À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහයවැනි කොටහා

A+ A-

සතියකට පසු

” කවුද වින්ජෙගේ කේස් එකේ වැඩේ භාර ගත්තා කිව්ව‍ අලුත් එක්කෙනා “

අපේ ලොකු සර්ගෙන් පොලිස්පති තුමා එහෙම අහද්දී සර් පෙන්නුවේ මාව. කට්ටියක්ම ඉස්සරහ මාව සර් හරි ආඩම්බරෙන් පෙන්නුවත් මට ටිකක් දැනුනේ අපහසුවක්. මොකද මට මෙහෙම ලැජ්ජයි හැමෝගෙන්ම මාවම කැපිලා පේද්දී.  මේ සිද්දියෙ අනිත් අපරාදකාරයා ගයාන් සර් . තනිකරම ගයාන් සර් එයාගේ අයියගේ රූකඩයක් වෙලා තිබ්බේ.

” පුතා ලංකාවේ එක්කෙනෙක් නෙවෙයිද “

වැඩි පුරම මයෙ කනට අහන්න අකමැතිම වචන ටික. මන් දන්නවා දැන් මෙතන ඉන්න ඔක්කොමලාටම මාව පේන්නෙ පිටසක්වල ජීවියෙක් වගේ කියලා. එක්කෝ මන් ලොකු බෝඩ් කෑල්ලක් කරේ එල්ල ගන්නවා මන් සුද්දෙක් නෙවෙයි කියලා. දකින දකින මනුස්සයා අහන්නෙම ඕක නෙ

” ලංකාවේ සර් “

මන් එහෙම කියද්දී අපේ ලොකු සර් මොනාදෝ මන්දා කන ළගට පාත් වෙලා මුමුණද්දී ඒ සරුත් ඔලුව ටිකක් හොල්ලලා බැලුවේ මන් දිහා.

” වින්ජෙ නැත්තම් කාවින්ද කියන පාතාල නායකයා ඊළග සතියේ සිකුරාදා එල්ලුම් ගසට නියම කරලා තියෙනවා පොලිස් නියෝගය මත . ගෝලයෝ ටිකට ජිවිතාන්තේ දක්වා බන්ධනාගාරයේ. එතකොට ගයාන් අනුජ. එයා ගැන කිව්වොත් එයත් මේවට සම්බන්ද වෙලා තියෙන නිසා අපි එයාටත් ක්‍රියා මාර්ගයක් අරන් තියෙන්නේ නේද සර් . ගයාන්ට ආයේ ජීවත් වෙන්න පුළුවන් වුනොත් එයාගේ නිළ තල ඔක්කොම ටික අත් හිටුවලා කිසිම රස්සාවකට යන්න බැරි වෙන්න නියෝග සහතිකයක් අපි එයාට දෙනවා. මින් පස්සේ ආයේ එයාට කිසිම පිළි ගැනීමක් නෑ සමාජෙන් “

මට ඉබේටම බැලුනෙ අපිට ඉස්සරහින් ඉදගෙන ඉන්න රන්දුනු සර් දිහා. මට තේරුණා රන්දුනු සර් මේ දවස් ටිකේම මාත් එක්ක හිත හොදින් නෙවෙයි හිටියෙ කියලා. දැන් වුණත් සර්ගේ මූණේ ඒ හැටි හොදක් නෙවෙයි පේන්න තිබ්බේ. මන් ඊයෙත් හාමු එක්ක දවල් ගයාන් සර්ව බලන්න ගියත් තාම සර් ඉන්නෙ කෝමා තත්වේ.  දිනුල නම් හැමදාම උදේ හවා ගයාන් සර්ව බලලා යන්න එනවා.

” මන් හිතන්නේ දැන් නම් මේ හැමෝම උබ ගැන දන්නවා නිලුවෝ. ඊළගට ගයාන් සර්ගේ තැන හම්බෙන්නේ උබට තමයි චූටි අයියේ.. මට නම් ඉවසිල්ලක් නෑ අප්පා “

අම්මේ දමියගේ සහෝදර ප්‍රේමේ ආයේ ඇවිල්ලා. මේකාගේ වලන් කට නිසා අපේ අනිත් උන් දෙන්නත් මට දුන්නේ මහා නාක්කල් හිනාවක්.

