À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටදෙවැනි කොටහා

A+ A-

ඉවරයක් නැතුව අද මහ පාන්දර ඉදන් වැස්ස. ලොකු හාමුට ආයේ වලව්වට යන්න ඕනියි කියපු නිසා උදේට කාපු අපි වලව්වට ගිහිල්ලා එහෙන්ම ගියේ එළවලු ගන්න.

” ඌල් තොප්පිය එහෙම ගලවන්න බෑ පැටියෝ හාද. චූටි අප්පච්චි අතේම ඉන්න ඕනී මන් බඩු ගන්න කම් “

මයෙ හාමු මහත්තයා පැටියගේ දැලි ගාලා තියෙන ඇහි බැමි දෙකත් වැහෙන්න තොප්පිය පාතින්ම දැම්මා.

” අයියූ අප්පත්ති…. ඕම එපානේ. තුත්තක් විතල තා උදත කලන්තකු “

” පිස්සුද නුරාද…. මයෙන් කන හරහා පාරක් කන්නැතුව කට පියාගෙන ඉන්න “

හාමු ලොකු කුඩයකුත් ඉහළ ගෙන පොළ අස්සට රිංගද්දි මාත් ලොකු කුඩේ ඉහළ ගෙන හාමු පස්සේ ගියා. හාමු බිමටත් නැවී ගෙන එළවලු තෝරනකම් පැටියයි මායි ඔහේ හිටියෙ ඈනුමුත් ඇර ඇර. පැටියට නම් මොකද ඉතින් මයෙ උරපත්තේ ඔලුවත් තියන් එක අතකින් මයෙ පපුවත් පහුරු ගගා ඉන්නවා.

” තූති අප්පත්ති…. ආසකීම් එතත් පැතියත අලන් දෙන්තකු…. “

” යද්දි චූටි අප්පච්චි පැටියට රස අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම්කෝ හාද “

” මදෙ හොත තූති අප්පත්ති ආතලෙයි ගුදක් මදෙ තෝත මලත “

පැටියා මයෙ මූණත් බදා ගෙන එහෙම කියලා උම්මා එකකුත් දුන්නේ මාත් ඒ චූටි කම්මුල ඉඹිද්දී.

” වැටකොළු ඇයි ගන්නේ “

” වැටකොළු කිලෝ එකම දාන්න මුදලාලි “

මටත් ඔරවපු මයෙ හාමු මහත්තයා වැටකොළු කරල් තුනක්ම දෙද්දී මට වමනෙට වගේ. සතියෙම වැටකොළු කකා ඉන්න වෙයිද දන්නෑ

” වැටකොළු පතෝල වගේ දේවල් කන්න ඕනී නිලූෂ.  එතකොට තමයි ලෙඩ අඩුවෙන්නේ. කොච්චර ගුණ කෑමද මේ ඔයාලා එපා කියන්නේ ආ….. “

” හරි හරි හාමු කැමති දෙයක් ගන්න “

මහ වැස්ස නිසා හාමු අයිස්ක්‍රීම් ගන්න කොච්චර අදිමදි කරත් මන් පැටියවත් එක්කන් ගියේ අයිස්ක්‍රීම් ගන්න. දැන් කන්න එයාට අයිස්ක්‍රීම් එකකුත් අරන් ගෙදර ගිහිල්ලත් කන්න තව අයිස්ක්‍රීම් ගත්තා . හාමුයි මායි දෙන්නම රස්සා කරන නිසා හොදයි ඉතින් මේ විදිහට ඇරන් දෙන්න. පැටියත් එසේ මෙසේ දේවල් නෙවෙයි ඉල්ලන්නේ. හාමු නම් ඉල්ලන ඉල්ලන දේවල් නම් අරන් දෙන්නෑ. ඒවුනාට මට‍ පැටියගේ මූණ දකිද්දී බෑ කියන්න බැරි කමට ඉල්ලන දේ හොදයි නම් අරන් දෙනවා. දරුවෝ වුණාම දෙමාපියන්ගෙන් ඉල්ලන්නැතිව කාගෙන් ඉල්ලන්නද

” කොහේද අයිසේ යන්නෙ උඩ බලාගෙන ආ…. උබට ඇස් පේන්නැද්ද ඔච්චරටම. ඇගේ හැප්පී හැප්පිම යන්නෙ “

