À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 06 |

A+ A-

     මං එහෙම්ම හැරුනෙ ඒ ඇස් මගාරින්න. ඒත් කරුමෙට ඊට කලින් පොඩි එකාගෙ කට ඉස්සර වුණා.

       ” තාත්ති චූටි මාමි…?! ”

කොල්ලා කොහොම අදුනගත්තද මං දන්නෑ. ඉපදුනත් හරි දැක්කෙ අද. මම කොල්ලට මං ලග තිබ්බ ෆෝන් එක කැඩෙන්න කලින් ෆොටෝ පෙන්නුවා ඒත් අවුරුද්දකට විතර කලින්. ඒත් පොඩි එකාගෙ ඇස්වලට ඒ රූපෙ හොදටම මතක තිබුණා.

      ” චූටි අයියෙ.. තමුසෙ.. ”

කොල්ලා මං ගානට විතර උසත් ගිහින්. දැලි රැවුල නං බලහත්කාරෙන් කම්මුල්වලින් එලියට ඇදල අරන්ද මංදා.. පොඩ්ඩක් තාම ඇදිල තිබුනෙ. ඒත් මුලින් මටවත් අදුනගන්න අමාරු වුණ රූපෙ කොල්ලා ෆොටෝ එකකින් මතක තියාගත්ත හැටි මටම පුදුමයක්.

      මං ඒත් හැරිච්ච පාර නැවති නැවති ඉන්නෙ නැතුව පාර දිග වේගෙන් ඇවිදගෙන ගියෙ මට පොඩි එකාට මූණ දෙන්න හිතක් නොතිබ්බ හින්දා. උට හොද ආදර්ශ දීපු සහෝදරයෙක් නෙවෙයි මම. ලොකු අයියා ගෙදරට ගෙනාව නම්බුවත් බම්බු ගස්සපු කාලකන්නි සහෝදරයෙක් විතරයි මම. ඇරත් අම්මලත් එක්ක ඇවිත් නං.. අප්පච්චිට මූණ දෙන්න කොහෙත්ම මට පුළුවන් කමක් නෑ. මල්ලි ඇවිදින් මගෙ අතින් අල්ලලා ඇදල ගන්නකල් මං ඇවිද්දා..

       ” මොකද තමුසෙ දුවන්නෙ?! අප්පච්චිල ආවෙ නෑ. ”

    ” මත අයික්සීම් එකක් දෙන්න බැරිද? ඔවාට දෙකක්ම තියෙනවනෙ.. මාමා සීයා ගෙනාවම මං එකක් දෙන්නං ටූචි මාමිට.. ”

මල්ලි පොඩි එකා දිහ බලාගෙන ඉදියෙ ඇස් ලොකු කරගෙන. මල්ලි පොඩිකාලෙ හෙනම ඇට්ටරයා. මතක ඇති කාලෙක උගෙ ඇහෙන් කදුලක් වැටෙනවා මං දැකල නෑ.. ඒත් පොඩි එකා දැක්කම උට හීල්ලිල ඇස් තෙමිල ගියා මම දැක්කා. ඌ අතේ තිබ්බ අයිස්ක්‍රීම් දෙක මට දික් කරලා පොඩි එකාව උදුරලා අරන් තුරුල් කරගෙන ඌ මගෙන් ඈතට උස්සන් ගියෙ කොල්ලගෙ ඔලුව නැති වෙනකල් ඉබ ඉබ. මං ඉස්සරහ අඩන්න කොල්ලට ලැජ්ජ ඇති. මට දැනුනෙ මහ පව්කාර හැඟීමක්.

        ටිකකින් දෙන්නා ආපහු මං ලඟට ආවෙ පොඩි එකා අයිස්ක්‍රීම් ඉල්ලන්න ගත්ත හින්දා වෙන්නැති. අයිස් ක්‍රීම් එකක් උදුරලා අරන් කොල්ලගෙ අතේ තිබ්බා මිසක්.. කොල්ලව ආපහු මගෙ අතේ තියන අදහසක් චූටි මල්ලිගෙ තිබ්බෙ නෑ.

     මම උගුර ටිකක් පෑදුවා. ” තමුසෙ කාත් එක්කද ආවෙ?.. ගෙදරින් දන්නවද ආවා කියල? ”

     ” ලොකූයි අක්කියි එක්ක ආවෙ. අම්මල දන්නවා. ”

    ලොකූ කිව්වම මගෙ පපුව පත්තු වුණා. පොඩි එකා නම් කමන්නෑ අයියට අහුවුනොත් මාව පතුරු ගහයි. ඌ අහිංසකයි. ඒත් වැරැද්දක් කරලා අහුවුනොත් කිසිම සමාවක් නෑ උගෙන්.