” පොඩ්ඩක් ඉදහන්…   මේ මොකද මේ උබේ බෙල්ල නිල් වෙලා තියෙන්නේ “

” සතෙක් කාලා වෙන්නැති බන්. උබටත් ඕන්නැති අරකක් නෑ. පාඩුවේ වැඩක් කරහන් නිලුවෝ. මට මේ වැඩ ගොඩ ගැහිලා “

දමියගේ කන චෙරි ගෙඩියක් වගේ රතු වෙද්දී මට හිතා ගන්න පුළුවන් වුණා කාපු සතා කවුද කියලා.

” කොහොමද ඔයාගෙ අරයා හොදයිද ම්… “

” අපෝ හොදයි හොදයි. මන් හිතුවේ කොල්ලා අහිංසකයි කියලා . ඒත් එහෙම නෑ බන් “

” උබත් ඉතින් මහා වලි කෙක්කක්‌ නෙ”

හරියටම දොළහට දහයක් තියෙලා මන් ගියේ අපේ පැටියා ගන්න. මන් යද්දි කොල්ලා ඉන්නවා ඔන්චිල්ලාවට වෙලා ඔහේ රාහුල් එක්ක මොනාදෝ කියව කියව. මන් ළගට ඇවිල්ලා උගුර පාදනකම් පැටියට සිහියක් නෑ. රාහුලුත් පැටියගේ කට දිහා බලන් ඉන්නෙ මෙලෝ සිහියක් නැතුව. දෙන්නම එකම වල්ලේ කුරුම්බැට්ටි දෙකක් තමයි.  අපේ කොල්ලගේ නම් බෑග් ගෙත් ඇරිලා කිඹුලා කට ඇරියා වගේ. ඒත් ගානක් නෑ. උදේ මන් දිලිසෙන්න මැදපු සපත්තු දෙක තනිකරම දුඹුරු පාටයි. හාමු මහත්තයට ප්‍රෙෂර් නගින එක අහන්න දෙයක් ඈ මේවගේ බඩ්ඩක් ඉද්දි

” තූති අප්පත්ති අයි කලින් ආවේ ඈ තූති අප්පත්ති “

” කලින් කොහෙද පැටියෝ දොළහත් පහුවෙලා දැන්. රාහුල් කෝ අප්පච්චි ආවේ නෑ…. “

නුරාදගේ පිටේ තිබ්බ බෑග් එකත් හොදට වහලා මන් ඒක අතට අරන් එහෙම අහද්දී රාහුල් අත දික් කරලා පෙන්නුවේ ටිකක් එහාට්ට වෙන්න ටිචත් එක්කලා කතා කර කර ඉන්න එයාගේ අප්පච්චිව.

” යන් රාහුල්. ඔයාගෙ ඇටයවත් බලලා යන් “

මටත් කෙටි බැල්මක් දාලා නුරාදගේ ඔලුවත් අත ගාලා දිනුල මහත්තය රාහුල්වත් වාහනේට දාන් යන්න යද්දි මන් පැටියවත් වඩා ගෙන ගියේ අපේ වැඩ කරන තැනට. නුරාදටත් දැන් වැඩ කරන තැන එයාගේ ගෙදර වගේ. කොල්ලටත් මයෙ මේසේ ඉදන් වැඩ කරන්න වෙනම උස පුටුවකුත් තියෙනවා.

“  පිත්තු දාමි මාමි ඔයාත. මදේ තූති අප්පත්තිතත් පූවන් ඕත කලන්ත “

” බොරු කියන්න එපා කොල්ලෝ. ඔයාගෙ චූටි අප්පච්චිට බෑ මේක කරන්න “

ඇත්තටම මට දමියා වගේ දිව නහයේ ගාවන්න බෑ. කොහොම දිව නහයේ ගාවනවද මන්දා.

” යනෝ යන්ත අලේ පැතියා අවුත්තන්නතිව. තූති අප්පත්ති බාන්තකු මේත හලිත කීලා “
.

කොල්ලා එහෙම කියා ගෙන පුටුවෙනුත් බැහැලා ඇවිල්ලා එයාගේ පෙර පාසලේ දීපු වැඩ ටික එක පාරටම තිබ්බේ මන් බල බලා හිටපු ලිය කියවිලි ගොඩ උඩින්. මේවට ඉතින් පැටියට ගහන්නද බනින්නද . කොල්ලා දැන් මන් ඒ පොත බලනකම්ම මයෙ දිහයි ගෙදර වැඩ පොත දිහයි මාරුවෙන් මාරුවට බලනවා.

