À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්තුන්වැනි කොටහා

A+ A-

” නිලූෂ… නිලූ….. à·‚ නිලූ……. ෂ  මේ දොර අරිනවා මනුස්සයෝ…. නිලූ… අහ් නිලූෂ “

පැටිය වාහනේ ඇතුළේ නිදා ගෙන ඉද්දි මන් දොරට අතින් ගගහා බෙරිහන් දුන්නා වෙද්දී ටික වෙලාවකින් ඉස්සරහ ලයිට් එක පත්තු වෙලා දොර අරුනා.  මගෙ නිලූෂ. අරුණු දොරෙන් එයා මතු වෙච්ච ගමන් මන් එයාගේ ඇගට පැනලා බදා ගත්තා.

” ම් මයෙ හා මු ”

මගෙ නිලූෂගේ බෙල්ල අස්සේ මූණ ගහගෙන හිටපු මට ඇහුනේ එයාගේ බැරැන්ඩි වෙලා තිබ්බ ගැඹුරු කටහඩ. ඔලුව උස්සලා බැලුවත් හරි තමයි මන් දැන් ඒ මූණ හොදටම දැක්කේ. රතු වෙලා ඉදිමිලා තියන කන්නාඩි කුට්ටමවත් නැති ඒ ඇස් මලානික වෙලා තිබුනා හොදටම . කම්මුලකුත් ඉදිමිලා මදිවට ඒ තොල තුවාල වෙලා ඉදිමිලා තිබ්බා. අපෙ අම්මා තොලත් පැලිලා යන්න හොද කම්මුල් පාරක් ගහන්න ඇති මගෙ කොල්ලට.

” ඇයි මෙ ච්චර රෑ වෙලා.. දරුවා එහෙ තනියමද තියලා ආවේ හාමු.. කෝ පැටියා… “

” එයා ඇතුළේ නිලූෂ “

මන් එහෙම කියද්දී තමයි මෙච්චර වෙලා හරි කලබලෙන් හිටපු එයා සැනසුම් සුසුමක් හෙලු වේ.

” මට බය හිතුනා හාමු “

” ඇයි මේ ඉදිමිලා තුවාල වෙලා… ම්… මොකද වුනේ “

මන් ඒ තුවාල වුණු කම්මුල පිරි මැද්දා වෙද්දී මගෙ ඉනෙන් අල්ල ගත්ත එයා මාවත් ඒ ඇගට තුරුල් කරගෙන ඒ ඔලුව මගෙ බෙල්ල අස්සේ ගහ ගත්තා.

” ඇයි මේ රෑ වෙලා මෙහෙ ආවේ. උබලා දෙන්නට මොනා හරි වුණා නම්.  “

” මගෙ මහත්තයෝ…. හෙට කතා කරමුද. නිදි මතයි ගොඩක්. මන් නිදා ගන්න තැන හදනකම් මගෙ චූටි අප්පච්චිට පුළුවන්ද පැටියා ගේන්න ගිහිල්ලා “

මන් එහෙම කියද්දී එයා මාව තව තවත් ඒ ඇගට තුරුල් කරගෙන මූණ ඔබාගෙනම හිටියා. හරි උණුහුම් මගෙ නිලූෂ. දෙයියනේ මේ උණුහුම මන් නැති කරගෙන තවත් නම් බැහැ අර වලව්වට වෙලා ඉන්න. ඔය වලව්වට යනවා නම් යන්නෙ අම්මා නැති දවසක තුන් දෙනාම එකට.

” මන් අපෙ දරුව ගේන්නම් “

මෙච්චර වෙලා මගෙ ඇගට තුරුල් වෙලා හිටපු එයා වාහනේ ළගට යද්දි මන් ඇතුළට ගිය. මගෙ දෙයියනේ ඇදුම් මලු සාලේ සීසිකඩ. හැමදාම පිළි වෙලකට ඉන්න මගෙ නිලූෂ ගෙදරම පිස්සන් කොටුවක් කරලා. මන් එහෙන්ම කාමරේට ගිහිල්ලා බිමට ලොකු පැදුර එලලා රොකු රෙදි කෑල්ලක් දැම්මා. මන් මගෙ වාහනේට දා ගත්තා සීතළ පොඩ්ඩක් වත් දැනෙන්නැති ඌල් ෂීට් එක. ඒක හෙට උදේටම ගන්නවා.

