් කවදාවත් මෙව්වාගේ ගාම්භීර ලොකු වලව් දැකල නෑ. ඔක්කොම ඉස්සර කාලේ වගේ තමයි මෙහෙ පුටු ගෙදර බඩු එහෙම තියෙන්නේ. ඊයේ මන් වාහනේට නැග්ගත් හරි ඉස්සරහ හිටිය මනුස්සයා කන්න වගේ මයේ දිහා බලන් හිටියේ.    පස්සේ තමයි දැන ගත්තේ ඒ වලව්වේ පොඩි බේබි කියලා. එයාට චූටි පුතෙකුත් ඉන්නවලු.            තද තලෙලු පාට නියම කඩවසම් පෙනුමක්‌ තියෙන පොඩි බේබි හරි තේජවන්තයි.

මන් රෙදි ටිකත් අරන් ළිද ළගට ගියා මූණ හොද ගන්න. වැව් වල තියෙන අලි සයිස් ගල් තමයි ළිද ළගට දාලා තියෙන්නේ. ශෝක් රෙදි අතුල්ලන්න නම්. 

” ඒයි කොල්ලෝ වරෙන් විගහට ”

” ඇයි මාමේ ”

” කන්න බන් අඩ ගැහුවේ ”

මෙච්චර උදෙන්ම මේ මිනිස්සු කනවද අප්පා. මූණ හෝදන්න පටන් ගත්තා විතරයිනේ. ඔන්න ඔහේ මූණ කට හෝදන්ම යනවා.

ඇයි අනේ කුස්සියේ පැත්තේ කවුරුත් පේන්න නැත්තේ. කට්ටියම කන්න කියලා කොහේ ගිහින්ද මන්දා. එහෙන්ම මන් වට පිටත් බල බලම කාමරත් එකින් එක පහු කරන් වලව්වේ ඉස්සරහ පැත්තට ආවාත් හරි ලොකු ආරච්චි හාමු මාව දැක්ක හැටියේ ගුගුරන්න ගත්තා.

“  ඈ බොල තොට වැඩකාරයෙක් අතේ පණිවිඩේ එව්වත් මොකෑ කන්න ආවේ නැත්තේ. මේ වලව්වට ආවා නම් ඒ විදිහට ඉන්ට ඕනෑ. හැමෝ….ම වලාව්වේ හැමෝම උදේ හත වෙද්දී කෑම මේසේ ළග ඉන්න ඕනී. බොලට උදේට කෑම නෑ.  මින් පස්සේ ආයේ එහෙම වෙන්න බෑ. දැන් ගිහිල්ල ඉස්සරහ තියෙන වල් අතින් ගලවහන්.  පලයන් ඉතිං බලන් ඉන්නැතුව මෙතැන. “ 

දෙයියනේ මේ නාකි උන්දැගේ කටේ සද්දේ. අලුත ආපු මන් කොහොමද අනේ දන්නේ උදේ හත වෙද්දී කෑම කන්න ඕනී කියලා. ශික් මේසේ උඩ තිබ්බ කෑම ටික දැක්කට පස්සේ බඩගින්න තවත් වැඩි වුණාද මන්දා. 

          

” මන් ස්කෝලේ යනවා. මයේ කාමරේ මේසේ උඩ කෑම පාර්සලයක් ඇති පස්සේ ගිහිල්ලා කන්න පුළුවන් ”

වල් ගලව ගලව හිටපු මට ඇහුනේ පොඩි බේබිගේ කටහඩ.  මන් ඉතින් උත්තරයක් දෙන්නත් කලින් ගිහිල්ල ඉවරයි.  පොඩි බේබි ස්කොලේ ගුරුවරයෙක් වගේ. ලා දුබුරු පාට කමිසේට පොඩි බේබිට හරි පෙනුමයි.

වල් ගලවලා වලව්ව ඇතුළට ආපු මන් ලොකු ආරච්චි හාමු හෙව්වත් පේන්න හිටියේ නැ. කුස්සියට ආපු මන් දැක්කේ වලන් හෝද හෝද ඉන්න කමනි නන්දාව.

” නැන්දේ ලොකු හාමු දැක්කද ”

” ඕන් ගුනේ එක්කලා පොල් වත්තට ගොහින්. අපෙ අප්පේ මක්කැයි උදේ කන්ට ආවේ නැත්තේ ”

” මූණ හෝදද්දී  පරක්කු වුණා නේ නැන්දේ.     ආ ඒක නෙවෙයි කොහෙද පොඩි බේබිගේ කාමරේ තියෙන්නේ ”

” ඉන්නකෝ ඩිංගිත්තක්. මන් පෙන්නනම් ”

වලන් හෝදලා ඉවර කරපු කමනි නැන්දා මාව පොඩි බේබිගේ  කමරේ ළගට එක්ක ගියා.

