À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහයවැනි කොටහා

A+ A-

” අයියූ අප්පත්ති….. පතියා අප්පත්තිතත් එත්ත සස කුක්කු එතක් හදා දෙන්තම්. තුත්තක් අලහෙත වලා ඉන්තකු අලේ “

” වස්තු එන්නකෝ චුට්ටක් වඩා ගන්න අප්පච්චිගේ රන් කොටේ…. චූටි අප්පච්චි ඉතිරි ටික කර ගන් නැතා වස්තු…. “

නිලූෂ කිරි වක් කර කර ඉද්දි මන් එයාගේ අස්සේ හිටපු නුරාදව අරන් කොල්ලව මයෙ අස්සට තුරුල් කරන් උම්මා දීගෙන දීගෙන ගියා. උදේන්ම නැගිටලා පැටියව දැක්ක හැටියේ එයාව මිරිකන් ඉඹින එක තමයි එයාගේ අප්පච්චිලා දෙන්නගේ විනෝදාන්ශේ.

” හාමු කිරි එක බීලම හිටිය නම් හරි නේද. පැටියගේ කිරි එකත් ඕන් නිමුවා පෙණ එන්නම “

මන් පැටියවත් වඩා ගෙනම ගියේ හාන්සි පුටුවේ ඉද ගන්න. අද ඉරිදා නිසා තුන් දෙනාම ගෙදර. නුරාද නම් පහළට රූටලා මයෙ සරම් බොක්කේ ඉදගෙන පැද්දි පැද්දි කිරි එක බොනවා.

” හාමු හෙටයි අනිද්දයි නම් ගෙදර එන්න වෙන්නෑ මට. වැඩකට යනවා කිලි නොච්චියට හාමු

” මන් කියන්නද වැඩක්. ඔයා පොලිසියේම ඉන්න. එන්නෙ රෑට රෑවෙලා. ඒ මදිවට දවස් දෙක තුන ගෙදර නෑ. යනවා අරහෙ මෙහෙ හැමතැනම “

දැන් ඔහොම ඔහොම දවස් දෙක කිව්වට පස්සේ සති දෙකකට විතර දුර‍ යන්න අහු වෙයිද දන්නෑ මෙයාලගේ වැඩ වල හැටියට.

” නුරාද අර ඔයාගෙ ඉරිච්ච කලිසම ගෙනල්ලා දෙන්න පැටියෝ අප්පච්චි ඒක මහලා දෙන්න “

” හලි වදේ අප්පත්ති ඒත තීයා ගෙදල දාලා අවිල්ලා අලේ….. බාන්නකු අප්පත්ති මදේ ආතම කාසම ඒත “

මන් ඉස්කෝලේ ළමයි ටිකකගේ පොත් බල බල පැටියගෙන් එහෙම ඇහැව්වත් හරි නුරාද මයෙ ඔක්කෙන් අත් දෙකත් තියාගෙන ඇසුත් ලොකු කරන් එහෙම කිව්වේ මයෙ මූණ දිහාම බලන්.

” හරි ඒක කොහොමද කියන්නකො ඉරුනේ ඈ මැණික “

” ඒත ඉලිලා ගියා අලේ… අයියූ මත තුත්තක් තූ බලත් එනෝ වදේ.. තොතෝ ගීල්ලා එන්තම් “

පැටියා ඉක්මනින් කාමරෙන් එළියට දුවගෙන යද්දි තමයි මන් දැක්කේ මයෙ කොල්ලා එයාගේ මූණත් අත ගාගෙනම මයෙ ළගට එනවා.

” මොකද පැටියා අරහෙම දිව්වේ “

” කලිසම ඉරුනේ කොහොමද කියලා විතරයි ඇහැව්වේ. ඒ ඩිංගට චූ බර හැදිලා. මොකක් හරි ජඩ වැඩක් කරන්න ගිහිල්ලා වෙන්න ඇති කලිසම ඔය ඉරන් තියෙන්නේ නිලූෂ “

මන් පොත් ටිකත් පැත්තකින් තියෙලා ජනේලේ ළගට වෙලා එළිය බලන් ඉන්න මයෙ නිලූෂගේ බද වටේ අත් දෙකත් ඔතා ගෙන පිටිපස්සෙන් පිටට හේත්තියක් දාන් ඒ ඇගට හේත්තියක් දා ගත්තා.