” එයාව මෙතැන තියන්න. “

නිලූෂගෙ කොට්ට දෙක ඇරගෙන ඇදෙන් තියෙලා පැටියව වඩා ගෙන හිටපු එයාට කිව්වා.

” හෙට වැඩද “

” ඔව් උදේන්ම වැඩ හාමු. ඇයි වාහනේ අච්චර බඩු “

එයා හෙමීට මගෙ එහා පැත්තෙන් ඇලවිලා එහෙම අහද්දී මන් ගියෙ එයාගේ අස්සට.

” මන් ආයේ යන්න නෙවෙයි ආවේ මගෙ නිලූෂ. හැමදාම මේ චූටි අප්පච්චි එක්කලා ඉන්නයි ආවේ පැටියයි මායි. සමාවෙන්න කලින්ම මෙහෙම ආවේ නැතිවට. “

මන් කිව්ව පමාවට එයා මාව ළගට අරන් තවත් ඒ පපුව අස්සට තුරුල් කරගෙන මගෙ හිස් මුදුන ඉඹගෙන හිටියා.

” මගෙ නිලූෂ ළග මන් හැමදාම ඉන්නවා. හුස්ම නතර වෙනකම් මොන දේ සිද්ද වුණත් ඉන්නවා. අපි එක පවුලක් නිලූෂ. ආයේ මොකටද අපි දෙන්නා කසාද බැදලත් දෙතැනක ඉන්නෙ. “

“  ම් මන් හිතුවේ නෑ මගෙ හාමු මහත්තය එයි කියලා. ඒකයි අද මන් ආවේ හාමු. සෑහෙන්න අමාරුයි ඉන්න මගෙ දරුවයි හාමුයි නැතිව. ඒ දැනෙන පාලුව මෙහෙමයි කියලා වචන වලින් කියන්න අමාරුයි මගෙ හාමු. ඔයාලා දෙන්නා ළග ඉන්න එක තප්පරේ වුණත් මට මහ මෙරක් වගෙ. ඒකමයි මන් වලව්වේ ඉන්න ආවේ. “

කොච්චර සැනසීමක්ද මගෙ නිලූෂගෙ අස්සේ ඉද්දි දැනෙන්නෙ මට. ලොකු බරකින් නිදහස් වුණා වගෙ. ලාවට ලාවට මගෙ ඇස් ඒ තුරුලෙම පිය වී ගෙන එද්දි මගෙ හිස් මුදුනට දැනුනේ සීතළක්‌.

” තූති අප්පත්ති ඔලා ඉක්මනත එන්තකු. පැතියත පාලුයි ගුදක් ඔලා නැතුව “

” මගෙ චන්ඩි කොල්ලා අප්පච්චි බලාගෙන ඉන්න ඕනී. යතුර මේසේ උඩ. මන් ගියාට පස්සේ මගෙ පැටියා ඇතුළින් ලොක්‌ කර ගන්න “

” හලි අලෙ… පාත්තමෙන් යන්ත. බුදු තලනයි. “

” අනෙ මගෙ පැටියටත් බුදුසරණයි පරිස්සමින් මන් එනකම් දෙන්නනම ඉන්න ඕනී. කෝ චූටි අප්පච්චිට යන්න ඕනී. දොර වහගෙන ඉන්න ඇතුළට වෙලා. බායි.. “

” බායි තූ ති අප්පත්ති “

ලාවට ලාවට කටහඩවල් ඇහෙද්දී මන් ඇස් අරින්න හැදුවත් ඇස් අරින්න අමාරු වුණා වෙද්දී මට ඇහුනේ කාමරේ දොර ඇරෙන හඩක්. මට හීනෙනුත් ඇහෙන්නේ දැන් ඒ දෙන්නගේ කටහඩ. වලව්වේ කොහොම ඇහෙන්නද මගෙ නිලූෂ කටහඩ.