” මේක පොඩ්ඩක් ආයේ මකලා ලස්සනට ලියන්න. ඉතිරි ටික හරි “

” එතෝත හලිත ඈ අලේ “

” ඔව් මැණික එතකොට හරි. කෝ දැන් අරහෙට්ට වෙලා කරන්න ම්……. මට වැඩ ගොඩ ගැහිලා “

මන් එහෙම කියලා පොතත් පැටියා අතට දෙද්දී නුරාද තව ටිකක් ඇවිල්ලා මයෙ ළගටම එබුනේ මන් බල බල හිටපු ලිය කියවිලි වලට

” තා ගුදක් තීනවත ඈ තූති අප්පත්ති “

” ඇයි පැටියට කම්මැලිද ම්…….. “

” තුත්තක් විතල. ඔලා මාත් එත්ත කතා කලන්තෙ වත් නා නෙ දන්. අයි ඒ තූති අප්පත්ති අයි ඒ……. “

මට වැඩ වැඩි කිව්වට පොඩි එකාට ඒක තේරෙන්නේ නෑ නේ ඉතින්. පොඩි කාලේ කතා කර ගන්න බැරි වුණාට දැන් ඒකට හරියන්නත් එක්ක කයිය ගහනවා. මොනා හරි දෙයක් අල්ලන් ඔහේ ඔක්කේ වාඩි වෙලා කතා කරන්න තමයි එයා ආස. එයා හරි කැමති එයාගේ අප්පච්චිගෙනුයි චූටි අප්පච්චිගෙනුයි අවධානේ ගන්න.

” චූටි අප්පච්චිට මේ ඔක්කොම ටික බලන්න තියෙනවා හරිද. මේ ඔක්කොම ඉවර වුණාට පස්සේ මා පුතාට මන් අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම් හාද. දැන් ඔක්කොම ගෙදර වැඩ ටික කරන්නකෝ…. “

මන් ඒ කම්මුලටත් උම්මා එකක් දීලා එහෙම කිව්වත් පැටියා මයෙ මේසේ තියෙන ලිය කියවිලි දිහා බලලත් මයෙ මූණ දිහා බලලත් පොතත් උස්සන් ගිහිල්ලා ඉද ගත්තා උස පුටුවේ.

” ආ පොඩි මෑන් අදත් ආවාද අප්පච්චිට කරදර කරන්න. මොකද මේ බයවෙලා. අල්ලන් ගිලින්න හිතෙනවා කොල්ලව “

” යකෝ උබ ඔහොම මූණට එබිලා ඔහොම අහද්දී මොන පොඩි එකාද ඕයී බය වෙන්නැත්තේ.  පැටියෝ ඔය මාමගෙන් චොකලට් එකක් ඉල්ල ගන්නකෝ “

” තමුසෙට ඕනී ඒවා මේ දරුවට කියලා ඉල්ල ගන්න එපා ඕයී. තමුසේ යාලු වෙලා ඉන්න එකාගෙන් ඉල්ල ගනින්. අපේ පස් එකට විදින්නැත්තුව මෙතන “

අප්පටසිරි මුනුත් දන්නවා වගේ දමියා . ඇයි ඉතින් මූව ගන්න සමහර දවසට ජිප් එක එනවනේ ගේට්ටුව ළගට.

” දන්න දෙයක් කියවහන් බන්. මන් කාත් එක්කද යාලු වෙලා ඉන්නෙ පිස්සුද තමුසෙට.  ඕන්නැති ඕප දූපයක් නෑ “

” ඇයි අර ගජේන්ද්‍ර… ඇමති පුතා “

” තමුසේ පොඩි ළමයෙක් ඉස්සරහ ඔහොම දේවල් කියන්න ලැජ්ජා නැද්ද. රෙද්දක් ඇදන් කියන කතාද ඔය. තියෙන නැහැදිච්ච කම දෝරෙ ගලනවා තමුසෙගෙ. නුරාද ඇත්තටම කිව්වොත් මේ මාමා එක්ක කතා කරන්නම එපා. ලොකුම ලොකු චොකලට් එකක් දුන්නොත් විතරක් කතා කරන්න හාද. ඔහොම හිටියට මේ මාමා ඇවිදින සල්ලි ගහක් පැට්ටෝ. ඉල්ල ගන්න කඩචෝරු මල්ලක්ම හොදද “