” පැටියවත් එක්කන් අපි කොහේ හරි ඇවිදින්න යමුද හාමු. එයා එළියටවත් සෙල්ලම් කරන්න එක්ක ගියේ නෑ නේද “

” මාත් කැමති නිලූෂ ඒකට නම්. බෝධිරාම ආරාමෙට යමුද. කාලෙකින් ගියේ නෑ එහෙ “

” ඒක හොදයි එහෙනම්. මන් ගිහිල්ලා අර දර ටික පලලා දාලා එන්නම්කෝ මන් “

එහෙම කියලා මයෙ කොල්ලා මටත් හාද්දක් දීලා එළියට යද්දි මාත් ඒ පස්සේ ගියේ එයා දර පලන තැනට. ආයේ නම් මන් පොඩි පොඩි දර කෑළි පැලුවත් එදා වගේ අර ලොකු දර කෑලි පැලුවේ නෑ.

” අප්ප ත්ති……. අප් පත්ති…. අලේ එන්තකු. විදහත අයි අයියූ අලේ බාන්නකු… “

” ඉන්න ඉන්න එනෝ මේ”

මායි නිලූෂයි දෙන්නම දඩි බිඩි ගාලා දිව්වේ ගේ ඇතුළට. මගේ දෙයියනේ මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද.

” පරිස්සමින් නිලූෂ.. අතවත් කයි මනුස්සයෝ….. “

” හාමු ලොකු පෙට්ටියක්‌ ගේන්නකෝ ඉක්මනින්. පාපිස්සකුත් දාන්න ඒකෙ ඇතුළට “

කුස්සියේ තිබ්බ ලොකු කාඩ් බෝඩ් පෙට්ටියට පාපිස්සකුත් දාලා මන් තිබ්බේ ඒක නිලූෂ ළගින්. පැටියා නම් මයෙ අස්සේ එල්ලිලා මී පැටව් වගේ ඉන්න පොඩි පොඩි පූස් පැටව් දිහා බලන් ඉන්නෙ කන්න වගේ . මේ දවස් ටිකේම ලොකු තඩි පූසියක් ඇවිල්ලා මඩුවේ හිටියත් හරි මන් පව් කියලා මාළු තම්බපුවා එක්කලා හොදට බත් දුන්නා. ඒකටත් එක්කලා හරියන්න කුස්සියේ ළගම තිබ්බ කාමරේ පිගන් බඩු තියන්න කියලා අලුතින් ගත්ත කබඩ් එක අස්සේ ඒ පූසි පැටව් පස් දෙනෙක්ම දාලා. තනි සුදු පැටියෙකුයි. තනි කළු තුන් දෙනයි සම්බෝ්ලෙකුයි. දැන්ද කොහෙදෝ පැටව් දාලා තියෙන්නේ පූසි. ජරාව එහෙන්මයි. කබඩ් එක එළියට දාලා හෝදන්න වෙනවා. එළ කිරි ටිකක් වත් බොන්න දුන්නා නම් හරි කිරි එරෙන්න. පැටව් දාලා උට අමාරුයි වගේ.

” කොහෙද තියෙන්නේ අම්මවයි පැටව් ටිකයි ඈ හාමු “

” කුස්සියේ බැම්ම යටින් තියමු නේද. මෙයාට කන්න යන්නත් ලේසිනෙ එතකොට “

මන් එතැන හොදට අතු පතු ගාලා පිරිසිදු කරාට පස්සේ මයෙ කොල්ලා පෙට්ටිය පිටින්ම එතැන තිබ්බේ පූසිත් කිසිම කලබලයක් නැතුව ඔහේ පැටව් ටිකවත් ලෙව කකා ඉද්දි.

” අප්පත්ති අයි එලාලා ඒම ඉන්තෙ… බාන්නකු කා ගාන හති.. ලුකු වලා මත ගුදක් කාද කලයිත දන්තෑ නේත අප්පත්ති…. “

” එහෙම නෑ දරුවෝ. එයාලා තාම පුංචි පැටව්නේ රත්තරන් ම්.. පැටියට උන් ලොකු වෙලා ගොඩක් ආදරේ කරයි. සෙල්ලම් කරයි ඔයත් එක්ක. මයෙ වස්තු බය වෙන්න ඕන්නෑ පැටියෝ “

මයෙ කොල්ලා කළු අත් කොට කමිසෙට අළු පාට කලිසමක් ඇදලා ඉද්දි මන් ඇන්දේ කළු කලිසමට සුදු අත් දිග කමිසේ. පැටියත් කළු කොට කලිසමකට සුදු පාට පුංචි කමිසේ.