” ආ පුතේ කාමරේ කුණු රෙදි එහෙම තියේ නම් හෝදහන්කෝ ටිකක්. මගේ කොන්දේ කැක්කුමක්‌ අල්ලලා වගේ පෙන්නේ ”

” හරි නැන්දේ ”

මන් කාමරේ දොර ළගට යනකොට ඇතුලින් අඩි සද්දයක් ඇහෙන්න ගන්නවා. මේ වලව්ව ඇතුලේ හොල්මන් එහෙමත් ඉන්නවද දන්නේ නැ. පිටි පස්ස හැරුනත් කමනි නැන්ද නම් පේන්න හිටියේ නෑ. කෝකටත් කියලා දොර චුට්ටක් ඇරලා ඔලුව පොඩ්ඩක් ඇතුලට දැම්මා. මගේ දෙයියනේ හුරතල් බෝලයක් තනියම උඩ පැන පැන ඔහේ සෙල්ලම් කරනවා. එහෙනම් මේ හොල්මන් පැංචා මෙයා තමයි. තනියම සෙල්ලම් ලෝකෙක හිටපු එයාට මන් කාමරේට ආවා කියලා ගානක්වත් නෑ. හිමින් සැරේ ළගට ගියපු මන් කොල්ලව එක පාරට උස්ස ගත්ත පාර ඇසුත් බෝල කරන් මන් දිහා බලනවා. ඒත් වැඩි වෙලාවක් ගියෙ නෑ කොල්ලා අඩන්නද මන්දා කට හදා ගත්තා.

අයියෝ අඩන සද්දේ කට හරි ඇහුනොත් විනාසයි. ඉක්මනින් කාමරේ දොර වැහුව මන් දාන්න තියෙන සේරම කෝලම් ටික දාලා පොඩ්ඩාගේ මූණට හිනාවක් ගෙනාවා. මෙයා මොන්ටිසෝරි යන්නේ නැද්ද මන්දා ඔහේ තනියම ඉන්නවා කාමරේ ඇතුලට වෙලා.

” ඕ ඕ ඕ…. ඕකනම් තියන්න පැටියෝ ඔච්චරමයි අයියට තියෙන්නේ. ඔන්න පැටියාගේ අප්පච්චි අයියට අලුත් කන්නාඩි දෙකක් අරන් දෙනවා නම් ඔයා ඕකෙන් බෝල ගැහුවත් කමක් නෑ හොදද “  

  මන් හෙමින් සැරේ කොල්ලගේ අතින් මගේ කන්නාඩි දෙක අරන් මගේ සාක්කුවට දා ගත්තා. එක ඇහැක් හරි හොදට පේන නිසා හොදා.

අම්බෝ දැන් නේ හොදට කාමරේ දැක්කේ මන්. අපෙ කාමරේ වගේ තුන් හතර ගුණයක් ලොකුයි.  දෙය්යනේ යට කලිසමුත් ඇදන් උඩ. චොකලට් කොළ චීස් කොළ ටයි මේස් තව එකී මෙකී නොකී සියල්ල දාපු දාපු තැන් වලමයි. ඒක තමයි එහෙනම් කමනි නැන්දා හරි ආසාවෙන් කාමරේ පෙන්නුවේ.

” ආ… ආ…. ඕ.. “  අකුරු දෙක තුනක් විතර හරි අමාරුවෙන් කියපු පොඩ්ඩා මගේ කම්මුලේ ඔලුව ගහ ගත්තා.

” නම මොකක්ද චූටි පැටියාගේ ආ “ 

කම්මුලක්‌ ඉඹින ගමන් මන් එහෙම අහද්දී පොඩ්ඩා කතා කරන්න හැදුවත් එක අකුරක් වත් කටින් පිට නොවුණු තරම්. පොඩ්ඩාගේ මූණත් රතු වෙලා. මේ වයස ළමයි කටරේක වගේ කතා කරනවනේ අප්පා. පැටියව බිමින් තිබ්බ මන් කාමරේ කොනක ඉදන් අස් කරන්න පටන් ගත්තා.

ආ හා මේසේ මට කෑම එකක් තියෙනවා කිව්වා නේ. මේසේ ළගට ගියපු මන් පාර්සලේ ලිහලා බලද්දී තිබ්බේ රතු බතුයි සම්බෝලේකුයි වැව් මාළු කෑල්ලයි පරිප්පුයි. කාමරේම තිබ්බ වොෂ් රූම් එකෙන්ම අත හේදුව මන් කටට දෙකට බත් ගිල්ලා. ඇයි ඉතිං කීයේ ඉදන් බඩගින්නේද.