” අප්පත්ති….. අප්පත්ති… ගුදක් එළි වැතිලා. ඉත්තෝලේ යන්ත තීනවා අප්පත්ති….. අයියූ අලෙ ඇත් අලින්නකු “

” ම් නුරා ද “

” අප්පත්ති නැගිතින්ත… පත්ත ලත් වෙන්ත මන් ගුති දෙතක් දෙලවා සැබයි. අලෙ නැගිතින්නකූ…. ඕම කම්මලි වෙලා බානේ අප්පත්ති……”

ඇස් දෙක ඇරලා ටික වෙලාවක් ගියාට පස්සේ තමයි මට මතක් වුනේ මන් මේ ඉන්නෙ කොහෙද කියලා. මගෙ එහා පැත්තෙ ඉදගෙන පැටියා විස්කෝතු කකා මගෙ දිහා බලාගෙන ඉන්නවා. මගෙ දෙයියනේ වෙලාව. නවයත් පහු වෙලා.

” පැටියෝ අප්පච්චිට නින්ද ගියානේ හොදටම. කෝ චූටි අප්පච්චි “

” එලා වැදත ගියා අප්පත්ති . මායි තූති අප්පත්තියි පාන්දලම නැගිතලා කී එකක් බීලා බත් සැදුවා “

” අප්පේ දැන් දෙන්නා මොනාද ඉව්වේ “

” පාප්පුයි කලෝලයි. තූති අප්පත්ති මතත් බත් කවලා ගියෙ අප්පත්ති. “

මන් රෙදිත් පිළි වෙලකට නවලා දාලා කොල්ලවත් උස්සන් ගියෙ මූණ කට හෝද ගන්න. බතුත් කාලා ඉවර වෙලා අපි දෙන්නා වාහනේ තිබ්බ බඩු ගේ ඇතුළට ගෙනාවා වෙද්දී මන් දැක්කේ ඈත ඉදලා මේ පැත්තට එන වාහනයක්. 

” අප්පත්ති කාද අලෙ ඒ “

කොල්ලත් කොට කලිසම පිටින් ඔහේ එළියට වෙලා බලාගෙන ඉන්නවා.

” දන්නෑ පැටියෝ. ගිහිල්ලා උඩට කමිසයක් දා ගන්න බඩ කොටේ එළියේ දාන් ඉන්නැතුව  “

කොල්ලව ඇතුළට යවපු මන් දැක්කේ වාහනෙන් බැහැලා මේ පැත්තට එන කොල්ලෙක්ව.  මේ එදා නිලූෂ එක්කලා වලව්වට ආපු කොල්ලා නේද මේ.

” ආ හාමු මහත්තයා….. කෝ අපෙ අයියාකාරයා නෑද.. “

කවද්ද යකෝ මගෙ කොල්ලා අපෙ වුනේ. 

” නෑ එයාට වැඩ පුතේ. ඇයි මේ එයාව හම්බෙන්න ආවේ දරුවෝ “

” කීයටද එයා එන්නෙ. “

” වෙලාවක් කියන්න බෑ නෙ. එයා එහෙන්ම කැම්පස් එකටත් ගිහිල්ලාම එයිද දන්නෑ නෙ දරුවෝ “

මන් එහෙම කතා කර කර ඉද්දි එයාට පුරුදු තැන වගෙ මන් ඇතුළට එන්න කියන්නත් කලින් ඇතුළටත් ඇවිල්ලා ගේ ඇතුළේ හිටපු මගෙ කොල්ලවත් වඩා ගත්තා.

” පැටියා ඉන්නවා කියලා දන්නවා නම් අයියා චොකලට් එකක් හරි ගේනවා. ආයේ එද්දි අයියා චොකලට් මල්ලක් ගෙන්නම්කො “

” බත්තන්නකු මාව “

කොල්ලා දගලලා දගලලා ඒ ඔක්කෙන් පැනලා මූණත් අකුලගෙන මගෙ ළගට දුවගෙන ඇවිල්ලා මගෙ කකුල බදා ගනිද්දී අර කොල්ලා කටත් ඇරන් බලාගෙන හිටියෙ මගෙ දිහා.