” නිලූෂ ඔහේගේ යාලුවා තමයි මේ දරුවගේ ඔලුව කන්නේ “

” නා නා ඒම නා අලේ. එලා අත්තතම ඒම කුව්වේ. තොකලත් එතත් දුන්තොත් යාලු වෙනෝ ඔලත් එත්ත. එලත් මත තොකෝ දෙනෝ.. ඔලත් දෙන්ත එතත් මත “

කොල්ලා ලාවට අරූගේ මූණ දිහා ඇසුත් ලොකු කරන් එහෙම මුමුණද්දි මටයි දමියටයි බකස් ගාලා හිනාවක් පැන්නේ අරූ දමියා දිහා ඔරවන් බලන් ඉද්දි.

මන් බස් එකේ ජනේලෙන් එළිය බලන් ගයාන් සර් ගැන කල්පනා කර කර ඉද්දි පැටියා එයාගේ අයිස්ක්‍රීම් එක ලෙව කනවා .  මන් හිතන්නේ දිනුල මහත්තයත් මන් ගැන ඒ තරම් හිත හොදින් නෙවෙයි ඉන්නෙ. මන් තියා මයෙ හාමු මහත්තයවත් හිතුවේ නෑ අනුජ ගැන එයාට හැගීමක් තියෙයි කියලා.

” යමු බහිමු “

පැටියවත් වඩා ගෙන ඉස්සරහට ආපු මන් බිමට බැස්සත් හරි දැක්කේ ඈතින් ක්වාටස් එක පැත්තට යන හාමුගේ වාහනේ.  ළමයින්ට පන්ති කරලා දැන්ද කොහෙදෝ ඉවර වෙලා තියෙන්නේ.

” අප්පත්ති අප්පත්ති කෝ අලේ මේ අප්පත්ති…… “

” ඇයි ඇයි අප්පච්චිව හොයන්නේ. අප්පච්චි ඕන් ටොටෝ ගියා…. “

කොල්ලා සාලේ පුරා මයෙ හාමුව හොයද්දි මන් කොල්ලවත් අරන් හාන්සි පුටුවේ වාඩි වෙලා එබුනේ ඒ පොතට. ආ  මේක අහ ගන්නනේ මේ.

” නිලූෂ හෙට යමුද පොඩ්ඩක් අපෙ ගෙදර බලන්න යන්න. යන්නත් බැරි වුණා කාලෙකින් “

” හවසට යන්. හෙට ඉස්කෝලේ පංතිත හාමු “

” නෑ නෑ. අගහරුවදයි බ්‍රහස්පතින්දයි තියෙන්නේ. අම්මේ මට පුදුම බඩේ අමාරුවක්නේ ඕයී තිබ්බේ කලින්. තව ටිකක් තියෙනවා අප්පා. මන් හිතන්නේ බඩ වේලවලා “

” ඉන්නකෝ මන් ඕකට බෙහෙතක් හදන්න. කලින් ඉතින් කියන්න එපැයි මයෙ හාමු මහත්තයා “

මන් ගියේ කුස්සියෙ පැත්තට. ආ ඔය තියෙන්නේ බෝතලේ. බෝතලෙන් තව භාගයක්ම සියඹලා ඉතිරි. නැඹිලිය ගත්ත මන් සියඹලා ගුලියක් අරන් උණු වතුර පොඩ්ඩක් දාලා හොදට අතින් පොඩි කරා ඇට ටික අයින් කර කර. ම්ම්ම් ඔය තියෙන්නේ උකුම උකු සියඹලා බීම එක.

       

              💥💥💥💥💥💥💥💥

වීදුරුවෙන් එකක් මන් හරි අමාරුවෙන් බීගෙන බීගෙන ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා කෑවේ මන් උයාපු චූටි මස් කෑල්ලක්. මන් ආසම නෑ සියඹලා බීම වලට.

” මයෙ හාමු මහත්තයා තව විනාඩි දහයක් බලන් ඉන්නකෝ “

” ඒ මොකද ඒ “

” බෙහෙත් වල බලේ එන්නෙ එතකොට තමයි “

මන් හට්ටිය ළගින් මෙහාට්ට වෙද්දී මයෙ නිලූෂ ඇවිල්ලා එයාගේ අතේ තිබ්බ බූලේ අරන් ගැට ගැහැව්වේ මයෙ කොන්ඩේ. මන් දැන් කාලෙකින් කොන්ඩේ කැපුවේ නෑ.