පස්සේ මන් චූටියා එක්කම පහළට ගියත් උදේ නොදැක්ක ලොකු හාමු ඉන්නවා විටක් කකා ඉස්සරහට වෙලා.

” උබව වලව්වට ගෙන්නුවේ ළමයි බලා ගන්නද තේ වත්තේ වැඩටද ”

එක එල්ලේ මගේ දිහා බලන් ලොකු හාමු කෑ මොර දෙද්දී අතේ හිටිය පොඩි එකා පුළුවන් තරම් පපුව අස්සට ගුලි වෙලා හයියෙන් මයේ පපුව මිරිකන් ඉන්නවා. මෙයා එයාගේ සීයාගේ සද්දෙට
හොදටම බයවෙලා.

” ල් ලොකු හා  මූ  තේ වත්තේ වැ…. ”

” එහෙනම් මේ පොඩි එකා ඔක්කේ තියන් මොන මගුලක් කරනවද ආ බොල.  වැඩ කරපන් දැන් වත් මෙතැන නොඉද ”

එහෙන්ම මන් චූටියා ආයේ පොඩි බේබිගේ කාමරෙන් තියලා කමනි නැන්දව හොයන් ගියා. පව් චූටියා. එයාගේ අම්මා මොන ලෝ කේ ඉන්නවද දන්නෑ. මන් යන්න හදද්දී ඇස් දෙකේ කදුලුත් පුරවන් ඉන්නවා මයේ දිහා බලන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඉස්කෝලේ ඉවර වුණු හැටියේ විජහට විජහට වලව්වට ආවේ පොඩි එකා තනියම නිසා. අද වැඩ ගොඩක් තියෙන නිසා ගෙදර මන් නුරාද්ව තියලා ආවා. මන් යද්දී කමනි නැන්දා ඉස්සරහ තියෙන ඔන්චිල්ලාවේ ඉදන් මයේ පැටියට බත් කවනවා. මගේ කා එකේ සද්දේ ඇහුනු හැටිය පොඩ්ඩා ඔන්චිල්ලාවෙන් පැනලා එන්න හදද්දීම කමනි නැන්දා අල්ල ගත්ත නිසා හොදයි. නැත්තම් එන්න හදන වේගෙට කොයි වෙලේ හරි බිමට පත බෑවෙනවා දැන්.

” අයි ආ මයේ රන් කද අබුන් කනවදෝ ආ   අප්පච්චි වොෂ් දාලා එන්නම්කෝ මැණිකව ගන්න හොදද ”

මයේ අතට කොල්ලා එන්න පොරේ. ඇගේ ජරාව නිසා මන් වොෂ් දාන්න කාමරේට ආවත් හරි මට මතක් වුනේ නිලූෂ මගේ කාමරේට ඇවිල්ලා කොල්ලට කෝලම් කර කර නැලෙව්ව විදිහ.     පොඩ්ඩා ගොඩක් වෙලාවට මගෙ කාමරේ තනියම ඉන්න නිසා මන් මේ කාමරේට ලගදි කැමරා හයි කරා. කොහේ හිටියත් මට එතකොට චූටියා දිහා බලන් ඉන්න පුළුවන් නේ. නිලූෂ
තනියම කුටු කුටු ගගා බැන බැන මුළු කාමරේම අස් කරපු විදිහත් මන් දැක්කා.
එයා තේ වත්තට වත් යන්න ඇති නැත්තන් මන් කොල්ලව දකින්න එපැයි.

මේ දවස් වල ඔලුව පුපුරන්න වගේ රිදෙනවා. චූටියා ඒලෙවල් නිසා දැන් වලව්වට නොයෙන තරම්. එයා හිටිය නම් මගේ ඔලුවට තෙල් ගාලා මසාජ් එකක් දා ගන්න හරි තිබ්බා. මන් එලියට යන්න හදද්දී කමනි නැන්දා දරුවා වඩන් එනවා බත් කවලා. චුටියගේ ඔලුවේ ඉදන් ඉදුල්.

