À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 18 |

A+ A-

     ” හංස.. උබට දෙව්දුන් සර්ගෙ ඔෆිස් එක අස් කරන්න එන්ඩලු අන්න. ”

     රවිදුයි මායි හිටියෙ තීන්ත බාල්දි පහළම මහලෙ අහුරන ගමන්.

    කාවිංග සර් කියන්නෙ සුපවයිසර් කෙනෙක්. ඒත් කොයි වෙලෙත් හිටියෙ විහිලුවෙන්ම.. වෙලාවකට මිනිහා සුපවයිසර් කෙනෙක් කියන එකත් අමතක වෙන තරම්.

      දෙව්දුන් අයියා උගෙ ඔලුව බිත්තියෙ නොවද්ද කෑගහල විතරක් නවත්තගන්න විදියත් මට පුදුමයක්.  එච්චර දෙව්දුන් අයියගෙ කේන්ති ඇවිස්සුවා මිනිහා. ඊටපස්සෙ බැනුම් අහ අහත්  ගුලි කාල වගේ හිනාවෙලා ආතල් එකේ හිටියා මිසක් වැඩක් කරන්න උවමනාවක් තිබ්බෙම නෑ.

      මං දෙව්දුන් අයියගෙ ඔෆිස් රූම් එකට යනකොට ඒකෙ කවුරුත් හිටියෙ නෑ. එක අතකට ඒක සහනයක්.

     ආව හැටියෙ මරාගෙන කාවි මාව..

         මම කාමරේ කාපට් අයින් කරලා ටිකක් මොප් කරලා දූවිලි පිහදාල අස් කරන්න ගත්තෙ එක කලකිරීමක් හිතේ තියන්..

       මේ වගේ ඔෆිස් එකක ඒසී එක යට නිදහසේ වාඩිවෙලා කරන්න පුළුවන් ජොබ් එකක් කරන්න ඉදපු මමනෙ මේ.. දූවිලි කාගෙන දූවිලි නාන්නෙ.

      

      දෙව්දුන් අයියා ඒ දවස්වල ඔලුව හිරිවැටෙනකල් ටොකු ඇන ඇන.. පස්සෙ පලු නගිනකල් වේවැල් පාර දිදී මට ඉගැන්නුවෙ මේම වෙන්නද?

       එදා බෝඩිමට ගිහින්.. නාගෙන.. බත් ටිකක් කාල.. හීනියට නැප් එකක් දාල නැගිටලත්.. පොර ගෙනත් තිබ්බ හැලපයක් එක්ක තේ ටිකක් ඒම බඩට හලාගන්නකල් සිදුහත් වෙස් ගත්ත දෙව්දුන් අයියා.. හා දැන් පොත් අරන් මේසෙට වෙමුකො… කියන ගමන් හිමීට හුරතල් වෙස්මූණ ගලවල පැත්තකට විසි කරේ ඇත්ත දේවදත්ත මූණ මං ඉස්සරහ නිර්වස්ත්‍ර කරලයි..

     

කාමරේ මුල්ලෙන් එලියට ගත්තෙ අති නවීන හීනි දිග වේවැලක්..

   පාර තට්ටමේ වදින්න කලින් අහසෙම කිස් කන සද්දෙ කන්වල ඇහෙන්නා ඇහෙන්නා වගේ දැනෙද්දි  මගෙ පස්ස අදටත් දෙදුරුම් කනවා.

       බයෝ කරන්න ඉදපු මං හීනෙනුත් කම්බයින්ඩ් මැත්ස් වල ගණන් හදනකල් ගුටි කෑවා. අන්තිමට සමහර ගණන් වතුර වගේ කටපාඩමින් කියන්න පුළුවන් වෙනකල් මූ වේවැල බිමින් තිබ්බෙ නෑ.

     
              බෝඩිමේ පදිංචියට ඇවිත් දවසක් දෙකක් යද්දි මට ගෙදර සැපයි සැපයි වගෙත් දැනෙන්න අරන් තිබුණා..

     පොර ඔක්කොටම කලින් කලේ කාලසටහනක් හදල බිත්තියෙ ගහපු එක.