    ” අක්කි?.. ”

” ලොකූ ලගදි බැන්ඳනෙ.. දැන් අක්කි ප්‍රෙග්නන්ට්.. ”

      ” ප්‍රෙග්නට් කියන්නෙ මොකද්ද තාත්තී?.. ” පොඩි එකා ඇඩ් දාද්දි තරහක් වෙනුවට ඇති වුනේ නිවීමක්. කොල්ලා අයිස්ක්‍රීම් ඇග පුරාම හලාගෙන… චූටිගෙ ඇගෙත් ගානවා. දෙන්නගෙන් එකෙක්ට ගානක් නෑ. මම චූටි මල්ලිගෙ අතට ලේන්සුවක් දුන්නෙ ඒකයි.

      ” ප්‍රෙග්නට් කියන්නෙ කැශූ නට් වගේ.. ඇට වර්ගයක්. මුටත් ඕන්නැති ලබු ඇටයක් නෑ. ” චූටි කොල්ලගෙ චූටි බන්ඩිය කිචිකැව්වෙ කම්මුල හපලා හාදුවක් තියන්න කලින්.

     ” ලොකු මාමි ලග කජු තියෙනවද? “

” මාමි නෙවෙයි පුතේ.. එයා ලොකුතාත්ති.. මං කියල දුන්නෙ මගෙ පුතාට. ” මං කොල්ලට නෑදෑකම් කියල දුන්නෙ සුදු ඇදුම්වල හිට්ට චොකලට් අයිස්ක්‍රීම් පැල්ලම් මකන්න දගලන ගමන්.

    ” එතෝට මෙයා තූචි තාත්තිද? ”

” මෙයා බාප්පි.. මැනික.. ”

    ” පාප්පි?.. ”

    ” බා.. ප්පි. බාප්පි. ”

” බාප්පි..? ” කොල්ලා චූටි දිහාට හැරිලා කම්මුල ඉම්බා. ” බාප්පි ලස්සනයි.. ඒත් තාත්ති තරං නෑ.. ”

    ” ඇච්චද?! බොට අරන් දෙන්නෑ සෙල්ලම් බඩුවක්. ”

     ” ඒ වුනාට.. බාප්පිත් නස්සනයි.. ඔයා නලක වචන කියනවනෙ.. නැත්තං දෙවියො.. ගොඩාක් නස්සන කරනවලු..”

   ” කපටිමත් නෑ. ”

   මට සිහියක් තිබ්බෙ නැත්තෙ ලොකූ කොහෙන් මතු වෙයිද කියල. මං වටපිට බලන විදිය මීටර් වෙච්ච හින්දද මංදා මල්ලි බාගෙට දියවෙච්ච අයිස්ක්‍රීම් එක උදුරල අරගන්න ගමන් උගුර පෑදුවෙ.

     ” අයියා අක්කි එක්ක රුවන්වැලි සෑය දිහාට ගියා. යං. අයියා තමුසෙට මොකුත් කියන්නෑ චූටි අයියා. ”

     ” අනේ මං යන්නං බං.. ” මං ඉන්න තත්වෙ පොඩි එකාට තේරෙන්නැති එක සාධාරණයි. හැමෝම ඉස්සරහ අපරාධකාරයෙන් වෙලා හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වුණාට පස්සෙ ඒ ඇස් ඉස්සරහට ආය යන එකට වඩා අපාය සැපයි. මගෙ අසරණකම චූටි මල්ලි දන්නෙ නෑ. ඒ කාලෙ ඒව නොතේරෙන තරං ඌ පුංචියි.

      ” අනේ මේ.. පිස්සු කෙලින්නෙපා චූටි අයියෙ. තමුසෙව අපි හෙව්වෙ නැති තැනක් නෑ. ලෑස්ති වෙයං ගෙදර යන්න. මගුල් කතා කියන්නෙපා තවත්. ”

      ” උබට පිස්සුද?! ”

” අප්පච්චි ටිකක් බැන්නා කියල උබෙ ඇගේ වදිනවද?! ලොකූ ඒ ගැන බලාගනී. මේ, යමං ගෙදර මේ පොඩි එකා අරන්. ”

    ” මහපාරෙ මැරුණත් ආය ගෙදර යන්න නං කතා කරන්නෙපා චූටි උබ මට. බැන්නට ඇගේ වදින්නෙ නැතුවට ගහනකොට ඇගේ වදිනවනෙ. ”