” ලස්සනයි. මයෙ හාමු මහත්තයා හරියට මට භාවනාවක් වගේ. කොහොම හරි මාවම දැලේ දා ගත්තා නේද  ම් “

” ආ එහෙම කොහොමද කියන්නේ. හරි වැඩක් නේ ඒක. ආ….. ව් ඒයි පිස්සුද අරහෙට්ට වෙන්න. පැටියා එයි නිලූෂ. ඔය වැඩේ රෑට කරමු “

නිලූෂ දාගෙන මයෙ පපුව කද්දී මන් බැලුවේ කුස්සියේ දොර දිහා. පැටියා තාම හාන්සි පුටුවෙද කොහෙදෝ.

” ටිකක් ලොකු වෙලාද මන්දා දැන් “

” ඔව් ඔව් ඕක ලොකු වෙන්නැතුව තියෙයිද කියන්නකෝ දෙන්නම ඕකේ එල්ලෙද්දී “

මන් නුරාදගේ යට කලිසමත් ගලවලා දැම්මේ වතුර එකක් ඇගට. තොප්පියක්‌ හොයා ගන්න බැරි වුණු හින්දම මන් පැටියගේ ඔලුව තෙමෙයි කියලා පුංචි ඔලුවට දැම්මේ එයාගේ හෝදපු කලිසමක්‌. දැන් ඉන්නවා නිකන් පැටියා ලෙච්චමී කෙනෙක් වගේ.

” අත් දනෝ අප්පත්ති අලේ…….. “

” හරි හරි ඉන්න පොඩ්ඩක් “

නුරාද මයෙ කකුලත් අල්ලන් ඇස් දනෝ කියලා උඩ පනිද්දී මන් ඒ මූණට වතුර එකක් දැම්මා. ආයේ දිය සෙවල බැදලා මදින්න වෙයි හොදට. නැත්තන් කවුරු හරි ලිස්සලා වැටෙනවා.

” තීම් ඉවලත තූති අප්පත්ති… “

” ටිකයි තියෙන්නේ පැටියෝ. චූටි අප්පච්චි හෙට වැඩට ගිහිල්ලා එද්දි මයෙ පැංචට ලොකු ක්‍රීම් බෝතලයකුයි ඕඩිකොලොන් බෝතලේකුයි ගෙන්නම්කො “

” තූද එතත් ගේන්ත හාත තූති අප්පත්ති “

මාත් ඇග හෝදන් කාමරේට එද්දි නිලූෂ පැටියගේ ක්‍රීම් උලනවා. ක්‍රීම් විතරක් නම් මදෑ ඒ මූණට පුයර ටිකකුත් දාලා පැටියගේ චූටි කමිසෙට කොලෝන් හලනවා.

” දැන් ලස්සනයි මයෙ පැටියා “

” අත්තද තූති අප්පත්ති….. ඈ… මන් ගුදක් සස්සනයිත “

ඇදෙනුත් පැනලා නුරාද මාවත් තල්ලු කරන් ගියේ කන්නාඩිය ඉස්සරහට මූණ බලන්න.

” ම් ගොඩක් ලස්සනයි නේද හාමු “

” ඇත්ත තමයි. වට්ටක්කයි කැරටුයි කාපුහාම තව ලස්සන වෙනවා “

අම්මේ මයෙ බඩ දෙයියනේ. දැන් නම් පිටිපස්සක් නෑ වගේ. ටොයිලට් එකෙන් එළියට ඇවිල්ලා විනාඩි පහක් ගියේ නෑ ආයේ රිංගුවේ ඒකෙ ඇතුළට.  ඇගත් එක්ක පණ නෑ වගේ දැන් නම්. ආයේ එහෙනම් බඩ වේලෙද්දී මේකෙන් ටිකක් බිව්වා නම් හරි.

” හාමු තාම ඉවර නැද්ද ආ… මටත් යන්න ඕනී “

” නිදහසේ වැඩේ කර ගන්න දියන් බන්. චූ බරයි නම් පදුරකට අල්ලන්න. මට දැන් ම  එ න්න බෑ මි නිහෝ “

ඇයි දෙයියනේ එයාම මට සියඹලා වීදුරුවක් බොන්න දීලා දැන් මෙතන කෑ ගහනවා. මාත් මේ ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද.

