À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 11 |

A+ A-

” බාබුං තියෙනවා… පාප්පු තියෙනවා.. සැම්මො ඉන්නවා.. මැම්මුං තියෙනවා.. මගෙ පුතා ඔන්න.. තාත්ති අතින් හම්බු කටක් කන්නලු යන්නේ.. ”

ගෙදර ආව වෙලේ ඉදලා චූටි එකා බුම්මගෙන ඇදේ වැටිල ඉන්නවා. බය හිතුන හින්දා මම උණත් බැලුවා. උණ නං නෑ.. ඒත් මං වඩාගන්න හැදුවත් අනිත් පැත්ත පෙරලිලා එයාගෙ සෙල්ලං හාවෙක් බදාගෙන බුම්මගත්තා විතරයි..

මං අනපු බත් එක පැත්තක තියලා තනි අතින් දරුවගෙ කම්මුල අතගෑවා..

” අනේ ඇයි මැනික?… ”

” …….. ” කොල්ලා කතා කරන්නෙත් නෑ මං එක්ක. කාව්‍යා මිස් කියපු වචන මට මතක් වුණා.

” අලුත් කෝලෙ ආස නැද්ද මගෙ මැනික?.. ”

” …. ” කෝලෙ මතක් කරා විතරයි කොල්ලා කනු කුනු ගාගෙන අඩන්න ගත්තා. ඔච්චර වෙලා මං ලගට නාව කොල්ලා මගෙ කමිස අතේ එල්ලිලා මගෙ ඔඩොක්කුවට නැගලා පපුවට ගුලි වෙලා හීන් සද්දෙන් අඩන්න වුනා.

” චූටි බබාලා ඉතින්.. කෝලෙ යන්න ඕනනෙ මැනික.. නැත්තං කෝමද ඩොකු වෙලා හොද ඩොක්ට මාමෙක් වෙන්නෙ? ”

” ඩොට්ට මාමා වෙන්න මං ආත නෑ.. ”

කොල්ලා කීවෙ හරි දුකෙන්..

” එහෙනං පුතා ආස කවුරු වෙන්නද? ”

” ආත තාත්තියක් වෙන්න.. ”

හරිනෙ.. අප්පා කරපු දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙද මොකීගෙද පුතා කිව්වලුනෙ..

” තාත්තියක් වෙන්න කලින් බබාලට හබුං අරන් දෙන විදියක් හදාගෙන ඉන්න එපැයි මැනික… ”

” කඩේ හබුං තියෙනවනෙ තාත්ති.. ”

” කඩෙන් නිකන් දෙන්නෑනෙ. සල්ලි තියෙන්න ඕනනෙ.. “

” තාත්තිගෙ තාක්කුවේ කොළපාත සල්ලියක් අරන් ගම්මු.. ”

” තාත්තිගෙ සාක්කුවට මැවිල එනවනෙ.. “

” ඔයා සුරංගනා තාත්තියෙක් හින්දා?.. ”

” ඔව් නේ.. ”

මේ පොඩි එකාගෙ ඔලුවට සල්ලි දාන්න මට හිත දුන්නැති හින්දා මං එහෙම්ම ඒ කතාවට තිත තිබ්බා. මට ඕන වුණේ දරුවා ඩේ කෙයා එකේ ඉන්න අකමැති හේතුව හොයාගන්න.

” මැනික.. ඇයි ඔයා කෝලෙ යන්න ආස නැද්ද?.. ”

” …. ” මූණ පුලුටු වුණා.. තොල් අනිත්පැත්ත පෙරලුනා. ඇස්වල ආපහු කදුලු පිරුණා. කොල්ලගෙ ඔලුව දෙපැත්තට වැනුණෙ මහා දුකකින්..

” ඇයි රත්තරං?.. ටීච බය හිතෙන එක්කෙනෙක්ද?.. ”

” ටීත හොදායි.. මත.. වදාගෙන උම්මියකුත් දුන්නා. ”

” එහෙනං?.. යාලුවො ඔයාට බැන්නද?.. ”

” එක්කෙනෙක් නං… මත ගැව්වා. ඒත් මාත් ගැව්වා.. ”

” අනේ.. එහෙම ගහන්නෑ නෙ හොද බබාලා.. ”

” එයා මත ගැව්ව හින්දනෙ.. විකූ මහා.. නෝටියි.. ”

” විකූ නෝටි වුනාට මගෙ මොනර පැටියා නෝටි නෑ නෙ.. ”

