À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්අටවැනි කොටහා

A+ A-

” අහ් ඔලු à·€ “

” අප්පත්ති… තා බයි ගන්ත අලෙ. තූති අප්පත්ති කීවා ඔලාත තා බයි ගන්ත කීලා “

ඔලුවත් අල්ලාගෙන ඇස් අරිද්දි මට ඇහුනේ නුරාදගේ කටහඩ වෙද්දී මට ඉබේටම ඇස් ඇරුනා. මගෙ දෙයියනේ තාම එළියවත් හරියට වැටිලා නැතුව පොඩි එකා එක්ක නිලූෂ මොකද මෙහෙ කරන්නේ. නුරාදත් ඌල් ජේසියක් දාගෙන කනුත් වැහෙන තොප්පියක් දාන් අම්මා නිදා ගෙන ඉන්න ඇද අයිනේ ඉදගෙන ඉන්නවා.

” හාමු නැගිට්ටද ආ “

” ඇයි මේ උදේ පාන්දර අප්පච්චියි පුතයි මෙහෙ ආවේ. මන් උදේට ක්වාටස් එකට එනවනේ දෙයියනේ “

මන් එහෙම කියද්දී එයා හිනා වෙලා පැටියට මිදී පොකුරක් දුන්නා.

” පැටියයි මායි මෙහෙ ආවේ ලොකු අප්පච්චිව බලන්න. නේද පැටියෝ. අප්පච්චිත් මාර මාර ප්‍රශ්න තමයි අපෙන් අහන්නේ “

” ඒකනේ අලෙ “

පැටියවත් වඩා ගත්ත එයා අම්මාගේ ඇදෙන් වාඩි වුණා වෙද්දී මාත් මගෙ ඔලුව මගෙ මහත්තයගෙ ඔක්කෙන් තියාගත්තා.

” ඇග හැමතැනම රතු පාට බිබිලි දාලා “

” මදුරුවෝ කාලා. “

එයාගේ ඇගිලි මගෙ හිස කෙස් අස්සෙන් යද්දි මගෙ ඇස් ආයේ පිය වී ගෙන ආවත් මට දෙයක් මතක් වුණු හැටියේ මන් ආයේ කෙලින් වුණා.

” කොහොමද ඇතුළට ආවේ. තාම ලෙඩ්ඩු බලන වෙලාවවත් ආවේ නෑ නෙ “

” ඇයි බන් මන් ළග තියෙන්නේ පොලිස් හැදුනුම්පත. ඒක පෙන්නුවාම යන්න දෙනවා අපිට. මගෙ හාමු බේබිගෙ මහත්තයා දැන් ඉස්සර වගේ නිකමෙක් නෙවෙයි හොදද “

” කාද තූති අප්පත්ති නිතමා කියන්තෙ “

” පිස්සුද…. ඉස්සරත් මට ඔයා නිකමෙක් නෙවෙයි නිලූෂ. මනස්ගාත හිතනවා ඉතින් “

” නිකමා කියන්නේ හරියට වැඩක් කරන්නැති මනුස්සයට පැටියෝ “

පැටියයි නිලූෂයි කතා කර කර ඉද්දි මන් ගියෙ මූණ අතපය හෝදන්න. හොද දෙන්නා ඉතින් මේ පාන්දර මාව බලන්න ඇවිල්ලා තියෙන්නේ මේ හීතලේ .

අම්මට නම් නිදි පෙත්ත ගානට අල්ලලා වගේ. උදේ හතටත් කිට්ටුයි. ඒත් තාම නිදි හොදට.

” අප්පත්ති තීයා එනෝ “

කොල්ලා මිදි ගෙඩියකුත් කටේ දා ගෙන ඉස්සරහ බලාගෙන ඉන්නවා.

” පොඩි අම්මා තාම නැගිට්ටේ නැද්ද “

” නෑ අප්පච්චි. බෙහෙත් සැරටම නිදි හොදට. “

කමනි නැන්දා නම් පේන්න නෑ. අප්පච්චි ලොකු මල්ලකුත් ඇරගෙන අපි ඉන්න තැනට ආවිල්ලා නිලූෂගෙ ඔක්කේ හිටපු නුරාදගේ ඔලුව අත ගගා මාත් එක්ක කතා කළා.