” කූ අප්පත්ති මදේ හා පතව් දෙන්තා “

” බල්ලෙක් අරන් ගියාද දන්නෑ නේද හාමු “

එළියට බැහැලා පොඩි එකා එයාගේ හා කන් දෙක තියෙන ලා දුඹුරු පාට සපත්තු දෙක හොයද්දියි මට මතක් වුණේ මන් ඕක හෝදලා රෙදි හෝදන ගල උඩ තිබ්බනේ කියලා. මයේ නිලූෂ බොරුවට ළමයා බය කරනවා ඉතින්. එයත් දැක්කා උදේ ඒක වේලෙන්න දාලා තියෙනවා කියලා..

” අලේ මදේ හා පතව් දෙන්තා අප්පත්ති . පතියා හලි ආදලෙයි ඒ දෙ න්ත ද ඈ…………….  අ ලේ අප් පත් ති ඈ….. “

” අයියෝ පැටියෝ ඉන්න අප්පච්චි ගෙනල්ලා දෙන්න. බොරුවට ඔයා අඩනවනේ දාගෙන. බල්ලෝ ගෙනියලා නෑ. මන් පැටියගේ හා පැටව් දෙන්නා හෝදලා වේලෙන්න තිබ්බ “

මන් නුරාදව වඩා ගෙන එහෙම කියද්දී නිලූෂ ගිහිල්ලා කොල්ලගේ සපත්තු දෙක ගෙනල්ලා කකුලට දැම්මා. අම්මේ කොල්ලගේ මේ ඩිංගට හොටුත් ගලනවා.

” අයි පතිය à·€ බා කලේ ඈ තූති අප්පත්ති “

” සෙරෙප්පු අතන මෙතන තියද්දි බල්ලෝ අරන් යනවා තමයි පුතා “

මයේ අතේ හිටපු පැටියව නිලූෂ අරන් ගිහිල්ලා වාහනේට නැග්ගත් හරි මන් දොරත් ලොක් කරලා කඩා ගත්ත මල් වට්ටියත් අරන් මාත් නැග්ගේ වාහනේට.

” පරිස්සමින් නුරාද… ඔන්න එක මලක් වත් වට්ටන්න බෑ හරිද පැටියෝ “

” අයියූ අප්පත්ති බොලුවතනේ බා වෙන්තෙ නේත තූති අප්පත්ති “

” ඒක තමයි අප්පච්චි බය ගුල්ලෙක් නේද “

උඩට උඩට ඇදුනු වාහනේ ආරාමේ ඇතුළේ ගහක් යට නවත්තලා අපි තුන් දෙනා හෙමීට හෙමීට ඇවිදගෙන ගියේ බෝධීන් වහන්සේ ළගට. අද නම් පොඩ්ඩක් විතර සෙනග ඉරිදනේ. පුංචි කදු ගැටේ මුදුනක හදලා තියෙන මේ බෝධිරාම ආරාමේ හරි ලස්සනයි. සීතළ හුළං එක්කලා අපේ ඇගේ හිරිගඩුත් පිපෙනවා. බෝධීන් වහන්සේ වටේට වැටිලා තියෙන බෝ කොළත් අහුලලා පැන් කාලෙකුත් වක් කරලා මල් වට්ටියත් අරන් අපි ගියේ ලොකුවට මුදුනේම හදලා තියෙන බුදු පිළිම වහන්සේ ළගට.

මයේ නිලූෂ නම් පැටියව වඩා ගෙනමයි හිටියෙ. ඒ තරමට හුළං සැරයි කදු මුදුන හින්දා. අපේ කොණ්ඩවල් හිටන් එහාට්ට මෙහාට්ට යනවා. සුද්දො සුද්දියොත් ඇවිල්ලා වැටේ එල්ලිලා කදු ගැටේ මුදුනින් පහළ විහිදිලා තියෙන නුවර දිහා බලන් ඉන්නවා

” නිලූෂ ආ මල් තියන්න. මන් පැටියව ගන්නම් “

” නෑ හාමු ඔයා වට්ටිය අතේ තියන් ඉන්නකෝ. අපි දෙන්නා මල් තියන්නම් “

මල් ආසනේ ලා කහ පාට තැඹිලි පාට බුද්ධමල් හරි ලස්සනට පිළි වෙලකට අහුරපු මයේ නිලූෂ පැටියා එක්කම එතැනම බිම දණ ගහලා වැන්දා.