සැපට පුක උඩට හරවගෙන.. කොට්ටයක් බදාගෙන නිදාගෙන ඉදපු මං ඇහැරවනවා තරම් හිතක් පපුවක් නැති තිරිසන් වැඩක් මූ මොන හිතකින් කළාද මංදා..

    මං නිදාගත්තෙ දෙව්දුන් අයියගෙ ඇදේ.. ඇද මට දීල පොර පරණ මෙට්ටයක් බිම දාගත්ත එක මුලින් මගෙ හිතට හරිත් නෑ වගේ දැනුනා.

    ඒත් කිව්ව කිසි දෙයක් ඇහුවෙ නෑ. පොරට බිම නිදාගෙන හුරුයි.. මට හුරු නෑ නෙ කියල බලහත්කාරෙන් ඇදට තල්ලු කරා මිසක්.

ඊටපස්සෙ මං වැඩිය තර්ක කරන්න ගියෙ නෑ. පොර රවද්දි මට චූ යන්න එනවා. නිකන් කේන්ති අවුස්සලා චාටර් කන්නෙ මොකටද?

උට හොදනම් මට කොහොම හොදද?

    ‘ හා.. චූටි හාමු නැගිට්ටනං.. ආවෙ නිදාගන්නද? ”

   ” ම්ම්… ”

තද නින්ද කැඩිච්ච හැටියෙ… ඇගම වෙව්ලනවා.

     මූ කිරි එකක් හදලා ඇදට ගෙනත් දුන්නා මට මතකයි. ඒ ඇස් බලන්න ඇහැරුණ පලවෙනි උදේ ඒක… මතකෙ කැටයම් වෙලා තිබ්බෙ අන්ධ වුණත් අතින් අල්ලලත් විඳින්න පුළුවන් තරම් ඝනකමට…

     ” වේවැල ගන්න කලින් නැගිටින්න.. ” ඔය තමා දෙව්දුන් අයියගෙ ආදරණීයම තරවටුව.. ඊටපස්සෙ ඉතින් කසාය තමා..

  මං ඇස් අරින්නෙත් නැතුව ඇදේ ඉදගෙන.. අත් පිච්චෙන තරම් උණු කිරි එක අත් දෙකෙන්ම අල්ලගෙන.. පොරවන් ඉදපු  රෙදිකෑල්ලෙ උනුහුමට ලෝබකමේ අඩන්නත් ලං වුණා.

    ඕලෙවල් ඉවර කරලා ගෙදර ඉන්දැද්දි මම නැගිටින්න හුරු වෙලා හිටියෙ අඩුම දහයට.. දැන් නිවාඩුව ඉවරයි කියල පිලිගන්න හිත කැමති වුනේ නෑ පොඩ්ඩක්කත්..

     ” මොකද මේ?.. නැගිටිනවා.. ” අයියා විනාඩි දෙක තුනකින් කාමරේට එද්දිනුත් තාම මං එහෙම්ම ඉදගෙන නින්ද ගිහින් එරමිනිය ගොතාගෙන..

    ඒ පාර ගැස්සිල ගිය මං අතින් කිරි කෝප්පෙ විසිවෙලා ඔලුවෙ ඉදන් නෑවෙනවා තව ඩිංගෙන්. අයියා අල්ලගත්තෙ නැති වෙන්න.

   

       ” යකෝ.. මොන කම්මැලිකමක්ද මේක?! නැගිටහං නැගිටහං…! හලන්නෙ වතුර බාල්දියක් ඊලඟට.. කිය කිය ඉන්නවා නෙවෙයි… ”

       ” අනේ නිදිමතයි අප්පා… ” මං කන්කෙදිරි ගෑවෙ නිදිමතටම තමා.. ඒත් ඒ අස්සෙ ඌ එක්ක හුරතල් වෙන ආසාවකුත් නොතිබ්බා නෙවෙයි..