” අම්මට නම් සනීප වෙන්නැති වෙයි පුතා මේ යන විදිහට. ඔහොම නෙවෙයි වෙද මහත්තයා දුන්නු බෙහෙත් වත් ඇගට අල්ලන්නෑ කියන්නේ තත්වේ ගොඩක් නරකයි කියන එකනේ “

ලොකු හුස්මක්‌ පාත දාපු අප්පච්චි කොල්ලාව වඩා ගත්තා. ඉස්සර වගේ නෙවෙයි හැබැයි අප්පච්චි දැන් පොඩ්ඩක් නුරාදට ලෙන්ගතුයි. කොල්ලත් ඒ නිසාද මන්දා අප්පච්චිට එච්චර බයත් නෑ. හොදට අප්පච්චිගෙ අස්සට වෙලා ඉන්නවා.

” සීයා බලන්න ආවේ වත් නෑනේ පැටියා. කොහොමද අලුත් ගෙදර හොදද “

” ගුදක් හොදයී තීයේ…. තූති අප්පත්තිත් ඉන්තවනේ මදෙ ළද. අපි දෙන්තා දන් සාබු පාත්තියක්ම දාලා අලෙ තීන්නේ. ඔලත් එන්ත අපෙ ගෙදලත. “

” එන්නම්කෝ සීයා ඔයාට කඩචෝරු මල්ලකුත් අරගෙනම “

අප්පච්චිත් අම්මා ළග හිටිය නිසා අපි තුන් දෙනා ආවේ ක්වාටස් එකට. එනින් ගමන් උයන්නත් බැරි නිසා කිරි බත් ටිකක් කඩෙන්ම ඇරගෙන ආවා.

” අද නැද්ද වැඩ එහෙම “

” හවසට හාමු තියෙන්නේ. අද පැටියව පාක් එකට හරි සෙල්ලම් කරන්න ගෙනියමුද . ගොඩක් දවසකින් අපි එයාව එක්ක ගියෙත් නෑ නෙ “

ඇත්ත තමයි. මගෙ නිලූෂ ඒක කියන කම්  මට ගානක් වත් ගියෙ නෑ නෙ. එයා අපි එක්ක කොච්චර ක්වාටස් එකේ හිටියා වුණත් එයාගේ වයස ළමයෙක් වත් නෑ නෙ එයා එක්ක සෙල්ලම් කරන්න.

” යමු. දරුවටත් හොදයිනෙ. කීයටද යන්නෙ එතකොට ම් “

“යමු ඉතින් එකට විතරවත්. නැත්තම් හෙට යමුද. හෙට මටත් නිමාඩුයිනේ “

” හෙට හවසට යම් එහෙනම් “

නුරාද නම් එළියේ කලිසම් කොටෙකුත් ගහගෙන හොදට නටනවා. මන් ඉතින් තේ එක තොල ගගා මයෙ මහත්තයගෙ ඇගට හේත්තියක් දාන් ඔහේ කයිය ගහනවා.

” තූ තී අප්පත්ති……. අහ් තුති අප්පත්තියෝ…….. ආ………… මාව කනෝ…”

එච්චරයි ළමයා බෙරිහන් දුන්නේ නිලූෂයි මායි දුවගෙන ගියෙ එළියට වෙද්දී ළමයා හෙලවෙන්නැතුව යටි ගිරියෙන් බෙරිහන් දෙනවා.

” මන් බය වුණු තරමක් දෙයියනේ….. මන් හිතුවේ සර්පයෙක් කියලා “

” පැටියා සර්පයින්ට බය නෑ නෙ හාමු “

නිලූෂ පැටියව වඩා ගත්ත ගමන් කකුල් දෙකත් නිලූෂගේ ඉන වටේ දාගෙන මගෙ කකුල් දෙකේ ඇතිල්ලී ඇතිල්ලී ඉන්න කළු පාට පූස් පැටියා දිහා බලන් කදුළුත් පුරව ගෙන බලාගෙන ඉන්නවා.