” එයා කතා කරනවා නෙ “

” ම් ළගදි ඉදලා කතා කරනවා තමයි “

මෙයා හොදට හාන්සි පුටුවෙත් වාඩි වෙලා වටපිට බලනවා. තාම මට හරියට අස් කරන්නවත් බැරි වුන නිසා ගෙදරම පිස්සන් කොටුවක් වගෙ. කොහෙන් පටන් ඇරගෙන කොහෙන් කෙළවර කරන්නද කියලා හිතා ගන්න බැ. මේ යකා නම් දැන්ම යන පාටක් නෑ වගෙ. තේ එකක් දුන්නා නම් ඉක්මනට යයි ඒක බීලා.

” තේ එකක් වක් කරන්නද “

” හොදයි සීතළ යන්නත් එක්ක බොමු එහෙනම්. මට ඕනී කිරි කෝපි එකක්. “

” හා “

ගෙදර වැඩ ටික සේරම දාලා මන් ආවේ ලිප පත්තු කරන්න. හනසු කෑළිත් ඉවරයි.

” අප්පත්ති.. අප්පත්ති “

මන් කිරි වක් කර කර ඉද්දි දුවගෙන ආපු පැටියා මගෙ සරමෙන් අදිනවා.

” මොකෝ.. ඔයාටත් සුදු කුක්කු එකක් හදනවා “

” අලයා මදෙ විත්තෝතු කලවා. බාන්නකූ අප්පත්ති.. එලා පෙලේතයි ගුදක්. මාව ඉත්තෙල්ලා වදා ගන්ත හදුවා අලෙ. එයාත යන්ත කි…”

” අහ් හා පැටියා මන් ගැන කේලම් කියනවා වගෙ . මේ බබාලාගෙ විස්කෝතු හරි රසයිනෙ හාමු. අම්මිට කියන්න ඕනී එද්දි ආයේ මේ විස්කෝතුම ගේන්න කියලා. “

කුස්සියේ පැත්තට කඩා ගෙන බිදගෙන ආපු එයා නුරාදගේ කොන්ඩෙත් අවුස්සලා මගෙ ළගින් හිටගත්තා.

” අප්පත්ති අප්පත්ති අලයා එක්ත ආසකීම් අලගෙන එන්ත යන්තද ඈ අප්පත්ති “

මුළු ගෙදරම අස් කරලා කරලා හාන්සි පුටුවට වැටෙද්දි දොළහත් පහු වෙලා. දැන් ආයේ උයන්න එපැයි. අද නම් භාගෙට මැරිලා වගෙ.

” එපා එපා මන් හරියට ඒ ළමයා දන්නෙත් නෑ පුතා. යන්න එපා “

” අලෙ අප්පත්ති අලයා එක්ත මත යන්ත ඕලේ. මන් එලාව හොදත දන්තවා අලෙ…  එලා ගුදක් හොදයි අප්පත්ති..”

” ගුටි කන්න ලෑස්ති වෙන්න එපා නුරාද . මොනාහරි වුණා නම් මොන දෙයියන්ට කියන්නද මන් ආ. යනවා ගිහිල්ලා කතන්දර පොතක් කියවනවා. උඩ දැම්මාගෙන යන්න ලෑස්ති මෙතැන “

තිබ්බ මහන්සියටත් එක්ක එහෙන් නුරාද කුණු කුණු ගාද්දී මට තරහ ගියා. කොල්ලා අඩා ගෙනම ගියෙ කාමරේට වෙද්දී මන් හාන්සි පුටුවේ දිගා වෙලා ඇස් දෙක පියා ගත්තත් හරි මට ඇහුනේ වාහනයක සද්දයක්. අර ළමයට මන් කෑ ගහපුවා ඇහිලද මන්දා යන්න ගියෙ . ඇහුනත් මොකද ආයේ අදුරන්නැති මිනිස්සු එක්කලා මට මගෙ ළමයව යවන්න පුළුවනෑ.

” නුරාද එන්න මෙහාට්ට. මට‍ උයන්න උදව් කරන්න. නුරාද “

මන් කෑ ගැහැව්වට පස්සේ එනවා මූණත් රතු කරගෙන හිමීට හිමීට කුස්සියේ පැත්තට.