” ස් සමා වෙන්න සර් “

” තමුසේ හිතන්නෙපා උබ කරන්න ගියපු දේ මන් දැක්කේ නෑයි කියලා “

පැටියවත් වඩා ගෙනම තව එයාට ඕනී කිව්ව‍ පළතුරු ටිකකුත් තෝර තෝර ඉද්දි මයෙ ඇගෙත් හැප්පී ගෙන වේගෙන් ගියපු මනුස්සයෙක්ගේ අතින්ම ඇදල ගත්තේ තව පොඩ්ඩෙන් මන් පළතුරු ගොඩටම වැටෙන්න ගියපු නිසා. ඒත් ඇත්තටම ඒ මනුස්සයගේ වැඩේ නිසා මන් අරහෙම කියලා පුළුවන් තරම් අත ඇඹරුවේ ඒකා බලද්දීම හොරෙක් වෙන්න ඇති කියලා හිතුනු නිසා මට . මොකද හොරකමක් කරපු මනුස්සයා අතටම අහුවුනාම ඒ මූනේ ඉරියව් හරියටම මේ වගේ.  අනික මෙච්චර ඉඩ තියෙද්දී කොහොමද මේ මනුස්සයා මාවත් තල්ලු කරන් යන්නෙ

” ස් සර් මන් එ….. “

” මට පුළුවන් උබ මේ දැන්ම හිරේ ලග්ගන්න මුළු අවුරද්දකටම කූරු ගැන ගැන ඉන්න . කැමතිත හිර බත් කකා කූරු ගනන් කරන්න. උබ මයෙ ඔහොම කරා කියන්නේ තව කී දෙනෙක්ගේ කරන්න ඇත්ද ම්….. දැන් මන් මෙහෙම අත් ඇරියොත් තව කී දෙනෙක්ගේ දේවල් හොරකම් කරයිද ආ උබ …… “

” තූති අප්පත්ති මෙලාව අලන් යන්ත පොලීතියත. තා පොද්දෙන් අපි දෙන්තා වැතෙනවා “

අපි එහෙම කතා කරද්දී ඒකා හරි කලබලෙන් අනිත් අතින් උගෙ ජැකට් එක අතපත ගගා එහෙන්ම අර ගත්තේ මයෙ පස් එක වෙද්දී මට ඉබේටම කට කොනේ හිනාවක් ගියා. මන් හිතුවා හරියටම හරි.

” සර් අනේ මට යන්න දෙන්න. මටත් දරුවෝ දෙන්නෙක්ම ඉන්නවා සර්. උන්ට කන්න දෙන්න ඕනී නිසා ම් “

” කට පියා ගනින්. උබ ඇත්ත වෙන්න ඇති කියන ඒවා. ඒත් එහෙම කියන එක නිදහසට කාරණාවක්. ඇයි උබට බැරි කඩේක හරි වැඩක් කරන්න. සල්ලි නැත්තම් මොකක් හරි රස්සාවක් හොයා ගනින් මෙහෙම හොර කම් කර කර ඉන්නැතුව. ආයේ උබ මේ වගේ වැඩක් කරොත් මන් උබව හිරේට ලග්ග වන්න දෙපාරක් හිතන්නෑ.  “

මන් වාහනේට එද්දි මයෙ හාමු මහත්තයා කටත් ඇරන් බුදි. ගොඩක් වෙලා ගියානේ අපි දෙන්නට බඩු ගන්න.

” තව ටිකක් පරක්කු වෙලා එන්නනේ තිබ්බේ අප්පච්චිටයි පුතණ්ඩියටයි “

එහෙම කියපු හාමු ඈනුමක් දාලා වාහනේ පාරට දැම්මා.

” අපරාදේ දන්නවා නම් ඇත්තටම පරක්කු වෙලා එන්න තිබ්බා… “

” කදලා දෙන්තකු… “

පැටියගේ අයිස්ක්‍රීම් පැකට් එකත් කඩලා පලම් එක දුන්නේ ඒ චූටි අතට.  වැස්ස අඩු වුණාට මොකද මීදුම පාර පුරාම හරි සීතළයි. ඒත් මයෙ හාමු එක පාරටම වාහනේ අයිනකට කරලා නවත්තලා බැලුවේ මයෙ මූණ දිහා වෙද්දී මාත් බැලුවේ හාමු දිහා .