” සියලු කෙලෙසුන් දුරු කරපු අනන්ත අප්‍රමාණ සීලාදී ගුණ වලින් යුක්ත නිදුකානන් වහන්සේටම අප විසින් පිළියෙල කරන ලද්දා වූ මේ සුවදවත් ප්‍රසන්න බුද්ධ මල් පූජා කරමි පූජා වේවා පූජාම වේවා “

පැටියවත් ඔක්කේ ගහන් දොහොත් මුදුන් දී වන්දනා කරන මයේ මනුස්සයා දිහා වටපිට ඉදගෙන ඉන්න කට්ටියත් බලනවා. නුරාදත් එයාගේ චූටි අප්පච්චි කියන විදිහට වචන අමුණ අමුණ කියන්න ගන්නේ එයාගේ පුංචි අත් දෙකත් හිස් මුදුනෙම තියා ගෙන.

” හාමු ඕන් බලන්නකෝ මී පැණි පූජා කරන්නම් කියලා හිතුවා. ගන්න බැරි වුණා නේ මට පැණි බෝතලයක් “

” හරි හරි ඊළග පාර එද්දි මතක් කරලම ගේමු දරුවෝ “

බුදුන් වැදලා අපි ඔහේ හිමීට හිමීට වාහනේ ළගට ඇවිල්ලා වාහනේ ඇතුළේ තියාපු සෙරෙප්පුත් දාන් ආරාමෙන් එළියට ආවා.

” පැටියෝ නුරාද කෝ නැගිටින්න නැගිටින්න වස්තු “

” කඩේ ඉදලම කමුද ක්වාටස් එකට ගිහිල්ලම කමුද නිලූෂ “

” මේ පේන්නෑ නිදි රාළ නැගිටින්නෑනේ. ක්වාටස් එකටම ගිහිල්ලා කමුද එහෙනම් හාමු “

නුරාදව නැගිට්ටවන්න හැදුවත් කොහෙද ආයේ පැටියා මයේ කොල්ලගේ ඇගටම කඩන් වැටෙනවා. පුදුම නිදිමතක් තියෙන්නේ. නිලූෂත් ලෝභ කමට තව තවත් පැටියව අස්සේ ගහන් අත් දෙකෙන්ම බදන් ඉන්නවා පැටියා ඇහැරෙයි කියලා.

” මන් ගිහිල්ලා අරන් එන්නම් ඉක්මනින් “

මැටි ගහපු පොඩි කෑම කඩයක් වුණත් ලී මේස එකක් නෑර මිනිස්සුන්ගෙන් පිරිලා.

” මහත්තයා රතු කැකුළුද සුවදැල්ද “

” රතු කැකුළු බත් මුල් දෙකක් ඕනී මට”

අනිත් කඩවල් වලටත් වඩා මේකේ ටිකක් ගණන් වුණත් කෑම හොදයි. පිරිසිදුයි. අපි ක්වාටස් එකට එද්දිත් පැටියා ගොරව ගොරව නිදි. ඇහැරවන්න හිතෙන්නෑ මට.

” අයියූ කූ අප්පත්තියේ මේතේ පාප්පු නා නේ. එලාලත පාප්පු දාන්ත අමතත වලාද කෝදෝ….. මාල වදේ…..  දන් කෝමත කියන්තකු පතියා බයි කන්තේ “

” එයාලට අමතක වෙලා නෑ නුරාද.. කොල්ලු තියෙද්දී ආයේ පරිප්පු මොකටද. මේ ටික ඔක්කොම ඇටයක් නෑර කන්න ඕනී පුතා. කෑවේ නැත්තම් තමයි අප්පච්චිට තරහ යන්නෙ “

මායි නුරාදයි එක බත් එකකින් කද්දී අනිත් කෙසෙල් කොළේ බත් එක මන් දුන්නේ නිලූෂට. ඒවුනාට ඒකෙනුත්  කොටසක් මගේ පැත්තට දාලා මිරිස් නැති ඉස්සෙක් සුද්ද කරලා පැටියගේ බත් එකට දැම්මා. ඒ තියෙද්දිත් නුරාද පරිප්පුම හොයනවනේ