” පුංචි බේබි ටිකක් හිටිය නම්.    මන් පැටියව හෝදලා විගහට දෙන්නම් ”

” හරි නැන්දේ    චූටි දැන් පාඩම් එහෙම හොදට කරනවද ”

” අනේ ඔව් මහත්තයෝ. එදා බේබි දුන්නු සල්ලි වලින් ඒකා තව පොත් ඩිංගිත්තයි බෙහෙත් ඩිංගිත්තකුයි එහෙමත් ගත්තා බේබිට පින් දිදී ”

” ඒකගෙ ලෙඩේ කොහොමද දැන්. පුළුවන් දවසක් තිබ්බොත් සෝමේ එක්ක කොල්ලව කොළඹ ගෙනියන්නම් කෝ මන් ”

” ඒකාට බෙහෙත් වලට පින් සිද්ද වෙන්න චුට්ටක් හොදයි. ඒත් ඉද හිට රෑ දෙගොඩ හරියට වැඩි වෙනවා බේබි. ”

” බලමුකෝ අපි කොහොම හරි චූටිව සනීප කර ගමු ”

එහෙම කියලා මන් වලව්වේ තිබ්බ උයනට ගියා. ඉස්සර උයනේ තිබ්බ මේ පොකුණු නිල් මානෙල් සුදු ඔලු නෙලුම් මල් වලින් පිරිලා තිබ්බා. අපේ අම්මා ඉස්සර මේ පොකුණට හරි ලෙන් ගතුයි. අම්මා අයියා එක්ක ගියත් හරි ඉස්සර මේ පොකුණේ තිබ්බ මලුත් අඩු වෙලා ගිහිල්ලා.

මන් උයනේ ඔහේ ඇවිද ඇවිද ඉන්නකොට මගේ පැටියත් අතින් අල්ලන් නිලූෂ මයේ පැත්තට ආවා. වැඩ කරපු ඇදුම් පිටින්මයි තාමත්.

” අද වත්තේ මොනාද කරේ  කොන්ඩෙත් එක්කලා කොළ රොඩු ”

” තේ  පැලවට පොහොර දැම්මා බේබි. ”

” ම් පැටියා ඔයත් එක්ක එකතුයි වගේ “

” ඔව් බේබ් ”

” ම් ”

” ම් බේ  බි  මේ…… ”

” තටම තටම ඉන්නැතුව අහන්න නිලූෂ “

” මේ චූටි බේබි වැ වැඩි ය කතා කරන්නෑනේ “

” එයා ගොතයි.  “

එයාගේ ඇස් ගැස්සිලා ගිහිල්ලා පොකුණේ මාළු බල බල ඉන්න නුරාද් දිහාට යොමු වුණා. මන් එහෙන්ම අඩියෙන් අඩිය නිලූෂ ළගට ඇවිල්ලා එයා ළග අඩියක පරතරේට නතර වෙලා මූණට එබුනා.

” ඇ  ඇ යි බේ…. “

” සෝමේ කෝ අප්පච්චි ”

” පොල් ගන්න ආපු උන්දැලත් එක්කලා කතා බස් කොරනවා නොවැ බේබි “

“  ගස් කීයක පොල් වික්කද ”

” හතළිහයක විතර හාමු ”

” ම් හරි ”

පොඩ්ඩා හවසට එයාගේ ටෙඩියාවත් තුරුල් කරන් කාටුන් බලන නිසා කමනි නැන්දට කියලා හදා ගත්තු ඉගුරු දාපු තේ එකත් අරන් මගේ කාමරේට ගියා. හීනියට පොද ගහන්න අරන් තිබ්බ වැස්ස දැන් නම් අඩු වෙලා.

තේ එක බිබී හිටිය මට පැය කීපයකට කලින් වෙච්ච සිද්දිය මතක් වෙලා ආයේ ආයේ තනියම හිනා ගියා. මන් කොල්ලගේ කන්නාඩි දෙක ගලවලා ඒ ඇස් දෙකෙන් පේන මගේ රූපේ දිහා බලන් ඉද්දි කොල්ලා හොදටම බය වෙලා. ඉතින් කොල්ලව මට තව ටිකක් බය කරන්න හිතුනා විහිළුවට.

” හරි ලස්සන ඇස් දෙකක්නේ නිලූෂට තියෙන්නේ. ඇහැක් ටිකක් වපර වුනාට මොකද දිස්නේ ගහන ඇස් දෙක දැක්කම කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලොත් පිස්සු වැටෙනවා ”

” ම් මො   ක ……. ”

” ඇයි රතු වෙලා ”

” නෑ මේ ගොඩක් ර ස්   නී  බේබි ”

” එහෙමද  පුදූ දූ දූ දූම  මී හරක් ගින්නක් වගේ නිලූෂට තියෙන්නේ නේද ”

” ම න් වොෂ් දා ගන්න යන්න  ම් බේ බි “   

මන් හා කිව්ව‍ පමාවට කොල්ලා වෙඩිල්ල වගේ දුවලත් ඉවරයි. ඉදලා ඉදලා හරි අපිත් විහිළුවක් දෙකක් කරලා ඉන්න එපැයි ඉතින්.

    

              ……………………..

ගිහිල්ලා එන්නම් 🤗

වෝට් කරාට ස්තූති ගොඩාක් 🙏❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තෙවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තෙවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තෙවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තෙවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තෙවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තෙවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 4