” දිනුලලාගේ ගෙදර යන්ද. එයා එක සැරයක් ගෙදරට යන පාර කිව්වා මට “

” එහෙම පාරක් කිව්ව‍ පලියට කොහොමද දෙයියනේ ගෙවල් හොයන්නේ “

” අලේ තූති අප්පත්ති සාහුල් බාන්ත යමුකෝ…. එලා නතුව පාඋයි ගුදක් “

හාමු වාහනෙත් නතර කර කර කට්ටියෙගුනුත් අහලා ලොකු මිදුලක් තියෙන පොඩි ගෙදරක් ළග වාහනේ නතර කරලා බිමට බැස්සා.  ගයාන් සර්ගේ බයික් එක වගේ බයික් එකක් මන් දැක්කේ ගෙටම අල්ලපු මඩු කෑල්ලේ තියෙනවා.

” ඇයි නැද්ද “

” නෑ…. නේ. ඒ අරකද කොහෙදෝ ඕයී ගෙදර.  අර තියෙන්නේ බන් මඩුවේ මුගේ වාහනේ දිලිසි දිලිසි “

හාමු වාහනේ ඒ අල්ලපු ගෙදර මිදුලට ගෙනියලා මායි පැටියයි ලොකු කුඩෙත් ඉහළන් බඩු මල්ලත් අරන් බැස්සට පස්සේ හාමු වාහනේ මඩුව ඇතුළටම දැම්මා.

” නිලූෂ……. ඔයා…. “

හාමු එනකම් බලන් හිටපු මට හුරුපුරුදු කටහඩක් ඇහුණු හැටියේ හැරිලා බලද්දී මන් දැක්කේ දොර ළග හිටගෙන ඉන්න ගයාන් සර්ව . මට පුදුම හිතුනා වුණත් ඒ හැගීම මන් පොඩ්ඩක් වත් පෙන්නුවේ නැත්තේ ඒ තරම් වත් මන් ඒ මනුස්සයා ගණන් ගන්නවත් කැමති නැති නිසා.  දණ හියට වෙනකම් සුදු කලිසමකුයි දුඹුරු පාට පොඩි අත් කොට කමිසෙකුයි. අවුරුදු තිහක් වුණත් පොඩි ළමයෙක්ගේ පෙනුම නම් දැන් . ඒවුනාට තියෙන්නේ එසේ මෙසේ ගායක් නම් නෙවෙයි.

” ආ කොල්ලෝ මේ දිනු…… “

” මාමි… ඔලාලා… ඈ නුලා ද ඔලා “

හාමු ඇවිල්ලා ගයාන් සර්ගෙන් දිනුල ගැන අහන්න හැදුවත් හරි ගයාන් සර්ගේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට ආවේ රාහු. නුරාද දැක්ක හැටියේ රාහුල්ගෙ ඇසුත් ලොකු වුණේ ඒ අත් දෙකත් කටට යද්දී. කොල්ලගේ ඇහි බැමි දෙක නැති පිටසක්වල මූණ දකිද්දී රාහු පුදුම වුණා

” අයියූ…..  බා වෙන්ත එපා සාහු. මන් සවුල කපුවා. දන් සස්සනයි නේත ඈ හලෝ “

” මන් ඒත් ඉක්මනට ආවේ වාහනේක සද්දයක් ඇහිලා බන්. හිතුවෙත් නෑ උබ එයි කියලා. කොහොමද ගෙදර හොයා ගත්තේ “

” අපෝ බන් කට්ටියගෙන් අහලා අහලා හොයා ගත්තේ.  හැබැයි ගෙදර නම් හොදයි බන් “

රාහුලුයි නුරාදයි පැත්තක සෙල්ලම් කර කර ඉද්දි හාමුයි මායි දිනුල මහත්තයයි හාන්සි පුටුවේ ඉදන් කතා කර කර හිටියෙ ගයාන් සරුත් ඒ පැත්තකින් වාඩි වෙලා ඔහේ ඉද්දි. මේ සර්ට වෙන වැඩ නැද්ද දන්නෑ මෙහෙ ලැගන් ඉන්න. එක්කෝ සර් ඉස්සර මයෙ ඇගේ එල්ලෙන්න ආවා වගේ දිනුල මහත්තය ගේ කරේ ළගින්න වගේ ලෑස්ති. ඒවා කොහෙද අපි ඉන්නකම්

” ඉන්නකෝ මන් සීතළ යන්නත් එක්ක බොන්න මොනා හරි හදන් එන්නම්කෝ “

දිනුල මහත්තයා එහෙම කියලා කුස්සියේ පැත්තට යන්න යද්දි ගයාන් සරුත් ගියේ ඒ පැත්තට.