” සුදු මහත්තයා……. ඉජු ඉජු පූස් පූස් පූස්
….. සුදු මහත්ත යා….. එන්න පුතා බත් කන්න පූස් පූස් පූ…… ස් “

පූස් තඩියා කම්මැලි ඇර ඇර ඇවිල්ලා ඉන්නවා බත් එක පිගානෙට දාන කම් මයේ මූණ දිහා බලන්. දැන් සුදු මහත්තයා වෙනුවට සුදු හාමිනේ කෙනෙකුත් එනවා බත් දෙන තැනට. පූසි කිරි දෙන අම්මෙක් නිසා වැඩියෙන් මාළු අනලා දැම්මා ඉතින් පව්නේ. කුක්කු හිටන් පහළට එල්ලෙන වා.

” හාමු හා…… මූ එන්න කෝ පොඩ්ඩක් “

” ඇයි ඇයි… “

මන් අතත් හෝදලා සරමත් කැහැපොට ගහන් අඩියට දෙකට ගියේ ටැංකිය ළගට.  බැලින්නම් මේ පිට අතුල්ලන්න කියන්නනේ බෙරිහන් දීලා තියෙන්නේ මෙයා.

” ඌයි ඔච්චර තද කරලා අතුල්ලන්න එපා හාමු රිදෙනවා “

” ඉන්න පොඩ්ඩක්. තාම සබන් ගෑවෙ නෑ ඒකයි රිදෙන්නේ “

ගලින් රතු වෙන්නම අතුල්ලලා වතුර බාල්දියක් හලලා ආයේ සබන් ගාලා පිට ඇතිල්ලුවා මන් .

” රැවුලත් ඔහොම්මම ටිකක් කපන්නද “

” ඇයි වැඩි වගේද හාමු “

මන් දැලි පිහියත් ඇරන් ගල උඩින් වාඩි වෙලා හිටපු එයාගේ හෙමීට හෙමීට ගානට රැවුල අඩු කරන්න ගත්තත් හරි එයා වෙනදා වගේම මයේ මූණ දිහා බලන් ඉන්නවා. මයේ ඇසුත් ඉතින් වරින් වර එයාගේ ඇස් දෙක දිහාට ගියාට මන් හරි පරිස්සමින් එයාගේ රැවුල ගෑවේ. එයාගේ රතු පාට කට කන්නමයි මයේ හිත කියන්නේ නම් .

” අප්පත්ති…… තන්කීත බාලා නාමුතෝ ඈ තූති අප්පත්ති…. පතියා ආතයිලේ… “

” එහෙනම් නාලා හොදට කුණු ටිකත් අතුල්ල ගන්නකෝ… ඊට පස්සේ ටැංකියට බහිමු තුන් දෙනාම “

මන් නිලූෂගේ මූණත් පිහදාලා නුරාදවත් නාවගෙන මාත් සබන් ගාලා නාලා තුන් දෙනාම බැස්සේ වතුර ටැංකියට. හරි සනීපයි. පැටියනම් යට කොටෙත් ගලවලා ටැංකියට බැස්සේ.

” සා….. සෝයි නේත ඈ හලු “

” හැමදාම ඔහොම බෑ හැබැයි “

පැටියා නහයත් වහගෙන වතුරේ ගිලිලා ආයේ උඩට එනවා. ඒ අස්සේ මයේ නිලූෂ මාවත් ඒ ඇගට තද කරන් මාත් එක්කම වතුරේ යටට යනවා. නුරාදට නම් ගානක් වත් නෑ. එයා හිතේ හැටියට ටැංකියේ සෙල්ලම් කරනවා. අපි දෙන්නත් හිතේ හැටියට සෙල්ලම් කරනවා ඉතින් .  වලව්වේ වත්ත පහළ කෑල්ලේ නම් කදුරක් තියෙනවා. ඒකෙ වලේ වතුර තියෙනවා හරියට අපේ බඩ ළගට වෙනකම් වගේ. යන්න ඕනී ආයේ ඒකට නා ගන්න.

” තා තුත්තක් නා ගමුතෝ අප්පත්ති “

” ඇති ඇති නුරාද…. ඇසුත් ගොරකා මද වගේ රතු ගැහිලා “

” අපි දෙන්නා තව පොඩ්ඩක් නා ගෙනම එන්නම් හාමු. සනීපයි වතුර ටික “

චූටි අප්පච්චිටයි පුතණ්ඩියටයි ඕනී දෙයක් කර ගන්න කියලා මන් ආවේ ගොඩට.