” අප්ප ත් ති එලා ගුදක් ගුදාක් නලකයි. ඔව් අලෙ එලා නලකයි තූති අප්පත්ති. බාන්න මදෙ කකුලත මේම ගැව්වා එලා . ගාලා මදෙ කකුල කන්ත එනවා අලෙ. එලාව අයින් කලන්ත අයියූ “

” ඒ පැටියට ආදරේටනෙ එන්නෙ. පව් චූටි පැටියෙක් එයා “

” මෙයාව කවුරු හරි දාලා ගිහිල්ලා වෙන්නැති නිලූෂ. නැත්තම් මේ පැටියා කොහොම එන්නද තනියම “

කොහොමින් කොහොම හරි අපෙ පවුලට තව සාමාජිකයෙක් එක්කහු වුණා. නුරාද නම් පූස් පැටියගේ ළගට වත් යන්නෑ ඒ තරමට කොල්ලා බයයි. මයෙ නිලූෂ දවල්ට කන්න පරිප්පුවක් හදනකම් මන් ගියෙ ටැංකිය ළගට පූස් පැටියව නාවන්න. සබන් හොදට උලද්දි ඉන්න මැක්කොත් යනවනේ.

“  ඈ තූති අප්පත්ති යෙ පාප්පු එක්ත බිත්තලත් හදමුත අපි. මත බිත්තල ඕනී. පාප්පු සැලත නම් ඔන්ත හදන්ත එපා…. මත කන්ත අමාලුයි “

” ම් ඒකත් චූටි අප්පච්චි තැම්බෙන්න තියන්නම්කො මගෙ වස්තුට කන්න දෙන්න. පාප්පු සැරට හදන්නෑ ඔන්න “

” පූතත මොනාත දෙන්තෙ කන්ත “

” බතුයි හාල් මැස්සෝ ඔලුයි තම්බලා දෙමු “

” අලේ මතත් ඕනී ඒම කන්ත “

” ඉකේ පැටියෝ ඒවා අපි කන්නෑ දරුවෝ “

” අයි තූති අප්පත්ති ඒ “

පූසව නාව නාව හිටියට මගෙ කන් දෙක තිබ්බෙම කුස්සියේ පැත්තේ ඉන්න ඒ දෙන්නගේ කතාවට.

” නිලූ.. à·‚ පරණ රෙදි කෑල්ලක් ගේන්නෝ “

ඇයි අනේ මෙයාට සීතළ වැඩි වෙලා මොනා හරි වුනොත් එහෙම .

” ආ මේක කොහොමත් අදින්න බෑනේ ආයේ. පේන්නෑ තියෙන හිල් වල ලොකු “

” ඒයි පිස්සුද මිනිහෝ. ඕක මගෙ ආසම එක දෙයියනේ. ඕක තියෙලා වෙන එකක් ගේන්න අප්පා. අනේ මන්දා ඇත්තමයි ඕවට නම් අත තියන්න එපා ආයේ. ඔයා එක සැරයකුත් පොඩ්ඩක් මේ හිල් තිබ්බා කියලා දැලි රෙද්දකට අරන් තිබ්බා. මට තාම මතකයි හරිද “

” හරි හරි දෙයියෝ… කෑ ගහන්න එපා. මන් වෙනින් එකක් ගේන්නම්කො. “

යට කලිසම් වල කොච්චර හිල් තිබ්බත් අලුතින් ගත්ත ඒවාට වඩා මන් කැමති පරණ ඒවාට. සමහර දවස් වලට මන් මගෙ මනුස්සයගෙ ඒවත් අදිනවා. ඒවා නම් මන් හැබැයි ගොඩ ගහලා තියන්නෑ ඉක්මනට හෝදලා තද අව්වට වේලෙන්නත් දානවා. ඒවා ටිකක් මට ලොකු වුණත් ආසාවට මන් ඒවා අදිනවා ඉතින්.

” අයියූ මෙලා පෙලේතයි අප්පත්ති. බලන්නුකු අලේ මදෙ බත් එත දියා බලන් ඉන්තවා. “

” එහෙම තමයි පැටියෝ පුසෝ ඉතින් බලාගෙන ඉන්නවා. එයා තාම චූටි පැටියෙක් නෙ. “

නිලූෂ පූස් පැටියට කුස්සියේ චූටි පිගානෙට බත් ටිකක් දාලා ආවත් ටික වෙලාවකින් ඒකත් අපි කන ළගට ඇවිල්ලා බලන් ඉන්නවා.