      ” අප්පා.. අප්පා ඇති ගෙදර. නැගිටල ඇග හෝදගනින් ඔච්චර මැරියාවනං.. යකෝ.. ඔය කාලෙ අපි පාන්දර එක දෙකටත් නැගිටල වතුර බේසංවල කකුල් ඔබාගෙන ස්ටඩී කරනවා කිඹුල්ලු වාගෙ… සැප ගන්නයි ගොඩ යන්නයි දෙකක් බෑ… එකයි. නැගිටහං මං අයිස් බාල්දියක් ඔලුවෙ හලන්න කලින්.. ”

    ” අනේ තව පැයක් නිදාගන්නංකො.. ”

     ” මේ.. මට ලෙක්ච එකක් තියෙනවා නවයට බං.. නැගිටහං ඉතින්… ”

    ” ඉගෙනගන්නැතුව ජීවිතේ ගොඩදාගන්න බෑමද හලෝ… “

   ” මොකද බැරි පුළුවන්.. මීට එහා නහින්නෝන. මේක අවුරුදු කීයද? අරක ජීවිත කාලෙම… ”

       ” හොද පොහොසත් එකෙක් අල්ලන්… ඇගේ එල්ලුනත් පාඩු නෑ.. උදේට නැගිටිනවට වඩා. ”

   ” යසයි පුංචි වේස මගුලගෙ අහිංසක ආසාව… ”

         ” ඒව ගනු-දෙනු ”

” හොද පොහොසත් එකෙක් වෙලා ඔහොම බක්කි කරත්තයක් කරේ එල්ලගන්න තරං ගොං පිරිමි දැන් මේවෑ නෑ චූටි මහත්තයා.. ”

    මූ ඔය වගේ වචන කියද්දි මගෙ ඇග හිරිවැටෙනවා හැම වතාවකම..

    පුංචි හාමු.. චූටි මහත්තයා.. හිච්චි ඇටයා.. පුංචි වේස මගුල..
   

    ඌ එහෙම වචනවලින් මාව ආමන්ත්‍රණය කරන හැම වතාවකම මගෙ ඇගේ මවිල් කෙලින් වුණේ නිකන්මත් නෙවෙයි.. හිටිය එක දවසට මං මාසයක් ආදරේ කළා වගේ හිතින්ම බැඳිල අහවර වෙලා තිබුණා..

    මාව පුංචිවට දකින ඒ ඇස් යට.. පුංචි එකෙක් වාගෙ හුරතල් වෙන්න මහ ආසාවක් දැනුණෙ.. ඒක ලේසිපාසු ආසාවක් නෙවෙයි. ඇග කිලිපොලා යන.. හිත මත් වෙන ආසාවක්.. තියෙන බවක් නොදැන ඉදපු මැණිකක් කාමරේ රහස් බිත්තියක තිබිලා හම්බ වුණොත් දැනෙන සතුට… අන්න ඒ වගේ හැඟීමක් ඒක.

     හිතෙත් ස්වීට් ස්පොට්ස් නැත්තෙ නෑ.. ඒව ටියුන් කරල ගන්න පුළුවන් මනුස්සයෙක් ජීවිතේට එනකල් ඒව වැඩ කරන්නැතුවා මිසක්..

       ” කවුද දැන් පිරිමියෙක් ගැන කිව්වෙ?… “

    දෙව්දුන් අයියගෙ ඇස් උඩ ගිය විදියට මට ගොඩාක් දේවල් හිතාගන්න පුළුවන් වුනා..

      වැරදිලා කටින් පිටවෙච්ච වචනෙ අල්ලන් මං හිත අස්සෙ මගුල් කනවා කියල ඒ නොදරුවගෙ ලඳරු හිතට නොතේරෙන්න ඇති..

   ඒත් ඒක තමා වුණේ.

    මං මූ හිතින් ඇදක ගැටගහ්ගෙන මගුල් කෑවෙ…

   නිදිමතත් නැති වෙලා ගියපු එකේ නැගිටලා කිරි එක බිව්වට දෙව්දුන් අයියා මාව මගෑරල කුස්සියට පසුබැස්සෙ එක වචනෙකින් හැංගිලා ඉදපු අල්මාරිය කඩාගෙන බිදගෙන ඌ මං ඉස්සරහ ඇදගෙන වැටුනෙ රෙදිත් නැතුව හින්දා වෙන්න ඇති.

    අහිංසකයා.. ඌ දන්නෑ මං ඒකෙන් සතුටු වුනා කියන්න..

