À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 01 |

A+ A-

පාසල් ප්‍රේමය ම අතින් අල්ලන් පෝරුවට නගිනවා කියන්නෙ අවුරුදු දාසයක කොල්ලෙකුට කෙල්ලෙකුට සුරංගනා කතාවක අවසානය ම තමා.. They lived happily ever after… ඊටපස්සෙ එයාල සතුටින් ජීවත් වුනා.

         වියාරා මට මතක ඇති කාලෙ ඉදන් මගෙ ක්‍රශ් එක. ඉස්කෝලෙ ලස්සනම කෙල්ල. කැරලි ගැහුන කොන්ඩෙ ස්ට්‍රේට් කරලා කල’ර් කරාට පස්සෙත් මගෙ හිතේ ඒකිට තිබ්බ ආදරේ වෙනසක් නොවුනම තමයි දැනගත්තෙ… වියාරා මගෙ පතාගෙන ආව සංසාරගත ප්‍රේමයම තමා කියලා.

          ඒ වෙද්දි අපි ඕලෙවල් ලියල ඉවර කරා විතරයි. ඕලෙවල් ලියල ගෙදර ඉද්දි ඉහට ගහන ඉලන්දාරි පිස්සුව?.. අන්නේක අපේ කෙල්ලො කොල්ලො හැමෝටම ගහල තිබ්බා තදටම. ගැංසි ගැහිල බෝක්කු ගානෙ රස්තියාදු ගැහුවෙ කුඩු වෙලෙන්දො ගානට. බොරු ඕන්නෑ.. සිරාවට කුඩු වෙලෙන්දෙක් දෙන්නෙක් අපේ සෙට් එකේ නොහිටියා නෙවෙයි. කෙල්ලො වුණත් චීත්තෙ කෙටි කරගෙන ගෙට වෙලා උනෙ නෑ. ගෙවල්වල මහ උන්ට අඩල දොඩල වද කරලා තියෙන කීයක් හරි ඔතාගෙන  හූරගෙන ගිහිල්ලා නානාප්‍රකාර ස්ටයිල් කරන එක, ටවුමෙ තියෙන ලොකුම රෙදි සාප්පුවෙන් එක රෙදිකෑල්ලක් ගන්න රංචු පිටින් ගිහිල්ලා පැය ගනන් ඒවයෙ රස්තියාදු වෙන එක, පිටින් ටිකක් high end වගේ පෙනුන කඩේකට රිංගලා සෝස් ටිකක ඔබාගෙන රෝල්ස් එකක් ගිලලා තැලිල පොඩිවෙච්ච හින්දා අයින් කරලා ජූස් කියල පොඩි කරල අරන් අයිස් කැට දෙකක් දාල ලොකු බටයක් එක්ක වික්ක කලර් කරපු වතුර ටිකක් බොන එක තමයි අපේ ඇමරිකන් ඩ්‍රීම් එක. ඒකෙ පුංචි සතුටකුත් නොතිබ්බෙ නෑ. ඒත් මං දැනගෙන හිටියනම්.. ඒ තමයි ජීවිතේ සතුටුම කාලෙ කියලා… මං තව ටිකක් ඒ සතුට බුක්ති විදින්න අගයන්න ඉඩ තිබුණා..

    ඒ වෙද්දි වියාරා හංසගෙ වෙලා මාස දෙකයි. ෆ්‍රෙශ් පිට කලඑලිබැස්ස කපල් එක ටවුමෙ පොඩි ගැටයො ගැටිස්සියන්ගෙ ප්‍රධාන මාතෘකාව වුණා. මම වියානාට හදවතින්ම ආදරේ කළා.. සංසාර ප්‍රේමයයි පෙරුම්පුරාගෙන ආව සංසාර කතායි සැරට බරට විශ්වාස කරපු මම වියාරා එක්ක සිදුහත් යශෝධරා ප්‍රේමයක් ගැන හීන දැක්කා.

      ඒ ජනවාරි උදයක්. හිරිකඩ හීතල උදේක මම අයියගෙ බයික් එක ගත්තෙ වියාරා එක්ක රෙදි දෙක තුනක් ගන්න යන්න. අම්මා සල්ලි දුන්නෙ මට රෙදි ටිකක් ගන්න කියල. ඒකට තව ටයිපින් ජොබ් එකක් කරලා එකතු කරපු සල්ලි ටිකක් දාල සාක්කුවට ඔබාගෙන ලයිසන් නැති මම ගෙදරින් පැන්නෙ ගෙදර කවුරුත් ඇහැරෙන්නත් කලින්.

     අපි හිටියෙ ගමක. මගෙ තාත්තා ග්‍රාමසේවක කෙනෙක්. අම්මා ගමේ ඉස්කෝලෙ ඉතිහාසය ඉගැන්නුවා. මට අවුරුදු පහක් වැඩිමල් අයියෙක් වගේම අවුරුදු තුනක් බාල මල්ලි කෙනෙක් මට හිටියා. ඒත් උන්ට වඩා මං පෙනුමෙන් වැඩී. ලා තලෙලු වුනාට මට තිබ්බෙ පින්පාට ඇස් කියලා අම්මා නිතරම කියනවා මට මතකයි.