” නිලූෂ මට අර කොල්ලව දැකලා හුරුයි වගේ “

” අපේ ලොක්කා හාමු… ඒ මිනිහා එච්චර හොද මනුස්සයෙක් නෙවෙයි. ටිකක් අමුතුයි. අපේ කොල්ලෝ වුණත් සර්ට කැමති නෑ හාමු…. “

මන් ඉතින් ඇත්ත කිව්වා. කොච්චර වුණත් මයෙ හාමු මහත්තයගේ යාලුවානේ දිනුල කියන්නේ .

” ඒ කොල්ලා එතකොට ඔයාගෙ බොස්ද. එයා තමයි එදා අර ඔයා බීලා හිටපු දවසෙ අරන් ආවේ ක්වාටස් එකට “

” මොකක් “

මයෙ හාමු මහත්තයා එහෙම කිව්වත් හරි මන් ගැස්සුනා. මට ඒ මොකවත්ම තාම මතක නෑ. ඇත්තමයි ඔය ගයාන් කාරයා මට එදා මොනා හරි නරක දෙයක් කරලා තියෙනවා කියලා දැන ගත්තොත් ලොක්කා කියලා බලන්නෑ මන් හොද වැඩක් කරනවා මන් . 

” ඇයි මොකද පුදුම වුණේ. මට නම් ඒ කොල්ලගේ එහෙම නරකක් පේන්නෑ නිලූෂ. අහිංසකයි වගේ “

” හාමු උගෙ එහෙම පිටින් පෙනුනට ඒකා මහ අසහනකාර මනුස්සයෙක්. දිනුල මහත්තයා මොකට මේ ගේ අස්සේ ඕකව තියන් ඉන්නවද මන්දා “

” එහෙමද…….  ඉන්නකෝ මන් දිනුලට ඒ මිනිහා ගැන කියන්න. බයේ බෑ ඒ වගේ එක්කෙනෙක් මේ ගේ අස්සේ ඉන්න එක “

කොච්චර වුණත් දිනුල මහත්තයට ආපු කරදර හිටන් එසේ මෙසේ ඒවා නෙවෙයි නේ. මෙහෙම හරි පොඩ්ඩක් හොදින් ඉන්නෙ මයෙ හාමු මහත්තය නිසා. ඒ අස්සේ ගයානුත් ඇවිල්ලා දිනුල මහත්තයගේ ඔලුව විකාර කරන කම් අපි කොහොමද බලන් ඉන්නෙ.  මට වතුර තිබහක් ඇවිල්ලා හාමුටත් කියලා කුස්සියේ පැත්තට යන්න ගියා වුණත් දොර ළගට ආපු මන් එහෙන්ම නතර වුණේ ගයාන් සර් දිනුල මහත්තයට කතා කරපු නිසා. බලමු මොනාද කතා වෙන්නේ කියලා.

” කමක් නෑ අයියේ මන් ගෙදර යන්නම්. එහෙම හරි නෑ නේ පිට මනුස්සයෙක් මෙහෙම ඉන්න එක “

” සිංහල තේරෙන්නැද්ද අනුජ… දවල්ටත් කාලාම යන්. අද වැඩත් නෑ කිව්වේ. ගෙදර හිටියත් ඉන්නෙ දවසෙම බුදියගෙන පිස්සෙක් වගේ. ඔන්න ඔහේ  ඉන්න දරුවෝ. උයන්න පුළුවන්ද…. “

” ටිකක් පුළුවන්. ඇයි මොනාද කරන්න ඕනී මන් “

.

” ෆ්‍රිජ් එකේ ඇති මස් රාත්තලක්. කපලා ගන්නකෝ දරුවෝ… ඒක උයලා පරිප්පුවක් හදමු. පපඩමුත් තියෙනවා ගෙදර “

පව් දිනුල මහත්තයා. සර්පයා රෙද්ද අස්සේ දාලා හුරතල් කරනවා. මන් මොකුත් දන්නෑ වගේ අඩිය තිබ්බේ කුස්සියට.