    ” පාරක් කාහං.. ඕක මහ දෙයක් ද? මං උදේ එද්දිත් කාල ආවෙ. ”

       ” උබ නං ගුටි වලින්ම පදම් වෙලා. ඇට්ටර පකයා… ”

     ” ඊඊඊව්… තාත්ති..! නලකම… නල…. කම… නලකයි! ඔයාගෙ කට ගද වුනොත් මට නං බෑ ඔයාගෙ ඇදේ දොයියන්න හොදද?! ”

      ” අප්පද බොල.. ”

” ඔවා හින්දා තාත්ති නලක වෙනවා නං .. ආය තාත්තිට කතා කලන්න දෙන්නෑ හාද මම?!. ”

     මායුර් චූටි මල්ලිගෙ අතින් පනින්න දගලද්දි මම වඩාගත්තම කොල්ලා චූටිට දබරැගිල්ලත් දික් කරලා රවලා මගෙ බෙල්ල අස්සෙ ඔලුව ගහගත්තා.

     ” දැඩි රෙගුලාසි.. යසයි.. පං ගොකයට ඔහොම වෙලා මදි.. ” මල්ලි මට කින්ඩිය දාද්දි කොල්ලා ආය හැරිල රවලා මං දිහා බැලුවා.

    ” එයා නලක වචනද කියන්නෙ තාත්ති? ”

   ” නෑ පුතේ.. නෑ. චූටි බාප්පි ජපන් ඉගෙනගන්නවනෙ.. ”

     ” ජපම්? ”

” ඕ.. ජපන්. ”

    කොල්ලා ආය ඔලුව බෙල්ලෙ ගහගත්තෙ දැන් නං නිදිමතක් ඇවිත් ද මංදා.. මල්ලි ආපහු වඩාගන්න කොච්චර දැගලුවත් ගියෙ නෑ. ටිකකින් බෙල්ල අස්සෙ නහය ගහගෙන නින්ද ගියා.

     ” චූටි අයියෙ ගෙදර යමං හා ද? ”

මල්ලි ආය පාරක් පෙරැත්ත කරද්දි මම කරබාගත්තා විතරයි. වසන්තෙ අයියා තාම අර අයිස්ක්‍රීම් පෝලමේ ඔට්ටු වෙනවා දකිද්දි මට තරහකුත් ආවා. ඉක්මනට ආව නං අයියා එන්න කලින් මෙතනින් කැපෙන්න තිබ්බා. කොල්ලටත් නින්ද ගිහින්. කකුල්වලට දැනෙන බර දැන් ඉස්සරට වඩා වැඩියි.. දරුවා ලොකු වෙලා මං දන්නෙම නැතුව.

    ” යං ගෙදර.. ”

” මට බෑ බං.. ” මං මල්ලිට ටිකක් සැර කලා..

   ඒත් ඌ උපතින්ම ඇට්ටරයි..

    ” උබ කොහෙද ඉන්නෙ?! අරකි නං ආය බැදලා නේද? වෙන මිනිහෙක් එක්ක ශොපින් මෝල් එක්ක ඉදල මට මූණට මුණගැහුනා. මං ඒකිව ෆලෝ ත් කරා උබ ඉන්න තැනක් දැනගන්න. ඒත් ඒකි අර මිනිහගෙ ගෙදර ඉන්නෙ කියල පස්සෙ ආරංචි වුනා. ”

     ” මං නුවර ඉන්නෙ.. ” මට වියාරා ගැන අහන්න උවමනාවක් තිබුන්නෑ. දැන් ඒකිගෙ මතකෙත් මාව හිරිවැට්ටුවා. මගෙ දරු පැටියා දවසක උදුරගෙන යන්න එන්න ඉඩ තියෙන රාස්සියක් වගේ විතරයි දැන් ඒකි මට දැනෙන්නෙ.. ඒකිට දරු කැක්කුමක් නැති එක ගැන මම සතුටු වුනේ හදවතින් ම. නැත්තං මට මගෙ මොනර පැටියත් නෑ අද..

     අනික මල්ලිට මම බොරුවක් කිව්වෙ..

මට ගෙදර හැමෝම ඕනා.. ඒත් අප්පච්චිගෙ හුලගක් වත් ආය වදින්න මට උවමනාවක් තිබුන්නෑ. ඒක තරහකට වඩා ලැජ්ජාවක් බයක් එක්ක මුහුවෙච්ච එක අසරණකමක්.