” මොනල පැතියා.. නෝටී.. ”

” නෝටි වෙන්නෙ නරක පැටව්නෙ මැනික.. විකූ ආය ඔයාට ගැහුවොත් ටීචට කියන්න. ටීචට කියල බැරිනං තාත්තිට කියන්න ”

” තාත්ති ඉත්පයිඩ මෑන් වෙලා.. කෝලෙ ඇවිත් විකූ වහලෙත දානවද? ”

” තාත්ති දැන් ස්පයිඩමෑන් තමා.. තාත්ති ලොකූ ගෙයක.. උඩ..ම තට්ටුවෙ වැඩ කරන්නෙ. ඒත් චූටි බබාලට එහෙම කරොත් මට පව් පිරෙයි නෙ.. මං විකූගෙ අම්මට කියන්නං මගෙ මොනර පැටියට ගහන්න එපා කියන්න කියල.. ”

කොල්ලා මගෙ පපුව මැදින් ඔලුව තියාගත්තා. චූටි පපුව පිරෙන හුස්මක් අරන් පිට කරලා මගෙ පපුවට මූණ එබුවා.

” විකූට අම්මියක් හිටියට.. මත අම්මියක් නැත්තෙ ඇයි තාත්තී?… ”

මගෙ පපුව ඒ වචන ගින්දර සැරක් වාගෙ දැව්වා. මගෙ දරුවා සමාජෙට වැටුන දාක මේ ප්‍රශ්නෙ උඩ එයි කියල මම දැනගෙන හිටියා. ඒත් තාම මං ඒකට උත්තර දෙන්න සූදානම් වෙලා හිටියෙ නෑ. මගෙ මොනර පැටියා මෙච්චර ඉක්මනට ලොකු වෙයි කියල මම දැනන් හිටියෙ නෑ.

මම කොල්ලව බදාගත්තා.. ඇස් කමිස අතේ පිහදගත්තෙ මේක අඩන්න කාරණාවක් කියල දරුවට ඒත්තු ගියොත් මගෙ පපුවට වාවන එකක් නැති හින්දා..

” තාත්ති මොනර පැටියට අම්මිලා දාහකට වඩා ආදරේ හින්දනෙ මගෙ රත්තරං… ”

” තාත්ති ද මගෙ අම්මි?.. ”

” මං ඔයාගෙ අම්මි.. මං ඔයාගෙ තාත්ති මොනර පැටියො.. මං ඔයාගෙ හොදම යාලුවා.. මං ඔයාගෙ චූටි අයියා.. මං මගෙ මොනර පැටියගෙ මුලු ලෝකෙම. මොනර පැටියට තාත්ති ඒ තරං ආදරෙයි. මුලු ලෝකෙම ආදරේ එකට එකතු කරලා… තාත්ති පපුව අස්සෙ හංගගෙන.. මගෙ මොනර පැටියට ඒ ආදරෙන් වශී කරලා හැමදාම රෑට තොත්තු දෙන්නෙ.. ඔයාට ඒ තොත්තුවල හංගපු ආදරේ දැනෙන්නෙ නැද්ද මගෙ මැනික? ”

” මැජික් එකක් ද තාත්ති ආඩලේ? ”

” ආදරේ මැජික් එකක් තමා මගෙ මැනික.. අම්මියි තාත්තියි දෙන්නෙක් හිටියත්.. එක අම්මියෙක් හිටියත්.. එක තාත්තියෙක් හිටියත්.. අම්මිල දෙන්නෙක් හිටියත්… තාත්තිල දෙන්නෙක් හිටියත්… දෙන්නම නොහිටියත්… ආදරේ කියන මැජික් එක බබාලව හැමදාම පරිස්සම් කරනවා. ඒක ඉපදෙන්නෙ බබාලගෙ මේ.. චූටි හිත්වල.. අපිට පුළුවන් තොත්තුවල තියලා ඒ ආදරේ මතුකරගන්න එක විතරයි.. මැනික් ගරනවා වගේ.. ඊටපස්සෙ අපි ඒ මැනික් අපේ හිත්වල හංගලා පරිස්සම් කරනවා.. බබාලගෙ කකුල් චූටි නිසා උස්සන් ඉන්න අමාරුනේ.. ”

” දෙන්නම නැත්තං.. ආදරේ මැනික් කලන්නෙ කවුද තාත්ති?.. ”