” ආ පුතා…. කෝපි බොනවා නේද…. “

” ඔව් මාමේ. වතුර ටිකක් දෙන්න පුළුවන්ද… “

මන් වතුර එකත් අරන් එතැන පුටුවෙන්ම වාඩි වෙලා කෝප්පෙට තොල ගගා බැලුවේ කරාමේ ළග හිටපු ගයාන් සර් දිහා.

” ඔයාලගේ සර් තමයි මට මේ ගෙදර ගැනත් කිව්වේ පුතා… තව වතුර ටිකක් දාන්නද “

” එපා ඇති. මාමා තනියම මෙහෙ මොකට ඉන්නවද. හාමු මහත්තයගෙ වලව්ව නම් බය වෙන්න දෙයක් නෑ . හොදට ඉන්න පුළුවන්නේ “

” හැමදාම පිට තැනක ඉන්න බෑ නේ පුතා. ඒකමයි මන් මේ ආවේ “

” මාමා එහෙනම් නිවාඩු දවස් වලට ක්වාටස් එකට එන්න. හාමුත් ඉන්නවනෙ… මෙහෙ එහෙම තනියම ඉන්න ඕනිත් නෑ “

ගයාන් සර් දිහාම බලන් මන් එහෙම කියද්දී සරුත් මන් දිහා බලලා ඉක්මනට අහක බලා ගත්තා

” නුරාද තියන්න තියන්න ඕවා අදින්න එපා ළමයෝ…. “

” අයියූ අප්පත්ති ඒ ඔලලෝතුව ලත්තනයි. ආත හිතෙනෝ නේ…. “

අපේ පැටියා කබඩ් එක උඩ තිබ්බ දිනුලගෙ ඔරලෝසුව දැක්ක හැටියේ පුටුවකුත් තියෙලා ඒක අත ගගා හිටියේ හාමුත් පැටියට කෑ ගහද්දි.

” ආ ඒකට කමක් නෑ පැටියෝ ඕක මයෙ අප්පච්චි අම්මිට දීපු ඔරලෝසුව. දැන් නම් ඕක පරණයි. අලුත් එකක් ගත්ත හින්දා ඕක මන් අල්මාරියට දාලා තිබ්බේ “

” මන් තියා ගන්නත මාමි ඕ….. “

කොල්ලා දිනුලගේ ඔක්කටත් නැගල ඔරලෝසුව පෙන්නලා එහෙම අහද්දී හාමු ගියේ පැටියා ළගට.

” මයෙන් ගුටි කන්න ලෑස්ති වෙන්න එපා නුරාද. එහෙම ගන්නවද අනිත් අයගෙ දේවල්. ඒක ඒ මාමිගේ අම්මිගේ එක. හුරතල් වෙන්න හදන්න එපා. දෙනවා ඕක ම්… “

” කෑ ගහන්න එපා බන්. පැටියා ඕක තියා ගන්න. පරිස්සමින් තියා ගන්න ඕනී හැබැයි හොදද “

” ඒ එපා බන් පිස්සුද. මේ කොල්ලගේ මේ හුරතලේ “

කොහොමින් කොහොම හරි දිනුල මහත්තයා දුන්නේ ඒ ඔරලෝසුව පැටියට. දැන් හරි කොල්ලගේ මෙච්චර වෙලා තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ තියෙන මූණට හිනාවක් ආවා.

            💥💥💥💥💥💥💥💥

දවල්ට බත් කද්දිත් මයෙ නිලූෂගේ ලොක්කා හිටියේ මෙහෙ. මටත් දැන් තේරීගෙන තමයි තියෙන්නේ මේ කොල්ලා කොහොම හරි හදන්නේ දිනුවගේ ඇගේ එල්ලෙන්න කියලා. මන් නම් ඒකට දුටු තැන රවනවා. මොකද මයෙ මිනිහගේ මිසක් මගෙ ලොක්කා නෙවෙයිනේ ඒ මනුස්සයා.

“  දිනුල පොඩ්ඩක් කතා කරමුද…. “

ඒ කොල්ලා ඉස්සරහ ඉද්දි කුස්සියේ පැත්තට ආපු දිනුලට මන් අඩ ගැහැව්වේ මයෙ පිගානෙත් රාක්කේ තියෙන ගමන්.