     අප්පච්චි නං උපන් ගෙයි රාක්ෂයෙක්. පොඩි කාලෙ නං අප්පච්චි ‘ මෙහෙ වර ‘ කිව්වත් මට හිටගෙන චූ යනවා. එච්චර මං අප්පච්චිට බයයි. අයියා බැනුම් අහන්න වරදක් නොකරපු හින්දා .. මල්ලි බැනුම් නෙවෙයි මැරුම් කෑවත් ගානක් නැති තරං ඇට්ටර හින්දා උන් දෙන්නයි අප්පච්චියි අතර පරතරය අඩු වුනත් මල්ලිට වඩා ලාමක හින්දා.. අයියට සෑහෙන බාල හින්දා අම්මගෙ හුරතලේ වෙච්ච මට ඒ දරදඩු ගති වාවන්න තරම් හයිය හිතක් තිබුණෙ නෑ. අවුරුදු දාසයක් වුනත් අප්පච්චි බොල තෝ කියල කතා කරත් මට ඇඩුනා.. හිත රිදුනා.. දවස් ගනන් හිත හිත මං දුක් වුනා.

       එහෙව් මම ගෙදරට හොරෙන් කෙල්ලෙක් එක්ක පලහිලව්වක් පටන් ගන්න තරං නිර්භීත වුන එක වෙලාවකට මටම විශ්වාස කරගන්න අමාරුයි. අහුවුනොත් පතුරු ගලවලා මිසක් අතාරින්නැති බව දැන දැන මම කළේ දැලි පිහියෙන් කිරි කන එක.

          වියාරා පොරොන්දු වුන තැන හිටියෙ නෑ. ෆෝන් එක එලියට ඇදල අරන් කෝල් එකක් දීල බැලුවෙ කෙල්ලට අමතක වුනාවත් ද කියල හිතලා. මට ඊයෙ කියන්න අමතක වුනා. වියාරා දවසම කෝස් එකකට ගිහින් හිටියෙ. ඒ ඇවිත් නිදිමතයි කියල ඩේටා ඕෆ් කරා. මේ දවස් ටිකේම අපිට මැසේජ් එකකින් කෝල් එකකින්වත් ලං වෙන්න වෙලාවක් උන්නෑ. එක්කො වියාරා බිසී නැත්තං මං බිසී.

          ” ඔබ ඇමතූ ජංගම දුරකථනය- ” කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තෙ හිතේ පොඩි තරහක් දුකකුත් එක්ක. පොරොන්දු වුණේ ටවුන් එකේ බස් ස්ටේශන් එක පිටිපස්සෙදි මුණගැහෙන්න. අපි හිටියෙ ගම් දෙකක.. ගියෙ එකම ඉස්කෝලෙට වුණත් එහා ගමට යන්න වෙනම බස් එකක යන්න ඕන. ගෙවල්වලට මාට්ටු වුණොත් අම්බානකට කන්න වෙන වග දන්න හින්දම අපි ගොඩක් පරිස්සම් වුණා.

         මම ටිකක් එහෙම ඉන්න හිතුවා. අයියා රට ගිහින් මාස දෙකයි. උගෙ බයික් එක දැන් මගෙ වගේ තමයි. අම්මලා වුනත් ඕක ඔය ලගකට අරන් ගියා කියල වැඩිය කනුකුනු ගෑවෙ නෑ. ගමේ හැම කොල්ලම තාත්තගෙ හරි අයියගෙ හරි බයික් එකක් අරන් ගමේ කරක් ගහන එක ෆැශන් එකක් වෙලා තිබුනු හින්දා අම්මලට ඒකෙ ලොකු වරදක් පෙනුනෙ නෑ.

         අඩු ගානෙ මං හෙල්මට් දැම්මා.

       හෙල්මට් එකක් අතක එල්ලගෙන පැය දෙකක් විතර ඉද්දි අව්ව සැර තදටම ඉස් මුදුනට වැදෙන්න ගත්තා. වියාරා එන පාටක් නෑ. මම බයික් එකට නැංගෙ සුන් වුන බලාපොරොත්තුවක් එක්ක. තමන් ආදරේ කරන කෙනා එක්ක මොහොතක් හරි ලං වෙලා ඉන්න තියෙනවනං.. ඒක අමුතුම සතුටක්.. ඒක නැති වුනාම හෙන මූසල හැඟීමක් ඇති වෙන්නෙ. කොටින්ම ඒක බලාපොරොත්තුවෙන් ඉදල අහිමි වෙලා ගියාම.

    මම ආපහු ගෙදර යන්න බයික් එක හරවලා ගත්තා. ඒ අස්සෙ ෆෝන් එකට ආව නොටිෆිකේශන් එකක සද්දෙට මං තව පොඩ්ඩක් නැවතුනා. සමහර විට වියාරා වෙන්න ඇති.

    නෑ. පේශල.