” බබාගෙ හිත ගොඩාක් ශක්තිමත් නම්.. අම්මියි තාත්තියි නැති වුණත් තනියෙන් ආදරේ මැනික් ගරන්න බබාලට පුළුවන් මැනික.. අම්මියි තාත්තියි දෙන්නෙක් හිටියත් කරන්නෙ ඒ මැනික් කෑලි දෙකක් කරලා හිත්වල හංගගන්න එක නෙ.. තනියෙන් මට පොඩ්ඩක් බර වැඩී.. ඒත් මැනික් නෙ.. ”

” එතකොත… බබා කකුල් තූචි හින්දා බර වැඩිනම්..? ”

” හඳ මාමිට දුන්නොත් එයා තියාගන්නවා. ”

මූ එක්ක කතා කරලා බේරෙයි මම..

” තාත්ති ඉන්න හින්දා.. මත අම්මියෙක් ඕන්නෑ ඒනම්.. ඔයාත බල වැදිනම්.. මං චූත්ටක් වෙලා අල්ලන් ඉන්නම්.. මැනික් ලස්සනද තාත්තී? “

” ලස්සනම ලස්සනයි… තාත්තිට මැනික බර වැඩි නෑ රත්තරං.. ”

” මත කෝලෙ ගියාම.. තාත්ති හැමඑලේම.. මතක් වෙනවා.. එතකොත මට දුක හිතෙනවානෙ තාත්ති… “

” බබා දැන් චුට්ටක් ලොකු හින්දා තාත්ති මැනික පරිස්සම් කරන්නත් එපැයි දවල්ට.. බබාල කෝලෙ ගියෙ නැත්තං මැනික චූටි වෙනවනෙ.. ”

” චූති වෙනවනම් හොදයිනෙ.. එතෝට බර නෑ නෙ.. ”

” මැනික වටින්න බර වෙන්නෝන සුදු බේබි.. ”

” à·„à·’à·„à·’.. තුදු බේබිලු.. ”

” ඉතින් ඔයා සුදුයිනෙ.. ”

” ඔයා නං ගුරු පාට වෙලා.. මේ.. ”

” අව්වෙ වැඩ කරද්දි ගුරු පාට වෙනවා.. ඒත් ගුරු පාට වුනාමත් තාත්ති ලස්සනයි නේ? මේ?.. ”

” ම්ම්.. තාත්ති ගොඩාලියක් නස්සනයි… ”

” ආහ්.. දැන් හම්බං කමු.. ”

” ම් හ්ම්.. ” කොල්ලා ආය කන්කෙදිරි ගාන්න ගත්තා. ” හම්බං සැලයි! ”

” සැර නෑ දෙයියො.. තාත්ති සැම්මව හෝදලත් ගෙනාවෙ.. ”

” පාප්පු සැලයි! ”

” ආ.. ඒනං සැම්මා එක්ක කමුකො.. ”

” මැම්මුං සැලයි.. ”

” මැම්මුං සැරට හැදුවෙ නෑ.. ඉතින් මොනර පැටියා ලස්සන වෙන්න මැම්මුං කන්නෝන .. මං ඊයෙ කියල දුන්නනෙ.. මොනර බබා ලස්සන වුන කතන්දරේ.. මතකද? ”

” මැම්මුං තිත්තයිනෙ තාත්ති.. ”

” තිත්ත නෑ අප්පා.. චුට්ටක් කාල බලන්නකො.. ”

” එහෙනං මං හෙතත්… තූති අක්කි එක්ක එහෙ ඉන්නද? ”

” කෝලෙ නොයා? “

” කෝලෙ කැතයි.. ”

” අනේ මැනික.. චූටි අක්කිත් හෙට ලොකු කෝලෙ යනවනෙ.. නිවාඩු ඉවරයිනෙ රත්තරං අක්කිට.. අක්කි නැතුව නැන්දම්මා එක්ක ඉන්න මැනික ආස නෑනෙ..”