               💥💥💥💥💥💥💥

මෙතැන් පටන් මාස තුනකට පසු……..

” තූති අප්පත්ති අලේ ආසකීම් එතත් කමුත. පතියත බදගිනි ගුදත් මදේ තූති අප්පත්ති….. “

” නුරාද ඕන් බත් තියෙනවා . බඩගිනි නම් ඒවා කන්න රස්තියාදු ගහන් නැතුව. ශීත බබාගෙත් ඔය තියෙන්නේ චූටි අප්පච්චි ගෙනාපු අයිස් පලම් වගයකුත්  ඒවා කන්නකෝ “

මන් දන්නවා පැටියා ඔය නොකියා කියන්නේ අදත් බයික් එකෙන් කොහේ හරි යමුයි කියලා. ඒවුනාට එහෙම යන්න බෑනේ හාමු මහත්තයා එක්ක. ගෙදර ඉන්න දවසට බයික් එකෙන් රස්තියාදු ගහන්න එපා කියලා දැඩි නියෝගයක් තමයි එයා දාලා තියෙන්නේ. අනික නුරාදට අයිස්ක්‍රීම් කන්න ඕනී නිසා මන් වටේට චොකලට් ගාලා තියෙන මැද කහ පාට රස අයිස්පලම් වගේකුත් දාලා තියෙන්නේ. හාමු කන්න කැමතිත් ඒ අයිස්පලම් එකට. කිරි රස හොදට එනවා.

” දන් අප්පත්ති කිලන්තේ පතියව ගේ අත්තෙම දාලා තිලන්ත කීලාද ඈ අප්පත්ති…. මේ බාන්නකු ඔලාම තුත්තක්.    මත කෝවත් යන්තතුව තුත්තක් විතල පිත්තු වදේ දන් නම් “

” චූටි අප්පච්චි එක්ක වෙන දවසක කොහේ හරි යන්න. ඒවුනාට දෙන්නම අද ගෙදර ඉන්න. ආයේ නුරාද කුණු කුණු බෑ මන් එක්කලා හරි…”

අපි ක්වාටස් එකෙන් අපේ පුංචි වීරන්කෙඩුව වලව්වට ඇවිල්ලා මාස තුනක් විතර. මායි හාමුයි ගිය මාසේ අලුත් බයික් එකකුත් ගත්තා. නුරාදටත් ඒකෙ නැගලා කොහේ හරි යන්න තියේ නම් ආයේ දෙයක් නෑ. එළියේ ඔන්චිල්ලාවේ ඉදන් ඉද්දි මහ වලව්ව මෙතෙන්ට හොදට පේනවා.

” චූටි තාත්ති යෝ….. “

” දරුවෝ දෙයියනේ ඇයි තාම ඔය ඇදුම් පිටින්.  මාරු කරන් හරි එන්න තිබ්බනේ පුතේ “

කඩුල්ල ළගින්ම කෑ ගහන් දුවන් ආවේ දෙනුවන් . මන් හිතන්නේ විභාහගේ ඉවර වුණු හැටියෙද කොහෙදෝ දෙනුවන් ඇවිල්ලා තියෙන්නේ. හාමුව දැක්ක හැටියේ දුවන් ඇවිල්ලා එයාගේ සාක්කුවේ තිබ්බ පේපරේ හාමුගේ අතේ ගහලා කෙලින්ම දිව්වේ ඇතුළට. කොල්ලට චූ බර වත් වැඩි වෙලාද මන්දා.

” මගේ දෙයියනේ නිලූෂ… මන් උගන්නපු රසායිනවිද්‍යා රචනා ප්‍රශ්න දෙකක් එහෙන් පිටින්ම ඇවිල්ලනේ “

” ඉස්කෝලේ ළමයින්ටත් එහෙනම් ලේසි ඇති “

බලාගෙන ඉද්දි මයේ හාමුගේ ඇස් දෙක දිලිසෙනවා. මූණේ එකයි හිනාව. විරාජ් අහස්‍ය සර්ගේ ඉගැන්විල්ල හොදයි වගේ එහෙනම්. සාමාන්‍ය පෙළ කාලේ මන් පොඩ්ඩක්වත් කැමතිම නැති කොටසක් තමයි ඔය රසායනික විද්‍යාව කියන්නේ. කොහොම හොදට පාඩම් කරත් ඒ කොටස මොළේට යන්නෙම නෑ. අම්මෙ මතක් වෙද්දී හිරි වැටෙනවා.