පැටියවත් නිදි කරවපු මන් එයාව ඇදෙන් තියෙලා බිම ඇලවෙලා ඉන්න මයෙ හාමු ළගින් හාන්සි වෙලා බලන් හිටියෙ වහලෙ උළු දිහා

” හාමු මන් හෙට උදේන්ම ගයාන් සර්ව බලන්න යනවා. කොච්චර වුණත් මයෙ හිතටත් හරි නෑ……. “

” ම් ගිහිල්ලා බලලා එන්න. හැබැයි මයෙ නිලූෂ ඔය වගේ මනස්ගාත හිතෙන එක නම් නතර කර ගන්න ම්….. “

” කොහොමද මන් ඒවා හිතන්නැතුව ඉන්නෙ.  මන් අරහෙම දේවල් නොකියා හිත අවුල් කරේ නැත්තම් එයා හැප්පෙන්නෑ හාමු…. අනික එයා එදා අසනීපෙන්ද කොහෙදෝ හිටියෙ හාමු බෙහෙත් බොනවා මන් දැක්කා “

            💥💥💥💥💥💥💥💥

තාමත් අමතක කරන්න බැරි විදිහට මයෙ හිතට වද දෙන්නේ ඒ ප්‍රශ්නෙ.. එහෙම ගයාන් සර් හැප්පුනැත්තම් පිට රටකට හරි ගිහිල්ලා ජීවත් වෙනවා හොදට . නැත්තම් මාස හයක්‌ යනකම් හිරේට දාලා එයාගේ නිළ තල ඔක්කොම ටික අහෝසි කරනවා කිව්වත් කොහොම හරි වේදනාවක් නැතුව ඉන්න තිබ්බා ගයාන් සර්ට.

” වෙන්න තියෙන දේවල් වෙනවා මයෙ නිලූෂ. ආයේ ඒවාට අපි මොනා කරන්නද ම්……. එයාට විතරක් නෙවෙයි අපි හැමෝටම එහෙම තමා “

මන් කිව්වත් වගේම ඊළග උදේන්ම ගියේ වට්ටුවට. දිනුල මහත්තයා නම් තාම ඇවිල්ලා නෑ. මන් ඒ ළග පුටුවෙන් ඉදගෙන බලන් හිටියෙ සර්ගේ වැහිලා තියෙන ඇස් දිහා. පෝච්චියේ තිබ්බේ පර වෙච්ච සුදු රෝස මලක්. මල පරවෙලා වුණාට ඒකෙ සුවද තාමත් එනවා. මට එහෙන්ම පිට වුණේ ලොකු හුස්මක්‌.  කකුල් දෙකම තාම ඔතලා.

දිනුල මහත්තයයි රාහුලුයි දැන් එන්නෙ. රාහුල් නම් පෙර පාසලේ ඇදුම පිටින්. දිනුල ආපු හැටියේ මටත් බැල්මක් දාලා පෝච්චියේ තිබ්බ පරවෙච්ච සුදු රෝස මල අයින් කරලා දැම්මේ එයාගේ අතේ තිබ්බ අලුත් සුදු රෝස මල.

” තූති මාමි නුලාද ආවේ නත්ත “

” නෑ පැටියෝ. නුරාද එයාගේ අප්පච්චි එක්ක එයි පෙර පාසලට “

රාහුලුත් ඇද අයිනෙන් වාඩි වෙද්දී දිනුලත් ගයාන් සර්ගෙ ළගින්ම ඉදගෙන ඒ මූණට පාත් වෙලා සුදු මැලි වෙලා තිබ්බ ඒ මූණට හාද්දක් තියෙලා පාත් වුණේ කන ළගට.

” මන් ආවා බලන්න මයෙ අනුජව.  ඉක්මනට ඇස් අරින්න අනූ……. මන් බලන් ඉන්නවා. මට සමාවක් නැද්ද ම්… ආයේ මාව බලන්නවත් එන්න හිතෙන්නැද්ද අනූ….  පොඩ්ඩක් වත් බය වෙන්න එපා අනූ. ඔයාට මන් ඉන්නවා. ඔයාගෙ ඇටයත් ඉන්නවා.  ඒ නිසාවත් අනූ උබ ඇස් ඇරලා බලපන්කො බන් දැන් වත් ම්….. සතියක්ම නිදා ගෙන හිටියා ඇති නැද්ද. “

රාහුයි මායි දෙන්නම බලන් හිටියෙ ගයාන් සර්ගේ මූණටම පාත් වෙලා මුමුණ මුමුණ ඉන්න දිනුල මහත්තයා දිහා. ඇයි දිනුල මහත්තයා මෙහෙම. ඕනී තරම් හොද අය කොච්චර ඉන්නවද.   ඇයි මේ ගයාන් සර්වම තෝර ගත්තෙ.