   කවුරුහරි මගෙ උරහිසක අත තියද්දි මං හිතුවෙ වසන්තෙ අයියා කියල. ඒත් ලොකූ මං ඉස්සරහ හිටගෙන ඉන්නෙ කියල දැක්කම මට උන්හිටි තැන් අමතක වෙලා කාපුවත් හෝස් ගාල ගියා.

   ලොකූගෙ අතක එල්ලිල ඉදියෙ ලස්සන අක්කා කෙනෙක්. එයාගෙ අහිංසක පාටක් තිබුනා. බඩට යටින් අතක් තියාගෙන හිටියත් තාම බඩ එහෙම ඉස්සරහට ඇවිත්වත් තිබුනෙ නෑ පේන්න. ඒත් ඒ මව් සෙනෙහස වෙන්නැති.. වියාරා නොදැන ඉදපු මව් සෙනෙහස මගෙ නෑනා දන්නවනම් ඒ දරු පැටියා හරි වාසනාවන්ත වෙයි..

    මට චූටි ගැන දැනුනෙ තරහක්.. මෙච්චර ලගට ලොකු අයියා එනකල් ඌ නොදැක ඉන්න විදියක් නෑ. ඌ මාව කතාවට අල්ලගෙන ඉන්නත් ඇත්තෙ ලොකූ මාව අතටම අල්ලගන්නකල්. මට දැනුනෙ මද්දකට අහුවුනා වගේ එකක්. දරුවා අරන් මම දුවන්න කියලද?

      ලොකූ මං දිහා බලාගෙන හිටියා ටිකක් වෙලා. මං බිම බලාගත්තෙ මූණ දෙන්න බැරිකමට. උන්ට මාව හිරිකිත ඇති.

   ඒ අස්සෙ වසන්තෙ අයියා අයිස්ක්‍රීම් තුනකුත් උස්සගෙන අපි ඉන්න තැනට ආවෙ කරුමෙට.

     ” පොඩි එකා නිදාගත්තද?… ”

මං ඉන්න තත්වෙ තේරුම් යන්න වසන්තෙ අයියට ටික වෙලාවක් ගියා. ලොකූ වසන්තෙ අයියා දිහා බලලා මට රැව්ව රැවිල්ලට හිතාගන්න පුළුවන් ලොකූ හිතපු දේ..

      මගෙ අතින් දරුවා උදුරල අරන් චූටි අතට දුන්න ලොකූ මගෙ මැනික්කටුවෙන් අල්ලගත්තා. වසන්තෙ අයියට මොකුත් කියාගන්නවත් ලැබුන්නෑ ලොකූ මාවත් ඇදගෙන පිටවීමේ දොරටු හොයාගෙන යද්දි…

      ලොකු අයියා මං දන්න කාලෙ ඉදියෙ කොළඹ කැම්පස් එකේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ.  පොර අලුත්ම කාර් එකක් එහෙම අරන් තිබුනෙ ඉන්ජිනිය’ කෙනෙක් වෙන්න ඇති දැන්. මට ලොකූ ගැන සතුටුයි. පොඩි එකාත් මගෙ පාරෙ නැතුව ඒ පාරෙ යනවනං කොච්චර එකක්ද?

    අයියට කටක් ඇරල මොකුත් කියාගන්න ශක්තියක් මට තිබුන්නෑ. වසන්තෙ අයියා අරෙහෙ රුවන්වැලි සෑයෙ අතෑරල දාල අතේ හුතේ නැති මාවයි දරුවයි ඇදගෙන ලොකූ යන්නෙ ගෙදරම ඇදගෙන යන්න වෙන්නැති. මාව වාහනේ ලගට තල්ලු කරලා ලොකූ කිව්වෙ මෙච්චරයි.

     ” නැගහං.. ”

මං කිව්ව දේ කරේ එක වචනයක් තියා ඇහිබැමක් නොවුස්සා. මට මේ සෙනඟ ගොඩක ලොකූට අප්පච්චි වැහෙනවා විදින්න ඕන්නෑ.

   පොඩි එකා වඩාගෙන පිටිපස්සෙ සීට් එකට මල්ලිත් නැගල වාඩි වුනා. අක්කා  පැසෙන්ජ’ සීට් එකට නැග්ගම අයියා ඩ්‍රයිව’ස් සීට් එක අයිති කරගත්තා.