” නිලූෂ…… “

” ඇයි හාමු “

” අපේකා හොදට විභාගේ පාස් වෙලා තියෙයි නේද  “

මන් මයේ හාමු මහත්තයට කතා කරන්න ගියා වුණත් ලොකු බත් පිගානක් බෙදන් ආපු දෙනුවන් වාඩි වුණේ අපි දෙන්නගේ මැද්දේ. හාමු මහත්තයගේ හෝදපු කළු සරමකට බැනියම ඇදලා බත් ගිලිනවා හත් අවුරුද්දකින් කාලා නෑ වගේ හරියට .

” නිලූෂ අයියගේ අත් ගුණේ නම් නියමයි. මන් හරි ආසයි ඔයාගෙ ගම් කුකුල් මස් වැන්ජනේට “

” අද ඕක ඉව්වේ ඔයාගෙ බාප්පි මන් පරිප්පුව හැදුවෙ “

” අප්පදබොල මේ අපේ චූටි බාප්පිට උයන්න පුළුවන්ද….. හිතා ගන්න බෑ “

හාමුට නම් හිනා ඉතින්. මන්  තුන පහේ දාලා හොදට අත ගාලා හරි ගස්සලා හාමුට දුන්නේ මස් හට්ටිය ලිපේ තියෙලා හොදට උයන්න කියලා. ඊට පස්සේ තමයි දර පලන්න ගියේ.

” අප්පේ ඔලා ආවත ඈ හලු… කෝ වෙලේත ආවෙ “

” ටිකක් වෙලා. බත් කටක් දෙන්නද චූටික්කට “

මෙච්චර වෙලා සෙල්ලම් ගේ ඇතුළේ ඉදලා ඉදලා දැන් තමයි පැටියා ඔන්චිල්ලාවේ ඉද ගෙන ඉන්න අපි ළගට ආවේ.

” ආපූ අපා මත. කූ මත තොපියත් වත් ගනාවේ නාද “

” හරි නම් ඔයා තමයි මට ඒවා දෙන්න ඕනී. මහ ලොකුවට කඩචෝරු පෙට්ටියක්ම තියෙනවා නේද “

” එලා පතියදේ  හුම්.. පෙලේතයි ඔලා නම් හිපාතුවා. මන් යනෝ යත්ත හුම් “

ගස්සගෙන ගියපු නුරාද    ළග හිටපු සුදු මහත්තයටත් අඩි හප්පලා ආයේ ගියේ සෙල්ලම් ගේ ඇතුළට අපිටත් ගස්ස ගස්ස.

” පුදුම ගැස්සිල්ලක්නේ තියෙන්නේ නුරාදගෙ නම් චූටි බාප්පි “

පරිප්පු තලියක් එක්කලා අනා ගත්ත බත් කට බොග් ගාලා කට ඇතුළට දාන් පපඩමකුත් හැපුවේ කුරුස් ගාලා.

” තූති අප්පත්ති මේත තුත්තක් අල්ල ගන්තකු…. අයියූ මෙලාලා දන් නම් කාද කලනෝනේ පතියත”

මන් ප්‍රවෘත්ති බල බල හිටියත් හරි පැටියා අයිස්ක්‍රීම් පලමක් අරන් තිබ්බේ මයේ අතින් පොඩ්ඩක් අල්ල ගන්න කියලා. එයා මගේ ලොකු කමිසෙකුත් ඇදගෙන තඩි කෝට්ටකුත් අතේ තියන් අනිත් අතින් මයේ ඔක්කටත් නැගලා ගත්තෙ මයේ කන්නාඩි කුට්ටම. පූස් පැටව් තුන් දෙනත් නුරාද පිටිපස්සේ කෑ ගගහා එනවා

” ඇයි පැටියෝ චූටි අප්පච්චිට දැන් පේන්නෑනේ රන්. අනික ඕවා ඔහොම දන්නෑ වස්තු. කෝ ඕක චූටි අප්පච්චිට දෙන්නකෝ “

” මන් ළමයිත පාදමත් කීලා දෙන්ත යන්තේ අලේ. තුත්තක් ඉන්තකු තූති අප්පත්ති “

කොල්ලා කන්නාඩි කුට්ටමත් දාලා දුවන් යද්දි මාත් පරිස්සමින් ගියේ එයා යන පස්සේ. මේ පොඩි එකා කොහේ ගියාද ඒ පාර. දුර පේන්නෙත් මට හොදටම බොද වෙලා දැන් .