” මාත් ඩොකු කෝලෙ යන්නං.. ”

” ඔයා තාම චූටිනෙ.. හම්බං කෑවොත් මම.. ලස්සනම ලස්සන නෙලුම් පැළයක් මැනිකට ගෙනල්ලා දෙනවා. ”

” කොඑඩ ඒව තියෙන්නෙ තාත්ති? ”

” මං දැක්කා අද… මල් විකුනන නැන්දෙක්ගෙ කඩේක තියෙනවා… ලස්සනේ බෑ මැනික.. හෙට කෝලෙ ඇරිල එද්දි අරන් දෙන්නං රත්තරං ට.. හාද? ”

” තාත්ති කුක්කු එකක් ඇති මොනල පැටියත.. ”

” නෑ නෑ.. රෑට හබුම් කන්නෝන. නැත්තං බන්ඩියෙ හප්පො හැදිල බංඩි ගෙඩිය සිදෙද්දි පව් මගෙ මොනර පැටියා. ”

” ම්ම්හ්ම්හ්ම්! ”

” හම්බුං දහයයි.. ”

” දහයම දහයද?.. ”

” ඔව් හලෝ..දහයම දහයයි.. ”

කොල්ලට බත් කවන යුද්ධෙ ඉවර වුණේ කොල්ලා පපුවට හේත්තු වෙලා නිදිකිරා වැටෙන්න ගත්තම… දෙයියනේ.. මේ පොඩි එකා දවස තිස්සෙම කවුරුහරි ලඟ තියන එක දැනටම මට දඩුවමක් වෙලා.. පව් අප්පා.. ඌත් කරුමෙකට ඇදල දාල මාත් විඳවනවා.

ඇගේ ඇටකෝටු ඇවිදිද්දිත් කටස් කටස් ගාල පනින තරං මං තැලිල.. මහන්සි කොච්චර ද කියනවනම් හුස්ම ගන්න එකත් මාව වෙහෙසුවා.. මමත් තනිකම පාලුව කාන්සිය එක්ක අනලා බත් කටවල් පහ හයක් බඩට දාගෙන නාන කාමරේට රිංගල ඇගපත හෝදලා ඇවිත් කෙලින්ම වැටුණෙ ඇදට.. ඇග සේදුනාට පස්සෙ ටිකක් මහන්සිය හේදිල ගිහින් තිව්නා.

ඒත් මහන්සි වැඩිකමටද මංදා නින්දක් වත් අහලකට ආවෙ නෑ.

ඒ වෙනුවට අතීත මතක හිත හාරගෙන වැලලිල තිබ්බ තැන්වලින් එලිබහින්න පටන්ගත්තෙ මිනී වලවල් බිඳගෙන එන සොම්බි වාගෙ.

‘ ආ.. ඇරහං කට.. වට්ටක්කා මාලුයි.. පොල් සම්බෝලයි… පපඩං දෙකයි මිරිස් කරල් පහයි.. ‘

‘ කන්න පුළුවන් ද? ‘

‘ අනේ මේ.. ලොකුකම නං උයාගෙන කාහං.. ‘

‘ කටේ සද්දෙ වැඩී…’

‘ සද්දෙ අඩුකරන්න කැඩිච්ච අඩුබඩු හදාගෙන ඉදහංකො… සද්දෙ අඩු කරන්න..! ‘

‘ කැඩිච්ච අඩු හැදිද්දෙං කො.. මළයගෙ කැඩෙන්න ඕනා සෑහෙන දේවල් තියෙනවා මං අතින්.. එකක් විතරයි ඔය හැකර කට.. ‘

‘ අනික? ‘

අනික ඌ කියන්නෑ කිව්වා… නොකිව්වට මට ඒක කඩාගන්න පුදුම තදියමක් තිබුණෙ ඌ අතින්.. උගෙ අත්වල දාංගලේට හුරතල් වෙච්ච මම.. අද නාකියෙක් වාගෙ පාරෙ යන කපල් දිහා වපරෙට බලන්නෙ උන් ඒව කලේ මට සමච්චලේට කියල හිතිච්ච ගානට.

මට නින්දක් ආවෙ නෑ.. මතක මාව මුලු රෑම අතීතෙ අයිති නැති වතුවල කටුකම්බි උඩින් ඇදගෙන ගිහින් තන්හාව ඇවිස්සුවා.. හිත පෑරුවා. ඉවසුවා නං සින්නක්කර අයිතිය උරුමෙන්ම ලැබෙන්න තිබ්බ ඉඩම්වලට මං ගහපු හොර ඔප්පු තැන් තැන්වල හලලා මඩගොඩවල තෙමුවා..

ᯓᡣ𐭩

උදේ පොඩි එකාව අන්දගෙන පාරට එද්දි හොදටම වැස්ස. වසන්තෙ අයියා ගිහින් තිබුනා කොටියාකුඹුරෙ මළගෙදරක. අද පිහිටට හිටියෙ පොදු ප්‍රවාහනය.