             පූජා නගරෙන් පිට වෙලා ටික දුරක් යනකල් කවුරුත් කතා කළේ නෑ. අක්කත් අන්දුන්කුන්දුන් වෙලා විඩින් විඩේ අයියා දිහා බැලුවට මොකුත් කිව්වෙ නෑ. සහෝදර ප්‍රශ්නවලට කට දාන්න එයාට හිතෙන්න නැතුවැති.

   
        ” උබට ලැජ්ජාවක් තියා.. හිරිකිතක් අප්පිරියාවක් දැනෙන්නෙ නැද්ද සුදූ?! ” අයියා මුල පිරුවෙම රිදෙනම ආයුධ අතට අරන්.

      ” අයියෙ අක්කිත් ඉන්නවා. කට වහනවකො ඕයි.. ” චූටි මැදින් පැන්නෙ දැන් රන්ඩුවක් ඇති වුනොත් මාව ගෙදර ඇදගෙන යන්න බැරි වෙයි කියන බයට වෙන්නැති.

      ” විමංසි ඉදපුදෙන්. ඒකි මගෙ ගෑනිනෙ. ඒකි උබලගෙ අක්කා. උබලගෙ කෙරුවාවල් ඒකිත් දැනගන්න ඕන. ”

      ” මොකද්ද ඉතින් කෙරුවාව? ”

     ” කෙරුවාව සේරම මම අක්කට කියල තියෙන්නෙ. දැන් යන අලුත් කෙරුවාව මොකද්ද කියල තමයි දැන් මං විසදගන්න දගලන්නෙ! ”

      ” මොකද්ද ඉතින් අලුත් කෙරුවාව?! ”

    ” උබ කට වහපං. කතා කරන්නෙ මායි චූටි අයියයි. ”

     ” අනේ හලෝ.. චූටි අයියා අවුරුදු කීයකින්ද දැක්කෙ? ගෙදර යනකල්වත් ඉවසන් ඉන්නවකො මරාගෙන  කන්න හදන්න එපා. ”

      ” අවුරුදු කීයකින් දැක්කත් හැදිල නෑනෙ. හැදිල කෙසේවෙතත් ගෑනියක් උනානං තව දුසිමක් හදාගෙන. එකක් නෙවෙයි. පෙර පිනකට අහවල් එකක් නැතුව ඉපදුනේ. ”

     ” කුනුහරුප කියන්නෙ තමුසෙගෙ වයිෆ් ඉස්සරහ.. ලැජ්ජ නැද්ද ඕයි.. ”

    ” තොට මං කිව්වා කට වහගෙන පැත්තකට වෙයං කියල චූටි! ” අයියා ගෙරෙව්ව පාර පොඩි එකා කට පියාගත්තා. දැන් ඉතින් මට මා පමණයි.

    

       ” මං අහන්නෙ.. අර මිනිහා උබෙ තාත්තා වගේ කියලවත් දැනෙන්නෙ නැද්ද සුදූ?!.. විලිසංගයක් නැතුව නාකි පකවල් උරල ලොකු කරන්නද තොපි වේසකමේ නටල ළමයි හැදුවෙ?! මං හිතුවා එදා කාපු පාරවල්වලින්ම හැදිල ඇති කියල.  හැදිලා.. හැදිල ලොකුවටම හැදිලා.. ”

      ” එහෙම රෙද්දක් නෑ ලොකූ.. ” මට දැනනෙ මාරම අසරණකමක්. කතා කරගන්නවත් පන තිබුණෙ නෑ. ඒත් ලොකූ මං කියන එක වචනයක් පිලිගන්නෙ නැති එක සාධාරණ වෙන්න තරම් මගෙ පෙර වැරදි ප්‍රභලයි. මට බොරුකාරයෙකුත් වෙන්න හිත දුන්නෑ පලවෙනි වතාවට දැක්ක මගෙ නෑනා ත් ඉස්සරහ..