” පොඩි බේබී අම්මා මොකද කිව්වේ. ලොකු මැණිකෙට තාම අඩුවක් නැද්ද ම් “

” නැහැ නිලූෂ. අම්මගේ සිහියත් දැන් ටිකක් අඩු වී ගෙන වගේ එන්නෙ. එයා අප්පච්චි ගැන අපි එක්ක බොරු කතා කිය කියත් බනිනවා. බලන්නකෝ. අම්මගේ කට කැඩෙන කම් අපි ඔක්කොමලාටම සාප තිය තියා බනින්නේ. අවසාන කාලේ හරි ටිකක් හොදින් හිටියා නම් මොකද නේද “

හවස් වෙලා පැටියයි මායි ක්වාටස් එකේ ඉද්දි මගෙ නිලූෂ ගියා වැඩට. ඉක්මනට එන්නම් කිව්වට මොකද හෙට නිවාඩු නිසා ඒකටත් එක්ක හරියන්න රෑ දෙගොඩ හරිය වෙනකම් වැඩ තියෙයිද දන්නෑ.

මන් පැටියට සුදු කිරි එකකුත් හදා ගෙන ගියෙ එයා නිදා ගෙන හාන්සි පුටුව ළගට . එයා දන්නේ වත් නැද්ද කොහෙදෝ පූස් පැටියත් එයාගේ අස්සෙ ඉන්නවා කියලා.  කිරි එක පැත්තකින් තිබ්බ මන් ඌව උස්සන් ගිහිල්ලා තිබ්බේ අනිත් හාන්සි පුටුවේ වෙද්දී ඒකා ආයේ ගුලි ගැහිලා හොදට නිදා ගත්තා. පුදුම කම්මැලි හොර ගෙඩියෙක් වගේ. කාලා කාලම බඩත් ඩෝලේ කරන් දැන් සැපට නිදි

” කෝ අප්පත්ති තූති අප්පත්ති… “

” චූටි අප්පච්චි වැඩට ගියා මගෙ වස්තු. කෝ ඉතින් ඕක ගුඩු ගුඩු ගාලා බොන්න ඉතින් නිවෙන්න කලින් “

” අයියූ… තූති අප්පත්ති සොලෙන් ගීල්ලා පැතියත යන්තම් කියන්තතුව. ඔලා හලි මත කතා කලන්ත තිබ්බනේ අප්පත්ති “

” චූටි අප්පච්චිම තමයි කිව්වේ පැටියට හොදට නිදා ගන්න දෙන්න කියලා “

තඩි බත් පිගානයකුත් පැටියයි මායි කාලා දෙන්නම කුස්සියෙන්ම දතුත් මැදගෙනම ගියෙ නිදා ගන්න. නිදා ගන්න කිව්වට මන් එතන ඇලවුනේ පැටියට නින්ද යනකම් විතරයි.  පැටියට නින්ද ගියාට පස්සේ ඉස්සරහ හාන්සි පුටුවට ගියපු මන් ටීවී එක දා ගත්තා.

              💥💥💥💥💥💥💥

” කමක් නැද්ද මන් ඔයත් එක්ක ආවට ඈ නිලුවෝ. ඔයාගෙ සැමියාට මාව දැකලා තරහා යයිද මන්දා අප්පා…. “

“  එයාට මොකටද බන් තරහ යන්නෙ. මොකෝ උබ මගෙ හොර මිනිහා ඈ. “

දමියගේ අප්පච්චිට ඌව ගේන්න අද එන්නෙ වෙන්නැති නිසා ඒකා එන්නෙ අපෙ ගෙදර. මන් දන්නවා දැන් දමියා හෙටත් ඉදලම තමයි අනිද්දා වැඩට යන්නෙ කියලා. අපි වැඩ කරලා ඉවර වෙද්දී එකොළහත් පහු වුණා.

” චූටි හාමු මහත්තයට මොනාවත් ගන්න කඩයක් වත් ඇරලා නෑ නෙ බන්. “

” පිස්සු කතා නොකර යම් බන් “

සාක්කුවේන් ගත්ත යතුරින් දොර ඇරියත් හරි මන් දැක්කේ හාන්සි පුටුවේ කටත් ඇරගෙන කකුල් දෙකත් උඩ දාන් නිදාගෙන ඉන්න මගෙ හාමු මහත්තයව. ටීවී එකත් තාම වැඩ.