      කොහොම නමුත් පොර ඉක්මනට රිකවර් වුණා. කොටින්ම මාව කුස්සියෙ තියාගෙන හැන්දෙන් ටොකු ඇන ඇන පාඩම් කියාදෙන්න තරම් රිකවර් වුණා..

      ඒ කොහොම වුණත් ඒව හාරවුස්සන එක මහ අපරාධයක් වගේ දැනුන හින්දා මං ඒක මතක් කරන්න ගියෙ නෑ..

    මං දන්නෑ ඒක දෙව්දුන් අයියගෙ හිතට සැන්සුමක් වුණාද… තව බරක් වුණාද කියන්න… දැනුන හොදම දේ කරා.මිසක්…

    දෙව්දුන් අයියා උදේ වරුවම උයන ගමන් මට පාඩම් එකින් එකට මාව ඉන්ට්‍රොඩියුස් කලා.. ඊටපස්සෙ පාස්ට් පේපර් එක්ක රතු පෑනෙන් කතිර ගැහුව ගණන් ටිකක් හදන්න කියල … බත් බෙදල දීල බෝඩිමෙන් පිටත් වෙලා ගියා..

    දෙව්දුන් අයියා මොන දේටත් වඩා කැප වුනා මාව ගොඩදාන්න.

     ඒත් ඉතින් කරුමයක් පටිසන් දෙන්න තියෙනව නං ඒක කොයි විදියෙන් කැරකිලා හරි එනවමයි.

     

    මේව පෙර කර්ම වෙන්නැති ඉතින්.. එහෙම හිතල හිත හදාගන්න එක එකක්..

       දොර ඇරෙනවත් එක්ක මං ගැස්සුනා පොඩ්ඩක්..

     ඇතුලට ආවෙ දෙව්දුන් අයියා.. ගයාශාන් à·ƒ’ එක්ක…

      මං ඉන්නවා දැකලත් නොදැක්ක ගානට ගයාශාන් à·ƒ’ එක්ක ප්ලෑන් එකක් ගැන කතා කරද්දි.. අර අහිංසක ගයාශාන් à·ƒ’ මට හිනාවෙන්න.. කතා කරන්න උපරිම උත්සහයක් අරගත්තෙ පව් හින්දා වෙන්නැති..

         ඒත් අර දුශ්ටයා ඒ කොල්ලව වැඩක් පවරලා එලියට තල්ලු කරලා දැම්මා.

    මං දූවිලි පිහදාපු ෆයිල් ටික ආය ආය පිහදැම්මෙ ඒ මනුස්සයා දිහා නොබල ඉන්න.. යන්න කියල එලවල දැම්මනම් ඉවරයි.. මේක අස්සෙ දැනුනෙ සිංහ කූඩුවට වැටිච්ච මුවපොව්වා වගේ අසරණකමක්.

      ඒත් මට යන්න කිව්වෙත් නෑ.. ඉන්න කිව්වෙ වත්.. කරන්න වැඩක් කිව්වෙවත් නෑ.. ෆයිල් එකක් දිගෑරගෙන ඒක දිහා බලන් ඉදියා මිසක්.

       මට කතා නොකරම නැගිටල යන්න ගියාම මගෙ හිත රිදුනා… බැන්නනම් ගැහුවනම් එකක් වගේ දැනෙන්න ගත්තා..

…දරුණුම දඩුවම අතහැරීම ලු..

මාව නොසලකා හරිනවා තරම් දඩුවමක් කෝමත් දෙව්දුන් අයියා මගෙ කොන්ද උඩ පලපු වේවැලට දෙන්න බෑ…

   මං දැන් ඒක ස්ථීර වශයෙන්ම දන්නවා අත්දැකීම් එක්කම…

නැවත හමුවෙමු 🤍🦢

දෙව්දුන් අයියනම් වේවැල් පාර දුන්නත් මොකෝ 🙈🖤💫

හෙට රන්දෝලි හරි වනම්බර හරි තමා.. ඒ දෙක කියෝන රීඩස්ලත් පව්නෙ.. 💔

   

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 18 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 18 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 18 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 18 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 18 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 18 | light novel, ,

Comment

Leave a Reply

Chapter 20