” මන් කීනවා තුති අප්පත්තිත ඔලා මත සා කලනවා කීලා.  ඉන්තකු මන් කීනව කීනවා ඇත්තතම මන් කීනවා ඔලා ගැන “

” කේලම් කියන්න බලන්න චූටි අප්පච්චි අතින් මන් ගැන. එතකොට තමයි මන් කටේ මිරිස් උලන්නේ. ආ ම් බෝංචි ටික කඩන්න දැන් මූණ අකුලන් ඉන්නැතුව. ඔන්න රවන ළමයිගේ මූණ කැත වෙනවා ගොඩාක්. කවුරුත් කැමති නැති වෙයි එයාලට. යාලුවොත් නැති වෙයි “

මේකා දැන් කේලම් කියන්නත් පටන් ගනියි හොදට. මන් රේණු ඇරපු බෝංචි ටික තිබ්බ වට්ටිය එයාගේ අතට දීලා ගියෙ හාල් මුට්ටිය ලිපේ තියන්න.

” ආ……  අයියා ඔන්න පැටියට අයිස්ක්‍රීම් ගෙනාවා. “

මන් හිතුවේ මේකා ගෙදර යන්න ඇති කියලා වුණත් මේකා ආයේ ඇවිල්ලා පැටියා අතින් අයිස්ක්‍රීම් පෙට්ටියක්‌ තිබ්බා.  අමෙ අම්මේ මෙච්චර වෙලා හොටු පෙර පෙර හිටපු එයාට ඒක දැකලා හිනාවක් ගියා.

” මන් එහෙනම් ගෙදර ගිහිල්ලා එන්නම් හාමු මහත්තයෝ “

” ම් මේ දැන් උයනවා දරුවෝ කාලා යන්න “

” නෑ නෑ මන් කන්න වෙන දවසක එන්නම්කෝ. අම්මත් බලාගෙන ඇති “

එහෙම කියලා කොල්ලා යන්න යද්දි අයිස්ක්‍රීම් පෙට්ටියත්  අතේ තියාගෙන පැටියා එයා යන දිහා බලාන හිටියා.

” කෝ දෙන්න අප්පච්චි   මගෙ පැටියට කොප්පෙකට දාලා දෙන්න “

එයාගේ කෝප්පේ පිරෙන්න මන් අයිස්ක්‍රීමුත් දාලා කුස්සියේ චූටි බංකුව උඩින් වාඩි කරවලා ඒ චූටි කම්මුලට හැදුවකුත් දුන්නා.

             💥💥💥💥💥💥💥💥

ලොකු හාමු එක්කලා කොහොම හරි කතා බහා කරගෙන ඒ වලව්වට බඩු ටිකත් අරන් ගියාට පස්සේ මාව දැකපු ලොකු මැණිකේ ආවේස වුණා. ඉස්තෝප්පුවේ තිබ්බ මගෙ රෙදි මලු හිටන් මිදුලටම විහික්කා කරලා කෑ ගැහැව්වා සාප තිය තියා වෙද්දී මන් ලොකු මැණිකෙගෙන් කොච්චර සමාව ගත්තත් මොනවත්ම ඇහැව්වේ නෑ . අවසානේදී මට බය හිතුනේ ඒ නාකි ගෑණි අපෙ ළමයට අහන් ඉන්න බැරි විදිහට සාප තියද්දි. මන් කමනි නැන්දටත් කතා කරලා මන් ආයේ ආවේ මගේ ක්වාටස් එකට.