” උබ අතපය හෝදලා වරෙන් බන්. මන් හාමුව ඇදෙන් තියෙලා එන්නම් “

මගෙ හාමු මහත්තයගෙ බරත් ටිකක් අඩු වෙලාද මන්දා. දැන් නම් මට එයාව උස්සන් යන්නත් පුළුවන්. ඉස්සර තරම් අමාරුත් නෑ

” අහ් නි ලූෂ “

” නිදා ගන්න. මන් එන්නම් ඉක්මනට “

” ඉක් මනට එ න්න “

භාගෙට ඇසුත් ඇරගෙන එහෙම කියපු හාමු මගෙ කොට්ටෙන් ඔලුව තියා ගත්තා වෙද්දී මන් අරූට තුවායකුත් ඇරගෙන ගියෙ කුස්සියේ පැත්තට. ඔක්කොටම කලින් මාත් ඇග පත ටිකක් හරි හෝද ගන්න එපැයි

ඇදේ පැටියා නිදා ගෙන ඉන්න නිසා මන් උට එහා කාමරේ ලෑස්ති කරලා දුන්නත් ඒකා කිව්වා හාන්සි පුටුවේ නිදා ගන්නම් කියලා වෙද්දී මන් ලයිටුත් නිවලා ආවේ අපෙ කාමරේට

” තනියම මොනා ද ඉස්සරහට වෙලා මගෙ මහත්තයා කුටු කුටු ගෑවේ ම් “

” නින්ද ගියෙ නැද්ද “

” නෑ. මගෙ අලි පැටියා එනකම් බලන් හිටියා “

මගෙ අස්සට ආපු මගෙ හාමු මහත්තයා ඇසුත් පියා ගෙනම මුමුණනවා.

” දමියා ආවානෙ. එයා හෙට මෙහෙ ඉදලා අනිද්දා මා එක්කලා යනවා වැඩට “

” නිදා ගන්න ලෑස්ති කරලා දුන්නද පොඩි එකාට “

” ඕන් එයාට හාන්සි පුටුවේ නිදා ගන්න ඕනියි කිව්වේ “

හාමු උට‍ කියන්නෙම පොඩි එකා කියලා තමයි. කොහොමත් පොලීසියේ හැමෝගෙන්ම පොඩිත් දමියා තමයි .  දහනවයක් වුණාට අවුරුදු පහළවේ දාසයේ පොඩි පෙනුමක් තියෙන්නේ. පොලිසියට බදව ගද්දිත් එකාගේ උස  නූලෙන් වගේ බේරිලා තිබ්බා .

“  අප්පත්ති කාද අල පුතුවේ බයි ගෙන ඉන්තේ….. ගෝනි බිල්ලෙත් වදේනෙ එලා “

” දාමී අයියා. “

” à·„à·‘….. දාමි අයියා තූති අප්පත්ති එත්ත ආවද ඈ අප්පත්තියේ “

මන් අපි හතර දෙනාට කිරි වක් කරද්දි මයෙ හාමු කපාපු කෙසෙල් මුව ටිකට දුම් මැස්සේ තිබ්බ වේලච්ච මස් ටික කුඩු කොටලා  දානවා.  පැටියා ඉතින් එයාගේ ෂීට් එකත් ඇග වටේ ඔතාගෙන ලොකු පුටුවේ වාඩි වෙලා හෝ ගාලා කතා කරනවා. පූස් පැටියා පා පිස්සෙ ඉදගෙන ඉතින් නිදි කිරනවා. අද නම් වෙනදට වඩා සීතළයි. මායි හාමුයි දෙන්නත් ලොකු ඌල් ජේසි දාගෙන තමයි ඉන්නෙ.

” ඔව් පැටියෝ ඊයේ රෑ චූටි අප්පච්චි එක්ක තමයි දාමි අයියා ආවේ. ආ මයෙ පුංචගෙ කුක්කා කිරි එක “

මන් ඒ රතු වෙලා තිබ්බ චූටි කම්මුලටත් හාද්දක් දීලා පැටියගේ අතට දුන්නේ එයාගේ නිවාපු සුදු කිරි එක.