” à·„à·– à·„à·–….. “

” පැටියෝ කොහෙද ඉන්නෙ…. චූටි අප්පච්චිට හොයා ගන්න බෑ “

” à·„à·–….. “

හාමු මහත්තයත් කොහේ ගියාද මන්දා. මන් කුස්සියේ පැත්තට ගිහිල්ලා අහු මුළු වල පැටියව බැලුවත් එයා නෑ පේන්න. ඒත් එක්කම අනිත් පැත්ත හැරිලා යන්න ගියත් සෙවල දෙයක් මයේ කකුලට පෑගුනත් හරි බටේකින් වතුර විදින සද්දයක් වගේ ඇහුනා. මට ඒ මොකක්ද දෙයියනේ පෑගුනේ. කිසිම දෙයක් නෑ නේ මෙතන.

” පැටියෝ නුරාද චූටි අප්පච්චිට රෑට පේන්නෑ වස්තු…. කන්නාඩි කුට්ටම දෙන්නකෝ මැණික “

” à·„à·– à·„à·–…. “

එයා හැංගිලා මට හොයා ගන්න බැරි තැනක. ආයේ වතුර විදින සද්දයක් කුස්සියේ පැත්තෙන් ඇහෙන්න ගනිද්දී මන් ගියේ ඉක්මනින් ඒ පැත්තට. කරාමේ වතුර බටේ වත් කැඩිලද දන්නෑ.
මන් පාත් වෙලා ටෝච් එක අල්ලලා බැලුවත් මට එහෙම කිසිම එකක්‌ පේන්නෑ.

” ආ…… අහ් නුරා… ද මන් බය වුණා ළමයෝ. කොහෙද හිටියෙ මෙච්චර වෙලා “

එයාගේ අතේ තිබ්බ මයේ කන්නාඩි කුට්ටමත් දාන් මන් පැටියා දිහා බලද්දී එයා හිනා වෙනවා මට.

” ඔලාත මාව හොලන්ත බලි වුලා අයියූ. තුදු මනිතේ තමා මාව හෝ ගත්තෙ.. අලේ මන්දා මදේ තූති අප්පත්තිත් ඉතින් “

” පූසත් එක්ක දැන් යාළුද “

” අයි දන් තූති අප්පත්ති එලා එත්ත යාලුත ආ….. ඔලා කුව්වා මත එලත් එත්ත තලා වෙනෝ කීලා. හුම් මන් යනෝ යන්ත. අයි අප්පා ඔලත් එලාත තමා ආදේ.. පතියත කාලුත් ආදේ නා “

එක පාරටම ඩෝන් ගිහිල්ලා පැටියා දුවාගෙන ගියත් හරි කුස්සියේ එළියේ පැත්තෙන් ආවේ මයේ හාමු මහත්තයා මොනාදෝ උස්සන්.

” මන් කමනි නැන්දගෙන් උයාපු මාලු පිනි ටිකක් අරන් ආවා නිලූෂ. ඇයි මේ ජනෙල් තාම ඇරලා. ඇතුළට සත්තු සර්පයෝ රිංගන්න පුළුවන් “

හාමු දීසි දෙක තිබ්බ හැටියේ මන් ඇරලා බැලුවේ මොනාද කියලා වෙද්දී මයේ කට ඇදවෙලා කෙළ තලියක් ගිලුනා. උදේ මාලු පිනි රත් කරන් හරි කනවා මන්. හාමු මහත්තයටම කියනවා වැටකොළු දීසියම කන්න කියලා.

              💥💥💥💥💥💥💥💥

ඊළග කොටස් වලින් දිනුලවත් ගේනවෝ 🙂😊.

බුදුසරණයි හැමෝටම 🙏

යාලුලාගේ අදහස් වලට ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

️වෝට් කරන යාලුලා හැමෝටමත් ඉස්තුතියි ගොඩාරියක්🙏❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාව කියෝලා යන යාලුලටත් ගොඩාරියක් ඉස්තුතියි මයේ කතාව කියෙව්වට 🙏️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහිල්ලා එන්නම් 🤗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහයවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහයවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහයවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහයවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහයවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහයවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 77