” ඒ කොල්ලා ඉස්සර එහෙම වෙන්නැති බන්. ඒවුනාට දැන් ඒ මනුස්සයා හැදිලා ඇති. හැමදාම මිනිස්සු එකම විදිහට ඉන්නෑනේ විරා “

” උබ ඕනී එකක් හිතපන්. මන් උබට කිව්වේ මන් දන්න දේ බන්.  මොකද අපෙ මනුස්සයත් වැඩ කරන්නේ එතැනමනේ “

මන් එහෙම කිව්වට පස්සේ මන් දැක්කා දිනුවගේ මූණ වෙනස් වෙන විදිහ. උබ සහස්ටත් රැවටුනා. ඊළගට මේ මනුස්සයා මූව රවට්ට ගත්තොත් එහෙම.

” ඒ කොල්ලටත් මොකක් හරිම ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ බන්. කව්රු.. “

” ඇයි උබ උට ආදරෙයිද ඔහොම කියන්න ආ. මේ අහන්න අයියේ….. මිනිස්සු හැම එක්කෙනාම විස්වාස කරන්න යන්න එපා. මයෙ අයියා හොදට හිතලා බලන්නකෝ පොඩ්ඩක්. විහින් දැන දැන කරදරේ වැටෙන්න ඕනී නෑ නේ.  මයෙ අයියට හොද කෙනෙක් ලැබෙයි…. “

මන් දිනුව වත් බදා ගෙන එහෙම කිව්වේ ඇත්තටම මට එයා ගැන දැනිච්ච දුක නිසා. මට ඒ තරම් එයාව දැනෙනවා. කව්ද කැමති තමුන්ගේ අයියා විදව විදව ඉන්නවා බලන්න.  මොකද දිනුල කියන්නෙම මට මයේම අයියා වගේ. මන් එහෙම බදා ගෙන ඉද්දි අඩි සද්දයක් ආපු නිසා ටිකක් ඈත් වෙලා බැලුවේ කව්ද කියලා. බලද්දී ගයාන් කාරයා.  පිගානෙත් උස්සන් සින්කෙක පැත්තට යනවා.

” මන් කියපු ඒවා හිතලා බලන්න දිනුල.  මොකද උබ තනිවෙලා නෑ. උබට මන් ඉන්නවා බන් “

මන් ඒ ටික කිව්වෙම දිනුල දිහාට බැල්මක් දැම්ම ගයාන් දිහා බලා ගෙනමයි.

” බායි නුලාද…..  හෙතත් එන්ත තෙල්ලම් කලන්ත “

” හලි හලි අලේ…. අප්පත්තිත් එත්ත එන්තම්කු මන් “

නිලූෂව පැටියවත් වඩා ගෙන එද්දි මන් වාහනේ මිදුලට ගත්තා. වැස්ස නම් හොද වෙලාවට අඩු වෙලා. වාහනේ පාරට දැම්ම මන් කැසට් එකෙ සද්දේ ටිකක් වැඩි කළා.

” තූති අප්පත්ති බඹ තක්කල පත්තු කලමුකු. දන් සා වෙලා නේ තූති අප්පත්ති….. “

” මිදුලේ නම් බැරි වෙයි පැටියෝ තෙතයිනේ . කොරිඩෝ එකේ තමයි “

නුරාද බඹර චක්‍ර වලට ආස වුණාට පත්තු කරන්න හරි බයයි. ඒවා පත්තු කරන වෙලාවට පැටියා ඉන්නෙ එක්කෝ එයාගේ චූටි අප්පච්චිගේ ඇගේ නැත්තම් මගෙ ඇගේ.

” සා අප්පත්ති….. තා එතත් දාමු අප්පත්ති “

” අලේ මත බා තූති අප්පත්ති බා….. අලේ පැතියා බයයි ගුදක්.. “

මයෙ නිලූෂ කොල්ලගේ අතට නිලා කූරක් දෙද්දී පැටියා නෙවෙයි ඒක ඇල්ලුවේ වත්.

” අද හරිම මහන්සි අප්පා…. “

පැටියට නම් කලින්ම නින්ද ගියපු නිසා එයා ඇදේ තියෙලා මන් ආවේ මයෙ නිලූෂගේ ඇගට. ඇත්තටම මයෙ කොල්ලගේ ඇග හරිම උණුහුමයි.