” අඩේ බන් උබ කිරි ත් හදලා. හොදට නින්ද ගියා බන්. සනී….. පයි “

” ආ මේක බීලා තව නිදා ගනින්. තාම හතයි ගානක් නෙ දමියෝ “

” ඇයි බන් උබලා නිවාඩු දවසටත් කලින්ම නැගිටලා වැඩ පටන් ගන්නෙ. අට නවය වෙනකම් වත් නිදා ගනින්කෝ නිලුවෝ “

” ඒ…..    බන් අපි වලව්වේ ඉද්දි හත වෙනකොට කෑම කාලා පුරුදු වෙලා දැන් අපිට උදේන්ම කන්න ඕනී බන්. උබට පස්සේ කතා කරන්නම් මන්. නිදිය ගනින් එතකම් “

” ඔව් බන් මට ගොඩක් මහන්සි නිදි මතයි අයියේ “

අපරාදේ දමියට පස්සෙම කිරි එකක් හදලා දෙන්න තිබ්බා. කොල්ලා නිදි මත බේරී බේරී කිරි එක බොනවා.

මගෙ හාමු මහත්තයාගෙ තෙල් දාපු කෙසෙල් මුව හරි රසයි. ඒ වුණාට කොච්චි දාලා තියෙන නිසා හරි සැරයි. එයා මට කියලා පාත්තියකුත් හදා ගෙන හොදට එක එක වර්ගයේ කොච්චි හිටවලා. හොද වෙලාවට සැර නැති කිරි දාපු පරිප්පුවක්‌ මන් හැදුවෙ.

” හාමු මහත්තයා කෙසෙල් මුව එකට උම්බලකඩත් හොදට දාලා හරි රසයි. “

” උම්බලකඩ නෙවෙයි පුතා වෙලච්ච මස්. වලව්වේ යද්දි අප්පච්චි ටිකක් මට මෙහෙට අරන් එන්න දුන්නා. පොලටත් ගිහිල්ලා බැලුවට තිබ්බේ නෑ නෙ “

දමිය නම් කිසිම ලැජ්ජාවක් නැතුව කොත වගේ බත් එකකුත් බෙදා ගෙන හාමු එක්ක කයියකුත් ගගහා යසට ගිලිනවා .  පැටියා කරස් කුරුස් ගාලා පපඩම් කකා දමියාගෙ කට දිහා බලාන් හිටියෙ එයාගේ ළගම හිටපු පූස් පැටියවත් අඩුම තරමෙ දකින්නැතුව .  පපඩම් තිබ්බ නිසා මගෙ හාමු කලින්ම පැටියට බත් පිගානක්ම කැව්වා. අතින් කෑවොත් නම් බත් වෙනුවට චූටියට කැවෙන්නෙම පපඩම්.

” දාමි අයියත කෙතෙල්මුව සල නාද අලේ. මත එලා ගුදක් සරයි. මන් ඉතින් පාප්පු එත්ත බයි කාවේ නේත අප්පත්තියේ “

“  ඉකේ කොල්ලෙක් වෙලා සැර කන්න බැරි නම් වැඩක් නෑ චූටියෝ. යාලුවෝ එහෙම දැක්කොත් ඔයාට à·„à·– කියයි. “

පැටියා දන්නෙත් නැද්ද කොහෙදෝ එයාගේ බත් එකට එයාගේ අප්පච්චි කෙසෙල් මුවත් දාලා හොදට අනලා කැව්වා කියලා.

” වලව්වේ දැන් ලොකු හාමු විතරයිද ඉන්නෙ බේබී “

” ඔව් අප්පච්චි විතරයි තමයි ඉන්නෙ. අම්මා තාම ඉස්පිරිතාලේ නැවතිලානේ “

අදත් මයෙ හාමු යයි වගේ අම්මා බලන්න. උයන වෙලාවේත් කිව්වා හවසට අම්මා බලන්න ගියා නම් හොදයි කියලා. දමියත් ආව නිසා කොහොමත් පැටියාට තනියක් නෑ නෙ. ඒ නිසා වෙනින් දවසක තමයි පාක් එකට යන් කියලා කතා වුණේ.

” දාමි අයියා තෙල්ලම් කලන්ත එනවත මාත් එත්ත. තූති අප්පත්තිත් එනවා කීවා “

” එහෙනම් ඉතින් දාමි අයියට උම්මෙක් ඕනී “

දමියා එයාගේ කම්මුලකුත් පෙන්නලා කියද්දී පැටියා හිනා වෙලා කටේ ඇගිල්ලකුත් ගහගෙන දුවන් ඇවිල්ලා මගෙ කකුලේ එල්ලුනා.