” හරි එහෙනම් අකමැතිනම් මන් දැන් යන්නම්. හැබැයි මන් ඉක්මනට හවසට එන්නම් මයෙ අනූව බලන්න ම්… එතකොට වත් උබ නැගිටලා ඉදින්කෝ බන්. මන් දිහා බලපන්කෝ. ම් මන් ය න්නම්. මේ දිනුලට අනුජ කවුරු වුණත් කමක් නෑ. මන් ආදරෙයි අනූ උබට මන් ආදරෙයි. පුළුවන් නම් දැන් වත් නැගිට පන් “

දිනුල මහත්තයා නැගිටලා ගයාන් සර් දිහත් ටික වෙලාවක් බලන් ඉදලා හැරුනේ මයෙ පැත්තට.

” යන්නම් “

” අ හරි මාමේ “

” තූති මාමි ගිල්ලා එන්තම් බායි බායි “

යන්නම් කියපු දිනුල මහත්තයා ආයේ පාරක් ගයාන් සර් ළගට ගිහිල්ලා ඒ හිස් මුදුනට හාද්දක් දීලා රාහුල්ගෙ අතිනුත් අල්ලන් ගියේ එළියට.  දිනුල ගියාට පස්සෙත් මන් බලන් හිටියේ ගයාන් සර් දිහා.

” කව්ද බන් දන්නේ ඕවා ගැන. එක්කෝ රන්දුනු සර් ගයාන් සර්ට කැමති. නැත්තම් ගයාන් සර් කලින් රන්දුනු සර් එක්ක හිටියද කියලා දන්නේ කවුද බන් “

” පිස්සුද බන් ඒ දෙන්නා අතරේ එහෙම මොකවත් නෑ. අනික ගයාන් සර්ට හිතක් පපුවක් කියලා නෑ නේ.  ඕනී දේ කර ගත්තා එච්චරයි. මටත් කිව්වේ අර අයියා තමයි බන්. එක පාරක් දෙපාරක් ඔයවගේ ඔහොම කරනවා කියන්නේ මිනිහා හොද පල පුරුදු කාරයෙක් වෙන්නැති “

අපෙ උන් සෙට් එකම ළිද ළග සංගමේ දාගෙන තේ තොල ගානවා.  මාත් ඉතින් බිස්කට් එකක් කටේ දාන් තේ එක බිබී බලන් හිටියේ උන් ගෙ කටවල් දිහා. 

” තූති අප්පත්ති……… “

මන් මයෙ නයි මල්ලත් අරන් එළියට ආවත් හරි ගේට්ටුව ළග හිටන් හිටපු පැටියා දුවගෙන දුවගෙන ඇවිල්ලා බදා ගත්තෙ මයෙ කකුල් දෙක. නුරාදට නම් ගේට්ටුව ළග මුරට දාපු අය හිටියත් එකයි නැතත් එකයි වගේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මාව දැක්ක හැටියේ ආවේ ඇතුළට

” කෝ අප්පච්චි ආ….. ආයේ ඔහොම හයියෙන් දුවන්නෑ. වැටුන නම් එහෙම කකුල් ලෙලි යන්න තිබ්බා “

” අයියූ තුති අප්පත්ති ඒම දොන් ගාන්තෑ. මන් පොදි ළමෙක් නෙවෙනේ තූති අප්පත්ති…. “

මන් ගේට්ටුවෙන් එළියට එද්දි හාමු මහත්තයා වාහනේ ඇතුළේ ඉන්නවා මේ පැත්ත බලාගෙන.