මට පිස්සු වගෙ තනිකරම. මුන් එකෙක් වත් මට මගෙ දරුවයි මගෙ මිනිහයි ළගට යන්න දෙන්නැති හැටියක්. මන් මගෙ රෙදි මලු සාලේ පුරාම විහික්කා කර කර බෙරිහන් දිදී ඇඩුවා. හයියෙන් වහින තද වැස්ස එක්කලාම මන් බෙරිහන් දිදී මගේම කෙස් වලින් ඇද ගත්තා. කවදා වෙනකම් ඉවසනවා කියලා මන් ඉවසන්නද. මට කියලා මේ ලෝකේ එකෙකුට ඉන්නේ මගෙ හාමු නෙවෙයි ද.කවදා වෙනකම් මේ කරුමේ ගෙවන්නද. උගුරෙන් ලේ රහකුත් මට‍ දැනෙද්දී මන් සීතලේම ඔලුව බිම තියා ගත්තා. ජීවත් වෙන්න හරියට මහන්සි වෙන්න ඕනී. මට‍ සෑහෙන්න මහන්සි මගෙ හාමු. ඇයි කියන්න දන්නෑ තද බල හිතේ වේදනාවක් ආවත් මට මතක් වෙන්නේ අම්මා තාත්තා වෙනුවට මට ආදරේ කරන මගෙ හාමුව. අම්මා
තාත්තට එපා නිසානේ මන් ඔහේ අනාථ මඩම ළග පාරේ අයිනකින් දාලා තියෙන්නේ. පාරේ ගියපු කෙල්ලෙක් ඇවිල්ලලු මාව අනාත මඩමේ වැඩ කර කර හිටපු මාමා කෙනෙකුට දීලා තියෙන්නේ.

මට ලාවට ලාවට ඇස් පිය වී ගෙන වගෙ එද්දි මට ඇහුනේ වාහනයක් නතර කරපු හඩක්. මන් හෙමීට නැගිටලා දොර අරින්න යන්නම් කියලා හැදුවත් අඩපන වෙලා වගෙ තිබ්බ මන් ආයේ බිමට ඇදගෙන වැටුනේ මගෙ අවට කළුවර වීගෙන එද්දි . ලොකු උණුහුමක්‌ ඕනී වුණු තැන මට දැනුනේ සීතලක් වෙද්දී මගෙ ඇස් කොනින් කදුළු කැට පේලියට වැටෙද්දී සම්පුර්ණයෙන්ම මගෙ ඇස් පිය විලා ගියා .

” නිලූෂ… නිලූ….. à·‚ නිලූ……. ෂ  මේ දොර අරිනවා මනුස්සයෝ…. නිලූ… අහ් නිලූෂ “

මගෙ හාමුගේ කටහඩ ලාවට ලාවට වගෙ ඇහෙද්දී මන් අමාරුවෙන් වුණත් ඇස් ඇරලා ඉක්මනට බිම වැටිලා හිටපු තැනින් නැගිටලා ගිහිල්ලා ලයිට් දැම්මා.
මන් දොර ඇරියත් හරි හාමු එක පාරටම මගෙ ඇගටත් පැනලා මාව බදා ගත්තේ මෙච්චර වෙලා අඩපන වෙලා හිටපු මාවත් වැටෙන්න යද්දී.

ඉතින් ඒ දෙන්නා මගේ ළගට ආවා වෙද්දී මට ආයේ බෙරිහන් දෙන්න හිතුනේ හිතේ තිබ්බ සතුට පිරිලා යද්දි. පාන්දර නැගිටිද්දී මගෙ හාමු මගෙ අස්සේ හොදට ගුලි වෙලා නිදි. එහෙන්ම නැගිට්ට මන් කුස්සියේ පැත්තට ගිහිල්ලා ලිප පත්තු කරලා කේතලේ ලිපේ තියෙලා ආයේ කාමරේට ගියෙ විස්කෝතු පෙට්ටිය ගන්න වෙද්දී නුරාද නැගිටලා ඇදේ ඉදගෙන ඇසුත් පොඩි කර කර වටපිට බලනවා.

” තූ ති…. “

” ශ්….. “

හෙමීට ඇද ළගට ගියපු මන් මගෙ පැටියා කතා කරන්න ගියත් මන් ඒ ඇබිත්තන් කට මගෙ අතින් වහලා නිදා ගෙන ඉන්න එයාගේ අප්පච්චිව පෙන්නලා පැටියව හෙමීට ගත්තා මගෙ අතට.

” තූති අප්පත්ති ඔලා මාව එත්ත ආවත මෙහෙත්ත. “

” අප්පච්චි තමයි මගෙ පැටියා එක්ක ඊයේ රෑ ආවේ. කුක්කු එකක් හදලා දෙන්නද මන් ඉක්මනට උයනකම් “

පැටියව උඩින් රෙදි කෑල්ලක් එලලා වාඩි කරවලා සීතළ නිසාම මගෙ සරමකුත් එයාට පොරවව්වා.