“  නිදා ගන්න දැන් ඉතින්. ඕවා කර කර ඉන්නැතුව. ඌයි අදින්න එපා හාමු රිදෙනවා “

එයාගේ පපුවේ තිබ්බ රෝමයක් මන් ඇද්ද පාර එයාට කෑ ගැස්සුනා. මයෙ කොල්ලගේ ලා පාට හම නිසා ඇග පුරාම ඒ රෝම කැපිලා පේනවා. හොද වෙලාවට අත් දෙකේ වැඩිය නැත්තේ. මගෙත් රෝම ඇග පුරා තිබ්බත් නිලූෂ තරම් නෑ.

” චුට්ටයි ඇද්දේ. මැරෙන්න කෑ ගහනවා බොරුවට “

එයාගේ වට්ටක්කා පලුවකුත් හයියෙන් මිරිකපු මන් ඒ පපුව අස්සේ මූණ ඔබන් ඇස් පියා ගත්තත් හරි හිස් මුදුනට හාදුවක් තිබ්බ මයෙ නිලූෂ මාව ඒ ඇගට තවත් තුරුල් කරගෙන හීන් සැරේ ඔලුව අත ගාන්න ගත්තා. නිලූෂගෙ ඇගිලි හරි සනීපයි

” සනීපෙට නිදා ගන්න මයෙ හාමු…. “

මටයි පැටියටයි නිවාඩු වුණත් මයෙ නිලූෂට අද වැඩ. එයා නම් උදේන්ම ගියා. පැටියා නිදා ගෙන ඉන්න විදිහ දැක්කමත් නැගිට්ටවන්න හිතෙන්නේ නෑ. මන් එහෙන්ම ගියේ කුස්සියේ පැත්තට මොනා හරි උයන්න. කලුත් බඩගින්නට මයෙ කකුල් අස්සෙම වෙලෙනවා. කොයි වෙලේ හරි මන් වැටෙනවා ඉතින් මෙයා නිසා.

” ඔය ඔරලෝසුව බල බලා ඉන්නැතුව ඔයාගෙ ලාච්චුවට හරි දා ගන්නකෝ පැටියෝ.  දිනුල මාමි වුණත් ඕක කොච්චර පරිස්සම් කර ගත්තද “

” අප්පත්ති කාද අප්පු කියන්තේ…… “

පැටියා එහෙම ඇහැව්වත් හරි උණු වතුර මුට්ටිය ලිපෙන් බාලා බැලුවේ පැටියා දිහා. ඔය නම ලාවට වගේ අහලා අහලා තියෙනවා කොහේදී හරි. මට ලාවට මතකයි.

” ඇයි පැටියා එක පාරටම එහෙම ඇහැව්වේ “

” තීයා ගෙදලදී මත කාදෝ අප්පු කීනවා අප්පත්ති. එතෝත මදෙ කන් හිතන් ඌවා වෙනෝ. ගුදක් සිදෙනෝ. මන් කමතිම නා දන් ඒ යන්ත “

කොච්චර මතක් කරන්න හැදුවත් මට නෙවෙයි මොකවත්ම මතක් වෙන්නේ. ඒත් පොඩ්ඩක් ඉන්න අපෙ අම්මා. දෙයියනේ එදා සිහිය විකල් වෙලා වගේ අම්මා හොදවයින් බැන බැන හිටියේ අප්පු කියන එක්කෙනාට නේද. ඔව් අපෙ අම්මගේ කටේ කොච්චරවත් තිබුනේ ඔය වචනෙම තමයි.

” මන් සීයා ගෙන් අහලා බලන්නම්කෝ පැටියෝ කව්ද අප්පු කියන්නේ කියලා. දැන් ඉතින් ඔය ත්‍රී පෝෂ ගුලිය කාලා ඉන්න “

නුරාදගේ බර ගොඩක් අඩු නිසා පැටියට මාසෙන් මාසෙට හම්බෙනවා ත්‍රී පෝෂ පැකට්. උදේට පැටියටත් බත් කවපු මන් වලව්වට ගියේ අප්පච්චිත් හම්බ වෙලා අපෙ අලුත් ගෙදරත් බලන්නත් එක්කමයි.