” ආන් නිලුවෝ වාහනයක් උබලා දිහාට්ට එනවා “

දමියා කිව්වා වගේම වාහනයක්‌ නම් මේ පැත්තට එනවා. ඒක නැවැත්තුවත් හරි මන් ගියෙ ඉස්සරහ කොරිඩෝ එකට.

” තූති අප්පත්ති කාද අලේ ඒ “

ආ මේ දෙන්නා නෙ මේ. ගජේගේ අතෙත් ලොකු මල්ලක්. පොඩි ඇටයගේ අතෙත් පොඩි මලු දෙකක්ම තියෙනවා. හොද වෙලාවට ඇමති පුතාගේ සේනාංකේ ඇවිල්ලා නෑ.

” ඔන්න අද අයියලා දෙන්නම පැටියා බලන්න ආවෝ… ආ සූටික්කට ආසකීම් පෙට්ටියක්ම “

” ඉත්තූ…….. ති… අලේ “

පොඩි මලු දෙකම පැටියට දෙද්දී පැටියත් හිනා වෙලා ඒ දෙකම අත් දෙකෙන්ම බදා ගෙන ඇතුළට දුවගෙන දුවගෙන ගියා. අද නම් වෙනදා වගේ ගජේ කළු පොරවන් නෑ. ඇගටම හිර වෙලා තියෙන සුදු කමිසෙයි අලු පාට කලිසමයි.

” අහ් පුතාලනෙ මේ….. මන් බැලුවේ කව්ද මේ කියලා “

මගෙ හාමු මහත්තයා එහෙම කියලා පැටියා එක්කම ආවේ මගෙ ළගට. දමියත් ඉන්නවා මගෙ පිටි පස්සට වෙලා    පොඩි ඇටයා දිහයි ගජේ දිහයි මාරුවෙන් මාරුවට බලාගෙන.

” මෙයා දැකලම නෑ නෙ අයියේ “

” මේ මගෙ යාලූවා දමිත්. “

” මෙයත් පොලීසියේද එතකොට “

” ඔව් “

අපි තුන් දෙනාම ඉස්සරහට වෙලා කතා කර කර ඉද්දි දමියා පැටියයි හාමුයි එක්කලා ගියා කුස්සියේ පැත්තට.

” ලොකු මැණිකෙට නම් හොදම වැඩේ බන් මන් නම් කියන්නේ නැද්ද බන් “

” තොගේ වක්කඩේ ඇහෙයි බන් හාමු මහත්තයට.  දැන් හොදටම ලොකු මැණිකෙට අමාරුයිද හලෝ ඒ කියන්නේ. හැබැයි ඉතින් බෙහෙත් අල්ලන්නේ නෑ කියන්නේ මැණිකෙට නම් වැඩි දවසක් ඉන්න වෙන්නැති වෙයි නේද “

” කියන්න බෑ ඉතින්. කොහොම වෙයිද දන්නෑ. “

ඇත්තමයි මගෙ හාමු මහත්තයා කුස්සියේ නිසා හොදයි. නැත්තම් මුන්ගේ කතා වලට මට තමයි බැනුම් පිට බැනුම් අහන්න වෙන්නේ.

” අර කොල්ලාත් ඇයි අනේ මට ඔරවන්නේ. එයා දිහා චුට්ටක් බැලුවා කියලා මොකද වෙන්නේ කියන්නකෝ . අර පොඩි එක්කෙනාද එයාගේ කොල්ලා. හැබැයි ඒ දෙන්නා නම් ඉතින් ගානට ගැළපෙන ජෝඩුව. අනේ මටත් අර වගේ කොල්ලෙක් හොයලා දියන්කෝ නිලූ වො….. “

” පොඩි එකා ගජේගේ හොදම යාලුවා බන්. එකාගේ අයියා පස්සෙන් තමයි ගජේ යන්නෙ. “

මන් එහෙම කියද්දී ඇසුත් ලොකු කරගෙන ඉස්සරහ මිදුලේ මගෙ හාමු මහත්තයා එක්ක කතා කරන ගජේ දිහා බැලුවා. පොඩි ඇටයා පැටියා එක්ක ඔහේ නටනවා.

” ඒකත් එහෙම ද….. “

” අපෝ උබ මොකෝ මූණ නාළු කරන් ඉන්නේ. මෙහෙ එනවා යන්න “

එහෙම කියලා මන් දමියාගේ අතින් ඇදන් ගියෙ හාමුලා ඉන්න තැනට.