” තූති අප්පත්ති විත්කෝතු නාත “

සුදු කුක්කු එකත් නිවලා ඒ අතට දෙද්දී කොල්ලා විස්කෝතු ඉල්ලුවා. පැටියා පරිප්පු කන්න ආස නිසාම මන් දඩ බඩ ගාලා කිරට පරිප්පු හදලා කරෝල තෙල් දැම්මා. මූණ හෝදලා ඉවර වුණු මන් බත් කද්දී පැටියටත් එහෙන්ම මගෙ බත් එකෙන්ම කැව්වා.

” ගිහිල්ල නිදා ගන්න පැටියෝ. තාම එළිවෙලාවත් නෑ නෙ රත්තරන් “

කමිසේ බොත්තම් ටික දාලා කලිසම දා ගද්දී පැටියත් හාන්සි පුටුවේ ගුලි වෙලා මගෙ සරමත් හොදට පෙරවගෙන ඈනුම් ඇර ඇර මන් දිහා බලාගෙන ඉන්නවා.

” බා නෙ තූති අප්පත්ති…  ඔලත් එත්ත ඉන්ත ඕනී අලෙ “

” මගෙ පැටියා මගෙ ළගින්ම තියා ගන්න තමයි මටත් ඕනී මගෙ චූටි රෝස මල “

මන් ලෑස්ති වෙලා එළියට යන්න හදද්දී පැටියා කියවනවා බුදුසරණයි පරිස්සමින් ගිහින් එන්න කියලා වෙද්දී මන් ආයේ ඒ චූටි හිස් මුදුනට හාදුවක් තිබ්බ.

” අනෙ මගෙ පැටියටත් බුදුසරණයි පරිස්සමින් මන් එනකම් දෙන්නනම ඉන්න ඕනී. කෝ චූටි අප්පච්චිට යන්න ඕනී. දොර වහගෙන ඉන්න ඇතුළට වෙලා. බායි.. “

” බායි තූ ති අප්පත්ති “

කොල්ලා අතත් වනලා දොර වහද්දි තමයි මන් කඩුල්ලත් පැනලා ආවේ පාරට. හරි සැනසීමක් දැනෙන්නෙ මගෙ හිතට.

” තමුසෙට මේ වැඩේවත් හරියට කර ගන්න බැරිද අයිසේ. ආයේ මුල ඉදලා තොරතුරු දත්ත ටික හරි පිළි වෙලකට එකින් එක ඕනී අද රෑ වෙන්න කලින්. ගයාන් උබ මේ ටික නවය වෙන්න කලින් මුගෙන් මේ ටික අරන් මට එවපන්. නැත්තම් උබ මේ අංශයෙන් අයින් වෙන්න බලාගෙන ඉදපන්. මොකද මේකේ ඉන්න බෑ කිසිම දෙයක් ගණන් ගන්නැති මේ ලෝකේ සිහියෙන් වැඩ කරන්න බැරි වෙන වැඩ නම් හරි ලස්සනට කරන්න පුළුවන් මී හරක් .  එහෙම අය ඉන්නව නම් කරුණා කරලා පැමිණිලි අංශයට ගිහිල්ලා ලිව්මක් දීලා මේ අංශේන් අයින් වෙන්න පුළුවන්. අපෙන් ඒ අයට කිසිම බලපෑමක්‌ නැහැ. ඒක අපිටත් ලේසි ඔයාලටත් ලේසි “

රන්දුනු සර්ගේ කෑ ගැහිල්ලට අපි ඔක්කොම තක් බීරි වෙලා බලාගෙන හිටියෙ ඒ කෙල්ලයි රන්දුනු සර් දිහයි.ඒ කෙල්ල අතින් මොකක් හරි ලොකු වැරැද්දක්‌ වෙලා වගෙ. මොනා නැතත් ඒ කෙල්ලට බනිද්දි රන්දුනු සර් මීහරක් කියපු වාක්‍ය කිව්වෙම දමියා දිහා  බලාගෙන. රන්දුනු සර් එළියට ගියත් හරි තමයි මෙච්චර වෙලා නිහඩව හිටිය අපි කසු කුසු ගාන්න ගත්තේ.