රුපියල් හැටක් අතේ ගුලි කරගෙන.. කොල්ලවත් වඩාගෙන.. එක අතකින් කුඩයක් අල්ලගෙන හතයි කාලෙ බස් එක අල්ලන්න තකහනියක් හන්දියට දුවන මං කඩුල්ල පනිනකොටම වාගෙ ඉස්සරහට හම්බුණේ අල්ලපු ගෙදර කාවිංගයා.. උගෙ අතේ තිබ්බ යකඩ පොල්ල දැක්කම.. ඌ හිතාමතා මගෙ මග හරස් කෙරුවම මම දැනගත්තා මොකාටද එන්න හදන්නෙ කියල.

එදා ඌ තනියෙන් ගුටි කෑවට.. අද උගෙ හයේ හතරෙ මස්සිනා ඌ පැත්තකින් හිටියා..

” තාත්ති කෝතු මල්ල ගන්න බැරි වුණා.. අනේ කෝචු මල්ල!! ” කොල්ලා ඒ අස්සෙ කන්කෙදිරි ගෑවෙ ගේ දිහාට ඇදි ඇදී ඇගිල්ලත් දික් කරගෙන. මට බය හිතුණෙ මං අතෙ පොඩි එකා ඉදපු එක..

” මූ ද ඩෑල් එක? ” මස්සිනා ඇහුවෙ අතේ හිරි අරින අස්සෙ.. මාත් අරින්නෑ මරාගෙන මැරුණත්. මගෙ දරු පැටියට පාරක් වැදෙයි කියන බය විතරයි මට තිබ්බෙ..

කාවිංගයා ඔලුව එක පාරක් ඉස්සුවෙ මාව කන්න තරං වෛරෙන් තාමත්. උගෙ මස්සිනා මැර සීන් එකේ ඉන්න පොරක් කියන එක ලේන් එකේ ප්‍රසිද්ධයි. උන්ට ගිය රට. දරුවා වැස්සෙ බිම දාන්න මට පුළුවන් වුනානම්..!

කාවිංගයා මගෙ පපුවට අත තියලා තල්ලු කරා. කොල්ලා ඌ පැත්ත බලලා රවනවා මං බලාගෙන..

” චල්ලු කලන්න හොද නෑ ඔවා දන්නැද්ද?! නෝටි!-”

” කට වහපං පොඩි පකයා..!! “

පර බල්ලා මගෙ දරුවගෙ කම්මුලට ගැහුවෙ.. කොල්ලා කෑගහල අඩන්න ගත්තෙ මගෙ ඉවසීම නැත්තට නැති කරලා.. ආපහු ගෙට දුවලා කොලුපැටියා ගේ ඇතුලෙන් තියල දොර වහල එන ගමන මගෙ අතට අහු වුණේ උදලු බන්ද.

ඇත්තමයි එදා කොටලා මරනවා හුත්තිගෙ පුතාල දෙන්නව… මට මැරෙනවා තියා මාරයාවත් පෙනුන්නෑ. උදැල්ල අරන් මං එන වේගෙට රා කල දාහක් පෙව්ව නාලාගිරියා මතක් වෙන්නැති පකයල දෙන්නට.. යකඩ බටේ බිම දාල කාවිංගයා නං පාරෙ මැදක් දිව්වා. මස්සිනාටත් දෙයියො බුදුන් සිහිවුණ විත්තිය වෙව්ලපු විදියට මං දැගනත්තා..

මට සිහියක් පතක් දැනුන්නෑ.. වටපිටාව පෙනුන්නෑ. කාවිංග පකයගෙ ඉහ දෙබෑ වෙලා ලේ පෙරෙනවා දකින්න විතරයි මට ඕන වුණේ. ඉන් එහා ලෝකයක් මට පෙනුන්නෑ.

මං දන්නෑ මොකද වුණේ කියන්න වාහනයක් එක දිගට හෝන් එක උඩ නවත්තල තියෙනවා ඇහුණා.. මගෙ ඉඟටියෙ හරියෙ මොකක් හරි වැදිල මං වැටෙනවා දැනුණා..

කාවිංගයට තනි ඔලුව තියන් මගෙන් ඈතට දුවාගන්න හම්බුන අවස්ථාවට විතරක් මං අම්මා මුත්තා සිහිකරලා සාප කරා.

🤍🦢

19/09/2024

මටත් මොනර පැටියෙක් ඕන.. 😪💔 බදින්නැතුව මොනර පැටව් හදන්න බෑ ද අප්පා?

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 11 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 11 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 11 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 11 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 11 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 11 | light novel, ,

Comment

Leave a Reply

Chapter 12