පේශල මගෙ බෙස්ටා.. ඌ ෆොටෝස් වගයක් එවල තිබුණා. වියාරා අපිට සෑහෙන වැඩිමල් මින්හෙක් එක්ක හොටෙල් රූම් එකකින් එලියට එන ගමන්.

‘ හුත්තො මේ අර පට්ට බැල්ලි නේද? ‘

     ඌ එවල තිබුන මැසේජ් එකට මට පොඩ්ඩක් කේන්ති ගියා. මගෙ කෙල්ලට ඒ වගේ පිට එකෙක් කතා කරන එක.. ඒත් පපුවත් ගිනිගන්න අරන් තිබුණෙ.

ෆොටෝ දෙක තුනක සිද්ධිය දෙතුන් විදියකට තිබුණා. සිද්ධිය පැහැදිලියි. මට ජීවිතේ එපා වුණා.

      පේශල එක්ක පහුවදා කතා කරද්දියි මං විස්තරේ දැනගත්තෙ හරියටම. ෆොටෝස් එවල තිබුණෙ උගෙ කලින් ඉස්කෝලෙ යාලුවෙක්. වියාරයි මමයි ෆේස්බුක් එකේ රිලේශන්ශිප් දාගෙන හැමිනුන හින්දා මුලු රටක් දන්නවා මේ කේස්. ගෙවල්වලත් ෆේස්බුක් නැති බව දන්න නිසයි එහෙම කරේ. ඒත් හිතේ අමාරුව මදිවට දැන් ලැජ්ජාවත් විදදරාගනින් කො.

    ඒ වෙද්දි අඩලම මගෙ ඇස් ඉදිමිලා තිබුණෙ. රෝමියො ජුලියට් සීන් එකේ ඉදලා රියැලිටි චෙක් පාරකට හතරහන්දි කැඩුනම සෑහෙන රිදෙනවා බං. ඒකි කෝල් පිට කෝල් ගත්තා. ඒත් මට ඒකිට කතා කරන්න උවමනාවක් තිබුන්නෑ.

        මම එදා හැන්දෑවෙත් නිදාගත්තෙ ඔලුව රිදෙනවා කියල අම්මව ශේප් කරලා. මල්ලි පකයා ඇවිත් වද දුන්න වෙලාවකට ඇරෙන්න මට නින්ද සනීපයක් වුණා. නින්ද ගියාම හිතට මොකුත් එන්නෑ. ඒත් ඇහැරල ඉන්න හැම මොහොතකම කාලකන්නි හැඟීම් ඇවිල්ලා එක්ස්තු වෙලා වෙලා ඔලුව යකාගෙ කම්මලක් කළා.

මේ කාලකන්නි හැඟීමෙන් මිදෙන්න නං වියාරාගෙන් පලිගන්න ඕන කියල හිතලා වේදනාව කේන්තියකට පෙරලගත්තම හිතට එක සහනයක් දැනුනා.

    ඊටපස්සෙ මං ඇඩුවෙ නෑ. මම වියාරාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක අස්සෙ වියාරා රූම් එකකට එක්ක ගිය මිනිහගෙ රූපෙ හෙව්වා.

  මට ඕන වුණේ උගෙන් පලිගන්න. ඒත් ඒ මූණ දැක්කම මගෙ තුන් හිතකවත් නොතිබ්බ දෙයක් සිද්ධ වුණා..

නෑ.. වියාරා එක්ක කාමර අස්සෙ රිංඟුව නාකියා නෙවෙයි. ෆේස්බුක් එක රීෆ්‍රෙශ් වෙලා අහම්බෙන් සජෙස්ට් වුනු වෙනම කොල්ලෙක්. මම දන්නෑ ඇයි කියල. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාල පොරගෙ ෆොටෝස්වලට රිංගන්න තරම් හේතුවක් එවෙලෙ මට තිබුණා..

 
– වසර 05 කට පසු –

       අවුරුදු 16 දි බදින්නම හිතන් ලං වෙලා.. අවුරුදු දා හතේදි බලහත්කාරෙන් ගෙදරින් බන්දලා දීල.. අවුරුදු 21 දි පුතෙකුත් එක්ක තනිවෙන කොල්ලෙක් ගැන අහල තියෙනවද?…

අද ඉදන් අහන්න. අකුරක් නෑර මං ඒ කතාව දන්නවා. මොකද මං ඒ කතාවෙ ජීවත් වුණා.

✨️✨️ නැවත හමුවෙමු ✨️✨️

අද ඉදන්.. ඔයාල කැමතිනම් විතරක් මම මේක ලියන්නම්.

මයුරා, හිමීට ලියන්නෙ because I have big plans for it.

ටොක්සික් වලට අමතරව.. දවසක් ඇර දවසක් මේක දෙන්න හිතනවා. රීඩස්ල ටිකක් සෙට් වුනොත් අනිවාරෙන් ලියනවා. 🤍

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 01 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 01 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 01 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 01 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 01 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 01 | light novel, ,

Comment

Leave a Reply

Chapter 1