                  💥💥💥💥💥💥💥

කමනි මැණිකේ ළග ඉන්න නිසා මන් එන්න ආවේ ආයේ වලව්වට. වලව්ව දැන් නම් ඇත්තටම පාළුවට ගිහිල්ලා තමයි. දොස්තර මහත්තයා නම් කිව්වේ මයෙ මැණිකේ ඕන්නම් උපරිම තව දවස් තුන හතරක් විතර ඉදියි කියලා . ඒකිට ඒ තරමට අමාරුව.

මන් කහට කෝප්පයක් තොල ගගා බැලුවේ මන් හංගලා තියා ගත්තු අපෙ ඇල්බම් එක. අයියගෙයි මගෙයි ඉපදිච්ච දවසෙ ඉදලා ගත්තු ෆොටෝ හිටන් තාමත් මන් ළග හරි පරිස්සමින් ඇල්බම් එකේ තියෙනවා. ෆොටෝ කෑළි දෙක තුනක වගේ අප්පුත් එහෙන් මෙහෙන් ඉන්නවා.  අපෙ අප්පුච්චා නම් හරි ආඩම්බරෙන් ෆොටෝ ගහද්දි වුණත් ඉන්නෙ. අවුරුදු කාලෙට නම් මේ මුළු වලව්වෙම කට්ටිය පිරිලා හිටියා. ඒකට දැන් මුළු වලව්වටම කියලා ඉතිරි වුණේම මන් විතරයි. කාලෙත් හරී වේගෙන් ගෙවිලා ගියා වගේ දැනෙන්නෙ

” ලොකු හාමූ… ලොකු හාමු…. “

මේ වැස්සේ කව්ද මන්දා ඇවිල්ලා ඉන්නෙ. මන් ගියෙ ඉස්සරහ ඉස්තෝප්පුවට වෙද්දී ඇවිල්ලා හිටියෙ කමනිගේ පොඩි කොලුවා.

” මොකෝ උබ මේ පැත්තේ “

” ලොකු හාමු මේ…..   අම්මා හවසට මෙහෙ ඇවිල්ලා මට රෑට කන්න මොනා හරි ලොකු හාමුට හදලා දෙන් න කි ව්‍වා ඒ කයි මේ ආවේ ම න් “

කමනි මට‍ කියලා තියෙන්නේ ඒකගේ පොඩි කොලූටත් උයන්න පුළුවන් කියලා. කොහොමත් අද රෑ කමනි මැණිකේ ළග නතර වෙන නිසා උයන්න කවුරුත් ඇත්තෙත් නෑ නෙ.

” උබ තෙමිලානෙ ඉන්නෙ. සීතළ යන්නත් එක්ක ඔක්කොටම කලින් මොනා හරි හදාන් බීලා හිටහන්”

” හරි ලොකු හාමු “

කොල්ලා මල්ලත් ඇරගෙන කුස්සියේ පැත්තට යද්දි මට මතක් වුණේ දෙනුවන් කොල්ලව.  ඒකා කොළඹ අර ගෑණි එක්කලා කොහොම ඉන්නවද දන්නෑ. මටත් පොඩි එකා ගැන මුලදී කේන්ති ගියාට මොකද පස්සේ පව් කියලා හිතුනා.

” ලොකු හාමුට කහට කෝප්පයක් වක් කරන්නද මන් “

” එපා මන් බිව්වා. ඕන් පහළ මැස්සේ ඇති අලුත් කිතුල් හකුරු මුලක්. කෑල්ලක් කපලා කාපන් “

මන් ඇදට වෙලා ටිකක් මහන්සි යන්නත් එක්කලා ඇල වුණා.

” සීයේ…  අපි ආවා. ඔයා නිදි ද “

” කෑ නොගහා ඉන්නවා. පස්සේ නැගිටියි සීයා “

” හරි හරි අනේ. තමුසේ කටපියන් ඉන්නවකෝ මනුස්සයෝ “

               💥💥💥💥💥💥💥

බුදුසරණයි යාලූලා 🙏

ගිහිල්ලා එන්නම් 🤗

අදහස් වෝට් වලට යාළුලාට ගොඩක් ඉස්තුතියි 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්අටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්අටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්අටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්අටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්අටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්අටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 49