“  එයා නම් චුට්ටක් නපුරුයි වගෙ නේද නිලුවා. මාත් කැමති හැබැයි සැර කොල්ලෙක්ට නම් “

” ම් ඒක තමයි චුට්ටක් නපුරුයි තමයි නේද. මට‍ හිතෙන්නේ සමහර ඒවා නම් උබටත් එක්කද මන්දා කිව්වේ “

” පිස්සු…. සර් ඒ නිකමට වෙන්න ඇති මගෙ දිහා බලන්න ඇත්තේ. කියන්න බෑනෙ සර්ට මන් ගැන හිතක් වත් පහළ වෙලාද කියලා “

මට හිතා ගන්න බෑ මූ කොහොමද ඔහොම ධනාත්මකව රන්දුනු සර් ගැන හිතන්නේ කියලා.

                💥💥💥💥💥💥💥

” සර් දැන්ද ආවේ “

” අහ් ඔව් රන්දුනු. දන්නවනේ ඉතින් ගෙදර ගිහිල්ලා එන එක ලේසි නෑ කියලා. මට හිතුනොත් මේ ළග පාතින් ගෙයක් අරන් පදිංචි වෙනවා “

මන් එද්දි හවස හයත් පහු වුණා වෙද්දී ඉක්මනට මන් ගියෙ මගෙ රූම් එකට.

” මට එද්දි ඇහුනා ලාවට වගෙ පහළ කොටසින් සද්දයක් එහෙම. මොකද වුනේ අලුතින් ගත්ත අයත් එක්ක කචල් එකක් වත් ගියාද ම් “

” ආ මේ එහෙම නෑ සර්. අලුතින් ගත්ත පස් දෙනාම හොදයි. කලින් කණ්ඩායමේ ළමයෙක් ඕනීවට එපාවට අපිට ඕනී තොරතුරු ටික වාර්තා කරලා තිබ්බේ. ඒකට මන් පොඩ්ඩක් කෑ ගැහැව්වා සර්. නැත්තම් මුන් හරියට වැඩක් වත් කරන්නැති වෙයි. “

අලුත් කණ්ඩායම අපෙ අන්ශෙට ආවත් හරි මට කතා කරන්නවත් යන්න බැරි වුණා තියන වැඩත් එක්කලා. හෙට වත් කොහෙවත් යන්න නොතිබ්බොත් පැයකට හරි කතා කරන්න යන්න ඕනී.

” රන්දුනු…. අලුත් පස් දෙනාට අපි ඉක්මනට පුහුණු වීම් ටික කරවන්න පටන් ගන්න ඕනී. ඊලග සතියේ ඉදලා හරි පටන් ගමු “

” හරි සර් එහෙනම් අපි එහෙම කරමු”

” පස් දෙනාගෙම එයාලගේ පෞද්ගලික තොරතුරු එහෙම අරන් ඉවර ද මේ වෙද්දී රන්දුනු “

කෝකටත් කියලා හම්බෙන්න යන්න කලින් එයාලගේ ලියකියවිලි ටික බැලුව නම් හරි.

” එහෙමයි සර් “

” ගේන්නකෝ බලන්න රන්දුනු එහෙනම් “

රන්දුනු ඒ ලියකියවිලි ටික ගෙනල්ල දුන්නට පස්සේ මන් එකින් එක බලන්න ගත්තා. දෙන්නෙග්ගේ ලියකියවිලි ටික බලලා ඉවර වෙලා තුන් වෙනි එක්කෙනාගේ ලියකියවිලි බලන්න කොළේ පෙළරුවත් හරි දැක්කේ මන් ලාවට වගෙ දන්න කියන හුරු පුරුදු නමක්.

                💥💥💥💥💥💥💥💥

බුදුසරණයි ළමයි 🙏

ගිහිල්ලා එන්නම් 🤗

අදහස් වලට වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාළුලා 🙏🙏❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්තුන්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්තුන්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්තුන්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්තුන්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්තුන්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්තුන්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 44