” මන් කිව්වා නුරාදට ඇතුළට යන්න එපා කියලා.  කොයි වෙලේ හරි චූටි අප්පච්චිට බැනුම් අහන්න වෙනවා ඔයා නිසා “

” ඔන්ත බාන්න ඉතින් ඔලා ආයේ පැතියත සා කලනවා. එදා කුව්වා නේත ආයේ මදේ පැතියත අප්පත්ති සා කලන්තෑ කීලා…. ආ…. බාන්න තූති අප්පත්ති මෙලා දන් හලී……යත බොලු කීනවා “

” මයෙ පැටියට හොද මතකයක් තියෙනවනේ ඈ චූටි අප්පච්චි.  සතියකට විතර කලින්ද කොහෙදෝ නිලූෂ මන් ඔහොම කිව්වේ “

අපි හිල්ලාවට ඇවිල්ලා වලව්වට යන්න කලින් ගියේ අපේ අලුත් ගෙදර බලන්න. දැන් නම් ටිකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මනට හැදෙයි.

අපි වලව්වට යද්දි හයටත් කිට්ටුයි. ලොකු හාමු ගුණේ මාමා එක්ක ඉස්සරහට වෙලා ඉන්නවා විටක් කකා. අපේ වාහනේ දැක්ක හැටියේ ලොකු හාමු නැගිටලා ආවේ ඉස්සරහට.

” තීයේ….. ආ ඔලාත විත්තෝතු ගත්තා අලේ,,………… “

” ම් මන් ගොඩක් කැමති… යමු ඇතුළට මහන්සිද පැටියට “

” නා නේ තීයේ මාත්ති නා මත “

ලොකු හාමු නුරාදවත් වඩා ගෙන ඇතුළට ගියේ මයෙ හාමු මහත්තයා මාත් එක්ක පිටිපස්සෙන් එද්දි. නිර්මාලුත් ඇවිල්ලා වගේ දැන්ම. ඔහේ සරම් කොටයක් දාන් ලිප පත්තු කරනවා.

” ආ කොල්ලෝ උබ ආවද… කෝ පොඩි බේබිත් ආවද පුතා “

” ඔව් නැන්දේ හාමුයි නුරාදයි දෙන්නම ඕන් ආවා. උයන්නද ලෑස්ති “

” ඔව් දරුවෝ. කොල්ලු ටිකක් හදන්න කියලා මේ.. චූටි කිරි ඩිංගක් වක් කොරහන්කෝ “

නිර්මාලුත් කේතලේ ලිපේ තියලා මටත් හිනා වීගෙන ඇවිල්ලා ඉද ගත්තෙ මන් වාඩි වෙලා ඉන්න දිග බංකු කෑල්ලෙන්.

“  අයියා නම් තවත් උස ගිහිල්ලනේ. දැන් නම් අයියට සරුයි වගේ “

” ඇයි නිර්මාල්ට සරු නැද්ද. කඩේ එහෙම දැන් කොහොමද “

” ඒක ජයටම කෙරීගෙන යනවා අයියේ. හැමදාම උදේ නවයේ ඉදලා හය වෙනකම් ඇරලා තියෙන්නේ. රෑ වෙන්න කලින් මෙහාට්ට එන්න ඕනී නිසා ඕන් අක්කට පොඩ්ඩක් බලා ගන්න කිව්වා “

කේතලේ සූ හඩ ඇහෙද්දී නිර්මාල් ගිහිල්ලා කෝප්ප ටික බන්දේසියේ දාලා කිරි හදන්න ගත්තා. 

” මන් මේ ලැවරි ටිකක් තැම්බෙන්න දැම්මා කොල්ලෝ. ලොකු හාමුත් කාලෙකින් කෑවේ නෑයි කිව්වා නොවෑ “

” අපිත් නම් කාලෙකින් කෑවේ නෑ තමයි නැන්දේ . වෙලාවට අද එහෙනම් ආවේ “

කෙසෙල් කොළ වල දාපු ලැවරි ටික ලිපෙන් බාද්දී සුවදේ බෑ. හාමු මෙහෙන්ම රෑටත් කාලම ගියා නම් හොදයි. ආයේ උය උය දගලන්න ඕනිත් නෑ නේ.

” නෑ පොඩි….. එහෙම ඒ හැටි පාළුවක් නෑ. ඉපදුනු දවසෙ ඉදලා හැදුනු වැඩුණු මහ ගෙදර නොවෑ. දැන් මැණිකෙගේ ප්‍රශ්නෙත් ඉවරයි “

” ඉතින් අද යන් අප්පච්චි අපි එක්කලා “

මයෙ හාමු මහත්තයා කොහොම මොනා කිව්වත් ලොකු හාමු නෙවෙයි වලව්වෙන් පිට එන්න කැමති වුණේ.

               💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලූලා හැමෝටම 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහයවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහයවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහයවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහයවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහයවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහයවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 67