” අප්පච්චි මට එදා අහන්න බැරි වුණා . නුරාද කියද්දියි මතක් වුණේ. කව්ද අප්පච්චි ඇත්තටම අප්පු කියන්නේ “

මන් එහෙම කිව්වත් හරි අප්පච්චි ගැස්සුනා ටිකක්. එහෙනම් අප්පච්චි දන්නවා කෙනා කවුද කියලා .

” පුතා ඇයි අප්පු කියලා කෙනෙක් ගැන අහන්නේ “

” අම්මා එදා දෙඩෙව්වේ අප්පු කියලා. දොඩව දොඩව අප්පුට පුළුවන් තරම් සාප තිබ්බා . මන් හිතුවේ ඇත්තටම අම්මට සිහිය විකල් වෙලා කියලා අප්පච්චි. මේ අපෙ නුරාදටත් අප්පු කියන නම ඇහුනයි කිව්වේ . මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ කියනවද අප්පච්චි. මොකද මන් කැමති නෑ මයෙ දරුවා බය වෙනවට අප්පච්චි. “

අප්පච්චි ලොකු හුස්මක් පාත දාලා ගියේ එයාලගේ කාමරේට. ගිහිල්ලා මට දුන්නේ ලොකු ෆොටෝ කෑල්ලක් වෙද්දී ඒක දැක්ක හැටියේ මයෙ හිත ගැස්සුනා.  මෙහෙම වෙන්නේ කොහොමද . දුඹුරු පාට කොට කලිසමකට අත් නැති දුඹුරු පාට වෙලා තියෙන පරණ බැනියමක් ඇදන් කැමරාව දිහාම බලන් ඉන්න ඒ රූපේ. ලාවට හිනා වුණත් එළියට පැනලා තියෙන නල දතක් . කළු වුණත් හරි හුරුබුහුටි පෙනුමක් තියෙන හීන්දෑරී පොඩි කොල්ලෙක්. හරියට දිනුලගෙ අම්මා වගේ ටිකක් . දිනුලගෙ අම්මගේ පොඩි කාළේ රූපයක් වගේ.  ඒත් මේ දිනුලගෙ අම්මි වෙන්නේ කොහොමද. ඒක වගේ උන් හත් දෙනෙක්ම ඉන්නවනෙ. අනික මට මතක  නෑ දිනුලගෙ අම්මගේ නල දතකුත් තියෙනවා. අනික එයාගේ නමත් දිදුල මිසක් අප්පු නෙවෙයි නේ.

” මෙයා තමයි පුතේ අප්පු කියන්නේ. ඉස්සර කුස්සියේ වැඩ කරන්න හිටියේ මෙයා තමයි “

” මොකක් මේ පොඩි දරුවා වැඩ කරා. අප්පච්චි මොනාද මේ කියන්නේ…. එහෙම කොහොමද පොඩි දරුවෙක් වැඩ කාර කමට ගන්නෙ “

ඇත්තමයි මයෙ පපුවත් එක්කලා දාලා ගියා මේ පොඩි එකාව දකිද්දී. කුස්සියේ වැඩ කරනවා කියන එක මේ වගේ පොඩි කොල්ලෙක් කොහොම කරන්නද

” මෙයාට කාත් කවුරුත් නෑ පුතා. හිටපු ආච්චිත් නැති වෙලා ඉදලා තිබ්බේ. රස්සාවක් හොය හොයා ඉද්දියි අප්පුච්චා මේකව හොයන් තියෙන්නේ. ඉස්සල්ලම වලව්වට එද්දි මුට අවුරුදු පහළවයි පොඩි. එදා ඉදලා මේ වලව්වේ තමයි හිටියෙ…. “

” දැන් කොහෙද ඒ අප්පු කියන කෙනා “

” පැනලා ගියා පොඩි. ඒකා පැනලා ගියා “

අප්පච්චි මට අප්පුවා ගැන කියද්දී එයාගේ ඇස් කීප වතාවක් යොමු වුණේ හාන්සි පුටුවෙම වාඩි වෙලා අපි දිහාම බලන් ඉන්න පැටියා දිහාවට.

             💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට යාලූලා හැමෝටම ගොඩක් ගොඩක් ඉස්තුතියි 🙏❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටදෙවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටදෙවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටදෙවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටදෙවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටදෙවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටදෙවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 63