      ” එහෙම රෙද්දක් නැත්තං මොන පකටද තොට ඌ අයිස්ක්‍රීම් කවන්නෙ?! මේ උබෙ දරුවා. උබට අරන් දෙන්න බැරි නං ඌ අඩපුදෙන්. පිට පකයලගෙ අයිස්ක්‍රීම් පොඩි දරුවට කවන්න තොට ලැජ්ජ හිතෙන්නැද්ද? අයිස්ක්‍රීම් එක වෙනුවට උගෙන් ආපිට මොනවා බලාගෙන ඕව කරනවද කියල උබ දන්නවද?! උබට මොකද ඉතින්. හොදට සැරට පාර වදිනවනං එච්චර ඇති. දරුවට උන් අතින් මොනවා වුනත් තොටවත් තොගෙ ගෑනිටවත් ගානක් නෑ. නොදන්නාකමට ළමයි හදන්න එපා බං. උබලට වගකීමක් ගන්න බැරිනං ළමයි මේ ලෝකෙට ගෙනත් දාල නිකන් දුක් දෙන්න එපා ඒ අහිංසක මල් වලට. මොන හිතකින්ද තෝ.. අර දරු පැටියගෙ මූණ බල බල නාකි තිරිසන්නු එක්ක ඌත් තුරුල් කරන් රස්තියාදු ගහන්නෙ?! තොටත් මොනාහරි කරලා මරල දාල ඌත් විනාශ කරල දැම්මම සාක්ශි දෙන්නවත් එකෙක් නැති වෙයි අන්තිමට. ඕව ගෙවන්න පුළුවන් පව් ද බල්ලො?! ගෙවල ඉවර කරන්න හිතන් ද උබ ඕව කරන්නෙ?… ”

    කොච්චර බලු බැනුම් ඇහුවත් මට ඒව සාධාරණයි වගේ හිතුන හින්දා මං එක වචනෙකින් මාව සුද්ද කරන්න ගියෙ නෑ. මට දැනුනෙ ඒ ඔක්කොම වචනයක් ගානෙ සාධාරණයි වගේ. ඇයි මට අයියට වගේ මොලයක් පිහිටියෙ නැත්තෙ?.. ඌ උගෙ පවුල කොච්චර ලස්සනට බලාගනීද? දැන් උට ජොබ් එකක් තියෙනවා.. සමහර විට අක්කටත් ජොබ් එකක් ඇති. වාහනයක් තියෙනව. ගෙයක් දොරක් හදාගන්නවා කියන්නෙ මහ දෙයක් නෙවෙයි. ලස්සනට වෙඩින් එකක් අරන් එක වහලක් යටට වෙන්න ඇත්තෙ මුලු අනාගතේම ප්ලෑන් කරලා..

   ඒකට මම.. අනාගතේ ප්ලෑන් කරන්න තියා හරියට කෙලින් වෙන්නත් කලින් ආයුධ අතට ගත්තා මිසක්.. ඉන් එහා මොනාද මං කරගත්තෙ? දැන් දුක් විදින්නෙ මං විතරක් නම් කමන්නෑ.. ඒත් මගෙ දරු පැටියා. ඒ අසරණයා නේද මගෙ පව් ගෙවන්නෙ?..

     ” පව් විහඟු.. ඕක නවත්තන්න දැන්. ගෙදර ගිහින් මොනාහරි කතා කරමු… ප්ලීස්.. ” අක්කගෙ වචනවල සැහැල්ලුව.. අදරණිය බව.. අයියා හැම අතින්ම දිනපු මනුස්සයෙක්. මම වගේ කැරලි ගැහිච්ච කොන්ඩෙට වශී වෙනවට වඩා අයියා බලන්න ඇත්තෙ ගතිගුන. අයියගෙ ජීවිතේ ලස්සන වෙන්න හේතුව අයියම හොයාගත්තා.. මගෙ ජීවිතේ කාලකන්නි වෙන හේතුවත් මං හදාගත්තා. මේව අපේම තේරීම් කියල දැනෙද්දි… කාලය හරවන්න තිබුනනම් කියල මෝඩ ප්‍රාර්ථනාවක් මගෙ හිතට ගොඩ වුණා..

     මගෙ දරු පැටියා විතරයි මේ හැමදේකින්ම මම ලබපු හොදම දේ. ඒත් ආය අතිතෙට යන්න තිබ්බනම්.. මම අවුරුදු 16 දි උට තාත්තෙක් නොවී හරිහමන් වයස ආවම හරිහමන් අම්මෙක් තෝරගෙන උට තාත්තෙක් වෙන්න ඉඩ තිබුනා.

    ඒත් අවුරුදු දාසය පහු වෙන්න කලින් මම දරුවට අම්මෙක් හොයා නොගත්තා නම්.. ඊට පස්සෙ අම්මෙක් ම හොයාගන්න ඉඩක් තිබුනද?

ඒක නං අභිරහසක් ම වුණේ සමහර සිද්ධි ඊට පරස්පර අදහස් ඉදිරිපත් කරද්දි…

නැවත හමුවෙමු

🦢

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 06 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 06 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 06 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 06 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 06 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 06 | light novel, ,

Comment

Leave a Reply

Chapter 6